මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ තම Outlook.com ඊමේල් සේවා වෙබ් අඩවිය සමග මේ වන විට මිලියන 400ක සංක්‍රීය භාවිතාකරන්නන් පිරිසක් එක්ව සිටින බවයි. ඒතුල මිලියන 125ක්ම මොබයිල් ආකාරයේ භවිතාකරන්නන් වන බවත් ඔවුන් පවසා සිටිනවා. 2012 ජූලි මාසයේ මුලින්ම මෙම නව වෙබ් සේවාව ඇරබි අතර ක්‍රමයෙන් වඩ වඩාත් අමතර සේවාවන් හදුන්වා දෙමින් තම තරගකාරී ජීමේල් සේවාවට වඩා ඉදිරියට පැමිනෙන්නට කටයුතු කරමින් සිටිනවා. මෑතකදී තම ස්කයිප් සේවාවද යාකරමින් තම වෙබ් මේල් ගිනුම මතම සිටිමින් පහසුවෙන් එහි සබදතාවලට දුරකථන ඇමතුම් ගැනීමේ පහසුවද ලබා දෙනු ලබුවා. අද හදුන්වා දුන් SMTP send සමග පහසුවෙන් වෙනත් ඊමේල් ලිපිනයන් සමග කටයුතු කිරීමේ හැකියාව ලැබෙන බවටයි ආයතනය පවසා සිටින්නේ. තම පැරනි සේවාවක්වූ හොට්මේල් භාවිතාකරන්නන්ගේ සියලු තොරතුරු මයික්‍රසොෆ්ට් ආයතනය විසින් නව සේවාව වෙතට නංවා ඇති අතර පෙටාබයිට 150ක දත්තයන් සති කිහිපයක් තුලදී ගැටලුවකින් තොරව හුවමාරුකරන්නට තමන්ට හැකිවූ බවටයි පවසා සිටින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...