Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්නන් බිලියන දෙකක් පමන සදහා default authentication method එක ලෙසට සුපුරුදු passwords වලින් passkeys වලට ගෙන ගොස් තිබෙනවා.එසේම third-party apps වලට ද නව ප්‍රවනතාවය සදහා අනුගත වන්නට මේ වන විට දින නියම කරන්නටද කටයුතු කර තිබෙනවා. FBI ආයතනය පසුගිය දා වාර්ථා කර සිටියේ පසුගිය වසරේදී සයිබර් අනතුරු 33% කින් ඉහල ගොස් ඇති බවයි. සයිබර් අපරාධ කරුවන් අතර ද AI ප්‍රවනතාවය මහත් සේ ජනප්‍රිය වී ඇති අතර AI සහයෙන් වඩාත් ඉක්මන් හා ඉලක්ක සහගත පහර දීම සරල බවට පත් වෙමින් ඇති බවට වාර්ථා වනවා. මේ අතර Google හදාරන්නන් පවසන්නේ නව පරපුර සාම්ප්‍රධයික අවසර පද වෙනු වට biometric authentication වලට වඩාත් ප්‍රියතාවයක් දැක්වීම වඩාත් දකින්නට හැකි බවයි.
Pubudu Siriwansa
Pubudu Siriwansa