2013-11-08

මෙවර මාසික යාවත්කාලීනයත් සමග වින්ඩෝස් 8.1 සදහා "Critical" යාවත්කාලීනයන්.....

  මයික්‍රසොෆ්ට් ආයතනය තම වින්ඩෝස්8.1 සදහා පලමු අරක්ෂක යාවත්කාලීනය පසුගිය මාසයේ නිකුත්කරන්නට කටයුතු කරන ලදී.අද මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටියේ තමන් වින්ඩෝස් 8.1 සදහා වන "Critical" මට්ටමේ යාවත්කාලීනයන් ගොනුවක් මෙම මාසයේ 'Patch Tuesday' දා නිකුත් කරන්නට කටයුතු කරමින් සිටින බවයි. නොවැම්බර් 12ට යෙදෙන මෙම නිකුතුවට නියමිත දා අතිශය වැදගත් මට්ටමේ යාවත්කාලීන තුනක් සමග වැදගත් මට්ටමේ ("Important") යාවත්කාලීන පහක් අඩංගු වන්නට නියමිත බවයි.මෙම යාවත්කාලීනයන් ඉලක්ක වන දුර්වලතා පිලිබදව වැඩි දුර විස්තර හෙලි නොකරන්නට ආයතනය කටයුතු කර තිබිනි.
          මෙම අතිශය වැදගත් මට්ටමේ යාවත්කාලීනයන් වින්ඩෝස් XP සදහාද අදාල වන බවට තොරතුරු හෙලි කරන එම ආයතනය පවසන්නේ වැදගත් මට්ටමේ යාවත්කාලීනයන් දෙකක්ද XP සදහා අදාල වන බවයි.කෙසේ වෙතත් මෙම නිකුතුව තුල මෙම සතිය ආරම්භයේ සිට අවධාරනය වෙමින් ඇති දුර්වලතාවයන් සදහා කිසිදු පිලිසකරයන් අඩංගුව නොමැති බවටයි පෙනෙන්නට ඇත්තේ.මයික්‍රසොෆ්ට් ආයතනය මේ ව්න විට එම දුර්වලතාවයන් සදහා පෙර සැකසුම් නිකුත්කර ඇති අතර නුදුරේදි අවසන් පිලිසකරයක් නිකුත්කරනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...