2017-05-07

SpaceX වෙතින් Internet ගෙනෙන satellites ජාලාවක් 2019 සිට ඇරබේ…


   SpaceX පවසන්නේ තමන් පෘතුවියට ඉහලින් කිලෝමීටර 1,110 – 1,325 අතර කක්ෂ ගතකරවන satellites ඔස්සේ පෘතුවිය පුරවටම gigabit මට්ටමේ Internet හැකියාවක් ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවයි. කෙසේ නමුත් ඔවුන් පැහැදිලි කරන්නේ low-earth orbit මට්ටමේ දී රදවන 4425ක් තර වන satellites ඔස්සේ මෙම පහසුව ගෙනෙන අතර දැනට satellite networks වෙතින් ගෙනෙන ඉන්ටර්නෙට් සේවාවලදී ලැබෙන latency අගය 600 milliseconds වල සිට 25 milliseconds දක්ව අඩු කරන්න්ට ද හැකි වනු ඇති බවයි. එහෙත් එම අගය fiber-to-the-home වලදී හා සැසදීමේදී දුර්වල අගයක් වුවද කෙලින්ම භාවිත කරන්නෑග නිවස වෙතට ඉලක්ක වන මෙම සේවාව ඔස්සේ මහත් පහසුවක් ගෙන්නෙනට සමත් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. 2019 දී සිට ගොඩනැංවීමට ආරම්භවන්නට නියමිත මෙම ව්‍යාපෘතිය සමග පලමු ඉලක්කය 2024 වන විට සපුරන්නට බලාපොරොත්තුවන බවටයිපැහැදිලි කරන්නේ.
– siriwansa

2017-05-06

Gmail වල Link වලට අමතර ආරක්ෂාවක්


      Google වෙතින් එන Gmail සදහා ආරක්ෂිත පියවර කිහිපයක්ම එක්කරන්නට Google ආයතනය පසුගිය කාලයේ කටයුතු කරන ලද අතර ප්‍රධානතමව තම Google ගිනුම වෙතට පිවිසීමේදී නතිනම් Login පියවරේදී දියුනු කරමවේදයක් ගෙනෙන්නට කටයුතු කර මෙ අවන විට භාවිතාකරන්නන් වෙතට මුද අහරිමින් තිබෙනවා. එසේම සයිබර් පහර දෙන්නෙන්ගෙ ප්‍රියතම ක්‍රමවේදයක් වූ email ඔස්සේ ලබා දෙන Link එකක් Click කරවීමට පෙලබ විම ඔස්සේ හනිකරයන් ඔවුනගේ පරිගණකය වෙතට යැවීමේ ක්‍රමවෙදයටද අභියෝගයක් වන නව ආරක්ෂක පියවරකටද එම ආයතනය මේ වන විට කටයුතු කරමින් සිටිනවා. "anti-phishing filters on Gmail" ලෙසට නම් වන මෙහිදී Gmail සමග එනසැක සහිත Link වල Click කිරීමේදී ""The site you are trying to visit has been identified as forgery, intended to trick you into disclosing financial, personal, or other sensitive information."" වැනි පනිවිඬයක් ඔස්සේ භාවිතාකරන්නන් හට අනතුරු හඟවන්නට කටයුතු කරනු ඇත. දැනට Android සදහා නිකුත්කර ඇති මෙම භාවිතාව තුලදී භාවිතාකරන්නෙකුට අදාල අනතුරු ඇගවීම නොසලකා කටයුතු කරන්නටද හැකි මුත් ප්‍රමානාත්මක ආරක්ෂවක් ලබා දෙන්නටද හැකිවනු ඇති බවටයි ඔවුන්ගේ විස්වාසය වන්නේ.
- siriwansa
- www.avissawella.com

