2012-07-26

පරිගණක තිරයට ලොක් එකක්.......

තවදුරටත් පරිගනකය බොහෝ භාවිතාකරන්නන්හට දෛනික ජීවිතයට අදාලවන තවත් එක් උපකරනයක් වනවාට වඩා ජීවිතයට බෙහෙවින් සමීපවී හමාරය. විටක රාජකාරී ජීවිතයට මෙන්ම පෞද්ගලික ජීවිතයේ ද අතිශය වැදගත් උපකරනයක් ලෙස බොහෝ දත්තයන් සමග නිරන්තරයෙන් පරිගණකය භාවිතකරන්නා සමග ‍රැදී සි‍ටුනු දැකීම සුලබ කාරනයක් වි ඇත.
                  පරිගණකය වෙත මෙලෙස බොහෝ බරපතල වටිනාකමක් ලැබෙන විට තවත් දෙසකින් එලවන අභියෝගය වන්නේ එහි ආරක්ශාවයි. හදාරන්නන්ට අනුව වේගයෙන් සයිබර් අපරාධ කරුවන්ගේ ක්‍රියා ඉහල යමින් පැවතීම මේ බවට හොදම උදාහරනයකි.
                     පහත දැක්වෙන මෘදුකාංගය මෙලෙස ඔබගේ තොරතුරු අන් අයෙකු අතට පත්වීමට ඇති එක් අවස්ථාවක් සදහා ඔබට ‍රැකවරනය සැලසිමට සූදානමින් සිටින බවටයි පවසන්නේ.එනම් ඔබ පරිගණකය ක්‍රියාත්මකව තබා මදකට ඉවත්වූ අවස්තාවකදී තවකෙකුට පරිගණකය තුලට පිවිස ඔබගේ තොරතුරු පැහැර ගැනීම වැලකීමට සමත්වන සේ ස්ක්‍රීනය ලොක්කර තබන්නට කටයුතු කරන බවටයි සටහන් වන්නේ.එපමක් නොව එසේ ලොක් කරතැබීම එම පරිගණකය භාවිතයට අදාලවන ඔබගේ පවුලේ හිතවතුන් වැනි විස්වාසනිය අයවලුන්ට කරදරයක් නොවන සේ අමතර අවසර පද නීර්මානය කරගන්නටද මෙම මෘදුකාංගය ඔබට සහයවන බව පවසා සිටිනවා. නොමිළේ භාවිතකලහැකි මෙම මෘදුකාංගය භාවිතාව සදහා එම වෙබ් අඩවියේ ලියාපදිංචිය අවශ්‍ය වනවා ඇත.

http://www.securemyscreen.co.uk/

සයිබර් අපරාධ පුවත්......

සුපුරුදු පරිදි මෙවරද ඔලිම්පික් උනුසුමත් සමග සයිබර් අපරාධ කරුවන්  එම නාමය යොදා ගනිමින් තම සයිබර් අපරාධ සදහා භාවිතාකරන්නන් පොලබවා ගැනීම ආරම්භකර  ඇති බවටයි සටන් වන්නේ. එම විදික් ක්‍රම අතර ඉහලින්ම ක්‍රියාත්මකවන පොලබවා ගැනීමේ උත්සාහයක් ලෙසට ඔබ වෙත යොමුවන ඊමේලකින් පැවසෙන්නේ ඔලිම්පික් ප්‍රවර්ධන වැඩසටහනක් යටතේ විශාලමුදල් ප්‍රමානයක් දිනා ඇති බවත් එම මුදල් ඔබ වෙත යොමු කිරීම සදහා සේවා ගන අස්තුවක් එවන ලෙසත්ය.මෙවන් ඊමේලයන් වෙත කල්පනා කාරීව කටයුතු කරන මෙන් ප්‍රකට ආරක්සක මෘදුකාංග සමාගමක් ප්‍රකාශ කොට සිටිනවා.
                           බැංකු ගිනුම් අතරට පිවිස මුදල් සොරා ගැනීම ඉලක්ක කොට නිර්මනය කර ඇති ට්‍රොජනයක්  පිලිබදව අනතුරු අගවන පුවතකට අනූව කියවෙන්නේ භාවිතාකරුවන් වෙත එවනු ලබන ඉමේලයක් මගින් ඔවුන්ගේ බැංකු ගිනුම් ෆේස්බුක් හා ජීමේල් වෙත සම්බන්ද කරන ලෙසට පොලබවන්න ආතර එමගින් පහසුවෙන් ඔබගේ නයවර පත තුලින් සයිබර් මිලදීම් ගැනීම් වලදී මුදල් ගෙවීම් කලහැකි වන බවයි. හදාරන්නන් පවසන්නේ මෙසේ එම ගිනුම් තුලට ඇතුල්වන වහාම ඔබගේ තොරතුරු ලබාගන්නට අපරාධ කරුවන් කටයුතු කරන මුත් එවැනි සේවාවක් නම් ඔබට නොලැබෙනු ඇති බවයි.

2012 මුල් මාස තුන තුල සයිබර් තොරතුරු සොරාගැනීම් මිලියන 12ක්.....

සයිබර් අපරාධ කරුවන් විසින් මෙම වසරේ පලමු මසය තුල භාවිතාකරන්නන් මිලියන 12ක ගේ පෞද්ගලික දත්ත සොරා ගෙන භාහිර පාර්ශව වෙත විකුනා ඇති බවටයි තොරතුරු පවසන්නේ.මෙම සංක්‍යාව 2010 වසර හා සැලකීමේදී සියයට 300 වැඩිවීමක් ලෙසට පැවසෙනවා. හදාරන්නන්ට අනූව  භාවිතාකරන්නන් සයිබර් අපරාධ කරුවන්ට ගොදුරුවීම වේගයෙන් ඉහල යමින් පවතින බවයි සටහන් වන්නේ.
                                        ඔවුන් පවසන්නේ භාවිතා නොකරන ගිනුම්වසානොදැමීම.එකම අවසර පදය ගිනුම් කිහිපයක් සදහා භාවිතාකිරීම , සරල අවසරපද භාවිතය මෙම  තත්වය සදහා ප්‍රධානතම හේතු ලෙසට බලපාන බවයි. සමාන්‍යයෙන්  එක් භාවිතාකරනෙන්ක් අන්තර්ජාලය තුලදී ගිනුම් 26 පමන භාවිතාකරන මුත් මේ සියල්ල සදහා අවසර පද භාවිතය 5කට සිමාවන බවයි හදාරන්නන්ගේ සංක්‍යා ලේඛන පවසන්නේ.

යු ටියුබ් වෙතත් භාවිතකරුගේ සැබෑ නාමය උවමනා වේ.....

පලවන නවතම පුවතකට අනූව පැවසෙන්නේ ප්‍රකට යු ටියුබ් අඩවිය වෙතට  භාවිතාකරන්නන් තබන සටහන් සදහා ඔවුන්ගේ සැබෑ නාමයන් සටහන් කරවන්නට පෙලබවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බවටයි.මේ අනූව අමුත්තෙකු යම් යු ටියුබ් වීඩීයෝවක් සදහා තම අදහසක් තබන්නට සැරසෙන විට දිගහැරෙන කවුලුවක් තුලින් ඔහුගේ සැබෑ නාමය ඉල්ලා සිටින අතර ගුගල් ප්ලස් සමග එය සම්බන්දවන බවටයි කියවෙන්නේ.යමෙක් තම සැබෑ නාමය සටහන් කිරීම ප්‍රතික්ෂේප කරන්නේනම් දිගහැරෙන වෙනත් කවුලුවක් තුලින් ඒසදහා ගූගල් ආයතනය යෝජනා කරන හේතු කීහිපයක් අතරින් එකක් තොරා ගැනීමට පොලබවයි.

2012-07-21

මොකක්ද මේ "ඇන්ඩ්‍රොයිඩ්"

සෑම මෙහෙයුම් පද්ධතියකටම පදනම් කරගන්නා පදනමට කර්නලය යැයි කියනු ලැබේ. විවිධ මෙහෙයුම් පද්ධතිවල අන්‍යතාවය නිර්මානය වන්නේ මෙම කර්නලයේ සිටයැයි පැවසේ. ලිනක්ස් යනු විවෘත මෘදුකාංග මෙහෙයුම් පද්ධතියකි.එහි පදනමට ලිනක්ස් කර්නලය ලෙස හදුන්වයි. ඇන්ඩ්‍රොයිඩ් යනු ඉහතකී ලිනක්ස් කර්නලය මත ගොඩනංවන ලද ස්මාර්ට් ෆෝන් හා ටැබ්ලට් පරිගණක වැනි ජංගම උපකරන ඉලක්ක කරගෙන නිර්මානය කර ඇති මෙහෙයුම් පද්ධතියකි.ගූගල් ආයතනයේ මූල්‍ය සහය මත ක්‍රියාත්මක වන මෙම මෘදුකාංග ව්‍යාපෘතිය මෘදුකාංග සංවර්ධකයින් රාශියකගේ එකමුතුවක් ලෙස හැදින්වේ.
                                                                                මෙම මෙහෙයුම් මෘදුකාංගය භාවිතාකරන්නන්ගේ උපකරන වලට අමතර මෘදුකාංග හැකියාවන් ලබා ගැනීම සදහා ගූගල් මූලිකත්වයෙන් ඇප්ස් ස්ටෝර් එකක්  ක්‍රියාත්මක වන අතර එහි විවිධ ඇප්ස් වර්ග 600000 වඩා අධික ප්‍රමානයක් ඇති බවටයි පැවසෙනේ.ලොව වටා සිටින ඇන්ඩ්‍රොයිඩ් භාවිතාකරන්නන්  විසින් මේ වන විට එම ඇප්ස් ස්ටෝර් වෙතින් බාගත කිරීම් බිලියන 20 කට අදික ප්‍රමානයක් සිදුකරගෙන ඇති බවටයි වර්ථා වන්නේ.
                                                           2010 අවසාන භාගය වන විට ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් දුරකථන අතර භාවිතාවන ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය ලෙසට පිලිගැනෙන අතර 2012 මුල් කාර්තුව අවසාන විට එය සියයට 59 ලෙසට සටහන් වනවා.2012 මුල්භාගයේදී මිලියන 400 ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සංක්‍රිය කරගත් උපකරන ප්‍රමානයක් ගැන වාර්ථාවන අතර දිනකට මිලියනයකට අධික ඇන්ඩ්‍රොයිඩ් උපකරන සංක්‍රිය වෙමින් පවතින බවයි සටහන් වන්නේ.

2012-07-20

ෆයර් ෆොක්ස් 15 බීටාව නිකුත්වේ......

ෆයර් ෆොක්ස් 14 අවසන් සංස්කරනය නිකුත්වී දිනකිහිපයක් ගතව යන අතර පලවන නවතම පුවතකට අනූව පැවසෙන්නේ ෆයර්ෆොක්ස් 15 සංස්කරනයේ බීටාව නිකුත්කර ඇති බවයි. එලබෙන අගෝස්තු 28 වන විට මෙහි අවසන් සංස්කරන නිකුතුවට දින නියම කර ඇති අතර මෙම සංස්කරනය සමග නවාංග කිහිපයක් පැමිනෙන බවටයි පවසා සිටින්නේ. එම සංවාංග පිලිබද විස්තර මෙන්ම එම බීටා සංස්කරනය බාගත කරගැනීමේ හැකියාව පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔබටත් ලබාගත හැකි වනු ඇත.
http://www.mozilla.org/en-US/firefox/15.0beta/releasenotes/

වඩාත් විදිමත් පරිගණක තොරතුරු අඩවියක් සදහා ඔබගේ සහය අවශ්‍යවී ඇත.


දැනට තනි පුද්ගලයෙකු විසින් පරිගණක ලොව නෙක විසිතුරු ගැන ඇති කැමැත්ත නිසාම පවත්වාගෙන යනු ලබන මෙම බ්ලොග් අඩවිය වඩාත් විදිමත් හා සවිස්තරාත්මක තොරතුරු වලින් පිරුනු පරිගණක  තොරතුරු අඩවියක් ලෙස වර්ධනය කර ගැනීම සදහා සහය දැක්වීමට ඔබත් කැමත්තේනම් පහත දැක්වෙන මාර්ග ඔස්සේ සම්බන්ද වන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

+94362233741
siriwansa[at]gmail.com.




යාවත්කාලීනයන් පාලනයට මෘදුකාංගයක්.........


පරිගණකය මතට ස්ථාපනයවන මෘදුකාංග වැඩිවනවිට පරිගණකය මත කාර්ය බහුලවන තවත් කාරනාවක් වන්නේ ඒවායේ යාවත්කාලීනයන් ලබා ගැනීමයි. බොහෝ මෘදුකාංග සදහා යාවත්කාලීනයන් ස්වංක්‍රීයව ලබාගන්නට සැකසුම් වන නිසා විටක පරිගණකයේ වේගය කෙරෙහි පවා මෙම තත්වය බලපානු ඇත.
                           දැනට භාවිතාවන සියලුම මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති සමග සහයෝගයෙන් කටයුතු කරන්නට සමත් වන මෙම මෘදුකාංගය ඉහතකි මෘදුකාංග අතරින් යාවත්කාලීනයන් ලබා ගතයුතු හා ලබා නොගත යුතු මෘදුකාංග පිලිබදව තීර්නය කිරීමේ හැකියාව ඔබවෙත ලබ දෙනු ඇත.පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් මෙම මෘදුකාංගය පිලිබද වැඩිදුර තොරතුරු මෙන්ම එම මෘදුකාංගය බාගත කිරීමේ හැකියාවද ඔබට ලබා ගත හැකි වනු ඇත.

http://www.updatefreezer.org/

2012-07-19

චීන අන්තර්ජාල භාවිතය මිලියන 538යි.


