2013-11-29

වින්ඩෝස් 7 ස්ථාපනයට Pen Drive එකක් සකසා ගනිමු.

  අලුතින් මිළදී ගන්නා සමහර පරිගණකවල දී DVD තැටියක ආකාරයෙන් මෘදුකාංග ස්ථාපනයට DVD ධාවකයක් නොතිබීම සමහර විටක දැකිය හැකිය.මෙවන් අවස්ථාවලදී අවශ්‍ය විටකදී වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය පරිගණකය වෙත ස්ථාපනය කර ගන්නට අනුගමනය කල හැකි එක් විකල්ප ක්‍රමයක් වන්නේ Pen Drive එකක හරහා එය සිදුකර ගැනීමයි.මේ සදහා 4GB ට ඉහල pen drive එකක් තොරා ගත යුතුය.
                                    මේ සදහා පලමුව windows command Prompt එක හරහා Pendrive එක සූදානම්කර ගැනීමට අවශ්‍ය වන අතර ඒ සදහා Start මෙනුව ඔස්සේ මෙසේ ගමන්කල හැක. START>ALL PROGRAMS> ACCESSORIES>COMMAND PROMPT>-right click- RUN AS ADMINISTRATOR වන්නේ එම පිලිවලයි. ඉන්පසුව එම command prompt වල C:\Users\User\DISKPART ලෙසට සටහන් කල යුතුය.ඉන් අනතුරුව දැනට පරිගණ්කය හා සම්බන්දව ඇති Disk List එකට පිවිසීම සදහා DISKPART>LIST DISK ලෙසට සටහන් කිරීමෙන් අනතුරුව දැක්වෙන ගොනුවෙන් අවශ්‍ය pen drive ඩිස්ක් එක තොරා ගන්න.එම තොරාගත් ඩිස්ක් එක DISKPART> SELECT DISK 1 ලෙසට සටහන් කරන්න. ඉන් අනතුරුව DISKMART> CLEAN ලෙසට සටහන්කර අනවශ්‍ය ගොනු ඉවත්කිරීමට කටයුතු කරන්න. ඉන් අනතුරුව ලැබෙන DiskPart succeeded...... ලෙසට  වන පනිවිඩයෙන් අනතුරුව  DISKPART>CREATE PARTITION PRIMARY ලෙසට සටහන් කොට අනතුරුව DISKMART> SELECT PARTITION ACTIVE ලෙසට සටහන් කොට එය සංක්‍රීය කරගත යුතුයි.
               මින් අනතුරුව තොරාගත් පෙන් ඩ්‍රයිව් එක format කිරීම සදහා DISKPART> FORMAT FS=NTFS ලෙසට සටහන් කොට ෆෝර්මැට් ක්‍රියාවලිය සම්පූර්න වන තෙක් සිටිය යුතුය.අනතුරුව DISKPART > ASSIGN ලෙසට සටහන් කිරීමෙන් drive letter ලබා දෙන්නට කටයුතු කල යුතු අතර අනතුරුව DISKPART> EXIT ලබාදිය යුතුය. අනතුරුව ඔබගේ DVD drive එකට අදාල drive letter එක - මෙහිදී D ලෙසට- සමග පහත දැක්වෙන ලෙසට සටහන් කරන්න. C:\Users\User; D: CD BOOT සටහන් කිරීමෙන් අනතුරුව පැමිනෙන D:\> CD BOOT වලින් අනතුරුව
D:\BOOT> BOOTSECT.EXE/NT60 H     (H යනු පෙන් ඩ්‍රයිව් වල  letter එක වේ) අනතුරුව EXIT සමග command promp වලින් ඉවත්ව DVD තැටියේ වන සියලු ගොනු pen drive එක වෙතට kopy කරගන්න.

වින් 8.1 සදහා ෆේස්බුක් app නව සංස්කරනයක් පැමිනේ!!!!

  ෆේස්බුක්හි මෘදුකාංග සංවර්ධකයින් වෙතින් වින්ඩෝස් 8.1 සදහා app මෘදුකාංගයක්  මුලින්ම නිකුත්කොට මේ වන විට ගතවෙමින් ඇත්තේ මාසයකට ආසන්න කාලයකි. එය වින්ඩෝස් වල Windows Store  තුල වන වන වඩාත්ම ජනංප්‍රිය ඇප් මෘදුකාංගයක් ලෙසටයි මේ වන විට පිලිගැනෙන්නේ.මේ වන විට ෆේස්බුක් ආයතනය එහි නවසංස්කරනයක් නිකුත්කරන්නට කටයුතු කොට ඇති බවටයි නිවේදනය වන්නේ.එය නවාංග කිහිපයක් මෙන්ම දියුනු කිරීම් කිහිපයකින්ද සමන්විත බවටයි නිවේදනය වන්නේ.එම නවාංග අතර tagging මෙන්ම Facebook messages  සමග ඡායාරූ මෙන්ම ගොනු upload හා download කිරීමේ හැකියාව වන බවටයි නිවේදනය වන්නේ. එසේම පැමින ඇති දියුනු කිරීම් ඔස්සේ Live Tiles වලට එක්කරන අනු ටයිලයක් ඔස්සේ Facebook messages වලට කෙලින්ම ලොග් වීමේ පහසුවද වන බවටයි සටහන් වන්නේ.හදාරන්නන් පවසන්නේ ෆේස්බුක් වෙතින් වින්ඩෝස් 8.1 සදහා වන app මෘදුකාංගය සදහා දැඩි අවධානයය කින් කටයුතු කරන බව ඉක්මනින්ම නිකුත්වන යාවත්කාලීන සැලකීමේදී දැකිය හැකි බවයි.

2013-11-28

Ransomware පහර දීමක් ගැන අනතුරු ඇගවේ!!!!

  Ransomware ආකාරයේ පහර දීමක් ඔස්සේ ලොව පුරා පරිගණක මිලියන ගනනක ආසාධිත වීමක් වාර්ථා වෙමින් පවතිනවා. හදාරන්නන් පවසන්නේ ඊමේලයක සබැදියාවක් ඔස්සේ පැමිනෙන මෙම CryptoLocker මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය වීමේන් අනතුරුව පරිගණකයේ ගබඩා වී ඇති ගොනු එන්ක්‍රිප්ට් වීම සිදුවන අතර පෙර සැලසුම් කර ඇති වේලාවකින් අනතුරුව පහර දෙන්නා විසින් එම ගොනු ඩීක්‍රිප්ට් කිරීම සදහා යතුරු ගොනුව ලබා දීමට මුදල් ඉල්ලා සිටීම කෙරෙන අතර ආසාධිත පරිගණක හිමිකරුවා මුදල් ලබා දුන්නද බොහෝ විට එම ගොනු නැවත ප්‍රකෘතිවීමක් සිදු නොවන බවටයි වාර්ථා වන්නේ.බොහෝ විට ආරක්ශිත මෘදුකාංග ඔස්සේ මෙම මෙම මෘදුකාංගය ඉවත්වීමක් සිදු නොවන අතර එසේ සිදුකිරීමේදිද එම හානිකර මෘදුකාංගය ඉවත් වුවද එන්ක්‍රිප්ට් වන ලද ගොනු එලෙසම පවතින බවටයි ආසාධිතයන්ගේ අත්දැකීම වී ඇත්තේ.ඔබගේ බැංකු කටයුතු සම්ම්බන්දිත ඊමේල වැනි වැදගත් යැයි හැගවෙන ඊමේල ඔස්සේ මෙම හානිකරයේ සබැදියාව පැමිනෙන අතර එසේ පැමිනෙන ඊමේල වල සබදතාවයන් අවදිකිරීමේදී කල්පනා කාරීවිම වැදගහ් වනු ඇති බවටයි හදාරන්නන් අනතුරු අගවන්නේ.

මයික්‍රසොෆ්ට් තම දත්ත වැඩි ආරක්ශාවකට ගෙනයන්නට...

  MUSCULAR  ඔස්සේ භාවිතාකරන්නන්ගේ දත්ත පැහැර ගැනීමේ චෝදනාව National Security Agency  වෙතට පැවතියේ yahoo හා google සදහා පමනක් වූ මුත් මැතකදී හෙලිවූ තොරතුරු පවසා සිටියේ ඒවා අතර Microsoft වල windows Live Messenger මෙන්ම Hotmail පමනක් නොව skypeද වන බවයි.ආයතනය වෙත 100%ක විස්වාසනීය සාධක තවමත් නොමැති මුත් මේ වන විට තම භාවිතාකරන්නන්ගේ දත්ත සුරක්ශිතබව තහ වුරු කරනු වස් ඒවා එන්ක්‍රිප්ට් තත්වයට පත්කිරීම තවත් වැඩි වැඩියෙන් සිදුකරන්න කටයුතු කරමින් සිටින බවටයි වාර්ථා වන්නේ. ආයතනයේ බලධාරීන් අතර තම භාවිතාකරන්නන්ගේ දත්ත කොතරම් දුරකට හා කොතරම් ඉක්මනින් සුරක්ශිත කල හැකිද යන්න නේ වන විට කථා බහට ලක්වෙමින් ඇති බවටත් වාර්ථාවනවා.

අධික රත්වීම හා අඩු බැටරිකාලය Smart Phone වලට වන ඉහලම චෝදනායි!!!

