Online ජීවිතය කියන්නේ සෑබෑ ජීවිතයෙන් මහත්සේ ඈත්වූ වෙනම ජීවිතයක් ලෙසටයි තවමත් සාමාන්‍ය පිලි ගැනීම වන්නේ. බොහෝ දෙනා අතර පවතින මතයක් තමයි තමන්ගේ පෞද්ගලිකත්වය අන්තර්ජාලය දෙසට මුදා හැරීම බොහෝ සෙයින් භයානකයි කියන එක. අන්තර්ජාලය කියන්නේම මනෝව්‍යාධිකයන්ගේ පාරා දීසයක් ලෙසට ඔවුන් ඉස්මතුකර පෙන්වන්නට බොහෝ විට කැමති වනවා. නමුත් ඇත්ත තත්වය එලෙසමද? හැම විටම සැග වී සිටිමින් කලා තුරකින් පමනක් ඉස්මතුව යලි සැගවීම අන්තර්ජාල දෙසට දැක්විය යුතු සැබෑ ආකල්පයද?
එක් හේතුවක් තමයි තවමත් Online භාවිතාව සාමන්‍ය ජීවිතයට සාපේක්ශව බොහෝ සෙයින් ලාබල එකක් වීම. විටක තවමත් තොරතුරු තාක්ශනයට සම්බන්ද විද්වතුන් පවා තමන්ගේම කියා online ජීවිතයක් නඩත්තු කිරීමට අකමැති වීම දක්නට පුලුවන්. තවමත් ඔවුනට online ජීවිතය අමතර අංගයක් පමනයි. මෙතැනදී සැබෑ සත්‍යනම් සැබෑම Digital පුරවැසියන් තවමත් තවමත් බහුතරව පාසැල් මට්ටමේ සිටීම වන්නට පුලුවන්. මිතුරෙකු සැබෑ ජීවිතයේදී හමු වෙනවා හා Online ජීවිතය තුලදී හමුවීම අතරේ ඔවුනට විශාල පරතරයක් තිබෙනවා වීම . සමහර විටකදී online ජීවිතයකදී සිදුවන එවන් හමුවක් අවශ්‍ය තරම් හැගීමක් ගෙනෙන්නට අසමත්විම ඔවුනගේ අත්දැකීම වනවා වෙන්නට පුලුවන්. නමුත් එලබෙන හෙට දවස ඉල්ලා සිටින වෙනස මග හරින්නට මෙය හේතුවක් නොවනවා ඇත.
කඩදාසියක් මත පෑන් තුඩකින් අකුරු කරනවාට වඩා පහසුවෙන් ස්පර්ශක තිරය මත තම ඇගිලි මෙහෙයවන සැබෑ Digital පුරවැසියන් බිහිවීමේ ක්‍රියා වලිය තුලම දැනට වඩා ස්වං විනයක් online ජීවිතය දෙසට වේවි යැයි අපට බලා පොරොත්තු වන්නට පුලුවන්. භෞතික හමුවීමක් කෙරෙහි විස්වාසය සමග වැඩුනු අර්ධ Digital පුරවැසියන්ට වඩා එම පූර්න Digital පුරවැසියන් මුල් ස්වභාවයෙන්ම ඒ සදහා වැඩි වැඩි ගෞරවයක් හා භක්තියක් රැගෙන එනු ඇති බවටයි හදාරන්නන්ගේ බලාපොරොත්තුව වන්නේ. Online ජීවිතය සැගවී සිටිමින් සමාජ සංස්කෘතික විරෝධී හැගීම් පිටකරන්නට තෝතැන්නක්ය වැනි හැගීමකට වඩා තමන්ගේ සැබෑ ජීවියේ තීරනාත්මකම සාධකයක් ලෙසට එය සලකමින් වඩාත් ගෞරවයෙන් එයත් සමග කටයුතු කරන හැගීමක් සමග පැමිනෙන ඔවුන් සමාජය භාරගන්නා හෙට දවසේදී අද මේ පවතින අන්තර්ජාලය දසට වන අර්ධ සංස්කෘතික ක්‍රියාකාරකම් වෙනස් වනු ඇති බවටයි අපහට බලාපොරොත්තු තැබිය හැකි වන්නේ.
Pubudu Siriwansa