Mozilla තම Firefox බ්‍රවුසරයේ default ආකාරයේ සෙයුම් යාන්ත්‍රනය ලෙසට 2004 සිට යොදා ගනු ලැබුවේ Google සෙයුම් යාන්ත්‍රනය වන අතර ඒසදහා Mozilla වෙතට වාර්ෂිකව ගූගල් වෙතින් ඩොලර් මිලියන 300 දක්වා ඉහල ගෙවීමක් ලබන ලදී. නමුත් Mozilla ආයතනය පවසන්නේ එලබෙන දෙසැම්බරයේ සිට තම Firefox බ්‍රවුසරයේ default engine ලෙසට ඉදිරි වසර පහ සදහා Yahoo සමග එකගතාවයකට පැමින ඇති බවකි. එසේම Yahoo ආයතනය 'Do Not Track' පහසුව සදහා එකග වී ඇති බවටත් පවසා සිටිනවා. සාමාන්‍යයෙන් වසරකට බිලියන 100කට වඩා Firefox සොවුම් අන්තර්ජාලයට එකවන අතර මෙම එකග වීම Yahoo වෙතට පමනක් නොව Bing සදහාද වැදගත් පියවරක් වනු ඇති බවයි. Yahoo තම කීර්තිමත් අතීතයෙන් අනතුරුව Bing සමග එකගතාවයෙන් පවත්වාගෙන යන සේවාවක් ලෙසට ක්‍රියාත්මක වෙමින් පවතී. චීනය මෙන්ම රුසියාව සදහා Firefox සදහා default search providers ලෙසට Bindu හා Yandex පවතිනු ඇති බවට ප්‍රකාශ වනවා. වැඩි දුරටත් පැවසෙන්නේ භාවිතාකරන්නාහට අවශ්‍ය නම් නැවත Google වෙතට පිවිසීමේ හැකියාව ඉදිරියේදීද ලැබෙනු ඇති බවකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Showing posts with label yahoo. Show all posts
Showing posts with label yahoo. Show all posts
2014-11-20
2014-04-12
"Heartbleed" ගැටලුව හමුවේ සුරක්ෂිතයි සියලු ප්‍රධන ආයතන පවසයි!!
මෑත ගෙවී ගිය කාලයතුලදී වෙබ් ආශ්‍රිතව කටයුතු කරන බොහේ දෙනෙකුගේ අවධානය යොමුවූ කාරනාවක් වූවේ "Heartbleed" ලෙසට නම් වූ නැතිනම් භාවිතාකරන්නන් හා සර්වරයන් අතර තොරතුරු හුවමාරුවේදී ඒවා වඩාත් සුරක්ෂිත කරනු පිනිස භාවිතාවූ OpenSSL cryptographic software වල තිබූ යම් දුරවලතාවයක් ඔස්සේ පහර දෙන්නෙකුට එම සබදතා ඔස්සේ ගලායන තොරතුරු වලට අනවසර පිවිසීමක් කරන්නට හැකිවීම පිලිබද ගැටලුවයි. ප්‍රධාන පෙලේ වෙබ් ආශ්‍රිත සේවා ආයතම මේ වන විට නිවේදනය කර සිටින්නේ තම භාවිතාකරන්නන් ඉහතකී දුරවලතාවය ඔස්සේ අනතුරට පත්වීමේ අවකාශයන් මේ වන විට නොමැති බවයි. ඔවුන් පැහැදිලි කර සිටියේ එම දුර්වලතාවය ඔස්සේ තම් සේවාවන් අශ්‍රිතව අනතුරක් එල්ලවී නැති බවත් සිදුකරන ලද යාවත්කාලීනයන් නිසා ඉදිරියේදී එම දුර්වලතාවය ඔස්සේ පහර දෙන්නෙකුට පිවිසීමක් කරන්නට නොහැකි වනු ඇති බවත්ය.
