2022-10-31

eSIM පත ප්‍රමාදයි.

eSIM පත ප්‍රමාදයි. තාක්ෂණය ගැන උනන්දුවන්නන් අතර වන මතයකි. පස්වසරක් පැරණි eSIM පත Smartphone වල ප්‍රමුකතා ලයිස්තුවෙන් ඉහලට නොපැමිනීම තීරනාත්මක බව ඔවුන්ගේ විමතිය පලකරති.   Best camera phones නැතිනම් fast-charging වැනි ප්‍රමුකථා අතරට eSIM card තවමත් නොපැමින ඇති අතර post-SIM card යුගය සදහා මිට වඩා අවධානයෙන් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවට යෝජනා කරති. eSIM-enabled phone සමග නව සබඳතාවක් ලබා ගැනීමේ පහසුව, සේවා සපයන්නන් අතර පහසු හුවමාරු වීම, සිම්පත් ස්ථාපනය පහසුවීම වැනි ප්‍රවනතා අරශියකි. හැදෑරුම් වාර්ථා වලට අනූව මේ වන විට ආසන්නව ලොවපුරා eSIM භාවිතය 1.2 billion වන අතර 2025 වන විට 3.4 billion වනු ඇති බවට බලාපොරොත්තුව වේ. physical SIMs වෙනුවට eSIM පැමිනීම bigger batteries නැතිනම් better sensors වැනි දියුනු කිරීම් වලට අවස්ථාවක් වන අතර  iPhone 14 සදහා US වලදී eSIM only වීම හොඳ ප්‍රවනතාවයක් බවට පිලිගත යුතුය. එපමනක් නොව Android 13 වලදී දියුනු කල eSIM සහයක් ගෙනෙන බවට දැනටමත් සහතික කර ඇත.
Pubudu Siriwansa


 

Chrome සදහා zero-day පිලිසකරයක්.

Google නිවේදනය කරන්නේ Google Chrome වෙතට Zero-day  පිලිසකරයක් නිකුත්කර ඇති බවයි. මෙය මෙම වසර සදහා Chrome වෙතට නිකුත්වූ හත්වන zero-day  පිලිසකරය ලෙසටයි ගනනය වන්නේ. Google පවසන්නේ මෙම අවසන් දුර්වලතාවය ඔස්සේ attackers ලා හට sensitive app data වෙතට පිවිසෙන්නට හැකියාවක් වු බවයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ Chrome desktop සදහා version number 107.0.5304.87/88 ලෙසට නව සංස්කරනය පැමින තිබෙන බවයි. භාවිතාකරන්නන් Settings ඔස්සේ ගොස් About Chrome වෙතට පිවිස මෙම patchය ලබා ගත හැකි අතර Chrome බ්‍රවුසරය relaunch කිරීමෙන් මෙම නව පිලිසකරය ඔබගේ බ්‍රවුසරය මත බලාත්මක කරගන්නට හැකි වනු ඇත.
Pubudu Siriwansaa


 

නව 'Azov' නම් ransomware ව.

හදාරන්නන් Azov නම්  ransomware ආකාරයේ හානිකරය පිලිබන්දව පවසන්නේ දෙසතියක සිට දක්නට ලැබෙන  එකක් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙය adware bundles, pirated software downloads, නැතිනම් key generators වැනි ආකාරවලින් ඔබ වෙතට පැමිනෙන්නට ඉඩ ඇති බවකි. සාර්ථක ආසාධිතයන් වෙතට පවසන්නේ decrypt සදහා කිසිසේත්ම සම්බඳයක් නැති කිහිපදෙනෙකු වෙතට සම්බන්ද වීමට උවත් ඔවුන් මේ පිලිබඳව කිසිවක් නොදන්නා බව ප්‍රාකාශ කරන බවට පවසනවා. හදාරන් නන් වැඩි දුරටත් පවසන්නේ Azov ransomware ආසාධිතයන් මීට අමතරව RedLine Stealer malware හා STOP ransomware වැනිහානිකරයන්ටද ගොදුරුවීම දක්නට ඇති බවකි.  Ransomware attacks වලින් ඉවත්ව සිටීම සදහා malicious sites මගහැර සිටීමත් අනවශ්‍ය emails විවෘත කිරීමෙන් වලකින ලෙසත්, backup එකක් හොඳින් පවත්වා ගෙන යන ලෙසත් වන අතර antivirus / anti-malware software හොඳින් යාවත්කාලීනව තබ අගැනීම වැදගත් බවටත් පැහැදිලි කෙරෙනවා.
Pubudu Siriwansa


 

ආරක්ෂිත DIGITAL අනන්‍යතාවයක් සදහා.

ඔබේ Digital අනන්‍යතා වටා වන ආරක්ෂක මුර ගල් තුනක් ප්‍රධාන වේ. සංකීර්ණ අවසර පදය මින් පැරණිතම හා බහුලතම භාවිතාව වේ, අමතක නොකල යුතුම කාරනාවක් වන්නේ ඔනෑම සංකීර්ණ අවසර පදයක් වෙතට පිවිසීම සදහා මේ වන විට බාදකය වන්නේ අවශ්‍ය කාලය පමනක්ය යන්න හදාරන්නන් නැවත නැවත තහවුරු කරමින් සිටීමය. එනම් ඉලක්කම්, සංකේථ හා ද්විආකාරයේ අකුරු වල ඉතා අහබු සංයෝජනයක් පවා යාංත්‍රික ආකාරයට අත්පත් කරගන්නට අවශ්‍ය මෘදුයාන්ත්‍රන බොහෝ තිබිමය. මේ නිසාම නිතරම ලැබෙන උපදෙසක් වන්නේ කලින් කලට ඔබගේ අවසර පද වෙනස් කිරීමත් එකම අවසර පදය නැවත නැවත භාවිත නොකිරීම මෙන්ම පොදු හා නිගමනය පහසු ජීවිතය වටා වන යෙදුම් භාවිත නොකිරීමත්ය.
      දෙවන ආරක්ෂක මුරගල වන්නේ පෙර කී ලෙසට password එකට අමතරව එම ගිණුම හා සම්බන්ද කොට ඇති දුරකථන අංකයට හෝ email වෙතට ගෙනවා ගන්නා one-time password (OTP) එකක් භාවිතාවට සූදානම් කොට තැබීමය. ප්‍රයෝගිකව සිතන විට දෙවන වර තහවුරුව ලෙසට නම්කල හැකි මෙම භාවිතාව සමග අවසර පදය නිවැරදිව ඇතුළු කල පසුව පෙර එම ගිණුම හා එකගවූ දුරකථනයට  හෝ ඊමේල ලිපිනයට එක වරක් පමනක් භාවිතාකල හැකි මෙම අවසර පදය ලැබෙන අතර බොහෝ විට සීමිත කාලයක් තුල එය ඇතුළු කරන්නට අවස්ථාව ලැබීම ඔස්සේ එම ගිනුමට විය හැකි අනවසර ඇතුලු වීම සීමා කල හැක. මීට අමතරව සමහර විට පලමු අවසර පදයෙන් පසුව දෙවන තහවුරුව ඔබගේ උපාංගයකට පෙර ස්ථාපනය කර එම ගිණුම හා පෙර ගිවිසගෙන ඇති දෙවන අවසර පද මෘදුකාංගයක්ද භාවිතා කරන්නට අවස්ථාව  ලබා ගත හැක.
     තෙවැනි ආරක්ෂක පියවර වන්නේ ඔබගේ යම් ගිණුමකට සිදුවන ඇතුළුවීමකදී ස්වක්‍රීයව notification එකක් ලැබෙන්නට කටයුතු කර තිබීමය. මෙහිදී වන්නේ පෙරකී ආකාරයටම ඔබගේ ගිණුම ඔස්සේ පෙර ගිවිස ගන්නා දුරකථන අංකයකට හෝ ඊමේල් ලිපිනයකට, එම ගිනුම වෙතට ඇතුලු වීමක් හෝ එම ගිනුම තුල යන් වෙනසක් සිදුවිනි නම් දැනුම් දීමක් ලැබීමය. මෙම පහසු කම ඔස්සේද ඔබට වහා ක්‍රියාකාරී වී අදාල ආයතනය හා සම්බන්ද වී ඔබගේ ආරක්ශාව සදහා කටයුතු කරන්නට හැකි වනු ඇත.
Pubudu Siriwansa


