2016-03-31

දත්ත ලෝකය විසින් අර්ථ දක්වන මිනිසා


……දත්ත ලෝකය විසින් අර්ථ දක්වන මිනිසා කෙමෙන් රූපවාහිනිය ප්‍රමුක පෙර මාධ්‍ය විසින් නිර්මානය කරන ලද මිනිසාව අභිබවමින් සිටී. ගෙනවිත් ඇති සුවපහසුව අපමනකි. ගැටලුව වන්නේ එම සුව පහසුව සදහා හුවමාරුකර ගන්නට වන්නේ ඔබගේ සැබෑ ජීවිතය ආශ්‍රිත දත්තයන් වීමය. තවත් වැදගත් සාධයක්ද ඇත. එහි බොහෝ සේවාවන් ‍රැගෙන එන්නේ වෙළඳ ආයතනයන් වීමය. ඒවා විසින්ද තම වෙළඳ අරමුනු වෙනුවෙන් දත්ත ‍රැස්කර තබා ගැනීම ඒවා භාවිතාකිරීම සම්පූනයෙන් කිසි දිනක අවසන් නොකරනු ඇති බවය. තවත් සාධකයක් වන්නේ මේ සුවිසල් අවකාශයේ සාමය බිඳින්නන්ගෙන්ද අඩුවක් නොවීමය. විවිධ අරමුනු වෙනුවෙන් එහි සාමය බිඳින්නට නිරන්තරයෙන් කටයුතු කරමින් සිටී. ගෙනවිත් ඇති නව අවකාශ ආකෘතිය සාම්ප්‍රදායික වෙනත් ආකෘති සමගද නිරන්තරයෙන් ගැටමින් ඇත. දේශපාලනික යාන්ත්‍රන එයින් මුල් තැනක් ගනී. දත්ත අවකාශය ගෙනවිත් ඇති නිදහස් ආකෘතිය හුදකලාවක් නොවේ. දේශපාලනික ආකෘතිය නොරුස්සන බොහෝ නිදහස එයට කරදරයක් වන අවස්ථා ඔවුන් සමනය කර ගන්නේ එය පාලනය කිරීමෙනි……
 …..ජාති ආගම් බොහෝ වටිනා පෘතුවිය මතට අපූර්ව විසිතුරු බවක් ‍රැගෙන එන කාරනා බව සත්‍යයකි.එහෙත් මේ කාරනා ඉක්මවා සිටින මිනිස් සංකෘතිය තවදුරටත් අවිඥානිකව නොතිබිය හැකි තරමේ ක්ශනික විවර කිරීමක් තොරතුරු ලෝකය මිනිස් භාවිතවට ගෙනවිත් අහවරය. දුර හා කාලය මිනිස් වර්ගයාගේ පාලන සාධකයක් වීම සැහෙන දුරකට එය අවසන් කොට ඇත. තම රට හෝ ජාතිය තවකෙකුට එරෙහි කිරීම අවාසනාවන්ත කුඩා මනෝ භාවයක් බවට සාමන්‍ය දැනුම ඇත්තෙකුට පවා තව දුරටත් විහිලුවක් නොවී තිබිය නොහැකි තරම්ය. දකුනත , වම් අත නැතිනම් දකුනුපය, වම්පය ලෙසට බෙදා ගන්නවාට වඩා සමස්ථ මිනිස් වර්ගයා හමුවේ ඇති අභියෝග බොහොමයකි. අහස් කුස , පොලව අභ්‍යන්තරය පමනක් නොව සුලි කුනා‍ටුවක් , භූචලනයක් වැනි දහසකුත් ස්වභාදහමේ අබියෝග ඉදිරියේ ඔවුන් තාම අගු‍ටු මිට්ටන් ලෙසට අසරනව කදුලු සලන්නට වන තරමේ ජීවින් කොටසකි……
www.siriwansa.com

'Windows Anniversary Update' තෙවන කාර්තුවේ(summer)....

                   Microsoft සමාගම තම Built 2016 හමුවේදී කල නිවේදනයන් අතර තම ප්‍රධාන මෙහෙයුම් පද්ධති සංස්කරනය සදහා වන එනම් windows 10 සදහා වන මීලග ප්‍රධාන යාවත්කාලීනය එනම් Microsoft's Redstone සදහා වන නිල නාමය ප්‍රකාශයට පත්කිරීම එකකි. එනම් එහිදී ඔවුන් එය  'Windows Anniversary Update' ලෙසට නම් කරන්නට කටයුතු කෙරෙනි. එසේම එහි නිල නිකුතුව මෙම වසරේ තෙවන කාර්තුවට නියමිත බවට හා Windows 10 භාවිතකරන්නන් සදහා නොමිළේ වන බවටත් නිවේදනය කරන ලදී. එසේම මෙම නිකුතුව Xbox One හා HoloLens වෙතටද පැමිනෙන අතර නිර්මානය වන  UWP (Universal Windows Platform) නිසා app භාවිතාව වඩාත් පහසු වනු ඇති බවට පැහැදිලි කෙරිනි.
                     Cortana සමග වඩාත් සමීප භාවිතාවක් ලැබෙන්නට නියමිත අතර එය විටක ස්වංක්‍රීයව reminders එකතු කිරීම කැලැන්ඩරය වෙතට appointments එකතු කිරීම ආදී සහයන ගෙනෙන්නට නියමිත බවට පැහැදිලි කෙරෙනි. universal apps පිලිබදව පැහැදිලි  කිරීම් සිදු වූ අතර  එය දැනටමත්  Starbucks, Twitter නැතිනම් Facebook  වැනි ආයතනයන් ඔස්සේ සිදුවෙමින් තිබෙන බවට පැහැදිලි කෙරිනි.
www.digilk.com


2016-03-30

මෙවර Build 2016 සමග....

            Windows 10 Redstone builds පිලිබදව වඩාත් නව බලපොරොත්තු පැමිනෙමින් තිබේ.  හදාරන්නන් පෙන්වා දෙන්නේ windows 10 වල  Action Center හා Cortana සමග දියුනු කිරීම් කිහිපයක් බලාපොරොත්තු වෙමින් ඇති බවයි. මෙවර Build 2016 සමග card-like interface ආකාරයක් Action Center සදහා නිවෙදනය වීමක් බලාපොරොත්තු වීම ඒ අතර එකකි.  මොබයිල් හා ඩෙස්ක් ටොප් ආකෘතීන් අතර වඩාත් චලනීය සම්බන්දතාවයක් මෙන්ම app අතරද නිදහස් බොබයිල් හා ඩෙස්ක් ටොප් අතර ගලා යාමට හැකියවක් පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.  Android වලදීට සමාන  extra buttons මෙන්ම interaction models කිහිපයක්ම windows 10 වලට පැමිනීමත් Cortana හා Action Center අතර වඩාත් නම්‍ය අන්‍ය ඔන්‍ය සබඳතාවක්  බලාපොරොත්තු වීමක්ද පල වෙමින් ඇත. notifications වඩාත් කාන්ඩ ගත කරමින් භාවිතාකරන්නා වෙතට පහසු භාවිතාවක් ගෙන එන්නට මෙන්ම තවත් හඳුන්වාදීම් කිහිපයක් සමග මෙවර Build හමුව Windows 10 වල මීලග ප්‍රධාන සංස්කරනය වන Redstone builds පිලිබදව වඩාත් ආකර්ශනීය තොරතුරු වලින් සමන්විත වනු ඇති බවට බලපොරොත්තු වේ.
www.digilk.com