  එලබෙමින් ඇත්තේ වසරේ වැඩිම අවධානයක් වෙළඳ පොල වෙත යොමු වන කාලයයි. භාවිතාකරන්නන් බොහොමයක් තම නව වසර එලබීමත් සමග භාවිතාවට අවශ්‍ය ස්මාර්ට් දුරකථන ආදිය මිළඳී ගන්නට වෙළඳ පොල වෙතට වැඩි වැඩියෙන් පැමිනෙන මෙම කාලය තුලදී එක්තරා ප්‍රකට ප්‍රකාශනයක් බහුල භාවිතයක් ඇති ස්මාර්ට් මට්ටමේ දුරකථන වන Galaxy S4, iPhone 5s, Moto X හා HTC Oneඋරකථන භාවිතයේහ් ඇසුරින් භාවිතාකරන්නන් වෙතින් කරන ලද විමසුමක ප්‍රථිපල පලකරමින් පවසා සිටින්නේ ස්මාර්ට් දුරකථන භාවිතයෙදී ඔවුන් බහුලවම අත්විදින දුර්වලතා අතර අඩු බැටරි ආයුකාලය හා අදික රත්විම පෙන්වා දෙමින් සිටිනවා.භාවිතාකරන්නන් අතරින් දෛනිකව වැඩි කාලයක් භාවිතාකරන භාවිතාකරන්නන් iPhoneය වෙතට දක්වන ප්‍රථිචාරය වන්නේ දුර්වල බැටරි ආයුකාලය මෙන්ම දුර්වල ක්‍රියාකාරීත්වය තමන් නොසතුටට පත්කොට ඇති බවයි.එසේම භාවිතාකරන්නන් පවසන්නේ Fingerprint passwords භාවිතයේදී දුරකථනය තුල ඒවා තැන්පත්ව තිබීම ක්ලවුඩ් ආශ්‍රිතව තැන්පත්වන වාට වඩා තමන් කැමති වන්නේ සයිබර් ප්‍රහාරයක් ඔස්සේ ක්ලවුඩ් වෙතින් ඒවා පහසුවෙන් අන්සතු කරගැනීමේ හැකියාව නිසා බවයි. එසේම Galaxy S4  වලදී plastic-clad exterior සමග අදික රත්වීම  quad-core processor වල ක්‍රියාකාරීත්වයත් සමග බෙහෙවින් වැඩි බවට බවයි භාවිතාකරන්නන් විස්වාසය පලකරන්නේ. Moto X වල බැටරි අයුකාලය ගැන සතුට පලකරන භාවිතාකරන්නන් එහි අඩු storage අවකාශය ගැන තම කනස්සල්ල පලකර සිටිනවා.

2013-11-27

ගූගල් ග්ලාස් වෙත තවත් අවන්හලකින් තහනමක්!!!!

  ගූගල් ග්ලාස් වෙතට දැක්වෙන ප්‍රථිචාර කෙමෙන් සංකීර්න වෙමින් ඇත.ඒහා සම්බන්දිතව වුනු වාර්ථා අතර ප්‍රකට අවන්හල් ආයතනයක් තම අවහන්හල් වෙතට එන  පාරිභෝගිකයන් සදහා ආයතනය තුලදී ගූගල් ග්ලස් පැලදීමට ඉඩ නොතබන බවට නිවේදනය කලේ අනෙකුත් පාරිභෝගිකයන් ඒ තුලින් අපහසුතාවයට පත්වීමට ඇති ඉඩ කඩ පිලිබදව අවධාරනය කරමිනි. මදක් සංකීර්න වාර්ථාවක් වුවද පසුගියදා ගූගල් ග්ලස් පැලද වාහනයක් ධාවනය කරමින් සිටි කාන්තාවක් වෙත නිකුත්කලදඩ කොලයක් අන්තර්ජාලය තුල පල කරමින් පවසා සිටියේ අදාල නිලධාරියා ඇය වෙත ගූගල් ග්ලාස් පැලඳ සිටීම පිලිබදව චෝදනාත්මක බව මූලිකව කටයුතු කල බවකි. ෆේස්බුක්වල තම පි‍ටුව තුල මදක් සුහඳ නොවන පලකිරීමක් සමග Lost Lake Cafe & Lounge in Seattle ආයතනයද මේ වන විට ගූගල් ග්ලාස් පැලඳ තම ආයතනය වෙතට පැමිනීම වැලැක්විමට තීර්නය කොට ඇති බවටයි වාර්ථාවන්නේ.තීර්නාත්මක වෙනසක් ‍රැගෙන ‍රැගෙන එන නව තොරතුරු භාවිතාවක් ලෙසට හදාරන්නන් පිලිගැනෙන ගූගල් ග්ලාස් භාවිතාව වෙතට පල වෙමින් ඇති මෙම අනම්‍ය ප්‍රථිචාර සමග තම ඉදිරි ගමන තීර්නය වනයුරු පිලිබද කථාන්දරය වඩාත් අපූර්ව එකක් වනු ඇති බවටයි ඔවුන් පවසන්නේ.

Kinect තාක්ශනයේ සරල මුසුවක් අනාගත iPad හා iPhone වෙතට!!!!

  Kinect තාක්ශනයේ මුල් සංවර්ධකයින් වෙත ඇපල් ආයතනයේ අවධානය යොමුව ඇති බවට පසුගිය දා පලව තිබූ නොනිල තොරතුර මේ වන විට ඇපල් ආයතනය තහවුරු කොට තිබෙනවා. ඊශ්‍රායලය මූලිකව ක්‍රියාත්මක වන PrimeSense නම් මෙම ආයතනය මයික්‍රසොෆ්ට් වෙත පලමු වෙන්ම Kinect motion capture sensor තාක්ශනය ලබා දීමේදී පුරෝගාමී වූ බවටයි සටහන් වන්නේ.ඇපල් ආයතනය පවසා සිටිනේ තමන් විටින් විට කුඩා ආයතන මිලදී ගැනීමට කටයුතු කර ඇති අතර සාමන්‍ය පරිදි මෙවරද ඒ පිලිබදව වැඩිපුර තොරතුරු හෙලි කරන්නට බලා පොරොත්තු නොවන බවයි.
          බාහිර තොරතුරු මාර්ග පවසන්නේ ඩොලර් මිලියන් 300-500 අතර මුදලකට මෙම ආයතනය මේ වන විට මිල එකගතාවයයකට පැමින ඇති බවකි.මෙම ආයතනය Xbox 360 වෙත පලමු Kinect sensor  නිපදවා දෙන්නට කටයුතු කල මුත් එහි දෙවන පරම් පරාවේ දෘඩාංග නිර්මානය මයික්‍රසොෆ්ට් තුලදී සිදුවූ බවයි.ඇපල් ආයතනය මෙම ගනු දෙනුවට පිවිසෙන කාලය වන විට එම ආයතනය කනෙක්ට් තාක්ශනයේ සරල සංස්කරනයක් සහිත "Capri" නම් ව්‍යාපෘතියක සිටින ලද අතර එම තාක්ශනය ස්මාර්ට් දුරකතන හා ටැබ්ලට් සදහා උචිත ආකාරයේ වූ බවටයි සටහන් වන්නේ. අනාගත ඇපල් iPhone හා iPad  උපකරන සමග මෙම තාක්ශනය පැමිනීමේ බලාපොරොත්තුවක් මේ සමග හදාරන්නන් පලකරමින් සිටිනවා.

Winamp media player විවෘත මෘදුකාංගයක් ලෙසට ලබාගන්නට ඉල්ලීමක්!!!

  වසර 15 තිස්සේ භාවිතාකරන්නන් අතර මහත් ප්‍රසාදයක් ලබමින් නොමිලේ සේවයක් සලසමින් සිටි Winamp media player මෘදුකාංගය වෙතට AOL වෙතින් දැක්වූ සහය අවසන් කරමින් එලබෙන දෙසැම්බරයේ 20 වන විට අත්හැර දමන්නට එම ආයතනය ගෙන ඇති තීර්නය වෙනස් කර එම මෘදුකාංගය විවෘත මෘදුකාංගයක් ලෙසට භාවිතාකරන්නට ඉඩ සලසන මෙන් ඉල්ලමින් සටහන් වෙමින් ඇති online සටහන වෙත සහය දක්වමින් ලොව පුරා මෘදුකාංග ලෝලයින් වෙතින් එකතුව ඇති අත්සන් ප්‍රමානය 25000 ඉක්මවමින් ඇති බවටයි මේ වන විට වාර්ථා වන්නේ.ඔවුන් ඉලා සිටින්නේ මෙම මෘදුකාංගය අත්හැර දමනවාට වෙනුවට open source project එකක් ලෙසට එය සංවර්ධනය කරමින් පවත්වාගෙන යාමේ අවස්ථාව ලබා දෙන ලෙසයි.එම මෘදුකාංගය වෙත ඔබත් සහය පලකරන්නට කැමැත්තේ නම් පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිස ඔබගේ සහය පලකරන්නට හැකි වනු ඇත.

2013-11-24

Twitter තම තොරතුරු දෙවරක් decrypted කරයි....

  Twitter වෙතින් පලවන නිවේදනයක් පවසන්නේ තම භාවිතාකරන්නන් මේදින වල බහුලව කථාබහට ලක්ව ඇති තොරතුරු සොරා ගන්නන්ගෙන් සුරක්ශිත කරනු වස් ද්විත්ව ස්වරූපයක් ගත් Keys ඔස්සේ decrypted බවට පත්කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි. ඔවුන් පවසන්නේ මෙම නව සුරක්ශිත කරනය ඔස්සේ හම දත්ත පසුව නිරවරනය කර ගැනීම පවා වැලකෙන්නට සහතික විය හැකි බවයි National Security Agency  වැනි ආයතන දෙසට පවා අනවසර තොරතුරු සොරා ගන්නට තැත්කිරීමේ චෝදනා එල්ලවෙමින් ඇති මෙම යුගයේ මෙම පියවර වැදගත් පියවරක ලෙසට සටහන් වෙමින් තිබෙනවා.

xbox one අලවිය පලමු පැය24 තුල මිලියනය ඉක්මවයි!!!

  මයික්‍රසොෆ්ට් සමාගම තම නව Xbox One console ය මේ වන විට නිකුත්කර ඇති අතර එය මයික්‍රසොෆ්ට් සමගමේ Xbox සංස්කරන සංස්කරන නිකුතූන් අතර වඩාත්ම පුලුල් ප්‍රචාරයක් සහිත නිකුතුව ලෙසටයි සටහන් වන්නේ.ආයතනය මේ වන විට පවසා සිටින්නේ නිල නිකුතුවට පසුව ගතවූ පැය 24 තුලදී Xbox One consoles මිලියන එකක් අලවි වී ඇති බවයි.භාවිතාකරන්නන් අතර මහත් ඉල්ලුමක් දිනා ගනිමින් සිටින මෙම xbox one උපාංග එලබෙන වසර අවසාන උත්සවකාලයට පෙර හිමිකර ගැනීමේ අටියෙන් ඇතිවන ඉල්ලුම සපුරාලීම සදහා මේ වන විට අමතර තොග මුදා හරින්නට ආයතනය කටයුතු කරමින් සිටින බවටයි වැඩි දුරටත් පවසා සිටින්නේ.
      Sony ආයතනයද තම consoleය පසුගිය දා නිකුත් කරන්නට කටයුතු කරන ලද අතර එයද නිකුත්වී පලමු පැය විසිහතර තුලදී North America  තුලදී පමනක් උපකරන පලමු මිලියනය අලවිකරන්නට හැකි වූ බවටයි නිවේදනය කරසිටියේ. වසර අවසාන වෙලඳ පොල ජනාකීර්නවීමට දින කිහිපයක් තබා නිකුත්ව ඇති මෙම උපාංග වසර අවසානය වන විට වාර්ථාගත අලවියක් හිමිකර ගනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

අනාගතයේ මයික්‍රසොෆ්ට් එකම මෙහෙයුම් පද්ධතියක් වේවි...