2017-05-02

තොරතුරු යුගයේ පසු භාගයකදී සම්ප්‍රදායික කම්කරුවා අස්ථාන ගත වීම


තොරතුරු යුගයේ පසු භාගයකදී සම්ප්‍රදායික කම්කරුවා අස්ථාන ගත වීම සාමාන්‍ය කාරනාවකි. කාර්මික යුගයේදී පැමිනි එම උත්කෘෂ්ටය තොරතුරු යුගයේ මැද භාගයේදී බහුලවන “යාන්ත්‍රික බව හා තොරතුරු බවේ මිශ්‍රිත උත්කෘෂ්ඨය” ගිල ගැනීම අනිවාර්යය. සාම්ප්‍රධායික දේශපාලකයා මෙන්ම ප්‍රාග්ධන හිමිකරුවා කොතරම් අකමැති වුවද ක්‍රමයෙන් මෙම පරිවර්ථනය සිදු වීම අනිවාර්ය වනු ඇත. දේශපාලන කෝනයෙන් සැලකීමේදී සාම්ප්‍රධායික හා පහසු අමුද්‍රව්‍යය තමන් වෙතට අහිමි වීම ඔවුනට ගැටලුවක් වීමේ වේදනාව කොතරම් උත්සාහකලද ක්‍රමයෙන් සිදුවිය යුතු එම පරිවර්ථනය අනිවාර්යය.
එය නව යුගයක් වීම ධනාත්මක බලපොරොත්තුවකි. බොහෝ සාම්ප්‍රධායික විෂයන් අභියෝගයට ලක්වීම එහිදී අනිවාර්යය. මිනිසුන් පාලනය කල බොහෝ සීමාවන් යලි විමසන්නට සිදුවීම මිනිසෙකුට තම ධාරිතාව සමාජය මත නිදහසේ දියත්කරවන්නට වැඩි වැඩියෙන් අවකාශදෙනු ඇත. සාම්ප්‍රධායික දේශපාලන මෙන්ම ආර්ථික රටාවන් ක්‍රමයෙන් බිඳ වැටමින් නිර්මානශීලී මිනිසා පාලනය කල බොහෝ සාම්ප්‍රධායික සාධක අඩපන වීම ඔස්සේ පැමිනෙන මෙම නව යුගයක් ගැන බලපොරොත්තු තබන්නට මෙන්ම වඩාත් විධිමත්ව අත්පත්කර ගන්නට උත්සාහ කිරීම අපගේ වග කීමක්ද වනු ඇත.
– siriwansa
- www.siriwansa.life

