2020-02-29

ස්වංක්‍රීයකරනයට...

එලබෙන සියවසේ ප්‍රධාන මිනිස් දේශපාලණය වනු ඇත්තේ ස්වංක්‍රීයකරනයට එරෙහිව වනු ඇත. සේවාවකදී මිනිස් මැදිහත්වීම සුපිරි පහසුකමක්වීම දියුනු සමාජ වල දැනටමත් ඇරබී ඇත.
- Pubudu Siriwansa

වෙබ් අඩවියක්ද?

ඔබ ඔබේ වෙබ් අනන්‍යතාවය තැබීමේදී භාවිතාකරන්නේ වෙනම වෙබ් අඩවියක්ද, සමාජජාලා පිටුවක්ද, ඔන්ලයින් දන්වීමක්ද යන්න සාධක රාශියක් ඔස්සේ විමසා තීර්නය කලයුත්තකි. ඔබේ අනන්‍යතාවය වඩාත්ම ශක්තිමත්ව තවන්නට නම් තවමත් ඉහලින්ම වන තෝරා ගැනීම වන්නේ ඩොමේනයක් සමග වෙනම වෙබ් අඩවියක් ඔස්සේ පනිවිඩය තැබීමය.
- Pubudu Siriwansa

e-අනන්‍යතාවය

ඔබගේ e-අනන්‍යතාවය තවදුරටත් දෙවන පෙල කාරනාවක් නොවනු ඇත. පෞද්ගලික, ව්‍යාපාරික හෝ වෘතීය යන මේ මොන අර්ථයෙන් සැලකුවද එය ඔබගේ ප්‍රධාන අනන්‍යතාවයක් වීම හෙට දවස සදහා ස්ථීර වෙමින් ඇත.
- Pubudu Siriwansa

2020-02-28

දියුනු තරු අළු ගොනු..

ඔහු තත්වය පැහැදිලි කරන්නේ වඩාත් අපූරු ආකාරයටය. විශ්වයේ තවත් සිටිය නොහැකිද අපි වගේම ඉහලට එසැවුනු තරු අළු ගොනු. ස්වයංව චලන නිදහස දිනාගත් තරු අළු ගොනු, මතක තබා ගැනීමේ හැකියාවක් දිනාගත් තරු අළු ගොනු, එම මතකයන් නැවත සකසමින් වඩාත් දියුනු තීර්න ගතහැකි තරු අළු ගොනු. අවසානයේ තම සාර්ථක අත්පත් කරගැනීම් යාන්ත්‍රික කර දමන්නට සමත්වුනු දියුනු තරු අළු ගොනු.
"Tharu Minisa"
- Pubudu Siriwansa

මිනිස් කථාන්දරය

ජීවවිද්‍යාත්මක මිනිසා මත අධ්‍යාත්මික මිනිසා නිර්මාණය විය. එය මිනිස් කථාන්දරය අනෙක් සියලු ජීවවිද්‍යාත්මක කථාන්දර වලින් ඉහලට ඔසවා තබන්නට හෙතුවිය. එලබෙන්නේ මිනිසාගේ ඉලෙක්ට්‍රොනික සංස්කරනය ඉහලට ඔසවෙන යුගය ලෙසට සටහන් වෙමින් ඇත. එම යුගය මිනිස් කථාන්දරය වඩාත් යාන්ත්‍රික කරවන්නක් වෙනවා වියයුතු යැයි විස්වාස කරනවා හැරෙන්නට වැඩි යමක් තවමත් අපි නොදන්නෙමු.
"Tharu Minisa"
- Pubudu Siriwansa

2020-02-27

සැදැසුව..

පැහැදිලි සැදැව කඳුමුදුනත සක්මනකට ආරාධනාවක් බඳුය. දකුනතට වන්නට කඳු මුදුනත දිගේ වන පා මාවතේ හෝරාවකට ආසන්න සැහැල්ලු ගමනකින් පිවිසෙන උස් කඳු මුදුනත වඩාත් අපුරුය. උස් නොවන තුරු ගොමුවලින් ගැවස ගත් එහිදී ක්‍රමයෙන් බටහිර අහස මොහොතින් මොහොත අඳින නෙක විසිතුරු සිත්තම් අපමනකට අපව විවර කරවයි. විටක කැදලි කරා පියා සලන කුරුලු රැන් මේ සිත්තම විසිතුරු කරන්නේ දිව්‍ය රසයක් මවමිනි. 
ඇයව මතකයට නැගේ. එදත් අප නගරයෙන් ඔබ්බට වන උද්‍යාන මුදුනත සැදැසුව විදිමින් සැහැල්ලු සක්මනක සිටියෙමු. " දවසේ වෙහෙස නිවන්නට දෙවියන් අපට එවන රසවත්ම ඔසුව සැදෑ අසිරිය කියලයි මම හිතන්නේ." ඒ ඇයට සැදෑව ගැන තිබූ රසවත්ම නිර්වචනයකි.
" Tharu Minisa"
- Pubudu Siriwansa

2020-02-25

ජීවිතය...