මයික්‍රසොෆ්ට් ආයතනයද නිවේදනය කර සිටින්නේ තම online ආකාරයේ කිසිදු සේවාවක් මෙම හානිකරයේ ඉලක්කය බවට පත්ව නැති බවත් තම වෙබ් ආශ්‍රිත සේවාවන් වන Microsoft Account, Microsoft Azure, Office 365, Yammer හා Skype වැනි සියල්ලම තම පිරික්සුමට ලක්කොට ඇති බවත්ය. එසේම ඔවුන් වැඩි දුරටත් මතක කර දෙන්නේ භාවිතාකරනන් තම password කලකට වරක් අලුත්කිරීමත් වඩාත් සංකිර්න Password භාවිතයට පෙලබීමත් මෙන්ම එකම password ගිනුම් කිහිපයක් සදහා යොද ගැනීමෙන් වලකින ලෙසත්ය.
2014-01-31
හානිවූ Yahoo email ගිනුම් සැකසෙමින් ඇත..
Yahoo වෙතින් පලවන නිවේදනයක් පවසන්නේ පසුගිය දිනවල තම email භාවිතාකරන්නන්ගේ ගිනුම් ඉලක්ක කරගනිමින් සිදුවූ පහරදීම් ඔස්සේ පැහැර ගන්නා ලද තොරතුරු ඔස්සේ අනතුරක ඇති email accounts වල user name හා pasward නෑවත සැකසීමක් සිදු වෙමින් පවතින බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ එම භාවිතාකරන්නන්ගේ තොරතුරු වෙනත් ආයතනයකට සිදුකල පහරදීමක් ඔස්සේ ඔවුන් ලබා ගනට ඇති බවට සැක කරන බවයි.ආයතනය federal law මෙම පහර දෙන්නන්ට එරහිව කටයුතු කරමින් සිටින අතර වැඩි දුරටත් විස්තර කරන්නේ එම පහර දෙන්නන් විසින් malicious software program ඔස්සේ පැහැරගන්නා ලද username , password භාවිතාකරමින් එම ගිනුම් වලට පිවිස ඇති බවයි. ආයතනය second sign-in verification ක්‍රම වේදය ඔස්සේ භාවිතාකරන්නන් වෙතට එක්වරක් පමනක් භාවිතාකල හැකි passcode එකක ලබා දෙන අතර ඒය ඔස්සේ නැවත ගිනුමට පිවිසීමේ හැකියාව ලැබෙනු ඇති බවත්ය. එසේම භාවිතකරනන් වෙතට උපදෙස් දෙන එම ආයතනය පවසන්නේ ඔවුනගෙ අවසර පද වෙනස් කර ගන්නා ලෙසත් එකම අවසර පද වෙනත්සේවාවන් සදහා භාවිතකිරීමෙන් වලකින ලෙසත්ය. පසුගිය කාලයේ මෙසේ නොමිළේ තම සේවාව ලබාදෙන ඊමේල් සේවාවන් කිහිපයක් සදහාම පහරදීම් සිදුවූ බවට වාර්ථ වන ලද අතර Google , Microsoft වැනි ආයතනයන් ගෙන් සැපයෙන ඊමේල් සේවාවන්ද ඒ අතර වූ බවයි.
2014-01-10
යාහු ඔස්සේ පැමිනි හානිකරයටද ජාවා හේතුවකි!!
