2020-03-31

උපකරනයේ ව්‍යාකරනයන්...

සැබෑවනම් පරිගණකය යනු සීමාන්තිකව ජීවිතය උත්කර්ෂවත් කරන උපාංයක් වීමය. එහිවන ශක්‍යතාවය අවසන් නොවන දිගුවන් ලෙසට ජීවිහය තුලට  මෙන්ම සමජය තුලට ගෙන විත් ඇති මෙන්ම ගෙනෙන්නට සූදානම් වන භාවිතාවන් අපමනකි. හෙටට බිහිවන පුරවැසියට මේ අපූරු උපකරනයේ ව්‍යාකරනයන් වඩාත් පැහැදිලි විය යුත්තේ මේ තීරනාත්මක බව නිසාය.
- Pubudu Siriwansa
#siriwansa

2020-03-30

පැමිනි ආගන්තුක අභියෝගය..

නොසිතූ මොහොතක ලොව වෙත පැමිනි ආගන්තුක අභියෝගය ලොව පුරා වන නෙක සමාජ සැකසුම් වල ස්වභාවයන් පැහැදිලි කර දෙමින් සිටී.
"THARU MINISA"
- Pubudu Siriwansa

2020-03-28

මිහිමත ආධිපත්‍ය

වඩාත් රෞද්‍රම හෝ වේගවත්ම සත්වයා නොවුනු ඔවුන් මිහිමත ආධිපත්‍ය අරගලය ජය ගත්තේ තම මනසේ දියුනු වූ හැකියාවන් ගෙනි. අප පසුකරමින් සිටින යුගය වන්නේ මෙම හැකියාවද යන්ත්‍රික කරදමන යුගයයි. එබැව්න්ම එලබෙන යුගය කවර අයුරු ගනීද යන්න තවමත් විවෘත පැනයක්ව තිබේ.
"Tharu Minisa"
- Pubudu Siriwansa

2020-03-23

පරිගණකය හා එහි ආධිපත්‍ය

පරිගණකයට උපාංගයක් ලෙසට මෙන්ම භාවිතාවක් ලෙසට ආවේනික දේශපාලණයක් තිබේ. මේවා තවදුරටත් ඔබේ යටහත් පහත් සේවකයන්ම නොවේ. සමහර විටක අප ප්‍රබන්ධ ආකාරයට අත්විඳි ආධිපත්‍ය පැමිනෙනවා ඇත්තේ වෙනස්ම ආකාරයකට විය හැක.
"THARU MINISA"
- Pubudu Siriwansa

2020-03-22

දියුනු තරු අළු ගොනු..

ඔහු තත්වය පැහැදිලි කරන්නේ වඩාත් අපූරු ආකාරයටය. විශ්වයේ තවත් සිටිය නොහැකිද අපි වගේම ඉහලට එසැවුනු තරු අළු ගොනු. ස්වයංව චලන නිදහස දිනාගත් තරු අළු ගොනු, මතක තබා ගැනීමේ හැකියාවක් දිනාගත් තරු අළු ගොනු, එම මතකයන් නැවත සකසමින් වඩාත් දියුනු තීර්න ගතහැකි තරු අළු ගොනු. අවසානයේ තම සාර්ථක අත්පත් කරගැනීම් යාන්ත්‍රික කර දමන්නට සමත්වුනු දියුනු තරු අළු ගොනු.
"Tharu Minisa"
- Pubudu Siriwansa

2020-03-21

මේ මහත් ව්‍යසනයෙන්..

මේ මහත් ව්‍යසනයෙන් පසුවද මිහිමත මිනිස් කථාන්දරය දිගටම ලියවෙනු ඇත. වැදගත්ම කාරනය වන්නේ මේ කම්පනීය අත්දැකීම ඔවුන්ගේ ජාති ආගම් කුල මල "මාන" වලට ඔබ්බෙන් මොන ආකාරයේ වෙනස්කම් යෝජනා කර ඇත්දැයි හා මිනිස් වර්ගයා එය මොන තරමට, මොන ආකාරවලට තේරුම් ගනු ඇත්දැයි යන්නය.
"THARU MINISA"
- Pubudu Siriwansa

2020-03-20

හෙට මිනිසා ..

