2013-05-31

වින්ඩෝස්8.1 පිලිබද වැඩි දුරටත් කරුනු හෙලිවෙමින් ඇත...

     මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනය තම මීලග මෙහෙයුම් පද්ධති සංස්කරනය වන වින්ඩෝස් 8.1 පිලිබදව වඩ වඩාත් තොරතුරු හෙලි කරමින් සිටී.මීට මාසයකට පමන පෙර තම මීලග නිකුතුවේ තොරතුරු හෙලිකරමින් පවසා සිටියේ එම නිකුතුවට වඩාත් නව ආරක් ගත් ඇප්ලිකේශනයන් සංයුක්ත වීමට නියමිත බවයි. ඒවා අතර වඩාත් දියුනු කල කැල්කියුලේටරයක් , එලාර්ම් උපාංගයක් පිලිබදව මීට පෙරම කරුනු හෙලි කොට සිටියා. වින්ඩෝස් 8.1 සමග සාමන්‍ය වෙබ් කෑම් උපාංගයක් භාවිතාකරමින් "හෑන්ඩ් ‍ෆ්‍රී" ආකාරයට ගෘහනියකට තම ටැබ්ලටයේ හෝ නෝට්බුක් පරිගණකයක් ඔස්සේ රෙසිපියක් සමග ආහාර සූදානම් කරමින් සිටින විටකදී ඊලග පි‍ටුවට පිවිසීම වැනි කටයුත්තක් අතින් දෙන කුඩා මෙහෙයුම්ක් ඔස්සේ සිදුකිරීමට හැකිවනු ඇති බව පවසා සිටිනවා.
                              වැඩි දුරටත් පැවසෙන්නේ වින්ඩෝස්8.1 සමග භාවිතාකරන්නෙකුට තම පෞද්ගලික වෛද්‍ය දත්ත ගොනුව ඇසුරින් ලබ ගන්නා දත්ත සමග වඩාත් සුදුසු ව්‍යායාම උපදෙස් ලබා දෙන ඇප්ලිකේශනයක්ද පැමිනෙන්නට නියමිත බවයි. එසේම කිසියම් තොරතුරක් සම්බන්ද කියවීමකදී අවශ්‍ය තොරතුරු පසුව කියවීම සදහා ගබඩා කර තබා ගැනීමේ හැකියාව ස්වංක්‍රීයව සිදුවෙන් භාවිතකරන්නාගේ දත්ත භාවිත වැය අවම කරන්නට සහය වනු ඇති බවයි.එසේම තොරතුරු භාවිතකරන්නාගේ අනෙකුත් උපාංග සමග බෙදා හදා ගනිමින් පහසුවක් ලබාදීමටද නව මෘදු උපාංග කටයුතු කරනු ඇති බවටත් පවස සිටිනවා.

අනවශ්‍ය මෘදුකාංග ඉවත්කිරීමේදී සහය මෘදුකාංග

         සමහර අවස්ථාවලදී පරිගණකය වෙතින් අනවශ්‍ය මෘදුකාංග ඉවත්කිරීම ඉතා අපහසු වන් අවස්ථා දක්නට ඇත. නව මිලදී ගැනීමක් සමග පවා පෙර ස්ථපිතව පැමිනෙන සාමාන්‍ය භාවිතාකිරීමේදී අදාල නොවන මෙම මෘදුකාංග කරදරකාරීව හැසිරෙන අවස්ථා සමහර විටක දැක ගත හැකිය.කීර්තිමත් මෘදුකාංග නිපැයුම් කිහිපයකම හිමිත්වය දරන මෙම සමාගම නිකුත්කර ඇති මෙම මෘදුකාංගය සැහැල්ලු වන අතර නොමිලේ භාවිතාකල හැකි මට්ටමේ එකක් වීම අමතර වාසියක් වනු ඇත.තම තාක්ශනික ක්‍රමවේදයක් හරහා එම මෘදුකාංග ඉවත්කිරීමට කටයුතු කරන මෙම මෘදුකාංගය එසේ ඉවත්කිරීමෙන් පසුවද අදාල මෘදුකාංගය ඉතිරිකර යනු ලැබන අනවශය මෘදු කොටස් පිලිබදවද කටයුතු කරන බවයි පවස සිටින්නේ. මෙම මෘදුකංගය පහත දැක්වෙන ප්‍රධාන අඩවිය ඔස්සේ ලබා ගත හැකි වනු ඇත.

මයික්‍රසොෆ්ට් වෙතින් කල දුරකථන භාවිතාවන් පිලිබද හැදෑරීමක ප්‍රථිපල නිකුත්වේ....

       මයික්‍රසොෆ්ට් ආයතනය ලොව පුරා වෙසෙන ස්මාර්ට් දුරකථන භාවිතාකරන්නන් 10000 වැඩි පිරිසක් අතරින් ලබා ගත් තොරතුරු අසුරින් තම ස්මාර්ට් දුරකථනයේ ආරක්ශාව පිලිබදව දක්වන සැලකිල්ල පිලිබදව දත්ත හැදෑරීමක් කර තිබෙනවා.එහිදී හෙලිව ඇති අමතර ස්මාට් දුරකථන භාවිතාවන්ගේ වැරදි අතර අවශ්‍ය ප්‍රමානයට වඩා වැඩි හඬකින් කථා බස් කිරීම , අවශ්‍ය ස්ථාන වලදී දුරකඨ්නය නිහඩ නොකිරීම , තවකෙකු සමග මුහුනට මුහුන සංවාදයක් අතර තුර තවකෙකු සමග දුරකථන සංවාදයන්ගේ යෙදීම හෙලිකර සිටිනවා.වඩාත්ම හදුනගෙන ඇති දුර්වලතාවයක් නම් නිරන්තරයෙන් දුරකථනයට අවධානය යොමු කිරීම ලෙසට ඔවුන් සදහන් කරනවා.
                                 ඔවුන් පවසන්නේ හෙලිව ඇති තොරතුරු අතර පිරිමි භාවිතාකරන්නන්  සියයට 35ක් තම දුරකථන සදහා අවසර පද ආරක්ශාව සලසා ගන්නා අතර කාන්තා භාවිතාකරන්නන්ගෙන් සියයට 33ක් පමනක් අවසර පදයක් ඔස්සේ තම දුරකථනයේ ආරක්ශාව සලසාගන්නට කටයුතු කරන බවයි.එසේම පිරිමි භාවිතාකරන්නන් ගෙන් සියයට 32ක් තම දුරකථනයේ මෘදුකාංග නියමිත ලෙසට යාවත්කාලීනව තබා ගන්නට ක්‍රියා කරන අතර කාන්තා භාවිතාකරන්නන් අතර එම ප්‍රතිශතය සියයට 24ක් වන බවත් හෙලිව තිබෙනවා. සියයට 40ක් කාන්තා භාවිතාකරන්නන් තම දුරකථන වලදී පෞද්ගලිකත්වය ‍රැක ගැනීමට පියවර ගන්නා අතර එම ප්‍රතිශතය පිරිමි භාවිතකරන්නන් අතර සියයට  37ක් බවයි.
                          ආයතන උපදෙස් දෙමින් පවසන්නේ භාවිතාකරන්නන් තම දුරකථන අවසර පදයක් ඔස්සේ ආරක්ශාව තහවුරු කර ගැනීමට සැලකිලිමත්වීම මෙන්ම අනාරක්ශිත ඔන්ලයින් සබදතා ඇති වයි ෆයි හොට්ස් පොට් වැනි ස්ථානවලදී එම සබදතා ඔස්සේ වැදගත් දත්ත හුවමාරු කිරීම අනාරක්ශිත බවයි.

ඉදිරියේදී බලධරයෙකුට ඉලෙක්ට්‍රොනික දත්ත ලබා ගැනීමට අධිකරන නියෝගයක් අවශ්‍ය වේවි......

       පලවන නවතම පුවතක් පවසන්නේ භාවිතාකරන්නෙකුගේ ඉලෙක්ට්‍රොනික දත්තයන්  බලධාරීන් වෙත ලබාගන්නට නම් මින් ඉදිරියේදී අධිකරන නියෝගයක් අවශ්‍ය වීමේ අනපනත් ප්‍රතම වරට ඇමරිකානු ප්‍රාන්තයක සම්මත වෙමින් තිබෙන බවයි. පෙර පැවති තත්වය වූවේ පෙර දැනුම් දීමකින් අනතුරුව ඊමේලයන් හෝ ක්ශනික පනිවිඩ වැනි ඉලෙක්ට්‍රොනික දත්ත්යන් බලධාරයන් වෙත ලබා ගැනීමේ හැකියාව පැවතීම වූ අතර Texas ප්‍රාන්තය තුලදී මින් ඉදිරියට ඉහතකී අවශ්‍යතාවය බලධරයන්ට ඉහතකී ආකාරයේ සේවා සපයන ආයතනය කින් තම භාවිතාකරන්නන්ගේ තොරතුරු ලබගැනීමේදී සපුරා ලන්නට සිදුවීමේ තත්වය සම්මත නීතියක් බවට පත්වීම ආසන්නව පවතින බවයි.මේ පිලිබදව එරට නීති බලදරයෙක් පවසා සිටින්නේ  දත්ත ගොනුවක පෞද්ගලිකත්වය සු‍රැකීම මෙම නව නීතිය මගින් සු‍රැකෙනු ඇති බවයි. තවත් ප්‍රාන්තයන්හි මෙම ආකාරයේ නීතිරීති මගින් ඉලෙක්ට්‍රොනික දත්ත යන්ගේ පෞද්ගලිකත්වය සු‍රැකීමපිලිබදව කරුනු හදාරමින් සිටින බවක් පැවසෙන අතර California ප්‍රාන්තය මින් ඉදිරියෙන්ම සිටින බවටයි සටහන් වන්නේ.

