2013-08-31

you tube නව logo ව කට පැමිනෙමින් ඇත?????

    වින්ඩෝස් 8 සමග පැමිනි දෑ අතර සරල Logo ව ද කැපී පෙනෙන්නකි. "flat" ආකාරයේ පෙනුමක සහිත ඒවායේ භාවිතය පැතිරෙමින් සමහර වෙනත් ආයතන වල පවා තමන්ගේ සේවාවල සමහර අංග සදහා මෙම ස්වභාවය එක්කර ගැනීම දක්නට ලදී. වෙබ් අඩවි පවා මෙට්‍රෝ ආකාරයේ මුහුනතකට සැකසීම වඩාත් නවීනතම මෝස්තරයක ලෙසට භාවිතයට පැමිනෙන ලදී.මේ වන විට ගූගල් හි  you tube සේවාවද තම Logo ව සරල පෙනුමක් සහිතව නවී කරනය කර ඇත. ඔවුනගේ ෆේස්බුක් මෙන්ම ‍ටුවිටර් අඩවි වල පි‍ටුවල දැනටමත් මෙම මව පෙනුම සහිත Logoව දක්නට ලැබෙන අතර 100%ක්ම පැතලි පෙනුමක් සහිත සරල රත් පැහැති ලෙසට එය නිමවී ඇත.

වින්8 සමග එන ප්ලෑෂ් සංස්කරනය වඩාත් ආරක්ශිතයි.....

    මයික්‍රසොෆ්ට් සමාගම තම වින්ඩෝස් 8 නිර්මානය කිරීමේදී ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 හි  භාහිර plug-ins භාවිතයෙන් ඈත්ව සිටින්නට තිර්නය කරන ලදී. බොහෝ විට ඒව යේ එන දුර්වලතා ඔස්සේ මෙම පහරදීම් සිදුවන බැවින් ඔවුන් එම තිර්නය කරන ලදී.  පසුව මයික්‍රසොෆ්ට් සමාගම තම ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 එක් සංස්කරනයක් සදහා ඇඩොබි සමග ගෙන එන්නට තිර්ර්නය කලේ ඔවුන්ගේ ප්ලෑෂ් ප්ලේයරයේ වැඩි දියුනු කල සාම්ප්‍රධායික නොවන plug-ins සංස්කරනයකර එකග වෙමිනි.
                                              ඇඩොබි ආයතනය පවසන්නේ වින්ඩෝස් 8 සමග වන ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා සංස්කරන සමග  යාවත්කාලීන වලදී මයික්‍රසොෆ්ට් සමගම සමග සමාන්තරව ඔවුනගේ යාවත්කාලීන රටාවට අනූව තම ප්ලෑෂ්ප්ලේයරය සදහා යාවත්කාලීන නිකුත්කරන්නට තම එකග වූ අතරම වින්ඩෝස් 8 තුල එහි ක්‍රියාකාරීත්වයේදී වඩාත් සංකීර්න ක්‍රමයක් ඔස්සේ ක්‍රියාත්මක වෙමින් වඩාත් ආරක්ශිත ක්‍රියාකාරීත්වයක් වින්ඩෝස් 8 වේත ගෙනෙන්නට හැකිව ඇති බවයි පැවසෙන්නේ. එසේම ඇඩෝබි ආයතනය වින්ඩෝස්8 හි ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 සදහා වන ප්ලෑෂ් සංස්කරනය වඩාත් ආරක්ශිතව ක්‍රියාත්මක වන්නට හැකි වන සේ නිර්මානය සදහා මයික්‍රසොෆ්ට් සමග සහයෝගයෙන් කටයුතු කරන බවටයි  පවසා සිටින්නේ.

2013-08-30

HP වෙතින් all-in-one ආකාරයේ වින්8 සහිත පරිගණකයක් දැනටමත්?????

  පෞද්ගලික පරිගණක  (PC) ආකෘතිය වෙනසක්  සදහා වේගයෙන් එකග වෙමින් පවතින බවටයි සටහන් වන්නේ. මයික්‍රසොෆ්ට් ආයතනයද පසුගියදා අඟවා සිටියේ තමන්ගේ මෙහෙයුම් පද්ධතිවල මූලික ඉලක්කය all in one ආකාරයේ ආකෘතියකට ඉදිරියේදී චලනය වන්නට නියමිත බවයි. HP ආයතනය all-in-one  ආකාරයේ පරිගනක නිකුත් කිරීමක් ගැන මුලින්ම සඳහන් වන්නේ 1983 වලදී වන අතර පලවන නවතමනිවේදනයක් පවසන්නේ එම ආයතනය වින්ඩෝස් 8 ‍රැගත් all-in-one  ආකාරයේ පරිගණකයක් දැනටමත් නිකුත්ව ඇති බවට තොරතුරු වන බවයි. ආයතනයේ බ්ලොග් අඩවියක් ඔස්සේ පලවූ ඡායෑරූසටහනක් මෙම බව හෙලි කරන අතර notebook-sized  ස්පර්ශක තිරයක් සහිත එම පරිගණකය දැක්වෙන පැහැදිලි ඡාය සටහනට බාදා කරමින් තිබුනු බවක් සටහන් ව ඇත. එම ආයතනය දැනටමත් ප්‍රකාශකර සිටින්නේ එලබෙන සැප්තැම්බරයේ අඟල් 21 all-in-one ආකාරයේ පරිගණකයන් ඇන්ඩ්‍රොයිඩ් ද සහිතව නිකුත්න් කරන්නට බලාපොරොත්තුවන බවකි.

Xbox One හඬ පාලන පහසුව පලමුව රටවල් කිහිපයකට සීමා වේ....

    Xbox One යනු මයික්‍රසොෆ්ට් සමාගමෙන් නිකුත්වන්නට නියමිත මීලග පරම්පරාවේ video game console එක ලෙසට පිලි ගැනේ.පසුගියදා ප්‍රකාශව තිබුනේ මෙම වසරේ ඉදිරියේදී නිකුත් වන්නට නියමිත මෙම උපාංගය සමග voice commands පහසුව පැමිනෙන්නට නියමිත බවයි. දැනට පලවෙමින් ඇති පුවත් වලට අනූව කියවෙන්නේ පැමිනෙන්නට නියමිත Xbox One සමග එන කටහඬ ඔස්සේ පමනක් එය පාලනය කරන්නට ඇති පහසුව පලමුවෙන් US, UK, CA, FR, හා DE රටවල් සදහා පමනක් සීමා  වන බවයි. ඔවුන් පවසන්නේ accents හදුනා ගැනීමේ දී වන තවමත් නොවිසිදුනු ගැටලු කිහිපයක් නිසා මෙම තත්වය උද්ගතව ඇති බවයි. ඉදිරියේදී එම පහසුව අන් රටවල භාවිතකරන්නන් හටත් ලබා දෙන්නට දැනටමත් ආයතනය කටයුතු කරමින් සිටින බවටයි සටහන් වන්නේ.

ෆේස්බුක් ඔස්සේ වන නීති විරෝධී ඉපයීම්ද ඉහල මට්ටමක වේ!!!

