Showing posts with label smart devices. Show all posts
Showing posts with label smart devices. Show all posts

2021-06-08

ස්මාර්ට් මොබයිල් උපාංග ...


ස්මාර්ට් මොබයිල් උපාංග සදහා ඇත්තේ ඉහලම ඉල්ලුමකි. ඒ නිසාම එහි යම් තැනක් දිනා ගැනීම සදහා තරග කරන්නෝද බොහෝය. ඒසේ වෙන වට එකි නෙක තරග කරුවාගේ අනන්‍යතාවය ඉහලින් තබා ගැනීම සදහා යෝදා ගන්නා උපංක්‍රමද විවිධය. මෙයින් ඉහලින්ම වන්නේ තම උපාංගයේ නිමැවුම මෙන්ම අඩංගු තාක්ෂණයන් ඔස්සේ ඔවුන් තරග කිරීම බව සදහා උදාහරන බොහෝය. සමස්ථ නිමැවුම නැතිනම් උපාංගයේ හැඩය මෙන්ම වර්ණ පිලිබඳව දැඩි අවධානයක් තිබීම දැකිය හැක. ප්‍රීමියම් ලුක් එකක් ලෙසට මේ අංග වල සමස්ථය ගොනුකල හැක. එසේ පමනක් නොව උපාංගයේ බර මෙන්ම අතැගිලි අතරට දැනෙන ආකාරය විචාරය වනු පෙනේ. වැදගත්ම අංගයක් ලෙසට උපකරණයේ තිරයේ ප්‍රමානය, එහි පැහැදිලි බව ඉතා වැදගත් වේ.
දෙවන තලයේදී හොඳ මට්ටමක ප්‍රොසෙසරයක්, චිප් සෙට් එකක් සමග ‍රැම් බලයක්ද ස්ටෝර් හැකියාවක්ද කථා බහට ලක් වේ. උපකරණයේ කැමරාව තවත් ප්‍රදේශයකි. නිශ්චල මෙන්ම වීඩියෝවන් සදහා කැමරාව සූදානම් මට්ටම බොහෝ සේ උපාංග විචාරයේදී ප්‍රධාන තැනක් ගනී. වැඩි සුපැහදිලි කමක් සහිත මෙන්ම වර්ණ සංයුතිය, විෂය වස්තුවල ගැබුර හා පිලිවල මනව ග්‍රහනය කර ගැනීම අවධාණයට ලක්වන තවත් ප්‍රධාන දෑ කිහිපයකි.
මේ සියල්ල අතරින් සැබෑවටම අවධානයට ලක් කල යුත්තේ මිලඳී ගන්නාගේ අවශ්‍යතාවයේ සීමාවය. බොහෝ විට අප මුදල් ගෙවන්නේ අපගේ සැබෑ අවශ්‍යතවයන් සදහා නොව වෙළඳ පොල විසින් නිර්මාණය කර දෙන මෝස්තරයන් සදහා බවද අමතක නොකල යුතුය.
pubudu siriwansa

2014-07-29

Smartshoes යුවලක් ඉන්දියාවෙන්...

  පලඳින ආකාරයේ දත්ත උපකරන පිලිබදව ඇති උනන්දුව ඉමහත්ය. අනාගත දත්ත උපාංග වෙලඳ පොල මෙම පලඳින ආකාරයේ උපාංග දෙසට වන වැඩි ආකර්ශනයක් වනු ඇති බවට වන අනාවැකිවලට සාධක සපයමින් ඉන්දියානු සමාගමක් මේ වන විට smartshoes යුවලක් වෙළඳ පොලට ගෙනෙන්නට සැලසුම් අවසන් කරමින් සිටී. ඉන්දියාවේ Ducere Technologies ආයතනය “The shoes are a natural extension of the human body,” පදනම මත සංවර්ධනය කර ඇති මෙම නිමැවුම පලදින ආකාරයේ අනෙකුත් දත්ත උපාංග සමග සැසදීමේදී වඩාත් ප්‍රායෝගික එකක් වනු ඇති බවටයි පවසා සිටින්නේ. මෙහි වන අංගයන් පහදමින් ආයතනය ගෙනෙන එක් සඳහනක් වන්නේ Bluetooth-enabled බව සමග app එකක සහයෙන් භාවිතාකරන්නාගේ smartphoneය ඔස්සේ අවශ්‍ය ගමනාන්තය ලබා ගන්නට සහය වෙමින් Google Maps වැනි සේවාවක සහය මත හැරෙන්නට අවශ්‍ය දිසාවන් දක්වමින් vibrate වන්නට නියමිත බවයි. මෙම හැකියාව දෛනික ජීවිතයේදී walk, jogහෝ run වැනි සියලු අවස්ථාවල් වලදී සහය වනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. දෘශ්‍ය ආබාධිත අයවලුන් සදහා විශේෂිතව දියුනු කල තාක්ශනයක් ලෙසට මෙය දැක්වෙනවා.

2014-07-15

ප්‍රථම ප්‍රක්ෂේපණය Smartwatch නිකුතුව...

