වසර 12ක සේවයෙන් පසුව Windows XP වෙතට නිල ලෙසට සමුදෙන්නට මයික්‍රසොෆ්ට් සමාගම ක්‍රියා කොට සති කිහිපයක් ගෙවෙමින් තිබුනද භාවිතාකරන්නන් අතරින් නම් එය සමුගැනීම බලපොරොත්තු වූ තරම් වේගයෙන් සිදු නොවෙමින් ඇති බවටයි පලවන නවතම වාර්ථා හෙලි කොට සිටින්නේ. එම වාර්ථාව වැඩි දුරටත් පවසන්නේ නිල ලෙසට සමු දෙමින් ගතව ගිය සති කිහිපය සැලකීමේදී එහි භාවිතාව පහල වැටීම 1.4% තරම් කුඩා අගයක තිබෙන බවයි. වෙබ් අඩවි දස දහස් ගනනක යන එන සංක්‍යා ඇසුරින් කෙරෙන එම ගනනයට අනූව ගෙවී ගිය අප්‍රේල් වන විටත් ලොව PC භාවිතාවෙන් 26.29% ලෙසට වාර්ථ වන බවටයි සටහන් වන්නේ. රාජ්‍ය මට්ටමේ මෙන්ම ආයතනික මට්ටමේද PC වල XP භාවිතාව විශාල වශයෙන් සිදුවෙමින් පවතින බවට වාර්ථා වන අතර චීන රජය මයික්‍රසොෆ්ට් ආයතනයෙන් ඉල්ලීමක් කරමින් XP සදහා සහය දක්වන කාලය පිලිබදව නැවත සලකා බලන ලෙසට ඉල්ලීමක් පවා කරන්නට යෙදිනි. මේ අතර Windows 7 භාවිතාව මාර්තු මාසයේ 48.77% ලෙසට වූ අතර එය අප්‍රේල් මාසයයේදී 49.27% ලෙසට සුලු වර්ධනයක් අත්කර ගෙන ඇති අතර වින් 8 එම කාල සීමා දෙකෙහි 6.36 - 6.41% ලෙසටද වින් 8.1 (4.89 - 5.88)% ලෙසටත් වාර්ථා වන බවටයි සටහන් වූවේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...