පනස් හතර වන කොටස


         ලොව යනු බැදීම් ගොඩකි. බෑදීමක් යනුම සමුගැනීම නම් න්‍යෂ්ටිය වඩා ගොඩ නැගෙන යමකි. ආශ්‍රමය, ලොකුසේවාමීන් වහස්සේ, ටිබෙටියානු මිතුරා, ගබඩා භාරකරු වැනි සිත ප්‍රියකරන පරිසරයෙන් නැවත සමුගන්නට සිදුව ඇත. හිරු අවදියත් සමග මගට වන් නිසා හිරු කෙඳි දැඩිවන්නට පෙර ගම්මාන කදු වැටිය පසුකරන්නට හැකිවිය. සමහර විටක මේ අපූරු පරිසරය කෙදිනක වත් යලි හමු නොවනු ඇත. එහෙත් යලි හමුවන්නටනම් සමුගන්නටම වනු ඇත. ආසන්නයේම එලබෙමින් ඇති ගිම්හානයේ සුපුරුදු නගරයේදීම හමුවන්නට නගරයට ගිය විගස ගිවිසාගන්නට සැලසුම් කලෙමි.
ඇය Email පනිවිඬයක් ඔස්සේ පෙරමග බලා සිටින බවට දන්වා තිබිනි. එලබෙන දෙවන සතියේ එම නගරය වෙතට යන්නට අවශ්‍ය ගුවන් පත් පහසුවෙන්ම වෙන්කරවා ගන්නට හැකිවීම සිත තුල මහත් ධනාත්මක බලාපොරොත්තුවක් ඇති කලේය. මෙම නගරයේදීම එලබෙන පලමු සතිය ගතකරන්නට සුදුසු නිහඬ පරිසරයක වන නවාතැනක් එම සතිය සදහා වෙන් කර ගත්තේ දල සටහන් තබන්නට වඩාත් කාලය නොගත යුතු යැයි සිත බලකරන්නට වූ බැවිනි. පසකින් ගංගාවත් අන්දෙසින් විශාල වගා බිම් සහිත නගරයට මද දුරක් ඔබ්බෙන් වූ තාවකාලික නවාතැන සිත සංසුන්ව මුල් සටහනට අවශ්‍ය පරිසරය නිතැතින්ම ගෙනවිත් තිබිනි.
“මෙම සටහනෙහි අවසානය මමද නොදනිමි. මෙහි තැගෙන වදනින් වදන මමද ඔබ සමග මෙහි කියවෙන ගම් වැසියන්ගේ අර්ථය සොයා යන්නට උත්සාහ කරමින් සිටින්නෙමි. විටක මාගේ අවිනිශ්චිත භාවය ගැන නොසතුටට පත්වනු ඇත. එහෙත් සත්‍යය එයය. විටක එය අද අප හොඳින් විඳිමින් සිටින තාක්ශනය විද්‍යාව ඇසුරින් පැහැදිලි කරගන්නට හැකි වනු ඇත. තවත් විටක දේශපාලනය, දර්ශනයන් වැනි විෂයන් ඔස්සේ ඒ දෙස බලන්නට අවශ්‍ය වනු ඇත. සමහර විටක අද ඔබ මා විඳිමින් සිටින මේ සමස්ථ පතයෙන් ඔබ්බට චලනය වන්නට අවශ්‍ය වනු ඇහි බවට මා අනුමාන කරන්නේ දැනට අපසතු දැනුමින් මේ සමහර දෑ තේරුම් ගන්නටව් අපට හැකි වෙතයි මා අවිස්වාස කරන බැවිනි.” නගරයේදී ඇය හමුවූ විගස ඇය අත තබන්නට නියමිත මුල් සටහන එලෙස ආරම්භ කලෙමි. “අප සිතනා තරම් ප්‍රබලයන් වන්නට අඩුතරමින් මේ මිහිකතට වත් සාපේක්ශව අපට නොහැකිව තිබේ. මෙහි වන සමහර බලයන් හමුවේ පවා අප තවමත් අති දුබලයන් මෙන් අසරනව යයි. ඒ සදහා අද අප විඳිමින් සිටින ධනය හා බලය මත ‍රැදෙන මිනිස් සංස්කෘතියෙන් ඉදිරියට තල්ලු වන්නට අවශ්‍ය වනු ඇත.”
www.tharuminisa.com

Microsoft Build 2016 අදට නියමිතය...

            Microsoft Build Conference යනු වාර්ෂිකව Microsoft වෙතින් සිදුවන ප්‍රධාන ප්‍රධාන හමුවකි. එය අද San Francisco වලදී පැවත්වීමට සූදානම්ව ඇත. ආයතනයේ නවතම තාක්ශනනික භාවිතාවන් හා නිකුත්වීම් පිලිබදව තොරතුරු විමසෙන මෙම හමුවේ මෙවර සිදුවෙනු ඇතැයි බලාපොරොත්තුව ප්‍රධාන තම කාරනා කිහිපයක් පිලිබදව හදාරන්නන් තම මත ඉදිරිපත්කරමින් සිටිනු දක්නට හැක. විශේෂයෙන් Windows 10 වල ප්‍රධාන යාවත්කාලීනයක්ද මෙම වසරට නියමිත ඇති පසුබිමක මෙන්ම එහිම මොබයිල් සංස්කරනය ක්‍රමයෙන් භාවිතයට පැමිනෙමින් ඇති වටපිටාවකදී වැඩි අවධානයක් windows 10 වෙතට යොමුව තිබීම ස්වභාවිකය.
  ඔ0වුන් පෙන්වා දෙන්නේ  Windows 10 වල  interactive Live Tiles පිලිබඳව බලාපොරොත්තුව් ඉහලින්ම පවතින්නකි. භාවිතාකරන් සදහා තම notifications වල සිටම ඇප් සමග කටයුතු කරන්නට හැකිවන වඩාත් පහසු භවිතාවක් මෙහිදී පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. බිලියන එකක windows 10 භාවිතාවන උපාංග ඉලක්කයක් නිකුතුවෙන් පලමු වසර තුන තුලදී බලාපොරොත්තුවන Microsoft ආයතනය සුපුරුදු රටාවෙන් මිදී වේගවත් මෙහෙයුම් පද්ධති සංවර්ධන රටාවක් මෙන්ම පෙර සංස්කරන නිකුතුව යෙදිමින් සිටී.
                                 Windows 10 මොබයිල් සංස්කරනය ‍තෝරා ගත් windows දුරකථන මෝස්තර පෙලක් වෙතට පැමිනෙමින් ඇති අතර Surface Phone  එකක නිකුතුවක් පිලිබදවද බලාපොරොත්තු පලවෙමින් තිබේ. 8GB ‍රැම් හැකියාවක් සමග ගිගා බයිට 500ක ගබඩා හැකියාව ‍රැගෙන එනු ඇති බවා තොරතුරුහෙලිවන මෙම නිකුතුව පිලිබන්දවද තොරතුරු බලාපොරොත්තු වීමක් සිදුවෙමින් ඇත.
                තොරතුරු ලෝකයේ හෙට දවස දෙසට වන චලනයේ තවත් ප්‍රධාන බලාපොරොත්තුවක් වන virtual භාවිතාව  වන HoloLens සමග සිදුවන නිවේදනයන් පිලිබදවද බලාපොරොත්තු පලවෙමින් ඇති අතර සංවර්ධකයන් සදහා වන Development kits මේ වන විට නිකුතුව ඇති අතර ඔවුන්ගේද දැඩි අවධානයක් පලවෙමින් තිබෙනු දක්නට හැක.
www.digilk.com

2016-03-29

Windows 10 චීන සංස්කරනය අවසන් අදියරේ...

       Windows XP වලින් ඉදිරියට Microsoft මෙහෙයුම් පද්ධති සමග කටයුතු කිරීම චීන රජය ප්‍රතික්ෂේප කීරීම ගැටලුවක් බවට පත්විය. විශේෂයෙන් තම රාජ්‍ය අංශයේ පරිගණක ඔස්සේ windows 8 වෙතින් කටයුතු කිරීම ව්ඩාත් ගැටලුකාරී වන්නේ තම අභ්‍යන්තර තොරතුරු නිරාවරනයට ඇති අවස්ථාව ඉන් වැඩි වන නිසා බවටයි චෝදනා කෙරෙනු ලබුවේ. විකල්පයක් ලෙසට Linux සමග කටයුතු කරන්නටද උත්සාහ කරන ලදී. අවසානයේ 2015 World Internet Conference වලදී "Microsoft's Chinese government-approved version of Windows 10" සංස්කරනයක් පිලිබදව නිවේදනය වන ලදී.  මේ වන විට මෙම නව සංස්කරනය එනම් Windows 10 Zhuangongban වල වැඩ කටයුතු අවසන්ව ඇති බවටයි තොරතුරු පවසන්නේ. වැඩි දුර තොරතුරු හෙලි නොවුනද දැනට පැවසෙන තොරතුරු වලට අනූව මෙම සංස්කරනය සමග app සහ අනෙකුත් සේවා සහය සීමිත අතර දැනට බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ චීනය තුල මෙම සංස්කරනය ඉදිරි වසර ගනනාවක්ම බාවිතාවන්නට නියමිත බවකි. Microsoft දෙසින් බලන විටද ඉලක්කයක්ව ඇති නිකුතුවෙන් වසර තුනක් ඉක්මෙවෙන විට ලොවපුරා පරිගණක බිලියනයක භාවිතාව windows 10 වෙතට ලබා ගැනීමේ උත්සාහ වෙතට මෙම පියවර විශාල සහයක් වනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ.
www.digilk.com