  මයික්‍රසොෆ්ට් ආයතනය මේ වන විට ප්‍රධාන මෙහෙයුම් පද්ධති තුනක් සමග කටයුතු කරමින් සිටී. එවා නම් Windows 8.1, Windows RT 8.1 හා Windows Phone 8 ලෙසට නම් වන එකි නේකට වෙනස් තලයන් තුනක් මත ධාවනය වන මෙහෙයුම් පද්ධතිවේ. පසුගිය කාලයේ සිට අනාගතයේදී මයික්‍රසොෆ්ට් සමාගම තම මෙහෙයුම් පද්ධති එකම සංස්කරනයක් ලෙසට ඉදිරියේ පැමිනෙන්නට නියමිත බවට අනාවැකි පලකරමින් සිටියේය.මයික්‍රසොෆ්ට් ආයතනයේ ප්‍රධාන විධායක මට්ටමේ නිලධාරිනියක වන Julie Larson මහත්මිය පවසා සිටින්නේ අනාගතයේදී මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති භාවිතාව එකම මෙලෙස සංස්කරන තුනක් ලෙසට පැවතීමට ඉඩ දෙන්නට තමන් බලාපොරොත්තුවන නොවන බවකි.මොබයිල් මෙහෙයුම් පද්ධති දෙසට වඩාත් යොමුවෙමින් ඇති යුගයක් පසුකරමින් සිටින අපහට තවදුරටත් ආරක්ශිත මෙන්ම බැටරි බල වැය අවම වන දියුනු මෙහෙයුම් පද්ධතියක් තව දුරටත් අපැහැදිලි ඉලක්කයක් නොවන බවයි ඔවුනගේ අදහස් පලවන්නේ.මයික්‍රසොෆ්ට් සමාගම පසුගියදා සිට වින්ඩෝස් ස්ටෝර්ව සමග කටයුතු කරමින් සිටින මෘදුකාංග සංවර්ධකයන්ගේ ගිනුම් එක් පද්ධ්තියක් ලෙසට ගොනු කරන්නට කටයුතු කිරීම සිදුවෙනු ලැබීය.

2013-11-21

"Google දත්ත සොරකම් කරනවා" මයික්‍රසොෆ්ට් චෝදනාව ඉදිරියට....

  මෑත කාලාන්තරයක් තිස්සේ මයික්‍රසොෆ්ට් ආයතනය තම තරගකාරී සගයෙකු වන Google වෙතට කෙරෙන චෝදනාවක් වන්නේ ඔවුන් ඔවුනගේ search මෙන්ම Gmail සේවාවන් ඔස්සේ භාවිතාකරන්නන්ගේ තොරතුරු සොර ගැනීම කරන බවකි. හදාරන්නන් පැවසුවේ මෙම චෝදනාව ඔස්සේ පිලිගත හැකි මට්ටමේ භාවිතාකරන්නන් පිරිසක් Google සේවාවන් වෙතින් ඉවත්කරගන්නට මයික්‍රසොෆ්ට් ආයතනය සමත් වූ බවයි. මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනය තම ව්‍යපෘතිය තවත් ඉදිරියට ගෙන යමින් ඉහත චෝදනාව වක්‍රව පලවන ආකාරයේ දැක්වීම් සහිත t shirts , mug ආදිය තම ස්ටෝර්ව තුල අලවියට එක් කරන්නට කටයුතු කර ඇති බවටයි දක්නට ලැබෙන්නේ. ඩොලර් 12කට මිල කොට ඇති t shirts මත ගූගල් ක්‍රෝම් සලකුනද මුද්‍රනය කොට තිබෙනවා.

Winamp නව සංස්කරනයක් සමග සමුගන්නට දින නියම වේ!!!!

  Nullsoft වෙබ් අඩවිය පවසන්නේ එලබෙන දෙසැමර් 20 දායින් පසුව බහුල භාවිතයක් ඇති මීඩියා ප්ලේයරයක් වන Winamp සදහා දක්වන සහය අවසන් වන්නට නියමිත බවකි.ඒ අනුව මේදිනින් පසුව මෙම මෘදුකාංගය භාගතකර ගන්නට වන නිල අවකාශය අවසන් වනු ඇති බවටයි පැවසෙන්නේ. පුරා වසර 15ක් බොහොමයක් file formats සමග සහයෝගයෙන් කටයුතු කරමින් භාවිතාකරන්නන් වෙත මහත් සේවයක් ඉ‍ටුකල මෙම මීඩියා ප්ලේයරයේ අවසන් සංස්කරනය මේ වන විට නිකුතුව ඇති අතර නව නිකුතුව සමග බොහමයක් දියුනු කිරීම් වන බවටයි වැඩි දුරටත් නිවේදනය වන්නේ.
 

Office 2013 සදහා වන SP1 එලබෙන වසරේ පලමු භාගයේ!!!

  මයික්‍රසොෆ්ට් සමාගම නිවේදනය කරන්නේ තම ඔෆීස් 2013 සදහා නිකුත්වන පලමු Service Pack  ගොනුව 2014 මුල් භාගයේ නිකුත්වන්නට නියමිත බවකි.එම නව යාවත්කාලීන ගොනුවත් සමග windowa 8.1 සදහා වඩාත් සහය දැක්වීමේ හැකියාව ක්‍රියාකාරීත්වය දියුනු කිරීම් සමග නවාංග කිහිපයක් ඇතුලත්වීමට නියමිත බවටයි ප්‍රකාශ වන්නේ.Office 365  සදහා එම භාවිතාකරනන් වෙත නිරන්තරයෙන් යාවත්කාලීනයන් ලැබෙන බැවින් එය අදාල නොවුනු ඇති බවටයි වැඩි දුරටත් පහැදිලි කර සිටින්නේ. පසුගිය වසරේ නිකුත්කරනු ලැබු මෙම මෘදුකාංගය වෙත එන මෙම යාවත්කාලීනය වින්ඩෝස් 8.1 වෙත පැමිනි Blue සංකේත නාමයෙන් හැදින්වූ යාවත්කාලීනය වැනි එකක වන අතර ආයතනය තුල දැනට මෙම ගොනුව සදහා භාවිතාවන සංකේත නාමය වන්නේ "Gemini" ලෙසට වනවා.තවමත් මෙම "Gemini" නිකුතුව හා SP1 ගොනුව එකම නිකුතුවක්දැයි පැහැදිලි කිරීමක් නිකුත්ව නැති අතර නුදුරු අනාගතයේ මේ පිලිබදව වැඩි දුර තොරතුරු නිකුත්වනු ඇත් බවටයි බලාපොරොත්තුව වන්නේ.

2013-11-20

Xbox one සමග වඩාත් දියුනු කරන ලද voice searches හැකියාවක්!!!!

  එලබෙන සිකුරාදා වන විට නිකුත්වීමට නියමිතව ඇති Xbox One  සමග පැමිනෙන්නට නියමිත අංග පිලිබදව මේ වන විට වඩාත් තොරතුරු හෙලි කරන්නට මයික්‍රසොෆ්ට් සමාගම කටයුතු කරමින් සිටිනවා.ඔවුන් පවසන්නේ නව නිකුතුව සමග games පමනක් නොව movies, TV shows  පමනක් නොව Bing search engine  පැමිනෙනු ඇත්තේ Kinect hardware  සමග දියුනු කරන ලද voice searches සමගද වන බවයි. වඩාත් ස්වාභාවික ක්‍රියාකාරීත්වයක් සමග එන voice searching  පහසුව භාවිතාකරන්නන්ගේ වඩාත් සිත්ගන්නා සුලු වනු ඇති බවටයි ආයතනය විස්වාශය පලකර සිටින්න්නේ. මිනිස් මොලය තුල neurons හැසිරීම් තාක්ශනය ආශ්‍රිතව ගොඩ නගා ඇති DNN තාක්ශන කරම වේදයක් ඔස්සේ මෙම ගොඩ නැගීම වන බවටයි එම ආයතය පවසන්නේ.

Galaxy S3 වෙතට වූ Android 4.3 යාවත්කාලීනය තාවකාලිකව නවතා දැමේ!!

  Samsung ආයතනය පසුගියදා ප්‍රකාශ කර සිටියේ තම Galaxy S3  භාවිතාකරන්නන් සදහා 4.2 සංස්කරනය මග හරිමින් Android 4.3 සංස්කරනය වෙතට යාවත්කාලීන වීමේ අවස්ථාව භාවිතාකරන්නන් ගෙන් ලැබෙන පැමිනිලි මත තාවකාලිකව නවතා දමන්නට තමන් කටයුතු කර ඇති බවකි. එම ආයතනය පවසන්නේ එම පැමිනිලි අතර අනපේක්ශිතව හමුවන ප්‍රතිචාර නොදැක්වීමේ අවස්ථාවන් ‍රැම් පතෙහි ඇතිවන තත්වයක් සමග හමුවන multitasking වලදී දුර්වල හැසිරීම මෙන්ම බැටරිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම වන බවටයි පවසා සිටින්නේ. එම යාවත්කාලීනයත් සමහ දුරකථනය Galaxy S4 හා සමාන අත්දැකීමක්  ‍රැගෙන එන්නට සමත්වන මට්ටමකට පැමිනෙන්නට සැලසුම් තිබුන බව පවසන එම ආයතනය නවාංග අතර ඇපල් ආයතනයේ Siri හා සමාන S-Voice  මෙන්ම සමහර ඇප් සමග පූර්න තිර පහසුව දක්වා සිටිනවා.

