2022-10-24

Windows 11 සදහා සූදානම් වන PC Manager app එක.

Microsoft සමාගම තම Windows 11 වෙනුවෙන් වන සූදානම් වීම් අතර “PC Manager” නම් app එකක් පිලිබඳව තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. දැනට public preview එකක් ලෙසට වන මෙහි පෙර සංස්කරනයක් Microsoft website වල China සංස්කරනයේ දැකිය හැකිවනවා. ආයතනය පවසන්නේ මෙම භාවිතය මගින් ඔබගේ පරිගණකය optimize කර සුමට භාවිතාවක් ගෙන එන්නට සහය වනු ඇති බවයි. දැනට නිකුත්ව ඇති සංස්කරනයට අනූව  Microsoft Defender app වලට සමාන මෙහි ක්‍රියාකාරීත්වය පැහැදිලි කෙරෙන්නේ Cleanup සහ Security යන ආකාර දෙකකට සහයට සූදානම් බව වන අතර එමගින් system performance ඉහලට ගෙන ඒමත්, unnecessary files ඉවත්කිරීමත්, අවශ්‍ය විටදී disabling processes කිරීමත්, startup වලින් අනවශ්‍ය වැඩ සටහන් ඉවත් කිරීමත් වනවා. එසේම Microsoft Defender Antivirus සමග සහයෝගයෙන් කටයුතු කරමින් Security මට්ටම ඉහලට ගෙනෙන්නට කටයුතු කරන අතර default browser එක ලෙසට  Microsoft Edge යොජනා කරන්නටද කටයුතු කරනු ලබනවා. කෙසේමුත් තවමත් පෙර සංස්කරන මට්ටමේ වන මෙහි භාවිතයට යාමට අවසාන සංස්කරනයක් නිකුත් වන තෙක් සිටීම වැදගත් වනු ඇත.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...