යාහු ආයතනය මේ වන විට නිල ලෙස පවසා සිටින්නේ පසුගිය දෙසැම්බරයේ 31 හා ජනවරි තෙවෙනිදා අතර තම යුරෝපියානු වෙබ් අඩවිය ඔස්සේ සිදුවු ප්‍රමිතියෙන් තොර වෙළඳ දැන්වීම් ඔස්සේ හානිකරයන් පැතිතිරීම සිදුව ඇති බව හා මිලියන 2කට ආසන්න භාවිතාකරන්නන් පිරිසක් ආසාධනයට පත්ව ඇති බවත්ය. එම ආසාධනයන් අතර Zeus Trojan නම් බොට්නෙට් ජාලයකට කැදවන ආකාරයේ හානිකරයත් සමග ආසාධිත පරිගණකය bitcoins නිපදවන්නට යොදා ගැනීමක් සිදුවන බවටයි පැහැදිලි කොට සිටින්නේ. පරිගණකයේ වේගය අඩුවීම හැරුන විට වෙනත් පැහැදිලි සලකුනකින් තොරව ක්‍රියාත්මක වන මෙම ආසාධිත පරිගණක ආසාධනය කරන මෙම වෙළඳ දැන්වීම් සංක්‍රීය කල විට Netherlands මූලික IP ලිපිනකරා සම්බන්ද වන බවටයි ඔවුන් පවසා සිටින්නේ. මෙම ජාලය ඔස්සේ දෛනිකව $100,000 ක වටිනාකමක් පහර දෙන්නන් විසින් උපයා ගමින් සිටින බවටත් මේ වන විට හෙලිව තිබෙනවා. පැයකට 27000ක ආසාධිතවීම් සිදුවෙමින් පවතින බවට ගනනය වන මෙම හානිකරය මොබයිල් හා Mac උපකරන සදහා අදාල නොවන බවටයි පැහැදිලි වන්නේ. සුපුරුදු ලෙසට මෙම හානිකරය සමගද ජාවා වල යාවත්කාලීන නොකරන ලද සංස්කරන භාවිතාවට වැඩි ජෝදනාවක් එල්ල වෙමින් ඇති අතර භාවිතාවට නොගන්නේනම් පරිගණකයෙන් ජාවා ඉවත්කිරීම වඩාත් සුදුසු බවටයි උපදෙස් ලැබෙන්නේ.
2014-01-09
යාහු ඊමේල් දැන් සම්පූනයෙන් encrypt තත්වයේය!!!!
යාහු පවසා සිටින්නේ තමන්ගේ ඊමේල් සේවාව සම්පූර්නයෙන් encryption වීම ජනවාරි 8 දායින් පසුව ක්‍රියාත්මක බවයි. 2012 සිටම යාහු මේල් භාවිතාකරන්නන් හට මෙම අවස්ථාව ලබී තිබුනේ තොරා ගැනීමේ අවස්ථාවක් හැටියට වන අතර මෙතැන් සිට එම හැකියාව සියලුම භාවිතාකරන්නන් හට default මට්ටමින් ලැබෙන බවටයි නිවේදනය වන්නේ. ආයතනය පැහැදිලි කර සිටින්නේ web, mobile web, mobile apps මට්ටම් වලදී පමනක් නොව IMAP, POP මෙන්ම SMTP මට්ටම් වලදීද 100% භාවිතාවක් සමග තම සේවාවන් සුරක්ශිත කිරිමට තමන්ට හැකිව ඇති බවකි. පසුගිය කාලයේ කිහිප වරක්ම යාහූ සේවාවන් වල බිද වැටීම් වාර්ථා වන්නට වූ අතර මෑතදී සිදුවූ ඊමේල් සේවාවේ බිඳ වැටීම පිලිසකර කරන්නට දින කිහිපයක් ගතවනු ලැබුවා. කල කට ඉහත දී ඊමේල් සේවාවන් අතර කීර්තිමත් අනන්‍යතාවයක් හිමි කරගෙන සිටි යාහූ සේවාව තම ජනංප්‍රියතාවය කරා නැවත යන්නට නව CEO වරිය යටතේ මහත් උත්සාහයකිහ් කටයුතු කරමින් සිටින අතර නව වෙනස් කම් ඒසදහා සහය වනු ඇති බවටයි හදාරන්නන්ගේ බලාපොරොත්තුව වන්නේ.
2014-01-06
යාහූ ඔස්සේ Malware පැතිරීමක් පලනය කෙරේ!!!!