මයික්‍රසොෆ්ට් ඔෆ්ෆීස් අලවිය මිලියන 20 ඉක්මවයි

           මයික්‍රසොෆ්ට් ආයතනය ඊයේ දිනයේදී පවසා සිටියේ තම ඔෆීස් මෘදුකාංගයේ නවතම සංස්කරනය වන ඔෆීස් 2013 හි නිකුතුව සිදුවූ ජනවාරි 29 වනදා සිට එදින දක්වා සලකන විට අලවිවීම් මිලියන 20 ඉක්මවා ඇති බවයි. මයික්‍රසොෆ්ට් ආයතනය තම නව සංස්කරනය සමග ඔෆ්ෆීස් භාවිතයට පිවිසීමට හැකි නව ආකාරයක් හදුන්වාදුන් අතර එය ක්ලවුඩ් මූලික මාසික ගෙවීම් පදනමක් මත ක්‍රියාත්මක වන්නකි. ආයතනය පවසා සිටින්නේ ඔෆීස් සියලු සංස්කරන සැලකීමේදී වැඩිම අලවියක් වාර්ථාකරන්නට මෙම නවසංස්කරනය සමත්ව ඇති අදර එහි අලවි වේගය දල ලෙස පවසන්නේ නම් තප්පරයකට එක් අලවියකටත් වඩා වේගයක් සටහන් කරන බවකි.

වින්8.1 වලදී බින් සෙයුම් හැකියාව මෙහෙයුම් පද්ධතිය පුරාවටම

         නිල නොවන ලෙස වින්ඩෝස්8.1 පිලිබදව බොහෝ තොරතුරු කථා බහ කෙරෙමින් පවතින අතර ප්‍රථම වරට මයික්‍රසොෆ්ට් ආයතනය තම එලබෙන්නට නියමිත වින්ඩෝස් 8.1 සංස්කරනය පිලිබදව කථා බහ අරබා ඇති බවටයි සදහන් වන්නේ. පලවන වාර්ථා පවසන්නේ වින්ඩෝස්8.1 හි බින් සෙවුම් යාන්ත්‍රනය හුදු වෙනම අංගයක් ලෙසට නොව සමස්ත මෙහෙයුම් පද්ධතිය තුලදීම ඔනේම අවස්ථවකදී සෙවීමක් අරබන්නට සූදානමින් සිටින අංගයක් ලෙසට දක්නට හැකිවනු ඇති බවයි. විවෘත කර ඇති ලිපියක සිට ෆොටෝ ඇල්බමයේ සිට වැනි ඔනෑම තැනක සිට බින් පහසුව මේ අනූව අත්විදීමේ හැකියාව භාවිතාකරන්නනා හට ලැබෙනු ඇති බවටයි පැවසෙන්නේ.

2013-05-30

ෆේස්බුක් වෙත ‍ටුවිටර් ආකාරයේ අනන්‍යතා තහවුරුවක්

           සමාජ ජාලාවන් හි පවතින එක් ප්‍රකට ගැටලුවක් වන්නේ ව්‍යාජ අනන්‍යතා සහිත ගිනුම්ය. එසේම විටක එම ගිනුම් නියෝජනය කරන්නේ පිලිගත් මට්ටමේ පුද්ගලයන් හෝ ආයතනයන් වන විට තත්වය වඩාත් අයහපත් විය හැකිය.සැබෑ ලෝකයේ එම අනන්‍යතාවයට ඇති පිලිගැනීම ඔස්සේ විශාල සංක්‍යවක් එම ගිනුම වෙත ඇදී ඒමත් සමග එම ගිනුම් අලවි කිරීම වැනි වඩාත් ගැටලුකාරී තත්වයන් නිර්මානය වීම සිදුවෙමින් ඇති බවටයි හදාරන්නන් පවසන්නේ. ෆේස්බුක් ආයතනය අද පවසා සිටියේ  එවැනි පිලිගත් මට්ටමේ පුද්ගල හා ආයතන අනන්‍යතා ඔස්සේ ගොඩ නැගෙන ෆේස්බුක් ගිනුම් සදහා ‍ටුවිටර් ආකාරයේ අනන්‍යතා තහවුරු කිරීමේ ක්‍රමවේදයක් හදුන්වාදීමට තමන් තීර්නය කර ඇති බවයි.තහවුරුවන අනනයතා නාමයන් ඉදිරියෙන් නිල් පැහැති සලකුනක් පැමිනෙන මෙමන් නව අංගය මේවන විට ක්‍රමයෙන් මුදා හැරෙමින් පවතින බවත් ඉදිරි දින කිහිපයතුල අවශ්‍ය සියලුම ගිනුම්වෙත මුදාහැර අවසන් වනු ඇති බවටයි එම ආයතනය පවසා සිටින්නේ.

මයික්‍රසොෆ්ට් ස්ටාර්ට් බටනයට අවසානයේ එකගවනු ඇති බවක්!!!

           මයික්‍රසොෆ්ට් ආයතනය තම වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියත් සමග අත හැර දමන ලද ස්ටාර්ට් බටනය පිලිබදව මහත් කථා බහක් පමනක් නොව බාවිතාකරන්නන් භාවිතයට පිවිසීමේදී තීරනාත්මක සාධකයක් ලෙසටත් බලපමින් ඇති බව ප්‍රකට කාරනාවකි. සමහර විචාරකයන්ට අනූව වින්ඩෝස් 8 හි ඉදිරි පැවැත්ම වින්ඩෝස්8 බටනය නැවත පැමිනීම මත තීර්නය වනු ඇති බවටයි පිලි ගැනෙමින් ඇත්තේ. පැමිනෙන්නට නියමිත වින්ඩෝස් 8.1 මීලග සංස්කරනය සමග සුපුරුදු ස්ටර්ට් බටනය  පැමිනීමේ අවස්ථාව මේ වන විට තහවුරු වෙමින් පවතින බවටයි පෙනෙන්නට ඇත්තේ. එහෙත් එම ස්ටර්ට් බටනය භවිතාකරන්නාව  "මොඩර්න් ස්ටර්ට් ස්ක්‍රීනය" වෙත ‍රැගෙන යාම සිදුකරනු ඇති බවටයි හදාරන්නන් පවසන්නේ. නිල නොවන පුවත් වැඩි දුරටත් පවසා සිටින්නේ නව නව මොඩර්න් ස්ටාර්ට් ස්ක්‍රීනය හා සුපුරුදු ඩෙස්ටොප් ස්ක්‍රීනයන් සදහාහා එකම පසුතල ඡායාරුවක් භාවිතාකිරීමේ හැකියාව මෙන්ම අවශ්‍ය නම් භාවිතාකරන්නාහට පරිගණකය බූට් ක්‍රියාවලිය ඔස්සේ කෙලින්ම තමන්ට හුරු පුරුදු සම්ප්‍රධායික ඩෙස් ටොප් එක මතට පැමිනීමේ හැකියාවද ‍තෝරාගැනීමේ හැකියාවක් ලෙසින් නව සංස්කරනය සමග පැමිනෙනු ඇති බවටයි විස්වාසය පලවෙමින් ඇත්තේ.

2013-05-29

ෆයර් ෆොක්ස් මෙහෙයුම් පද්ධතිය සහිත ප්‍රථම ටැබලට් උපාංගය නිකුත්කිරීමට සූදානම් වේ..

        පසුගිය පෙබරවාරියේ බාසිලෝනාවේ පැවති මොබයිල් උපාංග හා සම්බන්ධිත හමුවක දී ප්‍රථම වතාවට ෆයර් ෆොක්ස් මෙහෙයුම් පද්ධතියක් සහිත ස්මාර්ට් දුරකථනයක් ඉදිරිපත් කෙරිනි. ලිනක්ස් මූලික විවෘත මෘදුකාංග ආකාරයේ මෙම මෘදුකාංගය සමග එච්.ටි.එම් එල් 5 වෙබ් ඇප්ලිකේෂනයන් මෙන්ම ජාවා ස්ක්‍රිප්ට් සමග හොදින් ක්‍රියාත්මක වන බවටයි පැවසුනේ. මොසිල්ලා ආයතනය පවසන්නේ ඉදිරි දින කිහිපය තුලදී තම ෆයර්ෆොක්ස් මෙහෙයුම් පද්ධතිය සහිත ටැබ්ලට් උපකරනයන් නිකුත් කිරීමට තමන් සූදානම් බවකි. එලබෙන ජූනි 3 වනදා වන විට නිකුත්වීමට නියමිත මෙම උපාංගය ඇපල් උපාංග නිෂ්පාදනය සදහා වැඩි දායකත්වයක් සපයන  Hon Hai ආයතනය හා එක්ව කල නිපැයුමක් ලෙසටයි සටහන් වන්නේ. මිල ගනන් ඇතුලු වැඩි විස්තර තවමත් හෙලි නොවුනද ආරම්භක මට්ටමේ උපාංග සමග කෙරෙන මෙම පිවිසුමෙන් අනතුරුව ක්‍රමයෙන් වඩාත් සංකීර්න මොබයිල් උපාංග සදහා තම මෙහෙයුම් පද්ධතිය සංවර්ධනය කරන්නට තමන් බලාපොරොත්තු වන බවටයි එම ආයතනය පවසා සිටින්නේ.