2013-11-18

Firefox බ්‍රවුසරය වෙතට නව මුහුනතක් අත්හදා බැලීම ඇරබේ!!!!

  Mozilla පවනවා තමන් තම Firefox බ්‍රවුසරය වෙත නව මුහුනතක් හා දියුනු කිරීම් කිහිපයක් හදුන්වා දෙන්නට කටයුතු කරමින් සිටින බවකි.Australis ලෙසටන නම් වන මෙම නව theme ය  අද දිනයේ සිට අත්හදා බැලීමේ මට්ටමින් නිකුත්වන අතර ආයතනය පවසන්නේ අනාගතයේදී දියුනු කරන්නට බලාපොරොත්තුවන streamlined interface භාවිතාවක් ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවයි. දැනට නිකුත්වන අත්හදා බැලීම් ඔස්සේ ලැබෙන ප්‍රථිචාර මත එලබෙන අප්‍රේල් මාසයේ පමන මෙහි අවසාන සංස්කරනයක් නිකුත්කරන්නට දැනට ඔවුන් සැලසුම් කර ඇති බවටයි නිවේදනය කර සිටින්නේ. ආයතනය සියලුමපාහේ මෙහෙයුම් පද්ධති මත ක්‍රියාත්මක වන තම බ්‍රවුසර සංස්කරනයන් සදහා වේගවත් දියුනු කිරීම් සදහා අවධානය යොමුකර ඇති අතර පවසා සිටින්නේ බ්‍රවුසර මට්ටමේ සිට සියලුම platforms අතර ඒක මිතික භාවිතාවකට භාවිතාකරන්නා හට අවකාශ සැලසීම තම ඉලක්කයක්ව ඇති බවයි. ආයතනය පවසන්නේ නව අත්හදා බැලීම් සදහා උනන්දුවක් දක්වන භවිතාකරන්නන් සදහා මෙම නව පෙර සංස්කරනය පහත දැක්වෙන ලිපිනය ඔස්සේ දැන් ලබා ගත හැකි බවයි.

ප්‍රථම bitcoine සදහාම වන මව්පුවරු නිපදවෙමින් ඇත...

  ASRock සමාගම නිවේදනය කොට සිටින්නේ ලොව ප්‍රථම  bitcoine නිර්මාණය කර ගැනීම සදහාම නිපදවෙන මව් පුවරුව වෙළන්ද පොල වෙත නිකුත් කරන්නට තමන් සූදානම් වෙමින් සිටින බවකි.මෙම Bitcoin currency  භාවිතය මේ වන විට ජර්මනිය වැනි රටවල නෛතිකවී ඇති අතර ඉදිරියේදී වෙනත් රටවලද අවධානයට ලක්වීමේ වැඩි ප්‍රවනතාවයක් සහිත කාරනවක් වනු ඇති බවටයි හදාරන්නන්ගේ මතය වන්නේ.වැඩි කාලයක් ක්‍රියාත්මක වෙමින් වැඩි ප්‍රොසේසර් බලයක් ඔසේ වඩාත් සංකීර්න ගනිතමය ක්‍රියාකරකම් ඔස්සේ ඔනෑම අයෙකුට නිපදවාගන්නට හැකි වනු ඇති බවට පැව්සෙන මෙම bicoine නිපදවාගන්නට අනාගතයේ වැඩි වැඩියෙන් භාවිතාකරන්නන් යොමුවනු ඇති බවට වන අනවැකි ඔස්සේ මෙම නිපදවීම වෙළඳ පොලට එවන්නට එම ආයතනය කටයුතු කරමින් සිටිනවා.මෙම මව් පුවරුව graphics cards හයක් දක්වා භාවිතාකරන්නට හැකි ලෙසට නිපද වෙන අතර අමතර 4-pin power connectors  දෙකක්ද සහිතව පැමිනෙන බවටයි සටහන් වන්නේ. සංස්කරන දෙකකින් H81 Pro BTC හා  H61 Pro BTC පැමිනෙන්නට නියමිත මෙම මව්පුවරු පිලිබදව මිල ගනන් හෝ නිකුත්වන දින වකවානු මේ වන තෙක් ප්‍රකාශයට පත්කොට නැත.

2013-11-15

.NET සමග වැඩි දියුනු කරනලද App භාවිතාවක්...

  මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ තම app මෘදුකාංග වඩාත් වෙගයෙන් ක්‍රියාත්මක කරවා ගැනීම සදහා තමන් නිරන්තරයෙන් කටයුතු කරමින් සිටින බවකි. පසු ගියදා පැවති Visual Studio 2013  නිකුතුවට අදාල හමුවකදීද මේ බව හෙලිවන ඉදිරිපත්කිරිමක් සිදුවිනි.එහිදී මයික්‍රසොෆ්ට් හි paint app මෘදුකාංගය දෙයාකාරයක ඉදිරිපත්කිරීමක් කල අතර සාමන්‍ය සංස්කරනයක් එක්  Surface tablet උපකරනයක ධාවනය කරන ලද අතර අනෙත් Surface tablet උපකරනයේ ධාවනය කරන ලද්දේ .NET code සමග දියුනු කරන ලද paint app එකක් වන ලදී.මෙහිදි දෙවන උපකරනය වඩාත් වේගයකින් ආරම්භ වීම මෙන්ම ධාවනය විම සිදුවීම පැහැදිලිව දක්වා ලන්නට ඔවුනට හැකිවිය. ආයතනය තුල තවමත් අත්හදා බැලෙමින් ඇති තාක්ශනයක් ලෙසට ගැනෙන මෙහි සංකේතාත්මක නාමය ලෙසට "Project N" යන්න භාවිතාවන අතර ඇප් මෘදුකාංග නිපද වන්නන්ගේ ඉදිරිපත්කිරීම් ආයතනය තුලදී මෙම නව අත්හදා බැලීම යටතේ වඩාත් වේගවත් කරන්නට කටයුතු කරමින් සිටින බවටයි ප්‍රකාශ වන්නේ.මෙම නව තාක්ශනය 2014 වසරේ භාවිතයට නිකුත්වන්නට ඉඩ ඇති බවටයි වැඩි දුරටත් බලාපොරොත්තුවන්නේ.

2013-11-14

මයික්‍රසොෆ්ට් වෙතින් නව Cybercrime Center සංකීර්නයක්

  දිනෙන් දින වර්ධනය වෙමින් ඇති සයිබර්  පහරදීම් පිලිබදව real time ආකාරයට කටයුතු කල හැකි Cybercrime Center  සංකීර්නයක්  විවෘත කරන්නට මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනය කටයුතු කර තිබෙනවා.මයික්‍රසොෆ්ට් ආයතනයේ බලාපොරොත්තුව වන්නේ ලොව පුරා වේගයෙන් පතිරෙමින් ඇති සයිබර් ත්‍රස්තවාදයට යම් පිලිතුරක් ලබාගන්නට මෙම ආයතනය සහය වනු ඇති බවයි.ආයතන පවසනේ සංවිධානත්මකව ක්‍රියාත්මකවන child pornography වැනි අකටයුතුකම් පිලිබදවද මෙම ආයතනය ඔස්සේ කටයුතු කරන්නට තමන්ට හැකිවනු ඇති බවයි.මයික්‍රසොෆ්ට් ආයතනය පසුගිය කාලයේ ප්‍රකට ගනයේ botnets ජාලයන් කිහිපයක්ම බිද දමන්නට කටයුතු කල අතර මෙම නව ආයතනයත් සමග වඩාත් සාර්ථකව එම කටයුතු කර ගෙන යන්නට තමන්ට හැකි වනු ඇති බවටයි බලපොරොත්තුව වෙමින් ඇත්තේ.

VLC Media Player මෘදුකාංගයේ නව සංස්කරනයක්!!

  බොහොමයක් audio හා video formats  සදහා සහය දක්වන ප්ලේයරයක් ලෙසට සැලකෙන VLC Media Player  මෘදුකාංගයේ නව සංස්කරනයක් මේ වන විට නිකුත්ව තිබෙනවා. පූර්න streaming server එකක ලෙසද ක්‍රියාත්මක වන්නට හැකි මෙම මෘදු ප්ලේයරය toolbars ලෙසට මෙන්ම භාවිතාකරන්නාගේ කැමැත්තට අනූව බොහෝ නම්‍යතාවයන් සහිතව පැමින ඇති බවටයි පැවසෙන්නේ.zipped ආකයේ ගොනු මෙන්ම හානිව ඇති ගොනු පවා ධාවනයට  සහය දක්වන මෙම ප්ලේයරයේ නව සංස්කරනය සමග හදුනා ගෙන තිබූ දුර්වලතා කිහිපයක් සකස ඇති අතර නවාංග කිහිපයක්ම එකතුකරන්නටද කටයුතු කරතිබෙනු දක්නට ලැබෙනවා.

http://get.videolan.org/vlc/2.1.1/win32/vlc-2.1.1-win32.exe
http://get.videolan.org/vlc/2.1.1/win32/vlc-2.1.1-win32.7z (portable)
http://download.videolan.org/pub/videolan/vlc/2.1.1/win64/vlc-2.1.1-win64.exe (64 bit)

ප්ලෂ් ප්ලේයරයේ නව සංස්කරනයක්....

  ප්ලෑෂ් ප්ලේයරයේ නව සංස්කරනයක් මේ වනවිට නිකුත්ව තිබෙනවා.අන්තර්ජාලය හා සම්බන්දව ක්‍රියාත්මකවන  මිලියන 750ක් තරම් ප්‍රමානයක දත්ත උපකරන සමග සහයෝගයෙන් ක්‍රියා මෙම මෘදුකාංගය පහදෙන්නන්ගේ මහත් අවදානයක් දිනා ගත් මෘදුකාංගයක්ව ඇත්තේ එම බහුල භාවිතාව නිසාම විය යුතුය. නිරන්තරයෙන්ම වඩාත් අලුත්ම සංස්කරනයක් තම පරිගණකයේ ස්ථාපිතව පවත්වා ගෙන යාම භාවිතාකරනන්ගේ ආරක්ශාවට වඩාත් හිතකර වනු ඇති මෘදුකාංගයක් ලෙස්ට මෙය සැලකේ.
 

නයවර පත් 70000 තොරතුරු පැහැර ගැනීමක්!!