පනස් තුනවන කොටස

       සිත් අවකාශයේ ඔබ මොබ සක්මන සමග කඳු මුදුනත සක්මනද බොහෝ දුරට විහිදී ඇත. අඳුරට පෙර ආශ්‍රමය වෙතට පැමිනෙන්නටනම් පා ඉක්මන්කල යුතුවා සේ හැගෙන දුරක් පැමින ඇත. හොඳින් වන ආලෝකය ඇති මුත් සිසිලැති පරිසරය ගෙනෙන්නේ මහත් ප්‍රබෝධාත්මක බවකි. නගරයට ඔබ්බෙන් වන කඳු මුදුනතේ අප එක්ව ගලා ගිය කාලය නැවත පන ගන්වන්නට හොඳින්ම කාලය පැමින ඇතුවා සේය. සතියක කාලයක් නිදහස් ලැගුම් හලක ගත කල විට ‍රැස්ව ඇති තොරතුරු යලි පිලිවලක් ඇතිව සකසා ගන්නට හැකි වනු ඇත. “මිනිසුන් විෂයන් වලට හිරවෙලා හරිම සීමිත වෙලා කියලා මම හිතනවා” වරක් අප කඳු මුදුනතට වී කල දෙබස් සක්මනක් අතරතුර මම යොජනා කලෙමි. බොහෝ හෑදෑරීම් අසම්පූර්න වන්නට මේ බව හොඳටම බල පානවා. සීමිත මනස ගෙනෙන්නේ සීමිත දැනුමක්. මම ඇයට යෝජනා කලෙමි. “අර ආශ්‍රම භූමිය ලග මිනිසුන් අසරනද අපට වඩා ශක්තිමත්ද කියලා තීරනය කරන්න තරම් අපි නොදියුනුයි කියලා මම හිතනවා. එක අතකින් මේක හසුවීමක්, නැතිනම් අපිවම සීමා කර ගැනීමක්. හැබැයි මේ සිමා බිඳලන එක හරිම අභියෝගාත්මකයි. අනිත් පැත්තෙන් තීරනාත්මකයි”. ඇය බොහෝ වෙලාවක් වුවද නිහඬවම සවන් දෙන්නට සමතියකි. විටක හෝරාවක් දෙකක් පවා. සමහර අවස්ථාවලදී ඇයගේ සවන්දීම ව්‍යාජයක්ද දැන ගැනීම සදහා බොහෝ පෙරදී මා කියන ලද කරුනක් ඔස්සේ යලි විමසුමක් කරන විට ඇය මනාව ඒ පිලිබදව කථා කරන්නට තරම් අවධානයක් දී ඇති බව තහවුරු කරවයි. “සමහර විටක අද අප මේ පසුකරමින් සිටින අධ්‍යාපන ක්‍රමය ඉදිරි දශක කිහිපයතුල වෙගයෙන් මෙන්ම සම්පූර්නයෙන්ම වෙනස් වේවි කියලා මම හිතනවා. මිනිසුන්ට මතක තබා ගැනීමේ සිට මතකයන් අතර ක්‍රියාත්මක වීමේ නව අවකාශයක භාවිතාවක් පැමිනේවි කියලයි මට දැන්නේ. තොරතුරු තාක්ශන ඒකට අවශ්‍ය පරිසරය වේගයෙන් දැනටමත් නිමවමින් තිබෙනවා කියලා මට දැනෙනවා.” ඇය සියල්ලම පාහේ හොඳින් මතක තබා ගන්නට කටයුතු කරයි. පසුව සටහන් බවට පත්කරන්නට වගබලා ගනී, අවශ්‍ය විටකදී පහසුවෙන් ඒවා නැවත ගෙනෙන්නට සහය වෙයි. කොටින්ම ඇය අපූරු හෑදෑරුම් සහකාරියකි.
www.tharuminisa.com

2016-03-26

අලුතෙන් පැමිනෙන Petya ransomware හානිකරය...

                   හදාරන්නන් පෙන්වා දෙන්නේ Petya ransomware ලෙසට පැමිනෙන නව හානිකරය විසින් encrypting ආකාරයට පත්කරන්නේ තනි තනි ගොනු ආකාරයට නොව සම්පූර්න දෘඩ තැටියම වන බවයි. බොහෝ විට Emailයක දවටා පැමිනෙන ලින්ක් එකක් ඔස්සේ පරිගණකය වෙතට පෙමිනෙන මෙම හානිකරය මෙම මස මුලදී mac-os-x භවිතාකරන්නන් ඉලක්ක කරගනිමින් තිබූ අවස්ථවකදී හදුන අගෙන ඇති බවටයි වාර්ථා වෙන්නේ. තවත් විටක Dropbox වෙතින් පැමිනෙන Trojan Horse එකක ලෙසට පැහැදිලි කරන මෙම හානිකරය විසින් පරිගණකයේ master boot record (MBR) වෙනස් කිරීමකට පත්කර අතර භාවිතාකරන්න වෙතට Microsoft's CHKDSK utility ය ක්‍රියත්මක කිරීමට පොලබවන අතර ඒ තුලින්  Petya's encryption process එක ආරම්භ වන බවායි පැහැදිලි කෙරෙන්නේ. මෙම Petya හානිකරය තම එන්ක්‍රිප්ෂන් ක්‍රියාවලිය අවසන් කල පසුව භාවිතාකරන්නා වෙතට ඉදිරියට යාමට Key එකක් යෝජනා කරන අතර අනතුරුව පද්ධතිය ආසාධිත බවත් යතා තත්වය සදහා  recovery key  එකක් මිලදී ගැනීමට සිදුවන බවටත් පැවසෙන සටහනක් පැමිනෙන බවටයි දැක්වෙන්නේ. හදාරන්නන් පවසනේ භාවිතාකරන්නන් administrator account එක මග හැරීම ඔස්සේ මෙන්ම anti-malware software එක යාවත්කාලීනව තබා ගැනීම මෙන්ම ඊමේල් ඔස්සේ පැමිනෙන සැක සහිත Link අවදි නොකිරීමත් වැදගත් වනු ඇති බවයි.
www.digilk.com

2016-03-22

iPhone SE ඇපල් වෙතින් නිවේදනය විනි.

     පසුගියදා තවත් ඇපල් හමුවක් නිමැවුනි. එහිදී  iPhone SE හා නව  iPad Pro පැමිනීමක් නිවේදනය වූ අතර Apple Watch වල නව පැමිනිමක් පිලිබදව වූ බලාපොරොත්තුව ඉ‍ටු නොවිනි. නමුත් Apple Watch වල මිළ ගනන් නම් $299  වල සිට වන පරිදි පහලට පැමිනෙන බවට නිවේදනය විනි. නමුත් එහිදී bands සදහා නම් නිවේදනය වීමක් සිදුවූ අතර එය "Spring lineup"  ලෙසට නම් කර තිබිනි. iPhone භවිතාවට නව කුඩා ප්‍රමානයේ හඳුන්වාදීමක් ලෙසට පැමිනි  iPhone SE නිකුතුව අඟල් 4 ප්‍රමානයේ නිමැවුමක් වුව්ද ප්‍රකාශ වූවේ භාවිතය අතින් බලසම්පන්න නිමැවුමක් වන බවයි.  A9 chip පතකින් සමන්විතව 12 මෙගා පික්සල් කැමරා හැකියාවක් එය හ්ගෙනැවිත් ඇති අතර 4K videos මට්ටමේ සහය ගෙනෙන බවට නිවේදනය විනි. Retina display වඩා ආකර්ශනීය තිර හැකියාවත් සමග හුරු බුහුටි භාවිතාවක් දෛනික ජීවිතයට එය ගෙනෙනු ඇති බවටයි විචාරනය වන්නේ. මීට අමතරව iCloud Photo Library සහය fingertip ආරක්ශිත බව සමග Apple Pay හැකියාව එය ගෙනැවිත් තිබීම වඩාත් ආකර්ශනීය වනු ඇති බවට පොරොන්දු පලවිනි. iOS 9 නව මෙහෙයුම් පද්ධති සහය සමග පැමිනෙන මෙම දුරකථනය වඩාත් වේගවත් LTE හා Wi‑Fi සහය ගෙනැවිත් ඇති බවට ප්‍රකාශ විනි.
www.digilk.com

Apple වඩාත් පරිසර හිතකාමී වෙමින්...