"කාර්යාල සමාජ ජලා භාවිතය වඩාත් ඵලදායීය" මයික්‍රසොෆ්ට් පවසයි.

        බොහෝ ආයතනයන්හි තම සේවාකාලය තුල ෆේස්බුක් හෝ ‍ටුවිටර් වැනි සමාජ ජාලයන් භාවිතය අවහිර කරන්නට තීර්නය කරනු ලැබූ බහුලතම හේතුව වූවේ තම සේවකයන්ගේ අවධානය මූලික රාජකරී කටයුතු වලින් ඉවත්වීමට එය හේතුවක් වන බව පවසමින්ය. මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ තමන්ගේ නව හැදෑරීමකින් හෙලිවන තොරතුරු වලට අදාලව සැලකීමේදී තම රාජකාරී කටයුතු සමග සමාජ ජාලාවන් හසුරවන අයවලුන්ට තම කටයුතු වඩාත් විදිමත් ලෙසට නිම කරන්නට හැකිවන බවයි.ආයතනය මෙම හැදෑරීම සදහා රටවල් 32කින් 9908ක් සේවක මහතුන් යොදාගෙන තිබූ අතර ඔවුනගෙන් සියයට 46ක්ම පවසා සිට ඇත්තේ රාජකාරී කටයුතුවල ඵලදායීබවට සමාජ ජාලා සහය වන බවකි. එසේම එම හැදෑරීමේදී හෙලිව ඇති කරුනු  අනූව එසේ සමාජජාලා අවහිර කර ඇති කාර්යාලවල තොරතුරු තාක්ශනය හා සම්බන්ද සේවක මහතුන්ගෙන් සියයට 28ක්ම එම බාදකයන් මග හැර සමාජ ජාලා භාවිතය ගැන අවබෝදයන් ඇති බවකි.මයික්‍රසොෆ්ට් ආයතනය තම හැදෑරීම ආශ්‍රිතව නිකුත් කොට ඇති පූර්න සටහන පහත දැක්වෙන ප්‍රධාන වෙබ් අඩවියේදී ඔබට දැක ගත හැකි වනු ඇත.
www.siriwansa.com
 

ක්‍රෝමියම් මූලික ඔපෙරා බ්‍රවුසරයේ බීටාවක් නිකුත්වේ

        ඔපෙරා ආයතනය පසුගිය පෙබරවාරියේ පවසා සිටියේ තම බ්‍රවුසරය වෙත පාදක කරගන්නා තමන්ගේම ප්‍රෙස්ටෝ සර්ච් එන්ජිනය වෙනුවට ගූගල් ක්‍රෝම් හි භාවිතාවන ක්‍රෝමියම් සර්ච් ඇන්ජිනය භාවිතාකිරීමට තමන් තීර්නය කර ඇති බවකි.එසේම ඔවුන් පැවසුවේ තමන් ක්‍රෝම්හි භාවිතාවන උපාංග කිහිපයක්ම භාවිතයට ගැනීමට නියමිත බවකි.
                                    ඔපෙරා ආයතනයැන් අද නිකුත්වන නිවේදනයකින් පැවසුනේ තම ක්‍රෝමියම් මූලික නව බ්‍රවුසරයේ බීටාවක් අන්තර්ජාලය වෙත නිකුත්කර ඇති බවකි. ඔවුන් පවසා සිටින්නේ දැනට වින්ඩෝස් හා මැක් තලයන් සදහාවන බීටාසංස්කරන ලබාගත හැකි බව වන අතර ලිනක්ස් සදහා වන සංස්කරනය ඉදිරියේදී නිකුත්වනු ඇති බවකි.

http://www.opera.com/developer/next

මයික්‍රසොෆ්ට් හි "බින්" හා "එක්ස්බොක්ස්" අළවියට යෝජනවක්!!!

           පලවන පුවතකින් කියවෙන්නේ මයික්‍රසොෆ්ට් හි ආරම්භක අවදියේ සිට ආයතනයේ ගමන් මග කෙරෙහි හැදෑරීම් කල විෂ්ලේශකයෙකු පවසා සිටින්නේ එක්ස්බොක්ස් හා බින් දෙ අංශයන් ආයතනයෙන් ඉවත්කරමින් අලවිකර දැමීම වඩාත් සුදුසුවන බවකි. ඔහු පවසන්නේ සැහීමකට පත්විය හැකි ආකාරයේ ලාභයක් නොපෙන්වමින් ඇති එක්ස් බොක්ස් අංශය විශාල පරිමානයේ ඉලෙක්ට්‍රොනික උපාංග නිපදවන ආයතනයකට අලවි කිරීම හෝ වෙනම ආයතනයක් ලෙසට ස්ථාපනය කිරීම වඩාත් ඵලදායී වනු ඇති බවකි.
                                           ඔහු වැඩි දුරටත් පවසන්නේ බින් සෙයුම් යාන්ත්‍රනය දැනටමත් තමන්ගේ ප්‍රධාන සම්පත් දායකයෙකු ලෙසට යොදා ගන්නා ෆේස්බුක් හෝ යාහූ වෙත අලවිකර දැමීමෙන් එය නඩත්තුව සදහා කරමින් සිටින වැය අවම කර දැමීම වඩාත් සුදුසු බවකි.එසේම මයික්‍රසොෆ්ට් ආයතනය තම ඔෆීස් මෘදුකාංගයේ වෙළඳ පොල වඩාත් පුලුල් කරගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වන බව පවසන ඔහු එම මෘදුකාංගවල ඇන්ඩ්‍රොයිඩ් හා ඇපල් උපාංග සදහා වන සංස්කරනයන් සංවර්ධනය කෙරෙහි කලපනාකාරීවීම වැදගත් වනු ඇති බවට යෝජනා කර සිටිනවා. ඔෆීස් මෘදුකාංග වල විකල්පයන් සදහා අවධානය යොමුවීමට ඉඩ හැරීම ආයතනයේ දුර්වලතාවයක් ලෙසට පවසන ඔහු මාසික ගාස්තු වැනි කරම යටතේ ඔෆ්ෆීස් මෘදුකාංග වඩාත් ඵලදායී ලෙස යොදාගත හැකි වනු ඇති බවටයි යොජනා කර සිටින්නේ.

2013-05-25

වින්ඩෝස් බටනය මවුසයට පැමිනෙයි!!!!

             මයික්‍රසොෆ්ට් ආයතනය තම වින්ඩොස් 8 භවිතාකරන්නන් ප්‍රධානව ඉලක්ක කර ගනිමින් මවුස උපකරන දෙකක් නිකුත්කර තිබෙනවා.නවාංග කිහිපයක් සමග පැමින ඇති මෙම උපාංගයන් අතර කැපී පෙනෙන අංගයක් වන්නේ වින්ඩෝස් බටනයයි. පෙරදී යතුරු පුවරුවේ වින්ඩෝස් යතුරේ ක්‍රියාකාරීත්වයට සමාන මෙම බටනය ඔස්සේ පහසුවෙන් ස්ටාර්ට් කවුලුව වෙත පිවිසීමේ හැකියාව පවතින බවටයි ඔවුන් පවසන්නේ.එම  කවුලුවේ විවෘත වීම පමනක් නොව මෙම මවුසය ආධාරයෙන් එම කවුලු(විවෘතව ඇති අප්ස් මත)  පහසුවෙන්  ඔබ මොබ ගමන් කිරීමටද හැකිවනු ඇති බවටයි වැඩි දුරටත් පැවසෙන්නේ.මෙම මවුසය බ්ලූ ටූත් සබදතාවය සමග ක්‍රියාත්මක වන අතර ඩොලර් 39.95ක් මිලකට ජූනි මාසය වන විට නිකුත්වනු ඇති බවයත් පවසනවා. දෙවන මවුසය යු එස් බී සබදතාවය සහිත වන අතර වින්ඩෝස්7 හා වින්ඩෝස් 8 භාවිතාකරන්නන් සදහා වඩාත් ගැලපෙන ලෙසට නිමවී ඇති බවත් වින්ඩෝස් බටනය සහිතව නිකුත්වන බවටත් පැවසෙන අතර ඩොලර් 29.95කට එලබෙන මැයි මාසයේ නිකුත්වනු ඇති බවටත් පැවසෙනවා.
 
 

එක්සෙල් සිතුවම්කරනයට හොඳම මෘදුකාංගයකි???