   ෆේස්බුක් දෛනිකව විශාල පිරිසක් යන එන වෙබ් අඩවියකි. එමෙන්ම දෛනිකව විශාල ආදායමක් උපයන වෙබ් අඩවියකි. එහෙත් හදාරන්නන් පවසන්නේ ෆේස්බුක් වෙතින් ඉපයීම් ලබන්නේ ෆේස්බුක් හිමිකාර පක්ශය හා එහි සේවක පක්ෂය පමනක් නොවන බවයි.ඔවුන් පවසන්නේ ආසන්න වශයෙන්  වාර්ෂිකව ඩෝලර් මිලියන 200ක් පමන අන්තර්ජාලය ඇසුරේ වෙසෙන වාංචනිකයන් උපයමින් සිටින බවයි. ව්‍යාජ වෙබ් අඩවි මෙන්ම ව්‍යාජ ඊමේල් වෙත භාවිතකරන්නන් යොමුකර ගනිමින් මෙම ඉපයීම් ඔවුන් සිදුකරන බවටයි පැවසෙන්නේ.
                    වැඩි පිරිසක් ගැවසෙන වෙබ් අඩවි ඉලක්ක කරගනිමින් නොමිළේ ලැබෙන iPhone හෝ iPad වැනි දැ ගැන සඳහන් කරමින් මෙම පලවීම් ෆේස්බුක් වෙබ් අඩවියේ නීති රීතීන් වලට එකග නොවන නමුදු ඒවා පලනය කිරීම අපහසුව ඇති බවටයි සදහන් වන්නේ. ඒවායේ පලවන වෙබ් ලිපිනවල සැබෑ අවසාන ඉලක්කය වන්නේ Adsense වෙබ් අඩවි වන අතර පිවිසෙන්නා Bit.ly  හා TinyURL ආකාරයේ සැගවුනු ලිපින ඔස්සේ  එම වෙබ් අඩවි වෙත කැදවා ගෙන යන බවටයි පවසා සිටින්නේ. ඔවුන් පවසන්නේ සාමන්‍යයෙන් පලවීම් වලින් 10% පමන මෙවැනි පෙලේ ඒවා වන බවයි.
                              මෙම spam කරුවන් 30,000 likes සහිත වෙබ් අඩවියකින් දිනකට ඩොලර් 13ක් පමන ඉපයිමක් කරන්නට සමත්වන අතර 100,000 fans සහිත වෙබ් අඩවියකදී දිනකට එම උපයීම ඩෝලර් 58ක් දක්වා ඉහල යන බවටයි ගනනය වන්නේ.

2013-08-29

ස්කයිප් සේවාව දස වසර සමරයි......

   ස්කයිප් යනු අදවන විට ලොව පුරා බහුල භාවිතයක් ලබන මෘදුකාංගයකි. නොඹිලේ සපයන එම සේවාව (මුදල් ගෙවා ලබාගත හැකි වැඩි පහසුකම් සහිත සේවාවක්ද වේ.) ඔස්සේ ලොව පුරා දුර බැහැර වෙසෙන තම හිතවතුන් සමග පමනක් නොව ව්‍යාපාරික මට්ටමේද අතිමත් භාවිතාකරන්නන් මෙම සේවාව සමග වේ. මෑතකදී මයික්‍රසොෆ්ට් සමාගම විසින් මිළදී ගත් මෙම සේවාව තම සමාගමේ ප්‍රදාන පනිවිඩ හුවමාරු තලය ලෙසට භාවිතාවේ."Skyped" ලෙසින් වදනක් පවා වහරට එක්කරන්නට තරම් සුලබ මෙම සේවාවේ ආරම්භයට දස වසරක් පිරීම සිදුව ඇති බවටයි සැලකෙන්නේ. වර්ෂ 2003 අගෝස්තු 29 Estonia, Sweden හා Denmark  රටවලින් එක්වූ පුද්ගලයින් 5 දෙනුකුගේ මූලිකත්වයෙන් මෙම ස්කයිප් හි පලමු සංස්කරනය නිකුත්වූ බවටයි පිලිගැනෙන්නේ.
                                පසුව 2011 ඔක්තෝබරයේ ඩොලර් නිලියන 8.5කට මයික්‍රසොෆ්ට් ආයතනය විසින් මිලදී ගත් මෙම සේවාව මයික්‍රසොෆ්ට් සමාගම විසින් තම ප්‍රධාන ඊමේල් සේවාව වන Outlook.com සමගද මිශ්‍රකරනු ලැබුවා. එසේම ඉදිරියේදී තම Xbox one සමගද භාවිතාකරන්නන් වේත පැමිනෙනු ඇති බවට ප්‍රකාශ කොට තිබෙනවා.

App Store වන් තුල "මියගිය" ඇප්ස් ප්‍රමානය ඉහල අගයක!!!!!

  ඇප් භාවිතාව වඩාත් ආරක්ශාකාරී මෙන්ම ප්‍රමිතිගත බවින් ඉහල සේවාවක් භාවිතාකරන්නා වෙත ගෙන එන බව පිලිගැනීමයි.මේ වන විට ප්‍රධාන ගනයේ මෘදුකාංග නිර්මාපකයන් හා සේවා සපයන්නන් ඇප් භාවිතාව වෙත වැඩි අවධානයක් යොමුකරමින් සිටී. Apple, Google හා  Microsoft වැනි ආයතන ඒවා අතර කැපී පෙනේ. හදාරන්නන් පවසන්නේ මෙම ඇඑප්ස් ස්ටෝර් වල බොහොමයක් අක්‍රිය මට්ටමේ ඒවා බවට පත්ව ඇති බවකි. ඔවුනගේ මෙම "අක්‍රීය" යන්නෙහි පැහැදිලි කිරීම වන්නේ  යම් ඇප් එකක් වෙත භාවිතාකරන්නන්ගෙන් ලැබුනු reviews ප්‍රමානය 10ට වඩා අඩු වීම හෝ  ඒවා ඇප්ස්ටෝර්ව තුලට පැමිමීමෙන් අනතුරුව එක් වරක් වත් යාවත්කාලීන නොවීම යන යන සාධකවේ.
                             ඔවුනගේ හැදෑරීම ඉහත දැක්වෙන ප්‍රධාන පෙලේ ඇප්ස් ස්ටෝර්වන් 3න ඔස්සේ සිදුකල අතර එහිදී ලැබුනු ප්‍රථිපලවලට අනූව මයික්‍රසොෆ්ට් ෆෝන් ඇප්ස් ස්ටෝර්ව තුල පවතින ඇප්ස්  වලින් සියයට 69ක් ද ඇපල් වල iOS ඇප්ස් ස්ටෝර්ව තුල සියට 65ක් ඇප්ස් ද ගූගල් ඇන්ඩ්‍රොයිඩ් සදහා වන ගූගල් ප්ලේ ස්ටෝර්ව තුල සියයට 41ක්ද ඉහත දැක්වූ "අක්‍රීය" ගනයේ ඇප්ස් ලෙසට ශ්‍රේනි ගත වෙමින් ඇති බවයි. වැඩි දුරටත් එම හැදෑරීම් වාර්ථ පවසන්නේ iOS App  ස්ටෝර්ව තුල දෛනිකව නව ඇප්ස් එකතුවීම්  සාමන්‍ය 978ක් ද දෛනිකව යාවත්කාලීන වීම් 806ක් සිදුවන බවයි. Google Play සැලකීමේදී දෛනිකව ඇප්ස් එකතුවීමේ සාමාන්‍ය 1107ක් 2341ක් දෛනිකව යාවත්කාලීන වන බවත් පවසන එම වාර්ථාව වින්ඩෝස් ෆෝන් ඇප්ස් ස්ටොර්ව තුලට දෛනිකව යාවත්කාලීන වීම් සාමන්‍ය 179ක් වන බවයි .

නව තොරතුරු තාක්ශනික වදන් කිහිපයක් Oxford Dictionary Online වෙත එක්වේ...

