Microsoft වෙතින් පැමිනෙන්නට සැලසුම් වෙමින් ඇති wearable watch පිලිබදව මේ වනවිට වැඩි දුරටත් තොරතුරු හෙලි වෙමින් ඇති බවටයි පලවන්නේ. UV sensor ඔස්සේ භාවිතාකරන්නා වෙතට පැමිනෙන ultraviolet radiation ප්‍රමානය පිලිබදව අවදියෙන් සිටිමින් අවශ්‍ය විටකදී අනතුරු අගවන්නට එය සමත්වනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. මීට අමතරව භාවිතාකරන්නාගේ blood-glucose ප්‍රමානය පිලිබදවද නිරන්තර අවදියෙන් සිටින්නට මෙම උපකරනය සමත්වනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ. සමස්ථයක් ලෙසට මෙම නිමැයුම fitness සම්බන්දිත කාරනා පිලිබදව අවදියෙන් සිටින උපංගයක් ලෙසටයි දැනටමත් බලාපොරොත්තුව වන්නේ. Android, iOS හා Windows සමග සහයෝගයෙන් කටයුතු කරන්නට සූදානම්ව පැමිනෙන මෙම නිකුතුව කාලය දැක්වීමේ හැකියාවෙන් සමන්විත වුවද Smartwatch වලට වඩා "wristband" ස්වරූපයට වඩාත් සමීපව කටයුතු කරන්නට සමත් සංවේදක 11කින් සමන්විත වනු ඇති බවට දැනට කරුනු හෙලි වෙමින් තිබෙනවා. මීට පෙර පැවසුනේ මෙම නිකුතුව එලබෙන ඔක්තෝබරය වන විට සිදුවන්නට සැලසුම්ව ඇති බවකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Showing posts with label SmartWatch. Show all posts
Showing posts with label SmartWatch. Show all posts
2014-07-17
2014-07-15
ප්‍රථම ප්‍රක්ෂේපණය Smartwatch නිකුතුව...
නෙක ආකාර ඔස්සේ භාවිතාකරන්නන් වෙතට දත්ත ලොකය ගෙන එමට නිෂ්පාදකයින් කටයුතු කරමින් සිටී. මෑතකදී දක්නට ලැබෙන ප්‍රවනතාවයක් වන්නේ smartwatch වෙත්ට ඔවුන්ගේ වැඩි අවධානයක් යොමුව ඇති බවයි. Google ආයතනය Android ware හඳුන්වා දෙමින් මේ ප්‍රවනතාවය සදහා සහය පල කරන විට Maicrosoft ආයතනය ඔනෑම Smart Phone එකක් සමග සහයෙන් කටයුතු කරන smartwatch එකක් සදහා තම අවධානය යොමුව ඇති බවට ඉගි පල කලාය. මේ අතර Ritot වෙතින් පැවසෙන්නේ වඩාත් වෙනස් ආකාරයේ smartwatch නිකුතුවක් පිලිබදවයි. එය time, caller IDs, text messages, social media updates, reminders, weather updates ආදී තොරතුරු ගෙනෙන අතර එම තොරතුරු තිරයක් මත දැක් වෙනවා වෙනුවට ප්‍රක්ෂේපණයක් සිදුකරන බවකි. pico projector එකක සමග ක්‍රියාත්මක වන මෙම නිකුතුව භාවිතාකරන්නාගේ සෞක්‍ය වෙතට කිසිදු අනතුරක් නැති බවට සහතික කරන අතර Sport හා Bracelet යන ආකාර දෙකකින් පැමිනෙන බවට නිවේදනය කර සිටිනවා. උසස් තත්වයයේ graphics හා brightness හැකියාවක් සමග එන මෙය wireless charging හැකියාවෙන්ද යුත්ත අතර සංක්‍රීය මට්ටමින්( projection mode) පැය 150ක් ද සූදානම් මට්ටමින් (stand-by mode) දින 30ක කාලයක්ද ක්‍රියාත්මක වන බවටත් පවසන එම ආයතනය shaking කිරීම්ක් ඔස්සේ හෝ උපකරන සමග පැමිනෙන එකම touch sensitive button ඔස්සේ ක්‍රියාත්මක කිරීමට හැකි වන බවට පවසා සිටිනවා. vibration support බවින් යුත් මෙම නිකුතුව iOS, Android හා Windows Phone සමග Ritot app එකක සමග ක්‍රියාත්මක වනු ඇති බවට පැහැදිලි කොට සිටිනවා. 2015 ෆෙබරවාරියේ නිකුතුවට නියමිත බවට පවසන මෙහි මිල $120 පමන වනු ඇති බවට බලාපොරොත්තු පලකොට සිටිනවා.
Subscribe to:
Posts (Atom)
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

.png)