  නෙක ආකාර ඔස්සේ භාවිතාකරන්නන් වෙතට දත්ත ලොකය ගෙන එමට නිෂ්පාදකයින් කටයුතු කරමින් සිටී. මෑතකදී දක්නට ලැබෙන ප්‍රවනතාවයක් වන්නේ smartwatch වෙත්ට ඔවුන්ගේ වැඩි අවධානයක් යොමුව ඇති බවයි. Google ආයතනය Android ware හඳුන්වා දෙමින් මේ ප්‍රවනතාවය සදහා සහය පල කරන විට Maicrosoft ආයතනය ඔනෑම Smart Phone එකක් සමග සහයෙන් කටයුතු කරන smartwatch එකක් සදහා තම අවධානය යොමුව ඇති බවට ඉගි පල කලාය. මේ අතර Ritot වෙතින් පැවසෙන්නේ වඩාත් වෙනස් ආකාරයේ smartwatch නිකුතුවක් පිලිබදවයි.  එය time, caller IDs, text messages, social media updates, reminders, weather updates ආදී තොරතුරු ගෙනෙන අතර එම තොරතුරු තිරයක් මත දැක් වෙනවා වෙනුවට  ප්‍රක්ෂේපණයක් සිදුකරන බවකි. pico projector එකක සමග ක්‍රියාත්මක වන මෙම නිකුතුව භාවිතාකරන්නාගේ  සෞක්‍ය වෙතට කිසිදු අනතුරක් නැති බවට සහතික කරන අතර Sport හා Bracelet යන ආකාර දෙකකින් පැමිනෙන බවට නිවේදනය කර සිටිනවා. උසස් තත්වයයේ graphics හා  brightness හැකියාවක් සමග එන මෙය wireless charging හැකියාවෙන්ද යුත්ත අතර සංක්‍රීය මට්ටමින්( projection mode) පැය 150ක් ද සූදානම් මට්ටමින් (stand-by mode) දින 30ක කාලයක්ද ක්‍රියාත්මක වන බවටත් පවසන එම ආයතනය shaking කිරීම්ක් ඔස්සේ හෝ උපකරන සමග පැමිනෙන එකම touch sensitive button ඔස්සේ ක්‍රියාත්මක කිරීමට හැකි වන බවට පවසා සිටිනවා. vibration support බවින් යුත් මෙම නිකුතුව iOS, Android හා  Windows Phone සමග Ritot app එකක සමග ක්‍රියාත්මක වනු ඇති බවට පැහැදිලි කොට සිටිනවා. 2015 ෆෙබරවාරියේ නිකුතුවට නියමිත බවට පවසන මෙහි  මිල  $120 පමන වනු ඇති බවට බලාපොරොත්තු පලකොට සිටිනවා.

2014-07-03

Microsoft වෙතින් එන wearable deviceය smartwatch එකකට වඩා 'wristband' දෙසට වඩාත් සමීප වේවි!!!!

  තොරතුරු ලෝකයේ අවධානය wearable device දෙසට වැඩියෙන් යොමුව ඇති අතර මෙම ප්‍රවනතාවය සදහා Microsoft වෙතින් පලවන  සහය පිලිබදව ඇත්තේ කුකුසකි. ක්‍රමයෙන් ඔවුනයේ නිකුතුවක් පිලිබදව තොරතුරු බිදෙන් බිද හෙලි වෙමින් ඇති අතර තවමත් ඒවා නිල ලෙස තහවුරුවූ  ඒවා නොවීම අඩුපාඩුවක වූවද තොරතුරු ‍රැස්කරන්නන්ගේ අකංඩ අවධානයෙන් සැගවෙන්නට එය හේතුවක් නොවී ඇති සැටියකි. පලවන නවතම තොරතුරු හෙලිකර සිටින්නේ Microsoft වෙතින් පැමිනෙන wearable උපංගය smartwatch එකක් ලෙසට හඳුනාගන්නවාට වඩා 'wristband' දෙසට වඩාත් සමීප බවක් ගන්නා බවටයි පැවසෙන්නේ. එහි වේලාව දැක්වීම සිදු වුවද උපාංගයේ වැඩි අවධානය health හා  fitness දෙසට වැඩියෙන් වන බවටයි හෙලි වන්නේ. එසේම දැනට නිකුත්ව ඇති අනෙකුත් සමාන උපාංග වලින් වෙනස් ස්වරූපයක් ගන්නා එය ඔනෑම smartphone එකක සමග කටයුතු කරන්නට සූදානම්ව පැමිනෙනු ඇති බවටයි හෙලි වන්නේ. Windows Phone, Android හෝ  iOS සදහා විවෘතව පැමිනෙන මෙම උපාංගය third-party apps සදහාද විවෘතව පැමිනෙනු ඇති බවට තොරතුරු හෙලි වනවා. Samsung's Gear නිකුතුවේ මිළ ගනන් හා සෑසදෙන ලෙසට පැමිනෙනු ඇති බවට බලපොරොත්තුවන මෙය මෙම වසරේ හතරවන කාරුතුවේ නිකුත්වනු ඇති බවට බලපොරොත්තු පලවෙමින් තිබෙනවා.