           තොරතුරු තක්ෂන ආයතනයන් වෙතට වන එක් ප්‍රධාන චෝදනාවක් වන්නේ ඒවායේ ක්‍රියාකාරීත්වය ඔස්සේ පෘතුවි තලයට සිදුවන හානිය පිලිබදවය. මෙම ආයතනයන්ගේ ක්‍රියාත්මක වීමට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමේදී සිදුවන පරිසර හානිය පිලිබදවය. මේ වන විට ඇපල් ආයතනය නිවේදනය කර සිටින්නේ තම ලොවපුරා වන ආයතනයන් ජාලයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්ති වැයෙන් සියයට 93ක්ම renewable energy ආකාරයට ලබා ගනිමින් සිටින බවයි. එනම් solar, wind, geothermal, biogas fuel cells ආදී ආකාර භාවිතාව ඔස්සේ වඩාත් පරිසර හිතකාමී ක්‍රියාකාරීත්වයකට තමන් පිවිස ඇති බවයි. මේ වන ඇපල් ආයතනය පමනක් නොව going green ආකාරය ගන්නා ආයතනයන් වීමට ප්‍රධාන පෙලේ අනෙකුත් තොරතුරු තාක්ෂන ආයතනයන් වන Intel, Google, Microsoft ආයතනයන්ද කටයුතු කරමින් සිටින අතර ඇපල් ආයතනය තම භවිතාවට recycled paper ආකාර යොදාගනිමින් වඩාත් හිතකර පරිසරයක් වෙනුවෙන් ක්‍රියාත්මක වෙමින් සිටින බවට පවසා සිටිනවා.
www.digilk.com


2016-03-21

Windows 10 Mobile පැමිනීම -1

             Windows 10 Mobile ක්‍රමයෙන් භාවිතයට පැමිනෙමින් තිබේ. Microsoft සමාගම තම නව මොබයිල් මෙහෙයුම් පද්ධති සංස්කරනය ගැන පවසන්නේ අන් කවර platform එකකටත් වඩා තම මොබයිල් සංස්කරනය හා Pc සංස්කරනය සහයෝගයෙන් කටයුතු කරමින් වඩාත් පලදායී භාවිතාවක් ගෙනෙන්නට සූදානම් බවය. නව මෙහෙයුම් පද්ධතියේ දෘඩංංග සහය සැලකීමේදී Lumia 950 හා Lumia 950XL වඩාත් සූදානම් බවින් වන අතර එහි වන Continuum, Windows Hello අංගයන් පිලිබදව වඩාත් අවධාරනයෙන් කහා කරනු දක්නට හැක. Continuum අංගය සැලකීමේදී එය  external monitor එකකට සම්බන්ද වෙමින් Pc අත්දැකීමක් ගෙනෙන්නට සූදානම් අතර දුරකථනයේ වන බොහෝ  App මේ ආකාරයට සහය දක්වන්නට සූදානම්ව ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. Windows Hello සමග භාවිතා කරන්නාගේ පෞද්ගලික බව සදහා අවශ්‍ය වන PIN code සදහා විකල්පයක් ගෙනැවිත් ඇති අතර එය එහිවන කැමරාවක් ඔස්සේ visually ආකාරයට ඔබගේ අනන්‍යතාවය තහවුරු කර දෙන්නට සමත්වනු ඇති බවටයි පොරොන්දුවෙන්නේ. ස්කෑන් වන irises ඔස්සේ මෙම තහවුරුව ලබාදෙන ලෙසට මෙම අංගය සකස්ව ඇත. Universal apps සමග app බාවිතාවේ තිබූ පරතරය සමනය කරන්නට කටයුතු කරමින් සිටින අතර Outlook (formerly Mail), Calendar, Maps, Messages, the Store වැනි ඇප් ක්‍රමයෙන් මෙම සූදානම ගෙනෙමින් සිටී.
www.digilk.com

පනස් දෙවන කොටස...

                   පැහැදිලි සැදෑව ලෝකය මත කෙටි සක්මනකට කැදවන සුහඳ ඇරයුමක් බඳුය. ටිබෙටියානු මිතුරා දහවල අහරින් පසුව මද විවේකයක් ගන්නවා විය යුතුය. සැඩ නොවන හිරු මඩල කඳු මුදුනතට පැමිනෙන්න යැයි නැවත පවසයි. ගසකින් ගිලිහී වැටෙන පත්‍රයක් වුවත් විවෘත වන්නට සූදානම් මනසකට මහත් නිමිත්තකි. “ලෝකයේ බහුලව වෙසෙන්නන් වර්ග දෙකකට බ්ර්ඳිය හැක” මේ ටිබෙටියානු මිතුරාගේ අදහස් ය. “ඉන් එක කොටසක් ජීවිතය ගැන මුලික අරගලයේ සිටී. හැබැයි මේ කොටස වටා සිටිනා තවත් කොටසක් කයින් මේ මූලික අරගලයෙන් මිදී සිටියද මනසින් ඔවුන් හා සමවන්නෝමය. පැහැදිලි අනෙක් කොටස නම් විමසිලිමත් ජීවිතය නිද්‍රාවට පත්වූ අඩව පියන් දෙනෙතින් ලොව දේ බලා සිටින්නෝය. ඔවුන් කති බොති, නිදියති හැරෙන්නට ජීවිතය සමග වෙනත් ගනු දෙනුවක් නැත්තෝ පරිදිය” ඔහු ලොකය අර්ථ දක්වන්නට මහත් රුසියෙකි. “තව දුරටත් උගතුන්ගේ ආධිපත්‍ය ඒ තරම්ම වැදගත් නැහැ. වැදගත් වන්නේ දැනුම සමග නිර්මානශීලී වන මිනිසුන්ගේ පැමිඔනීමයි” සමහර විටක එම මතය පිලිගන්නට තව කාලයක් යන්නට පුලුවන වේගයෙන් දියුනු වන පරිගණකය වැනි උපකරන්ම අසුරු සැනින් දැනුම භාවිතාකරන්නා කරා ගෙන එන්නට නිරන්තරයෙන් සූදානම් වෙමින් සිටී. දියුනු වන AI වැනි තාක්ශනයන් ඒවා වඩාත් නම්‍යව හා ස්ථානොචිතව පහසුවෙන් ගෙනෙන්නේ කෙසේ දැයි නිරන්තරයෙන් විමසමින් සිටී. මේ පසුබිමව සැලකීමේදී වසර සිය ගනනකමිනිස් වර්ගයාගේ ආධිපත්‍ය අවකාශයක් වේගයෙන් අස්ථාවර වෙමින් තිබේ. පැමිනෙන ලෝකයේදී බරපතලව පියවර තබන ආඩම්බරකාර වියතුන් අසරනව යන්නේ ඔවුන් මහත් ආඩම්බරයෙන් මතකයේ ටදවා ගෙන සිටින බොහෝ තොරතුරු ලබාගැනීම යාන්ත්‍රිකව වන්නට නියමිත බැවිනි. මේ ගම්වැසියන්ගෙන්ද හෙලිවන ප්‍රධාන කාරනාවක් වන්නේද එයයමය. ඔවුන් සතුව පරම්, පරාවෙන් එන මහා බ‍රැති පොත් පත් සමුදායක් නැතිය.නමුත් දියුනු ලොවට පවා අභියෝගකල හැකි අවබෝධයකින් ඔවුන් ජීවත්වේ. තම පරිසරය සමග ගනු දෙනු කෙරේ.
www.tharuminisa.com


2016-03-18

Nike වෙතින් self-lacing Shoes නිවේදනය වේ...

    Nike වෙතින් නිවේදනය වෙන්නේ තමන් ස්වං ආකාරයට පාදය සදහා ලේස් වන ("power laces") සපත්තු යුවල නැතිනම් self-lacing shoes වෙළඳ පොල වෙතට ගෙනෙන්නට සූදානම් වෙමින් සිටින බවයි. ප්‍රකට සිනමා පටයක් සමග අවධානයට පැමිනි මෙම සංකල්පය (1989 film Back to the Future Part 2) සැබෑ නිපැයුමක් ලෙසට භාවිතාවට ගෙනෙන්නට ඔවුන් සමත්වෙමින් සිටින බවටයි මේ අනූව හෙලි වන්නේ. සපත්තු යුවලේ පසුපස අඩිය ප්‍රදේශයට ලැබෙන පීඩනයෙන් ආරම්භ වන මෙම ක්‍රියාවලිය ඔස්සේ මෙම tightening process එක ඇරබෙන අතර සපත්තු යුවලට සංයුත්ත්ව පැමිනෙන බැටරියක ආධාරයෙන් ක්‍රියාත්මක වන බවත් බටනයක් දෙකක් ඔස්සේ එම සැකසුම සුසර කරගන්නටද අවස්තාව ඇතිව මේවා පැමිනෙන බවටත් තොරතුරු හෙලි වනවා.
www.digilk.com

Windows 10 Mobile නිකුත්වීම ඇරබේ...