 

එලබෙන job interview වන්නේ virtual reality ආකාරයට???

හදාරන්නන් යෝජනා කරන්නේ ඔබගේ මීලග job interview  එක virtual reality ආකාරයේ වීමට බොහෙවින් ඉඩ ඇති බවකි.  ගොඩ නැගෙමින් ඇති artificial intelligence (AI) හා virtual reality (VR) technology ආශ්‍රයෙන් සිදුවන්නට නියමිත මෙහිදී ඔබ ඉදිරියෙන් සිටින ප්‍රධාන අය වන්නේ computer එකක් වනු ඇත. දැනටමත්  AI software system මට්ටමින් avatarආකාරයට - cartoon-like, 3D representations ස්වභාවයෙන් පෙර අත්හදා බැලීම් සිදුවන අතර human judging ඉක්මවන නිවැරදි තක්සේරුවක් ලැබෙන බවට වාර්ථා වෙමින් තිබෙනවා. හදාරන්නන් පවසන්නේ අඩුම තරමින් දැනට simulated job interviews ඔස්සේ සැබෑ අත්දැකීමකට වඩාත් නිවැරදිව පුහුනුවීමකට අවස්ථාව ලැබෙනු ඇති බවට අනාවැකි පලවෙමින් තිබෙනවා. කොරෝනාව විසින් වෙනස් කරන ලද කාර්යාල රටාව තුල එලබෙන යුගයේ ස්වභාවය ගැන විවෘත බවකින් බලන්නට හදාරන්නන් කැමති වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa


 

2022-10-27

Windows 10 සදහා නව ( KB5018482 ) යාවත්කාලීනක්

Microsoft නිවේදනය කරන්නේ ඔබ තවමත් Windows 10 භාවිතාකරන්නෙක් මෙන්ම incompatible hardware, හෝ ඔබගේ කැමැත්ත නිසා හෝ වෙන යම් හේතුවක් නිසා Windows 11 වෙතට පිවිසීම ප්‍රමාද කරමින් සිටිනවා නම් , ඔබ සදහා optional update එකක් නිකුත්කර ඇති බවයි. ඔවුන් පැහැදිලි කරනවා මෙම  KB5018482 යාවත්කාලීනය ඔස්සේ gaming, Windows Update, Microsoft Edge ඇතුළු දියුනු කිරීම් රාශියක් ‍රැගෙන විත් ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම යාවත්කාලීනය non-security optional update එකක් නිසා ක්ශනික ස්ථාපනයක අවශ්‍යතාය නොමැති බවයි.
Pubudu Siriwansa


 

Next-gen computing technologies

අතිශය ජීවවිද්‍යාත්මක පරිසරයෙන් ඔබ්බට වන සියල්ල පාහේ යම් ආකාරයක හෝ Digital බවක් ගනිමින් තිබීම හාත්පසින් දැකිය හැකි තත්වයකි. තොරතුරු වඩ වඩාත් Digital කරනය වීමත්, ඒවා වඩ වඩාත්  ගබඩාකරනය වීමත් මෙන්ම සැකසීමත් ඉල්ලා සිටිමින් තිබීම දිනෙන් දින ඉහල යන අවශ්‍යතාවයකි. IDCය පවසන්නේ 2021 දී දත්ත created, captured, replicated සමස්ථය 84 ZB වන බව වන අතර ඔවුන් 2026 වන විට අනුමාන කරන්නේ එය 221 ZB දක්වා ඉහල යන බවකි. post-digital era ව පිලිබඳව ඔවුන් පෙන්වා දෙන්නේ High-performance මෙන්ම  supercomputing හැකියාවත්  මෙන්ම AI හා ML වල ඉහල භාවිතයකට පැමිනීමේ අවශ්‍යතාවයයි. උදාහරනයකට Mastercard වල processing පෙනවා දෙමින් පවසන්නේ 1.9 million rules පිරික්සුමකට පැයක් තුල 165 million transactions ලක්කරමින්  fraud වැනි තත්වයක් හඳුනා ගන්නා බවයි.
Pubudu Siriwansa


 

Chrome 107 සංස්කරණය

Google ආයතනය තම  Chrome 107  සංස්කරණය මේ වන නිකුත් කොට තිබේ. නව සංස්කරණය පිලිබඳව කථා බහේදී videos සදහා ගෙනැවිත් ඇති HEVC hardware decoding  සහය අවධානය දිනාගත් ප්‍රධාන අංගයකි. එසේම හදාරන්නන් පවසන්නේ ලොව බහුලතම බ්‍රවුසර භාවිතාව වන Crome වල දියුනු කෙරෙමින් පවතින RAM භාවිතය ඉතිරිය පිලිබඳව දියුනු කිරීම් ආකර්ශනීය එකක් වනු ඇති බවයි. විශේෂයෙන් මෘදුකාංග මට්ටමේ දියුනු කිරීම් අතර ප්‍රධාන තැනක් ගන්නා Memory Saver / Energy Saver අංගවලට ප්‍රධාන තැනක් දෙන දියුනු කරමින් ඇති ක්‍රෝම් වල inactive tabs වලට snoozing බවක් ගෙනෙන හැකියාව ඒ අතර ප්‍රධාන වේ. එසේම දැනට Chrome Canary මට්ටමේදී දක්නට ලැබෙන smooth scrolling, visual effects, ආදිය ඉල්ලා සිටින විට background activity සීමාකරමින්  battery life එක හොඳින් පවත්වාගෙන යන්නට කටයුතු කිරීමද වේ.
Pubudu Siriwansa


 

Apple සීමිතව USB-C වෙතට?