පලවන නවතම පුවතක් පවසන්නේ yahoo ad Network ඔස්සේ ගෙවී ගිය සතියේ Malware ආකාරයේ ගොනුවක් තම භාවිතාකරන්නන් බොහොමයක් අතරේ මුදා හැරීමක් සිදුව ඇති බවකි. Netherlands මූලික ආරක්ශක සමාගමක් නිවේදනය කර සිටියේ පැයකට භාවිතාකරන්නන් 300000 අතරට තරම් වේගයකින් මෙම පැතිරීම සිදුව ඇති බවකි. එම ආයතනය පසුගිය සිකුරාදා කල නිවේදනය කින් මේ බව පලකොට සිටිය අතර වැඩි දුරටත් ඔවුන් සදහන් කලේ පහර දෙන්නන් කන්ඩායමක් Java වල දුර්වලතාවයක් ඔස්සේ යාහු වල ad සර්වරයකට සිදුකර අනවසර ඇතුලු වීමක් ඔස්සේ මෙම පහරදීම හානිකරය ඇතුලු කිරීම කර ඇති බවයි.පසුගිය 30 දා සිට මෙම හානිකර පැතිරීම සිදුව ඇති බවටත් ඔවුන් පවසා සිටියා.
යාහු ආයතනය මේ වන විට පවසා සිටින්නේ තමන් තත්වය හදුනා ගෙන ඇති බවත් හානිකර banner ads හදුනා ගෙන ඒවා ඉවත්කිරීමට කටයුතු කර ඇති බවයි. වැඩි දුර විස්තරයක් පල නොවන එම නිවේදය ඔස්සේ යාහූ ආයතනය පවසා සිටින්නේ ඉදිරියේ මෙම ආකාරයේ හානිකරයන් සිදු නොවන්නට අදාල පියවර තමන් ගනිමින් සිටින බවකි.
යාහු ආයතනය මේ වන විට පවසා සිටින්නේ තමන් තත්වය හදුනා ගෙන ඇති බවත් හානිකර banner ads හදුනා ගෙන ඒවා ඉවත්කිරීමට කටයුතු කර ඇති බවයි. වැඩි දුර විස්තරයක් පල නොවන එම නිවේදය ඔස්සේ යාහූ ආයතනය පවසා සිටින්නේ ඉදිරියේ මෙම ආකාරයේ හානිකරයන් සිදු නොවන්නට අදාල පියවර තමන් ගනිමින් සිටින බවකි.
2013-12-17
Yahoo emails ලහිලහියේ පිලිසකර වෙමින් ඇත!!!
පලවන වාර්ථා පවසන්නේ yahoo mail තුල උද්ගතව ඇති ගැටලුව තවමත් සම්පූර්න ලෙසට විසදා ගන්නට නොහැකිව ඇති බවකි. සතියකට ආසන්න කාලයක් තිස්සේ පවතින මෙම ගැටලුකාරී බව තොරතුරු ලෝකයේ ආයතනයකින් දුටු වඩාත්ම කල්පැවති දුර්වලතාවයක් ලෙසට දකින බවටයි සමහර විචාරකයින් පවසන්නේ.ගතව දිනෙන් දින භාවිතාකරන්නන්ගේ අවධානයෙන් ගිලිහෙමින් යන ආයතනයක් බවට පත්වන yahoo ආයතනය පිලිබදව ඔවුනගේ කනස්සල්ල පලවෙමින් තිබෙනවා.ආයතනය නිවේදනය කරන්නේ තම සේවක මන්ඩලය ලහි ලහියේ උද්ගතව ඇති තත්වය පාලනය සදහා කටයුතු කරමින් සිටින බවත් හැකි ඉක්මනින් තත්වය යතාබවට ගෙන එන්නට තමන්ට හැකි වනු ඇති බවයි. වැඩි දුරටත් හෙලි වන කරුනු පවසන්නේ සංකීර්න restoration ක්‍රියවලියක් සිදුවෙමින් පවතින අතර භාවිතාකරන්න වෙත ඉදිරි කාලයේ තම messages සුපුරුදු ලෙස ලබා ගන්නට හැකි වනු ඇති බවත්ය.