චීන අන්තර්ජාල භාවිතය මිලියන 538 ලෙසට නවතම වාර්ථා පවසනවා. පසුගිය ජුනි මස අවසානය වන විට මෙම සංක්‍යාව වාර්ථාවී ඇති බවට පවසන එම වාර්ථාව වැඩිදුරටත් පවසන්නේ එරට ජනංප්‍රියතම අන්තර්ජාලය ඝාවිතාකරන උපකරනය ලෙසට ජංගම දුරකථනය බවයි.මෙම නවතම ගනනයන් සමග චීන ජනගහනයට අනූව එරට අන්තර්ජාල භාවිතය සියයට 39.9 ලෙසට සටහන් වන අතර එය ඇමරිකානු අන්තර්ජාලභාවිතය වන සියයට 77.3 හා සසදන විත තවමත් පහල අගයක්  ලෙසටයි සටහන් වන්නේ.
         පසුගිය හය මාසය සලකන විට චීනය තුල නව අන්තර්ජාල සබදතා මිලියන 24.5 දක්නට ලැබුනද පසුගිය වසරවල් හා සැසදීමේදී අඩු වර්ධන වේගයක් ලෙසටයි සටහන් වන්නේ. එම සටහන් පවසන්නේ පසුගියකාලයේ සිදුවූ ගනනයකට සහභාගී වූවන්ගෙන් සියයට 54.8 තවමත් අන්තර්ජාල භාවිතය තබා එය කුමන ආකාරයේ දෙයක්දැයි පිලිබදව වත් හැගීමකින් තොර බවයි.
               මාස හයකට පෙර මිලියන 33ක්ව පැවති  මොබයිල් අන්තර්ජාල භාවිතය මිලියන 388 ලෙසට සටහන් වීම පි‍ටුපස අඩුමිල ගනන්වල මොබයිල් දුරකථන වැඩි වැඩියෙන් අන්තර්ජාල භාවිතයට පැමිනීම ලෙසට සටහන් වන අතර මුල් වරට එරට ඩෙස්ටොප් පරිගණක මූලික අන්තර්ජ්ල භාවිතය මෙම නව ගනනයන් සමග ඉක්මවා යන බවත් මේ වන විට එරට ඩෙස්ටොප් මූලික පරිගණකක භාවිතය මිලියන 380 ලෙසට සටහන් වන බවටත් පැවසෙනවා.

තප්පරයකට ගිගාබිට් එකක බ්‍රෝඩ්බෑන්ඩ් සබදතාවක්!!!



ගූගල් ආයතනය 2010දී පමන ප්‍රකාශකර සිටියේ ෆයිබර්මය සබදතා ඔස්සේ යාවන වඩාත්වේගවත් අන්තර්ජාල සබදතා පිලිබදව තමන්ගේ අවදානය යොමුවී ඇති බවයි. ඉන්පසුව මෙම වසරේ ෆෙබරිවාරියේ පැවසුවේ තප්පරයකට ගිගාබිට් එකක වේගයක්සහිත බ්‍රෝඩ්බෑන්ඩ් සබදතාවයන් ඇමරිකානු නගර කිහිපයක්  වෙතට ලබා දීමේ ව්‍යාපෘතිය තමන් ඇරබූ බවයි.නවතම පුවතකින් පැවසෙන්නේ එලබෙන ජූලි මස 26 සිට Kansas නගරය වෙත එම සබදතාවය ලබා දීමට තමන් සූදානම් බවයි. ඔවුන් පවසන්නේ සාමාන්‍යයෙන් ඇමරිකානුවන් භුක්තිවිදිමින් සිටින  අන්තර්ජාල සබදතා වේගය හා සැලකීමේදී සියගුනයක වේගයක් සහිත බ්‍රෝඩ්බෑන්ඩ් සබදතාවයක් ලබාදීම තම අරමුන බවයි.

වින්ඩෝස් 8 ඔක්තෝබර් 26 නිකුත්වේ.....

මයික්‍රසොෆ්ට් ආයතනය පවසනවා වින්ඩෝස්8 අවසාන සංස්කරනයේ නිල නිකුත්වීමේ දිනය ඔක්තෝබර් 26 බව. මෙම දිනය නව සංස්කරනයක් ලෙසට මෙන්ම උස්තල ගන්වන්නන්ටද අදාලවන බව පවසන ආයතනය එක්ස්.පී වලසිට ඉහල සියලුම සංස්කරන සදහා ඇමරිකානු ඩොලර් 40 ගාස්තුවක් යටතේ වින්ඩෝස්8 දක්වා උස්තල ගැනිවීමේ හැකියාව ජනවාරි 31 දක්වා වන බවටත් පවසා සිටිනවා.මයික්‍රසොෆ්ට් ආයතනය මෑතකදී හදුන්වාදුන් ටැබ්ලට් උපකරනයද මෙදිනට  වෙළද පොලට නිකුත් වනු ඇති බවටත් බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා.
                       ස්පර්ශක තිර මූලික ටැබ්ලට් උපකරන වෙත වැඩි මිත්‍රත්වයක් දක්වන මෙට්‍රො මුහුනත  මූලික මෙම නව මෙහෙයුම් පද්ධතිය පරිගණකක උපාංග නිෂ්පාදකයින් හරහා පමනක් මිලදී ගැනීමට සිදුවනු ඇතැයි දැනට පැවසෙන මුත් තවමත් එහි මිල පිලිබදව කිසිදු අදහසක් පලවී නැති  බවටයි සටහන් වන්නේ.

2012-07-18

ජපානයෙන් "කෘෂි දත්ත වලාවක්"......


ෆුජිට්සු ආයතනයෙන් පැවසෙන්නේ ජපානය පුරා පැතිර ඇති කෘෂිගොවිපලවල් වල පසේ උෂ්නත්වය , ආද්‍රතාවය ,  වැසිතත්වය වැනි බොහෝ වැදගත් දත්තයන් අදාල අයට පහසුවෙන් භාවිතාකිරීමට ඉඩ සලසමින් "කෘෂි දත්ත වලාවක්" එලබෙන ඔක්තෝබරයේ සිට දියත්කිරීමට  කටයුතු සූදානම් වෙමින් පවතින බවයි. එම ආයතනය පවසනවා කෘෂිකර්මාන්තය හා සම්බන්ද වගා කරුවන් , භෝග අලවිසැල් කරුවන් , අවන්හල් වැනි එම විෂය හා සම්බන්දිත සියල්ලන්හටම මෙම නව සේවාව  වැදගත් වනු ඇති බවය.
                                          ෆුජිට්සු ආයතනය පවසන්නේ එරට කෘෂිවගා කර්මාන්තය හා සම්බන්දිත පිරිසෙන්  සියයට 60 පමන වයසින් 65 ඉක්මවා ඇති සරල ගනනයන් සදහා පමනක් තාක්ශනය යොදා ගන්නා පිරිසක් වන මුත් ඉතා ඉක්මනින්  මෙම නවසේවාව සමග ලැබෙන ප්‍රථිලාබයන් සමග එක්වෙනු ඇති බවත් දැනට ඉලක්ක ගතකර ඇති වසර 2016 මාර්තු වන විට මෙම සේවාව සමග ගනුදෙනු කරුවන් 200000 ක ඉලක්කය සාර්ථක කර ගත හැකි වනු ඇති බවත්ය. ෆුජිට්සු ආයතනය පවසන්නේ මෙම සැලසුම වසර 3ක හැදෑරීමකින් අනතුරුව දියත්කර ඇති බවයි.

2012-07-17

ඔෆීස් 2013 වින්7 හා 8 වලට සීමා වේ...


පසුගියදා සෙන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවති හමුවකදී මයික්‍රසොෆ්ට් ආයතනයේ මීලග ඔෆීස් සංස්කරනය එලිදක්වනු ලැබුවා. ස්පර්ශක තිර භාවිතාවට සහය සංස්කරනයක් ලෙස පැවසෙන මෙම සංස්කරනය වින්ඩෝස් 7 හා වින්ඩෝස් 8 සමග පමනක් සහයදක්වන්නට නියමිත බවටයි තොරතුරු පලවන්නේ.
                                            තවමත් බීටා සංස්කරනයක් ලෙසට පවතින මෙම මෘදුකාංගය ක්ලවුඩ් තාක්ශනය සමග හිත මිතුරු කමින් වැඩි සංස්කරනයක් ලෙසට නම් වන අතර ස්ථාපනය සදහා වින් 7 හෝ 8 නැතිනම් වින්ඩෝස් සර්වර් 2008 හෝ ඉහල මෙහෙයුම් පද්ධතියක අවම අවශ්‍ය ඉඩප්‍රමානය ලෙස ගිගා බයිට 3.5ක ප්‍රමානවත් වනු ඇති බවටයි කියවෙන්නේ. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔෆීස් හි නව  බීටා සංස්කරනය ඕබටත් ලබා ගත හැකි වනු ඇත.

http://www.microsoft.com/en-us/download/details.aspx?id=30354&WT.mc_id=rss_office_allproducts

ස්කයිප් භාවිතාකරන්නන් වෙත අනතුරු ඇගවීමක්....


ස්කයිප් භාවිතාකරනන් අතරින් මෑත යාවත්කාලීනයන් ලබා ගත් අයවලුන් වෙත ස්කයිප් වෙතින්   නිකුත්වන පනිවිඩයකින් කියවෙන්නේ එහි ක්ශනික පනිවිඩ සේවාව මතට පැමිනෙනට ඉඩ ඇති මෘදුකාංගමය දෝශයක් නිසා එක් සම්බදතාවයකට යොමුකරන පනිවිඬයක් වෙනත් සබදතාවයක් වෙත යොමුවීමේ අනතුරක් පවතින්නට ඉඩ ඇති බවයි.
                                                      මුලින්ම භාවිතාකරන්නෙකු විසින් තම ස්කයිප් සබදතා අතර යොමුකරන ලබන පනිවිඩවල අක්‍රමතා දක්නට ලැබෙන බවට ස්කයිප් භාවිතාකරන්නන්ගේ වෙබ් අඩවියක් වෙත හෙලිකරනු ලද අතර මේ වන විට ආයතනය පවසන්නේ ගැටලුව නිරාකරනය සදහා කටයුතුසිදුවෙමින් ඇති බවත් මෙම ගැටලුවට  මුහුන පාන්නට සිදුවූ භාවිතාකරන්නන් ප්‍රමානය ගැන තවමත් නිශ්චිත නැති බවත්ය. 2011 වසරේදී ස්කයිප් සේවාව මයික්‍රසොෆ්ට් සමාගම විසින් ඩොලර් බිලියන 8.5 කට මිලට ගන්නා ලදී.

පැන්ඩා ක්ලවුඩ් නවතම සංස්කරනයක් නිකුත්වේ.....


ක්ලවුඩ් තාක්ශනය පදනම්ව ක්‍රියාත්මක වන ආරකශක මෘදුකාංගයක් ලෙස පැන්ඩා ක්ල්වුඩ් ඇන්ටි වෛරස් මෘදුකාගය ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගමක ඉදිරිපත් කිරීමකි. සාමාන්‍යයෙන් ආරක්ශක මෘදුකාංගයක හානිකරයන් හදුනාගැනීමට අදාලවන දත්ත ගබඩාව පවතින්නේ පරිගනකයේ වුවත් ක්ලවුඩ් ආකාරයේ සර්වරයක පවතින දත්ත ගබඩාවක් මත ක්‍රියාත්මක වෙමින් පරිගණකය මතට අඩු වෙහෙසක් දෙමින් ක්‍රියාත්මක වීම පමනක් නොව ආක්‍රමනය වෙමින් පවතින හානිකරයන් තම ඉලක්කය සාර්තක කරගැනීම සදහා අනුගමය කරනු ලබන ක්‍රමවේදයන් කිහිපයක්ම මගහරින්නට සමත් වන සරල හා සැහැල්ලු ආරක්ශක මෘදුකංගයක් ලෙස ප්‍රකට මෘදුකාංගයකි මෙය.
           එහි නවතම සංස්කරනය පිලිබදව ආයතනය පවසන්නේ වැඩි වේගයක් වින්ඩෝස් 8 සමග සාර්තකව ක්‍රියාත්මකවීම මෙන්ම පෙර සංස්කරනයේදී මුදල් ගෙවා භාවිතකල යුතු සංකරනයට අයත් පහසුකම් කිහිපයක්ද ‍රැගෙන පැමින ඇති පැන්ඩා ක්ලවුඩ් ඇන්ටි වෛරස් මෘදුකාගය භාවිතාකරන්නාවෙත හොද සහයක් දෙනු ඇති බවකි.පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසිමෙන් වැඩිදුර විස්තර මෙන්ම එම මෘදුකාංගය බාගත කරගැනීමේ අවස්ථාවද ලැබෙනු ඇත.
http://www.cloudantivirus.com/en/forHome/

2012-07-16

පරිගණකය ආසාධිත දැයි සැක සහිත නම්?????



