Showing posts with label Digital Life. Show all posts
Showing posts with label Digital Life. Show all posts

2015-01-09

දෑ වෙනස්විය යුතු බව ලොව ප්‍රධාන නීතියකි...

     දෑ වෙනස් වීම ලොව ප්‍රධාන නීතියකි. යම් තැනක යමක් සිරව පවතිනවා යනු ලොව ධර්මතාවයන්ට මෙන්ම මිනිස් සංස්කෘතියටද එරහිවීමකි. දෑ වෙනස් වන්නේ වඩාත් ධනාත්මක දිසාවකට වනවිට අදාල ව්‍යුහයතුල වන සියල්ලන්ටම සහනයක් සැහැල්ලුවක් වන විට තත්වය ප්‍රතිවිරුද්ද වන විට නිර්මානය වන අසුබ බවින් මිදෙන්නට කිසිවෙකුට නොහැකි වනු ඇත. ඒසේනම් දෑ වෙනස් විම අපූරුකාරනයක් වනවා සේම දෑ ධානාත්මකව වෙනස් වීම වඩාත් අපූර්ව කාරනයක් වනු ඇත. තොරතුරු තක්ශනය විශ්ව මිනිසෙකු වෙතට ආරාධනා කරනා විට සියවස් ගනනකට පෙර වලංගුවූ ග්‍රාමීය මිනිසා සංකල්පය වැලඳ ගන්නට තැත්කිරීමේ ප්‍රවනතාවයක් ප්‍රධාන කරවන්නට තැත්කරන විට සමස්ත පරිසරයම අවසනාවන්ත වීම තර්කානුකූල බලාපොරොත්තු විය යුත්තකි. විවෘත සමාජයකදී මිනිසාගේ සිතුම් පැතැම් ඔවුනගේ හෙට දවස නිර්මානය වීමේ ප්‍රධාන බලය බව හදාරන්නන්ගේ පිලිගැනීමයි. මිනිස් සංස්කෘතික අනන්‍යතා වටිනා වසර සිය දහස් ගනනක ප්‍රථිපල බැවින් ඒවා ‍රැක ගතයුතුවා සේම ඒවා අහිමි වීමෙන් අත්වන හිස් බව මහත් මානසික ව්‍යාකූලතා නිර්මානය කරනවා සේම වඩාත් සාර්ථක හා පහසු නව භාවිතාවන් තම සංස්කෘතිය මත්තට ගලා ඒමට අතාර්කික ආකාරයට එරෙහිවීමද අවසානාවන්ත කාරනයක් වනු ඇත.
                                                                                                                                             www.itlk.us

2014-12-02

තොරතුරු තාක්ෂණය ගැන වන දවසේ සිතුවිල්ල....

      අනාගතය ගැන බිය ඇති කිරීමද බහුල අවධානය දිනා ගන්නා සිදුවීමකි. නිර්මානකරුවන් මේ බව හොඳින්ම භාවිතාකරන පිරිසකි. සිනමාව මේ අතින් ඉදිරියෙන්ම සිටී. අනගත රොබෝවරුන් විසින් පාලනය කරන ලෝකයක් ගැන විටින් විට එන නිර්මාන මිනිසුන් තුල ඇති කරනුයේ බිය රසයකි. එහෙත් මෙවැනි නිර්මාන හුදු හිතලූන් ලෙසට පමනක් සලකා ඉවතලන්නට නොහැකි බව ඉතිහාසය විටින් විට පැහැදිලිව ඔප්පුකර ඇත. සමහර අපූරු නිර්මාන සිනමා පටයක සිට සැබෑ ලෝකයේ අත්දැකීමක්ව එන්නට ගතව ගොස් ඇත්තේ වසර කිහිපයක පරතරයක් බවට බොහෝ සාධක පවතී. මිනිසුන් පාලනය කරන තාක්ශනික උපාංග වල පැමිනීම ගැන බිය වීම කෙසේ වෙතත් පැමිනෙන වඩාත් අපූර්ව සියුම් තාක්ශනයන් වඩාත් හික්වීමෙන් පාලනය කරන මිනිසුන්ගේ අවශ්‍යතාවය නිවැරදිව නොසැපිරීමේ අවධානම නම් අදටත් වඩ ව්ඩාත් දිනෙන් දින පැහැදිලි වෙමින් ඇත. දියුනු උපාංග සදහා දියුනු මිනිසුන්ද අවශ්‍ය වීමේ මැකිය නොහැකි සාධකය මොහොතින් මොහොත වඩාත් පැහැදිලි වෙමින් තිබෙතැයි මම සිතමි. 
                   IoT සමග තාක්ශනය මිනිස් වටපිටාවට වඩ වඩාත් සමීපවීම සමගම ඒවා බොහෝ විට ස්වධීන පද්ධති බවට පත්වීමේ  ප්‍රවනතාවය සමග මේ බව යලිත් කැපී පෙනෙමින් ඇත. Droneයක මාර්ගයෙන් පහසුවෙන් නිවසේ දොරකඩට පැමිනෙන මිලදී ගත් යමක් වන විට ත්‍රස්තමනසකින් ක්‍රියාත්මකව එය මතට පටවා පුපුරන යමක් පැමිනීමේ අවධානම අමතක කල හැකිදැයි ඔවුන් විමසමින් සිටී. නිවසේ උෂ්නත්වය පාලනය කරන පද්ධතිය පැහැර ගන්නා අයෙක් එම පද්ධතියේ උෂ්නත්වය සීමාව ඉක්මවමින් හානියක් වන මට්ටමට පත්කිරීමේ හැකියාව නොමැතිදැයි ඔවුන් විමසති. මට මතක ආකාරයට කලකට පෙර කියවූ සටහනක් මෙසේ සටහන් කරමි "තාක්ශනයට එම පද්ධතියේ පාලනය ඔස්සේ පැමිනෙන හානීන් බොහොමයක් දුරට පාලනය කල හැකි නිමැවුමක් ගෙනෙන්නට හැකි වුවද චේතාන්විතව එය හානිකර ලෙසට යොදාගන්නා මිනිසාගෙන් එය ගැලවී සිටින්නට නම් නොහැකි වනු ඇත".
Visit www.itlk.us for More IT News and Reviews in Sinhala