2013-12-12
Yahoo.mail අපහසුතාවය වේගයෙන් විසදමි සිටින බවට යාහූ ආයතනය පවසයි!!!!
යාහු පවසන්නේ සමහර භාවිතාකරන්නන් වෙත බල පාමින් ඇති Yahoo Mail භාවිතයට අපහසු වීමේ ගැටලුව කෙරෙහි තම ආයතනයේ දැඩි අවධානයට ලක්ව ඇති බවත් දැනට හදුනා ගෙන ඇති ආකාරයට දෘඩාංගමය ගැටලුව තාක්ශනවේදීන් අතින් සැකසෙමින්ද ඇති බවයි. ආයතනය වැඩි දුරටත් පැහැදිලි කර සිටින්නේ දින කිහිපයකට පෙර ගැටලුව ආරම්භයේදී අපහසුතාවයට පත්ව සිටි භාවිතාකරන්නන්ගෙන් සැහෙන පිරිසක් සදහා මේ වන විට තම සේවය භාවිතාකිරීමේ හැකියාව ඇති මුත් තවමත් ගැටලුව බල පැවැත්වෙමින් ඇති භාවිතාකරන්නන් වෙනුවෙන් කටයුතු කරමින් ඇති බවකි.කලකට ඉහතදී ඊමේල භාවිතාවේ යෝධ කාර්යභාරයක් ඉටුකරමින් සිටි යාහූ ආයතනය මේ වන විට මහත් පසු බෑවුමකට ලක්ව ඇති අතර Outlook හා Google වෙතට අවධානය දිනා ගෙන සිටින තම භාවිතා නැවත කැදවා ගැනීම සදහා විශාල උත්සාහයක සිටුනු දක්නට හැකිය.තම අභ්‍යන්තර සේවක පිරිස වෙතට පවා තවමත් ආයතනයේ ඊමේල් සේවාව ගැන ගිලිහී ගොස් ඇති විස්වාසය සතුටු විය හැකි මට්ටමකට ගෙන ඒමට නොහැකි වී ඇති බවටයි පලවන වාර්ථා පවසා සිටින්නේ.
2013-12-09
FBI අවශ්‍ය විටදී ඔබගේ වෙබ් කැමරාවද විවෘතකරන්නට හැකිය.(හිටපු FBI උසස් නිලධාරියෙකු පවසයි)
පසුගිය වසරේදී ඇමරිකානු ආරක්ශක අංශ වෙතට එල්ලවූ තර්ජන අතර Mo නැමැත්තෙකුගෙන් ලැබුනු තර්ජනාතමක පනිවිඩ විශේෂ තැනක් ගන්න ලදී. එනම් ඔහුගේ තර්ජනයන් වූවේ තමන් ඇමරිකානු අධ්‍යාපනුක ආයතන මෙන්ම ගුවන්යානා තොටුපොලවල් වෙතට බෝම්බ ප්‍රහාර මාලවක් සදහා සූදානම් වන බවයි.එම තර්ජන හමුවේ FBI ආයතනය තම Hacker Team වෙතට භාරවූ ඉලක්කයක් වූවේ ඔහුට නොදැනී ඔහුගේ පරිගණකය වෙත පිවිස එම පරිගණකය ගැන තොරතුරු මෙන්ම ඔහු යන එන වෙබ් අඩවි ගැන තොරතුරු දැනගන්නට කටයුතු කිරීමයි.එම කන්ඩායම විසින් නිපදවන ලද කුඩා මෘදුකාංගය Yahoo මේල් සේවාව ඔස්සේ එම පරිගණකයේ තැන්පත්කරන්නට සමත්වූ අතර ඔහු ගැන විශාල ප්‍රමානයක තොරතුරු රැස්කර ගන්නට එහිදී සමත් විය.කෙසේ නමුත් මෙම Mo නැමැත්තාට එරහිව පියවරක් ගන්නට FBI ආයතනයට නොහැකිවූවේ ඔහු ඉරානයට පලායන්නට සමත්වූ බැවිනි.