      මයික්‍රසොෆ්ට් එක්සෙල් යනු නිර්මානශීලී අයෙකුට තම චිත්‍රකරනය සදහා අපූර්ව කැන්වසයක් ලෙසටද යොදා ගත හැකි බව 73 වියැති ජපන් ජාතික Tatsuo Horiuchi මහතා පෙන්ව දී සිටී.මෙවන් ක්‍රියාවන් සදහා බොහෝ  මෘදුකාංග ඇති මුත් එක්සෙල්ම මෙම සිතුවම් සදහා යොදා ගැනීමට ඔහු හේතුව ලෙස දක්වන්නේද ඉතාම සරල කාරනාවකි."බොහෝ මෘදුකාංග තිබුනද ඒවා අධික මිලවන අතර එක්සෙල් පරිගණකය සමගම පෙර ස්ථාපිතව පැමින ඇති නිසා තමන් එය ‍තෝරා ගත බවයි.ඒසේම ඔහු පවසන්නේ භෞතික වර්නයන් වලට වඩා මෘදුකාංගමය වර්ණයන් වඩත් පහසු බවයි.අනෙකුන් තම පරිගණක සමග එක්සෙල් භාවිතාකරනු දැක තම චිත්‍ර කරනය සදහා එය වඩාත් ගැලපෙන බව තීර්නය කල ඔහු තම නිර්මාන එකතුවන්ගෙන් චිත්‍ර ප්‍රදර්ශන පවත් වන ඩිජිටල් චිත්‍ර ශිල්පියෙකු බවට පත්වූ බවටයි පවසා සිටින්නේ.ජපන් ජීවන රටාව සංස්කෘතික වටිනාකම් ඔහුගේ සිතුවම් වල ප්‍රධාන මාතෘකාවවන බවයි පැවසෙන්නේ.

ඉන්ටෙල් 'Haswell' ප්‍රොසේසරය 50% ක බල පිරිමැසුම්දායකය......

              ඉන්ටෙල් ආයතනය පවසන්නේ තම මීලග ප්‍රොසෙසරය සමග පරිගණකයේ බැටරියේ බල සැපයුම සියයට 50කින් වැඩිකරලන්නට තමන්ට හැකිවනු ඇති බවයි. 'Haswell' ලෙසට සංකේත නාමයකින් හැදින්වෙන ඉන්ටෙල් ප්‍රොසෙසර් මීලග පරම්පරාවේ උපාංගයන් නිර්මානය කිරීමේදී මොබයිල් උපකරන සමග වඩාත් සහයෝගකින් ක්‍රියාත්මකවීමේ හැකියාව කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇතිව තමන් සැලසුම්කල නිසා මෙම ප්‍රථිපල ලබා ගත හැකිවූ බවටයි පවසා සිටින්නේ.ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මෙම ඉතිරිය කෙරෙහි බලාපනුයේ ප්‍රොසෙසරයේ සාමන්‍ය ක්‍රියාකාරීත්වයෙදී  වන බල භාවිතාව නොව පරිගණකයේ idle හා standby modes  අවස්ථාවලදී වඩාත් කාර්යක්ශමව  ක්‍රියාත්මක වීමට සැලැස්වීමෙන් බවයි.තම ප්‍රොසෙසරයන් භාවිතාවන  ටැබ්ලට් උපාංග  වල බල භාවිතය 7w දක්වා අඩුවී ඇති මුත් සාමන්‍ය ක්‍රියාකාරීතයේ කිසිදු වෙනසක් දක්නට නොලැබෙනු ඇති බවටයි සටහන්කර සිටින්නේ.

2013-05-20

"ඩෙල්" පරිගණකයක් ඔබගේ සාක්කුවේ රුවාලන්නට තීර්නය කරයි......

          එය දු‍ටු පමනින්  ඔනෑම අයෙකුට එක්වරම හැගීයනු ඇත්තේ ඩෙල් වෙතින් නිකුත්වන "පෙන් ඩ්‍රයිව්" උපාංගයක් වියයුතු බවයි. එනමුත් සැබෑව වන්නේ මෙය ඩෙල් වෙතින් නිකුත්වීමට නියමිත කුඩා පරිගණකයක් වීමය. "Project Ophelia" ලෙසට නම් කොට ඇති HDMI කවුලුවක් ඔස්සේ සම්බන්ද කොට භාවිතාකල හැකි බ්ලුටූත් හෝ වයිෆයි සබදතා හැකියාවෙන් යුක්ත අඩුමිලැති ටැබ් උපාංගයක හැකියාව ‍රැගෙන එන මෙම උපකරනය ඇප් සංවර්ධකයින් වෙතට මුලින්ම නිකුත්වීමෙන් අනතුරුව නුදුරු අනාගතයේදීම සාමාන්‍ය වෙළඳ පොල වෙත  නිකුත්වනු ඇති බවටයි තොරතුරු හෙලිවන්නේ. ක්ලවුඩ් ආකාරයේ ගොනු හැසිරවීමේ හැකියාව නිසාම පහසුවෙන් මෙම උපාංගයට අදාල දත්ත ගොනු අවශ්‍ය විටකදී වෙනත් උපාංගයක් මගින් හැකිවනසේ නිමවා ඇති මෙම උපකරනය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියක් සමග වෙළඳ පොලට පැමිනෙනු ඇති බවයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ. ඩොලර් 100ක මිලක් යටතේ එලබෙන ජූලියේ මෙම උපාංගය නිකුත්වෙනු ඇති බවටත් මේ වන විට බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා.

Unlocker 1.9.2

       දෛනික පරිගණක භාවිතයේදී හමුවන ගැටලු අතර යම් ගොනුවක් වෙනත් තැනකට ගෙනයන්නට හෝ මකා දමන්නට තැත්දරන විටකදී හමුවන ගැටලුවක් වන්නේ මෙහෙයුම් පද්ධතිය විසින් එය ප්‍රතික්ෂේප කිරීමයි."මෙම ගොනුව භාවිතාවෙමින් තිබේ" වැනි හේතුවක ස්ඩමග සමග පැමිනෙන මෙම ප්‍රතික්ෂේප කිරීම මග හැරීමට නම් සමහර විටක ඔබගේ පරිගණකය නැවත ආරම්භ කිරීම වැනි පියවරකට යන්නට සිදුවේ.මෙම අන්ලොකර් නම් මෘදුකාංගය ඔබගේ සහයට පැමිනෙන්නේ මෙවැනි අවස්ථාවකදීය. ඉහත කී අවස්ථාව ප්‍රමුකව යම් ගොනුවක් ඔබට අවශ්‍ය ආකරයට හැසිරවීම ප්‍රථික්ශේප වන විට මෙම මෘදුකාංගය ඉදිරිපත්ව එම ගොනුව "අන්ලොක්" කරමින් ඔබට සහය වනු ඇත.
http://www.emptyloop.com/unlocker/Unlocker1.9.2.exe

ෆොටෝෂොප් වින්ඩෝස් 8 ඇප් සංස්කරනයක් ලෙසට...

         ඇඩොබෙ ආයතනය තම සැලසුම්කර ඇති පරිදි ෆොටෝෂොප් වල වින්ඩෝස් 8 සදහා වන නිකුතුවට පෙර නොමිලේ භාවිතාකල හැකි වින්ඩෝස් 8 ඇප් මෘදුකංගයක් නිකුත්කරන්නට කටයුතු කර ඇති බවයි. එම ආයතනය පවසන්නේ මෙම නව ඇප් මෘදුකාංගය සමග ඡායාරුවක් සංස්කරනයේදී අවශ්‍යවන බොහෝ පහසුකම් වන බවයි. මෙම නව නිකුතුව වින්ඩෝස් ස්ටෝර් වල Photoshop Express  ලෙසට ලබා ගැනීමේ හැකියාව පවතින අතර ඇපල් හා ඇන්ඩ්‍රොයිඩ් වලදී මෙන් සාමාන්‍ය භාවිතාකරන්නන් අතර ජනංප්‍රියවනු ඇති බවටයි බලාපොරොත්තු පල කරන්නේ. මෙම නව සංස්කරනය සමග ඡායාරුවක පෙනුම වෙනස් කිරීමේදී වැදගත්වන ‍ෆිල්ටර්ස් 15කින් සමන්විත වන අතර ඡායාරුවක් ස්වංක්‍රීයව සැකසීමේ අංගය බ්‍රයිට්නස් සැකසිමේ හැකියාව ඇතුලු මූලික අවශ්‍යතා සියල්ලම වන බවයි දැක්වෙන්නේ. ආයතනය වැඩි දුරටත් පවසන්නේ කුඩා ගාස්තුවක් යටතේ "Noise Reduction Pack" හා "minimize grain " වනි පහසුකම්ද මෙම නොමිලේ ලැබෙන  ඇප් පහසුවට එකතුකර ගැනීමේ හැකියාව පවතින බවයි.

මයිරසොෆ්ට් ඔෆ්ෆීස් වෙබ් ඇප්ස් වලට අභියෝගයක්????