 European Union වලින් පැමිනි නියමයක් වූවේ 2024 අවසන් වන විට සියලුම උපකරණ සදහා USB-C charging හැකියාව පොඳු අනිවාර්ය අවශ්‍යතාවයක් බවය. ප්‍රකට Apple ආයතනය තම Lightning port වලින් ඉවත්වීම පිලිබන්දව අවධානයට ලක් වෙමින් තිබූ අතර මේ පිලිබඳව කිසිදු තීරනයක් නොමැතිව සෑහෙන කාලයක් ගත විය.  පසුගියදා එම ආයතනයේ ඉහල නිලධාරියෙකු සහභාගීවූ සකච්චාවකදී පැවසී තිබුනේ ඔවුන් එම තීරනයට එකග බවය. e-waste අවමකිරීම මූලික කරගත් මෙම තීරනයට පිලිබඳව හදාරන්නන් අතර මතයක්වූවේ Apple ආයතනය සුපුරුදු ලෙස වඩාත් නිර්මාණශීලී වෙමින් Wireless charging වෙතට යාමක් වුව්ද ඉහත හමුවේදී ප්‍රකාශව ඇත්තේ යුරෝපියානු වෙළඳ පොල සදහා තමන් Lightning cables වලින් ඉවත්වෙමින්  USB-C charging  වෙතට යන්නටත් ඇමරිකාව ඇතුළු අනෙකුත් වෙළඳ පොල සහහා ඉදිරියටත් සුපුරුදු Lightning cables වලම ‍රැදී සිටින්නටත් කටයුතු කරන බවකි.
Pubudu Siriwansa


 

2022-10-26

EU වලදී 8K TV වලට ගැටළුවක්.

එලබෙන යුගයේ televisions භාවිතාව 8K දක්වා සුපැහැදිලි වීමට EU දෙසින් ගැටළු සහගත වෙමින් තිබෙනවා. මෙම high-resolution displays වලදී ඉල්ලා සිටින power hungry බවට EU  වල පනවා ඇති සීමා වීම් නැතිනම් Energy Efficiency Index ඉදිරියේ ගැටළුවක් වෙමින් තිබෙනවා. ඔවුන් පැහැදිලි කරන්නේ රූපවාහිනී සදහා වන maximum energy consumption සීමා පිලිබඳව manufacturers විසින් සලකා බලන්නට සිදුවන බවයි. එලබෙන යුගයේ වන රූපවාහිනී තත්වයන් සදහා පෙනී සිටින 8K Association  මේ සදහා තම ප්‍රථිචාර දක්වමින් සිටින බවටයි තොරතුරු පලවන්නේ.
Pubudu Siriwansa


 

2022-10-25

WhatsApp වල බිඳ වැටීමක්.

සමහර WhatsApp භාවිතාකරන්නන් සදහා down වීමක් වාර්ථා වෙමින් තිබෙනවා.  WhatsApp වල web client භාවිතාකරන අය සදහා “Make sure your computer has an active internet connection” යන error message එක ලැබෙන බවටත් පැවසෙමින් තිබෙනවා.  United States, Canada මෙන්ම සමහර යුරෝපියානු රටවලට (United Kingdom / Italy) මෙන්ම  India, Malaysia, Japan, Philippines ආදී රටවලට මෙම ගැටළුවට මුහුන දෙමින් සිටින බවටයි වාර්ථාවෙන්නේ.  Meta නිවේදනය කරන්නේ අදාල routers වල configuration වෙනස් කම් කිහිපයක් නිසා ගැටළුවක් වන බවත් හැකි ඉක්මනින් පවතින ගැටළුව නිරාකරනයට කටයුතු කරමින් සිටින බවයි.
Pubudu Siriwansa


 

Google Chrome ද Windows 7 / 8.1 සහය අවසන් කරන්නට සූදානම්.

Google පවසන්නේ තම Google Chrome වල සහය Windows 7 and 8.1 සදහා February 2023 වල අවසන් වන්නට නියමිත බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ February 7, 2023 නිකුතුවට නියමිත Chrome 110 සමගින් මේ බව සිදුවන්නට නියමිත බවයි. එනම් තවදුරටත් එම මෙහෙයුම් පද්ධති සමග කටයුතු කලද නව feature updates / security patche නිකුත් වන්නේ නැති බවයි.ඒ අනූව සුමට හා ආරක්ශිත භාවිතාවක් සදහා windows 10 සදහාවත් පැමිනීම වැදගත් වනු ඇත. Microsoft සමාගමද දැනටමත් පවසා සිටින්නේ  January 10th, 2023 වලින් පසුව Windows 7 ESU /  Windows 8.1 extended සහයද අවසන් කරන බවයි. Microsoft සමාගම Windows 7 සදහා සහය January 2020, වලදී අවසන් කලද හැදෑරීම් වාර්ථාවකට අනූව භාවිතාව 10.68% ක පවතින බවට පැවසෙන අතර Windows 8.1 නම් 2.7% තරම් අඩු අගයක වන බවටයි සටහන් වන්නේ.
Pubudu Siriwansa


 

Facebook වල trusted contacts හැකියාව අවසන් වේ.

FACEBOOK වල trusted contacts හැකියාව අවසන් කර දමන්නට කටයුතු කර තිබෙනවා. මෙම අංගය ඔස්සේ ඔබගේ අවසර ඕදය අමතක වීමකදී නැතිනම් ඊමේලය අමතක වීමකදී නැවත ගිණුම වෙතට ලොග් වන්නට පෙර ‍තෝරාගත් trusted contacts ඔස්සේ සහය ලැබූ අතර hacker පහරදීමකදීද මේ හැකියාව මහත් සහයක් ගෙනෙනු ලැබුවා. Facebook අයතනය පවසන්නේ ඉදිරියේදී ඔබගේ ගිනුමට අදාල  email address / phone number ආදී තොරතුරු හොඳින් යාවත්කාලීනව තබා ගැනීම ඉතා වැදගත් වන බවයි. මේ සදහා Settings > Personal and account information > Contact info ඔස්සේ පිවිසීමෙන් හැකි වනවා. එසේම ඔබගේ Facebook ගිණුමට අදාලව two-factor authentication හැකියාව සංක්‍රියව තබා ගැනීමද වැදගත් ආරක්ශක පියවරක් වනු ඇත.
Pubudu Siriwansa


 

PayPal ද passkeys සමග එක්වේ.