මෙම තොරතුරු හෙලිකරමින් හිටපු ඇමරිකානු FBI උසස් නිලධාරියෙකු පුවත්පත් පත් සාකච්චාවකදී පවසා සිටියේ තම ආයතනය් සතුව ඔනෑම පරිගණකයකට අනවසරයෙන් පමනක් නොව භාවිතාකරන්න කිසිසේත් නොදැනෙන අයුරින් ඇතුලුව ඔහු කියන කරන දෑ පිලිබදව විමසන්නට අවශ්‍ය කරන තාක්ශනය තිබෙන බවයි. අවශ්‍ය විටකදී භාවිතාකරන්නාට නොදැනෙන ලෙසට ඔහුගේ webcam එක විවෘත කොට ඔහුගේ හැසිරීම් නිරීක්ශනය කිරීමේ හැකියාවෙන් පවා එම ආයතනය සන්නද්ද බවටයි හෙලි කොට සිටියේ.
මෙම තොරතුරු හෙලිකරමින් හිටපු ඇමරිකානු FBI උසස් නිලධාරියෙකු පුවත්පත් පත් සාකච්චාවකදී පවසා සිටියේ තම ආයතනය් සතුව ඔනෑම පරිගණකයකට අනවසරයෙන් පමනක් නොව භාවිතාකරන්න කිසිසේත් නොදැනෙන අයුරින් ඇතුලුව ඔහු කියන කරන දෑ පිලිබදව විමසන්නට අවශ්‍ය කරන තාක්ශනය තිබෙන බවයි. අවශ්‍ය විටකදී භාවිතාකරන්නාට නොදැනෙන ලෙසට ඔහුගේ webcam එක විවෘත කොට ඔහුගේ හැසිරීම් නිරීක්ශනය කිරීමේ හැකියාවෙන් පවා එම ආයතනය සන්නද්ද බවටයි හෙලි කොට සිටියේ.
ප්‍රධාන ආයතන අටකින් තොරතුරු නිදහස පිලිබදව ඇමරිකන් රජයට ඉල්ලීමක්!!!!
මේ වන විට Microsoft , google , yaahoo ඇතුලු තොරතුරු ලෝකයේ ප්‍රධාන ආයතන අටකින් එකමුතුව කරන ඉල්ලීමක් ලෙසට තම භාවිතාකරන්නන්ගේ තොරතුරු වෙත සිදුවෙතැයි විස්වාස කරන අනවසර එබී බැලීම ඔස්සේ ඔවුනගේ විස්වාසය බිඳවැටීම අවධාරනය කරමින් එවන් කටයුතු අත්හැර දමන්නටයි පවසමින් විවෘත ලිපියක් ඇමරිකානු රජය වෙතට යොමු කර ඇති බවට වාර්ථා වනවා. ලෝකවාසී සමස්ත ජනතාව වෙතට අපමන සේවවක් ලබා දිය හැකි අන්තර්ජාලය ඔස්සේ සිදුවන මෙවන් අකටයුතුකම් නිසා ඇති විය හැකි හානිය සලකා නීතිමය තත්වයන් යලි සලකා බලමින් වඩාත් නවීකරනීය සෙවරූපයකට ඒව ගෙන ඒමට සහය වන ලෙසට නීති සම්පාදකයින්ගෙන් කෙරෙන ඉල්ලීමක් ලෙසටද එය සකස්ව ඇති බවටයි වාර්ථාවන්නේ. මෙම ආයතන සියල්ලගේම එකමුතුවෙන් මේ වන විට දියත්කර ඇති වෙබ් අඩවියක් ඔස්සේද වැඩි දුරටත් තම ඉල්ලිම් පැහැදිලි කරන්නට මේ වන විට එම ආයතන කටයුතු කොට තිබෙනවා.
http://reformgovernmentsurveillance.com/
http://reformgovernmentsurveillance.com/
2013-10-22
Yahoo හා Bing වෙන්වීමට නීතිය එරෙහිවෙයි!!!!!