අහස සියලු විසිතුරු මවයි. පොලව සියල්ල නිෂේදනය කරයි. ජීවිතය එයයි. මරණයද එයයි.
Tharu Minisa
- Pubudu Siriwansa

2020-02-22

අන්තර්ජාලය මූලිකව ...

අන්තර්ජාලය මූලිකව තොරතුරු තාක්ෂණය විසින් පෘතුවිය මත නව රටාවක් බිහිකරන ලදී. කොටසකට මේ නව රටාව ධනවාදයේ දිගුවකි. තවත් කොටසකට මෙය විසල් ලොව ගම්මානයක් දක්වා හකුලවාලීමකි. කෙසේ වෙතත් තව දුරටත් දේශපාලණ, සංස්කෘතික හෝ ආර්ථික භේදයකින් තොරව නව රටාව ලොව මත ශක්තිමත් භාවිතාවක්ව ඇත.   වසර දස දහසක් තිස්සේ මිනිස් වර්ගයා විසින් අත්පත් කරගත් දැනුම ඉලෙක්ට්‍රොනික කරදමමින් විදුලි සැනින් ඔබ මොබ ගමන් කරවීමෙන් පමනක් මේ නව ප්‍රවනතාවය නොනැවතිනි. මිනිස් මනසක සාපේක්ෂව සැලකීමේදී දස දහස් ගුනයක වේගයෙන් ඒවා නැවත නැවත සකසමින් සිටී. කෘතීම දෘශ්‍යබව එයටම නොදැවිනි පිම්මක් ලෙසට සටහන් වෙමින් ඇත. එය ලොව පුරා ඇති නෙක ආකාරයේ විෂයන් වෙතට ගෙනෙන්නට  සූදානම් වන හෝ දැනටමත් ගෙනැවිත් ඇති අපූරුබව අපමනකි. සුව පහසුව අපමනකි.
- Pubudu Siriwansa

2020-02-21

බුදුදහම..

බුදුදහම පිලිබඳ මගේ අවබෝධය නම්, එය අපව විස්වාශ පද්ධතියකට ඌනනය කරන්නටවත්, භක්තිමය ක්‍රියා පද්ධතියකට ඌනනය කරන්නට වත් උත්සාහ කරනවාට වඩා අපේ භෞතික සිරුරෙන් පිටතට විවර වන දොරවල් පහක් ඔස්සේ සංස්කරනයන් ‍රැස්වන ආකාරය විනිවිඳ දකින්නටටත් ඒ ඔස්සේ ‍රැස්වූ අපමනක් සංස්කාරකයන් ක්‍රමයෙන් ශූන්‍ය කරදමන්නටත් මග කීමයැයි සිතමි.
Tharu Minisa
- Pubudu Siriwansa

2020-02-15

යාන්ත්‍රික ...

වඩාත් යාන්ත්‍රික සමාජීය මෙන්ම පුද්ගලවාදී සංස්කරනය හෙට දවසට වඩාත් ගැලපෙන මිනිස් සංස්කෘතික නිර්වචනය වනු ඇත. 
" Tharu Minisa "
- Pubudu Siriwansa (Web Designer / Web Developer / seo specialist / Social Media Specialist) 0773491916 / 0701683163
Personal Sites -  https://siriwansa.com/  https://pubudusiriwansa.com/  https://Pubudusiriwansa.lk/
Web Projects - https://Avissawella.com/  https://Pariganakaya.com/  https://Seethawakapura.com/

2020-02-14

හෙට මිනිසා ..

මේ විසල් අවකාශය මත සාමය බිඳින්නෝ බොහෝය. ඒවා තාක්ෂණික ස්වභාවයේ සිට නොඳියුනු මිනිස් ස්වභාවය දක්වා විශාල වපසරියක වන බවද සත්‍යයකි. එනමුත් එලබෙන යුගයේ මිනිස් කථාන්දරය වඩ වඩාත් තොරතුරු තාක්ෂණය මත රැඳිමද වඩ වඩාත් විස්වාසනීය වෙමින් ඇත. ඔබේ මනසේ පිටපතක් ඔබගේ සේවා කාර්යාලයේ සර්වරයක් මත යාත්‍රික බව හා මිනිස් බව අතර අවකාශයේ අඩුව සපුරන දවස සියවසක් තරම් ඈත නොවනු ඇත. අඩුම තරමින් එම තනතුරෙහි නාමය ගැනවත් අපට අදහසක් තවමත් නැති බව පමනක් සත්‍යයකි.
" Tharu Minisa "
- Pubudu Siriwansa (Web Designer / Web Developer / seo specialist / Social Media Specialist) 0773491916 / 0701683163
Personal Sites -  https://siriwansa.com/  https://pubudusiriwansa.com/  https://Pubudusiriwansa.lk/
Web Projects - https://Avissawella.com/  https://Pariganakaya.com/  https://Seethawakapura.com/

2020-02-08

හෙට මිනිසා ..