2014-05-30

Microsoft වෙතින් එන Smartwatch නිම වෙමින් ඇති බවට!!!!

   පලඳින ආකාරයේ පරිගණක උපාංග පිලිබදව මෑත කාලීනව මහත් උනන්දුවක් දක්නට ලැබිනි. Google Glass එම උනන්දුවේ තීරනාත්මක සාධකයක්ව ඉස්මතුව පෙනිනි. Samsung වෙතින් පැමිනි  Galaxy Gear watche නැවත වරක් එම උනන්දුව අවදිකරවන්නට කාරනයක් වූ අතර Apple ආයතනයද තම ඉදිරි සැලසුම් වල smart ආකාරයේ ඔරලෝසුවක නිකුතුවක් පිලිබදව හෙලි කර සිටියාය. නොනිලව පැවසෙන නවතම පුවතක් පවසන්නේ Microsoft සමාගමද තම smart මට්ටමේ පලඳින ඔරලෝසුව පිලිබදව මහත් අවදානයකින් කටයුතු කරන බවකි. ආයතනය තුල වන වැඩි අවධානයකින් මෙම උපාංගය සංවර්ධනය කරමින් සිටින බවකි. සියලුම පාහේ ප්‍රධාන ස්මාර්ට් ෆෝන් platforms සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වනු ඇති බවට පැවසෙන මෙම උපාංගය භාවිතාකරන්නාගේ හඳ ගැස්ම පිලිබදව නිරන්තරයෙන් සිටීම ප්‍රමුක අංගයන් රාශියක් සමග පැමිනෙනු ඇති බවටයි හෙලි වන්නේ. දෙදිනක බැටරි ආයුකාලයක් සමග එන්නට නියමිත මෙම උපාංගය සදහා වසර ගනනාවක සිට සිට ආයතනය තුල සංවර්ධනය වෙමින් පැවති SPOT (smart personal object technology) මෘදුකාංග වඩාත් සිත්ගන්නා සුලු පෙනුමක් මෙන්ම ක්‍රියාකාරීත්වයක් සමග වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. පෙර දී බලාපොරොත්තුවූ පරිදි මෙම summer වලදී මෙම නිකුතුව සිදුවීමට ඉඩ ඇතිබවට බලාපොරොත්තුවුවද තවමත් මේ පිලිබදව ස්තීර කාල වකවානු ප්‍රකාශයට පත්ව නොමැත.

2014-03-28

මයික්‍රසොෆ්ට් නව CEO වරයා ආයතනයේ අනාගතය පිලිබදව මද විග්‍රහයක...

  තොරතුරු තාක්ශන භාවිතාව තව දුරටත් ඹොබයිල් හා ක්ලවුඩ් දෙසට චලනය වීම පෙර දිනයේ පැවති මෞඉක්‍රසොෆ්ට් මාධ්‍ය හමුවකදී එහි නව CEO වරයා නැවතවරක් තහවුරුකර සිටින්නට කටයුතු කරන ලදී. මයික්‍රසොෆ්ට් ආයතනය තම Office මෘදුකාංග ගොනුව වඩාත් පූර්න ලෙසට  iPad වෙතට ගෙන ඒම නිවේදනය කිරීම මූලික කර ගනිමින් පැවති මෙම හමුවේදී  තම  Enterprise Mobility Suite පිලිබදවද වැඩි දුරටත් තොරතුරු හෙලි කරන්නට කටයුතු කරනු ලැබුවා. වඩාත් වෙගයෙන් වැඩි වෙමින් ඇති භාවිතාකරන්නන පිරිසක් වැඩි උපාංග ප්‍රමානයක් ඔස්සේ පහසු වැඩි ඇප් භාවිතාවන් සමග ක්ලවුඩ් දෙසට වන්නට වන චලනය සදහා ආයතනයේ නව දැක්ම ප්‍රායෝගිකව දක්වමින්  ආයතනය පැහැදිලි කරනු ලැබුවේ එලබෙන නුදුරු දුනයකට නියමිත Build වලදී තම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය තවදුරටත් එම නව ප්‍රවනතාවය දෙසට නැබුරුවීම ස්තීර කිරීම බවයි විචාරක අදහස වන්නේ.
                 නව CEO වරයාගේ තනතුරෙහි වන 52 දිනය බව මතක කරමින් තම දේශනය ඇරබූ අතර මයික්‍රසොෆ්ට් ආයතනයේ අනාගත ගමන් මග පිලිබදව පැහැදිලි කරන්නට වේලාව ගනු ලැබුවා. පැමිනෙන්නට නියමිත නව උපාංග පිලිබදවද බලාපොරොත්තු තබමින් හා ‍රැස්වන නව දත්ත සැකසෙන නව ආකාර ගැනද සදහන් කරන්නට එය අව්ස්ථාවක් කරගන්නා ආකාරය දක්නට ලැබුනා. කලකට ඉහතදී පරිගණකය වෙතට අන්තර්ජාලය අසම්බන්ද වීම ගැටලුවක් වෙමින් පැවති යුගය මෙන්ම එලබෙන යුගයෙදී ක්ලවුඩ් මූලික භාවිතාව පරිගණකයට අනිවාර්ය වීම මග හැරිය නොහැකි සාධකයක් බවට එහිදී අවධාරනය වූවා.