සමහර විටක දැනටමත් ඔබේ පරිගණකය ආසාධිත මට්ටමක පවතිනවා යැයි සැකයක් පවතිනවා වන්නට පුලුවන. එහෙත් පරිගණකයේ ආරක්ශක මෘදුකාංගය පවසන්වා ඇත්තේ එසේ නොව පරිගණකය ඉතා නිරෝගී තත්වයක පවතින බව වෙන්නට පුලුවන. මෙවන් අවස්ථාවකදී ඔබගේ සහයට පැමිනෙනට සුදානමින් සිටින මෘදුකාංගයකට සබැදියාවකි පහත දක්වා ඇත්තේ.
                          වඩාත් සැක සහිත කොටස් වෙන වෙනම පිරික්සන්නටත් හානිකර බව හදුනා ගන්නා කොටස් සදහා ගත යුතු පියවරයන් කිහිපයක් අතරින් ඔබ කැමති  තීර්නයක් ‍තෝරා ගන්නට හා ඒ සම්බන්දයෙන් මෙම මෘදුකාංගයෙන් සහයක් ලබා ගන්නටත් හැකිවන අතර මෙම මෘදුකාංගය සමග ඉතා පහසුවෙන් ගොනු ඉවත්කල හැකි මුත් ඉතාකල්පනාකාරී වීම පරිගණකයේ යහ පැවැත්මට වැදගත් වන බවත් අවසන ලෙස මතක් කරනු කැමැත්තෙමි. 

http://www.freefixer.com/

පරිගණකයේ ආරක්ශාව ගැන ඔබ සැලකිලිමත්ද???

පරිගණකයේ ආරක්ශාව යනු ඉතාම වැදගත් සාධයකි. එම ආරක්ශාව මූලිකව දෙයාකාරව හදුනාගත හැක. ඒ භෞතිකව හා මෘදුකාංග ලෙසටයි. බොහෝ විට භෞතික මට්ටමේ ආරක්ශාව භාවිතාකරන්නෙකුගේ සාමාන්‍ය හොද සිහි බුද්ධිය මත සලසා ගතහැකි වනු ඇත. සොරසතුරෙකු අතට පත්වීම දුහුවිලි අධික ශීතල හා උනුසුම වැනි හානිකර ඒවා අතර වේ.
                      මෘදුකාංගමය අතින් පරිගණකයට සිදුවිය හැකි හානීන් ගෙන් පරිගණකය ‍රැක ගැනීම අද වන විට එතරම්ම අසීරු කරුනක් නොවන්නේ නොමිළේ භාවිතාකල හැකි ආරක්ශක මෘදුකාංග මෙන්ම ඒවා පිලිබද කරුනුද පහසුවෙන් ලබා හැනීමේ හැකියව ඇති බැවිනි. පසුගියදාක හදාරන්නන් කන්ඩායමක් පවසා සිටියේ බොහෝ පරිගණකමය අපරාධ පසුපස ඇත්තේ භාවිතාකරන්නන්ගේ නොසැලකිල්ල බවයි.
                                                            හදාරන්නන්ට අනූව ඒ.වී.ජී 2012 නොමිලේ ලබා දෙන ආරක්ශක මෘදුකාංගය මැල්වෙයාර් වලින් සියයට 98ක් සදහා ආරක්ශාව සලසන්නට සමත් බවයි පැවසෙන්නේ. ලින්ක් ස්කැනර් පරිගණකය අනාරක්ෂිත වෙබ් අඩවි සමග සම්බන්දවීම වලකන අතර ඔබගේ වෙබ් අඩවි අතර සැරීම අනවසරයෙන් හැදෑරීම වැලකීම මෙන්ම අනාරක්ශිත වයි.ෆයි. ජාලයන් සමග පරිගණකය ස්වක්‍රීයව සම්බන්දවීම වලකන උපාංග ආදියෙන් මෙම මෘදුකාංගය සමන් විත බවටයි ඔවුන් පවසන්නේ.
                                                            ෆයර් වෝලය අනෙත් වැදගත්ම ආරක්ශක සහයකයා වෙයි. ජාලමය සබදතා ඔස්සේ පැමින පරිගණකයට පිවිසෙන්නේට තැත් කරන අනවසර සබදතා වලකන ආරක්ශකයා ෆයර්වෝලයයි.පරිගණකය දෙසින් පිටතට අනවසරව ගමන් කරන්නට තැත්කරන සබදතාවයන්ද මෙම පාලනයට යටත් වේ. වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය සමගම ෆයර්වෝලයක් පැමිනෙන අතර එය "සිකියුරිටි සෙන්ටර්" ඔස්සේ ගොස් ක්‍රියාකාරී මට්ටමේ ඇත්දැයි සොය බලා ගැනීම හොද භාවිතාකරන්නෙකුගේ වගකීමක් වන අතර "සෝන් එලාම්" වැනි  නොමිලේ ලබාගතහැකි බාහිර ෆයර් වෝල මෘදුකාංගයක් සමග වැඩි ආරක්ශාවක් සලසා ගැනීම  වැදගත් විය හැකි බවටයි හදාරන්නන්ගේ  මතය වන්නේ.
                                                                   ඉතා සංවෙධී වෙගවත් උපකනයක් ලෙසට සැලකෙන පරිගණකය මත ට කොතරම් ආරක්ශක පියවරයන් කැදවා ගෙන සිටියද සිලු අතපසු වීමක් ඔස්සේ හානිකරයක් පැමිනීමේ අනතුර "බින්දුවක්" තත්වයට ගෙන ඒම අපහසු විය හැකි නිසාම හදාරන්නන් පවසන්නේ "රෙස්කියු" තැටියක් නිර්මානය කර තබා ගැනීම වැදගත් විය හැකි බවයි.ඒ වී ජී ඔස්සේ මෙම පහසුවද ලැබෙන අතර පද්ධතිය කඩා වැටීමකදී පෙර සකස් කරගත් මෙවන් තැටියක් මාර්ගයෙන් පරිගණකය නැවත අවදිකර ගැනීමේ හැකියාව ඔබ වෙත ලැබෙනු ඇත.
                                                                                         මීට අමතර පාස්වර්ඩ් නොහොත් අවසරපද නිවැරදිව තබා ගන්නට සහය වන මෘදුකාංග මෙන්ම කුඩා දරුවෙකුගේ ආරක්ශාව සදහා වැදගත් වන මෘදුකාංග බොහෝ විට නොමිළේම ලබා ගත හැකිවන අතර ඒවා යොදා ගනිමින් පරිගණකයේ ආරක්ශාව සලසා ගැනීම භාවිතාකරන්නෙකුගේ වගකීම බවටයි හදාරන්නන් පවසන්නේ.මෙම කාරනා සදහා වැදගත් වන තවත් විකල්ප මෘදුකාංග රාශියක් මෙම බ්ලොගයේ පැරනි පලකිරීම් අතරින් ඔබට සොයා ගැනීමට හැකි වනු ඇත.

http://free.avg.com/us-en/free-antivirus-download

http://www.avg.com/us-en/avg-rescue-cd

http://www.zonealarm.com/security/en/trialpay-za-signup.htm

2012-07-15

නිරෝගී පරිගණකයට සහය මෘදුකාංගයක්......

ඔවුන් පවසන්වා සමහර විටක ඔබ පුදුම කරවන ප්‍රමානයක "ඩුප්ලිකේට්" ගොනු ඔබේ පරිගණකය තුල පවතින බව. දෘඩ තැටියේ ඉඩ ඇහිරීමේ සිට විවිධ ආකාරයේ අපහසුකම් ඔබගේ පරිගණකයට ‍රැගෙන ඒමට සමත් මෙම අපිලිවල අවසන් කර පරිගණකය පිරිසිදු කර දෙන්නට සමත් මෙම මෘදුකාංගය ප්‍රමානයෙන් කුඩා හා නොමිළේ භාවිතාකල හැකි එකක් වීම ඔබට පහසුවක් වනු ඇත. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් එම මෘදුකාංගය පිලිබද වැඩි දුර විස්තර මෙන්ම එම මෘදුකාංගය බාගත කර ගැනීමේ හැකියාවද ඔබට ලැබෙන අතර නොමිළේ ලැබීම ඔනෑම මෘදුකාංගයක් පරිගණකය වෙත කැදවා ගෙන පරිගණකයට අනවශ්‍ය වෙහෙසක් ලබා දීමට හේතුවක්ද නොව්න බව මතක්කර දෙනු කැමැත්තෙමි.

http://duplicatecleaner.com/

2012-07-14

දෘඩ තැටියේ නිරොගීබව හදුනා ගන්නට සහය මෘදුකාංගයක්....


පරිගණකයේ දෘඩ තැටිය අතිශයම වැදගත් උපාංගයයි. පරිගණකයක් යනු දත්ත සැකසුම් උපකරනයක් නම් එහි ප්‍රධානතම දත්ත හා  වැඩසටහන් ගබඩා කරතබන ස්ථනය වනුයේ එතැනය.තවත් දෙසකින් තවමත් පරිගණකයක යන්ත්‍රික මට්ටමේ ක්‍රියාකරීත්වයක් ඇති උපාංගය වන්නේද මෙම දෘඩ තැටියයි. ඉතාවේගවත් ක්‍රියාකාරීත්වයක් ඇති සංවේධී සැකසුමක් තුල ක්‍රියාත්මක වන මෙම උපකරනය ‍රැක ගැනීම භාවිතාකරුවෙකුගේ වගකිමක් වන්නේ මේ නිසාය.
             පහත දැක්වෙන මෘදුකාංගය දෘඩ තැටියේ නිරෝගීබව හා එහි වර්ථමාන තත්වය පිලිබදව බොහෝ තොරතුරු ඔබ වෙත ගෙන එන්නට සමත්බව පැවසෙන අතර නොමිළේ භාවිතාකල හැකි  කුඩා ප්‍රමනයේ මෙම මෘදුකාංගය පිලිබද වැඩි දුර තොරතුරු හා බාගත කරගැනීමේ අවස්ථාවද එම ලිපිනය ඔස්සේ පිවිසෙන ඔබට ලබා ගත හැකි වනු ඇත.
http://hddscan.com/

 

ඔෆ්‍ෆිස් පෙර සංස්කරනයක් දින කිහිපයක් තුල නිකුත්වනු ඇති බවට....

මයික්‍රසොෆ්ට් ආයතනයේ මෙහෙයුම් පද්ධතිය හැරුන කොට වඩාත්ම භාවිතාවන මෘදුකාංගය වන්නේ ඔෆ්ෆීස් මෘදුකාංගයයි. අවසන් ඔෆ්‍ෆිස් මෘදුකාංගය නිකුත්වී වසර දෙකක් පමන ගතව ගොස් ඇති අතර මෑතකදී පැවසුනේ ඔෆ්ෆීස් මීලග සංස්කරනය ස්පර්ශක පහසුකම් පී.ඩී එෆ් සංස්කරන හැකීයාව ඇතුලු නවාංග රාශියකින් සංයුත්ත වනු ඇති බවයි. ඔෆ්‍ෆිස් 2013 ලෙස නම් වන්නට බෙහෙවින් ඉඩ ඇති මෙම සංස්කරනය දැනට ඔෆීස් 15 ලෙසට සංකේතනාමයකින් හදුන්වනු ලබනවා.
                                                ඔෆ්ෆීස් මෘදුකාංගයේ මීලග පරම්පරාවේ සංස්කරනය ලෙසට නම් ලබන මෙම මෘදුකාංගයේ ප්‍රථම පෙරසංස්කරනය මෙම මස 16 වන දින නිකුත්වනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් පවතිනවා.එහි අවසන් සංස්කරනය එලබෙන වසරේ මුල් භාගයේ එලිදකිනු ඇති බවටයි වැඩිදුරටත් පැවසෙන්නේ.ඔෆ්ෆීස් හි මීලග සංස්කරනය ඩෙස්ටොප් හා ටැබ්ලට් හා ඇපල් අයි පෑඩ් වැනි උපකරන වලට ගැලපෙන ලෙසින්  දෙයාකාරයක සංස්කරන ලෙස නිකුත්වනු ඇති බවයි.

2012-07-13

වින්ඩෝස් 8 සාමාන්‍ය වෙළඳ පොලට නිකුත් නොවේ....


මයික්‍රසොෆ්ට් නවතම මෙහෙයුම් පද්ධතිය සාමාන්‍ය වෙළද පොලට නිකුත් නොවන්නට ඉඩ ඇති බවටයි සටහන් වන්නේ. නිල නොවන ලෙසට පැවසෙන මෙම පුවතට අනූව වින්ඩෝස් 8 මින් පෙර සංස්කරන වලදී මෙන් සමන්‍ය වෙළද පොළසංස්කරන ලෙස වෙළද පොලට නිකුත් නොවන අතර OEM සංස්කරන ලෙසට පමනක් මිළදී ගැනීමට සිදු වනු ඇති බවටයි පැවසෙන්නේ. සාමන්‍ය වෙළද පොල සංස්කරනයන්ට වඩා මිලෙන් අඩු මෙම සංස්කරනයන් System Builder ලෙසට හැදින් වෙන අතර තමන් විසින් සකසා ගන්නා ලද පරිගණක වලට හා මැක් සදහා මෙම සංස්කරනය භාවිතාකරන්නට සිදුවනු ඇති බවටයි වැඩි දුරටත් පැවසෙන්නේ.
                                 මෙම සංස්කරනය සදහා ආයතනයෙන් ලැබෙන වගකීමේ කාලය හා අදාල නෛතික බැදීම් පිලිබදව තවමත් තොරතුරු පල නොවී ඇති අතර වින්ඩෝස් එක්ස් පී වලසිට ඉහල සංස්කරන වල සිට උස්තල ගැන්වීමේදී ඇමරිකන් ඩොලර් 40 ගාස්තු ගෙවීමකින් හැකි වනු ඇති බවට පමනක් මේ වන විට තොරතුරු හෙලිවී තිබෙනවා.

මොකක්ද මේ "සීරෝ ඩේ ඇටෑක්" කියන්නේ????


