2011-02-22

තද හිරුරශ්මිය ඉදිරියේ වියැකී යන පිනි බිදක්සේ ජීවත් නිදහස් වන බවත්.........

ආශ්‍රමයේ සැදැසමාලෝචන ‍රැස්වීම් සමහර දිනවල අපූරු අදහස් උදහස් අසන්නට ලැබෙන තැනක් බවට පත්වෙයි. ඉතා මැතකදී අපහා එක්වූ චීන ජාතික මහත්මයෙක් එක් වරම නැගී සිට කීවේ තමන්ගේ මනස හිස් කිරීම දැන් නම් බොහෝ දුරට සාර්තක බවකි. තමන් වේගයෙන් දහමේ උසස් තත්වයන් කරා ලගා වෙමින් පවතින බව හොදින්ම දැනෙන බවකි. ඉතා අවදානයෙන් ඔහුගේ මුහුනුවර දෙස බලන අපට එක්වරම මොනතරම් පීඩාවකින් ඔහු පෙලෙමින් සිටින්නේදැයි වටහා ගත හැකිය. ලොකු ස්වාමීන් වහන්සේ කිසිදිනක අනිකුන් ඉදිරියේ තවකෙකුගේ අපසසුතාවයට පත්විය හැකි  ආකාරයේ ප්‍රශ්නවලදී දිගින් දිගටම කතා නොකලාය. ප්‍රධාන හමුව අවසානයේ තමන් හමුවන්නට ඔහුට ආරාධනා කලාය.පසු දිනක සැදැසමාලෝචන ‍රැස්වීමකදී අර මහතගේ අවසරය ඇතිව නැවතත් අර ප්‍රශ්නය මතුකරාය. මනස පුරවන්නට වත් හිස් කරන්නටවත් දේවල් දහම තුල නැති බවක් පැහැදිලි තේරුම් ගැනීමතුල සියල්ල තද හිරුරශ්මිය ඉදිරියේ වියැකී යන පිනි බිදක්සේ ජීවත් නිදහස් වන බවත් අපට පැහැදිලි කර දුන්නාය.

2011-02-06

ඔවැනි සම්පත් යනු මේ සරල සැහැල්ලු අපුරු සතුටින් පිරුනු ජීවිතයට මහත් බාදයක්

මා මෙහි එන්නටපෙර ආශ්‍රමවාසීවසිට සමුගෙන ගොස් තිබූ  අප්‍රිකානු ජාතික ධනවත් මහත්මයෙකු නැවත පැමින සිටියේ අධිසුපෝඛභෝගී ,නගරයට ආසන්නයෙන් ඉදිකල විශාල බලකො‍ටුවක් වැනි  විහාරස්ථානයක්, අධිසුපෝඛභෝගී වාහනයක් ඇතුලු බෝහෝ පූජා භාන්ඩ ලොකු ස්වාමීන් වහන්සේට පූජා කිරීම සදහායි. පෙරකී මහත්මයාගේ  අදහස සාමදානව ඇහුම් කන්දුන්  උන් වහන්සේ මද සිනාවක් පාමින් මෙසේ කිවාය. කුඩා කල මා ඉතා දුප්පත් අයෙක් උනා. ඉතා අපහසුවෙන් ඉගනගෙන යහපත් ‍රැකියාවක් කරමින් හොදින් උපයා සුපිරි ජීවිතයක් ගත කලා. ඉන් පසුව ඊටත් වඩා වඩා සතුටක් ජීවිතය තුල ඇති බව තේරුම් ගිය බැවින් ඒ ජීවිතයට බාදකයක් වන නිසා පෙර කී සියලු දේ අත්හැර දැම්මා. මට දැන් ඔවැනි සම්පත් යනු මේ සරල සැහැල්ලු අපුරු සතුටින් පිරුනු ජීවිතයට මහත් බාදයක් මිසක පෙර පින් මහිමයෙන් පහලවූ සම්පත් නොවේ." පෙරකී ධනවත් මහත්මයා ආශ්‍රමයෙන් පිටව යන දිනයේ ගබඩා භාරකරුට පවසා ගොස් තිබුනේ තමුන් මෙහි ගතකල මාසගනනක කාලයේදීට වඩා යමක් පෙර දින හමුවේදී වැටහුනු බවයි.

මෙම දහම ඔබ විදිනා සතුටට වඩාවූ මහත් සතුටක් අත්පත් කර ගැනීම සදහා ඇති මාවතක් පමනී.