මේ විසල් අවකාශය මත සාමය බිඳින්නෝ බොහෝය. ඒවා තාක්ෂණික ස්වභාවයේ සිට නොඳියුනු මිනිස් ස්වභාවය දක්වා විශාල වපසරියක වන බවද සත්‍යයකි. එනමුත් එලබෙන යුගයේ මිනිස් කථාන්දරය වඩ වඩාත් තොරතුරු තාක්ෂණය මත රැඳිමද වඩ වඩාත් විස්වාසනීය වෙමින් ඇත. ඔබේ මනසේ පිටපතක් ඔබගේ සේවා කාර්යාලයේ සර්වරයක් මත යාත්‍රික බව හා මිනිස් බව අතර අවකාශයේ අඩුව සපුරන දවස සියවසක් තරම් ඈත නොවනු ඇත. අඩුම තරමින් එම තනතුරෙහි නාමය ගැනවත් අපට අදහසක් තවමත් නැති බව පමනක් සත්‍යයකි.
" Tharu Minisa "
- Pubudu Siriwansa 

2020-03-19

නව ලිබරල්වාදී..

සමහර විටක යම් සමාජ පරිසරයක නව ලිබරල්වාදී ස්වභාවය සාර්ථකව අත්හදා බැලෙන්නේ නම් එයට හේතුව වඩාත් වගකීම් සහිත හා විනයක් ඇති ප්‍රාග්ධන සමුච්චන ඒ සදහා මැදිහත් වීම මෙන්ම අන්තවලින් තොර රාජ්‍ය යාන්ත්‍රන මේවා සාර්ථකව පාලනයට මැදිහත් වීමත් විය හැක.
THARU MINISA
- Pubudu Siriwansa

2020-03-18

දේශපාලන පක්ශයක..

ඒ ඒ කාලයට, දේශයට වඩාත් ගැලපෙන වඩාත් ඵලදායී මතවාදී හිසක් සේම ශක්තිමත් මෙන්ම කාර්යක්ශම පුද්ගල සබඳතා කයක් සාර්ථක දේශපාලන පක්ශයක මූලිකම සංයුතිය වියයුතුය. 
"THARU MINISA"
- Pubudu Siriwansa"

2020-03-16

ප්‍රාථමික ජීවවිද්‍යාත්මක සධකයක් ..

වසර දහස් ගනනක් වයසැති පෘතුවිය මත මිනිස් කථාන්දරයේ ව්‍යුහය ප්‍රාථමික ජීවවිද්‍යාත්මක සධකයක් විසින් අනුකම්පා විරහිත ලෙස නැවත විමසන ආකාරය විස්මිතය.
"THARU MINISA"
- Pubudu Siriwansa

2020-03-11

දේශපාලණ..

වැඩවසම් නැතිනම් පාරම්පරික එසේත් නැතිනම් ස්නායුගත දේශපාලණ දේහයට හිසක් නැතිනම් මතවාදී මෙහෙයවීමක් එක්වීමෙන් නවීන දේශපාලණය බිහිවිය.
"Tharu Minisa"
- Pubudu Siriwansa

2020-03-09

හදාරන්නන් තවමත් එලබෙන යුගය ...

හදාරන්නන් තවමත් එලබෙන යුගය දෙසට හෙලන්නට කැමති වන්නේ උභතෝකෝඨික මිත්‍ර දැක්මකි. "බාහු හැකියාවේ සිට සියුම් ස්නායු හැකියාව දක්වා දෑ යාන්ත්‍රිකවීමට වඩා තත්වය සංකීර්න වනු ඇත" ඔවුන් පවසයි. මනස යාන්ත්‍රික වීමත්, එයටත් වඩා  ඒවා ජාලගතවීම ඔස්සේ නිර්මාණය වන සාමුහික විඥානය පමනක් නොව එය ස්වායන්තවීමේ අනතුර ඔවුන් විග්‍රහකරන්නට කැමති වන්නේ භීතික ආකාරයටය.
" Tharu Minisa "
- Pubudu Siriwansa

මාධ්‍ය ඔබව පාලනය..