පරිගණක පහරදීම් දෛනිකව කථාබහට ලක්වන ප්‍රධාන පෙලේ  මාතෘකාවකි. එම ප්‍රහාරයන් පිලිබද පලවන පුවත් අතර නිතරම කියවෙන යෙදුමක් ලෙස "සීරෝ ඩේ ඇටෑක්" බොහෝ විට ඔබත් දැක ඇතුවා විය හැකියි.මෘදුකාංග ආයතනයක් තම මෘදුකාංගයක් වෙළද පොලට නිකුත් කරනුයේ බොහෝ දුරකට එම මෘදුකාංගයේ තත්වය පිලිබද විමසා බැලීමෙන් අනතුරුව වුවද බහුල හා විවිධාකාර භාවිතාවන් තුලදී යලි යලිත් දුර්වලතා හමු නොවනවාම නොවීම සාමාන්‍ය තත්වයකි. බාහිර පුද්ගලයෙකුට මෙසේ එම දුර්වලතාවයක් හමුවූ විටක එය යොදාගෙන එම පරිගණකයට යම් ප්‍රහාරයක් එල්ල කරන්නට පෙලබීම දුර්ලභම කාරනයක් නොවන බවත් අප දනිමු. ඉහත කී යෙදුමේ අදහස වන්නේ ඉහත කී ආකාරයට එම මෘදුකාංගය නිපදවූ ආයතනය තම මෘදුකාංගයේ යම් දුර්වලතාවයක් පිලිසකර කරන්නට ප්‍රථම පහර දෙන්නෙකු එම දුර්වල තාවය යොදාගෙන පහරදීමට වේ.
                                              මෑතකදී මේ සදහා හොදම උදාහරනයක් නම් ගූගල්  හි ජී මේල් සදහා පහරදීමට ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා හි දුර්වලතාවයක් යොදා ගැනීම වැලකීමට නිකුත්කල යාවත්කාලීනය නිසිපරිදි ක්‍රියාත්මක නොවීම හේතුකොට ගෙන "සීරෝ ඩේ ඇටෑක්" එකක් පිලිබදව මයික්‍රසොෆ්ට් හා ගූගල් වෙතින් අනතුරු ඇගවීම දැක්විය හැක.

කාර්යබහුල "ඩෙස්ටොප්" එකට සහය මෘදුකාංගයක්.....


කාර්ය බහුල ඩෙස්ටොප් එක මත විවෘතවී ඇති කවුලු කිහිපයක් වන විට භාවිතාකරන්නා වෙත ඒ නිසාම දැනෙන්නේ දැඩි වෙහෙසකි. එවන් අවස්ථාවලදී සහයට එන්නට සමත් මෙම මෘදුකාංගය ඉහතකී කාර්ය බහුල ඩෙස්ටොප් එක ඔබ විසින් තොරාගන්නා ආකාරයට "වර්චුවලි" ඩෙස්ටොප් කිහිපයකට බෙදා ගත හැක. ටාස්ක් බාරය ඇතුලු අංග සම්පූර්න ඩෙස්ටොප් එකම මෙසේ එක් එක් කාරනාව අනූව කොටස් වලට බෙදා ගත හැකි අතර එම එක් එක් වර්චුවල් කවුලූන් තුල මත සිට සාමන්‍ය ආකාරයට සියලු කටයුතු ඉ‍ටුකර ගත හැකි බවටයි මෙම මෘදුකාංගයේ නිර්මාන කරුවන් පවසන්නේ.පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් මෙම මෘදුකාංගය පිලිබද වැඩිදුර විස්තර මෙන්ම එය බාගත කර ගැනීමේ අවස්ථාවද ලබා ගත හැක.

http://dexpot.de/index.php?id=beta16

නිරෝගී පරිගණකයකට සහය මෘදුකාංගයක්....


පරිගණකය වෙත මෘදුකාංගයක් ස්ථාපනයේදී මෙන්ම අස්ථාපනයේදීද සැලකිලි මත්වීම ඉතා වැදගත්ය. අනවශ්‍ය මෘදුකාංගයක් පරිගණකය වෙතට ගෙන ඒම පරිගණකය වෙත අනවශ්‍ය බරක් පැටවීමක් වනවා මෙන්ම පරිගණකයේ නිරෝගී බවටද බලපෑමක් සිදුකරයි. එසේම මෘදුකාංගයක් පරිගණකයෙන් ඉවත් කිරිමේ ක්‍රියාවලියද එතරම් සරල නොවේ. බොහෝ විට මෘදුකාංග අස්තාපනයේදී පරිගණකය මත යම් යම් ගොනු ඉතිරි කර යන්නට කටයුතු කරයි.
                                       පහත දැක්වෙන මෘදුකාංගය භාවිතයෙන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියෙන්  යම් මෘදුකාංගයක් ඉවත්කිරීමේදී එම කටයුත්ත වඩාත් සාර්ථකව හා සම්පූර්නයෙන් කර ගන්නට හැකි වන බවටයි ඔවුන් පොරොඳුවන්නේ. එසේ මෘදුකාංග අස්ථාපනයේදී පමනක් නොව නිරෝගී පරිගණකයක් පවත්වා ගෙන යාමේදී වැදගත්විය හැකි තවත් අමතර සේවා කිහිපයක්ම මෙම මෘදුකාංගය සමග ලැබෙන බවටත් මෙහි නිෂ්පාදකයින් පවසා සිටිනවා.

2012-07-12

යාහු ඊමේල අවසර පද 450000 පැහැරගැනේ....



පලවන නවතම පුවතකට අනූව පැවසෙන්නේ සයිබර් පහරදෙන්නන් විසින් යාහූ සේවාසමූහය යටතේ ඇති "ඩේටා බේස්" එකකින් පැහැර ගන්න ලද ඊමේල අවසර පද 450,000 වෙබ් අවකාශයට මුදා හැර ඇති බවයි. එම  ඊමේල හා අවසර පද ලැයිස්තුවේ යාහු පමනක් නොව වෙනත් වෙනත් ඊමේල සේවා සපයන්නන්ගේ ඊමේල ලිපිනයන් හා අවසර පදද වන බවටයි තොරතුරු පවසන්නේ.
                           එම අවසර පද අතර "123456"  ආකාරයේ ඉතා සරල මට්ටමේ අවසර පද 1666 ඇති බවත් එසේම "password" ලෙසින් සටහන් අවසර පද 780 වක්ද දක්නට ලැබෙන බවටයි වැඩි දුරටත් පැවසෙන්නේ.එසේම එම පදය ආශ්‍රිත අවසර පදයන් 1373 පමනද දක්නට ලැබෙන බවටත් සටහන් වනවා.එසේම එම යාහු සේවා යටතේ ඇති සබ් ඩොමේනය ප්‍රසිද්ධ නොකරන්නට පහර දෙන්නන් වගබලා ගෙන ඇති බවටයි තොරතුරු පලවන්නේ.
                                                                 මෙම පුවත පිලිබදව යාහු ආයතනය කිසිදු නිල ප්‍රකාශයක් නිකුත්කොට නොමැති බවත් කරුනු සොයා බැලීම් සිදුවෙමින් පවතින අතර යාහු ආයතන පවසා සිටින්නේ කාලයකට වරක් අවසර පද යාවත්කාලීනය ආදී සාමාන්‍ය උපදෙස් පිලිපැදීම ඉතා වැදගත් බව නැවත අවදාරනය කර සිටිනවා.

ෆේස්බුක් වෙතින් මැල්වෙයාර් "චෙක්පොයින්ට්" එකක්....


ෆේස්බුක් ආයතනය පසුගියදා හානිකර මෘදුකාංගයන්ට එරෙහි තවත් පහසුකමක් භවිතාකරන්නන් වෙත මුදා හල බවටයි පැවසෙන්නේ. මෙම පහසුව සමග භාවිතාකරන්නෙකුට තම ගිනුම පහරදීමකට ලක්වී ඇත්දැයි සැක සහිත විටකදී ගිනුම තාවකාලිකව අක්‍රිය කරදමා තම පරිගණකය සම්පූර්නයෙන් මැල්වෙයාර් පරික්ශාවකට ලක්කර ගැනීමේ අවස්ථාව ලැබෙන බවයි පැවසෙන්නේ.
                        ඔවුන් පවන්නේ එවැනි සැක සහිත අවස්ථාවකදී  භාවිතාකරන්නාහට ප්‍රකට ආරක්ශක මෘදුකාංග  වන මැකා‍ෆි හෝ මයික්‍රසොෆ්ට් සිකියුරිටි එසෙන්ෂල් වැනි මෘදුකාංගයක් යොදා ගනිමින් තම පරිගණකය පරිගණකය පරික්ශා කර ගැනීමේ අවස්ථාව ලැබෙන බවයි.
                                    ෆේස්බුක් ආයතන පවසන්නේ දැනටමත් අභ්‍යන්තරව ක්‍රියාත්මක වන මැල්වෙයාර් හදුනා ගැනීමේ වැඩසටහන් වල ආරක්ශාවද භාවිතාකරන්නන් වෙත ලැබෙමින් තිබෙන බවත් පසුගිය අප්‍රේල් මාසයේ සිට මුදාහරින ලද ප්‍රකට මෘදුකාංග සමාගම් කිහිපයකම ආරක්ශක මෘදුකාංග සමග පරිගණකයේ ආරක්ශාව සලසා ගැනීමේ අවස්ථාව භාවිතාකරන්නන් වෙත දැනට මත් ලැබී ඇති බවත්ය.

ඩෙස්ටොප් "ගැජට්" හා "සයිඩ් බාර්" අනතුරු සහිතයි -මයික්‍රසොෆ්ට් පවසයි-



මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටින්නේ වින්ඩෝස් විස්ටා හා වින්ඩෝස් 7 සමග ක්‍රියාත්මක වන "ගැජට්ස්" හා "සයිඩ් බාර්"  උපාංග අක්‍රිය කර දමමින් තම පරිගණක හානිකර මෘදුකාංග සදහා විවෘත වීමට ඇති අවස්ථාවක් අවමකර ගැනීමට කටයුතු කරන ලෙසයි. දෘශ්‍ය තොරතුරු තම ඩෙස්ටොප් එක මතට කැදවා ගැනීමේ පහසුව ‍රැගත් මෙම උපාංගයන් සමග ඇති දුර්වලතා කිහිපයක් නිසා පහර දෙන්නෙකුට පරිගණකයේ පූර්න පාලනය අත්පත් කරගැනීමේ හැකියා දක්වා  අනතුරක් ඇති බවටයි එම ආයතනය පවසා සිටින්නේ.
                           වින්ඩෝස්8 හි දැනට නිකුත්වූ පෙර සංස්කරන දෙකෙහිම මෙම පහසුකම ලබාදී තිබුන මුත් අවසන් සංස්කරනය සමග මේවා ඉවත්කරන්නට කටයුතුකරමින් සිටින බවක් පසුගියදා වාර්ථා වී තිබුන අතර මයික්‍රසොෆ්ට් ආයතනය මෙම උපාංග පිලිබදව එතරම් උනන්දුවක් නොදැක්වූ  උපාංග ලෙසටත් බාහිර පාර්ශවයන්ගෙන් මෙම උපාංග ලබා ගැනීමේදී කල්පනා කාරීවනලෙස නිතරම උපදෙස්දෙමින් සිටි බවටයි වාර්ථා පවසන්නේ

2012-07-11

පරිගණකයේ ෆයර් වෝලය වඩාත් ශක්තිමත් කරන්නට සහය මෘදුකාංගයක්...

වින්ඩෝස් 7 හා විස්ටා මෙහෙයුම් පද්ධති සමග සහයෝගයෙන් ක්‍රියා කරමින් එහි "ෆයර් වොල්"  ආරක්ශකයා වඩාත් සවිමත් කරමින් ඔබේ පරිගණකය වඩාත් සුරක්ශිත කරන්නට නොමිළේ සහය වීමට සුදානමින් සිටින මෘදුකාංගයක් සදහා වන සබද තාවයකි පහත දැක්වෙන්නේ. මෙම මෘදුකාංගය  ඇසුරින් ඔබගේ පරිගණකය ජාලගතව සිටින විට යන එන ගොනු පිලිබද තොරතුරු, සීමා කිරීම් ආදී වූ බොහෝ කාරනා සදහා සරල පැහැදිලි සැකසුම් සහිත මෙම මෘදුකාංගය ආධුනික පරිගණක භාවිතාකරන්නෙකුට පවා පහසුවෙන් හැසිරවිය හැකි එකක් ලෙසටයි එහි නිෂ්පාදකයින් පවසන්නේ.
http://tinywall.pados.hu/download.php

සෑම විනඩියක් තුලදීම අන්තර්ජාලය තුල............

සෑම මිනිත්තුවක් තුල දී අන්තර්  ජාලය තුල සිදුවන සිදුවිම් ප්‍රමානය අති මහත්ය. පෘතුවිය මතුපිට එකම යායක් කල මේ අපූරු නිමවුමේ ප්‍රබලත්වය වටහා ගන්නට පහත දැක්වෙන ගනනයන් කිහිපයම සෑහෙනු ඇති බවයි විස්වාසයවනේ.
                   සැම මිනිත්තුවක් තුලදීම ගුගල් සෙයුම් යන්ත්‍රය මත පමනක් සෙවුම් මිලියන 2ක් පමන සිදුවන බවයි පැවසෙන්නේ. එම කාලය තුලදී නව වෙබ් අඩවි 571 අන්තර් ජාලය වෙත මුදාහරින බවටත් පැවසෙනවා. විනාඩියක කාලය තුලදී ඇපල් ආයතනයෙන් පමනක් ඇප්ස් 47000ක් පමන බාගත කිරීම්  සිදුවන බවටත්  සමස්ත අන්තර්ජාලය තුල ඊමේල 204,166,667 හුවමාරු වන බවටත් ඇමරිකානු ඩොලර් 272,070 පමන වෙළද කටයුතුසිදු වන  බවටත් පැවසෙනවා.