         වසරකට පමන පෙර ගූගල් ආයතනය විසින් අත්පත්කරගත්  QuickOffice   යනු  ස්මාර්ට් ෆෝන් හා ටැබ්ලට් සදහා ඇප් මෘදුකාංග නිර්මානය කරන අවකාශයක් වන අතර පලවන නවතම සටහන් පවසන්නේ මේ වන විට ගූගල් ආයතනය බ්‍රවුසරය සමග ක්‍රියාත්මක වන නොමිලේ භාවිතාකල හැකි ක්වික් ඔෆීස් සංස්කරනයක් නිකුත්කිරීම පිලිබදව අවධානය යොමුකර ඇති බවකි.දැනට ඇප් සංස්කරනයන් ලෙසට ක්‍රියාත්මක වන ක්වික් ඔෆ්ෆීස් මෘදුකාංග මයික්‍රසොෆ්ට් ඔෆීස් හි සියලුම ෆෝමැට්  සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වන අතර මෙම නව බ්‍රවුසර මිත්‍ර සංස්කරනය නිකුතුවක් වීම සමග මයික්‍රසොෆ්ට් වෙත යම් බලපෑමක් සිදුවනු ඇති බවටයි විචාරනය වෙමින් පවතින්නේ.
                           මයික්‍රසොෆ්ට් ආයතනයද පසුගිය සති කිහිපය සමග තම ඔෆ්‍ෆිස් ඇප් සදහා ප්‍රවර්ධන කටයුතු වැඩි අවධානයකින් ක්‍රියාත්මක කරමින් සිටින අතර පවසා සිටියේ ලගදීම තම ඔෆ්ෆීස් වෙන් ඇප් සදහා නව අංගකිහිපයක් හදුන්වාදීමට සූදානම් බවයි.වැඩිදුරටත් මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ තම ඔෆ්ෆීස් ගොනු ක්වික් ඔෆ්ෆීස් සමග විවෘත කල විට තම ඔෆ්ෆීස් ඇප් සමග විවෘත කල විට ලැබෙන පෙනුමට වඩා බෙහෙවින් වෙනස් ආකාරයක් ගන්නා බවයි.

යු ටියුබ් වසර 8ක් සපුරයි....

          වෙබ් අවකාශයතුල පවතින දෑ අතරින් සාමන්‍ය භාවිතාකරන්නෙකුට වඩාත් සමීප අංග අතර යු ටියුබ් අඩවිය  අමතක කල නොහැකිම අංගයක් ලෙසට පිලිගැනේ. අද දිනට වසර 8ක් සපුරන මෙම අඩවිය මේ මොහොත වන විට භාවිතාකරන්නන් අතර ජනංප්‍රියතාවයට හොදම සාධකයක් වන්නේ සාමන්‍යයෙන් විනාඩියකට පැය 100ක ධාවන කාලයක් ඇති වීඩියෝවන් මෙම අඩවිය වෙත නැංවෙමින් පැවතීමයි.ගූගල් ආයතනය පවසන්නේ 2013  වන විට යු ටියුබ් වෙත මාසිකව පැමිනෙන්නන්ගේ  පැමිනීම බිලියනය ඉක්මවමින් පවතින බවයි. මේ වන විට යු ටියුබ් හි මුදල් ගෙවා නැරබිය හැකි වැඩි පහසුකම් සහිත චැනලයන්ද ආරම්භකර ඇති අතර මයික්‍රසොෆ්ට් ආයතනය සමග වින්ඩෝස් ෆෝන් සදහාවන යු ටියුබ් ඇප් හි ක්‍රියාකාරීත්වය සමග ඒන වෙළඳ දැන්වීම් පිලිබදව ගැටලු සහිත බවක්ද මේ දිනවල කථා බහට ලක්වෙමින් පවතිනවා.

2013-05-17

ගූගල් ක්‍රෝම් භාවිතාකරන්නන් මිලියන 750 ඉක්මවයි...

         ගූගල් ආයතනය පවසන්නේ මේවන විට මිලියන 900ක් පමන ඇන්ඩ්‍රොයිඩ් උපාංග මේ වන විට සංක්‍රිය කර ඇති බවයි. එසේම ඇප්ස් බිලියන 48ක් ස්තාපනය කර ගැනීම් සටහන් වන බවත් ඔවුන් පවසා සිටිනවා. විචාරකයින් පවසන්නේ ඉදිරි මාස කිහිපය තුල ඇන්ඩ්‍රොයිඩ් සංක්‍රිය කරගැනීම් බිලියනය ඉක්මවීම සිදුවනු ඇති බවයි. එසේම ගූගල් ආයතනය පවසන්නේ තම ක්‍රෝම් බ්‍රවුසරය වෙතද සංක්‍රිය මට්ටමේ භාවිතාකරන්නන් මිලියන 750ක් රොක්ව ඇති බවයි. පසුගියදා තම ඇප් සංවර්ධකයින්ගේ හමුවේදී වැඩි දුරටත් එම ආයතනය පවසා සිටියේ ගෙවී ගිය මාස 12 සැලකීමේදී නව භාවිතාකරන්නන් මිලියන 300ක් තම ක්‍රොම් බ්‍රවුසර භාවිතයට පිවිසි බවයි.

ගූගල් මැප් නව සංස්කරනයක් ලගදීම!!

      ගූගල් මැප් ගූගල් සේවාවන් අතරින් කැපී පෙනෙන සේවාවකි. පසුගිය දිනවල ගූගල් මැප් වල නව සංස්කරනයක් පිලිබදව නිල නොවන තොරතුරු පැතිරෙමින් තිබුනු අතර පසුගියදා ගූගල් ආයතනය එම තොරතුරු සනාත කරමින් නව සංස්කරනයක් මුදා හැරීමට තමන් සුදානම් බව ප්‍රකාශයට පත්කලාය. ඔවුන් පවසා සිටින්නේ සම්පූර්නයෙන්ම පෘතුවිතලය ආවර්නය වන පරිදි සජීවී සැටලයිට ඡායාරූ ඔස්සේ එම මොහොතේ පවතින වලාකුලු තත්වයන් පවා දැක්වෙන ලෙස ආවරනයක් ලබා දෙන්ම්නට ගූගල් මැප් සේවාව මේ නව සංස්කරනයත් සමග සූදානම් බවයි. පෘතුවියේ රාත්‍රී කොටසේ විදුලි පහන් ආලෝකය මෙන්ම පසුබිම් අහස් දර්ශනයත් ‍රැගෙන එන නව සේවාවේ දර්ශනයන් මේ දින වල පැවැතෙමින් ඇති සංවර්ධකයින්ගේ දැවැන්ත හමුවේදී මුල්වරට ප්‍රදර්ශනය කරන්නට  ඔවුන් කටයුතු කර තිබුනා. ආයතනය පසව සිටියේ තවත් නවාංග කිහිපයක් ලගදීම ගූගල් මැප් වෙත පැමිනෙන්නට නියමිත බවත් ඒවාත් සමග භවිතාකරන්නන් හට තම ඡායාරූ  නැවීමේ පහසුව ඇතුලු නවාංග කිහිපයක් වනු ඇති බවයි.

ගූගල්+ වෙත නව දියුනු කිරීම් කිහිපයක් පැමිනේ...

             තම මෘදුකාංග සංවර්ධකයන්ගේ දැවැන්ත හමුවට සමාන්තරව ගූගල් ආයතනය තම ගූගල් ප්ලස් භාවිතාකරන්නන් වෙත නවාංග 41ක් හඳුන්වා දී තිබෙනවා. තම ගූගල් ප්ලස් සමාජ ජාලා  අඩවිය ඔස්සේ පමනක් හදුන්වාදී ඇති මෙම නව පහසුකම් සමග ජංගම මට්ටමේ උපාංග භාවිතය පහසු වීමත් ඡායාරූ බෙදා හදා ගැනීම වඩාත් පහසුකිරීමත් කැපී පෙනෙන අංගයන් වනවා. තම සමාජ ජාලා භාවිතාකරන්නෙකු පුලුල් තිර සහිත ජංගම උපාංගයකින් පැමිනෙන විට තීරු තුනක අවකාශයක් ඔස්සේ පල කිරීම් දැක බලා ගන්නට හැකිවීම සිත්ගන්නා සුලු වනු ඇති බවටයි එම ආයතනය පවසා සිටින්නේ. ස්වංක්‍රීයව ඡායාරූ සටහන් ටැග්වීමේ හැකියාව භාවිතාකරන්නාට අවශ්‍ය නම් පාලනය කිරීමේ හැකියාවකින් යුක්තව ඉදිරියේදී මුදා හැරෙන්නට නියමිත බවටත්  ගූගල් පවසා සිටිනවා. තවත් වැඩි අවධානයක්  ලැබෙනු ඇතැයි බලපොරොත්තු වන අංගයක් වන්නේ තම සමාජ ජාලය වෙත නැවෙන ඡායාරූවල තත්වය ඉහල නංවා ගැනීමට උපකාරී කර ගත හැකි ටූලයන්ය. මීට අමතරව ගූගල් සමාජ ජාලාවෙහි මුහුනත වඩාත් පැහැදිලි නවතාවයක් ගෙනෙන ලෙසට ලබාදී ඇති වෙනස්කම භාවිතාකරන්නනගේ සිත්ගන්නා සුලු කාරනයක් වනු ඇත.

ලොව ධනවත්ම මිනිසා ලෙසට බිල්ගේට් මහතා යලි නම්වේ!!!!