Windows 10 Mobile පැමිනීම පිලිබදව බලාපොරොත්තුව සදහා බොහෝ කලක් ගත විය. විටින් විට මෙම නිකුතුව සදහා අනුමාන කල බොහෝ අවස්ථා කිහිපයකට පසුව මේ වන විට Microsoft ආයතනය නිල ලෙසට Windows 10 Mobile පැමිනීම නිවේදනය කර ඇත. ඔවුන් නිවේදනය කරන්නේ
BLU Win HD LTE
•BLU Win HD w510u
•Lumia 430
•Lumia 435
•Lumia 532
•Lumia 535
•Lumia 540
•Lumia 635 (1GB RAM)
•Lumia 636 (1GB RAM)
•Lumia 638 (1GB RAM)
•Lumia 640
•Lumia 640 XL
•Lumia 730
•Lumia 735
•Lumia 830
•Lumia 930
•Lumia 1520
•MCJ Madosma
යන උපාංග windows 10 සදහා පැමිනීමට සුදුසු වන බවටයි.  ක්‍රමයෙන් මුදා හැරෙන්නට නියමිත මෙම නව සංස්කරනය සමග පැමිනෙන සමගර අංගයන්, එනම් උදා හරනයක් ලෙසට  Phone Continuum  නැතිනම් Windows Hello සදහා අමතර දෘඩංග සහය අවශ්‍ය වනු ඇති බවා නිවේදනය වන අතර දැනටම මත් Windows Phone 8.1 Update 1 නැතිනම් Update 2 සදහා සහය දක්වන (Lumia Denim firmware) මට්ට්මේ දී නව සංස්කරනය ධාවන වනු ඇති බවට පැහැදිලි කරනවා. වැඩි දුරටත් පැමිනෙන තොරතුරු පවසන්නේ lower-end Windows Phones හ පැරනි දුරකථන  මට්ටමේ දී නව මෙහෙයුම් පද්ධති වෙතට සහය දැක්වීම ගැටලුකාරී වොය හැකි වබ වන අතර ඒවා අතරට Lumia 520, 521, 525, 620, 625, 720, 810, 822, 920, 925, 1020  1320  උඔපාංග දක්වා සිටිනවා.
www.digilk.com

2016-03-14

Bitcoin භාවිතය Microsoft අත්හරී.....

    Digital Currency පිලිබදව වැඩි අවධානයක් ලබා දුන් භාවිතාවක් ලෙසට Bitcoin භාවිතාව පිලි ගැනේ. වඩාත් නම්‍ය පූර්න ඉලෙක්ට්‍රොනික භාවිතාවක් ලෙසට පැමිනි එය අනාගත ලෝකය වෙතට තවත් පැහැදිලි පියවරක් ලෙසට විචාරනය විය. ක්‍රමයෙන් ප්‍රධාන පෙලේ ආයතනයන්ද තම ගනුදෙනු කටයුතු සදහා මෙම Bitcoin භාවිතාවට අවසර දෙන්නට පටන් ගත් අතර Microsoft ආයතනයද 2014දි පමන මෙම තීරනයට එලබිනි. කෙසේ වෙහත් මේ වන විට පැමිනෙන නවතම තත්වය වන්නේ Microsoft ආයතනය තම Windows Store වලදී Bitcoin භාවිහය අවසන් කර දන්නට කටයුතු කරමින් සිටින බවකි. ඔවුන් පවසන්නේ ඉතා අඩු ප්‍රමානයකින් මෙම Bitcoin අසුරෙන් වන ගනුදෙනු සිදුවීම නිසා තම තීරනයා එලබ ඇති බවකි. කෙසේ වෙතත් දැනටමත් Microsoft account balance වලින් තම මිළඳී ගැනීම් කරන්නට හැකිවන නමුත් refunded කිරීම් වැනි පියවර වලට යන්නට නොහැකි වනු ඇති බවටයි පැහැදිලි කරන්නේ. කෙසේ වෙතත් ඇමරිකානු රජයද පසුගිය කාලයේ ප්‍රකාශකර සිටියේ Bitcoin ආශ්‍රිත ගනුදෙනු වලදී අනන්‍යතාව්යාන් පිලිබදව වන ගැටලු සංකීර්නතා නිර්මනය කරමින් සිටින බවකි.
www.digilk.com

2016-03-10

පනස් එක්වන කොටස

        “අප බලාපොරොත්තු වුනේ ඔබ ඊයේ පැමිනේවි කියලයි” ගබඩා භාරකාරතුමා කාර්යාලයේ දොරකඩ විය. “කොහොමද ඔබගේ කටයුතු සියල්ලම සාර්තකද? ගම් වාසීන් පිලිබදව බොහෝ තොරතුරු ඔබ සතුව ඇතැයි මම සිතනවා..” ලොව ප්‍රකට විශ්ව විද්‍යලයක පුස්ථකාලාධිපති ධූරයක් දරමින් සිටි ඔහු තම ඉන්දියූනු සංචාරයකදී දැන හඳුනා ගත් දහමක් පිලිබදව වැඩි දුර අවබෝදයක් සොයමින් සිටින විටකදී අහබු ලෙස ලැබුනු හෝඩුවාවක් ඔස්සේ මෙහි පැමිනි බව මට කීවා මතකය. මෙහිවන අපූරු රිද්මය ඔහුගේ සිත්ගත් ප්‍රමානය කොපමනදැයි කිව හොත් පැමින කෙටි කලකින්ම තම් සේවාස්ථානයෙන් සමුගෙන මෙහි පැමින තිබිනි. මා ආගන්තුකව පලමුවෙන්ම මෙහි පැමිනි දිනයේදීම ඔහු සතුවූ අපූරු ගතිගුන සිත්ගත්තාය. සාමාන්‍ය මිනිස් පරිසරයකදී ආගන්තුකයෙකුට ලැබෙන සැක සහිත පිලිගැනීම මෙහි නොවිනි. විවෘතබව හා සුහඳ බව එහි විය. මේ අපූර්ව ගම්වාසීන්ගේ සිත්ගන්නා තොරතුරු පලමුවෙන්ම මම දැන ගත්තේ මොහුගෙන්ය. “ඔබ මේ ගමන්ම අශ්‍රමය මුදුනතට යනවාද , නැතිනම් දහවල් ආහාරයෙන් පසුව යනවාද? බොහෝ විට ඔබගේ මිත්‍රයා පහලට ඒවි.” පැමිනෙන්නන්ගේ සුව පහසුව ඔහුගේ රාජකාරියක්ම ලෙසට වඩා යමක් ලෙසට හැගෙනවා වැනිය. සූහඳ බව මුල් ස්වභාවයෙන්ම ඔහු සතුව තිබෙනවාක් වැනිය. සමහර විටක විශ්වවිද්‍යාල පරිසරයෙන් එය උරුම වන්නට ඇත නැතිනම් ඔහු ‍රැස්කරගෙන තිබූ අපමනක් කියවීම් ඔස්සේ මේ අපූරු විනය පැමින තිබෙනවා විය හැක. “ඔබට මොකද හිතෙන්නේ මේ ගම් වාසීන් ගැන?” මිනිස් වර්ගයා මෙපමන දුරක් ගෙන ආ ප්‍රදාන සාධයකය වූ කුතුහලය තවමත් ඔහු සතුව තිබෙනවා විය යුතුය. “මට හිතෙනවා මිනිස් කථාන්දරයේ අපට මග හැරුනු සමහර දෑ ඔවුන් සතුව තිබනවා කියලා..” මම පැහැදිලි කරන්නට විනිමි. “මිනිසුන් ලෙසට ඔවුන් තම පරිසරයත් සමග ඇති ගනු දෙනුව හරිම සරලයි. හරිම සියුම්. අපි වාගේ නොවෙයි. ඔවුන්ගේ ජීවිත කතාන්දරය පරිසරය මත ලියවෙන්නේ වඩාත් සංවේධී විදිහට. සරල උදාහරනයක් ගත හොත් ඔවුන් ඉදහිටක හෝ පැමිනෙන විශාල ජල කඳකට තම වගා බිම් වලට හානියක් වනට ඉඩ නොතැබෙන්නේ එයට එරෙහිව නොව එහි වන බලය තේරුම් ගෙන එය හා එකග වීමෙනියි” ඔහු සිහින් සිනාවකින් මා දෙස බලන්නේ මහත් තෘප්තියකින් වනිය. සමහර විට පලමු දිනයේදීම තමන් අතින් දැල්වූ කුතුහලයේ කුඩා පහන්සිල මෙතරම් වර්ධනය තිබීම ගැන සතු‍ටු වනවා විය යුතුය.
www.tharuminisa.com

2016-03-09

Transcendence (2014) සිනමා පටය මිනිසා ගෙන් ප්‍රශ්න දෙකක් විමසවයි.