දරුවන්ට සුරක්ශිත සයිබර් සැරියකට සහය බ්‍රවුසරයක්....

වෙබ්  අවකාශය අතිශය විශාලය. එහි ඇති තොරතුරු ප්‍රමනයද ඉමහත්ය.කුඩා දරුවෙකුගේ සිට වැඩිහිටි අයෙකු දක්වා එයට පිවිසීමෙන් දැනුම විනෝදය මෙන්ම සබදතා ආදී බොහෝදේ ලබා ගත හැක. වැඩිහිටියන් බොහොමයක් තම දරුවන් වෙබ් අවකාශයට නිරාවරනය වන්නට ඉඩ නොහරින්නේ එහි ඇති යහපත් දෑ පමනක් නොව අයහපත්දේද බොහෝ ඇති හෙයිනි. බ්‍රවුසරයන් සමහර ආරක්ශක මෘදුකාංග ආදියෙන් මෙම අහිතකරයන් පෙරා හරින්නට සැකසුම් සපයා තිබුනද සමහර විටක ඒවා එතරම් සාර්ථක නොවනු දැකිය හැක.
                          පහත දැක්වෙන වෙබ් අඩවියට පිවිසෙන ඔබට නොමිළේ මෙන්ම මිලදී ගත හැකි ගිනුමක් ඔස්සේ කුඩා දරුවන් සදහා වඩාත් ගැලපෙන සයිබර් පරිසරයක් නිර්මානය කර දීමට හැකි වනු ඇත.ඇත්තෙන්ම මෙය කඩා දරුවන් සදහා නිර්මානය කර ඇති වෙබ් බ්‍රවුසරයක් වන අතර එහි සැකසුම් සමග වඩාත් දරුවාට  ගැලපෙන සයිබර් සැරියක් ලබා ගත හැකි වනු ඇත.

http://www.zoodles.com/en/home/marketing

සංවේදී තොරතුරු දෘඩ තැටියෙන් සම්පූර්නයෙන් මකා දමන්නට සහය මෘදුකාංගයක්...


පරිගණකය ඔබගේ දෛමික ජීවිතයට වැඩි වැඩියෙන් පැමිනෙන විට අතිශය වැදගත් මට්ටමේ තොරතුරු පරිගණකයේ දෘඩ තැටිය මත තැන්පත්වීම්ද වැඩි වනු ඇත. ගිනුම් තොරතුරු , පෞද්ගලික ලිපි ආදිය බොහෝ දේ මේ අතර තිබිය හැක.සමහර විටක ඔබ සිතනවා ඇත්තේ මෙහෙයුම් පද්ධති සමග එන "ඩිලීට්" වැනි විධානයකින් අනතුරුව "රීසයිකල් බින්" එකෙන්ද එම ගොනු මකා දැමූ පසු කිසි ලෙසකින් එවා නැවත ලබා ගත නොහැකි වනු ඇතැයි කියා විය හැක.එහෙත් සත්‍යනම් මේ වන විට ඉතා සරල මෘදුකාංගයක් මාර්ගයෙන් ඒවා බොහෝ විට නැවත ලබා ගත හැකි වන බවයි.මෙයට හේතුවන්නේ ඇත්තෙන්ම ඔබ මකා දමන්නේ එම ගොනුවලට පිවිසුම් මාර්ගය මිස එම ගොනුව නොවීමය.හදාරන්නන් පවසන්නේ යමෙක් තම දෘඩ තැටියක මකාදැමූ ගොනු පිහිටි ප්‍රදේශයක නැවත ගොනුවක් නොරදා ඇති තාක් පෙර ගොනුව නැවත ලබා ගැනීම ඉතා සරල කාරනයකි.
                                                     මෙවන් අවස්ථාවකදී ඔබගේ සහයට එන්නට සුදානමින් සිටින නොමිලේ භාවිතාකල හැකි මෘදුකාංගයකි පහත දැක්වා ඇති ලිපිනය ඔස්සේ ඔබටත් ලබා ගන්නට හැකි වන්නේ.සියලුම වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සමග සහයෝගය දක්වන මෙම මෘදුකාංගය පිලිබද වැඩි දුර විස්තරද එම අඩවියෙන් ලබා ගත හැකි වනු ඇත.

http://eraser.heidi.ie/index.php

2012-07-10

නොමිලේ එන ස්මාර්ට් ෆෝන් ඇප්ස් මිලි.80ක ගෙන් තොරතුරු සොරා ගනිමින් සිටී...


ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගමකින් නිකුත්වන නිවේදනයකින් කියවෙන්නේ ලොවපුරා ස්මාර්ට් මට්ටමේ දුරකථන සදහා නොමිලේ භාවිතාවන  අප්ස් සමග එන "ස්පයි මෘදුකාංග" සමග භාවිතාකරන්නන් මිලියන 80 අධික පිරිසකගෙන් තොරතුරු සොරාගැනීමේ යෙදී සිටින බවයි. ඔවුන් පවසන්නේ මෙම නොමිලේ භාවිතය සදහා නිකුත් කෙරෙන ඇප්ස් මෘදුකාංග වල දැන්වීම් වල සගවා එවන තොරතුරු පැහැර ගන්නා මෘදුකාංග භාවිතාකරන්නාට කිසිදු සේ නොහැගෙන ලෙසට මෙම සොරා ගැනීම්  සිදුකරමින් සිටින බවටයි.වැඩිදුරටත් පැවසෙන්නේ නොමිලේ භාවිතය සදහා නිකුත්වන  ඇප්ස් වලින් සියයට 50 කට අධික ප්‍රමානයක මෙලෙස දැන්වීම් අඩංගුව තිබෙනු දක්නට හැකි බවයි.
                                                                    ඔවුන් පවසනවා භාවිතාවන ඇප්ස් අතරින් සියයට 5කට අධික ඇප්ස් සමග එන හානිකර මෘකාංගයන් දැඩි ලෙස ක්‍රියාත්මක වෙමින් උපකරන වල සැකසුම් වෙනස් කිරීම් බාහිර දැන්වීම් දුරකථනය වෙත ‍රැගෙන ඒම් වැනික්‍රියාකාරකම් වලට පවා පෙලබෙනු දැකිය හැකි බවයි. ඔවුන් පවසන්නේ ගූගල් ප්ලේ වලින් ලබා ගන්නා ඇප්ස් සමග ඔවුන්ට ඔබ සම්බන්ද දුරකතන ජාලය පමනක් නොව දුරකථනය සමග ඔබ කරන කියන දෑ ගැන පවා දැන ගැනීමට හැකියාව පවතින බවයි.

ඩී.එන්.එස් චේන්ජර් ගැන පසු සටහන...

ඩී.එන්.එස් චේන්ජෙර් හානිකරයෙන් ආසධිතවූ පරිගණකයන් ව්‍යාජ වෙබ් අඩවීන් වෙත යොමු කිරීම වලකන්නට ක්‍රියාත්මක වෙමින් තිබූ සර්වරයන් ගෙවී ගිය දිනයේ දී අක්‍රිය කරනු ලැබූ අතර ඔවුන් පවසනවා දැඩි දැනුවත් කිරීම හමුවේ ඇමරිකාව තුල පමනක් සැලකූ විට ජූනි මැද භාගයේ සිට ඒ වන විට ආසාධිත මට්ටමේ පරිගණක සංක්‍යාව 34% කින් පහත වැටී තිබූ බවත් සමස්ථ ලෝකයම සලකන විට 19% ක පහත වැටීමක් දක්නට ලැබූ බව.
              එරට බලධාරීන් පවසන්නේ මෙම හානිකරයේ නිර්මානය කලවුන්  මෙම පහරදීමෙන් ආසන්න ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 14ක්  උපයන්නට ඇති බව විස්වාස කරන බවයි.පසුගිය ඔක්තෝබරයේ ඇමරිකානු බලධාරීන් විසින් හත්දෙනෙකු අත්වඩංගුවට ගනිමින් මෙම ව්‍යාජ සර්වරයන් 100 අධික ප්‍රමානයක් තම බල යටතට ගත් අතර තාවකාලික විසදුමක් ලෙස ස්වෙච්ඡා කන්ඩායමක් සමග එක්ව මේ වන තෙක් එම සර්වරයන් විසින්  ව්‍යාජ වෙබ් අඩවි වෙත යොමුකරන ආසාධිත පරිගණකයන් නැවත නියම වෙබ් අඩවි වෙත යොමුකිරීම්  සදහා තාවකලික ප්‍රතිසර්වරයන් පවත්වා ගෙන යනලදී.

වින්ඩෝස් 8 ඔක්තෝබරයේ නිල වශයෙන් පැවසේ....



මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටිනවා තම මීලග මෙහෙයුම් පද්ධතිය එලබෙන ඔක්තෝබරයේ වෙළද පොලට නිකුත්කරන්නට සූදානම් බව. එසේම දෘඩාංග නිෂ්පාදකයින් සදහා වන සංස්කරනය මෙම අගෝස්තුවේ පලම සතිය තුල දෘඩාංග නිෂ්පාදකයින් සදහා නිකුත්කරන බවත් ඒ අනූව වින්ඩෝස්8 සහිත පරිගණක (ප්‍රී ඉන්ස්ටෝල්) ඔක්තෝබරය වන විට වෙළද පොලට නිකුත්වනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවත් පවසා සිටියා. එම ප්‍රකාශිකාව වැඩි දුරටත් පවසා සිටියේ දැනට වින්8න් සමග  ක්‍රියාත්මක ඇපස් ස්ටෝර් හි නොමිලේ ක්‍රියාත්මක වන සීමිත පෙර දැක්ම අවසන්ව ඔක්තෝබරයේ සිට සාමාන්‍ය ඇපස් ස්ටෝර්  සැලසුම ක්‍රියාත්මක වන බවත් ඉන් පසුව ඇප්ස් නිර්මානය කරන්නන් හට ඒ තුලින් ඉපයීමේ අවස්ථාවත් ලැබෙනු ඇති බවත්ය. ආයතනය පසුගියදා ප්‍රකාශ කල සිටියේ වින්7 භාවිතාකරන්නන් හට සීමිත කාලයක් සදා වින්8 උස්තල ගැන්වීම ඉතා අඩු ගාස්තුවක් යටතේ නිකුත් කිරීමට නියමිත බවයි.

2012-07-09

යහපත් සමාජ ජාල භාවිතයකට.....




සමාජ ජාලා භාවිතය අපූරු අත්දැකීමකි.දුර හා කාලය බාදකයන්ට අබ මල් රේනුවක වත් සමාවක් නොතබා දුර බැහැරක වෙසෙන හිතවතෙකු හා සබදතාවන් පවත් වන්නට , සම අදහස් දරන අයවලුන්ට බොහෝ දේ ගැන කථා බස් කරන්නට , දේශපාලනික  වෙළඳ සමාජ සංවිධාන යන්ට තමන් පිලිබදව තොරතුරු සපයන්නට අපූරුතම ‍තෝතැන්නක්  මේතුල නිර්මානය වී ඇත.  අවාසනාවකට තත්වය මෙතැනින් අවසන් නොවෙයි. හානිකර භාවයන් පතුරන්නන් හටද තන හානිකර බව හදුනාගෙන ඉවත්කරන තෙක් හානිකර මතවාද , හානිකර මෘදුකාංග , පෞද්ගලික තොරතුරු සොරා ගැනීම් ආදී බොහෝ දේ සදහාද මෙම අවකශය විවෘතව ඇත.
    හදාරන්නන් පවසන්නේ මෙම සමාජ ජාලා හරහා හානීන් කැදවා ගැනීමට භාවිතාකරන්නන්ගේ දුර්වලතා බොහෝ විට බලපාන බවකි.මෙම පදනම මත ඔවුන් භාවිතාකරන්නෙකු පිලිපැදිය යුතුයැයි යෝජනා කිහිපයක් ‍රැගෙන එයි. පලමුව ඔවුන් පවසන්නේ සමජ ජාලවක් යනු ඔබගේ පරිගනකයේ සීමාව නොවන බවයි.සැකසුම් වලින්  සීමා කලද එහි රදවන දෑ බොහෝ විට අප අවසර නොදෙන බොහෝ අය වෙතට අත්පත්වීමේ අනතුර ඇත.ඒ නිසාම සමජ ජාලාව වෙත ඔබ රදවන දෑ පිලිබදව බෙහෙවින් සැලකිලිමත්වීම ඉතාවැදගත් වේ.පෞද්ගලිකත්වය සීමා රහිතව එයට විවරකිරීම අනතුරකට අත වැනීමක්ද විය හැක. 
                                  ඔබගේ අදහස් සමාජ ජාලාවක්තුලදී ඔබ සිතනවාට වඩා විශාල පිරිසක් වෙත විවෘතවේ. දේශපලනික  ආගමික වැනි තලවදී මේ අදහස් දැක්වීම් ඔබට බෙහෙවින් අනතුරුදායක විය හැකි බවයි ඔවුන් පවසන්නේ.සමහර විටක විරුද්දවාදීන් වේගයෙන් ‍රැස්කරගන්නා කවුලුවක් බවට ඔබගේ සමාජ ජාලා ගිනුම පත්වීම අනවශ්‍ය කරදරයක් කැදවා ගැනීමක් විය හැක.
                                    ඔබගේ වෘතිමය ජීවිතය වැනි තත්වයන් පිලිබදව වැඩි තොරතුරු හා නිතර තොරතුරු සපයන්නට යාම පිලිබදවද ඔවුන් අනතුරු අගවනවා. කාලාතුරකින් මෙම තොරතුරු සැපයීම් පදනම් කරගනිමින් නෛතික ක්‍රියාවලීන්ට එලබුනු ආයතන හිමිකරුවන් පිලිබදව පුවත් නැතුවාම නොවන බව අමතක නොකලයුතු බවටයි පවසන්නේ.
                                           සමාජ ජාල භාවිතය ඇබ්බැහිවීමක අනතුර භාවිතාකරන්නා වෙත ‍රැගෙන එන කාරනයක්ද විය හැකි බවටයි පැවසෙන්නේ. දැනට එතරම් කථා බහකට ලක් නොවූවද ආයතනයන්හි කාර්යාල පැය කිහිපය තුල ෆේසුක් අඩවිය වෙත පිවිසීම සීමා කර තබන්නට සිදුවීම අමතක නොකල යුතු අත්දැකිමකි. සමහර විටක ඔබද ඔබගේ පාලනයෙන් තොරව සමාජ ජාලාවන්හි නෙක ගලායාම්වල සිරකරුවෙකු වීමේ අනතුරු ගැන සැලකිලි මත්වන්නට යැයි ඔවුන් පවසනවා.
                                                                                      විටක සීමාවන් ඉක්මවා ඡායාරූ පල කිරීම පිලිබදව ඔවුන් අනතුරු අගවනවා. වැඩිපුරම කාන්තාවන් වෙත උපදෙස් දෙන ඔවුන් පවසන්නේ බොහෝ විට තමාගේම ඡායාරූ සැම දිනකට වරක් පලකරන්නට පෙලබෙන විට ඔවුන් වෙත අනෙකුත් භාවිතාකරන්නන් ගේ අවදානය ඒතරම් යහපත් නොවන ලෙසට එල්ලවීමේ අනතුරු ගැන සැලකිලිමත් වන ලෙසටයි ඔවුන් පවසන්නේ.