2014-02-28

සුලඟ ඔස්සේ සේ පහසුවෙන් පැතිරෙන Wi-Fi වෛරසයක්!!!!

  හදාරන්නන් පිරිසක් විසින් නිකුත් කරන නවතම වාර්ථාවක්  පවසන්නේ Wi-Fi ඔස්සේ පරිගණක Virus  එකක පැතිරීම මිනිසුන් අතර ප්‍රතිශ්‍යාව පැතිරෙන්නා ආකාරයටද විය හැකි බවයි. ඔවුන් විසින් Chameleon නම් පරිගණක වෛරසය සමග කල අත්හදා බැලීමේදී හෙලිවන්නේ එය බහුලව මිනිසුන් අතර වෛරසයක් පැතිරෙන්නා සේ පහසුවෙන් හමුවන සියලු Wi-Fi මිත්‍ර උපාංග අතරට  ගමන් කරන බවයි. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ WiFi AP එකක වෙතට අසාධනය වන එම වෛරසය එහි ක්‍රියාකාරීත්වයට හානියක් නොකරන මුත් එය වෙතට සම්බන්දවන Wi-Fi උපකරන ඔස්සේ අනෙකුත් Wi-Fi AP හඳුනා ගනිමින් පහසුවෙන් ඒවා වෙතට පැතිරීමට කටයුතු කරන්නේ සුලඟ ඔස්සේ පැතිරෙන මිනිස් වෛරසයක් ලෙසට බවයි. එම අත්හදා බලන්න පවසන්නේ බොහෝ විට ආරක්ශක මෘදුකාංග අන්තර්ජාලය තුල හෝ පරිගණක උපකරනය තුල හානිකරයන් හදුනා ගන්නට ක්‍රියාත්මක වන මුත් network තුල දෙසට අවධානය යොමු නොකිරීම පදනම් කොටගෙන මෙම අත්හදා බලන ආකාරයේ හානිකරය නිපදවන්නට ක්‍රියා කල බවයි. හදුනගෙන ඇති නවතම තොරතුරු ඔස්සේ මෙවන් ආකාරයේ හානිකරයක් සදහා අදාලවන ආරක්ශක උපංක්‍රම දෙසට මේ වන විට තම අවධානය යොමුවී ඇති බවටයි එම හදාරන්නන් වැඩි දුරටත් පවසා සිටින්නේ.

2014-02-20

HTC වෙතින් smartwatch උපාංගයක් සූදානම් වෙමින් ඇති බවට

  HTC ආයතනයද පලඳින ආකාරයේ වන උපංග කිහිපයක්ම අත්හදා බලමින් සිටින බවට පසුගිය කාලය පුරාවටම නොනිල තොරතුරු පලවෙමින් තිබුන අතර මේ වන විට එවන් තොරතුරක් පිලිබදව වැඩි දුරටත් කරුනු හෙලි වෙමින් තිබෙනවා. එම නොනිල ආරන්චිය හෙලිකර සිටින්නේ HTC වෙතින් smartwatch උපාංගයක් ඉදිරියට යෙදී ඇති Mobile World Congress වලදී ඔවුනගේ ආයතනික සහකරුවන් වෙතට නිවේදනය වීමට නියමිත බවකි. Toq smartwatch ආකාරය මත ගොඩ නැගෙන මෙම නිකුතුව Qualcomm’s Mirasol ආකාරයේ ස්ක්‍රීනයකින් හා Bluetooth  සබඳතාවයකින් සහිතව පැමිනෙන අතර එහි  music player අතුලු HTC වෙතින් දියුනු කරන ලද අංග කිහිපයක්ම සමග වනු ඇති බවට තොරතුරු හෙලිවෙමින් තිබෙනවා.
         මීට අමතරව HTC වෙතින් නිර්මානය වෙමින් ඇති bracelet ආකාරයේ අත් පලඳනාවක් පිලිබදවද තොරතුරු පැවසෙන අතර එයද music player මෙන්ම  සිහින් ස්පර්ශක ආකාරයේ තිරයකින්ද සමන්විත වන්නට නියමිත බවටයි සටහන් වන්නේ. මෙම නිකුතුව මූලිකව fitness features වලින් සමන්විත වන අතර එය එලබෙන හමුවේදී නිවේදනය වීමට ඉඩ නැති බවටයි බලාපොරොත්තුව වන්නේ. Samsung 2013 ඔක්තෝබරයේදී හදුන්වාදුන් Galaxy Gear smartwatch නිකුතුව එතරම් සාර්ථක බවක් අත්පත් කර නොගත් නමුත් ක්‍රමයෙන් වැඩෙමින් ඇති wearable devices වෙළඳ පොල තුල නව හඳුන්වාදීම් සදහාවන වෙනස් ප්‍රථිචාර පිලිබදව විචාරකයින් බලාපොරොත්තු පල කරමින් සිටිනවා.