  Oxford University  වෙතින් අද නිකුත්වන නිවේදනයකට අනූව පැවසෙන්නේ ඔවුනගේ ප්‍රකට Oxford dictionary වෙතට තොරතුරු තාක්ශනය හා සැබැදුනු නව වදන් කිහිපයක් එක්කරන්නට තීර්නය කර ඇති බවකි. වේගයෙන් දියුනු වෙමින් ඇති මොබයිල් තාක්ශනය හා සැබැදුනු "phablet" වැනි වදන් කිහිපයක් මේ අතර වන බවටයි නිවේදනය වූවේ. එහිදී ඔවුන්පවස සිටියේ මෙම එකතුව Oxford English Dictionary වෙත නොව තමන්ගේ Oxford Dictionary Online වෙතට වන බවයි.පසුගියදා ජර්මන් රජය විසින් පවා පිලිගැනීමට ලක්කෙරෙනු bitcoin වැනි අනාගත බහුල භාවිතාවකට පැමිනෙතැයි සිතිය හැකි තොරතුරු තාක්ශනික පදනමකට වඩාත් සමීප ආර්ථික වදනද වන බවටයි පැවසුනේ.එම නිවේදනයට අදාලව නිකුත්වූ වදන් පෙල පහත දැක්වේ.
•bitcoin, n.: a digital currency in which transactions can be performed without the need for a central bank
•BYOD, n.: abbreviation of ‘bring your own device’: the practice of allowing the employees of an organization to use their own computers, smartphones, or other devices for work purposes
•click and collect, n.: a shopping facility whereby a customer can buy or order goods from a store’s website and collect them from a local branch
•digital detox, n.: a period of time during which a person refrains from using electronic devices such as smartphones or computers, regarded as an opportunity to reduce stress or focus on social interaction in the physical world
•emoji, n: a small digital image or icon used to express an idea or emotion in electronic communication
•FIL, n.: a person’s father-in-law (see also MIL, BIL, SIL)
•FOMO, n.: fear of missing out: anxiety that an exciting or interesting event may currently be happening elsewhere, often aroused by posts seen on a social media website
•geek chic, n.: the dress, appearance, and culture associated with computing and technology enthusiasts, regarded as stylish or fashionable
•hackerspace, n.: a place in which people with an interest in computing or technology can gather to work on projects while sharing ideas, equipment, and knowledge
•Internet of things, n.: a proposed development of the Internet in which everyday objects have network connectivity, allowing them to send and receive data
•LDR, n.: a long-distance relationship
•MOOC, n.: a course of study made available over the Internet without charge to a very large number of people
•phablet, n.: a smartphone having a screen which is intermediate in size between that of a typical smartphone and a tablet computer
•selfie, n. (informal): a photograph that one has taken of oneself, typically one taken with a smartphone or webcam and uploaded to a social media website
•srsly, adv. (informal): short for ‘seriously’
•TL;DR, abbrev.: ‘too long didn’t read’: used as a dismissive response to a lengthy online post, or to introduce a summary of a lengthy post

මීලග PC යුගය ලැප් ටොප් , ටැබ්ලට් මුසුවක් වේවි -මයික්‍රසොෆ්ට් හඟවයි-

  මයික්‍රසොෆ්ට් සමාගම තමන් දෘඩාංග අවකාශය වෙත තැබූ පියවර වඩාත් වර්ධනය කිරීම ඉදිරි සැලසුම් වලදී ප්‍රධානවනු ඇති බවට දැක්වෙන වෙළඳ ප්‍රවර්ධන පෙර සැකසුම් කෙමෙන් පැමිනෙමින් ඇත.තවදුරටත් හුදු මෘදුකාංගමත පමනක් යැපෙන වෙළඳ පොලක් ගැන ඔවුනගේ විස්වාසයක් නොමැති බවටත් ඔවුන් ගෙන ඇති තීර්නය ඉදිරියට ගෙන යන බවට දැනටමත් ඔවුන් නිවේදනය කර ඇති අතර මෑතකදි එලි දැක්වූ වෙළඳ ප්‍රචාරන වීඩියෝවක සදහන් කර සිටියේ මීලග පරම්පරාවේ Pc වෙත තමන් සූදානම් වනු ඇති බවයි. ටැබ්ලට් උපාංගය තම ප්‍රතම අදියරේ එතරම් සාර්ථක නොවුනද එහි දෙවන පරම්පරාවක් පිලිබදව විස්වාසය තැබීම අත්හරින්නට තමන් සූදානම් නැති බවක් පෙන්නුම් කෙරෙන එහිදී hybrids, convertibles හා  all-in-ones සමග එන මීලග PC යුගය ගැන පෙර හැදින්වීමක් කර තිබුනා.
                විචාරකයින් පවසන්නේ තවදුරටත් මෘදුකාංගමය ආකරයට පමනක් ප්‍රධාන තලයේදී අනාගතයක් දැකිය නොහැකි තැනකට පරිගණක ලෝකය පැමින ඇති බවයි.වින්ඩෝස් 8 හදුන්වාදීමේ හමුවකදී මයික්‍රසොෆ්ට් සමාගම ප්‍රකාශ කොට සිටියේ මෘදුකාංග මෙන්ම දෘඩාංග එකි නෙකා තෙරපමින් ඉදිරියට ඇදෙනා විෂයක් බවට එය පත්ව ඇති බවයි.මයික්‍රසොෆ්ට් සමාගම දැනට මත් පවසා සිටින්නේ  තම සර්ෆේස් උපාංගයේ දෙවන අදියරේ උපාංග එලබෙන ඔක්තෝබරයේ පැමිනෙනු ඇති බවයි.

වින්ඩෝස් 10 ඔවුනගේ පලමු cloud operating system එක වේවි!!!!!!!

  මෙහෙයුම් පද්ධතියක් නිකුත්වීම දිගුකාලයක් ඔස්සේ විශාල පිරිසකගේ කැපවීම් සමග සිදුවන ක්‍රියාවලියකි. මයිරසොෆ්ට් ආයතනය බොහෝ විට තම ඉදිරි මෙහෙයුම් පද්ධතිය සදහා කටයුතු අරබන්නේ ඊට පෙර මෙහෙයුම් පද්ධතිය නිකුතුවටත් පෙර සිට බව ප්‍රකට කරුනකි.මේ වන විට වින්ඩෝස් 8.1 නිකුතුවට දින වකවානු නියමවී ඇති අතර වින්ඩෝස් 8.2 නැතිනම් වින්ඩෝස් 9 ලෙස්ට නම්විය හැකි ඊලග සංස්කරනය මේ වන විට සැකසෙමින් ඇති බවටයි පැවසෙන්නේ. බොහෝ විට වින්ඩෝස් 9 පමනක් නොව වින්ඩෝස් 10 වල මූලික සැලසුම් පවා මේ වන විට සැකසෙමින් තිබීම විය හැකි බවටයි බලාපොරොත්තු වන්නේ.
              මයික්‍රසොෆ්ට් සමාගම බොහෝ විට වින්ඩෝස් 9 සමග තීරනාත්මක මට්ටමේ දෘශ්‍ය වෙනසක් ගෙන නො එනු ඇති බවට විස්වාසය පලවෙමින් ඇති අතර බොහෝ විට නැවත Aero UI  ‍රැගෙන එන්නට ඇති ඉඩකඩ පිලිබදව පැවසෙනවා.හදාරන්නන් බලාපොරොත්තු වන්නේ 2014 වසරේ නොවැම්බර් වන විට වින්ඩෝස් 9 නැතිනම් ඔවුනගේමෙහෙයුම් පද්ධතිවල මීලග සංස්කරනය පැමිනීම සුදුවනු ඇති බව වන අතර 2014 වසරේ ජනවාරි මාසය වන විට එහි පලමු බීටා සංස්කරනය පැමිනෙනු ඇති බවටයි .
                          වින්ඩෝස් 10 පලමු cloud operating system එක වනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා. එහිදී භාවිතාකරන්නෙකුට තම Destop භාවිතාව ඔනෑම උපාංගයක් ඔස්සේ අන්තර්ජාලය හරහා සිදුකරන්නට සිදුවීම ප්‍රධාන ලක්ෂනයක් වනු ඇති බවටයි පිලි ගැනෙන්නේ.හදාරන්නන් පවසන්නේ එල බෙන මාසය වන විට මෙම නව අත්දැකීම පිලිබදව තොරතුරු අත්දකින්නට හැකි වනු ඇති බවයි. දැනටමත් ගැටලු කාරී වී ඇති Windows RT  පිලිබද දැඩි බලාපොරොත්තුවක් තැබිය නොහැකි නිසා බොහෝ විට වින්ඩෝස් ස්මාර්ට් ෆෝන් තලය හා එකිනෙක මුසුවීමක් බලාපොරොත්තුවෙමින් තිබෙනවා.