කාර්ය බහුල ජීවිතයට "ඔන් ලයින්" සහයක්.....



කාර්යබහුල ජීවිතය වෙත දෛනිකව ඉ‍ටු කලයුතු කාර්ය ප්‍රමානය දිනෙන් දින ඉහල යමින් ඇත.දත්ත උපකරන සමග මේසදහා සහය වන මෘදුකාංග රාශියක් තිබුනද පෞද්ගලික උපකරනය සමග ඒවා බැදීසිටී.යම් හෙයකින් එය ‍රැගෙන යන්නට අතපසුවීම මහත් අපහසුතවයක් කැදවන කරුනක් වනු ඇත.දිනෙන් දින පැතිර යමින් ඇති "ඔන් ලයින්" ජීවිතය සමග පහසුවෙන් මෙම  අවශ්‍යතාවය සපුරා ගැනීමට සහය වන වෙබ් අඩවියක් පහත දැක්වේ.එම අඩවියට පිවිස ඔබ නිර්මානය කර ගන්නා ගිනුමක් තුල පසුව ඔනෑම දත්ත උපකරනයකින් දැක ගත හැකි ආකාරයේ සටහන් තැබීමට හැකිවනු ඇත.

වින්7 වලට වඩා අඩු භාවිතාවක් වින්8 වෙතට.....



ගනන ආයතනයක වාර්ථා පවසන්නේ මීට තෙවසරකට පමන පෙර වින්ඩෝස්7 පෙර සංස්කරනයට අනුව සලකන විට වින්ඩෝස්8 පෙර සංස්කරනය භාවිතාකරන්නට පෙලබෙන පිරිසෙහි අඩුවක් දක්නට ලැබෙන බවයි.ඔවුන් පවසන්නේ වින්ඩෝස්7 අවසාන සංස්කරනයට මාස 4කට පෙර වන විට වින්ඩෝස්8 වලට වඩා හතර ගුනයක වින්7 භාවිතාවක් දක්නට ලැබුනු බවයි.
                                 විචාරකයින්ට අනූව එක්ස්.පී මෙහෙයුම් පද්ධතියට සාපේක්ශව වින්7 ගෙන ආ ක්ශනිකව දැනුනු වෙනස වින්8  හා වින් 7 අතර අඩුවීම මෙන්ම වින්7 වලට පෙරදී වඩාත් නම්‍ය ගලායාමක් දෘශ්‍ය වෙනස් කම් ආදිය පිලිබදව භාවිතාකරන්නන් අතර වූ අවශ්‍යතාවය වින්8 සමග නොතිබීම මෙම තත්වයට හේතුවක් විය හැකි බවටයි පැවසෙන්නේ. වින්8 මූලික ඉල්ලා සිටින ස්පර්ශ මූලික දෘඩ්ංග වෙනස තවත් අඩු භාවිතවකට පෙලබීමේ ප්‍රධාන හේතුවක් විය හැකි බවටයි ඔවුන් පවසන්නේ. පහත දැක්වෙන ගොනුව හැදෑරීමෙන් මේ පිලිබදව වැඩි අවබෝදයක් ලබා ගත හැකි වනු ඇත.

2012-07-08

ව්‍යාජ ෆේස්බුක් ගිනුම්...............


ෆේස්බුක් යනු ලොව වැඩියෙන්ම භාවිතාවන වෙබ් අඩවි වලින් එකකි.එසේම ෆේස්බුක් යනු ලොව වැඩිම භාවිතාවක් ඇති  සමාජ ජාලාවද වේ.ෆේස්බුක් ආයතනයට අනූව නම් එහි ඇති ගිනුම් වලින් සියයට 5 හෝ 6ක් පමන ව්‍යාජ ගිනුම්ය.එනම් බොරු අනන්‍යතාවයක් පෙන්වා සකස් කර ඇති ගිනුම්ය.එම ගනනයට අනූව ෆේස්බුක් හි සමස්ත භාවිතාකරන්නන් ප්‍රමනයට අනූව සලකන විට මිලියන 40-50 අතර ප්‍රමානයක් ව්‍යාජ ගිනුම්ය.එහෙත් භාහිර ගනනයන්ට අනූව නම් එම සංක්‍යාව සියයට 27 ලෙස ආසන්න ලෙස දක්වා සිටියි.සංක්‍යාවක් ලෙස එය සලකන විට මිලියන 200 කට ආසන්න වේ.
                                                   ඉහත කී ව්‍යාජ ෆේස්බුක් ගිනුම්ද වර්ග දෙකකට බෙදා දැක්විය හැකිය. එනම් යම් පුද්ගලයෙකු විසින්ම ව්‍යාජ තොරතුරු භාවිතාකර නිර්මානය කොට පවත්වා ගෙන ගිනුම්ය.අනෙක් ඒවා නම් යමෙක් විසින් නිර්මානය කල මෘදුකාංගයක් හරහා නිර්මානය කරන ලද ව්‍යාජ ගිනුම්ය.පලපුරුදු භාවිතාකරන්නන්ට අනූව මෙම දෙවන ගනයේ ගිනුම් නම් පහසුවෙන් හදුනා ගත හැක්කේ ඒවායේන් පලවන අස්වාභාවික හැසිරීම් නිසාවෙනි.
                                                  මෙම පලපුරුදු භාවිතාකරන්නන්ට අනූව මෙම ව්‍යාජ ගිනුම් හදුනා ගැනීමේදී  තවමත් ටයිම් ලයිනය ක්‍රියාත්මක නොවන ගිනුම් ගැන සැලකිලිමත්වීම සාර්ථක විය හැකි බවයි පවසන්නේ.එසේම මෙම ගිනුම් සදහා බොහෝ විට රූමත් තරුන කාන්තා ඡයාරූ භාවිතාවද දැකිය හැකි බවටයි පැවසෙන්නේ.මීට අමතර බෙහෙවින් අඩු ඡායාරූ ප්‍රමනයක් මෙම ගිනුම් වල දක්නට ලැබෙන බවත් ෆ්‍රොෆයිල් තොරතුරු අතර අතාර්කික බව මෙන්ම නිසිලෙස තවත් භාවිතාකරන්නෙකුට ප්‍රතිචාර දැක්වීමට අසමත්වීම මෙන්ම වෝලය මත ඉතා අඩු පලකිරීම් ප්‍රමානයක් තිබීම වැනි කාරනා ගැන සැලකිලිමත් වීම තුලින් පහසුවෙන් මෙම ගිනුම් හදුනා ගන්නට හැකි වනු ඇති බවටයි ඔවුන් පවසන්නේ.

"මිනිස් දත්ත පිටපතක්" පලමුවරට හමුවීම....


පීඨාධිපතිතුමන්ගේ සුහද හමුවට මෙතැන සිටම සහභාගි වන්න අප තීර්නය කලෙමු.විනාඩි කිහිපයක් තුලදී සුහඳ හමුව සදහා සියල්ල සූදානම් බවත් එලබෙන විනාඩිය තුලදී එය ඇරබෙන බවත් නෙත් තිර යුවල පැලද සැරසෙන ලෙසත් උපදෙස් ලැබිනි.
                                               "ආයුබෝවන්, මම ඔබව සාදරයෙන් පිලිගන්නවා" අප ඉදිරියේ ත්‍රිමානව ජීවමාන ප්‍රමානයෙන් පීඨාධිපති තුමා පෙනී සිටියේ අප එකි නෙකාගේ නම් වලින්ම අප එකිනෙකාව ආමන්ත්‍රනය කරමිනි."පලමු දේශනය ගැන ඔබට යම් අදහසක් තිබෙනවානම් කරුනාකර දැන් එය ප්‍රකාශකරන්න. මම සූදානම් එයට සවන් දෙන්න.ඇත්තෙන්ම මෙම මොහොතේ සිට ඔනෑම මොහොතකදී ඔබට කිසිදු බාදාවකින්තොරව ඔනෑම වෙලාවක මා ඇමතිය හැකිහියි පමනක් නොව ඉතාම කලාතුරකදී හැරෙන්නට ඔනෑම වෙලාවකදී පිලිතුරු ලබාගන්නටත් පුලුවන් වෙනු ඇත.ඒ සියල්ල සදහා පහත දැක්වෙන කෝඩ් අංකය ඔබගේ ඊ-රීඩරය මත සටහන් කිරීම පමනක් සෑහෙනු ඇත.....   හොදයි, ප්‍රථම දේශනය පිලිබද ක්ෂනික අදහසක් නැතිනම් එය පසුවට කල් දමන්න. මම කැමතියි ඔබ පරිගණකය හා ටීටාව කියන උපකරන පිලිබද අදහස් ටිකක් දැන ගන්න...............
                              මා ඒ මොහොතේ අත්දකිමින් සිටියේ දත්ත මිනිසෙකු සමග ජීවිතේ ප්‍රථම වතාවට අන්තර් ක්‍රියා කිරීමකටයි.ඒ මොහොතේ පීඨාධිපති තුමන් සිසුවන් දෙසීය කට ආසන්න පිරිසක් සමග වෙන වෙනම පෞද්ගලිකව කථා කරමින් සිටියා."ඔවු ඇත්තෙන්ම පෞද්ගලිකවම කථා කරමින් සිටියා.ඔවුන් දක්වන අදහස් උදහස් වලට වෙන වෙනම ප්‍රතිචාර දක්වමින් සිටියා." ඇත්තෙන්ම එතුමා සමග කතා බහේ යෙදී සිටි කිසිවෙකුටවත් හැගුනේ නැහැ තමන් කථා බස්කරමින් සිටින්නේ ස්වාභාවික මිනිස් මනසක් ඇසුරින් නිර්මානය වූ කෘතීම බුද්ධියක් සමග බව.ටිටාව ඒ වනවිට සහතික වී තිබුනා තමන් නියෝජනය කරන මිනිස් මනස ඒ ඒ ගැටලු සදහා දෙනු ලබන තීර්න හා සලකද්දී සියයට 98ක පමින  නිවරදිතාවයක් දරමින් සිටින බව.         

වින්8 සමග O.S එක පමනක්ද ‍රැගෙන යා හැක......