  තොරතුරු අවකාශයේ ආරක්ශාව පිලිබදව නොසතු‍ටුදායක පුවත් කිහිපයක්ම ගෙන එන කාලයක් අප පසුකරමින් සිටින්නෙමු.පසුගිය කාලයේ Adobe ආයතනයේ වෙබ් අඩවි ඔසේ එහි භාවිතාකරන්නන් මිලියන 3ක ගේ තොරතුරු තොරතුරු සොරා ගැනීම මෙන්ම IE 11 වල හදුනා ගත් දුර්වලතාවයත් වාර්ථාවිනි. පලවන නවතම පුවතාක් පවසන්නේ Loyaltybuild නම් ආයතනයෙන් එහි භාවිතාකරන්නන් 70000 කගේ පමන නයවර පත් තොරතුරු පැහැර ගැනීමක් වාර්ථා වෙමින් ඇති බවකි. unencrypted format මට්ටමේ පැවති මෙම තොරතුරු සමග CCV numbers  ද ඇති බවටයි වාර්ථා වන්නේ.මීට අමතරව ඔවුනගේ ගනුදෙනු කරුවන් මිලියන 1.5 ක ගේ නම් ගම් ලිපින ආදී තොරතුරුද මෙම පැහැර ගන්නන් සන්තකයට පත්ව ඇති බවටයි සටහන් වන්නේ.

2013-11-13

නව යාවත්කාලීනයත් සමග IE 11.0 සිට IE 11.0.1 දක්වා ඉහලට....

  මයික්‍රසොෆ්ට් මෙවර මාසික යාවත්කාලීනය සමග ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා හි සංස්කරන නිල අංකයද වෙනස් වෙනු ඇති බවටයි පෙනෙන්නට ඇත්තේ. එය IE 11.0 වල සිට 11.0.1 දක්වා වෙනස් වන අතර Internet Explorer  11 සමග පැමිනි Enhanced Protected  ස්වභාවය භාවිතාකරන්නාට අවශ්‍ය නම් පමනක් අවදිකර ගත හැකි ලෙසට වෙනස් වනු ඇති බවටයි වැඩිදුරටත් සටහන් වන්නෙ. බ්‍රවුසරය සමග මුල් ස්වභාවයෙන් පැමින තිබූ එම තත්වය සමග XHR response පැමිනීමට පේර වෙබ් පි‍ටුවක් වසා දැමුව හොත් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා වෙතට HTTP  සබදතාවය අවසන් වීමේ දුර්වලතාවයක් මීට පෙර දී හදුනා ගෙන තිබුනා.මෙවර යාවත්කාලීන ගොනුව සමග හදුනා ගෙන තිබූ දුරවලතා 17ක් සදහා පිලිසකර නිකුත්ව තිබූ අතර අමතරව ප්ලෑෂ් ප්ලේයරය වැනි අමතර යාවත්කාලිනද වූවා.

Nexus 7(2012,2013) හා Nexus 10 සදහා Android 4.4 KitKat නිකුත්වීම ඇරබේ!!!!

  Android team වෙතින් අද පැවසුනේ Nexus 7(2012,2013) සංස්කරන වෙත හා Nexus 10  වෙත ගුගල් මෙහෙයුම් පද්ධතිය වන Android 4.4 KitKat  මුදා හැරීම අද අරම්භ වන්නට නියමිත බවයි.එහෙත් Nesus 7 මොබයිල් සංස්කරනය භාවිතාකරන්නන් සදහා ඉදිරියට කෙටිකලක් තම නව මෙහෙයුම්පද්ධති සංස්කරනය ලබා ගන්නට ප්‍රමාද වන්නට සිදුවනු ඇති බවටයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ. ආයතනය තවමත් දෙවසරක් පැරනි Galaxy Nexus  යාවත්කාලීන කිරීම පිලිබදව තවමත් තිර්ර්නයකට එලබ නැති අතර එහි භාවිතාකරන්නන් අතරින් දැඩි ඉල්ලීමක් ආයතනය වෙතින් කෙරෙමින් ඇති බවටයි වාර්ථා වන්නේ.

Google Chrome නව සංස්කරනයක් නිකුත්වේ!!!

  පරිගණකයක ස්ථාපනයවී ඇති මෘදුකාංග අතර browser මෘදුකාංගයට හිමි වන්නේ ඉහලම තැනකි.වඩාත් වේගවත් හා සුරක්ශිත වෙබ් සැරියකට හොඳින් දියුනු කල බ්‍රවුසරයක් භාවිතාකිරීම වැද ගත්වේ. search, chat, email, shop, bank, read වැනි දෛනික කටයුතුවලදී වඩාත් සහය ලබාදෙන බ්‍රවුසරයක් වන Google Chrome  වල නව සංස්කරනයක් නිකුත්ව ඇති බවටයි නිවේදනය වන්නේ. නව ජාවා (javascript engine (V8) ) සහයක් සමග එන මෙම බ්‍රවුසරය AJAX applications  සමග කටයුතු කිරීමේදී වැඩි සාර්ථකත්වයක් පෙන්වන බවටයි දැක්වෙන්නේ.මිට අමතරව automatic full-page translation පහසුව මෙන්ම දහස් ගනනක් වන apps, extensions හා themes සමග වඩාත් අපූර්ව වෙබ් අත්දැකීමකට මෙම නව සංස්කරනය භාවිතාකරන්නාට සහය වනු ඇති බවටයි එම ආයතනය ප්‍රකාශ කර සිටින්නේ.

වින්ඩෝස් ඇප් ස්ටෝර්වල ඔක්තෝබරයේ දෛනික බාගතකරගැනිම් මිලි.1.7 ඉක්මවයි

  මයික්‍රසොෆ්ට් සමාගම පසුගිය ඔක්තෝබරයේ  වින්සෝස් 8.1 නිකුත් කිරීමත් සමග තම Windows Store වලටද නව පෙනුමක් ගෙන එන්නට කටයුතු කරන ලදී. වැඩි වැඩි යෙන් භාවිතාකරන්නන් හට Modern UI apps බාගත කිරීම් වලට පෙලබ වන අදහසින් ඔවුන් ගත් උස්සාහයන් සාර්ථක වෙමින් පවතින බවට දිස්වන වර්ථාවක් ඔවුනගේ ඇප් සංවර්ධකයින් වෙත නිකුත්කර ඇති වාර්ථාවක දැක්වෙන බවටයි දක්නට ලැබෙන්නේ. එහි සඳහන් වන්නේ ඔක්තෝබරයේ බාගත කර ඇති ඇස් ප්‍රමානය පෙර කාලයට වඩා වර්ථාගත ලෙස ඉහල ගොස් ඇති බවයි. සංකඔ්‍යමකව සැලකීමේදී ඔක්තෝබරය සැලකීමේදී දිනකට මිලියන 1.7ක් බාගත කිරිමක් වාර්ථාවන බවටයි දැක්වෙන්නේ. එහිදී ඇප්ස් 51,152,284 සමස්ථ ලෙස බාගත කරගෙන ඇති අතර එහිදී නොමිලේ ලබාගත හැකි ඇප්ස් 49,796,691 හා මුදල් ගෙවා ලබා ගත හැකි ඇප්ස් 1,355,593 ලෙසටත් දක්වා සිටිනවා.ඔවුනෙගේ ඇප් ස්ටෝර්ව තුල ඇති සමස්ත ඇප්ස් ප්‍රමානය මෙම වර්ථාවේ නිල ලෙස දක්වා නැති අතර බාහිර ආයතනයක් පැවසුවේ මේ වන විට  ඇප්ස් 125,856 එහි වන බවයි

2013-11-12

මීලග iPhone එක වක්‍ර හැඩැතිව 2014 දෙවන භාගයේ!!

  ඇපල් ආයතනය තම අවසන් iPhone සංස්කරනය නිකුත්ක්කොට කෙටිකලක් ගෙවෙමින් තිබෙන මෙම මොහොත වන විට ඔවුනගේ මීලග iPhoneයේ නිකුතුව පිලිබදව තොරතුරු කථා බහට ලක්වෙමින් තිබෙනවා. 2014 දෙවන භාගයේ වෙළ්ඳ පොලට පැමිනෙතැයි බලාපොරොත්තුවන මෙහි විශාල screen එකක සමග වක්‍ර හැඩැති නිමැවුමක් ‍රැගෙන එනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.දැනට LG මෙන්ම samsung වෙතින් පැමින ඇති නිකුතුවන්ට වෙනස් ව දුරකථනයේ හතර දිශාවෙ කොන් වෙතට වක්‍රව පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුවන මෙම දුරකථනය අඟල් 4.7 හා 5.5 displays අලින් සමන් විතව පැමිනෙනු ඇති බවටයි දැක්වෙන්නේ.එමෙන්ම එම දුරකථනය සමග පැමිනෙන වෙනත් තාක්ශනයන් අතර භාවිතාකරන්නා touchscreen වෙතට යොදවන බලයේ ප්‍රමානය සමගද වෙනස් මෙහෙයවීම් හැටියට හදුනා ගන්නට දුරකථනයට හැකිවන තාක්ශනයක් පිලිබදවද කරුනු හෙලි වෙමින් තිබෙනවා.

Bing සමග වඩාත් පහසු music videos අත් දැකීමකට...

  මයික්‍රසොෆ්ට් සමාගම පසුගිය සැප්තැම්බරයේ තම සෙයුම් යන්ත්‍රය සමග අන්තර්ජාලය තුල ඇති video වක් සොයා බැලීමේදී වඩාත් පහසුවන ආකරයේ හදූන්වාදීමක් කරන්නට කටයුතු කරනු ලැබුවා.ආයතනය අද පැවසුවේ music videos  සදහා වඩාත් පහසුවන නව හදුන්වාදීමකට තමන් මේ වන විට කටයුතු කරමින් සිටින බවකි.මේ අනූව ජනංප්‍රිය සංගීතමය වීඩියෝවක් තොරා ගන්නෙකුට ඒහා සැබැදුනු අනෙකුත් වීඩියෝවන් පහසුවෙන් එම ප්‍රථිපල පි‍ටුව තුලටම ගෙනෙන්නට Bing කන්ඩායම මේ වන විට කටයුතු කර සිටිනවා.ඒවායේ thumbnail  මතට කර්සරය ‍රැගෙන යාමෙන් ඒවා යේ preview වක් ධාවනය වීමෙන් වඩාත් පහසුවෙන් මෙම නව අංගය භාවිතාකරන්නාට සහය වනු ඇති බවටයි ඔවුන් පවසන්නේ. බොහෝ විට එකම ඉදිරිපත්කරන්නෙකුට අයිති හොඳ මට්ටමේ වීඩියෝවන් එකම අඩවියක් ඔස්සේ ලබා ගන්නට නොහැකි වන විටදී මෙම පහසුව වඩාත් පහසුවක් ගෙනෙනු ඇති බවටයි වැඩි දුරටත් ඔවුන් පවසා සිටින්නේ.