සත්‍යය නම් අද වන විට මාධ්‍ය ඔබව පාලනය කරමින් සිටින්නේ "ඔබ සිතනවාට වඩා" නොව "ඔබට සිතන්නට කිසිවක් ඉතිරි නොකරන" තරමටය. කාරනය වඩාත් භ්‍යානක වන්නේ පෞද්ගලිකව ඔබ මාධ්‍ය මග හැර සිටීමෙන් මෙම සත්‍යයෙන් මිදින්නට නොහැකි නිසාය.
"Tharu Minisa"
- Pubudu Siriwansa

2020-03-08

උපාංග හා ඇබ්බැහිය...

තාක්ශනය එක් කාරනාවකි. එම තාක්ශන භාවිතාව සමාජ පරිසරය මත ඇති කරන සංස්කෘතිය තවත් කාරනාවකි. සරල කරන ලද තොරතුරු උපාංග භාවිතාව මිනිසුන් මත නිර්මාණය කරමින් තිබූ ඇබ්බැහියට ඒවා නිර්මානයේදී මූලික වූ අයවලුන් පවා බියවූ බවක් එම උපාංග තම පෞද්ගලික පරිසරයේදී සීමාකිරීමට ගත් පියවරවල් අපට පෙන්වා දෙයි.
"Tharu Minisa"
- Pubudu Siriwansa

2020-03-07

විශ්වයේ ඔනෑම පෙදෙසක ඉදිවන ..

විශ්වයේ ඔනෑම පෙදෙසක ඉදිවන ජීවයේ මුල් නිමැවුම්කරුවා ස්වාභාවිකත්වය වියයුතිය. අනතුරුව ඔවුන් මත ඉදිවන සංස්කෘතික සාධකය අනන්‍ය කථාන්දරය අරබන්නට කටයුතු කරයි. තම නිර්මාණශීලී මනසින් ඔබ්බට වන පොදු අවකාශය මත සත්‍යවන විද්‍යාත්මක සාධකය අනතුරුව පැමිනෙයි. තාක්ශනික සාධකය දෑ ස්වංක්‍රීය කර දැමීමෙන් එම ජීව කොටස මත පැවැත්මේ එක වටයක් සාර්ථකව අවසන් කල බවට සටහනක් තබයි.
"Tharu Minisa"
- Pubudu Siriwansa

2020-03-04

පරිගණකය

මිනිස් කථාන්දරයේ වන අපූරුතම අත්පත් කර ගැනීම පරිගණකය විය යුතුය. "මතක තබා ගැනීම" මෙන්ම "එම මතකයන් යලි යලි සැකසීමේ" හැකියාව මිනිස් කථාන්දරයේ කේද්‍රය වන "මනසේ" යාන්ත්‍රික කරන ලද අනුරුවයි. කෘතීම බුද්ධිය සමග උත්කෘෂ්ඨ වන එම වෙගවත් හා බහුල ජාලගතවීම සමග විශ්ව මනස සංකල්පයද ඉදිරියේදී සාර්ථකව අත්පත් කර ගනු ඇත.
- Pubudu Siriwansa

2020-03-01

රූපවාහිනී නාලිකා..

ගෙයි මැදසාලයේ විරාජමාන වූ පුළුල් තිරයක් සහිත රූපවාහිනී නාලිකාවල ප්‍රමුක බව කාර්ය බහුල භාවිතාකරන්නාගෙන් වැඩි තේරිම් අවස්ථා හා තවත් නම්‍යතා සමග වෙගයෙන් අතාර්කික වෙමින් ඇත. තවත් අතකින් වෘතීය සංනිවේදකයා හා සරල ග්‍රාහකයා එකිනෙක මිශ්‍ර වෙමින් සිටී. 
- Pubudu Siriwansa 
#siriwansa

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...