වින්ඩෝස් 8 හදුනා ගැනීමට පහසුම ක්‍රමයනම් මෙට්ට්‍රෝ ඉන්ටර්ෆේසයයි. සැබවින්ම වින්ඩෝස් 8 සමහ එන වැදගතම වෙනස්කම් බොහොමයකි.ඒවා අතර සටහන් වන තවත් පහසුකමක් වන්නේ "වින්ඩෝස් ‍ටු ගෝ" නම් පහසුවය.වින්ඩෝස් 8 දැනට නිකුත්වී ඇති අවසාන සංස්කරනයේ සංක්‍රිය මට්ටමේ මෙම පහසුව නොතිබුනද මයික්‍රසොෆ්ට් ආයතනය කිහිප විටකදීමේ මේ පිලිබදව අදහස් දක්වා තිබිනි. මෙම පහසුව සමග ඔබ විසින් පරිගණකයක ස්ථාපනය කරන ලද වින්ඩෝස්8 හි ක්‍රියාකාරී පිටපතක් යු.එස්. බී. ප්ලෑෂ් ඩ්‍රයිව් එකක ආධාරයෙන් වෙනත් පරිගණකයක් වෙත ගෙනගොස් එයින් එම පරිගණකය පෙරදී කල භාවිතාවන් සියල්ල සමගින් "බූට්" කර භාවිතාකල හැකි වනු ඇත.
                          ආයතනය පවසන්නේ මෙලෙස "වින්ඩෝස් ‍ටු ගෝ" ආකාරයේ පලමු බූට් කිරීමකදී එම උපකරනය මතට අවශ්‍ය වන ඩ්ර්යිවර්ස් ආදිය තැන් පත් කරන අතර භාවිතය අවසානයේ එම උපකරනයේ පෙර භාවිතාවන්ට කිසිදු අපහසුවක්ද ඇති නොකරන බවටයි.එසේම වින්ඩෝස් ‍ටු ගො භාවිතය තුලදීද පෙර ස්ථාපනය වී ඇති මෙහෙයුම් පද්ධතියට කිසිදු බල පෑමක් නොවන බවටත් ඔවුන් පවසන්වා.ඔවුන් අවදාරනය කරන්නේ ක්ලවුඩ් ආකාරයේ දත්ත ගොනු සමග ගනුදෙනු කිරීමේදී මෙන්ම මෙහෙයුම් පද්ධති කඩ වැටීමකදී මෙම පහසුව වැදගත් විය හැකි බවකි.කෙසේ වෙතහ්ත් මෙම පහසුව අත්විදින්නට නම් වින්ඩෝස්8 අවසන් සංස්කරනය පැමිනෙන තෙක් සිටින්නට සිදුවන බවයි පැවසෙන්නේ.

2012-07-07

ක්ලවුඩ් තාක්ශනය....

"ඇත්තෙන්ම ක්ලවුඩ් කියන්නේ අලුත් දෙයකට වඩා ඒ වන විටත් භාවිතා වෙමින් පවතින දෙයක් දෙස වෙනස් විදියකට  බැලීමක් හැටියට නැතිනම් හදුනා ගැනීමක් කියලා පැවසුවොත් වඩා නිවැරදියි " වරක් විද්වතෙකු තම දේශනයකදී ක්ලවුඩ් තාක්ශනය හදුන්වාදුන්නේ එලෙසය.සරලව පවසනවා නම් ඔබ වෙබ් බේස් ඊමේල් ගිනුමක් පරිහරනය කරන කොටත් ප්‍රායෝගිව සිදුවන්නේ එක්තරා විදිහක ක්ලවුඩ් තාක්ශනය භාවිතාකිරීමක්ම තමයි ඔහු වැඩිදුරටත් පවසා සිටියා.මෑත කාලයේ සිට මේ ගැන ඇතිව ඇති ප්‍රබෝධය මූලිකවම වෙළද ස්වභාවයක් සමග එන්නක් තුල අමුතු වෙනසක් දැනෙනවා ලෙස හැගෙන්නට පුලුවන්. මෙම වෙනස් විදිහට සිතා බැලීම සරල කාරනාවක් හැටියටම අප ගනන් නොගත යුත්තේ එම වෙනස අප සිතුවාට වඩා බරපතල භාවිතාවන් රාශියක් අප වෙත ‍රැගෙන එන්නට සුදානම් වෙමින් පවතින නිසයි.වින්ඩෝස් 8 , මයික්‍රසොෆ්ට් හි ඔෆ්‍ෆිස් 360 වැනි හදුන්වාදීම් සමග මේ බව අපට හොදින් දකින්නට පුලුවන්.
                                                                        ඩ්‍රොප්බොක්ස් , ස්කයි ඩ්‍රයිව් , ගූගල් ඩොක්ස් වැනි නොමිලේ සිට මිලදී ගන්නා ප්‍රමාන දක්වා සයිබර් ඉඩකඩ සපයන සේවාවන් ගැන සැලකීමේදී සිදුවන්නේ පරිගණකයේ බ්‍රවුසරය හරහා සර්වරයක තැන්පත්ව ඇති   මෘදුකාංගයක් මෙහෙයවා අපගේ මෘදුගොනු හැසිරවීමේ අවස්ඨාව ලබා ගැනී මයි.අපට අවශ්‍ය මෘදු ගොනුවක් තැන්පත් කරන්නට එය ආපසු ලබා ගන්නට පමනක් නොව එය සංස්කරනය කරන්නට පවා අපගේ පෞද්ගලික පරිගණකයේ හැකියා සීමාව ගැන නොසලකමින් අපට හැකිවනවා පමනක් නොව වෙනත් පරිගණකයකින් පවා කිහිදු ගැටලුවකින් තොරව ක්‍රියාකාරකම්  වල යෙදෙන්නට අපට හැකිවනවා.එපමනක්ම නොව අවශ්‍ය විටකදී පරිගණකයේ ගොනුවක් හා සම්බන්ද කොට ස්වංකීයව යාවත්කාලීන වන්නට පවා පහසුකම් ලබා ගැනීම ආරක්ශාව හා පහසුව අති භාවිතාකරන්නා වෙත ගෙන එන්නේ මහත් පහසුවකි.ඇපල් ආයතනය මෑතකදී හදුන්වාදුන්  අයි-ක්ලවුඩ් සමග පුදගලයෙකුගේ සියලුම ඇපල් ආකාරයේ උපකරන එකිනෙක යාවෙමින් වැදගත් දත්ත ගොනු කිසිදු අපහසුවකින් තොරව හුවමාරු කරගන්නට හැකිවීම එම භාවිතාකරන්නා වඩාත් සුව පහසුකරවන්නකි.

එය මහත් දිගු දේශනයක් නොවූවාය...........

එය මහත් දිගු දේශනයක් නොවූවාය. දත්ත ජීවිතය පිලිබද හදුන්වාදීම එම දේශනයේ ප්‍රධාන අරමුනව පැවතිනි."බොහෝ කලකට පෙර වැඩි පහසුකම් ‍රැගත් ගනන යන්ත්‍ර සහයකයෙකු ලෙසින් මිනිස් භාවිතයට පැමිනි පරිගනකය අනෙකුත් බොහෝ විෂයන්ට සාපේක්ශව සලකන විට ඉතා කෙටිකලක් තුල  ඉමහත් ප්‍රසාදයට ලක්විය.එය බොහෝ විශයන් අතරින් විනිවිද යමින් මිනිස් වර්ගයා වෙත ගෙන ආවේ අපමන සහයකි.අවසානයේ තවත් කෙටි කඩ ඉම් කිහිපයක් පසුකිරීමෙන් අනතුරුව මිනිස් විෂය මතට පැමිනුනේ බොහෝ කොටස්වල දැඩි විරෝධතාවය නොසලකමිනි. මිනිස් විෂය මතින් පරිගණකයේ ගලායාම ටීටාව විසින් සම්පූර්න කරන ලදී. ඒ මිනිස් නියුරෝන පිටපතක් සාර්තක ලෙස නිමවමිනි. එහි උත්කර්ශවත් අවස්තාව වූයේ එම පිටපත දෛනිකව එහි අයිතිකරුගේ වර්ධනය අනූව යාවත්කාලීන කරන්නටද හැකිවීම සමගිනි....."ශ්‍රව්‍ය දේශනය ටීටාව හරහා දෙසවනට පැමිනෙන විට දෘශ්‍ය පිටපත දෙනෙත් තිර යුගල වෙත පැමිනියාය.අමතර සටහන් ඊ කියවනය වෙත පැමිනෙමින් දේශනය මත වූ කිසිදු කරුනක් මග නොහැරෙන ලෙසට ආවරනය කලාය.දෙපැයක් ගතව ගියේ කිසිදු වෙහෙසක සලකුනකවත් නොතබාය.
                දේශනය අවසන් වනවාත් සමගම පැවසුනේ ආයතන භූමියෙන් නික්මයාමට පෙර අප පීඨාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සුහද හමුවට සහභාගී වන ලෙසටය.ටීටාව වෙත යොමුවූ දෘශ පනිවිඩයෙන් වැඩි දුරටත් පැවසුනේ ආපන ශාලා අංක හතර වෙත පැමින හෝ විශ්වවිද්‍යාල භූමියතුල කැමති ස්ථානයක ‍රැදී සිටිමින් සජීවිව පිඨාධිපති තුමා සමග හදුනා ගෑනීමේ සුහද සන්වාදයක යෙදෙන ලෙසත් අවසානයේ සංවිදානය කර ඇති  කුඩා සංග්‍රහය භුක්තිවිදින ලෙසත්ය.ඒත් සමග ඊ කියවනයට ලැබුනු කුඩා සිතියමේ මා දැනට ‍රැදී සිටින ස්ථානය සලකුනු කර ඇති බවත් එය හොදින් විමසා එහි තහවුරුවක් ලබා දෙන ලෙසත්ය.
                  ඊලග විනාඩි කිහිපය ගෙවී ගියේ ආගිය තොරතුරු විමසමින් සුහද කෙටි කථා සමගය. ඒ අතර ඉන්දියානු  මිතුරා වෙත තම පියාගෙන් සුබපතුම් ඇමතුමක් ලැබිනි.එම ඇමතුම අවසන්වනවාත් සමගම ඔහු වෙත ටීටාවෙන් ලැබුනු පනිවිඩයකින් පැවසී තිබුනේ මින් පසුව එම දුරකථන අංකය ඔස්සේ යොමුවන සියලු ඇමතීම් එම දුරකථන ජාලයේ අවසරය පරිදි ටිටාව විසින් ඉ‍ටුකරන බවත් ඒ සදහා අදාල අනුමැතිය සදහා දැනටමත් ඊ කියවනය වෙත ලැබී ඇති  අවසර පත්‍රය විමසා බලා අදාල අනුමැතිය ලබා දෙන ලෙසත්ය.      

2012-07-06

ඩී එන් එස් ආසාධිත බව හදුනා ගැනීමේ ටූලයන් කිහිපයක්......

එෆ් බී අයි ආයතනය පවසන්නේ තවමත් ඩී එන් එස් මැල්වෙයාර් ආසධිත පරිගණක ප්‍රමානය 275000 කට අදික බවයි. ඔවුන් පවසන්නේ මෙතරම් අනතුරු ඇගවීම්  ප්‍රමානයක් හමුවේ භාවිතාකරන්නන් කල්පනාකාරී නොවීමේ වගකීම් පැහැර හැරීම කනගා‍ටු දායක තත්වයක් බවයි.එලබෙන සතියේ පලමු දිනය වන විට අන්තර්ජාලයට සම්බන්ද වන්නට නොහැකි වීමේ අනතුර යලිත්මතක් කර සිටින ඔවුන් පවසන්නේ , ඉදිරියෙන් ඇති අනතුරු සහිත බව සැතපුම් 5 කටත් පෙර සිටම විටින් විට අගවා සිටියද අවසාන අඩි කිහිපය තුලදීද මෙතරම් ප්‍රමානයක් අනතුරට විවෘතව සිටීම ගැන තමන් කනස්සල්ලට පත්ව ඇති බවයි. පහත දැක්වෙන සබදතා ඔස්සේ පිවිසීමෙන් ප්‍රධාන පෙලේ ආයතන කිහිපයකින් දැනට නිකුත්කර ඇති මෙම මෘදුකාංගයේහානිකර බව හදුනාගැනීමේ හා පිලිසකර කිරීමේ ටූලයන් කිහිපයක ආධාර උපකාර ඔබටත් ලබා ගත හැකි වනු ඇත.

http://www.dns-ok.us/

http://www.dcwg.org/fix/

ඩී එන් එස් චේන්ජර් ගැටලුව යලි කතා බහට.....

ඩී එන් එස් චේන්ජර් ගැටලුව යලිත් මතුපිටට පැමින ඇත. සරලව ගැටලුව පහදන්නේ නම් ඔබ වෙබ් ලිපිනයක් බ්‍රවුසරයේ සටහන් කල විට එම වෙබ් ලිපිනයට අදාල වෙබ් අඩවිය තැන්පත්කර ඇති සර්වරය වෙත කෙලින්ම කැදවාගෙන නොයන අතර නේම් සර්වරය ලෙසින් හැදින්වෙන සාමාන්‍ය මිනිස් භවිතාවට පහසුවන ආකාරයට පෙරකී වෙබ් අඩවිය තැන්පත්කල ස්ථානයෙන් ලැබෙන සංක්‍යාත්මක ලිපිනය හුවමාරු කරදෙන වෙබ් අඩවිය වෙත යොමු කෙරේ  සාමාන්‍යයෙන් මෙම නෙම් සර්වරයන් වෙත යොමු වියයුතු  ලිපිනයන් අපගේ පරිගණක වල තැන්පත්ව ඇති අතර කිසියම් පිලිවලකට මේවා සදහන්ව පවති."ඩී එන් එස් චේන්ජර්" නම් හානිකර මෘදුකාංගය යමෙකුගේ පරිගණකයක් සාර්තකව ආක්‍රමනය කරන්නට හැකිවූ විට කරනුයේ ඉහතකී පරිගනකයේ තැන්පත්ව ඇති ඩී.එන්.එස් සැකවුම් වෙනස් කර එම පහරදෙන්නන් විසින් සකස් ඇති ව්ය්‍යාජ නේම් සර්වර් අඩවි වෙත ඉහත කී භාවිතාකරන්නන් ‍රැගෙන යාමයි.මෙම තත්වය තුලදී එම ව්‍යාජ නේම් සර්වර නිර්මානය කර ඇති අයට ඒ වෙත යොමුකරගන්නා පරිගණකයන් ප්‍රකවෙබ් අඩවි වලට සමානව සකස් කර ඇති ව්‍යාජ අඩවි වලට යොමු කර ගනිමින් භාවිතා කරන්නන්ගේ අවසර පද අදිය සොරා ගැනීම , හානිකර මෘදු දෑ අඩංගු අඩවි වෙත යොමුකිරීම වැනි හානිකර බොහෝ දේ කල හැකිවනු ඇත.
              වාර්ථා පවසන්නේ මුලින්ම 2007දී පමන මෙම ඩී එන් එස් චේන්ජර් හානිකරය හදුනාගෙන ඇති අතර 2011 දී පමන ආරක්ශක අංශ විසින් එම ව්‍යාජ ස්වරයන් අත්පත් කරගෙන ඇත.ඉන් පසුව එම සර්වරයන් විසින් පෙරකී පරිදි ව්‍යාජ වෙබ් අඩවි වෙත භාවිතකරන්නන් යොමුකරවන යාන්ත්‍රනය යතාතත්වයට පත්කර ඇත. එල බෙන 9වනදා 12:01am EDT හෝරාව වන විට මෙම ව්‍යාජ සර්වරයන් අඩපන  කරන්නට තීර්නය කර ඇති අතර ඒ වන විටත් මෙම හානිකර සර්වරයන් වෙතට පෙරකී ලෙසට තම පරිගණක වල ඩී එන් එස් සකස්වී ඇති පරිගණකයන් අන්තර්ජාලය තුල අතරමංවීමට බෙහෙවින් ඉඩ ඇත.දැනට තක්සේරු කර ඇති පරිදි තවමත් මෙම අනතුරට විවෘතව ඇති පරිගණක ප්‍රමානය 277,000 ලෙසටයි වාර්ථා පවසන්නේ.
--- ඔබේ පරිගණකයත් මෙම පහර දීමට ලක්ව අත්දැයි හදුනා ගැනීමට සහය වන හා එය යලි නිවැරදි කර ගන්නා ආකාරය පැහැදිලි කෙරෙන ලිපියක් බලාපොරොත්තු වන්න ---

"මිලදී ගත් මෘදුකාංගයක් නැවත විකිනිය හැකියි" යුරෝපියානු අධිකරනය පවසයි.