        2007 දක්වා කාලයතුල මයික්‍රසොෆ්ට් සභාපති මිල් ගේට් මහතාව සදහන් කෙරුනේ ලොව ධනවත්ම මිනිසා ලෙසට වුවද මැක්සිකානු දුරකතන සමාගමක හිමි මහත්මයෙකු(mogul Carlos Slim) එම තැන ලබාගත්තා පමනක් නොව නොබෝදා වන තෙක්ම එම ස්ථාවරය ‍රැක ගැනීමටද සමත්විය.පලවන වාර්ථා පවසන්නේ ගෙවී ගිය දිනයේදී යලිත් මයික්‍රසොෆ්ට් සභාපතිතුමන් යලිත් ලොව ධන්මවත්ම මිනිසා ලෙසින් පෙරට විත් ඇති බවයි. ඒ ඩොලර් බිලියන 72.7ක ධනත්වයක හිමිත්වය වර්ථ කරමින් වන අතර පෙර කී මැක්සිකානු  ව්‍යාපාරික මහතා ලොව දෙවන ධනවත්ම ස්ථාවරය වාර්ථා කරමින් සිටින්නේ ඩොලර් බිලියන 72.1ක ධනවත් කමක හිමිත්වය වාර්ථාකරමින්ය.එම වර්ථා වැඩිදුරටත් සටහන් කරන්නේ මෙම ස්ථාවරයන්ගේ වෙනසක් සටහන් වන්නේ කොටස් වෙළඳ පොලෙහි සිදුව ඇති මයික්‍රසොෆ්ට් කොටස්වල වටිනාකම් ඉහලයාමත් සමග වන අතර 2013 වසරේදී බිල් මහතාගේ හිමිත්වය ඩොලර් බිලියන 10කින් ඉහලට යන අතර ස්ලිම් මහතාගේ කොටස්වල වටිනා කම ඩොලර් බිලියන 2කින් පහල වැටීම එම සෙලවීම ලෙසටයි  මේ වන විට බිල් ගේට් මහතා තම බිරිඳ සමග එක්ව ලොව දිලිඳු මිනිසුන් වෙනුවෙන් විශාල පරිමානයෙන් සුබසාධක කටයුතු වල නිරතවෙමින් තම ධනයෙන් සේවයක් කරමින් සිටින්නෙකු ලෙසටයි පිලිගැනෙන්නේ.

2013-05-11

වසර 500 පැරනි ඩොලර් මිලියන 30.8ක් "නෝට් බුක්" එකක්!!!!!

       ප්‍රකට මාධ්‍ය ආයතනයක් පසුගියදා මයික්‍රසොෆ්ට් සභාපතිතුමන්ගේ පෞද්ගලික කාර්යාලය තුලදී කල මාධ්‍ය හමුවක් ප්‍රචාරය කරනු ලැබුවා.බිල් ගේට් මහතා එහිදී තමන් සතු වටිනාතම "නෝට් බුක්" එකක් එහි මාධ්‍ය වේදියාට පෙන්වා දෙනු ලැබුවා. වසර 500 පැරනි  ලෙනීඩෝ ඩාවින්චි විසින් සටහන් කරනු ලැබූ පි‍ටු 72ක් සහිත එම සටහන් පොත 1994දී  බිල්ගේට් මහතා විසින් ඩෝලර් මිලියන 30.8කට මිලදීගෙන සුරක්ශිතව තබාගෙන සිටින තමන් සතු වටිනා තම සැමරුමක් ලෙසට පවසා සිටිනවා. මිනිස් බුද්ධියේ අපූර්වතම චලනයක් ලෙසට සැලකෙන එම සටහන් පෙල තුල නෙක සොබාදහමේ ක්‍රියාවන් තම කාල පරාසයට බොහෝ සෙයින් ඉදිරියෙන් වන ලෙසට ලෙනාඩෝ ඩාවින්චි නම් අපූර්වතම මිනිසා සටහන් කොට ඇතිබවටයි බිල් ගේට් මහතා සදහන් කොට සිටියේ.
www.siriwansa.com
 

My Computer(XP) Computer(win7) This PC(win 8.1)

       සමහර විටක එය කුඩා වචනයක වෙනසක් ලෙසටද හැගීයන්නට පුලුවන. තවකෙකුට එය ගනන් නොගත යුතු තරමේ කුඩා චලනයක් ලෙසට හඳුනාගන්නට හැකිවනු ඇත. හදාරන්නන් පවසන්නේ සමහර කුඩා චලනයන් දෙස වුවද විමසිල්ලෙන් බලන විට වැදගත් අර්ථ රාශියක් ‍රැගෙන එන බවය. "මයි කම්පියුටර්" ලෙසට වින්ඩෝස් එක්ස් පී සමග ආ භාවිතාව වින්ඩෝස් 7 සමග "කම්පියුටර්" ලෙසට වෙනස් විය. එලබෙමින් ඇති වින්ඩෝස් බ්ලූ සංස්කරනයේ දැනට නිකුත්ව ඇති නොනිල සංස්කරනයන් යන්ගේ අවසන් පිටපතක් සැලකීමේදී එය "දිස් පී.සී" ලෙසට වෙනස්ව තිබීම හුදු පරිගණක භාවිතාවේ සීමාව තවදුරටත් ඔබ ඉදිරියේ ඇති භෞතික උපාංගය ඉක්මවන බවට මෙන්ම ඒ පිලිබදව වූ සම්ප්‍රධායික සිතුවිලි රටාව ඉක්මවන්නට කාලය පැමින ඇති බවට කරන ඉගියක් බදුය.
                                               උපාංගයෙන් උපාංගයට නිදහසේ ගලාගෙන යන භාවිතාවක්  යෝජනාවන නව භාවිතාව සමග වැදගත් ෆෝල්ඩර්ස් පහසුවෙන් බෙදා හදා හදා ගන්නට හැකිවන ලෙසට මෙහෙයුම් පද්ධතියේ මතුපිටට පැමින තිබීම අනාගතයේ පරිගණක භාවිතාව තුලදී උපාංග අනන්‍යතාවය සැගව ගොස් භාවිතාකරන්නා ප්‍රධාන වන නව ආකෘතිය නිර්මානයවීම ඇරබී ඇති බවට වැදගත් සධකයක් බවටයි හැදෑරීම් පෙන්වා දෙමින් සිටින්නේ.

වින්ඩෝස් බ්ලූ පෙර සංස්කරනයක් ජූනි අග නිකුත්වනු ඇත...

     මයික්‍රසොෆ්ති වින්ඩෝස් අංශ ප්‍රධානීතුමිය පවසා සිටින්නේ තම ආයතනයේ මෙහෙයුම් පද්ධති වල මීලග  ප්‍රධන සංස්කරනය වන "වින්ඩෝස් බ්ලූ" වල  පෙර සංස්කරනයක් ජූනි මස අවසානයට පෙර නිකුත්වීමට නියමිත බවයි. ඇය පවසා සිටින්නේ වින්ඩෝස් 8 යනු අනාගත පරිගණක භාවිතාව පිලිබද  උදාහරනය ලෙසට සැලකිය හැකිබව වන අතර තවදුරටත් ඩෙස්ටොප් ආකෘතිය ප්‍රධාන පරිගණක භාවිතාව වලංගු නොවන බවයි.කෙමෙන් එක්ස්.පී මෙහෙයුම් පද්ධතිය භාවිතාවෙන් අත්හැරමෙන් පවතින බවත් වින්ඩෝස් 7 භාවිතය බහුල වෙමින් පවතින බවත් වින්ඩෝස්8 වෙත පැමිනෙන්නන් ප්‍රමානය ඉහලයෑමද සැලකිය යුතු මට්ටමක පවතින බවටත් ඇය සදහන් කොට සිටිනවා.

යු ටියුබ් මුදල් ගෙවා නැරබිය යුතු චැනලයන් ඇරබේ....

    ගූගල් ආයතනයෙන් පිරිනැමෙන තවත් ප්‍රකටතම සේවාවක් වන යු ටියුබ්  අඩවියෙහි මුදල් ගෙවා නැරබිය හැකි චැනලයන් කිහිපයක් ඇරබීමේ සැලසුම මේ වන විට ක්‍රමයෙන් ඇරබී ඇති බවටයි තොරතුරු පවසන්නේ. ඔවුන් පවසන්නේ ඩොලර් ශත 99 සිට 2.99 දක්වා වන මිලයටතේ යුටියුබ් චැනලයන් 50ක් පමන මේ වන විට ක්‍රියාත්මක වෙමින් ඇති අතර දින 14ක නොමිලේ ලැබෙන අත්හදා බැලීමේ කාලයක්ද ලබා ගත හැකි බවටයි ඔවුන් පවසන්නේ. කුඩා දරුවන් සදහා වන චැනලයන් ස්වභාවික පරිසරය ආදී විවිධ වටිනාකම් සහිත චැනලයන් මේ වන විට මෙම සේවාව යටතේ ක්‍රියාත්මක අතර ඉදිරියේදී ප්‍රකට සිනමා සමාගම් කිහිපයක්  යටතේ වන යු ටියුබ් චැනලයන් සැලසුම් වෙමින් පවතින බවටයි වැඩිදුරටත් සදහන් කරන්නේ.

2013-05-07

ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 8 භාවිතාකරන්නන් වෙත අනතුරු ඇඟවේ.......