මයික්‍රසොෆ්ට් ප්‍රතිසංස්කරන ක්‍රියාවලිය එලසම ඉදිරියට.....

  මයික්‍රසොෆ්ට් සමාගමේ CEO සමුගැනීම ඉදිරි වසර 12 තුලට මේ වන විට තීර්නය වී හමාරය. එහෙත් මයික්‍රසොෆ්ට් සමාගම පවසා සිටින්නේ Steve Ballmer ආයතනයෙන් සමු ගත්තද ඔහු විසින් ආරම්භ කරන ලද ආයතනය ප්‍රතිසංස්කරනය කිරීමේ වැඩසටහන සැලසුම් කර ඇති පරිදි ඉදිරි වසර පුරාවට ක්‍රියාත්මක වීමට නියමිත බවකි. ආයතනය විසින් තම සේවක මහතුන් වෙත ඔමුකර ඇති ඊමේල් පනිවිඬ ඔස්සේ මේ බව දැනුම් දී ඇති බවටයි වාර්ථාවන්නේ. ලොව ප්‍රමුකතම මෘදුකාංග සමාගමක් ලෙසට සිටි මයික්‍රසොෆ්ට් සමාගම මෙම ප්‍රතිසංස්කරන වැඩ පිලිවල යටතේ සේවා හා භාණ්ඬ(devices and services ) ලෙසට තම ඉදිරි සැලසුම් වෙනස් කරන්නට කටයුතු කරමින් සිටිනවා.
                    විචාරකයින් වින්ඩෝස් 8 පැමිනෙනට පෙර සිටම අනතුරු අගවමින් සිටියේ මයික්‍රසොෆ්ට් වෙත අසුබ කාලයක් එල බෙමින් තිබෙන බවකි. වින්ඩෝස් 8 භාවිතාකරන්නන් විසින් වැලඳ ගැනීම සැලසුම් කල තරම් වේගයෙන් සිදු නොවීම මෙන්ම වින්ඩෝස් 8 සමග හදුන්වාදුන් සර්ෆේස් උපකරනයද වෙළඳ පොළ තුල ඒතරම් සාර්ථක නොවීම ආයතනය තුල වඩත් අර්බුදකාරී පරිසරයක් නිර්මානය වන්නට හතුව තිබෙන බවටයි වාර්ථා වන්නේ.

2014 අප්‍රේල් 8 දායින් පසුව XP යාවත්කාලීන මිල අධික වනු ඇත

  මයික්‍රසොෆ්ට් සමාගම දැනට නිවේදනය කර ඇත්තේ එලබෙන අප්‍රේල්  8දායින් පසුව තම XP  මෙහෙයුම්පද්ධතිය වෙත යාවත්කාලීන නිකුත්කිරීම අවසන් වන බවකි. මුල් නිකුතුවේ සිට වසර 12ක් පමන කාලයක් තමමෙහෙයුම් පද්ධතිය වෙත තම සහය ඒවන විට එම ආයතනය දක්වා ඇත.මෑතකදී පලවූ අදහස් වලින් පැවසුනේ මෙදිනින් පසුව වින්ඩෝස් XP වෙත ඇති ප්‍රධානතම අනතුර වන්නේ පෙර සැකසුම් දුර්වලතා (zero day) ඉලක්ක කර ගනිමින් පහරදෙන්නන්ගේ අවධානය වැඩි වැඩියෙන් XP වෙතට යොමු වනු ඇති බවකි.
                            කෙසේ වෙතත් මෙදිනින් පසුවද මයික්ක්‍රසොෆ්ට් ආයතනය වින්ඩෝස් XP වෙත තම සහය දැක්වීම සිදුවනු ඇත්තේ "Custom Support" මට්ටමේ භාවිතාකරන්නන් වෙතය. එය වසරකර ඩොලර් 200ක මිල අධික ආයතනික මට්ටමෙන් මයික්‍රසොෆ්ට් හා ඇතිකර ගන්නා එකගතාවයක් මත ක්‍රියාත්මක වන්නකි. මෙම සබදතාවය තුලදී අතිශය වැද ගත් මට්ටමේ යාවත්කාලිනයන් නිකුත්කිරීමට මයික්‍රසොෆ්ට් ආයතනය ක්‍රියාත්මක වන මුත් එම මිළ ගනන් හා සැසදීමේදී එම ආයතන තම මෙහෙයුම් පද්ධති වින්ඩෝස් 7 හෝ 8 වෙත upgrade කර ගැනීම ලාභදායී වනු ඇති බවටයි සැලකෙන්නේ. කෙසේ වෙතත් හදාරන්නන් පවසන්නේ එලබෙන අප්‍රේල් 8 දායින් පසුවත් ලොව සැලකිය යුතු පිරිසක් වින්ඩෝස් XP භාවිතාවතුල සිටිනු ඇති බවයි.

2013-08-28

මෘදුකාංග යාවත්කාලීන ඉතා වැදගත්ය.....