           Transcendence (2014) සිනමා පටය මිනිසා ගෙන් ප්‍රශ්න දෙකක් විමසවයි. දෑ තේරුම් ගන්නට බැරිවීම ඔස්සේ නැගෙන විරෝධතාවය සමග ඔවුන්ගෙන් අහිමි කරවන හෝ පසුගාමී කරවන ප්‍රවනතා පිලිබදව අවදිවන්නට සූදානම්ද යන්න පලමු කාරනයය. දෙවැන්න තම මිනිස් සීමාවන් ඉක්මවා යන්නට තාක්ශනය භාවිතාවීම මිනිස් කථාන්දරය තරමට පැරනි වනවා සේම ඒවා වෙතට විරෝධය පැමිනීමද ඒ කථානදරය තරමටම පැරනි වූ වද නැවත නැවතත් එය සිදු වෙමින් මිනිස් කථාන්දරය නිරන්තරයෙන් ඉදිර...ියට ලියවෙමින් පවතින බවය. සිනමාකරුවා Dr. Will Caster (Johnny Depp) ඔස්සේ “Isn’t that what mankind has always done? ලෙසට එය විමසවයි. විටක තරමක් දුරින් තැබූ පියවරක නිසා තේරුම් ගන්නට බැරිවීමේ කුතුහල මනස තරමක් කලහාකාරී වූවා විය හැක.
අද දෛනික ජීවිතයේදී Smart දුරකථනය නැතිනම් fitness trackers වැනි උපාංග ඔස්සේ Machine learning වැනි යාන්ත්‍රන සමග මිනිසා යමින් සිටින්නේ ඒ දෙසටම විය යුතුය. Cortana වැනි පහසූන් ඔස්සේ අප වෙතට එන්නේ මේ බවමය. “සැගවීමට වඩා හඳුනාගෙන පාලනයට කටයුතු කිරීම” වඩාත් ඵලදායී වනු ඇති බවටයෝජනා කරන්නට සිදු වන්නේ මෙතැනදීය. ජීවිතය අවට වූ බොහෝ කායික ශ්‍රමික දෑ යාන්ත්‍රික වෙමින් මිනිසා සැහැල්ලු කරවූ යුගය පියවරක් ඉදිරියට පැමිනෙන්මින් ඔහුගේ මානසික හැකියාවන් වැඩි වැඩියෙන් යාන්ත්‍රික කරවන්නට වෙර දරන යුගයක අප වෙසෙන්නෙමු. වඩ වඩාත් නිර්මණශීලි වෙමින් ඒවා හසුරවන්නට කටයුතු කරනවාට වඩා ගැලපෙන පිලිතුරක් තවත් ඇත්දැයි සැක සිතවන තරම්ය.
www.digilk.com

Android Marshmallow භාවිතයට පැමිනීම ඉබිගමනේ…

                  Android ලොව බහුලවතම භාවිතව ලබන මොබයිල් මෙහෙයුම් පද්ධතිය වන අතර අනුසංස්කරනයන්ද බහුලතම මෙහෙයුම් පද්ධතිය ලෙසටද පිලි ගැනේ. මේ නිසාම පැමිනෙන නව සංස්කරනයන් භාවිතාවට පැමිනීමේදී සංකීර්නතා ඇති වීම බහුලව දක්නට ලැබේ. Android Marshmallow නිකුත්වී මාස පහක් පමන ගෙවෙමින් තිබුනද නවතමව් වාර්ථා හෙලි කරන්නේ එහි භාවිතාව තවමත් 2.3% ලෙසට සටහන් වීම දක්නට ලැබෙන බවයි. එම වාර්ථා වැඩි දුරටත් හෙලිකරන්නේ පෙර මසය හා සැසදීමේදී සිට්යයට 1.1ක පමන සරල වැඩි වීමක් පමනක් නව මෙහෙයුම් පද්ධහිය ලබා ඇති බවයි. Android 5.1 Lollipop පැමිනියේ වසරකට පමන පෙර වන අතර එහිද ප්‍රගතිය මේ හා සමාන කාල සිමාව සැසදීමේදී 2.1% කින් එනම් 19.2% දක්වා වර්ධනයක් ලබමින් ඇති බවයි. තවමත් වැඩිම භාවිතාවක් ලබන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරනය  36.1% ක බාවිතාවක් හිමිකර ගෙන ඇති KitKat වන අතර මෙම කාලසීමාව තුලදි එහි භාවිතාව අඩුවීම 1.2% තරම් සරල මට්ටමක වූ බවටයි පැහැදිලි වන්නේ. මොබයිල් මෙහෙයුම් පද්ධති අතර වඩාත් ආසාධිත බවෛලක්ක වන මෙහෙයුම් පද්ධතිය ලෙසටද Android හඳුනා ගන්නා අතර නොයෙකුත් නිෂ්පාදන ආයතනයන් හරහාම නව යාවත්කාලීන පැමිනීම සිදුවීම මෙම නව දුර්වලතාවයට ප්‍රධාන හෙතුවක් ලෙසට සැලකේ.
www.digilk.com

2016-03-07

Email නිර්මානයකල Ray Tomlinson සමුගනී.

   Ray Tomlinson පිලි ගැන්නේ ප්‍රථම වරට hosts අතර Email යැවීම පිලිබදව අත්හද අබැලීම් කල පුද්ගලයා ලෙසටයි. 1971 දී ARPANET ප්‍රබෝදයත් සමග මෙම අත්හදා බැලීමසාර්ථකව කරන ලද ඔහු විසින් යවන ලද ප්‍රථම Email පනිවිඬය QWERTYUIOP හෝ සමාන එකක් වන්නට ඇති බවටයි අනුමානය කරන්නේ. එසේම ඊමේල් භාවිතව ප්‍රමිතිගත කරවනසංකේථයක් බඳු  “at sign” නැතිනම් @ symbol එක පිලිබඳවද ප්‍රථම භාවිතාව මෙතුමා අතින් සිදුවූ බවට පිලිගැනෙනවා. New York Timesපවසනේ මෙම @ සලකුන වසර  480 ක පමන අතීතභාවිතාවක් ලබමින් පැවති බව වන අතර පලමු කාලයේ weight නැතිනම් volume අදහස මෙයින් ගෙනෙන ලද අතර පසුව “at the price of” අදහස ඉන් ගෙනෙන්නට කටයුතු කර ඇති බවයි. මෙම පසු අදහස භාවිතාකරමින් මෙතුමා “at” some other host යන්න එමෙම සංකේථය භාවිතයේ සැලකූ බවටයි අදහස් කරනු ලබා ඇත්තේ. මිය යන විට 74 වියේ වන Ray Tomlinson මහතා 1963 දී පමන IBM  වෙත සම්බන්ද ව ඇති අතර පසුව Bolt Beranek and Newman (BBN) සමග සම්බන්ද වී TENEX operating system නිර්මානයටද දායකත්වය සපයා තිබෙනවා.
www.digilk.com