          ගෙවීගිය සිකුරාදා වන විට මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටියේ  ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 8 හි පෙර සැකසුම් දුර්වලතාවය තමන් හදුනා ගෙන ඇති බවයි. ආයතනිකව බහුල භාවිතයක් ඇති මෙම බ්‍රවුසර දුර්වලතාවය ඔස්සේ  වෙබ් අඩවි වෙත හානිකර මෘදුකාංග ආකාරයේ ආසාදනයන්හට පහසුවෙන් විවරවීමේ හැකියාව පිලිබදවද ඔවුන් අනතුරු අගවා සිටින්නට යෙදෙනු ලැබුවා.පලවන නවතම වාර්ථා පවසන්නේ ප්‍රකට පෙලේ වෙබ් අඩවි කිහිපයක්ම මේ වන විට හානිකර මෘදුකාංග ඔස්සේ ආසාධිතව තම අඩවි වෙත පැමිනෙන්නන් වෙනත් අඩවි වෙත හරවා යැවීමේ තත්වය  වෙත මේ වන විට පත්ව ඇති බවයි. ඇමරිකානු රාජ්‍ය මට්ටමේ ආයතන කිහිපයක් ඇතුලු වෙබ් අඩවි 9ක් මේ වන විට මෙම තත්වය පෙන්නුම් කරමින් සිටින බවටයි වාර්ථා පවසන්නේ.
                                  මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටින්නේ මෙම දුර්වලතාවය සදහා තම ආයතනයේ අවධානය යොමුව ඇති බවත් පිලිසකර යාවත්කාලීනයන් සදහා කටයුතු කරමින් සිටින බවත් වන අතර එහි නිකුතුව පිලිබදව දින වකවානු නිකුත් කර නොමැති වෙනවා. කෙසේ වෙතත් භාවිතාකරන්නන් හට මේ වන විටත් උපදෙස් නිකුත්ව ඇත්තේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 හෝ 10 වෙත තම බ්‍රවුසර සංස්කරනය ඉහල නංව ගැනීමට කටයුතු කිරීම වැදගත් වන බවයි.

වින්ඩෝස් 8 බලපත්‍ර නිකුතුව මිලියන 100 ඉක්මවයි.....

          මයික්‍රොසොෆ්ට් පවසන්නේ තම වින්ඩෝස් 8 මෘදුකංගය සදහා  බලපත්‍ර නිකුතුවන් මිලියන 100යේ සීමාව  මේ වන විට ඉක්මවා ඇති බවයි.මෙම වසරේ ජනවාරි වන විට මෙම සංක්‍යාව මිලියන 60ක සීමාවේ පැවති බවටයි පෙරදී සටහන්ව තිබුනේ.එසේම නිල ලෙස වින්ඩෝස්8 සදහා  නිර්දේශ සහතික ලත් උපාංග සංක්‍යාව 2400 දක්වා ඉහල ගොස් ඇති බවයි. වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය මයික්‍රසොෆ්ට් ආයතනය පසුගිය ඔක්තෝබර මාසයේ නිකුත්කල අතර ගතව ගොස් ඇති මාස 6.5ක කාලය සලකන විට මාසිකව මිලියන 15ක වේගයකින් නව වින්ඩෝස් 8 බලපත්‍ර අලවියක් සිදුවෙමින් පවතින බවටයි ගනනය වෙමින් ඇත්තේ. වැඩි දුරටත් ඔවුන් පවසන්නේ වසරේ පලමු භාගය තුල සාමන්‍යයෙන් සිදුවන පරිදි මෙහෙයුම් පද්ධති අලවියේ පහල වැටීම මේ වන විට අත්විඳිමින් තිබෙන බවයි.
                                 වින්ඩෝස් 8 ඇප් ස්ටෝර්ව සැලකීමේදී මිලියන 250ක ඇප් බාගත කිරීමක් මේවන විට වාර්ථාවෙමින් පවතින බවට සටහන් වන අතර ස්කයිඩ්‍රයිව් භාවිතය මිලියන 250 දක්වා ඉහල ගොස් ඇති බවටත් වාර්ථා පවසමින් සිටිනවා.

2013-05-03

ඔබගේ මුහුනට මවුසයක්ද වියහැක??????

          මයික්‍රසොෆ්ට් ආයතනය තම ක්නෙක්ට් තාක්ශනය මේවන විට සාමන්‍ය පරිගණකය වෙතටද ‍රැගෙන එන්නට කටයුතු කරමින් සිටී. මිට පෙර වාර්ථ වූ පරිදි දෑතේ චලනයන් ඔස්සේ පරිගණක මවුසයේ කාර්යභාරය ඉ‍ටුකර දෙන්නට සමත් මෘදුකාංගයක් සංවර්ධනය කෙරෙහි ආයතනය කටයුතු කරමින් සිටින ලද අතර නවතම වාර්ථා පවසන්නේ ඔබගේ මුහුනේ චලනයන් කර්සරයේ චලනයන් බවටත් දෙනෙත් වල චලනයන් මවුසයේ ක්ලික් විධානයන් බවට පත්කිරීමටත් හැකිවන ආකාරයේ මෘදුකාංග ගොඩ නැගීමක් මේ වන විට සාර්ථකව අවසන් වෙමින් පවතින බවයි. පහත දැක්වෙන වීඩියෝව ඔස්සේ මෙම ගොඩ නැගීම පිලිබදව අදහසක් ඔබටත් ලබා ගන්නට හැකිවනු ඇති අතර ආයතනය මුලින්ම මවුසයක් හදුන්වාදී වසර 30 සපිරෙන මොහොතකදී හදුන්වා දෙන මෙම නව තාක්ශනික භාවිතාව (FaceMouse) තොරතුරු තාක්ශනයේ වේගවත් වර්ධනය පැහැදිලි කරන්නක් බවටයි පිලිගැනෙන්නේ.

 

Outlook.com සමග මිලියන 400ක භාවිතාකරන්නන් පිරිසක්......

             මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ තම Outlook.com ඊමේල් සේවා වෙබ් අඩවිය සමග මේ වන විට මිලියන 400ක සංක්‍රීය භාවිතාකරන්නන් පිරිසක් එක්ව සිටින බවයි. ඒතුල මිලියන 125ක්ම මොබයිල් ආකාරයේ භවිතාකරන්නන් වන බවත් ඔවුන් පවසා සිටිනවා. 2012 ජූලි මාසයේ මුලින්ම මෙම නව වෙබ් සේවාව ඇරබි අතර ක්‍රමයෙන් වඩ වඩාත් අමතර සේවාවන් හදුන්වා දෙමින් තම තරගකාරී ජීමේල් සේවාවට වඩා ඉදිරියට පැමිනෙන්නට කටයුතු කරමින් සිටිනවා. මෑතකදී තම ස්කයිප් සේවාවද යාකරමින් තම වෙබ් මේල් ගිනුම මතම සිටිමින් පහසුවෙන් එහි සබදතාවලට දුරකථන ඇමතුම් ගැනීමේ පහසුවද ලබා දෙනු ලබුවා. අද හදුන්වා දුන් SMTP send සමග පහසුවෙන් වෙනත් ඊමේල් ලිපිනයන් සමග කටයුතු කිරීමේ හැකියාව ලැබෙන බවටයි ආයතනය පවසා සිටින්නේ. තම පැරනි සේවාවක්වූ හොට්මේල් භාවිතාකරන්නන්ගේ සියලු තොරතුරු මයික්‍රසොෆ්ට් ආයතනය විසින් නව සේවාව වෙතට නංවා ඇති අතර පෙටාබයිට 150ක දත්තයන් සති කිහිපයක් තුලදී ගැටලුවකින් තොරව හුවමාරුකරන්නට තමන්ට හැකිවූ බවටයි පවසා සිටින්නේ.

මයික්‍රසොෆ්ට් ප්‍රථම මවුසයට වසර 30ක් සපිරේ...

           1983 මැයි මස 2දා මයික්‍රසොෆ්ට් සමාගම තම ප්‍රථම මවුසය වෙළඳ පොල වෙතට නිකුත්කරන ලදී. එම නිකුතුව සිදුව වසර 30ක් අවසන්ව ඇති මෙම මොහොතවන විට ස්පර්ශක තිර මිත්‍ර වින්ඩෝස් 8 නිකුත් කරමින් පරිගණක භවිතාව නව කඩ ඉමකට ‍රැගෙන යන්නට එම ආයතනය කටයුතු කර ඇතුවා මෙන්ම වඩාත් කායක්ශම මවුසයක් වෙනුවෙන් තවමත් අත්හදා බැලීම් සිදුවෙමින් පවතින බවටයි දක්නට ලැබෙන්නේ.තම ප්‍රථම මවුසය  සංස්කරන දෙකකින් නිකුත්කරන්නට එවකට මයික්‍රසොෆ්ට් ආයතනය ක්‍රියාකල අතර එකක් අයිබීඑම් පරිගණක සදහාත් අනෙක එම් එස්-ඩොස් සදහාත්වූ බවටයි සඳහන් වන්නේ.මුලදී යාන්ත්‍රික ක්‍රියාකාරීත්වයකින් සැදි මවුසයක් වූ මුත් මේ වන විට ලෙසර් ආශ්‍රිතව ක්‍රියත්මක වන මවුසයන් භාවිතාවෙමින් ඇති අතර තවමත් ඩෙස්ටොප් පරිගණක භාවිතාකරන්නන් අතර වඩාත් ජනංප්‍රිය භාවිතාව වන්නේ කීබෝර්ඩ් මවුස් මූලික පරිගණකය මෙහෙයවීම බවටයි පිලිගැනෙන්නේ.

2013-05-02

බොහෝ දියුනු උපාංග සමහර භාවිතාකරන්නන් සදහා ගෝත්‍රික පලදනාවකට වඩා යමක්.........