    භාවිතාකරන්නෙකු තම දත්ත උපාංගය වෙත එහි වන මෙහෙයුම් පද්ධතියට හෝ භාවිතාකරමින් සිටින  වෙනත් මෘදුකාංගයකට නව යාවත්කාලීනයක් බලාපොරොත්තුවීම වැදගත්වේ. විටක එම නව යාවත්කාලීනය ‍රැගෙන එන්නේ තමන් දැනට භාවිතාකරමින් සිටින මෘදුකාංගයේ හඳුනාගෙන තිබෙන දුර්වලතාවයට පිලිසකර කිරීමක් විය හැක.තවත් විටක එවැනි දුර්වලතාවයක් ඔස්සේ දැනටමත් පරිගණකය වෙත පිවිස ඇති හානිකරයකට ප්‍රති විසදුමක් විය හැක.මෙවැනි විසදුම් ඔස්සේ පරිගණකය නැවත විස්වාසනීය තලයට නැංවීම සිදුවේ. බොහෝ විට පෙර සැකසුම් දුර්වලතාවයන් මෘදුකාංග නිපදවන්නන්ගේ නිරන්තර අවදානයට ලක්ව ඇති කාරනාවක් වන අතර නිරන්තරයෙන් එම ආයතන තුල පිරිස් මෙවැනි අනතුරු පිලිබදව අවධානයෙන් සිටීම සිදුවේ.
                          තවත් විටක තමන් භාවිතකරමින් සිටින මෘදුකාංගය වෙත නව සංස්කරනයක් පැමිනීමද සිදු විය හැක.එහිදී සරල මට්ටමේ විසදුම් වලට වඩා සංකීර්න මට්ටමේ මෘදුකංග දුර්වලතා සදහා වඩාත් ගැබුරු මට්ටමේ විසඳුම් ‍රැගෙන ඒම සිදුවන අතර විටක මෘදුකාංගයේ මූලික ව්‍යුහය පවා වෙනස් කිරීම් වලට ලක් කරනු දැකිය හැක. මෙමස් සංස්කරන විටක මිලදී ගත යුතු මට්ටමේ වන අතර විටක නොමිලේ ලැබෙන ඒවා වීමට ඉඩ ඇත. මෘදුකාංග ලෝකය නතර විය හැකි යාන්ත්‍රනයක් නොවේ.ඒවායේ දුර්වලතා නිරන්තරයෙන් හදාරමින් සිටින්නේ ඒවා නිපද වන ආයතන පමනක් නොවන අතර ඒවායේ දුර්වලතා ඔස්සේ පරිගණකයවෙත අනවසර පිවිසීම් කිරිමට  බලාපොරොත්තුවන මෘදුකාංගමය පහර දෙන්නන්ද වේ. අනවශ්‍ය කරදර ඇති කිරීම මෙන්ම භාවිතාකරන්නන්ගේ තොරතුරු පැහැර පැහැර ගැනීම ඔවුනගේ ඉලක්ක වන අතර ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය මත වන දුර්වලතාවක් හෝ පරිගණකයේ භාවිතාවන වෙනත් මෘදුකාංගයක දුර්වලතාවයක් ඔස්සේ ඔවුන් පරිගණක වෙත පිවිසෙන්නට නිරන්තරයෙන් බලාසිටී.
                                      පෙර යුගයට වඩා මේ වන විට හානිකර බව සදහා වඩාත් විදිමත්ව සූදානම් වීම වැදගත් වන්නේ ඔනෑම දත්ත උපාංගයක් හැකි හැම විටකම අන්තර්ජාලයට සම්බදවීම ප්‍රියකරන ආකාරයට සැකසී තිබීම නිසා වෙනි. සරලව පෙර යුගයේදී CD තැටියක ආධාරයෙන් පරිගනකර වෙත පැමිනෙන MP3 ගොනු වෙනුවට වර්ථමානයේ online ආකාරයේ සබදතා ඔස්සේ වඩාත් අලුත් හා වඩාත් වැඩි වපසරියක MP3 ගොනු ලබගන්නට හැකි අතරම අන්තර්ජාලය වෙත පිවිසීමේ හැකියාවද දියුනුවී ඇත.අන්තර්ජලය වේත පිවිසීමේ ක්‍රමවේදයන් වැඩිවෙන අතරම වඩාත් අඩු හා පහසු වැයකිරීමක් ඔස්සේ එම සබදතා ගොඩනගා ගන්නටද දැන් වැඩි යෙන් අවස්තාවල් ලැබී ඇත.CD තැටියකට සාපේක්ශව අන්තර්ජාලය ඔස්සේ ඔබ විවර වෙන අවකාශය අපමන ප්‍රමානයක් වැඩි වන අතර ඒනිසාම හානිකර පැමිනීමේ හැකියාවද මහත්සේ පුලුල් වේ.මෙවැනි තත්වයක් තුල වඩාත් නවීනතම  මෘදුකාංග සංස්කරන භාවිතව මෙන්ම ඒව වඩාත් නවීනතම යාවත්කාලීන සමග වීම ඉතා වැදගත්ය.

Nokia Lumia 925 සැප්තැබ්බර් 13 නිකුත්වේ!!!

 
   AT&T ආයතනය මේ වන විට පවස සිටින්නේ තම Nokia Lumia 925 දුරකථනය නිකුතුවට සියල්ල සූදානම් බවයි.එලබෙන සැප්තැම්බර් 13 එය නිකුත්වන බවත් තම ආයතනය සමග වන දෑ වසරක (මසකට ඩෝලර් 21) එකගතාවය සමග ඩෝල්ර් 99ක මිලකට එය ලබා ගන්නට හැකි වන බවත් අවශ්‍ය අයවලුන් සදහා මේ  වන විට පෙර ඇනවුන් සදහා විවෘතව ඇති බවත්ය.
         මෙම දුරකථනය  1.5GHz  ඩුවෙල් කෝර් ප්‍රොසෙසරයක් හා අඟල් 4.5ක Gorilla Glass 2 ස්ක්‍රීනයකින් සමන්විත වන අතර ගිගා බයිට 16ක අභ්‍යන්තර මතකයක්ද සමග එන බවටයි පැවසෙන්නේ.මෙගා පික්සල 6.7ක පසුකැමරාවක් සමග එන මෙම දුරකථනය superior PureView camera  තාක්ශනය සහිත බවටයි පැවසෙන්නේ. එසේම Carl Zeiss කාචයන් සහිත මෙම දුරකථනය සමග 1080p HD වීඩියෝ පහසුව වන බවටයි පැවසෙන්නේ. ඡායාරූ සැකසුම් මෘදුකාංගද මෙම නව නිකුතුව සමග වන බවටයි පවසන්නේ.

නිව්යෝර්ක් ටයිම්ස් වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්!!!!

   පලවන වාර්ථා පවසන්නේ ප්‍රකට පෙලේ මාධ්‍ය ආයතනයක් වන New York Times හි වෙබ් අඩවිය වෙත අනවසර පිවිසීමකින් අනතුරුව මේ වන විට බිඳවැටී ඇති බවයි. භාවිතාකරන්නන් වෙත ක්‍රමයෙන් එම වෙබ් අඩවිය අක්‍රිය වෙමින් පවතින බවක් හැගෙන්නට වූ මුත් මේ වන විට සම්පූර්න බිඳ වැටීමක් සිදුව ඇති බවයි. ඊට දෙසතියකට පෙරද මෙම වෙබ් අඩවිය පැය කිහිපයක බිඳ වැටීමක් සිදුවූ අතර එය පසුව වාර්ථා වූවේ අභ්‍යන්තර ගැටලුවක ප්‍රථිපලයක් බවයි. මෙම වෙබ් අඩවිය සමග ස්තිර පාඨකයින් 699000ක් ගෙවී කාර්තුවේදී මුදල්ගෙවන මට්ටමේ සිටි බවටයි වාර්ථා වන්නේ.

2013-08-27

මයික්‍රසොෆ්ට් සමගමේ මීලග CEO තනතුරට William Henry Gates III ?????

     මයික්‍රසොෆ්ට් සමාගමේ CEO ගැටලුව වඩාත් බැරෑරුම් වෙමින් පවතින බවටයි අලුත්ම තොරතුරු වලින් පැවසෙන්නේ. සමාගමට තම ප්‍රධානී තනතුර සදහා පෙර ප්‍රකාශ කලාට වඩා ඉක්මනින් තීර්නයක් ගැනීමේ අවශ්‍යතාව පවතින අතර මේ වන විටත් ඒ සදහා සුදුසුකම් ඇතැයි තීර්නය කොට ඇති ආයතනය තුල හා බාහිර වෙසෙන පුද්ගලයින් කිහිප පොලක සමගම මූලික අදහස් හුවමාරූවීම් සිදුකර ඇතැත් ආයතනය තෘප්තිමත් වන තත්වයේ හමුවීමක් සිදුව නැති බවටයි පැවසෙන්නේ.වින්ඩෝස් විස්ටා වලසිට එන අසාර්ථකත්වය Steve Ballmer වෙත නැගුනු අසතුටේ ආරම්භය බවට පැවසෙන අතර සර්ෆේස් උපාංගය ප්‍රමුකව වින්ඩෝස් 8 සමග වන අසාර්ථය එහි අවසාන හේතුව බවටයි දැක්වෙන්නේ.
                                 හදාරන්නන් පවසමින් සිටින්නේ ලොව පලමු පෙල මෘදුකාංග සමාගම මුහුන දෙමින් ඇති අවසාර්ථකත්වය සදහා වඩාත්ම සුදුසුතම විසදුම වන්නේ William Henry Gates III  නොහොත් අප අසා පුරුදු බිල් ගේට්ස් මහතා සීමත කාලයකට හෝ නැවත ආයතනයේ CEO තනතුර සදහා පැමිනීම බවයි.පසුගියදා ඇපල් ආයතනයේ ප්‍රමුකයෙකු මාධ්‍ය සාකච්චාවකදී පවසා සිටියේ මයික්‍රසොෆ්ට් සමාගම තම වෙළඳ පොල මත්තෙහි නින්ද්‍රාශීලිව හැසිරීම ගැන තමන් පුදුම වන බවකි.