PayPal නිවේදනය කරන්නේ ඔවුන්ද passwordless යුගය වෙතට පිවිසෙන්නට කටයුතු කර ඇති බවයි. passkeys ඔස්සේ ගොඩ නැගෙන මෙම නව භාවිතාව නිසා පැමිනෙන්නන්ට සංකීර්න අවසර පද මතක තබාගැනීමේ අවශ්‍යතාවය අවසන් වන අතර PayPal පවසන්නේ ආරම්භයේදී මෙම පහසුව iPhone, iPad, Mac වෙතට සහය දක්වන අතර ක්‍රමයෙන් ලෝකය පුරා භාවිතාකරන්නන් වෙතට ගෙන යන්නට කටයුතු කරන බවයි. 
   PayPal පැහැදිලි කරන්නේ, සහය දක්වන operating systemයක browser යක් ඔස්සේ log in වූ විට option එකක් ලෙසට “Create a passkey” හමුවන්නට නියමිත අතර Apple Face ID / Touch ID වැනි ආකාරයක් ඔස්සේ authenticate වීමට හැකි අතර නිර්මානය වන passkey එක iCloud Keychain වල synced වන බවයි. පසුව වන log in වීමක් සදහා ඔබට authenticate  වීමක් පමනක් අවශ්‍ය වන අතර password භාවිතාව අවසන් වනවා. එපමනක් නොව පසුව විය හැකි unsupported device එකකින් ලොග් වීමක් සදහා ලැබෙන QR code එකක් iPhone ඔස්සේ පිරික්සා verify එකක් ලබා ගන්නට හැකිවන බවට පැහැදිලි කෙරෙනවා. PayPal පවසන්නේ දැනට මෙම පහසුව United States වල භාවිතාකරන්නන් සදහා මුදා හැර ඇති අතර 2023 මුල් භාගය වන විට ලොවපුරා භාවිතයට ගෙනෙන්නට කටයුතු කරන බවයි.
Pubudu Siriwansa


 

macOS Ventura නිකුත්වේ.

Apple ආයතනය තම desktop operating system භාවිතාව සදහා ඉලක්ක වන macOS Ventura සංස්කරණය නිකුත්කර තිබෙනවා. මෙම නිකුතුව සමගStage Manager, Continuity Camera, iMessage වල දියුනු කිරීම්,  Safari වලට වන නවාංග සමග දියුනු කිරීම් හා නවාංග කිහිපයක්ම වන බවට නිවේදනය කර සිටිනවා. ආයතනය පවසන්නේ  Macs වල next-gen desktop operating system එක ලෙසටයි. මෙම නව පැමිනීම සහය දක්වන්නේ MacBook 2017
MacBook Air 2018 and later
MacBook Pro 2017 and later
Mac mini 2018 and later
Mac Pro 2019 and later
Mac Studio 2022
iMac 2017 and later
iMac Pro 2017 යන නිකුතූන් වලට වන අතර මෙම macOS Ventura වලදී සමහර සංකරන සදහා වන  mainstream සහය අවසන් වන්නට නියමිතයි. ආයතනය පැහැදිලි කරන්නේ නව නිකුතූන් පෙල සමග එනම් macOS Ventura, iPadOS 16, සහ iOS 16 වලට පොදුවන  දියුනු කිරීම් ද රාශියක් වන අතර editable iMessage, Mail improvements (undo send, schedule send, follow up, rich links), Safari Passkeys, shared tabs, improved SharePlay, iCloud Photo Library improvements, FaceTime handoff, accessibility improvements ඇතුලු රාශියක් වන බවට පවසනවා. එසේම macOS Ventura සදහාම විශේෂ වන New Wallpapers, Improved Spotlight, Stage manager, Continuity Camera, Desk View, Redesigned System Settings, Advanced gaming features ආදි අංගයන් වනවා. මෙම නව සංස්කරනය සදහා පිවිසෙන්නට ඔබේ screen ඉහල වම් කෙරවලේ වන menu bar වල Apple logo ව Click කර පිවිස System Preferences > Software Update. ඔස්සේ හැකිවනු ඇත.
Pubudu Siriwansa


 

iOS 16.1 නිකුත්වේ.

iOS 16.1 නිකුතුව සිදුව තිබෙනවා. එපමනක් නොව Apple ආයතනය  iPadOS 16 / macOS Ventura, ද මේ වන විට නිකුත්ව තිබෙනවා.  ඒ අනූව iPhone, tablets, laptops, desktop සමස්ථ පරිසරය සදහාම නවාංග රාශියක් ගෙන එන්නට Apple ආයතනය කටයුතු කර ඇති අතර iOS 16.1 වලදී iCloud Shared Photo Library, Live Activities, Fitness+, Clean Energy Charging ඇතුලු අංග රාශියක් ග්නෙන බවට එම ආයතනය මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා. ඔබගේ උපංගයට අදාල iOS 16.1 සංස්කරනය Settings > General > Software Update. ඔස්සේ පිවිස ලබා ගන්නට හැකිවනු ඇති.
Pubudu Siriwansa


 

2022-10-24

Windows 11 සදහා සූදානම් වන PC Manager app එක.

Microsoft සමාගම තම Windows 11 වෙනුවෙන් වන සූදානම් වීම් අතර “PC Manager” නම් app එකක් පිලිබඳව තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. දැනට public preview එකක් ලෙසට වන මෙහි පෙර සංස්කරනයක් Microsoft website වල China සංස්කරනයේ දැකිය හැකිවනවා. ආයතනය පවසන්නේ මෙම භාවිතය මගින් ඔබගේ පරිගණකය optimize කර සුමට භාවිතාවක් ගෙන එන්නට සහය වනු ඇති බවයි. දැනට නිකුත්ව ඇති සංස්කරනයට අනූව  Microsoft Defender app වලට සමාන මෙහි ක්‍රියාකාරීත්වය පැහැදිලි කෙරෙන්නේ Cleanup සහ Security යන ආකාර දෙකකට සහයට සූදානම් බව වන අතර එමගින් system performance ඉහලට ගෙන ඒමත්, unnecessary files ඉවත්කිරීමත්, අවශ්‍ය විටදී disabling processes කිරීමත්, startup වලින් අනවශ්‍ය වැඩ සටහන් ඉවත් කිරීමත් වනවා. එසේම Microsoft Defender Antivirus සමග සහයෝගයෙන් කටයුතු කරමින් Security මට්ටම ඉහලට ගෙනෙන්නට කටයුතු කරන අතර default browser එක ලෙසට  Microsoft Edge යොජනා කරන්නටද කටයුතු කරනු ලබනවා. කෙසේමුත් තවමත් පෙර සංස්කරන මට්ටමේ වන මෙහි භාවිතයට යාමට අවසාන සංස්කරනයක් නිකුත් වන තෙක් සිටීම වැදගත් වනු ඇත.
Pubudu Siriwansa


 

Typosquatting ආකාරයේ පහරදීම් බහුල වීමක්.