2014-02-17

Smart Phone සදහා security app එකක් අවශ්‍යමද????

 සාමන්‍ය භාවිතාවේදී පිලි ගැනෙන කාරනාවක් වන්නේ ඔබ Windows මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන්නේ නම් Antivirus මෘදුකාංගයක් භාවිතාකිරීම අත්‍ය අවශ්‍ය වීමයි. ප්‍රධාන මෙහෙයුම් පද්ධති අතර බහුල භාවිතාවෙන් අඩු Apple නැතිනම් open source ආකාරයේ මෙහෙයුම් පද්ධති භාවිතාවේදී එම අත්‍යාවශ්‍යකම මදක් අඩුවන්නේ තව්ත් හේතුන්න් සමග උවත් ප්‍රධාන ලෙසට ඒඅවට ඇති අඩු භාවිතාව තුල Malware සටහන් කරුවන්නේ අඩු අවධානයක් එම මෙහෙයුම් පද්ධතිවල ලැබෙන නිසාය. smart phone භාවිතාවේදී තත්වය වෙනස් වන්නේ ඔබ Android සමග වන දුරකථනයක් භාවිතයේදී Security app එකක් භාවිතාකිරීම අවශ්‍ය වීම windows හෝ  Apple ආකාරයේ Smart Phone එකක් භාවිතයට වඩා ඉහලින් පැවතීමය. එහිදීද ලොව Smart Phone භාවිතාවේදී ඩැඩි ප්‍රථිශතයක් Android සදහා ලැබී තිබීම වැදගත් වන අතරම Windows හෝ Apple වල App ලබා ගැනීම සදහා ඇති app store වලට app නිර්මාන කරුවෙතු තම App මෘදුකාංගයක් ලබා දීමේදී ඒම් ආයතනය දෙසින් දැඩි කොන්දේසි වලට යටත් කොට තිබීම හා අනිවාර්යයෙන් ඔවුනුගේ විමසා බැලීමට යටත්ව ඒවා ලබ ගැනීම සිදුවන බැවිනි. Android app සදහා ලැබී ඇති මෙම නිදහස ඔස්සේ යහපත් නිර්මාන කරුවන් ගේ මෙන්ම හානිකර ක්‍රියකාරීත්වයන්ගෙන් යුත් App ඔවුනගේ app store වෙතට දැඩි පිරික්සීමකින් තොරව ලබා දෙන්නට හැකිවීම තවත් ප්‍රධාන හේතුවක් ලෙසට පිලිගැනේ. F secure වෙතින් නිකුත්වූ වාර්ථාවක් පැවසුවේ 2013 වසරේ අවසාන කාර්තුව සැලකීමේදී හමුවූ Mobile Malware වලින් 97%ක්ම Android ඉලක්ක කරගෙන නිපදවා තිබූ ඒවා ලෙසට සටහන් වීම මේ බව සදහා හොඳම උදාහරනයකි. මීට අමතරව පෙරකී Mobile OS දෙකෙහිම භාහිර App ධාවනයේදී SandBox නැතිනම් සැබෑ මෘදු පරිසරය තුලදී වෙනුවට ව්‍යාජව නිර්මානය වන මෘදු පරිසරයක් තුල ඒවා ධාවනය වන්නට සැලැස්වීම නිසා දුරකථනයේ සැබෑ මෘදුපරිසරයට ඉන් සිදුවිය හැකි හානිය අවමව තබාගන්නට හැකිවීමද වැදගත්වේ.
       සමස්තයක් ලෙසට සැලකීමේ දිනෙන් දින වැදගත් තීරනාත්මක මට්ටමේ මෘදු ක්‍රියාකාරීත්වයෙන් යුත් භාවිතාවන් සමග තම තොරතුරු දිවියට Smart Phone භාවිතය මැදිකර ගන්නා වර්ථමානයේ මේ කිනමාකාරයේ මෙහෙයුම් පද්ධතියක් සමග වුවත් Security app එකක් භාවිතාකිරීම වැදගත් වන අතරම ඒ සදහා මෙකී සියලුම app store වල Security app නොමිළේ මෙන්ම මිළඳී ගත යුතු මට්ටමේ ඒවා තිබීම සහයක් වනු ඇත.

