2014-01-06

යාහූ ඔස්සේ Malware පැතිරීමක් පලනය කෙරේ!!!!

  පලවන නවතම පුවතක් පවසන්නේ yahoo ad Network ඔස්සේ ගෙවී ගිය සතියේ Malware ආකාරයේ ගොනුවක් තම භාවිතාකරන්නන් බොහොමයක් අතරේ මුදා හැරීමක් සිදුව ඇති බවකි. Netherlands මූලික ආරක්ශක සමාගමක් නිවේදනය කර සිටියේ පැයකට භාවිතාකරන්නන් 300000 අතරට තරම් වේගයකින් මෙම පැතිරීම සිදුව ඇති බවකි. එම ආයතනය පසුගිය සිකුරාදා කල නිවේදනය කින් මේ බව පලකොට සිටිය අතර වැඩි දුරටත් ඔවුන් සදහන් කලේ පහර දෙන්නන් කන්ඩායමක් Java වල දුර්වලතාවයක් ඔස්සේ යාහු වල ad සර්වරයකට සිදුකර අනවසර ඇතුලු වීමක් ඔස්සේ මෙම පහරදීම හානිකරය ඇතුලු කිරීම කර ඇති බවයි.පසුගිය 30 දා සිට මෙම හානිකර පැතිරීම සිදුව ඇති බවටත් ඔවුන් පවසා සිටියා.
                යාහු ආයතනය මේ වන විට පවසා සිටින්නේ තමන් තත්වය හදුනා ගෙන ඇති බවත් හානිකර banner ads හදුනා ගෙන ඒවා ඉවත්කිරීමට කටයුතු කර ඇති බවයි. වැඩි දුර විස්තරයක් පල නොවන එම නිවේදය ඔස්සේ යාහූ ආයතනය පවසා සිටින්නේ ඉදිරියේ මෙම ආකාරයේ හානිකරයන් සිදු නොවන්නට අදාල පියවර තමන් ගනිමින් සිටින බවකි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...