මෑතකාලීනව විවාදාත්මක නෛතික කාරනයක්වූ ඔබ මිලදී ගත් මෘදුකාංග පිටපතක් තවකෙකුට අලවි කල නොහැක යන්න යුරෝපියානු අධිකරන තීන්දුවක් ඔස්සේ ප්‍රතික්ශේපවී තිබෙනවා. එම අධිකරන තීන්දුවට අනූව බාගත කරගත් හෝ තැටි ආකාරයේ මිලදී ගැනීමකින් යමෙක් ලබා ගත් මෘදුකාංගයක් තවකෙක් වෙත අලවිකල හැකි අතර තමන් විසින් විසින් භාවිතා කරන පිටපත තවදුරටත් භාවිතාකල නොහැකි බවට පත්කිරීමේ වගකීම ඔහුවිසින් ඉ‍ටුකල යුතුවෙනවා.අධිකරනයට අනූව අනෙකුත් මිලදී ගැනීම් වල ස්වභාවය මෙම මිලදීගැනීම් සදහාද වලංගුවන බවටයි  පවසා සිටින්නේ.

ie 9 වෙත අති වැදගත් මට්ටමේ යාවත්කාලීනයක්....

මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ එලබෙන සතියේදී ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා වෙත අති වැදගත් යාවත්කාලීනයක් නිකුත්වීමට නියමිත බවයි. තම සුපුරුදු මාසික යාවත්කාලීන නිකුතුවේ මෙවර යවත්කාලීනයන් 9 කින් සමන්විත වන බවටයි ආයතනය පවසා සිටින්නේ. ඔවුන් පවසනවා මෙවර වින්ඩෝස් , ෂෙයාර් පොයින්ට් ,  හා ඔෆීස් මෘදුකාංග වෙත මෙම අති වැදගත් යාවත්කාලීනයන් ඉලක්ක වීමට නියමිත බව.
                                                    ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 සංස්කරනය ඉලක්ක වන මෙම යාවත්කාලීනය වින්ඩෝස් විස්ටා හා වින්ඩෝස් 7 භාවිතාකරන්නන් හට අදාලවන බවයි පැවසෙන්නේ.

දිගු වෙබ් ලිපින අඩු භාවිතාවට හොද හේතුවක් සපයයි

දිගු වෙබ් ලිපින අඩු භාවිතාවට හොද හේතුවක් සපයයි.මෙවැනි අවස්ථවකදී ඔබගේ සහයට පැමිනෙනට කැමැත්තෙන් සිටින සේවාවක් ‍රැගත් වෙබ් අඩවියක් ලෙසට පහත දැක්වෙන වෙබ් අඩවිය හැදින්විය හැකිය.විශේෂයෙන් ඡායාරුවක් ලිපියක් වැනි දෙයක් නොමිලේ ලබා ගන්නා අවකාශයක තැන්පත් කර සමාජ ජාලාවක් වැනි තැනක එය වෙත හිත මිතුරන් කැදව ගන්නට උත්සාහ කිරීමේදී එම දිගු ලිපිනයන් කෙටි කර දීමේ සේවාව සපයන මෙම අඩවිය මතදී අලුතින් හදුන්වාදී ඇති ඒ ආශ්‍රිත තවත් පහසුකම් කිහිපයකින්ද සමන්විත වන බවටයි ඔවුන් පවසන්නේ.පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් වැඩිදුර විස්තර හා එම අඩවිය හා අම්බන්දවී එම සේවව ලබා ගැනීමේ අවස්ථාව ඔබටත් ලබා ගත හැකි වනු ඇත.

https://bitly.com/

2012-07-05

උපකරනයෙන් භාවිතාකරන්නා නිදහස් වීම.....

දත්ත ජීවිතයේ  ආරම්භක යුගයේ දී අප භාවිතාව සීමාවූයේ තනි පරිගණකයේ සීමාවටය. සාමන්‍ය භාවිතාකරන්නා ඉදහිටක ජංගම මාධ්‍යයක් මගින් ගොනු හුවමාරු කර ගත්තද එය ඉතා කුඩා වෙහෙසකර කටයුත්තක් වූවාය.අන්තර්ජාල භාවිතය පැතිරීම තත්වය වෙනස් කලේය. හුදකලා පරිගණක භාවිතයට ලෝකයම විවර විය.අසල් වැසි නිවසේ සේම ලෝකයේ අනිත් කෙරවලේ සිටින්නෙකු අතර වෙනසකින් තොරව එකිනෙකා යාවන යුගය ඇරබිනි. අකුරු කරන ලද ගොනුවක සිට සජීවීව එකිනෙකා මුන ගැසෙන තැනක් බවට පත්වීමේ පෙරලිය අත්පත්කර ගන්නට වැඩි කාලයක් ගත නොවිනි.
                                                                දත්ත ගොනුවක් තරම්ම සැහැල්ලුවෙන් එහි භාවිතාකිරීමේ හැකියාවත් ලබා ගන්නය ඇත්නම්? පරිගණක දත්තගොනුවක්  කොතරම් සැහැල්ලු වුවද එය භාවිතාකිරීමට නම් සැලකිය යුතු මට්ටමේ බරක් වටිනාකමක් සහිත උපකරනයක් තැන තැන ‍රැගෙන යාමට සිදුවීම අපහසුවක් ලෙසට දැනුනු මනසක ඊලගට ඇදුනු චිත්‍රය වූවේ "ක්ලවුඩ් තාක්ශනයයි".ඔබේ පරිගණකයේ නම් කරන ලද ෆෝල්ඩරයක් සමග නොමිලේ හෝ මිලදී ගන්නා සයිබර් ඉඩක ස්වංක්‍රීයවම යාවත්කාලීන වන්නට ඉඩහැරීම මහත් සැහැල්ලු භාවිතාකරන්නෙකු නිර්මානයවීමේ ලා මහත් සේවයක් ඉ‍ටුකලේය.එය භාවිතාකරන උපකරනයෙන් භාවිතාකරන්නා නිදහස් කිරීම ලෙසට සටහන් විය.
                                    එලබෙමින් ඇති වින්8 පොරොන්දුවෙමින් සිටින්නේ මීටත් වඩා අපූරු තත්වයකි. ලයිව් ගිනුමක් ඔස්සේ වින්8 භාවිතය සමග හුදු ඔබගේ දත්ත ගොනු කිහිපයක් නොව සමස්ත හුරු පුරුදු ඩෙස්ටොප් වටපිටාවේ සිටම වෙනත් තැනක වෙනත් වින්8 උපකරනයක් සමග පවා කටයුතු කරන්නට ඉඩ සැලසෙන බවකි."මුලුමනින් භාවිතාකරන්නා උපකරනයෙන් නිදහස් කීරීම ලෙසට අපට එය නම් කල හැකි වනු ඇත".ඇප්ස් ස්ටෝර් වලින් මෙහිදී සිදුවන පසුබිම් සහය කිසිසේත් මෙහිදී අමතක කල නොහැකිම වනු ඇත.

ෆේස්බුක් ආරක්ශක මෘදුකාංග සහය පි‍ටුව.......

වෙබ් අඩවි භාවිතාව තුල වැඩිම අවධානයක් ලබා ගන්නා අඩවි අතර සමජ ජාලාවලට ලැබෙන්නේ ඉහලම තැනකි. එයින්ද ෆේස්බුක් වෙත ලැබෙන්නේ ප්‍රධානතම තැනකි. මෙම අඩවි වෙත එන්නන් අතර සිටින්න සියල්ලෝම යහපත් භාවිතාකරන්නන් නොවීම බලාපොරොත්තු විය යුතු කාරනවකි. දුර බැහැරක වෙසෙන තම හිතමිතුරන් හමුවන්නට මෙන්ම පහසුවෙන් හිත මිතුරන් රාශියක් සමග යමක් බෙදා හදා ගැනීමේදී සමාජ ජාලා මහත් සේවයක් ඉ‍ටුකරමින් සිටී. එහෙත් පෙරකී අවභාවිතාකරන්නන් තම ඉලක්කය බවට පත්කර ගන්නේ හානිය පැතිර වීමය.කලාතුරකින් වුවද පුද්ගල ජීවිත හානීන් දක්වා විහිදෙන මෙම  අවභාවිතාවන් අතර හානිකර මෘදුකාංග පැතිරවීම ඉහලම තැනක් ගනී.
                                සරල උදාහරනයක් ලෙසට සොරාගන්නා අවසර පදයක් සමග ඕබගේ මිතුරෙකුගෙන් සොරා ගන්නා ෆේස්බුක් ගිනුමක තමන් පෙර සකස්කල හානිකරයන් සහිත වෙබ් අඩවියක් ගැන ආකර්ශනීය සබදතාවයක් පලකරන අවභාවිතාකරන්නෙකු සැලකිය හැක. කිසිත් නොදන්නා ඔබ හා තවත් මිතුරන් තම මිත්‍රයාගේ ආකරශනීය සබැදුම වෙත පිවිසෙන්නේ කිසිදු සැකයක් නොතබාමුත් තම පරිගණකයන් හානිකරයන්ගේ ගොදුරක් බවට පත් කොට ගෙන අපහසුතාවයට පත්වන අවස්ථා බහුලය.
               මෙම තත්වය සැලකිල්ලට ගෙන ෆේස්බුක් ආයතනය ප්‍රධාන පෙලේ ආරක්ශක මෘදුකාංග සමාගම් කිහිපයක් සමග එක්ව ආරක්ශක මෘදුකාංග සයමසක නොමිලේ භාවිතයකට අවස්ථාව සලසමින් ආරක්ශක මෘදුකාංග අලවි පි‍ටුවක් නිර්මානය කර ඇත. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔබටද මෙම ෆේස්බුක් පි‍ටුව වෙත පිවිසිය හැකිවනු ඇත.
https://www.facebook.com/security/app_363688420329497

ඉන්ටෙල් ඇප් ස්ටෝර් වෙත යමු....

ඇප්ස් භාවිතය වේගයෙන් ඉහල යමින් පවතී.මයික්‍රසොෆ්ට් ආයතනය වින්ඩෝස් 8 සමග ඇප්ස් වෙලද පොලට පිවිසීමට සුදානම් වෙමින් සිටී. ආරක්ශිත ඇප්ස් භාවිතාවද අද ප්‍රධාන මාතෘකාවකි.බහුල භාවිතාවක් ඇති ඇන්ඩ්‍රොයිඩ් සමග මේ පිලිබදව බහුලවම කථා බහට ලක්විය. ඉන්ටෙල් ආයතනය පවසන්නේ තම ඇප් ස්ටෝව වෙත එන්නන් හට සහිතක කල අරක්ශාවක් සමග ක්‍රීඩා හා වැඩසටහන් විශාල ප්‍රමානයකින් සමන්විත ඇප්ස් ලබා ගත හැකි බවයි. එසේම ඔවුන් පවසන්නේ නොමිලේ ලබාදෙන ඇප්ස් 2000 කට අදික තේරීම් මෙන්ම මිලදී ගත හැකි ඇප්ස් 3000 කට අධික ප්‍රමානය අතරින් මිලදී ගන්නා ඇප්ස් එකක් පිලිබදව සතු‍ටුදායක විය නොහැකි අවස්ථාවකදී පැය 24 ඇතුලත එය යලිත් ඔබ මුදල් බවට පත්කරගත හැකි වනු ඇති බවයි. ඔවුන් පවසන්නේ ඇප්ස් වල තත්වය හා ආරක්ශාව පිලිබදව ඔවුන් නිරන්තරයෙන් කල්පනා කාරී වන බවයි. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිස ඔබටත් මේ පිලිබදව වැඩි දුර තොරතුරු ලබා ගත හැකි වනු ඇත.
http://www.appup.com/index

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...