2014-01-29

Galaxy Glass සැප්තැම්බරයේ IFA වලට පැමිනේවි!!!

  smart glass ඉදිරි වසර 5-10 වන තෙක් භාවිතාකරන්නන් අතර ප්‍රධාන දත්ත උපාංගයක් බවට පත් නොවුනු ඇති බවට අනාවැකි පලවෙමින් ඇති මුත් samsung ආයතනයෙන් නොනිලව පලවන තොරතුරු හෙලි කරන්නේ බොහෝ විට ඔවුනගේ Galaxy Glass නිකුතුව එලබෙන සැප්තැම්බරයේ IFA වෙළඳ ප්‍රදර්ශනය වෙතට ඉදිරිපත් කරන්නට බෙහෙයින් ඉඩ ඇති ඇති බවකි. Samsong ආයතනය කොරියානු රජය යටතේ "sports glasses" ලෙසට  පේටන්ට් බල පත්‍රය හිමිකර ගෙන ඇති මෙම නිපැයුම සදහා යැයි සැක කෙරෙන අතර එය smart phone සමග සම්බන්දව දුරකථන ඇමතුම් වලට සම්බන්දවීමේ හැකියාව හා USB සබදතාවයක් සමග පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. ඔවුනගේ Galaxy Gear smartwatch නිකුතුවද තවමත් වෙළඳ පොල තුල එතරම් සාර්ථකත්වයක් හිමි නොකරගෙන සිටින මුත් ආයතනයක් ලෙසට නව නිපැයුම් කරුවෙකු ලෙසට වන කීර්තියද මෙම නිකුතුව සමග බලාපොරොත්තුවන වා ඇති බවටයි විචාරක මතය වන්නේ. google glass පිලිබදව පලවන මත අතර එය වඩාත් සංකීර්න හා මිළ අදික උපකරනයක් වීම සැලකීමේදී Samsung ආයතනයට යම් බලපොරොත්තුවක් තබා ගැනීමේ හැකියාව පලකරන හදාරන්නන් වඩාත් භාවිතාකරන්න මිත්‍ර නිකුතුවක් ඔස්සේ එය ජනංප්‍රියතාවයක් හිමි කරගනු ඇති බවටයි විස්වාසය පලවෙමින් ඇත්තේ. එලබෙන අනාගතයේදී හිස ආශ්‍රිත පලදින පරිගණක උපකරන ලෙසට glass මෙන්ම හෙල්මට් වැනි උපාංග පරිගණක ක්‍රිඩා කරන්නන්, කාර්මිකයන්  මෙන්ම හමුදා භාවිතාවන් වලදී වැඩි ජනංප්‍රියතවයක් හිමි කරගනු ඇති බවටයි වැඩි දුරටත් නිගමනය වෙමින් ඇත්තේ.

2014-01-28

Samsung වෙතින් Galaxy Glass එනු ඇත....

  පලවන නොනිල ආරන්චි මාර්ග පවසන්නේ Samsung ආයතනයද එලබෙන සැප්තැම්බර මාසයේ බර්ලින් වල පැවැත්වෙන IFA 2014 සදහා Galaxy Glass ලෙසට Google Glass සදහා තරග කරුවෙකු ගෙනෙන්නට සූදානමක් ඇති බවකි. Sony වෙතින්ද මේ වන විටත් පලව ඇති පුවතක් පැවසා සිටියේ තමන්ද smart eyeglass නිපැයුමක් CES 2014 සදහා සුදානම් කරමින් සිටින බවකි. මෙම වසරේ පලඳින ආකාරයේ පරිගණක උපාංග පිලිබදව පවතින මෙම ප්‍රවනතාවය වෙතට සියලුම පාහේ ප්‍රධාන පරිගණක උපාංග නිපදවන්නන් තමාවධානය යොමුවකර ඇති බවට මෙම පුවත් වඩාත් තහවුරු කර සිටී.
                      පැමිනෙන දුරකථන ඇමතුම් ලබා ගැනීම, පනිවිඬ යැවීම , ඡායාරූ ගැනීම මෙන්ම , සංගීතය සවන්දීම වැනි හැකියවන් ‍රැගෙන එනු ඇති බවට සැලකෙන මෙම උපකරනය Galaxy Gear මෙන්ම භාවිතාකරන්නාගේ ස්මාර්ට් දුරකථනය මූලිකව ක්‍රියාත්මක වනු ලබන ආකාරයක් ගනු ඇති බවටයි පැහැදිලි කර සිටින්නේ. තොරතුරු හදාරන්නන් දැනට මත් බලාපොරොත්තු පල කොට ඇත්තේ පලදින ආකාරයේ පරිගණක වෙළඳ පොල ඉදිරියේදී විශාල වර්ධනයක් අත්පත් කරගනු ඇති බවයි.

2014-01-24

ඔබගේ මොබයිල් උපාංගයේ දත්ත භාවිතය.....