මේ විසල් අවකාශය මත සාමය බිඳින්නෝ බොහෝය. ඒවා තාක්ෂණික ස්වභාවයේ සිට නොඳියුනු මිනිස් ස්වභාවය දක්වා විශාල වපසරියක වන බවද සත්‍යයකි. එනමුත් එලබෙන යුගයේ මිනිස් කථාන්දරය වඩ වඩාත් තොරතුරු තාක්ෂණය මත රැඳිමද වඩ වඩාත් විස්වාසනීය වෙමින් ඇත. ඔබේ මනසේ පිටපතක් ඔබගේ සේවා කාර්යාලයේ සර්වරයක් මත යාත්‍රික බව හා මිනිස් බව අතර අවකාශයේ අඩුව සපුරන දවස සියවසක් තරම් ඈත නොවනු ඇත. අඩුම තරමින් එම තනතුරෙහි නාමය ගැනවත් අපට අදහසක් තවමත් නැති බව පමනක් සත්‍යයකි.
" Tharu Minisa "
- Pubudu Siriwansa (Web Designer / Web Developer / seo specialist / Social Media Specialist) 0773491916 / 0701683163
Personal Sites -  https://siriwansa.com/  https://pubudusiriwansa.com/  https://Pubudusiriwansa.lk/
Web Projects - https://Avissawella.com/  https://Pariganakaya.com/  https://Seethawakapura.com/

2020-02-06

එලබෙන යුගය ..

හදාරන්නන් තවමත් එලබෙන යුගය දෙසට හෙලන්නට කැමති වන්නේ උභතෝකෝඨික මිත්‍ර දැක්මකි. "බාහු හැකියාවේ සිට සියුම් ස්නායු හැකියාව දක්වා දෑ යාන්ත්‍රිකවීමට වඩා තත්වය සංකීර්න වනු ඇත" ඔවුන් පවසයි. මනස යාන්ත්‍රික වීමත්, එයටත් වඩා  ඒවා ජාලගතවීම ඔස්සේ නිර්මාණය වන සාමුහික විඥානය පමනක් නොව එය ස්වායන්තවීමේ අනතුර ඔවුන් විග්‍රහකරන්නට කැමති වන්නේ භීතික ආකාරයටය.
" Tharu Minisa "
- Pubudu Siriwansa

2020-02-03

දැනුම...

දැනුම කොටස් කර, ඒවා ලත් බවට හා ඒවා සමග සාර්ථකව ගනුදෙනු කල හැකි බවට සහතික කිරීමේ ක්‍රියා වලිය මෙන්ම ප්‍රායෝගික තලයේදී එන දැනුම සමාජය මතට ගෙන ඒමට විධිමත් ආයතන ඔස්සේ සහතික ලත්ව තිබීම වැදගත්ම කාරනාවකි. තවත් දෙසකින් දැනුම මත තීරනාත්මක හැරවුම් සටහන් කල බොහෝ දෙනෙක් එම සහතික කල දැනුම් යාත්‍රන මතම නොරැදුනු අය වීමද සත්‍යයකි.
" Tharu Minisa "
- Pubudu Siriwansa

2020-02-02

ප්‍රමුක ප්‍රවනතාවය..

ජීවිතය අවට වන දෑ ස්වංක්‍රීය කරවීම ගෙවීයන යුගයේ මිනිස් සංස්කෘතීයේ ප්‍රමුක ප්‍රවනතාවයයි. තව දුරටත් දේශපාලනය යනු මතවාදී විකල්ප අතරින් වඩාත් සුදුසු යැයි හැගෙන විකල්පය තොරා ගැනීම වෙනුවට වඩාත් සාර්ථකව තාක්ෂණය යොදාගන්නේ කෙසේ දැයි විමසීමේ කාරනාවක් වෙමින් තිබෙනවා.
" Tharu Minisa "
- Pubudu Siriwansa

2020-02-01

AI යුගය...

සමහර විටක AI යුගය අපට නැවත ආරාධානා කරනුයේ මිනිසාගේ සැබෑ ස්වරූපය වෙත නැවත යන්නට විය හැක. වෙනත් ආකාරයකට පවසන්නේ නම් වඩාත් තාර්කික හා ගනිතමය ආවරනයක් ලත් භාවමය ජීවිතය කට විය හැක. තවත් ආකාරයකට පවසන්නේ නම් මිනිස් වර්ගයාගේ සැබෑ උරමය වූ සතා සිව්පාවා , ගහ කොල, ඇලදොල සමග සමබර ජීවිතයකට විය හැක.
"THATU MINISA"
-Pubudu Siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...