2014-05-02

BASIC පරිගණක භාෂව වසර 50 සපුරයි!!!!

  ඒ 1960 දශකයයි. පරිගණකය සදහා වැඩ සටහන් සම්පාදනය පරිගණකය පිලිබදව වියතුන්ගේ රාජකාරියක්ව තිබූ අවධියයි. BASIC යනු පෙරකී බරපතල රාජකාරිය සාමාන්‍ය භාවිතාකරන්නන සදහාද  හැකිය බව ලබාදෙන්නට පැමිනි පරිගණක භාෂාවයි. ගෙවී ගිය ඊයේ දිනයට එම පැමිනීමට වසර 50 සපිරෙන බවටයි වාර්ථ වන්නේ. මෙම නිර්මානය math professor වරුන් දෙදෙනෙකු වූ John G. Kemeny හා Thomas E. Kurtz යන දෙදෙනා විසින් කරන ලද්දේ තම සිසුන්ට පහසුවෙන් පරිගණක භාෂාකරනය ඉගැන්වීම සදහා වන අතර එම නාමයේම අර්ථය වන "Beginner’s All-Purpose Symbolic Instruction Code" යන්නෙන්ම ඒ බව පැහැදිලි වනවා. අදටත් මෙම මෘදුකාංගය Dartmouth College වල ධාව්නය වෙමින් පවතින බවටයි වාර්ථා වන්නේ. 
                     පසුව 60 හා 70 දශකයේ පෞද්ගලික පරිගණකය ජනංප්‍රීය විමත් සමහ මෙම භාවිතාව වැඩියෙන් සිදුවන්නට පටන් ගත් අතර  Paul Allen හා Bill Gates විසින් BASICවල ඔවුන්ගේම සංස්කරනයක් නිර්මනය කරගනු ලැබුවේ Altair පරිගණකය මත ධාවනය කර ගැනීම සදහායි. ඉන් අනතුරුව 1970- 1980 දශකය වන විට Microsoft BASIC නිර්මානය වූ අතර එය වඩාත් සාමන්‍ය භාවිතාකරන්නන් වෙතට පැමිනි බවටයි වාර්ථා වන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...