  ජංගම දුරකථනය ස්මාර්ට් ලේයරය ඔස්සේ මුලු මනින්ම වසා ගනිමින් සිටී. අපමනක් වන මොබයිල් ඇප් ඔස්සේ ඔබගේ සෞක්‍ය , ආර්ථිකය, සබදතා  මෙන්ම විනෝද ජීවිතය වසා ගනිමින් සිටී. ඔබ වඩාත් අවධානයෙන් නොසිටිය හොත් මෙම භාවිතාව සමග පැමිනෙන තවත් වැයක් වනුයේ එහි ඩේටා භාවිතාවේ බිල් පතයි. හදාරන්නන්ට අනූව තවමත් බහුතරයක් භාවිතාකරන්නන් හට තම දත්ත භාවිතාව පිලිබද පැහැදිලි දැක්මක් නැති බවටයි පැවසෙන්නේ. ඔබගේ ස්මර්ට් උපාංගය සමග දෙවන තෙවන මාසය පසුකරන විටම එයත් සමග ඔබ යෙදෙන ඩේටා භාවිතාවේ ප්‍රමානය පිලිබදව කිසියම් තක්සේරුවක් ඇරබීම වැදගත් වනු ඇති බවටයි පිලි ගැනෙන්නේ."විටක ඔබ කිසිදු තේරුමකින් තොරව ඔබට කිසි සේත් අවශ්‍ය නොවන දත්ත භාවිතවන් වලට පිවිසෙනවා විය හැකියි. තවත් විටක ඔබ නොදැනුවත්වම සිදුව ඇති මොබයිල් මැල්වෙයාර් ඔස්සේ ඔබගේ දත්ත භාවිතාව අවභාවිතාවකට ලක්වෙමින් නිකරුනේ අනවශය මුදලක් ගෙවන්නෙකු බවට පත්ව සිටිනවා විය හැකියි"" ඔවුන් යෝජනා කරන්නේ එබැවින් විය හැකියි. බොහෝ විට ඔබ ස්මාර්ට් දුරකථනය මිළඳී ගන්නා විටම ඔවුනගෙන් එහිවන මෙහෙයුම් පද්ධතියට අදාලව දත්ත වැය පිලිබදව තොරතුරු ලබා ගත හැකි ඇප්ස් පිලිබදව විමසිය හැකිය. එසේත් නැතිනම් එම උපාංගයත් සමග එන අත් පොත හැදෑරිමෙන්ද ඒපිලිබදව යම් අදහසක් ලබා ගන්න හැකිවන වා පමනක් නොව ඔන් ලයින් ආකාරයද තොරතුරු විම්සන්නට හැකි වනු ඇත. මීටත් අමතරව ඔබගේ උපාංගය සදහා දත්ත සබදතාවය ලබා ගන්නා සේවා සැපයුම් කරුවන් වෙතින් විමසීමේන්ද මේ සදහා ඔවුන් ලබා දෙන විසදුම් පිලිබදව දැනුවත්වීම වැදගත් වනු ඇත. මෙවැනි භාවිතාවල් ඇතුලු මොබයිල් ලොකයේ නෙක භාවිතාවන් පිලිබදව දෛනික තොරතුරු මෙම අඩවිය ඔස්සේ අද සිට ඔබ වෙතට ලබා දෙන්නට කටයුතු  කරනු ඇති බව දැනුම් දෙනු කැමත්තෙමු.

2013-12-07

SAMSUNG තම ජනංප්‍රිය උපාංග වල Lite සංස්කරන...

  පලවන නවතම වාර්ථා පවසන්නේ Samsung ආයතනය තම ජනංප්‍රිය ඇන්ඩ්‍රොයිඩ් devices වල සරල සංස්කරන නිකුතුවන් සදහා මේ දිනවල තම අවධානය යොමුකර ඇති බවයි. ඒවා අතර Galaxy Note 3 , Galaxy Grand මෙන්ම Galaxy Tab 3 උපකරනවල සරල සංස්කරන වන බවටයි පවසා සිටින්නේ. එල බෙන වසරේ නිකුතුවට සැලසුම්ව ඇති මෙම උපාංග Galaxy Note 3 Lite , Galaxy Grand Lite ආදී නම් වලින් වන බවටයි දක්වා සිටින්නේ.එම ආයතනය මේ පිලිබදව වන ප්‍රථම නිල දැක්වීම එලබෙන පෙබරවාරියට යෙදී ඇති Mobile Wrold Congress හමුවේදී සිදුකරනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.Led screen එකකින් මෙන්ම අඩු බලැති කැමරාවකින්(Lower resolution) ආදී ලෙසට මෙම උපාංග ඒවායේ මුල් උපාංගවලින් අඩු බලැති (downgrade) වනු ඇති බවටයි වැඩි දුරටත් පැවසෙන්නේ. උදා හරනයක් ලෙසට Grand Lite උපාංගය අඟල් 5ක LCD තිරයකින් 1.2GHz quad core ප්‍රොසෙසරයකින්  හා 1GB ‍රැම් මතකයකින් මෙන්ම 8GB ස්තීර මතකයක් සහිතව මෙගා පික්සල 5ක පසු කැමරාවකින් සමන්විතව පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ.කෙසේ වෙතත් Tab 3 Lite සංස්කරනය එලබෙන ජනවාරිය අවසානය වන විට යුරෝ 100ක මිලැතිව WiFi හා 3G සමග පැමිනීමේ ඉඩකඩක් පිලිබදවද මේ වන විට නොනිලව පැවසෙමින් තිබෙනවා.