...............එය ප්‍.රකට විද්වතෙකුගේ ආරාධිත දේශනයක් වූවාය. මිනිසුන් සදහා සියල්ල පමනකම නොව දියුනු උපාංග සදහාද මිනිස් ජීවන රටා උස්තල ගැන්විය යුතු තැන්ද ඇති බවට කලාන්තිරයක් තිස්සේ ප්‍රායෝගිකව ඔප්පු වෙමින් ඇති මුත් සාමන්‍ය නොසලකා හැර ඇති කාරනය නැවත මිනිස් කථබහට කැදවන්නට පුරෝගාමී කාර්යයක් ඉ‍ටුකල මිනිසුකුද වූවාය."බොහෝ විට දේශපාලනික , සංස්කෘතික , ආගමික පමනක්ම නොව කලාතුරකින් ගෝත්‍රික සම්මතයන් අනූව යමින් දියුනුවන  විෂයන් මිනිස් වර්ගයා වෙත ගෙනවිත් ඇති වඩාත් දියුනු හුරු පුරුදු ප්‍රතික්ශේප කරන යුරු දකින විට මහත් කනගා‍ටුවක් ඇතිවේ" ඔහු තම දේශය අරබමින් පැවසුවාය.දශක කිහිපයකට පෙර ලොව විසූ භෞතික විද්‍යාව පිලිබදව ප්‍රවීනයෙකු යලිත් ඉස්මතුකර පෙන්වූ මතවාදයක් වූ පෘතුවි මිනිස් වර්ගයා තවමත් ඉතා පාථමික අවස්ථාවක සිටින බවත් තම ජීවිත වලට බලපාමින් සිටින කාලගුනය වැනි කාරනාවක් වත් පාලනය කරගැනීමට නොහැකි මට්ටමේ සිට තම හිරුමඬල පමනක් නොව වෙනත් මන්දාකිනි විනිවිද යමින් විශ්වය තම නිවහන කර ගත් දියුනු සංස්කෘතියක් දක්වා වන බොහෝ දුරක් යාමට ඇති බවත් ඔහු යෝජනාකරමින් සිටි ආකාරය විස්තර කර දුන්නාය. "සමහර විටක තාක්ශනය වඩා ඉක්මන් වූවා විය හැකියි. ඒ දියුනු තාක්ශනික රටා ඉල්ලා සිටි වඩාත් දියුනු මිනිසා නිර්මානය කරන්නට ස්වාභාවික ජීව ක්‍රියාවලියට කල් මදි වූවාද වෙන්නට පුලුවන්. බොහෝ දියුනු උපාංග සමහර භාවිතාකරන්නන් සදහා ගෝත්‍රික පලදනාවකට වඩා යමක් වන්නට බැරිවිම හරිම කනගා‍ටු දායක තත්වයක්ද වුනා..........

2013-05-01

මිනිස් වර්ගයාගේ දත්ත විෂය පිලිබද බහුමානී චාරිකාව අවසන් අදියරට .......

මද වෙහෙසකර වුවත් ප්‍රබෝධය විසින් ඒ සියල්ල යටපත් කරවන මිනිස් වර්ගයාගේ දත්ත විෂය පිලිබද බහුමානී චාරිකාව අවසන් අදියරට ලංවෙමින් සිටියෙමු. පසුවදනක් ඇරබින. "ඔබ ඒ පසුකරමින් සිටියේ දත්ත මිනිසාගේ අද දක්වා වූ අපූරු කතාන්දරයේ අතිශය කෙටි සංශිප්තයකට පමනී. කැපී පෙනෙන හැරවුම් ලක්ෂ හා මිනිසුන් ගැන එම සටහන සෑම සත්‍යට බොහෝ දුරකට ලංව ඇතැයි මම විස්වාශ කරමි. බොහෝ අපූරත්වයන් පෘතුවිය මතට ගෙන ආ තවත් මිනිසුන් කොටසක් සටහනක් නොතබාම පෘතුවිය හැරගොස් ඇති බව කරුනාකර අමතක නොකරන්න. ඔබ පිවිසෙමින් ඇති භූමිය අපූරු මිනිසුන් බිහිකරන තැනක් නොවේ.සමහර විට ඔබගේ අපූරු බව මද පසුබෑමකට ලක් කරන තැනක්ද විය හැකිය. මෙතැනදී ඔබට ලැබෙනුයේ අතීත දැනුම පමනකි. ඊට අමතරව සුලු අනාගත නිර්මාණශීලීත්වයකට උත්සාහ ගන්නවා ඇත. මෙහිදී ඔබට ලැබෙන සමහර තීර්නාත්මක බුද්ධිකාරනා නිර්මානය කල සමහර මිනිසුන් තම ජීවිතකාලය තුල කවරදාකවත් උසස් අධ්‍යාපන ආයතන තබා ද්විතීක අධ්‍යාපනය ආයතනයකට පවා ගොඩ නොවුවන් බව මා ඔබට මතක්කරදෙන්නේ ඔවුනට අපහාස කරන්නට හෝ ඔබේ මේ පිවිසුම අවතක්සේරු කරනු සදහා නොවේ. දැනුම සමහරවිට මහා කලුගල්සේ ඔබව ඔබව ඇද බැද තබන්නට පෙලබෙනු ඇත. එහෙත් නිර්මානශීලී මිනිසුන් එයින්ම විසල් මුත් සැහැල්ලු අත්ත‍ටු නිර්මානය කොටගෙන අනගතයට නිදහසේ පියබා යති. ඔබත් දෙවන වර්ගයේ මිනිසෙකු වනු දැකීම මගේ පැතුමයි. ස්තුතියි.... මම බීටාව.
www.siriwansa.com
 

වින්ඩෝස් ෆෝන් සදහා ෆේස්බුක් නව ඇප් බීටාවක් නිකුත්වේ.........

                 මයික්‍රසොෆ්ට් ආයතනය තම වින්ඩෝස් දුරකථනය සදහා ෆේස්බුක් ඇප් මෘදුකාංගයක බීටා සංස්කරනයක් මේ වන විට නිකුත්කොට තිබෙනවා.ආයතනය පවසන්නේ ෆේස්බුක් සදහා වන තම නිල ඇප් මෘදුකාංගයේ මෙම පෙර සංස්කරනය සමග ඉදිරියේදී පැමිනෙන්නට නියමිත අවසන් මෘදුකාංගය සදහාවන විශේෂත්වයන් බොහොමයක් දැකිය හැකිවනු ඇති බවයි. ඔවුන් පවසන්නේ දැනටමත් වැඩි ඉල්ලුමක් සහිත කාරනාවන් වන සුපැහැදිලි ඡායාරූ සටහන් , පලකිරීම් පහසු වෙන් බෙදාහදා ගැනීම් , ෆේස්බුක් ටයිම් ලයිනය මෙම නව ඇප් නිකුතුව සමග වැඩි පහසුවෙන් භාවිතාකරන්නන් වෙත ‍රැගෙන විත් ඇති බවයි.මෙම නව බීටා මෘදුකාංගය තම ඇප්ස් ස්ටෝර්ව තුල අඩංගු නොවන අතර එය පහත දැක්වෙන සබදතාවය ඔස්සේ ලබා ගත හැකිවනු බව අතර දැනට භාවිතාවන ෆේස්බුක් ඇප් සංස්කරනය (version 4.2.1) සමග වෙන වෙනම ගැටලුවකින් තොරව ධාවනය කිරීමට හැකිවනු ඇති බවයි.

වින්ඩෝස් 8.1 සමග alarm ඇප් මෘදුකාංගයක්!!!!

            පැමිනෙන්නට නියමිත වින්ඩෝස් 8.1 කෙරෙහි ඇත්තේ මහත් අවධානයකි. ලොව වටා වෙසෙන නෙක හාදාරන්නන් වින්ඩෝස් 8.1 සමග පැමිනෙන නවතාවයන් පිලිබදව නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටී. මේ වන විට බිල්ට් 9385 සංස්කරනයේ නොනිල පිටපතක් අන්තර්ජාලයට මුදහැරෙන තෙක් ඔවුන් බලා සිටින අතර දැනට නිකුත්ව ඇති වාර්ථාවලට අනූව මෙහෙයුම් පද්ධතියේ සුමට ගලායාම හා වඩාත් විස්වාසනීය ශක්තිමත් බව වැනි ගුනාංග වල වැඩි දියුනුකිරීම් බොහොමකින් සමන්විත වන බවටයි බලපොරොත්තු පලවන්නේ. නිකුත්ව ඇති අලුත්ම ඡායසටහනක් පවසන්නේ නව සංස්කරනය සමග නවාංගයක් ලෙසට ඇප්මෘදුකාංගයක් ලෙස alarm හදුන්වා දීමක් පිලිබදවය.notification center  හා lock ස්ක්‍රීන් වලදී හමුවන්නට නියමිත මෙම නවාංගයේ වැඩිදුර විස්තර තවමත් හෙලිවී නැති අතර ඉදිරි දින කිහිපය තුලදී නොනිල ලෙස පිටවෙතැයි බල පොරොත්තුවන නව සංස්කරන පිටපත සමග මෙම ගැටලුව වෙත පැහැදිලි පිලිතුරක් ලැබෙනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...