2014-05-01

Online ජීවිතය වෙත වඩාත් වගකිමකින් කටයුතු කරන පූර්න Digital පුරවැසියා සපැමිනෙමින් ඇත....

   Online ජීවිතය කියන්නේ සෑබෑ ජීවිතයෙන් මහත්සේ ඈත්වූ වෙනම ජීවිතයක් ලෙසටයි තවමත් සාමාන්‍ය පිලි ගැනීම වන්නේ. බොහෝ දෙනා අතර පවතින මතයක් තමයි තමන්ගේ පෞද්ගලිකත්වය අන්තර්ජාලය දෙසට මුදා හැරීම බොහෝ සෙයින් භයානකයි කියන එක. අන්තර්ජාලය කියන්නේම මනෝව්‍යාධිකයන්ගේ පාරා දීසයක් ලෙසට ඔවුන් ඉස්මතුකර පෙන්වන්නට බොහෝ විට කැමති වනවා. නමුත් ඇත්ත තත්වය එලෙසමද? හැම විටම සැග වී සිටිමින් කලා තුරකින් පමනක් ඉස්මතුව යලි සැගවීම අන්තර්ජාල දෙසට දැක්විය යුතු සැබෑ ආකල්පයද?
               එක් හේතුවක් තමයි තවමත් Online භාවිතාව සාමන්‍ය ජීවිතයට සාපේක්ශව බොහෝ සෙයින් ලාබල එකක් වීම. විටක තවමත් තොරතුරු තාක්ශනයට සම්බන්ද විද්වතුන් පවා තමන්ගේම කියා online ජීවිතයක් නඩත්තු කිරීමට අකමැති වීම දක්නට පුලුවන්. තවමත් ඔවුනට online ජීවිතය අමතර අංගයක් පමනයි. මෙතැනදී සැබෑ සත්‍යනම් සැබෑම Digital පුරවැසියන් තවමත් තවමත් බහුතරව පාසැල් මට්ටමේ සිටීම වන්නට පුලුවන්. මිතුරෙකු සැබෑ ජීවිතයේදී හමු වෙනවා හා Online ජීවිතය තුලදී හමුවීම අතරේ ඔවුනට විශාල පරතරයක් තිබෙනවා වීම . සමහර විටකදී online ජීවිතයකදී සිදුවන එවන් හමුවක් අවශ්‍ය තරම් හැගීමක් ගෙනෙන්නට අසමත්විම ඔවුනගේ අත්දැකීම වනවා වෙන්නට පුලුවන්. නමුත් එලබෙන හෙට දවස ඉල්ලා සිටින වෙනස මග හරින්නට මෙය හේතුවක් නොවනවා ඇත. 
                                     කඩදාසියක් මත පෑන් තුඩකින් අකුරු කරනවාට වඩා පහසුවෙන් ස්පර්ශක තිරය මත තම ඇගිලි මෙහෙයවන සැබෑ Digital පුරවැසියන් බිහිවීමේ ක්‍රියා වලිය තුලම දැනට වඩා ස්වං විනයක් online ජීවිතය දෙසට වේවි යැයි අපට බලා පොරොත්තු වන්නට පුලුවන්. භෞතික හමුවීමක් කෙරෙහි විස්වාසය සමග වැඩුනු අර්ධ Digital පුරවැසියන්ට වඩා එම පූර්න Digital පුරවැසියන් මුල් ස්වභාවයෙන්ම ඒ සදහා වැඩි වැඩි ගෞරවයක් හා භක්තියක් ‍රැගෙන එනු ඇති බවටයි හදාරන්නන්ගේ බලාපොරොත්තුව වන්නේ. Online ජීවිතය සැගවී සිටිමින් සමාජ සංස්කෘතික විරෝධී හැගීම් පිටකරන්නට ‍තෝතැන්නක්ය වැනි හැගීමකට වඩා තමන්ගේ සැබෑ ජීවියේ තීරනාත්මකම සාධකයක් ලෙසට එය සලකමින් වඩාත් ගෞරවයෙන් එයත් සමග කටයුතු කරන හැගීමක් සමග පැමිනෙන ඔවුන් සමාජය භාරගන්නා හෙට දවසේදී අද මේ පවතින අන්තර්ජාලය දසට වන අර්ධ සංස්කෘතික ක්‍රියාකාරකම් වෙනස් වනු ඇති බවටයි අපහට බලාපොරොත්තු තැබිය හැකි වන්නේ.
Pubudu Siriwansa

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...