2016-03-04

තොරතුරු ලෝකය හා සමාජ භාවිතාව

               තොරතුරු ලෝකයේ භාවිතාව වඩ වඩාත් සංකීර්න වෙමින් සමාජය පුරා වැඩි වැයෙන් වන වපසරියක් මතට පැමිනෙමින් තිබේ. එපමනකුදු නොවේ එය සමාජ මත නව ප්‍රවනතා මතුකරමින්ද ඇත. අන්තර්ජාලය සලකීමේදී  තත්වය වඩාත් සංකීර්න වෙමින් ඇත. “මාධ්‍ය ලොව පාලනය කරයි” යන්න සත්‍යයක් වන විට අන්තර්ජාලය ප්‍රමුක සමාජජාල ඇතුලු භාවිතාවන් මාධයක් ලෙසට සමාජයේ සියලු අංශුන් වෙතට ලගා වෙමින් සිටී. දේශීයව සැලකීමේදී Facebook වැනි වැනි භාවිතාවන් කරා එලෙබෙමින් ඇති නව ‍රැලි අතර වන බොහෝ දේය. සියල්ලන්ටම තම දේශපාලන ද්වේශයන් නිදහසේ නිදහසේ පලකරන්නට හැකිව ඇත. දැන උගත්කම් භේදයකින් තොරව සරල පරුෂ වචනයේම සිට තම හැගීම් පලකරන්නට අවකාශ ලැබී ඇත. දමනය නොවුනු නැති නම් ශිෂ්ටත්වය අත්පත්කර ගන්නට අසමත්වූ වැඩිහිටි ප්‍රවනතා පහසුවෙන් පාසැල් වියේ දරුවන්ගේ ලුහුබැඳ යන්නට අඩගසන ප්‍රවනතා වෙමින් පැමිනීම “‍රැප්” ලෙසට අමුවෙන්ම පැමින ඇත.
තොරතුරු ලෝකයේ සැම නව ප්‍රවනතාවයක්ම මූලිකව සාමාන්‍ය සමාජය මත සලකුනු වෙන්නේ එම උපාංග අහ්පත්කර ගන්නට වන ධනවත්කම, නව තාක්ශනය වන ප්‍රියතාවය ලෙසට වුවද ක්‍රමයෙන් එය දෛනික භාවිතාවක් බවට පත්වීම වඩාත් සංකීර්න සටහනක් සමාජය මත තබයි. පෙරකී මුල් පියවර වලදී ඒවා වෙතට වන විනය නැතිනම් දැක්ම සමාජය මත සංකීර්නතා සටහන් නොකලද පසු ප්‍රවනතා එසේ නොවේ. මෙම අවදිය වන විට අදාල විනය ශික්ෂනය සමාජය තුලින් පැමිනීම ප්‍රමාද වීම ඉබා ගාතේ සිදුවන පොලා පැනීමක් බවට පත්වේ. විටක එය සමාජ ව්‍යසනයක් දක්වාද වර්ධනය විය හැක.
                   ඔබට තාක්ශනය මිළදී ගත හැකි වුවද එයට අදාල සංස්කෘතිය එසේ ගත නොහැකිවීමේ යතාර්ථය වඩාත් තදින් දැනෙන්නට පටන් ගෙන ඇත. රටේ නායකත්වයට එකග වුවද නොවුනද එය විසදා ගත යුත්තේ දේශපාලනිකව බව අමතක කරන මෙවන් එක් ප්‍රවනතාවයක් විටක රටේ ප්‍රධානියා වෙතට පරුෂ වචනයැන් බැන වදිමින් ජීවිත තර්ජනය පවා කරන්නට පෙලබීමේ අවස්ථා කිහිපයක් පසුගිය කාලයේ අප අත්වින්දෙමු. තවත් විටක දේශපලනික හෝ සමාජ සිදුවීමක් තමන් කැමති පරිදි විකෘති කරන්නට වන නිදහස් අවකාශයක් කිසිදු ආත්ම විමසුමකින් තොරව අන්තර්ජාලයට මුදා හැරීමේ ප්‍රවනතාවය අප අත්විඳිමින් සිටින්නෙමු. සමහර විටක වගකිවයුතු සමජ අනන්‍යතාවයන් පවා මේවාට කිසිදු විනයකින් තොරව මෙහෙයවන්නන් ලෙසට පැමිනීම් පෙන්වා දෙන්නේ අප සතු සමාජ වගකීම් සීමාවන් මෙම නව විෂයන් වෙතට බලපෑමක් නොකරන බවය.
              සරලව තේරුම් ගැනීමේදී තොරතුරු තාක්ෂනය යනු භෞතිකව ලබාගන්නය හැකිවන ද්විත්ව නියතයක් එහිම මුල් ස්වභාවයෙන් වන වේගය හා නිවැරදි බව සමග නැවත නැවත සකසන්නට, විවිධ ලෙසට ගබඩා කරගන්නට මෙන්ම පහසුවෙන් සංනිවේදනය කරගන්නට වන පහසුවක් ලෙසට සැලකිය හැක. සංකීර්න ලෙසට තත්වය තේරුම් ගැනීමේදී එය වඩාත් වේගවත් ලෙසට හා පුලුල් ලෙසට දෛනික ජීවිතය වටා වන බොහෝ භාවිතාවන් අත්පත් කරගන්නට සමත්ව ඇත. බලාපොරොත්තු නොවුනු තරම් අවකාශයන් තුල එසේ කරන්නට එය සමත්ව ඇත. මෙම තාක්ෂනික උපකරනය වඩාත් නිවැරදි හා වේගවත් නිෂ්පාදනයක් ලෙසට නිෂ්පාදනය කර ඇසුරුම් කර කර්මාන්ත ශාලාවෙන් එවන්නට හැකි වුවද එහි වන භාවිතාව නැතිනම් එම උපාංග ජීවිතය මත විවෘත කරන නව ප්‍රවනතා සදහා අවශ්‍ය වන සංස්කෘතිය එවන්නට නොහැකි වනු ඇත. තවත් විටක උපාංගය හා එය ගෙනෙන භාවිතාව වැලද ගන්නට යමේදී දැනෙන විශ්වගම්මාන බව අනන්‍යය සංස්කෘතිය විනිවිදමින් යන විට තවදුරටත් වලංගු නොවන බව අප අත්විදිමින් සිටිමු.
www.digilk.com

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...