ඇමරිකානු රාජය ආයතනයක් ඇන්ඩ්‍රොයිඩ් ඉලක්කවීමේ බහුල බව ගැන අනතුරු අගවයි!!!!

   ඇමරිකානු රාජ්‍ය මට්ටමේ ආයතනයක් නිකුත් කරන වාර්ථාවකට අනුව භාවිතාවන ප්‍රධාන පෙලේ මොබයිල් මෙහෙයුම් පද්ධති වල ආරක්ශාව පිලිබඳව තොරතුරු හෙලි කොට සිටිනවා. Android, Symbian, iOS, Windows Mobile ආදිය ඇසුරින් නිකුත් කොට ඇති එම වාර්ථාවට අනූව වඩාත් මැල්වෙයාර් තර්ජන  ඇති මෘදුකාංගය ලෙසට ඇන්ඩ්‍රෝයිඩ් නම්කොට තිබෙනවා. 2012ට අදාලව නිකුත්වන එම වාර්ථාවට අනූව සියලුම  මොබයිල් මැල්වෙයාර් වෙතින් 79% ක් ඉලක්කවී ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් වෙතට බවටයි සටහන් වන්නේ. දෙවන වඩාත්ම තර්ජනාත්මක මොබයිල් මෙහෙයුම් පද්ධතිය ලෙසට සිම්බියන් නම් කරන අතර 19% සමස්ථ මැල්වෙයාර් තර්ජනයක් එයට ඇති බවටයි ඔවුන් පවසන්නේ.තෙවන තැනට Apple's iOS  නම් කරන ඔවුන් එය 0.7%ක තර්ජනයක් ලබමින් සිටින බවටයි පවසන්නේ.වින්ඩෝස් මෙන්ම බැලැක්බෙරි 0.3% තර්ජනයක් ඇති ලෙසට ශ්‍රේනිගත කරන්නට කටයුතු කොට තිබෙනවා.මෙම හැදෑරීම සදහා SMS trojans, rootkits හා  counterfeit apps අංගයන් භාවිතාකර ඇති ඔවුන් ඇන්ඩ්‍රෝයිඩ් වල ඇති බහුල භාවිතය මෙන්ම විවෘත භාවය ප්‍රධාම හේතුවක ලෙසට නම්කරන්නට ක්‍රියාකර තිබෙනවා. ඔවුන් නිවේදනය කරන්නේ සැම විටම වඩාත් නවීන තම මෘදුකාංග සංස්කරන භාවිතය මෙම අනතුරුවලින් ඈත්ම සිටීමට වැඩි සහයක් වන බවයි.මේ වන විට ඇන්ඩ්‍රොයිඩ් සදහා හානිකට මට්ටමේ ඇප් මෘදුකාංග 700000ක් පමන වන බවටයි පැවසෙන්නේ.

මයික්‍රසොෆ්ට් තම Xbox One හි චිප් පත ගැන කරුනු හෙලි කරයි

     මයික්‍රසොෆ්ට් ආයතනය තම Xbox  තාක්ශනයේ මීලග අදියර පිලිබදව නිල ලෙස පවසා සිටියේ පසුගිය මැයි මාසයේදීය. එය Xbox One ලෙසට ඔවුන් නම්කර සිටියාය. ගෙවී ගිය දිනයේ මයික්‍රසොෆ්ට් ආයතනයේදී පැවති තාක්ශන හමුවකදී තම Xbox One සමග එන තනි චිප් තාක්ශනය ගැන වැඩි විස්තර හෙලි කරන්නට කටයුතු කෙරෙනි. ඔවුන්පැ වසුවේ   එම චිප් පත තුල ට්‍රාන්සිස්ටර් බිලියබ 5ක් අඩංගු වන බවයි. 363 square millimeters ප්‍රමානයේ එම චිප් පත අනෙකුත් ප්‍රොසෙසරයන් හා සසදීමේදී මද ප්‍රමානයෙන් විශාල වුවද 64-bit cores අටකින් සමන්විත බවටයි පැවසුනේ.CPU හා GPU  එකම පද්ධතියක වන සේ නිර්මානය වී ඇති එහි මෙගා බයිට 27ක මතක තැන්පතු ඉඩක් මෙන්ම නැනෝ මීටර 27 ආකරයේ තාක්ශනය අනූව නිපදවා ඇති බවටයි පැවසුනේ.
                        ශක්ති භාවිතය අතින් වඩාත් පිරිමැසුම් දායක ක්‍රියා කාරීත්වයක් සමග එන මෙහි චිප් පත තුල මතුවන යම් ගැටලුවකදී එම කොටස අතහැර ක්‍රියාත්මක වන සේ නිපදවා ඇති බවටයි පැවසුනේ. එම චිප් පත තුල විශේෂයෙන් නිර්මානය වූ ප්‍රොසෙසර්ස් 15ක් අඩංගු බව පැවසූ අතර ඒවා graphical හා game සදහානිර්මානය වී ඇති බවටයි පැහැදිලි කර සිටියේ. එහි දත්ත හැසිර වීමේ හැකියාව 200 GBs per second වන බවටත් හෙලි කොට සිටියා.

සමූහ ඡායාරූ ඇල්බම් පහසුව ෆේස්බුක් වෙතට පැමිනේ!!!!!

   පසුගිය කාලයක්  පුරාවට සැලසුම් වෙමින් තිබූ නව අංගයක් එලිදක්වන්නට මේ වන විට ෆේස්බුක් සමාගම කටයුතු කොට තිබෙනවා.තම වෙන්බ් අඩවිය භාවිතාකරන්නන් අතර සමූහලෙස එකම ඇල්බමයක් වෙතට ඡායාරූප නැංවීමේ හැකියාව මෙම නව පහසුව ඔස්සේ ලැබෙන බවටයි ඔවුන් පවසන්නේ. උදාහරනයක පැවසෙන්නේ විනෝද චාරිකාවකට එක් වුනු පිරිසකට තම තමන් විසින් විවිධ කෝනවලින් ලත් ඡායාරූපයන් වෙන වෙනම අන්තර්ජාලය වෙත නැවීම වෙනුවට පොදු එකම තැනකදී ඒවා දක්වන්නට ලැබිම වඩාත් ආකර්ශනීය කාරනාවක් වනු ඇති බවයි  දැක්වෙන්නේ. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ මෙම නව පහසුව ආයතනිකව මෙන්ම වෙනත් සමාජීය කටයුතු වලදීද වැදගත් වනු ඇති බවයි.අද දින සිට මෙම හැකියාව මුදා හැරීම සිදුවන අතර මුලින්ම එය English භාවිතාකරන්නන් වෙතට හා ක්‍රමයෙන් අනෙකුත් භාවිතකරන්නන් වෙතට පැමිනෙනු ඇති බවටයි නිවේදනය වන්නේ.

වෙබ් වෙළඳ දැන්වීම් එරෙහි බව තවත් වර්ධනයවේ...