එය ඩිජිටල් තොරතුරු පරිසරයට ඔබින මිනිසා සදහා වන පරිනාමයක් ලෙසට නම් කරන්නට හැක…


ඔබ පිවිසෙන්නේ ප්‍රධාන මාවතින් ඔබගේ ගෙවත්තටය. ඔබගේ පලමු මට්ටමේ පෞද්ගලිකත්වය ඇරබෙන්නට පටන් ගනී. දැන් ඔබ පිවිසෙන්නේ නිවසේ මැද සාලයට වන විට ඔබගේ නිවසේ සාමාජිකයන්ට පමනක්ම සීමාවන පෞද්ගලික බව ඔබ වෙතට එනු ඇත. දැන් ඔබ පිවිසෙන්නේ ඔබගේ නිවසේ ඔබ වෙනුවෙන් වෙන්ව ඇති ඔබගේ කාබරයටය. සාමාන්‍යයෙන් මිනිස���කුට ලැබිය හැකි උපරිම පෞද්ගලික බවවින් මේ වන විට ආරක්ශිතය. ගිමන් නිවීමකින් අනතුරුව ඔබ දැන් පිවිසෙන්නේ ඔබගේ පරිගණක …කාබරයටය. එය අන්තර්ජාලයට සම්බදවී සෙවුමකට හෝ බෙදා ගැනීමකට දැන් ඔබ සහභාගී වෙමින් සිටී. පරිගණකයක් සමග හුදකලාව ගනුදෙනු කරමින් සිටින ඔබ වෙනත් තලයකදී දැන් ලොවට විවෘතවී ඇත. ඔබ භාවිතාකරමින් සිටින apps, මෙන්ම බ්‍රවුසරය ඇතුලු එහි ක්‍රියාත්මක වන නෙක ආකාරයේ මෘදුකාංග ඔස්සේ විවිධ මට්ටමින් ඔබව හදාරමින් සිටින්නේ සමහර විටක ඔබ කිසිසේත්ම නොදැනුවත්වය.
තවත් දෙසකින් තත්වය විග්‍රහ කෙරෙනුයේ වෙනස් ආකාරයකටය. ඔවුන් යෝජනා කරන්නේ තව දුරටත් පෞද්ගලිකත්වය සාර්ථක සංකල්පයක් නොවන බවකි. ඔබ කරන කියන, අසන බලන දෑ සගවන්නට උත්සාහ කරන්නේ ඇයි දැයි ඔවුන් විමසා සිටී. තවත්වය දැන් වඩාත් සංකීර්නය. තොරතුරු බව බරපතල Desktop පරිසරයට පමනක් තව දුරටත් සිරවී නැත. ස්මාර්ට් දුරකථනය ඔස්සේ එය ප්‍රථමයෙන් හා ඉතා හොඳින් ජංගම වී ඇත. දැන් පහසුවෙන් ඔබ යනෙන, ගනු දෙනු කෙරෙන ආකාරය විවෘත වී ඇත. වරක් වාර්ථා වැඩ සටහනක් මෙහෙවමින් අයෙකු ජනාකීර්න වීදියක් මධ්‍යයේදී පවසා සිටියේ තම ජංගම උපාංගය Wi-Fi ජාල හත්කට පමන විවරව ඇති බවකි. උපාංගයේ IP ලිපිනය ඔස්සේ ප්‍රමුකව ඔබව හදාරාගන්නට අන්තර්ජාලයට ඇති හැකියාව අති විශාල බව ඔහු පැහැදිලි කර සිටියාය.
එක් දෙසකින් වඩාත් සුරක්ශිත සෙවුමකට ආරක්ශිත බ්‍රවුසර පැමිනෙයි. තවත් විටක අමතර මෘදුකාංග ඔස්සේ ඔබගේ වෙබ් සැරිය සුරක්ශිත කර දෙන්නට ඔවුන් පොරොන්දුවෙයි. තවත් විටක වඩාත් සාර්ථක තාක්ශනයන් ඔස්සේ ඔබගේ දත්ත හුවමාරුව කලහැකි ක්‍රමවේද දියුනු කරමින් සිටී. වඩාත් දියුනු මිනිසෙකු වඩාත් නිවැරදි පිලිතුර වනු ඇති බවට මම විස්වාස කරමි. විටක ඔබ නොදැනුවත්වද එය සිදුවෙමින් පවතී. එය ඩිජිටල් තොරතුරු පරිසරයට ඔබින මිනිසා සදහා වන පරිනාමයක් ලෙසට නම් කරන්නට හැක. එය බොහෝ දුර ඉලක්කයක් වන මුත් වඩාත් සාර්ථක විසදුම එයම පමනක් වනු ඇත. එවිට ඒ මිනිසා ගෙන් සැදෙන ආයතනික මෙන්ම පෞද්ගලික මට්ටමේ තොරතුරු හුවමාරු පරිසරයන් වඩාත් සැහැල්ලු සහනශීලී එකක් වනු ඇති බවට විස්වාසය තැබිය හැක. තවමත් ලොව බහුල නීති පද්ධති වල මේ ආකාරයේ සිදුවන අපරාධ සදහා ඒ සදහා වඩාත් ඉලක්කවන නිතිරීතීන් පැමින නැත. මැතකදී ප්‍රධාන පෙලේ රටක් කෙටි පනිවිඬයක් මගින් කෙරෙන තර්ජනයක් සදහා වසර කිහිපයක් දක්වා දඩුවම් ගෙනෙන නීති පරිසරයක් නිර්මානය කරන්නට කටයුතු කල අතර ඒ දක්වා එවන් ගැටලුවකදී නීති සහනය පැමිනියේ ඒ ආශ්‍රිත තත්වය සදහා වන නීති කෙ‍ටුම් පත්වලින් වීම විටක නිවැරදිව අදාල වරද අර්ථ දක්වා ගන්නට මෙන්ම ඔප්පු කිරීමේ ක්‍රම වෙද වලට අපහසුකම් තිබිනි.
පැන වෙන නීති රීති මෙන්ම සමාජීයව පිලි ගැනෙන සිරිත් විරිත් වැනි බොහෝ දිශාවන් ඔස්සේ පෙර කී තොරතුරු තාක්ශන පරිසරය හිතැති මිනිසා නිර්මානය වීමට අවශ්‍ය වට පිටාව නිර්මානය කෙරෙනු ඇත. ඔහු දැනට අප දකින ආකාරයේ මහත් සේ යාන්ත්‍රික වූ මිනිසෙකුට වඩා තාක්ශනය වඩාත් විනයවත්ව තම ජීවිතයට කැදවා ගත් මිනිසෙකු වනු ඇත.
– siriwansa
- www.siriwansa.life

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...