2013-11-11

IE 7,8,9,10 ට බල පාන නව ආරක්ශක දුර්වලතාවයක්

  හෙටට නියමිත මාසික යාවත්කාලීන නිකුතුවත් සමග දැනට හදුනා ගෙන ඇති ආරක්ශක දුර්වලතා කිහිපයක් සදහාම පිලිසකර ගෙන ඒමට මයික්‍රසොෆ්ට් ආයතනය සූදානම් වෙමින් සිටියදී ආරක්ශක මෘදුකාංග පිලිබදව කටයුතු කරන අයතනයක් පවසන්නේ තමන් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා(IE) හි 7,8,9, හා 10 සංස්කරන සියල්ලම සදහා බලපාන ආකාරයේ බ්‍රවුසර දුර්වලතාවයක් හදුනා ගෙන ඇති බවකි.වින්ඩෝස් XP මෙන්ම 7 මෙහෙයුම් පද්ධති දෙකම සදහා විවෘත මෙම දුර්වලතා දෙයාකාරයකට ක්‍රියා කරමින් PC memory  වෙත අනවසරයෙන් පිවිසෙන්නට මෙන්ම අනෙක් දුර්වලතාවය සමග පරිගණකයේ system information පැහැර ගැනීමට සමත්වනු ඇති බවටයි හෙලිකර සිටින්නේ.
         දැනටමත් පහර දෙන්නන් විසින් භාවිතාකරමින් සිටින බවට සැලකෙන මෙම zero-day ආකාරයේ දුර්වලතා පිලිගත්මට්ටමේ වෙන් අඩවි කිහිපයක් ඔස්සේ භාවිතාකරන්නන් වෙතට මුදා හරින්නට ඔවුන් උත්සාහ කරමින් සිටින බවටයි පැවසෙන්නේ.දැනට හදුනාගෙන ඇති දුර්වලතාවලට වඩා වෙනස් ආකාරයේ දුර්වලතාවයන් ලෙසට හෙලිවන මෙම නව හෙලිකිරීම් පිලිබදව තවමත් මයික්‍රසොෆ්ට් ආයතනය නිල ලෙස කිසිවක් හෙලිකොට නැත.

2013-11-10

tattoo වක් ඔස්සේ සිරුරට සවිවන වයර්ලස් මයික්‍රෆෝනයක්!!!

  එක් අතකින් පරිගණකය උපකරනයක් ලෙසට වඩ වඩාත් සංකීර්න වෙමින් වැඩි දත්ත සැකසුම් හැකියාවක්  අඩුතම අවකාශයක රදවන්නට තරගකාරී උත්සාහයක යෙදෙමින් සිටී.තවත් දෙසකින් වඩාත් නම්‍ය හා පහසු හැසිරවීමකට භාවිතාකරන්නා සදහා ඉඩ සැලසීමට ඔවුනට අවශ්‍යව තිබේ.එලිවන නවතම පුවතක් පවසන්නේ Motorola ආයතනය ඇමරිකානු බලධාරීන් වෙත ඉදිරිපත්කොට ඇති Patent බලපත්‍ර ඉල්ලුමකට අනූව tattoo වක් සමග බෙල්ලට සවිවන වයර්ලස් ආකාරයේ මයික්‍රෆෝනයක් පිලිබදව වෙළඳ අයිතිය පිලිබදව කිය වෙනවා. personal area network  ඔස්සේ භාවිතාකරන්නගේ ස්මාර්ට් දුරකථනය වැනි උපාංගයකට සම්බන්දවීමට සූදානම්ව මෙම පැමිනෙනු ඇති බවටයි ඔවුන් පවසා සිටින්නේ.

2013-11-08

මෙවර මාසික යාවත්කාලීනයත් සමග වින්ඩෝස් 8.1 සදහා "Critical" යාවත්කාලීනයන්.....

  මයික්‍රසොෆ්ට් ආයතනය තම වින්ඩෝස්8.1 සදහා පලමු අරක්ෂක යාවත්කාලීනය පසුගිය මාසයේ නිකුත්කරන්නට කටයුතු කරන ලදී.අද මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටියේ තමන් වින්ඩෝස් 8.1 සදහා වන "Critical" මට්ටමේ යාවත්කාලීනයන් ගොනුවක් මෙම මාසයේ 'Patch Tuesday' දා නිකුත් කරන්නට කටයුතු කරමින් සිටින බවයි. නොවැම්බර් 12ට යෙදෙන මෙම නිකුතුවට නියමිත දා අතිශය වැදගත් මට්ටමේ යාවත්කාලීන තුනක් සමග වැදගත් මට්ටමේ ("Important") යාවත්කාලීන පහක් අඩංගු වන්නට නියමිත බවයි.මෙම යාවත්කාලීනයන් ඉලක්ක වන දුර්වලතා පිලිබදව වැඩි දුර විස්තර හෙලි නොකරන්නට ආයතනය කටයුතු කර තිබිනි.
          මෙම අතිශය වැදගත් මට්ටමේ යාවත්කාලීනයන් වින්ඩෝස් XP සදහාද අදාල වන බවට තොරතුරු හෙලි කරන එම ආයතනය පවසන්නේ වැදගත් මට්ටමේ යාවත්කාලීනයන් දෙකක්ද XP සදහා අදාල වන බවයි.කෙසේ වෙතත් මෙම නිකුතුව තුල මෙම සතිය ආරම්භයේ සිට අවධාරනය වෙමින් ඇති දුර්වලතාවයන් සදහා කිසිදු පිලිසකරයන් අඩංගුව නොමැති බවටයි පෙනෙන්නට ඇත්තේ.මයික්‍රසොෆ්ට් ආයතනය මේ ව්න විට එම දුර්වලතාවයන් සදහා පෙර සැකසුම් නිකුත්කර ඇති අතර නුදුරේදි අවසන් පිලිසකරයක් නිකුත්කරනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

ෆේස්බුක් Like හා Share බටනයන් අලුත්වේ

  ෆේස්බුක් ආයතනය පවසන්නේ තම වෙබ් අඩවිය ඔස්සේ භාවිතාකරන්නෙකුට තමන් ප්‍රියකරන යමක් හුවා දැක්වීමට මෙන්ම තවකුන් සමග බෙදා හදා ගන්නට පහසුව සලකමින් ලබා දී ඇති Like හා Share බටනයන් සදහා වඩාත් සිත්ගන්න සුලු පෙනුමක් සමග නවීකරනයක් මේ වන විට ක්‍රමයෙන් මුදා හැරෙමින් ඇති බවයි. 2010දී මුලින්ම හදුන්වාදුන් මෙම අංගය මේ වන විට දෛනිකව බිලියන 22 වාරයක් ලොවපුරා වෙබ් අඩවි මිලියන 7.5 ඔස්සේ භවිතාවෙමින් ඇති බවයි.ආයතනය වැඩි දුරටත් පවසන්නේ නව පෙනුම වෙබ් අඩවීන් වඩාත් කැපී පෙනෙන ලෙස ඉස්මතුකරවන්නට සහය වනු ඇති බවට තමන් බලාපොරොත්තුවන බව හා දැනට බාවිතාවෙමින් ඇති බටනයන් ස්වංක්‍රීයව යාවත්කාලීන වීම ඉදිරියේදී සිදුවෙනු ඇති බවයි.

වින්ඩෝස් 7 සදහා IE11 අවසන් සංස්කරනය නිකුත්වේ!!!!

  බ්‍රවුසරය යනු මෙහෙවුම් පද්ධතියක් ඔස්සේ වෙබ් අවකාශයට  පිවිසීමේදී භාවිතාවන ප්‍රධාන තම දොර‍ටුව වන්නේය. ඒ නිසාම පරිගණකයේ ස්ථාපනය වී ඇති බ්‍රවුසරය වඩාත් අලුත්ම සංස්කරනය දක්වා යවත්කාලීනව තබා ගැනීම පැමිනෙන නවීනතම වෙබ් තාක්ශනයන් අත්විඳින්නට මෙන්ම ආරක්ශිතව සිටින්නට භාවිතාකරන්නන්හට සහය වනු ඇත.මයික්‍රසොෆ්ට් ආයතනය නිවේදනය කර සිටින්නේ වින්ඩෝස් 8.1 සමග පැමිනි IE11 සංස්කරනය මෙවන විට වින්ඩෝස් 7 භාවිතාකරන්නන්හට මුදා හැර ඇති බවයි.ආයතනය පවසන්නේ දැනටමත් IE11 පෙර සංස්කරනයක් භාවිතාකරමින් සිටින්නෙනම් එම සංස්කරනය අවසන් සංස්කරනයක් බව යාවත්කාලීන වීම ස්වංක්‍රීයව සිදුවන්නට නියමිත බවකි. එලෙසම පසුගිය කාලයේ මයික්‍රසොෆ්ට් ආයතනය ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා සංස්කනයන් ස්වංක්‍රියව යාවත්කාලීන වීම වලකා ගන්නට යම් භාවිතාකරන්නෙකුට අවශ්‍ය වන දී භාවිතයට ගත හැකි මෘදුකාංග උපකරනයද නිකුත්කරනු  ලදී.මෙම නව සංස්කරනය වින්ඩෝස් 7 හි SP2 භාවිතාකරන්නන් සදහා සහය දක්වනු ඇති බවටයි වැඩිදුරටත් නිවේදනය වන්නේ.
                                    දැනට භාවිතාව සදහ ඇති බ්‍රවුසර අතරින් ‘real world websites’ සදාහ් වන වේගවත්ම බ්‍රවුසරය මෙය වනු ඇති බවට පවසන මයික්‍රසොෆ්ට් ආයතනය තම තරග කරුවන් සමග සැසදිමේදී 30%ක වෙගවත් බවක් රදවා ගන්නට තමන් සමත්ව ඇති බවටයි පවසා සිටින්නේ.වින්ඩෝස් 8 සමග සැසදීමේදී IE11 වල සමහර අංග වින්ඩෝස් 7 සදහා සහය දැක්වීම සිදු නොවන අතර මුත් සමස්තයක් ලෙසට වින්ඩෝස් 7 භාවිතාකරන්නන් හට වඩාත් පහසු බ්‍රවුසර අත්දැකීමක් ‍රැගෙන එන්නට හැකි වනු ඇති බවටයි ආයතනය පවසන්නේ.