යහූ ආයතනය ක්‍රමයෙන් Microsoft ආයතනයේ Bing සෙයුම් යාන්තරනය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තිබූ එකගතාවයෙන් ඉවත්වීමට ඉවත්වීමට පසුගියකලයේ ගත් උත්සාහයේ තවත් පියවරක ලෙසට තම Taiwan හා Hong Kong වල වන සර්වර් වල Bing සෙයුම් යන්ත්‍ර ප්‍රමුකතාවය ලිහිල් කිරීමට යාහූ හි CEO වරිය අධිකරනයෙන් කල ඉල්ලීම ඉවතලා ඇති බවටයි වාර්ථා වන්නේ. ඇය අවධාරනය කර සිටියේ නුදුරේදී සිදුවීමට ඇති Microsoft හි CEO වරයාගේ සමු ගැනීමට ප්‍රතම මේ පිලිබදව තීර්නයක් ගැනීම අවශයව ඇති බවකි. 2009 වසරේදී Bing සෙයුම් යන්ත්‍රය Yahoo වල ප්‍රධාන සෙයුම් යාන්ත්‍රන සපයන්නා ලෙසට එකගතාවයකට එලබි අතර Yahoo හි නව CEO වරියගෙ පැමිනීම 2012 සිදුවිමෙන් අනතුරුව මෙම වෙනස පිලිබදව විටින් විට කථා බහ සිදුවිය. ඇය ගේ මතය වී ඇත්තේ මෙම එකගතාවය ඔස්සේYahoo වෙතට එතරම් යහපතක් සිදු නොවන බවයි.
2013-10-09
යාහු මේල් 16 වසරට!! නවාංග කිහිපයක් පැමිනේ!!
ප්‍රකට යාහු වෙබ් මූලික ඊමේල් සේවාව අරබා දහසය වසරක් සම්පූර්න වන්නේ අදටය. නොමිලේ ලබා දෙන සේවාවක් ලෙසට ඇරබුනුමෙම සේවාව වටා අදටත් මිලියන ගනනක භවිතාකරන්නන් සිටින බවටයි පිලිගැනෙන්නේ.මීට මාස කිහිපයකට පෙර එම ආය්තනය් තම සේවාවේ first version යුගය අවසන් කරදැමුවේ නව යුගයේ භාවිතාවට තම භාවිතාකරන්නන් රැගෙන යමින් වන අතර අද ආයතනයෙන් නිකුත්වන නිවේදනයක් පවසන්නේ අද දින සිට තවත් නව අත්දැකීම් කිහිපයක් තම සේවාව තුලින් භාවිතාකරන්නන් සදහා කැදවා එන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි.
පැමිනෙන එම නවාංග අතර එකම මාතෘකාවක් යටතේ වන ඊමේල් කිහිපයක් සමග එකවර කටයුතු කරන්නට හැකිවීම , එක් යතුරු මෙහෙයුමක් ඔස්සේ පහසුවෙන් ඊමේලයක් මකා දැමීමේ හැකියාව මෙන්ම නව background themes සදහා සහය දැක්වීම් ඉන් කිහිපයකි.ආයතනය පවසන්නේ මින් සමහර පහසුකම් මීට පෙරදී මුදල් ගෙවා ලබා ගන්න සේවාවන් සමග වූ ඒවා වන අතර message forwarding හැකියාව disposable email addresses මෙන්ම enhanced email filters වලට සහය දැක්වීම වනවා.වාර්ෂිකව ඩොලර් 19.99ක් ගෙවීම සමග භාවිතාකරන්නෙකුට Ad Free Mail සේවාවට ඇතුලුවන්නට හැකිවනවා.
Subscribe to:
Posts (Atom)
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...