2016-03-04

තොරතුරු ලෝකය හා සමාජ භාවිතාව

               තොරතුරු ලෝකයේ භාවිතාව වඩ වඩාත් සංකීර්න වෙමින් සමාජය පුරා වැඩි වැයෙන් වන වපසරියක් මතට පැමිනෙමින් තිබේ. එපමනකුදු නොවේ එය සමාජ මත නව ප්‍රවනතා මතුකරමින්ද ඇත. අන්තර්ජාලය සලකීමේදී  තත්වය වඩාත් සංකීර්න වෙමින් ඇත. “මාධ්‍ය ලොව පාලනය කරයි” යන්න සත්‍යයක් වන විට අන්තර්ජාලය ප්‍රමුක සමාජජාල ඇතුලු භාවිතාවන් මාධයක් ලෙසට සමාජයේ සියලු අංශුන් වෙතට ලගා වෙමින් සිටී. දේශීයව සැලකීමේදී Facebook වැනි වැනි භාවිතාවන් කරා එලෙබෙමින් ඇති නව ‍රැලි අතර වන බොහෝ දේය. සියල්ලන්ටම තම දේශපාලන ද්වේශයන් නිදහසේ නිදහසේ පලකරන්නට හැකිව ඇත. දැන උගත්කම් භේදයකින් තොරව සරල පරුෂ වචනයේම සිට තම හැගීම් පලකරන්නට අවකාශ ලැබී ඇත. දමනය නොවුනු නැති නම් ශිෂ්ටත්වය අත්පත්කර ගන්නට අසමත්වූ වැඩිහිටි ප්‍රවනතා පහසුවෙන් පාසැල් වියේ දරුවන්ගේ ලුහුබැඳ යන්නට අඩගසන ප්‍රවනතා වෙමින් පැමිනීම “‍රැප්” ලෙසට අමුවෙන්ම පැමින ඇත.
තොරතුරු ලෝකයේ සැම නව ප්‍රවනතාවයක්ම මූලිකව සාමාන්‍ය සමාජය මත සලකුනු වෙන්නේ එම උපාංග අහ්පත්කර ගන්නට වන ධනවත්කම, නව තාක්ශනය වන ප්‍රියතාවය ලෙසට වුවද ක්‍රමයෙන් එය දෛනික භාවිතාවක් බවට පත්වීම වඩාත් සංකීර්න සටහනක් සමාජය මත තබයි. පෙරකී මුල් පියවර වලදී ඒවා වෙතට වන විනය නැතිනම් දැක්ම සමාජය මත සංකීර්නතා සටහන් නොකලද පසු ප්‍රවනතා එසේ නොවේ. මෙම අවදිය වන විට අදාල විනය ශික්ෂනය සමාජය තුලින් පැමිනීම ප්‍රමාද වීම ඉබා ගාතේ සිදුවන පොලා පැනීමක් බවට පත්වේ. විටක එය සමාජ ව්‍යසනයක් දක්වාද වර්ධනය විය හැක.
                   ඔබට තාක්ශනය මිළදී ගත හැකි වුවද එයට අදාල සංස්කෘතිය එසේ ගත නොහැකිවීමේ යතාර්ථය වඩාත් තදින් දැනෙන්නට පටන් ගෙන ඇත. රටේ නායකත්වයට එකග වුවද නොවුනද එය විසදා ගත යුත්තේ දේශපාලනිකව බව අමතක කරන මෙවන් එක් ප්‍රවනතාවයක් විටක රටේ ප්‍රධානියා වෙතට පරුෂ වචනයැන් බැන වදිමින් ජීවිත තර්ජනය පවා කරන්නට පෙලබීමේ අවස්ථා කිහිපයක් පසුගිය කාලයේ අප අත්වින්දෙමු. තවත් විටක දේශපලනික හෝ සමාජ සිදුවීමක් තමන් කැමති පරිදි විකෘති කරන්නට වන නිදහස් අවකාශයක් කිසිදු ආත්ම විමසුමකින් තොරව අන්තර්ජාලයට මුදා හැරීමේ ප්‍රවනතාවය අප අත්විඳිමින් සිටින්නෙමු. සමහර විටක වගකිවයුතු සමජ අනන්‍යතාවයන් පවා මේවාට කිසිදු විනයකින් තොරව මෙහෙයවන්නන් ලෙසට පැමිනීම් පෙන්වා දෙන්නේ අප සතු සමාජ වගකීම් සීමාවන් මෙම නව විෂයන් වෙතට බලපෑමක් නොකරන බවය.
              සරලව තේරුම් ගැනීමේදී තොරතුරු තාක්ෂනය යනු භෞතිකව ලබාගන්නය හැකිවන ද්විත්ව නියතයක් එහිම මුල් ස්වභාවයෙන් වන වේගය හා නිවැරදි බව සමග නැවත නැවත සකසන්නට, විවිධ ලෙසට ගබඩා කරගන්නට මෙන්ම පහසුවෙන් සංනිවේදනය කරගන්නට වන පහසුවක් ලෙසට සැලකිය හැක. සංකීර්න ලෙසට තත්වය තේරුම් ගැනීමේදී එය වඩාත් වේගවත් ලෙසට හා පුලුල් ලෙසට දෛනික ජීවිතය වටා වන බොහෝ භාවිතාවන් අත්පත් කරගන්නට සමත්ව ඇත. බලාපොරොත්තු නොවුනු තරම් අවකාශයන් තුල එසේ කරන්නට එය සමත්ව ඇත. මෙම තාක්ෂනික උපකරනය වඩාත් නිවැරදි හා වේගවත් නිෂ්පාදනයක් ලෙසට නිෂ්පාදනය කර ඇසුරුම් කර කර්මාන්ත ශාලාවෙන් එවන්නට හැකි වුවද එහි වන භාවිතාව නැතිනම් එම උපාංග ජීවිතය මත විවෘත කරන නව ප්‍රවනතා සදහා අවශ්‍ය වන සංස්කෘතිය එවන්නට නොහැකි වනු ඇත. තවත් විටක උපාංගය හා එය ගෙනෙන භාවිතාව වැලද ගන්නට යමේදී දැනෙන විශ්වගම්මාන බව අනන්‍යය සංස්කෘතිය විනිවිදමින් යන විට තවදුරටත් වලංගු නොවන බව අප අත්විදිමින් සිටිමු.
www.digilk.com

Windows 10 Redstone මෙම ජූනියේ..

   Windows 10 වෙතට පැමිනෙන්නට නියමිත ප්‍රධාන යාවත්කාලීනයේ සංකේථනාමය ලෙසට ‘Redstone’ සදහන් වී සෑහෙන කාලයකි. එම නිකුතුව පිලිබදව වූ අවසාන කාලවකවානු ගැන කියවෙන පුවත් වලට අනූව මෙම වසරට එය නියමිතව ඇත. පැමිනෙන නවතම තොරතුරු හෙලිකර සිටින්නේ windows 10 සදහා වන එම ප්‍රධාන නිකුතුව කොටස් දෙකකින් සමන්විත වන අතර පලමු කොටස(RS1) එලබෙන ජූනියේ නිකුතුවට සූදානම් වෙමින් ඇති බවය. මිට පෙර පැවසුන පරිදි මෙම නිකුතුව මේ වන විටත් windows 10 වල පෙර සංස්කරන අත්හදා බලන්නන් වෙතට නිකුත්ව ඇති අතර වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ මෙම නිකුතුව ඔස්සේ windows 10 අඩංගු උපාංග අතර වඩාත් සහයෝගයෙන් කටයුතු කිරීමට අවශ්‍ය දියුනු කිරීම් එය ‍රැගෙන එන බවකි. ඒ අනූව windows 10 ධාවනය වන PC, Xbox නැතිනම් Phone අතරට පැමිනෙමින් භවිතාකරන්නා හට සහය වනු ඇති බවට පැහැදිලි කෙරේ. උදාහරනයක් ලෙසට Cortana ඔස්සේ ඔබගේ Pc එකෙහි සිට Phone එකෙහි බැටරියේ තත්වය, තවත් විටක  phone calls හෝ texts ලබා ගැනීම හා යැවීම දක්වා වන පහසුකම් එය ගෙනෙනු ඇත. මෙම Redstone ප්‍රධාන යාවත්කාලීනයේ දෙවන නිකුතුව එලබෙන වසරට සැලසුම් වෙමින් ඇති බවට පැහැදිලි කෙරෙන අතර තවමත් ඒ පිලිබදව වැඩිදුර තොරතුරු හෙලිව නොමැත.
www.digilk.com

2016-03-02

Windows 10 වෙතට නව යාවත්කාලීනයක්!!

Microsoft පවසනවා Windows 10 සදහා වන  build 10586.122 යාවත්කාලීනය මේ වන විට නිකුත් කර ඇති බව. ඔවුන් පැහැදිලි කරන්නේ Cortana, Edge, File Explorer, startup, shutdown, Windows Store, device support, fonts, printing ඇතුලු අංග රාශියක් සදහා දියුනු කිරීම් මෙම යාවත්කාලීනය ‍රැගෙන විත් ඇති බවයි.සමස්ත මෙහෙයුම් පද්ධතිය පුරාම විසිර තිබූ නෙක ආකාර ගත් දුර්වලහා රාශියක් සදහා පිලිසකර  හා දියුනු කිරීම් ගෙනවිත් ඇති මෙම යාවත්කාලීනය කිසිදු නව අංගයක් ගෙනෙවිත් නැති බවටත් පැහැදිලි කරනවා. වැඩි දිරටත් පවසන්නේ මෙම යාවත්කාලීනය කිසිදු ආරක්ශක පිලිසකරයකින්ද සමන්විත නොවන බවයි.
           සාර්ථක භවිතාවකට පිවිසෙමින් ඇති windows 10 සදහා වන ප්‍රධාන යාවත්කාලීනයක් මෙම වසරා නියමිතව ඇති අතර මේ වන විට පෙර භාවිතාකරන්නන් අතර එහි කොටස් අත්හදා බැලෙමින් ඇති බවට වාර්ථාවෙනවා. දැනමත් හදාරන්නන් පවසන්නේ නව මෙහෙයුම් පද්ධතිය සාර්ථව ඉදිරියට විත් Microsoft වෙතින් පැමිනි සාර්ථකම මෙහෙයුම් පද්ධතිය බවට පත්වීමේ පෙර සලකුනු පෙන්වමින් සිටින බවයි.
www.digilk.com

2016-03-01

එය ඩිජිටල් තොරතුරු පරිසරයට ඔබින මිනිසා සදහා වන පරිනාමයක් ලෙසට නම් කරන්නට හැක...