Crome බ්‍රවුසරය සදහා සියලුම extensionsජනවාරියේ සිට Chrome Web Store වෙතින් පමනයි!!!!

  ගූගල් ආයතනය නිවේදනයකර සිටින්නේ එලබෙන ජනවාරියේ සිට වින්ඩෝස් තලයේ Crome බ්‍රවුසරය සදහා වන සියලුම extensions ලබා ගනීම Chrome Web Store වෙතින් පමනක් වනු ඇති බවයි.එම ආයතනය පවසන්නේ දැනට  මෙවැනි ස්ථාපනයන් සමග භාවිතාකරන්නන්ගේ සුරක්ෂිත බවට හානිකර අන්දමින් malicious extensions ස්ථාපනය වීම සීමා කිරීම මෙහි අරමුන වනු ඇති බවයි. මේ අනූව ස්ටෝර්වෙන් භාහිරව මෙවැනි පහසුකම් සලසන්නන් හට ඉදිරියේදී තම පලකිරීම්  Chrome Web Store වෙතින් පමනක් කිරීමට සිදුවනු ඇති බවට නිවේදනය වන අතර භාවිතාකරන්නන් දෙසින් කිසිදු වෙනසකින් තොරව පෙර පරිදිම ඒවා භාවිතාවට ඉඩ සැලසෙන බවට ඔවුන් පවසා සිටිනවා. ගූගල් ආයතනය වින්ඩෝස් හි ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 සදහා ඇප් සහය අවසන් නිවේදනය කොට සිටියේ ද පසුගිය සතියේ වන අතර වැඩි දුරටත් පැවසුවේ බ්‍රවුසරයක අවසාන සංස්කරනය හා ඊට පෙර සංස්කරනයන් සදහා පමනක් මින් ඉදිරියේදී තම ඇප්සහය හිමිවනු ඇති බවත්ය.

2013-11-07

පූර්න නම්‍ය දත්ත උපාංග 2016 වන විට!!!!

  දෘඩාංග නිපදවන්නන්ගේ අවධානය නිරන්තරයෙන්ම යොමුව ඇත්තේ මීලග තීරනාත්මක දත්ත උපාංගය වෙළඳ පොල වෙතට එවීමයි. ඒ අතර Googal Glass හා Samsung Galaxy Round වැනි උපාංග ඔස්සේ භාවිතාකරන්නන් අතර අවධානයක් දිනා ගත් උපාංග බොහොමයකි. මෑතකදී වැඩි අවධානයක් ලබා ගත් curved screens සහිත උපාංග පිලිබදව දෘඩාංග නිපදවන්නන් අතර අවධානයක් දිනා ගැන ඇති අතර සම්පූර්නයෙන් නම්‍ය දත්ත උපාංගයක් පිලිබදව අත්හදා බැලීම් වැඩි ප්‍රවනතාවයක් ඔස්සේ කෙරෙමින් ඇති බවටයි පලවන්නේ.තවමත් විද්‍යාත්මක ප්‍රබන්ද ලෙසට පමනක් රූපවහිනී , චිත්‍රපට හා මුද්‍රන ආශ්‍රිතව පැමිනෙන මෙම අත්දැකීම් නුදුරේදීම වෙළඳ පොල ඔස්සේ භාවිතාකරන්නන් වෙත පැමීනීම ගැන විස්වාසය තැබිය හැකි නුදුරු දිනයක් ගැන හදාරන්නන් විස්වාසය පලකරමින් සිටිනවා.
                          Samsung ආයතනය පවසන්නේ 2015 වසරේ අවසාන භාගයේ හෝ 2016 වසරේ පලමු භාගයේදී සම්පූර්නයෙන් නම්‍ය බව ‍රැගත් දත්ත උපාංගයක් වෙළඳ පොලට ගෙන එන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි. ආයතනය මේ වන විටත් prototypes මට්ටමින්  මෙවැනි නිපදවීම් ඉදිරිපත් කරන්නට කටයුතු කර ඇති මුත් සාමාන්‍ය නිෂ්පාදනය සදහා "තාක්ශනික සීමා" ජය ගැනීමට තිබන බවයි.

2013-11-06

IE 9 ගූගල් ඇප් සහය අවසන්වේ!!!!

  ගූගල් ආයතනය නිවේදනය කර සිටින්නේ තම Google Apps සහය දක්වන බ්‍රවුසර සංස්කරන අතරින් Internet Explorer 9 සංස්කරනය වෙත සහය දැක්වීම එලබෙන සතියේ සිට අවසන් වන්නට නියමිත බවකි. ගූගල් ආයතනය දැනටමත් ප්‍රකාශයට පත්කර ඇති පරදි තම ඇප් සදහා සහය දක්වන බ්‍රවුසර සංස්කරන වන්නේ ඔනෑම බ්‍රවුසර නිකුතුවක අවසන් සංස්කරනය හා ඊට පෙර අවසන් සංස්කරනය පමනක් වනු ඇති බවයි.මේ අනූව ඊට පෙර සංස්කරනයකසිට යම් භාවිතාකරන්නෙක් ගූගල් ඇප් භාවිතාවකට උත්සාහ කරන විට මතුවන පනිවිඬයක් ඔස්සේ දැනට සහට දක්වන සංස්කරන වෙත බ්‍රවුසරය යාවත්කාලීන කර ගන්නා ලෙසට පැවසෙනු ඇත.පසුගිය ඔක්තෝබර 17දා වින්ඩෝස් 8.1 නිකුතුවත් සමග ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 සංස්කරන නිකුත්වීමත් සමග ගූගල් ආයතනය එක්ස්ප්ලොරා 9 වෙත තම ඇප් සදහාවූ අවධානය අවසන් කරන්නට කටයුතුකල අතර මේ වන විට windows 7 sp1 වෙතද ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 පෙර සංස්කරනයක් නිකුත්ව තිබෙනවා.බොහෝ මෘදුකාංග ආයතනයන් තම නිෂ්පාදනයන් සදහා වින්ඩෝස් XP සංස්කරන සදහා හා ආශ්‍රිත සංස්කරන සදහා සහය දැක්වීම එලබෙන වසරේ පලමු කාර්තුවේසිට සිදුවන්නට සැලසුම් ඇති බවටයි දක්නට ලැබෙන්නේ.
 

2013-11-05

HDD වෙත නව ජීවයක් ‍රැගෙන එන helium-infused දෘඩ තැටිය

  SSD භාවිතට පැමිනීම බොහෝ භාවිතාකරන්නන් අතරට ගෙන ආ අමතර මතයක් වූවේ HDD තැටි භාවිතය අවසානවීම ඇරබීමක් ලෙසටය. සාම්ප්‍රධායික HDD භාවිතයේදී හමුවන ගැටලු මෙම මතය වඩාත් තහවුරු කරන්නට සාධකයක් විය.Western Digital ආයතනය පවසන්නේ තමන් ගෙනෙන්නට බලාපොරොත්තුවන නව නිකුතුව සමග නව ආරක HDD භාවිතයකට ඉඩ සැලසෙන බවයි.විනාඩියකට වට දස දහස් ගනනක වේගයක් ගන්නා මෙම තැටි බාවිතාවේ හමුව තිබූ නොයෙකුත් අපහසුතා කිහිපයකටම පිලියමක් ලෙසට සාමාන්‍ය පරිසරයේ වාතය මත ක්‍රියාත්මක වනවා වෙනු වට Helium සමග සීල් කරනලද නව දෘඩ තැටියක් ගෙන ඒමට තමන් කටයුතු කරන බවටයි ඔවුන් පවසා සිටියේ. අඩු resistance තත්වය යටතේ අභ්‍යන්තරව වැඩි තැටි සංකය්‍යාවක් , අඩු උෂ්නත්වයක් යටතේ වැඩි ජීවකාලයක් ‍රැගෙන මෙම නව නිකුතුව භාවිතාකරන්නන් හට වැඩි සේවයක් ගෙනෙන්නට කටයුතු කරනු ඇති බවටයි එම ආයතනයේ බලාපොරොත්තුව වන්නේ.දැනට මත් ප්‍රධ්ජාන මට්ටමේ ආයතන කිහිපයකම අත්හදා බැලෙමින් ඇති බවට පැවසෙන මෙම නව නිකුතුව සාම්ප්‍රධායික 4TB සීමාව ඉක්මවමින් දැනට 6TB මට්ටමින් නිකුත්කර ඇති අතර enterprise consumers  මම්මටමේ භාවිතාකරන්නන් ඉලක්ක කර ගනිමින් පැමිනෙනු ඇති බවටයි නිවේදනය වන්නේ.ඉදිරි කාලයේදී මෙම helium-infused  දෘඩ තැටිය සාමන්‍ය භාවිතාකරන්නන් ඉලක්ක කරගමින් පැමිනෙන ඇති බවටත් ඔවුන් බලාපොරොත්තුව ලකර සිටිනවා.

එලබෙන ගිම්හානයේදී හෝ වසන්තයේදී ඔෆ්ෆීස් Modern UI ඇප් එක පැමිනේවි....