 
   අන්තර්ජාලය මත වෙළඳ දැන්වීම් පිලිබඳ ගැටලුව කෙමෙන් තවත් බැරෑරුම් වෙමින් තිබෙන බවටයි දැක්වෙන්නේ.වෙබ් අඩවි සමග පැමිනෙන වෙළඳ දැන්වීම්වලට බාදා කිරීමට හැකියාව ලබාදෙන බ්‍රවුසර add-ons පිලිබදව පසුගිය කාලයේ මහත් ආන්දෝලනයක් පැවති අතර පලවන නවතම පුවත් පවසන්නේ මෙසේ වෙළඳ දැන්විම් වලට එරෙහිව දැන්වීම් ආකාරයේ දැනුවත් කිරීමක් සදහා අරමුදලක් බිහි වෙමින් ඇති බවයි.ඔවුන් පවසන්නේ දින කිහිපයක් ඇතුලත සැලකිය යුතු අරමුදලක් ‍රැස්කර ගන්නට ඔවුන් සමත්ව ඇති බවයි. ඔවුන් වැඩි දුරටත් පවසා සිටින්නේ අන්තර්ජාලය හරහා පැමිනෙන වෙළඳ දැන්වීම් වලට එරහි මෙම නව ව්‍යාපාරය ඔස්සේ banner ads හා  video commercials ආකාරයේ දැනුවත් කිරීම් ‍රැගෙන එන්නට තමන් කටයුතු කරන්නට බලාපොරොත්තු වන බවකි.
                    තවමත් බොහෝ වෙබ් අඩවි වෙළඳ දැන්වීම් මත යැපීම සිදුවන අතර ක්‍රමයෙන් බලහත්කාර වෙළඳ දැන්වීම් අන්තර්ජාලය මත පැමිනීම වේගවත් වෙමින් පවතින බවයි දැක්වෙන්නේ. භාවිතාකරන්නා අපහසුතාවයට පත්කරමින් අවිනීත ආකාරයට තමන් වෙත එන භාවිතාකරන්නන්  වෙත වෙළඳ දැන්වීම් "විදීමේ" අධිවේගී අවභාවිතාව විසින් වෙබ් අඩවි පවත්වාගෙන යන්නන්වෙතද ඉමහත් අපහසු තාවයක් ගෙනෙමින් ඇති බවටයි පිලිගැනෙන්නේ.

බ්‍රිතාන්‍යය Dial-up සබදතාවයන්ට සමු දීම අරබයි!!!!

     පැරනි තාක්ශනයන්ට සමුදීමද වැදගත් කාරනාවකි. Dial-up  අන්තර්ජාල භාවිතයද එවැන්නකි. 56K modems  මොඩම් එකක ඔස්සේ අඩු වේගැති සීමා සහිත අන්තර්ජාල භෑඉතය තව දුරටත් අද පවතින අන්තර්ජාලයේ ස්වභාවය ඇනූව අරුත් සුන් කාරනාවක් බවයි පිලි ගැනීමවන්නේ.බ්‍රිත්‍යානයේ British Telecom සමාගම පසුගියදා ප්‍රකාශ කොට සිටියේ තමන් විසින් Dial-up සේවාව ලබාදීම එලබෙන සැප්තැම්බර් පලමු වෙනිදායින් අවසන් කරන්නට තීර්නය කර ඇති බවකි. ඔවුන් පවසන්නේ broadband Internet  භාවිතය වඩාත් ලාබදායී යුගයක පැරනි ආකාරයේ සේවාවෙන් සමු ගැනීමට කාලය උදාව ඇති බවකි. කෙසේ වෙතත් තවමත් බ්‍රෝඩ්බෑන්ඩ් සබදතාවයක් ලබා ගන්නට පහසුකම් නැති සුලු පිරිසකගේ තත්වය පිලිබදව  ගැටලු සහගත වන අතර ඔවුන්ට වෙනත් Dial up සේවයක් වෙතට මාරුවීමේ හැකියාව ද ප්‍රශ්නකාරීව තිබෙන බවටයි සටහන් වන්නේ.
                          ඇමරුකානු වැසියන්ගෙන්ද සියයට 29 තවමත් අන්තර්ජාලය ඇසුරු නොකිරීම පිලිබදව පසුගියද වාර්ථා වූ අතර ඇමරිකානු රජය ඩොලර් බිලියන ගනනක් වැය කරමින් අන්තර්ජාල භාවිතය ව්‍යාප්ත කිරීමේ ක්‍රියාවලී පවතිද්දීද මෙම තත්වය පැවතීම හදාරන්නන්ගේ විමතියට හේතුවක් වෙමින් තිබෙනවා.

2013-08-26

වින්ඩෝස් 8 බැටරි බල පිරිමැසුමට වඩාත් හිතවත්ය

    වින්ඩෝස් 8 නිර්මානය වන්නේ නිරන්තරයෙන් අවදිව පවතින හා අන්තර්ජාලයට් සම්බන්දව සිටින උපාංග මූලික කරගෙනය.ඩෙස් ටොප් මූලිකත්වයට වඩා ජංගම උපාංගයන් මූලික ඉලක්ක වන විට එය අත්‍ය අවශ්‍ය කාරනාවද වෙයි.එහෙත් ස්මාර්ට් දුරකථනයකට වඩා වැඩි බලයක් භාවිතාවීම තුල බැටරි බල සු‍රැකුම දෙසටද අවධානය යොමු කිරීම වැදගත් වේ.වින්ඩෝස් 8 මේ සදහා ‍රැගෙන විත ඇති පහසුව වන්නේ Connected Standby අංගයයි.උපාංගය අක්‍රිය මට්ටමට ඉතා අසන්න මට්ටමකට පත්ව බල වැය අවමව තබා ගන්නා අතරම පසුබිමෙන් Metro-style apps ධාවනය වෙමින් නිරන්තරයෙන් යාවත්කාලීන වෙමින් අවදිකල සැනින් වඩාත් වර්ථමාන තොරතුරු භාවිතාකරන්නා හට ලබා දීමට සූදනම්ව සිටීම එයින් සිදු වෙයි. මෙම අංගය නවීන ස්මාර්ට් ෆෝනයක power management හා සමාන තත්වයකි. 2012 ට පෙර සිටම PC සමග පැමිනෙමින් ඇති මෙම පහසුව වින්ඩෝස් 8 සමග වඩාත් දියුනු කොට පැමින ඇති බවටයි එම ආයතනය පවසන්නේ. වින්ඩෝස් 8 සමග පැමිනෙන මොඩර්න් ඇප්ස් සදහා පමනක් සහය දක්වන මෙම පහසුව ඔස්සේ ඊමේල් වැනි නිරන්තරයෙන් වෙනස්වන දත්ත සපයන app සදහා වැදගත් වේ.වින්ඩෝස් 8 සියලු සංස්කරන සමග පැමින් ඇති මෙම පහසුව වඩාත් නිවැරදිව අත්විදීමට නම් දෘඩාංග මට්ටමේ සිට එන සහය වැදගත් වන අතර සමස්තයක් ලෙස වින්ඩෝස් 8 නිර්මානයේදී පෙර මෙහෙයුම් පද්ධති වලට වඩා බල පිරිමැසුම වැදගත්ව සැලකෙන සේ නිර්මානය වීඇත.

මයික්‍රසොෆ්ට් CEO Steve Ballmer ලොව 51 වන ධනවතාය

     මයික්‍රසොෆ්ට් සමගමේ CEO ලෙසට කටයුතු කරමින් සිටින Steve Ballmer  ගේ තනතුරින් සමු ගැනීම එලබෙන මාස 12 තුලදී යෙදී ඇති බවට මේවන විට නිවේදනය වී තිබෙනවා. ඒතුමාගේ අදහස් දැක්වීමකදී පවසා ඇත්තේ දැනට එතුමා සතුව ඇති මයික්‍රසොෆ්ට් කොටස් වල වටිනාකම ඩොලර් බිලියන 11.5 වන අතර තම විශ්‍රාම යාමෙන් පසුවද එම හිමිත්වය ඉදිරියට පවත්වාගෙන යාම තමන්ගේ බලාපොරොත්තුව බවයි. ඔහු දැනට ලොව 51 වන ධනවත්ම පුද්ගලයා හැටියට හා එක්සත් ජනපදයේ වෙසෙන 22 වන ධනවත්ම පුද්ගලයා හැටියටයි සැලකෙන්නේ.
           විචාරකයින් පවසන්නේ ඔහු සතු මෙම ඉමහත් ධනස් කන්දය සදහා ඔහු ගන්නා ඉදිරි පියවර තම හොඳම මිතුරෙකු වන බිල් ගේට් මහතා පරිදි සුබසාදන කටයුතු දෙසට වීමට ඉඩ ඇති බවකි. තවත් මහතයක් වන්නේ එම මුදල ඔහු විසින් මයික්‍රසොෆ්ට් සම ආරම්භක සගයවන Paul Allen මෙන් තාක්ශනයේ දියුනුව වෙනු වෙන් වීමට ඉඩ ඇති බවකි. කෙසේ වෙතත් පසුගිය සිකුරාද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් එතුමා ප්‍රකාශකොට සිටියේ මයික්‍රසොෆ්ට් ආයතනයේ මීලග CEO  පත්වී පැමිනෙන තෙක් තමන් හට ඒ පිලිබදව සිතීමට වත් කාල වේලාවක් නොමැති බවකි.