2013-11-28

අධික රත්වීම හා අඩු බැටරිකාලය Smart Phone වලට වන ඉහලම චෝදනායි!!!

  එලබෙමින් ඇත්තේ වසරේ වැඩිම අවධානයක් වෙළඳ පොල වෙත යොමු වන කාලයයි. භාවිතාකරන්නන් බොහොමයක් තම නව වසර එලබීමත් සමග භාවිතාවට අවශ්‍ය ස්මාර්ට් දුරකථන ආදිය මිළඳී ගන්නට වෙළඳ පොල වෙතට වැඩි වැඩියෙන් පැමිනෙන මෙම කාලය තුලදී එක්තරා ප්‍රකට ප්‍රකාශනයක් බහුල භාවිතයක් ඇති ස්මාර්ට් මට්ටමේ දුරකථන වන Galaxy S4, iPhone 5s, Moto X හා HTC Oneඋරකථන භාවිතයේහ් ඇසුරින් භාවිතාකරන්නන් වෙතින් කරන ලද විමසුමක ප්‍රථිපල පලකරමින් පවසා සිටින්නේ ස්මාර්ට් දුරකථන භාවිතයෙදී ඔවුන් බහුලවම අත්විදින දුර්වලතා අතර අඩු බැටරි ආයුකාලය හා අදික රත්විම පෙන්වා දෙමින් සිටිනවා.භාවිතාකරන්නන් අතරින් දෛනිකව වැඩි කාලයක් භාවිතාකරන භාවිතාකරන්නන් iPhoneය වෙතට දක්වන ප්‍රථිචාරය වන්නේ දුර්වල බැටරි ආයුකාලය මෙන්ම දුර්වල ක්‍රියාකාරීත්වය තමන් නොසතුටට පත්කොට ඇති බවයි.එසේම භාවිතාකරන්නන් පවසන්නේ Fingerprint passwords භාවිතයේදී දුරකථනය තුල ඒවා තැන්පත්ව තිබීම ක්ලවුඩ් ආශ්‍රිතව තැන්පත්වන වාට වඩා තමන් කැමති වන්නේ සයිබර් ප්‍රහාරයක් ඔස්සේ ක්ලවුඩ් වෙතින් ඒවා පහසුවෙන් අන්සතු කරගැනීමේ හැකියාව නිසා බවයි. එසේම Galaxy S4  වලදී plastic-clad exterior සමග අදික රත්වීම  quad-core processor වල ක්‍රියාකාරීත්වයත් සමග බෙහෙවින් වැඩි බවට බවයි භාවිතාකරන්නන් විස්වාසය පලකරන්නේ. Moto X වල බැටරි අයුකාලය ගැන සතුට පලකරන භාවිතාකරන්නන් එහි අඩු storage අවකාශය ගැන තම කනස්සල්ල පලකර සිටිනවා.

2013-10-31

Google Glass සදහා සදහා පලමු දඩ කොලය ලියවේ....

  Cecilia Abadie විසින් තම Google+ පි‍ටුවෙහි කර ඇති පලකිරීමකින් පවසා සිටින්නේ තමන් තම රථය ධාවනයේදී Google Glass පැලද සිටීම නිසා southern California  වලදී පොලිස් නිලධාරියෙකුගේ  දඩ නියම කිරීමකට යටත්වන්නට සිදුවූ බවකි.බ්ලොග් පල කරන්නියක මෙන්ම Google Glass pioneer කෙනෙකුන් ලෙසට කටයුතු කරමින් සිටින ඇය "Is #GoogleGlass ilegal while driving or is this cop wrong???,"  ලෙසට පලකර ඇත්තේ තම වෙත නිකුත්වූ රිසිට් පතද සමග වන අතර ඊට ලැබුනු ප්‍රථිචාර සදහා පිලිතුරු සැපයුමක් කිරීමෙන් වැලකී සිටීමද දක්නට ලැබෙනවා.වෙගසීමා ඉක්මව යාමක් පිලිබදව එම රිසිට් පත සඩ්ගහන් ව ඇති අතර ඇය පවසන්නේ තමන් මෙම Google Glass පැලඳ සිටියද එය ක්‍රියාත්මක තත්වයේ නොතිබූ බවකි.මීට පෙරද අවහන්ල් හිමියෙකු ප්‍රකාශ කොට සිටියේ තම අවන්හල තුල Google Glass භාවිතාවට අවසර නොදෙන්නට තමන් තීර්නය කර ඇත්තේ තමන් වෙත එන අනෙකුත් පාරිභොගිකයන් හට එය අපහසුවක් වීමට හැකි නිසා බවකි.ගූගල් ආයතනය තම නව නිපැයුමේ වෙළඳ පොල නිකුතුවට ලහි ලහියේ කටයුතු කරමින් සිටින අතර විචාරකයින් පවසන්නේ මෙම නව භාවිතාව සමග බොහෝ නෛතික අර්ථ දැක්වීම් රාශියක් අලුතින් පැමිනීමට අවශ්‍ය වනු ඇති බවකි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...