  මයික්‍රසොෆ්ට් සමාගමේ ප්‍රකට Office මෘදුකාංගය සදහා පැමිනෙන්නට නියමිත touch-based devices සහය ඔෆ්ෆීස් ඇප් නිකුතුව එලබෙන වසරේ පැමිනෙන්නට නියමිතව ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ. ස්පර්ෂක තිර සහය උපාංග Windows 8.1 හෝ Apple's iPad  වැනි භාවිතාවන් ඉලක්කකර ගනිමින් පැමි නෙන්නට නියමිත මෙම නිකුතුව සමග ඔවුනගේ ප්‍රකට Office මෘදුකාංග එකතුව පිලිබදව මුලින්ම කෙටි හැදින්වීමක්  BUILD 2013 conference වලදී කරන්නට කටයුතු කරන ලද අතර  එම නව නිකුතුවෙහි Word, Excel  හා PowerPoint  වනි අංගයන් නිමවෙමින් ඇති බවටයි මීට පෙර නිකුතුත්වූ වාර්ථාවකින් පැවසුනේ.පෙර පැවසුනේ මෙම නිකුතුවේ සංකේතනාමය Gemini ලෙසට උවත් නව වාර්ථා පවසන්නේ ආයතනය තුල මෙ සදාහ යොදා ගන්නා සංකෙතනාමය වන්නේWinRT app වන බවයි.වැඩි දුරටත් හෙලිවන කරුනු පවසන්නේ මෙම නව නිකුතුවේ iOS සංස්කරනයක් පමනක් නොව ඇන්ඩ්‍රොයිඩ් තලය සදහාද සහය දක්වන සංස්කරනයක් පැමිනෙන්නට සැලසුම් වෙමින් පවතින බවකි.

ගූගල් වෙතින් වඩාත් සුරක්ශිත Canary, වෙබ් ග්‍රවුසරයක් ලගදීම!!!!

  පරිගණකය වෙත මැල්වෙයාර් පැමිනීමේ ප්‍රධානතම දොර‍ටුවක් වන්නේ වෙබ් බ්‍රවුසරයයි.ප්‍රධාන මට්ටමේ වෙබ් බ්‍රවුසර නිකුත්කරන සියලුම  සමාගම් තම වෙබ් බ්‍රවුසරය සමග වඩාත් සුරක්ෂිත වෙබ් සැරියක ලබා දෙන්නට කටයුතු කිරීම බොහෝ විට දකින්නට පුලුවන්.භාවිතාකරන්නන් අතර මහත් ප්‍රසාදයක් ඇති Google Chrome  ගෙනෙන ගූගල් ආයතනයද පසුගියදා පවසා සිටියේ තම වෙබ් බ්‍රවුසරය සමග නව මැල්වෙයාර් හදුනා ගැනීමේ අංගයක් එකතුකරන්නට තමන් තීර්නය කර ඇති බවයි. තවමත් පෙර අත්හදා බැකීමේ නොහොත් "Alpha" මට්ටමේ නිකුතුවක් ලෙසට වන මෙම නිකුතුව සමග භාවිතාකරන්නන් හානිකර දෑ අඩංගු වෙබ් අඩවියකට පිවිසෙන්නට පෙර වලකා ගන්නට කටයුතු කරනු ඇති බවටයි එම ආයතනය පවසන්නේ. පහසු "reset browser settings" බටනයක්ද සමග පැමිනෙන මෙම නව නිකුතුව ඔස්සේ යම් හානිකර බවක් බ්‍රවුසරය වෙත පැමිනුනද පසහුවෙන් බ්‍රවුසරය පෙර තත්වයට ගෙනෙන්නට කටයුතු කරනු ඇති බවටත් ඔවුන් පවසා සිටිනවා.බොහො භාවිතාකරන්නන් screensavers, video plugins නැතිනම් fake security software වෙත දක්වන දැඩි කැමැත්ත ඔස්සේ තම පරිගණකය නිතරම ආසාධ්ත බවට පත්කර ගැනීමට කටයුතු කරන බව දක්වන එම ආයතනය තමන් දෛනිකව ආරක්ශිත වෙබ් අඩවි වර්බීකරනය සදහා වෙබ් අඩවි 10000 වඩා හදාරමින් සිටින බව පවසා සිටියා.මෙම නව Canary බ්‍රවුසරයේ අවසන් සංස්කරනයක් ඉදිරි මාස කිහිපය තුලදී නිකුත්වනු ඇති බවටයි එම ආයතනය බලාපොරොත්තුව වන්නේ.

2013-11-01

ෆේස්බුක් ඔබගේ මවුසයේ හැසිරීම දක්වා අවධානය වැඩි කරාවි....

  සමාජ ජාලවක භාවිතාකරන්නා දෙසින් වන දැක්ම විටක විසිතුරු අපූර්ව අත්දැකීමක් ලෙසට හදුනාගන්නට භාවිතාකරන්නෙකුට හැකි වුවද එම සේවාව සපයන ආයතනය දෙසින් සැලකීමේදී වෙනස් ස්වරූපයක් ගනී. ඔවුනට එය වෙළඳ වටින කමක් ඇති තොරතුරු ගොන්නකි.හදාරන්නන් පවසන්නේ මූලිකව කොටස් දෙකකින් භාවිතාකරන්නන් පිලිබදව තොරතුරු ගොනු කර ගැනීමට එම ආයතන කටයුතු කරයි. ඒවා නම් ඔබ වෙසෙන, ‍රැකියාව කරන මෙන්ම ගැවසෙන ප්‍රදේශය හා සමාජ ජාලාව තුලදී ඔබගේ හැසිරීම් රටාවන් ලෙසටයි. පලවන නවතම වර්තාවක් පවසන්නේ ෆේස්බුක් වෙතින් ඉදිරියේදී වඩාත් භාවිතාකරන්නන්ගේ තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන්නට සැලසුම්ව ඇති බවකි."ඔවුනට අවශ්‍යව ඇත්තේ ඔබගේ මවුසයේ චලනය පවා හදාරමින් තොරතුරු ‍රැස්කර ගන්නටයි".හදාරන්නන් පවසනවා. පසුගිය වසර හතර සැලකීමේදී ෆේස්බුක් වෙත මෙසේ දත්ත ‍රැස්කරගැනීම 4000 ගුනයකින් ඉහල ගොස් ඇති බවාට් පවසන ඔවුන් පෙටාබයිට 300 කට වඩා වැඩි ද්ත්ත ‍රැකිරීමක් ඔවුන් සතුව ඇති බවටයි නිගමනය කරන්නේ.

අප්‍රේල් 8 දායින් පසුව XP වෙත Microsoft Security Essentials සහය නැත

  මේ වන විට ප්‍රධාන පෙලේ ආරක්ශක මෘදුකාංග සමාගම් දෙකක් එලබෙන අප්‍රේල් 8 දායින් පසුවද තම XP වෙත තම ආරක්ශක මෘදුකාංග ඔස්සේ සහය දැක්වීම සිදුකරන බවට ප්‍රකාශ කර ඇති මුත් මයික්‍රසොෆ්ට් සමාගම පවසා සිටින්නේ තමන් තම නොමිළේ ලබා දෙන ආරක්ශක මෘදුකාංගය වන Microsoft Security Essentials  ඔස්සේ වින්ඩෝස් XP සදහා සහය දැක්වීම අවසන් කරන්නට නියමිත බවයි.වසර 12ක ආයතනික සහයක් සමග භාවිතා වෙමින් තිබූ වින්ඩෝස් XP එලබෙන අප්‍රේල්8 වන විට අවසන් කරන්නට ආයතනය සැලසුම් කොට ඇති අතර පසුගියදා නිකුත්වූ වාර්ථාවකින්ද කියවූවේ මයික්‍රසොෆ්ට් ආයතනයේ නවතම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් 8 හා සැසදීමේදී වින්ඩෝස් XP වෙත හානිකරයන් බැලපෑමට ඇති හැකියාව හය ගුනයකින් ඉහලව පවතින බවකි.

Android version 4.4 සමග Nexus 5 නිල ලෙස නිවේදනය වේ!!!!

  මේ වන විට ගූගල් ආයතනය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිවල මීලග සංස්කරනය මෙන්ම ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වල මීලග සංස්කරනයද නිල ලෙස නිවේදනය කර තිබෙනවා.ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් මෙහෙයුම් පද්ධතියේ මීලග සංස්කරනය Android version 4.4 නොහොත් Kitkat ලෙසට නම් වන අතර දුරකථනය Nexus 5 ලෙසට නම්කර සිටින්න ඔවුන් කටයුතු කර තිබෙනවා.දුරකථනය මේ වන විට Google Play online store වෙතින් ලබා ගන්නට හැකියාව පවතිනවා.නව මෙහෙයුම් පද්ධතිය සමග නවාංග කිහිපයක් පැමින ඇති බවට ප්‍රකාශ වන අතර SMS MMS සමග පහසුවෙන් කටයුතු කල හැකි Hangouts app මෙන්ම පහසු ebook කියවීමකට සහය වන Immersive mode සමග තවත් අංග කිහිපයක්ම එම ආයතනය විසින් පෙන්වා දෙමින් සිටිනවා.ඔවුන් අවධාරනය කර සිටින අංග අතර නව මෙහෙයුම් පද්ධතිය මෙගා බයිට 512ක ‍රැම් මතකයක් සමග පවා පහසුවෙන් ක්‍රියාත්මක වන බව දැක්වෙනවා.ආයතනය පවසන්නේ Nexus 4, 7, 10 , Samsung Galaxy S4 , මෙන්ම HTC One  සදහා තම මෙහෙයුම් පද්ධති Android version 4.4 දක්වා ඉහල නංවා ගැනීමට එලබෙන සතිවල සිට හැකි වනු ඇති බවටයි නිවේදනය වන්නේ.
    නව Nexus 5 දුරකථනය ගිගා බයිට 16 හා 32 ලෙසට ඩොලර් 349 හා 399 මිලෙන් යුතුව නිකුත්ව ඇති අතර අඟල් 4.95 තිරයකින් සමන්විතව හා Qualcomm 2.3GHz Snapdragon 800 ප්‍රොසෙසරයක් සමග නිකුත්ව තිබෙනවා.මෙගා පික්සල 8ක පසුපස කැමරාවක් මෙන්ම ගිගා බයිට 2ක ‍රැම් මතකයක්ද එහි වන බවටයි වැඩි දුරටත් දැක්වෙන්නේ.

Cyber Attacks නිරන්තරයෙන් සූදානමින් ..

බොහෝ සයිබර් අනතුරු වල පදනම වන්නේ ඔබගේ නොසලකා හැරීම් හා අතපසු කිරීම් බවටයි හදාරන්නන්ගේ ප්‍රමුක මතයක් වන්නේ. ඔබගේ හෝ ආයතනයේ අවශ්‍ය තාක්ෂණික පහ...