2014-01-05

ඩිජිටල් වෙහෙස නැතිනම් අපහසුව අපව පාලනය කිරීම.....

  "ලෝකයේ වඩාත් ක්‍රමවත් රටවල් තිබෙනවා. ඒවායේ අපරාධ සිද්ද නොවනවාම නොවේයි. හැබැයි වැඩි හරියක් එහි ඉන්න මිනිසුන් අපරාධවලින් තොර සමාජයක් ගැන විස්වාසය තියන්න පුරුදු වෙලා තියෙනවා. ඒවාගේම සමාජය අපරාධවලින් වලක්වා ගන්නට කැපවීමක් කරන්නට අවශය බව පිලි ගන්න ආකාරයට නිර්මානය වෙලා තිබෙනවා. ඒ නිසා ඒ සමජයන් වටා වඩාත් නිදහස් අවකාශයක් නිර්මානය වෙනවා. අන්තර්ජාලය කියන්නේ අපේ එදිනෙදා සමාජයේ ඉලෙක්ට්‍රොනික සංස්කරනයක් ක්‍රියාත්මක වෙන අවකාශයක්. ඒක සෙල්ලම් ගෙයකට වඩා සැබෑ නිවසක ආකාරයට අපි හිතන්න පුරුදු විය යුතුයි. අපි අත්‍රින් යමෙක් ඒක අපවිත්‍ර කල හම අප සියල්ලන්ටන ඉන් හානි සිදුවෙන බව තේරුම් ගන්නට ඔනේ. හැබැයි සාමාන්‍ය සමාජයේදී වාගේම මේ කාරනාව කවදාවත් නීතියෙන් පමනක් ඉ‍ටු කරන්නට පුලුවන් වෙන එකක් නැහැ.පලමුව එහි යහපත් පැවත්ම අපි පිලි ගන්නට ඔනේ.අවශ්‍ය විටකදී එහි යහපත් බව වෙනු වෙන් කැපවීමක් කරන්නට අපි සූදානම් වෙන්නට ඔනේ. හරියට සාමාන්‍ය ජිවිතයට බලපාන නීතිය අනූව අනතුරක් වලක්වා ගන්න ඉදිරිපත් නොවීමත් වරදක් හැටියට ගැනෙනවා වාගේම.
                  අපි දන්නවා අද වෙන කොටත් අන්තර්ජාලය ඔස්සේ එන සේවාවන් සමග අපේ ආර්ථික ජීවිතය , සමාජීය ජීවිතය  මෙන්ම විනෝද ජීවිතයටත් බද්ධ වෙලා ඉවරයි. කෙනෙක් ඒ බව පිලි නොගෙන ඉන්නවා වෙන්නට පුලුවන් තවත් සමහරෙක් එම සහයෝගය මග හැර ඉන්නව වෙන්නට පුලුවන් , හැබැයි ඒ කෙන් කියවෙන්නේ නැහැ පෙර කියපු කාරනාව අසත්‍ය එකක් බව. ඩිජිටල් අපහසුව , ඩිජිටල් වෙහෙස පරිනාමීය කාරනා හැටියට අපි ඉදිරියෙන් විටක හිටගෙන සිටිමින් අපව පාලනය කරන්නට තැත් කරනවාද විය හැකියි. වින්ඩෝස් 8 සමාජයට එන කොට ස්ටාර්ට් බටනය අහිමිව පැමිනීමට දැක්වුනු ප්‍රථිචාර විමසන කොට පරිනාමීය ක්‍රියාවලිය මන්ද ගාමීව තබා ගන්නට සමාජයේ කැමැත්ත හොඳින්ම දක්නට ලැබුනා.කොහොම උනත් සංස්කෘතිකව තියුනු තලයක් මිනිස් භාවිතාවට එන කොට සියුම්ව ඒක හසුරවා ගන්නට බැරිව අතපය කපා ගත්ත පිරිසට වඩා බොහෝ අඩු ප්‍රථිශතයක් ඩිජිටල් භාවිතාව ඇතුලේ අපහසුතාවයට පත්විය යුතු බව අනිවාර්ය කෙරෙන තරමේ දියුනු සංස්කෘතියක නැතිනම් ගොඩ නැගීමක අපි සිටින බව පිලි ගන්නට වෙනවා."

Windows 11 වෙතට පිවිසුම!!

Microsoft සමාගම තම Windows 10 භාවිතාකරන්නන් windows 11 වෙතට කැඳවා ගැනීමේ මෙහෙයුම වඩාත් තීව්‍රකරමින් සිටිනවා. බොහෝ භාවිතාකරන්නන් බලාපොරොත්තු ...