ඔබ පිවිසෙන්නේ ප්‍රධාන මාවතින් ඔබගේ ගෙවත්තටය. ඔබගේ පලමු මට්ටමේ පෞද්ගලිකත්වය ඇරබෙන්නට පටන් ගනී. දැන් ඔබ පිවිසෙන්නේ නිවසේ මැද සාලයට වන විට ඔබගේ නිවසේ සාමාජිකයන්ට පමනක්ම සීමාවන පෞද්ගලික බව ඔබ වෙතට එනු ඇත. දැන් ඔබ පිවිසෙන්නේ ඔබගේ නිවසේ ඔබ වෙනුවෙන් වෙන්ව ඇති ඔබගේ කාබරයටය. සාමාන්‍යයෙන් මිනිස���කුට ලැබිය හැකි උපරිම පෞද්ගලික බවවින් මේ වන විට ආරක්ශිතය. ගිමන් නිවීමකින් අනතුරුව ඔබ දැන් පිවිසෙන්නේ ඔබගේ පරිගණක ...කාබරයටය. එය අන්තර්ජාලයට සම්බදවී සෙවුමකට හෝ බෙදා ගැනීමකට දැන් ඔබ සහභාගී වෙමින් සිටී. පරිගණකයක් සමග හුදකලාව ගනුදෙනු කරමින් සිටින ඔබ වෙනත් තලයකදී දැන් ලොවට විවෘතවී ඇත. ඔබ භාවිතාකරමින් සිටින apps, මෙන්ම බ්‍රවුසරය ඇතුලු එහි ක්‍රියාත්මක වන නෙක ආකාරයේ මෘදුකාංග ඔස්සේ විවිධ මට්ටමින් ඔබව හදාරමින් සිටින්නේ සමහර විටක ඔබ කිසිසේත්ම නොදැනුවත්වය.
තවත් දෙසකින් තත්වය විග්‍රහ කෙරෙනුයේ වෙනස් ආකාරයකටය. ඔවුන් යෝජනා කරන්නේ තව දුරටත් පෞද්ගලිකත්වය සාර්ථක සංකල්පයක් නොවන බවකි. ඔබ කරන කියන, අසන බලන දෑ සගවන්නට උත්සාහ කරන්නේ ඇයි දැයි ඔවුන් විමසා සිටී. තවත්වය දැන් වඩාත් සංකීර්නය. තොරතුරු බව බරපතල Desktop පරිසරයට පමනක් තව දුරටත් සිරවී නැත. ස්මාර්ට් දුරකථනය ඔස්සේ එය ප්‍රථමයෙන් හා ඉතා හොඳින් ජංගම වී ඇත. දැන් පහසුවෙන් ඔබ යනෙන, ගනු දෙනු කෙරෙන ආකාරය විවෘත වී ඇත. වරක් වාර්ථා වැඩ සටහනක් මෙහෙවමින් අයෙකු ජනාකීර්න වීදියක් මධ්‍යයේදී පවසා සිටියේ තම ජංගම උපාංගය Wi-Fi ජාල හත්කට පමන විවරව ඇති බවකි. උපාංගයේ IP ලිපිනය ඔස්සේ ප්‍රමුකව ඔබව හදාරාගන්නට අන්තර්ජාලයට ඇති හැකියාව අති විශාල බව ඔහු පැහැදිලි කර සිටියාය.
එක් දෙසකින් වඩාත් සුරක්ශිත සෙවුමකට ආරක්ශිත බ්‍රවුසර පැමිනෙයි. තවත් විටක අමතර මෘදුකාංග ඔස්සේ ඔබගේ වෙබ් සැරිය සුරක්ශිත කර දෙන්නට ඔවුන් පොරොන්දුවෙයි. තවත් විටක වඩාත් සාර්ථක තාක්ශනයන් ඔස්සේ ඔබගේ දත්ත හුවමාරුව කලහැකි ක්‍රමවේද දියුනු කරමින් සිටී. වඩාත් දියුනු මිනිසෙකු වඩාත් නිවැරදි පිලිතුර වනු ඇති බවට මම විස්වාස කරමි. විටක ඔබ නොදැනුවත්වද එය සිදුවෙමින් පවතී. එය ඩිජිටල් තොරතුරු පරිසරයට ඔබින මිනිසා සදහා වන පරිනාමයක් ලෙසට නම් කරන්නට හැක. එය බොහෝ දුර ඉලක්කයක් වන මුත් වඩාත් සාර්ථක විසදුම එයම පමනක් වනු ඇත. එවිට ඒ මිනිසා ගෙන් සැදෙන ආයතනික මෙන්ම පෞද්ගලික මට්ටමේ තොරතුරු හුවමාරු පරිසරයන් වඩාත් සැහැල්ලු සහනශීලී එකක් වනු ඇති බවට විස්වාසය තැබිය හැක. තවමත් ලොව බහුල නීති පද්ධති වල මේ ආකාරයේ සිදුවන අපරාධ සදහා ඒ සදහා වඩාත් ඉලක්කවන නිතිරීතීන් පැමින නැත. මැතකදී ප්‍රධාන පෙලේ රටක් කෙටි පනිවිඬයක් මගින් කෙරෙන තර්ජනයක් සදහා වසර කිහිපයක් දක්වා දඩුවම් ගෙනෙන නීති පරිසරයක් නිර්මානය කරන්නට කටයුතු කල අතර ඒ දක්වා එවන් ගැටලුවකදී නීති සහනය පැමිනියේ ඒ ආශ්‍රිත තත්වය සදහා වන නීති කෙ‍ටුම් පත්වලින් වීම විටක නිවැරදිව අදාල වරද අර්ථ දක්වා ගන්නට මෙන්ම ඔප්පු කිරීමේ ක්‍රම වෙද වලට අපහසුකම් තිබිනි.
පැන වෙන නීති රීති මෙන්ම සමාජීයව පිලි ගැනෙන සිරිත් විරිත් වැනි බොහෝ දිශාවන් ඔස්සේ පෙර කී තොරතුරු තාක්ශන පරිසරය හිතැති මිනිසා නිර්මානය වීමට අවශ්‍ය වට පිටාව නිර්මානය කෙරෙනු ඇත. ඔහු දැනට අප දකින ආකාරයේ මහත් සේ යාන්ත්‍රික වූ මිනිසෙකුට වඩා තාක්ශනය වඩාත් විනයවත්ව තම ජීවිතයට කැදවා ගත් මිනිසෙකු වනු ඇත.
www.siriwansa.com

Google වල self-driving cars අනතුරක...

Google වෙතින් සාර්තකව අත්හදා බැලෙමින් ඇති  Google's self-driving cars ව්‍යාපෘතියේ තවත් මාර්ග අනතුරක් පසුගිය පෙබරවාරි 14 වාර්ථා වූවා.එනම් Mountain View වල Google's headquarters අසලින් වාර්තා වුනු මෙම අනතුර සිදුවන මොහොත පිලිබදව පැහැදිලි කරමින් පවසන්නේ පැයට සැතපුම් දෙකක වේගයක තම සිටින විට එම බස් රථය පැයට සැතපුම් 15ක වේගයක් දරමින් සිටියමුත් මාර්ගයේ ඇති තරම් ඉඩ නිබූ බැවින් මෝටර් ට්‍රථයේ පාලනය සියතට ගන්නට තම ක්‍රියා නොකල බවයි. "සාමාන්‍ය පරිදි බස් රථයේ වේගය අඩු කොට හෝ නතර කර ඉඩ දිමට තිබුනු නමුත් එසේ නොකිරීම හේතුවෙන් මෙම අනතුර සිදුවූවා" ඔහු තම අත්දැකීම් විස්තර කොට සිටියා. හදාරන්නන් පෙන්වා දෙන්නේ මීට පෙරද කිහිප වතාවක් අනතුරු අවථා මෙම වාර්ථා වෙමින් ඇති මුත් ඒ හැම විටකම පාහේ දෙවාන් පාර්ශවයේ දුර්වලතාවයක් ඔස්සේ එම අනතුරු සිදුව ඇති බවයි. මෘදුකාංග ක්‍රියාකාරීත්වයේ දුර්වලතා නැවත නැවත සකසමින් අත්හදා බැලීම් සිදුවන අතර විටක සාමාන්‍යයෙන් මාර්ගයේ  බලාපොරොත්තු නොවන අහඹුතා හේතුවෙන් සිදුවිය හැකි වරදවා වටහා ගැනීම් නිවරදි කරන්නට එම ආයතනය නිරන්තරයෙන් කටයුතු කරමින් සිටිනවා.
www.digilk.com

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...