Typosquatting සරලව අර්ථ දැක්වෙන්නේ social engineering attack ආකාරාක් ලෙසට වන අතර එහිදී සිදුවෙන්නේ URL එකක් වැරදියට සටහන්වීම භාවිතයට ගෙන පැමිනෙන්නා malicious websites වෙතට කැඳවා ගෙන යාම වේ.  මෙහිදී ප්‍රකට ඩොමේනයකට සමාන සුළු misspellings සහිත් ඩොමේන ලියාපදිංචි කොට එම වැරදීම් ඔස්සේ අන්තර්ජාල ගතවන භාවිතාකරන්නන් වෙත්ට මෙම පහරදීම් සිදුවන අතර මීට අමතරව  phishing emails, SMS messages, direct messages, වැනි ආකාර වලටද භවිතාකරන්නන් කැඳවා ගන්නට එම අපරාධකරුවන් උත්සාහ කරනු දැකිය හැක. මෑතක සිට Windows / Android උපාංග වෙතට මේ ආකාරයේ පහරදීම් දැකීම බහුල බවට වාර්ථා වන අතර මේ ආකාරය ගැන සරල උදාහරණයක් ලෙසට "code.visualstudio.com" වෙනුවට "codevisualstudio[.]org," දැක්විය හැක. මෙම ගැටළුව සදහා antivirus software එකක් භාවිතාකිරීම මෙන්ම two-factor authentication ඔස්සේ ඔබගේ ගිණුම් වෙතට ඇතුළුවීම දෙවන වර තහවුරු කරගැනීමේ හැකියාව භාවිතාකීරිම වැදගත් වනු ඇත.
Pubudu Siriwansa


 

Windows 11 2022 Update (22H2) වෙතට පිවිසෙමු.

Windows 11 2022 Update (22H2)  සාමාන්‍ය භාවිතාව සදහා නිකුත්කර කෙටි කාලයක් ගෙවී ගොස් අවසන්ය. එම සංස්කරනය සමග  network  ගැටලු කිහිප ආකාරයකින් වාර්තා වෙමින් තිබිනි. Microsoft ආයතනය සමහර පරිගණක සැකසුම් සදහා නව සංස්කරනයේ පැමිනීම තාවකාලිකව අත්හිටවන්නට කටයුතු කරද තිබිනි. කෙසේ වෙතත් windows 11 වෙතට පිවීන්නට කැමැත්තක් දක්වන සාමාන්‍ය යාවත්කාලීන ආකරයට තවමත් ඒ සදහා අවස්ථාව නොලැබෙන එහෙත් සුදුසුකම් සපුරාඇති පරිගණක සදහා Microsoft වෙතින් බාගත කරගන්නා Windows11InstallationAssistant.exe හරහාද ඔබට නෛතිකව මේ සදහා උත්සාහ කරන්නට හැකිය. හදාරන්නන් උපදෙස් දෙන්නේ Create a restore point එකක් Create කිරීමෙන් අනතුරුව යා ම වඩාත් සුදුසු වන මෙම පියවරේදී  PC Health Check app එකක් ඔස්සේ අදාල දෘඩාංග සුදුසු බව සහතික කර ගැනීම වැදගත් වනු ඇත.
Pubudu Siriwansa


 

සයිබර් ගොදුරක් නොවීමට.

ඔබ විනෝද මට්ටමේ සිට වෘතීය මට්ටම දක්වා වූ කිනම් ආකාරයක භාවිතා කරන්නෙකු වූවද ආරක්ෂිත තොරතුරු සැරියක් අපෙක්ෂා කරන්නෙකු වනු ඇත. නිමැවුම අතින් මෙන්ම ක්‍රියාකාරීත්වය අතින් අතිශය සංවේධී උපකරණයක් වන ඔබගේ දත්ත උපාංගය පිලිබඳව සැලකිලිමත් වීම වැදගත් වන්නේ එබැවිනි. හැකි උපරිම යාවත්කාලීන දෘඩාංග මට්ටමක සිට මෘදුකාංග මට්ටමක් දක්වාත්, email, social network වැනි භාවිතාවන් වලදී ආවේනික සමාජ ස්වභාවයන් වටහාගෙන කටයුතු කිරීම දක්වාත් විශාල වපසරියක අවබෝධයෙන් කටයුතු නොකරීම මේ අපූරු භාවිතය අපට වින කරන්නෙකු බවට පහසුවෙන් පත්කරගන්නට මගක් වනු ඇත. දිනෙන් දින විසල් වන තොරතුරු අවකාශයේ ආරක්ෂිත බවද මොහොතින් මොහොත වෙනස් වන සංකීර්න වන එකක් වන අතර තාක්ෂණික මට්ටමේ සිට සමාජ මට්ටම දක්වා නෙක ආකාරවලට සයිබර් ගොදුරුවන්නන්ගේ සංක්‍යාවද වේගයෙන් ඉහල යමින් තිබේ.
Pubudu Siriwansa


 

2022-10-23

Office නාමය Microsoft 365 වෙයි.

Microsoft පසුගියදා පවසා සිටියේ තම Office නාමය වසර 30 කට පසුව Microsoft 365 ලෙසට නැවත නාමකරනයකට ලක් කරන්නට කටයුතු කර ඇති බවයි. ඒ අනූව Microsoft Office යන්න මින් පසුව Microsoft 365 ලෙසට නම් වන අතර එය cloud platform එකක් ලෙසට Microsoft Teams, Word, Excel, PowerPoint, Outlook, OneDrive වැනි apps වලින් සමන්විතව පැමිනෙනු ඇති බවය. ඒ අනූවමින් පසුව Office.com  ඔස්සේ පැමිනෙන්නන් Microsoft365.com වෙතට යැවෙන අතර January 2023 සිට Windows, macOS, iOS, Android සදහා වන apps ද මෙම වෙනසට ලක්වන බවය. නව ලොගෝවක් ගැනද සදහන් කරන ඔවුන් නව content creation හඳුන්වා දීමක් ගැනද සදහන් කර සිටිනවා.
Pubudu Siriwansa


 

Android 12 වල සිට ඔබ සුරකින "corner alert"

ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ වන අංග සංක්‍රිය කරවන හෝ සංක්‍රියකරවන්නට අනුමැතිය දෙන අය වන්නේ ඔබම පමනක් බව ඔබගේ විස්වාසය වනු ඇත. එහෙත් හැමවිටම එසේම නොවේ. ඔබගෙන් සොරා ගන්නා අවසරයක් මත නැතිනම් එම උපකරනය හොඳින් ආසාධිත නම් ඔබගෙන් අවසරයක් නොමැතිව උවත් එහි වන අංගයන් සංක්‍රිය කරවන්නට කටයුතු වන අවස්ථා තිබිය හැක. විශේෂයෙන් camera / microphone වැන්නක් සංක්‍රියකරවීම ඔස්සේ ඔබගේ පෞද්ගලිකත්වය සොරාගන්නට කටයුතු කරන අවස්ථා තිබිය හැක. Google ආයතනය Android 12 වල සිට මේ සදහා සරල විසඳුමක් ගෙනැවිත් ඇත. එනම් දුරකථනයේ වන මෙම අංග සංක්‍රියව පවතින අවස්ථාවල් වලදී screen  වල ඉහල corner වල "corner alert" එකක් සංක්‍රියව දෘශ්‍යවීමය. එනම් camera / microphone වල icon එකක් සංක්‍රීයව පැවතීමය. සමහර app එනම් Instagram වැන්නක් භාවිතයේදී මෙම සංක්‍රිය බව සාමාන්‍ය කරුනක් වුවද කිසිසේත්ම අදාල නැතිව සමහර app වලින් මෙම අවසරය භාවිතාවන්නේනම් ඒ පිලිබඳව සැලකිලිමත්ව සිට එහි සැකසුම් ඔස්සේ පිවිස අදාල අවසරය අවසන් කර දමන්නටත් නැතිනම් Quick Settings ඔස්සේ පිවිස මෙම හැකියාවන් සම්පූර්නයෙන් deactivate කර තබන්නටත් මේ වන විට හැකිවනු ඇත. හදාරන්නන් පවසන්නේ මෙම සැකසුම් ගැන පූර්ණ විස්වාසය නොතබා අවදියෙන් සිටීමද ඉතා වැදගත් බව අමතක නොකල යුතු බවයි.
Pubudu Siriwansa


 

2022-10-22

Core Isolation’s Memory Integrity protection

Windows 11 බොහෝ දුරට වින්ඩෝස් මෙහෙයුම් පද්ධති අතර තීරනාත්මක හැරවුමක සටහන් දැනටමත් පෙන්වමින් සිටී. මේ වන විට එහි  Windows 11 2022 Update (22H2) සංස්කරනය නිකුත්ව ඇති අතර ඒ සමග පැමින ඇති ආරක්ශක අංගයක් වන්නේ Core Isolation’s Memory Integrity protection ලෙසට නම් වන core activities හුදකලා කරමින් malicious programs වලින් වලකා ගැනීමට උත්සාහ කිරීමක් වේ. මෙම අංගය වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ processes වලට malicious code අනවසරව inject කිරීම වැලකීම මෙන්ම drivers ලෝර්ඩ් වීමේදී ආරක්ශිත බව සහතික කිරීම වේ. මෙම හැකියාව Windows 11 22H2 වලදී default මට්ටමින් සංක්‍රියව පැමින ඇති අතර windows 11 අනෙකුත් සංස්කරන සදහා Settings >  Privacy & security  > Security > Windows Security > Protection areas > Device security > Core isolation details > Memory integrity වල off යන්න on ලෙසට වේන්ස් කිරිමෙන් හැකි වනු ඇත. ඉන් අනතුරුව පරිගණකය restart එකකට ලක් කිරීමෙන් අනතුරුව එම හැකියාව සංක්‍රිය වනු ඇත.
Pubudu Siriwansa


 

2022-10-21

iOS 16.1 එලබෙන සතියේ.

Apple පවසන්නේ එලබෙන සතියේ පැමිනෙන්නට නියමිත iOS 16.1 upgrades ඔබගේ  iPhoneය අංග සතරකින් වඩාත් අපූරු කරන්නට සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Lock Screen මතට එන්නට නියමිත widget එකක් ඔස්සේ Live Activities තොරතුරු ‍රැගෙන එන්නට නියමිත බවයි. real-time info ගෙනෙන මෙම අංගය ට අමතරව මෙම Live Activities යටතේ දෛනික සජීවී තොරතුරු රාශියක් ගෙනෙන්නට සමත් බවයි. එසේම පෙර කී යාවත්කාලීනය සමග Apple Fitness+ද Apple Watch වලින් තොරව භාවිතයට ගෙනෙන බවයි. නව battery icon ය පමනක් නොව Clean Energy Charging හැකියාව වඩාත් පරිසර හිතකාමී බවක් ගෙනෙන අතර iOS 16 වෙතට පැමිනෙන්නට හැකිවන අතර ආරක්ශිත සැකසුම් කිහිපයක්ද ‍රැගෙන එන්නට නියමිතව තිබෙනවා.
Pubudu Siriwansa


 

2022-10-19

Windows 10 2022 යාවත්කාලීනය නිකුත්වේ.

Windows 10 සදහා වන  2022 Update නිකුතුව මේ වන විට අදාල උපාංග සදහා සූදානම් බවට Microsoft වෙතින් නිවේදනය වනවා. Windows 10 (version 2004)  වල සිට ඉහලට වන සංස්කරන සදහා අදාල මෙම නිකුතුව 22H2 ලෙසටද නම් වන අතර එයත් සමග productivity හා management අංගයන් කිහිපයක්ම වන බවට ඔවුන් නිවේදනය කරන අතර මෙය "feature update." ලෙසට සාමාන්‍යයෙන් නම් වන නිකුතූන් ගනයට අදාල වනවා. මෙම Windows 10 2022 යාවත්කාලීනය Home / Professional සංස්කරන සදහා 18 months සහය කාලයක්ද Enterprise / Education editions භාවිතාකරන්නන් සදහා 30 months සහය කාලයක් ලැබෙන්නට නිකමිතව තිබෙනවා. නවතම Windows 10 සංස්කරනය October 14, 2025 දක්වා නිල සහය හිමිවන බවටයි දැනට නිවේදනය කර ඇත්තේ.
Pubudu Siriwansa


 

Google වල Family Link app ඔස්සේ දරුවාගේ වැඩි ආරක්ශාවක්.