වරක් අප සමග ඇමෙරිකානු ජාතික තරුන මහත්මයෙකු එක්විය. තම පෙම් වතිය හැරගිය සොවින් ඔහු ඉතා පීඩිතව සිටියාය. ඔහුට ජීවිතය ගැන කලකිරී සිටින බවක් අපට දැක ගත හැකිවිය.දිනක් සැදැසමාලොචන ‍රැස්වීමේදී තම පීඩිත  බව වචනයට පෙරලන්නට විය. අවසානයේ ලොකු ස්වාමීන් වහන්සේ මහත්කරුනාවෙන් මෙසේ කීවාය."මෙම දහම දුකට පත්වූවන් සදහා නොවේ.පීඩිතයන්ට තම පීඩාව සගවා ගැනීම සදහා භාවිතා කලහැකි කඩතුරාවක්ද නොවේ එය. මෙය දැනට ඔබ විදිනා සතුටට වඩාවූ මහත් සතුටක් අත්පත් කර ගැනීම සදහා ඇති මාවතක් පමනී. ඔබ ලෝකය ගැන හෝ ජීවිතය ගැන කලකිරී ඇතිනම්, ඔබට  පුහුනුවක් ලත් උපදේශකයෙකුගේ සහය ලබා ගත යුතුයි.  ඔබට සාමාන්‍ය ජීවිතයේ විදගන්නට බැරිවූ භෞතික සැප සම්පත්නම් මෙහෙදී  ඔබ සොයන්නේ, ඔබ වැරදිතැනකට ගොඩවී ඇතිබව තේරුම් ගත යුතුයි.  "

2011-02-05

දිව්‍යලොව සංකල්පය මා විද ඇති එකකැයි අදත්මා විස්වාස කරනුයේ.............

සීතල පිනිකැට විසිරුනු සක්මන් මලුව මත උදැසන සක්මන මුලු සිරුරම  ප්‍රබෝධය කරා වදිකරවයි.ප්‍රබෝධයෙන් හඩතලන  නෙක සියතුන්ගේ හඩ, ප්‍රානයෙන් පිරුනු අවට ගස් වැල්, දෙසවන් දෙනෙත් අපූරු සතුටකින් පුරවාලයි.නිතැතින්ම සිත ඇදෙන්නේ මීට බොහෝ කලකට පෙර ඉන්දියාවේදී ලත් ගැබුරු රාගධාරී සංගීතයේ අපූරු අත්දැකීමටයි. සෑම උදැසනකම සංගීත ආශ්‍රමය ඉදිරියෙන් වූ විශාල නුගගස පාමුල  අපව මැදිකොට අසුන් ගන්නා ගුරුතුමා හා අනු ගුරුතුමන් ඉන්දියානු සංගීතයේ එන රාගදාරී සංගීත කාංඩයන් වාදනය කරයි. බට නලාවත් තබ්ලාවත් සංකලනයෙන් ඉපදෙන ශාන්තිමත් නමුත් ගැබුරු හඩවල් අප වචනයෙන් විස්තර කල නොහැකි  අපූරු  ලොවකට ‍රැගෙන යන්නේ නිරාසයෙනි.දිව්‍යලොව සංකල්පය මා විද ඇති එකකැයි අදත්මා විස්වාස කරනුයේ ඒ අත්දැකීම් නිසා වෙනි.

ඔස්ට්‍රේලියානු ජාතික කථිකාචාර්යවරයෙකු..........

අප සමග වසර දෙකකට අදික කාලයක් ආශ්‍රමයේ ගතකල ඔස්ට්‍රේලියානු ජාතික කථිකාචාර්යවරයෙකු වහ වහා තම නිවස කරා යාමට සූදානම් වෙමින් සිටී. ආශරමය වෙත පැමිනි අමුත්තෙකුගෙන් තම රටේ ස්වාභාවික වියසනයක් ඇතිවී ඇතිබව දැන ගත් මොහොතේ සිට දැඩි නොසන්සුන් බවකට පත්ව සිටි ඔහු පුරා දිනකට ආසන්න කාලයක් ගෙවමින් පාගමනින් ආසන්නම නගරය වෙතගොස් වැඩිවිස්තර සොයාගෙන පැමිනෙන විටම අප දු‍ටුවේ දැඩි කම්පනයකට පත්ව ඇති බවකි. සැදැ සමාලොචන  හමුවේදී ඔහු පැවසුවේ බැදීම කොයිතරම් ගැබුරුදැයි ප්‍රතම වතාවට ඉතා හොදින් තමන් සපත කරගත් බවයි.ලොකු ස්වාමීන්වහන්සේ පැවසුවේ "කරුනාකර ඔබේ බැදීම් සමග ගැ‍ටුම් ඇති නොකර ගන්න.ඒවාට රිසිසේ ක්‍රියාත්මක වන්නට ඉඩ දෙන්න.නමුත් ඔබ මෙතෙක් කල් ප්‍රගුන කල මනස යොදා ගනිමින් ඔබව වටහා ගන්න"කියා පමනී.

Cyber Attacks නිරන්තරයෙන් සූදානමින් ..

බොහෝ සයිබර් අනතුරු වල පදනම වන්නේ ඔබගේ නොසලකා හැරීම් හා අතපසු කිරීම් බවටයි හදාරන්නන්ගේ ප්‍රමුක මතයක් වන්නේ. ඔබගේ හෝ ආයතනයේ අවශ්‍ය තාක්ෂණික පහ...