Google පවසන්නේ වසර පහකට පමන පෙර හඳුන්වා දුන් Family Link app එක ඔස්සේ තම දරුවන්ගේ app purchases, screen time, set restrictions, supervise app data permissions වැනි පහසුකම් වලට අමතරව අළුතින් හඳුන්වා දුන් Locations tab ඔස්සේ දුරරුවන්ගේ location , battery percentage පමනක්  නොව ring the devices වැනි විධානයක් ඔස්සේ දරුවන්ගේ ස්ථානයන් නැවත තහවුරු කරගන්නට හැකි බවයි. අනවශ්‍ය  websites වලට පිවිසීම වලකාලන්නට මෙන්ම usage updates වැනි දත්ත ඔස්සේ දරුවන් එම උපාංග සමග කටයුතු කරන ආකාරය පිලිබඳව දැනුවත් විමටද Family Link සහය වනවා සේම අවසාන වශයෙන් device usage වල summary යක් දක්වාම තොරතුරු ලබා ගන්නට හැකි වන බවටයි පැහැදිලි කරන්නේ.
Pubudu Siriwansa


 

2022-10-16

Generation Z/Alpha teenagers

Generation Z/Alpha teenagers යුගය සමාජය මත සංක්‍රිය වන යුගයේ අප සිටින්නෙමු. මුල් ස්වභාවයෙන්ම  Digital Devices මත වැඩියෙන් යැපෙන ඔවුන්ගේ ජීවිත රටාව අප පසුකල කොරොනා වසංගතය සමග සමස්ථ සමාජයේම ඉහලට පැමිනි Online මිත්‍ර බව විසින් අධිත්වරනය කර දැමුවා විය යුතුය, Social media විසින් නැවත වර නගන ලද සංස්කෘතිය ඔවුන්ගේ ජීවිතය වී තිබීම මග හැරිය නොහැකි සත්‍යයකි. සාම්ප්‍රධායික රූපවාහිනී මාධ්‍ය අනසක අවසන්ය. නැතිනම් අවසන් වෙමින් තිබේ.  Streaming services වඩාත් නම්‍යව ඔවුන්ව වෙලා ගෙන තිබේ. අවසාන වශයෙන් පැවසිය හැක්කේ දැණුම සුලබව තිබීමය. එය කලමනාකරනය තීරනාත්මක විෂයව තිබේ. "ඔවුන් ඔබට වඩා වෙනස්ය. ඔවුන්ගේ ජීවවිද්‍යාත්මක පද්ධතියෙන් ඉහලට වන සංස්කෘතික ආර්ථික මෙන්ම දේශපාලණය වෙනස් හැඩයක් ගනිමින් තිබේ." සාම්ප්‍රධායික විෂයන් ඔවුන් ඉදිරියේ උකටලි වන්නට සිදුව තිබීම දැනටමත් ප්‍රකට වෙමින් ඇත.
Pubudu Siriwansa


 

2022-10-15

Apple ද USB-C වෙතට පැමිනීම???

හදාරන්නන් අනාවැකි පලකමින් සිටින්නේ iPhone model. සදහා කාලයක් තිස්සේ standard iPhone cable ය වූ Lightning cables භාවිතය 2023 වන විට සමුගැනීම ආරම්භ වනු ඇති බවයි. දැනටමත් යුරෝපීය නෛතික පද්ධති විසින් Apple වෙතට දැනුම් දී ඇත්තේ 2024 වන විට USB-C  වෙතට පැමිනෙන ලෙසට වන අතර, ඒ අනූව අනාවැකි පලවෙන්නේ  iPhone 15 සමග මෙම නව පැමිනීම සිදුවනු ඇති බවයි. එපමනක් නොව වැඩි දුරටත් ඔවුන් පවසන්නේ ඉදිරි දශකය අවසන් වන විට Apple ආයතනය fully wireless charging port වෙතට පැමිනීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි. පසුගියදා European Parliament වෙති පැවසුනේ 2024 අවසන් වන විට සියලුම EU වල අලවි වන mobile phones, tablets හා cameras සදහා USB Type-C charging port සමග විය යුතු බව වන අතර 2026 වන විට මේ බව laptops සදහා ද බලපෑ යුතු බවයි. මේ අනූව 2014 සිට භාවිතයට පැමිනි USB-C ports පොදු භාවිතාවක් වීම සමග පරිසරයට අනවශ්‍ය ලෙස එක්වන උපාංග ප්‍රමානය අඩු කරන්නටත් භාවිතා කරන්නන් සදහා පහසුවක් වන්නටත් නියමිත පවතිනවා.
Pubudu Siriwansa


 

Smart home වල ecosystem ගැළුව විසන්දෙමින් ඇත.

ක්‍රමයෙන් අප ස්මාර්ට් නිවසකට පැමිනෙමින් සිටින්නෝ වෙමු. ස්මාර්ට් දුරකථනයෙන් ආරම්භ වන එම ගමන අද වන විට නිවසේ ඉදිරි දොර සීනුවේ සිට ස්මාර්ට් බවක් පැමිනිය හැකි සෑම උපාංගයක් ම අත්පත් කර ගනිමින් සිටී. මීලගට ගැටළුව වන්නේ නෙක උපාංග නිෂ්පාදක අනන්‍යතා අතර ගැටලුවයි.  Google පවසන්නේ තම Matter නව  smart home ප්‍රමිතීන් සමග මෙම ecosystem ගැටළුව විසදෙන්නට නියමිත බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ තම Matter-enabled device සමග අනෙකුත් smart home ecosystem උපාංග මෙන්ම ඔබගේ ප්‍රියතම apps  එකිනෙක යාවන්නට සූදානම්ව ඇති බවයි. 
    Samsung ආයතනයද පවසන්නේ තමන්ද Google සමග වඩාත් සමීප smart home භාවිතාවකට සූදානම් බවයි.  ඔවුන්ගේ SmartThings සමග Matter වෙතටද නැතිනම් අනෙක් දෙසටද භාවිතා කරන්නන්හට ගැටළුවකින් තොරව භාවිතාවන් ගෙනයන්නට දැන් වුදානම් බවයි.හදාරන්නන් පෙන්වා දෙන්නේ දැනටමත් Google, Samsung, Amazon වැනි උපාංග පරිසරයන් අතර දැනටමත් මෙම එකි නෙකා අතර සහය ගොඩ නැගෙමින් ඇති අතර ඉදිරියේදී අනෙකුතායතනයන්ද තම නිෂ්පාදන සදහා මෙම පොදුප්‍රමිතීන් වලට පිවිසෙනු ඇති බවයි.
Pubudu Siriwansa

 

E-Waste ගැටළුවක් වෙමින් ඇත.

භාවිතාව බහුල වන විට හමුවන මිලග අභියෝගය වන්නේ බැහැර වීමද බහුල වීමය.  Waste Electrical and Electronic Equipment (WEEE) Forum පසුගිය දා පවසා සිටියේ 2022 සැලකීමේදී 5.3 billion e-waste බැහැරවීමක් බලාපොරොත්තු විය යුතු බවකි. බර පතල බව පැහැදිලි කරන හදාරන්නන් පෙන්වා දෙන්නේ එක් දුරකථනයක් සාමාන්‍යයෙන් 9 millimeters ලෙසට සැලකුව හොත් මේවා එකිනෙක මත තැබූ විට 31,000 miles/50,000 kilometers දුරක් ගන්නා බවයි. එය සද මතට වන දුරින් 1/8 බවට පැහැදිලි කරන්නට කටයුතු කරනවා. එසේම මිහිමත වටිනා මූල ද්‍රව්‍ය ලෙසට සැලකෙන  gold, copper, silver, palladium වැනි recyclable components රාශියක් සමග මෙවා භාවිතාකරන්නන්ගේ drawers, closets, cupboards නැතිනම් garages වැනි ස්ථාන වලට ‍රැස්වෙමින් තිබෙන්නට වැඩි ඉඩක් ඇති බවයි. October 14 දිනට යෙදෙන E-Waste Day දිනට සමාන්තරව මෙම දැනුවත්වීම ඔවුන් කර සිටිනවා.
Pubudu Siriwansa


 

2022-10-14

Google ගෙනෙන passkey හැකියාව.

Google නිවේදනය කරන්නේ තම Android හා Chrome වෙතට passkey සහය ගෙන ඒම පියවරින් පියවරට සූදානම් වෙමින් ඇති බවයි. ඒ අනූව developers මට්ටමින් මෙම technology ය Google Play Services beta හා Chrome Canary වෙතටත් websites / apps වෙතටත් ගෙන ඒම ආරම්භව තිබෙනවා. ලොව ප්‍රධානතම සෙවුම් යන්ත්‍ර හිමිකරුවන් විසින් මෙම හැකියාව stable channels වෙතට මෙම වසර අවසානය වනවිට ‍රැගෙන එනු ඇති බවට බලාපොරොත්තු පල වෙමින් තිබෙනවා. බහුල භාවිතය තුල අවසර පද මතක තබාගැනීමේ අභියෝගයට පිලිතුරක් වන මේ ඔස්සේ Google Password Manager වැන්නක සහය autofill ආකාරයට ලබන්නට හැකියාව ගෙනෙනවා. එම ආයතනය පැහැදිලි කරන්නේ passkey සමග අදාල ගිනුම තේරීමෙන් අනතුරුව fingerprint, face, නැතිනම් screen lock වැනි තහවුරුවකින් සමග ඒ ව්තට පිවිසෙන්නට හැකි අතර nearby device ආකාරයටද මෙම සහය වන්නට නියමිතයි. එපමනක් නොව ඔබ පිවිසෙන්නට අවශ්‍ය වෙබ් අඩවිය ලබා දෙන QR එකක් ඔබගේ ජංගම දුරකථනය ඔස්සේ scan කිරීමකින්ද approve access ලබා ගන්නට හැකි වනවා. Google වල මීලග පියවර වනු ඇත්තේ API support ඔස්සේ native Android apps වලටද මෙම සහය ගෙන ඒමයි.
Pubudu Siriwansa


 

“Next Valley” සංඛේථ නාමය Windows (12) වලද?

 


“Next Valley” යනු Microsoft වල මීලග Windows සංස්කරනයේ සංඛේත නාමය විය හැකි බවට කරුනු හෙලි වෙමින් තිබෙනවා. 2024 වන විට නිකුත් වෙතැයි අනුමාන කරන Windows (12?) සංස්කරණය බොහෝ දුරට තම Windows මෙහෙයුම් පද්ධති සංම්ප්‍රධායෙන් පිටතට විහිද macOS වල ආභාශයන් වලින් සමන්විත ව තිබෙනු ඇති බවට බලාපොරොත්තු වන අතර යලිත් windows 10 සමග පවසා සිටි නව මෙහෙයුම් පද්ධති පැමිනීම අවසන් කිරීමේ බලාපොරොත්තුවෙන් ඉවතට පැමිනෙමින් ඇති බවට හෙලිවෙමින් තිබෙනවා. බොහෝ විට නෙක මෙහෙයු පද්ධතිවල වන මහත් වෙනස් කම් ඔස්සේ තම අනන්‍යතාවය ‍රැක ගන්නවා වෙනු වට පොඳු ආකෘතියකටපැමිනීම භාවිතාකරන්නන් සදහාද මහත් සහනයක් වනු ඇත. Microsoft සමාගමේ මීලග මෙහෙයුම් පද්ධතිය පිලිබඳව තොරතුරු තවමත් ප්‍රාථමික මට්ටමේ වන අතර ඉදිරියේදී වැඩ් දුර තොරතුරු බලාපොරොත්තු වෙමින් තිබෙනවා.

Pubudu Siriwansa

2022-10-11

Google Chrome 2022 වල වැඩිම ඉලක්ක වන browser වේ.

Google Chrome  පිලිබඳව පවසන හදාරන්නන් පෙන්වා දෙන්නේ 2022 සැලකීමේදී වඩාත් හානිකරබවට ලක්වු browserය වන බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ Chrome වල 2022 සදහා වාර්ථා ගත වූ හානිකර බවට විවරවීම නැතිනම් vulnerabilities 303 ලෙසට සටහන් වන බවයි.  ලොව වඩාත් භාවිතයක් ලබන මෙම බ්‍රවුසරය සදහා October 2022 සදහාද හඳුනා ගත් හානිකරබවක් පවතින එකම මෘදුකාංගය ලෙසටද වාර්ථා වන බවයි. එම වාර්ථාවට අනූව Mozilla Firefox සදහා 117 vulnerabilities බවක්ද,  Microsoft Edge සදහා 103 vulnerabilities මෙන්ම Safari සහ Opera සදහා vulnerabilities 26 ක් හා 0 ලෙසට වාර්ථා වන බවයි. සමස්ථ භාවිතකාලය සැලකීමේදීද  September 2008 වල පැමිනි  Chrome  සදහා 3,159 vulnerabilities  සටහන් වෙමින් ඉහලින්ම වන අතර මීට වඩා පැරණි භාවිතාවන් වන Firefox, Safari, හා Opera සැලකීමේදී 2361, 1139, සහ 344 සටහන් වන බවත් 2015 පැමිනි Edge වල 806 vulnerabilities සටහන් වන බවයි. 
     සමස්ථයක් ලෙසට නිතරම තම බ්‍රවුසරය යාවත්කාලීනව තබා ගැනීමත් browser extensions තොරා ගැනීමේදී කල්පනාකාරී වීමත් වැදගත් වන අතර email වලට සංයුත්තව පැමිනෙන  phishing attacks  උත්සාහයන් බොහොමයක් ඔස්සේ සයිබර් අපරාධකරුවන් browser flaws ඉලක්ක වන නිසා මේ ගැන කල්පනාකාරීව සිටිම වැදගත් වනු ඇත.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...