"පරිගණක පුවත්" -e සඟරාවේ- පලමු පෙර කලපය

 
පසුවදන.....
අප තොරතුරු යුගයේ පුරවැසියන් වන්නෙමු. මිහිතල මත මිනිස් වර්ගයා පසු කල නෙක යුග අතර අපූරුතම යුගය එය යැයි උපකල්පනය කල හැකි තරමේ වර්නවත් බවත් මිනිස් ජීවිත වලට එය ගෙන විත් ඇත. බොහෝ විෂයන් මෙන් නොව කෙටි කාල පරාසයකදී වේගවත් වර්ධනයක් සමග එය තව තවත් මිනිස් ජීවිත වල විනිවිද යමින් ඇත.හෙට දිනයේදී එය හුදු වෙනම උපාංගයක සිට දෛනික ජීවිතයේ ස්පර්ශවන බොහෝ උපාංගවල මතුපිට තලයට එකතු වෙනු ඇත. කොල අතු කිහිපයකින් විලි වසා ගන්නට පුරුව සිටි මිනිසාට වියාගත් රෙදි කැබැල්ලකින් විලිවසාගන්නට සිදුවන විට දැනෙන්නට ඇති ආකාරයේ නුහුරක් සමහර විටකදී කෙනෙකුට දැනෙනවා විය හැක.
                      එය හුදු තාක්ශනයකි. භාවිතාකරන්නා එය යොදා ගන්නා ආකාරය අනූව එය තමන්ට දැනෙන ආකාරය තීර්නය වනවා ඇත. විටක එය ඔනෑවට වඩා තමන් නිරවරනය කරනාවා යැයි කෙනෙකුට දැනෙන්නට පුලුවන. තවත් විටක වඩාත් පහසුවෙන් අනෙකාගේ ජීවිතයට අනවසරයේන් එබී බලන්නට එය පහසුවක් ලෙස දැනෙනවා විය හැක.නොගැලපෙන ජීවීන් වඳවීම ස්වභාවයේ නීතියකි.ඉහත කී දෙකොටසම පෙර කී තොරතුරු යුගයේ රීතින්න්ට අනුගත වීම හෝ සමුගෙනයාම අනිවාර්යක් වනු ඇත.

                වඩාත් සාර්ථක සටහන් පෙලක් සමග උදාවන සඳුදා දිනයේ අප හමු වෙමු!!!!
https://docs.google.com/file/d/0B3GVZV_G6GcvTXBLeVI0eFN2WUE/edit?usp=sharing

2013-08-25

වේගවත් පරිගණක ආරම්භයකට සහය මෘදුකාංගයක්!!

  අපගේ "පරිගණක පුවත්" -e සඟරාව- සමග එන CD මෘදුකාංග ගොනුවේ අඩංගුවන මෙම කුඩා මෘදුකාංගය ඇතුලු මෘදුකාංග රාශියක් තොරා ගැනීමේදී පලමුව ඒවා පිලිගත් මට්ටමේ ක්‍රියකාරීත්වයක් ඇති බවට අත්හදා බැලීමෙන් අනතුරුව හා නිරන්තරයෙන් ඒවායේ අව්‍යාජ නිපැයුම් කරුවන්ගේම වෙබ් අඩවි වලින් ලබා ගන්නට අප කටයුතු කෙරුවෙමු. අවශ්‍ය විටකදී ඔවුන් දැනුවත්ව ඒවා ලබාගන්නටද කටයුතු කෙරෙවුමු. බොහෝ වානිජ මෘදුකාංග සමග පවා ඒවා ස්ථාපනයේදී අමතර Toolbar වැනි මෘදුකාංග ස්ථාපනය වන ලෙසට සැකසී පැමිනෙන අවස්ථා මෙහිද තිබිය හැකි අතර ස්ථාපනය කරන ඔබ ස්ථාපන ක්‍රියාවලිය පුරාවටම අවධානයෙන් කටයුතු කරමින් අනවශ්‍ය මෘදු කොටස් මග හරින්නට කටයුතු කලයුතු වේ.බොහෝ විට ඒවා රහසිගතව ස්ථාපනය නොවන අතර මුල් ස්වභාවයෙන් select වී පැමිනීම සිදුවේ. එවැනි අවස්ථාවලදී එම මෘදුකාංග වලට ඉදිටියෙන් ඇති කුඩා කො‍ටුව තුලින් "හරි" ලකුන ඉවත්කිරීමට කටයුතු කල යුතුය.
                                  පරිගණනයක් ආරම්භක ක්‍රියාවලියේදී ඇති බව ප්‍රමාදය බොහෝ භාවිතාකරන්නන් අපහසුතාවයට පත්කරවන අවස්ථාවකි. පරිගණකය සමග ආරම්භ වන්නට ඇති මෘදුකාංග ප්‍රමනය වැඩි වෙත්ම මෙම ප්‍රමාදය වැඩි වැඩියෙන් ඇතිවේ. එසේ start up ක්‍රියාවලියේදී ආරම්භ වන සමහර මෘදු කොටස් ඇත්තෙන්ම එසේම ආරම්භ වීම අනවශ්‍ය වන විටකදී ඒවා ප්‍රමාද කිරීම තුලින් ඔබගේ පරිගණකයේ ආරම්භයට වැඩි වේගයක් ලබා ගන්නට ඔබට හැකිවේ. මෙම මෘදුකාංගය ඔබගේ සහයට එන්නේ එසේ අනවශ්‍ය start up මෘදුකාංග පමා කරවන්නට අවස්ථාව ඔබට ලබා දීමෙන් පමනක් නොව එම මෘදුකාංගයන් ආරම්භ වන පිලිවල පවා වෙනස් කිරීමට පවා සහය වෙමිනි.මදක් කල්පනාකාරීව භාවිතාකලයුතු මෘදු කාංගයක් වුවද නිසිලෙස භාවිතාකිරීමෙන් ඔබගේ පරිගණකයේ ප්‍රොසෙසරයට මෙන්ම දෘඩ තැටියටද පහසුවක් ලබා දෙමින් වේගවත් ආරම්භයකට මෙම මෘදුකාංගය සහය වනු ඇත

http://siriwansamag.blogspot.com/

බ්‍රවුසරය සමග ඇති අනවශ්‍ය Toolbar ඉවත්කරන්නට මෘදුකාංගයක්

  අපගේ පරිගණක තොරතුරු සඟරාව සමග පැමිනෙන්නට නියමිත මෘදුකාංග කට්ටලයේ අඩංගුවන නොමිළේ භාවිතාකල හැකි දෛනික ජීවිතයට ප්‍රයෝජනවත් මෘදුකාංග කිහිපයක් පහසුවෙන් ලබ ගන්නට හැකි වන පරිදි  එම සඟරාවේ බ්ලොග් අඩවියේ පල කරන්නට අප තිර්ර්නය කලා.( සංයුත්ත තැටියක CD අඩංගුව ඔබ අතට පැමිනෙන සඟරාව ඔස්සේ මෙවැනි මෘදුකාංග 40ක් අඩංගු වුවද අන්තර්ජලය ඔස්සේ ලබ ගන්නා විට එසේ ලබා ගැනීමට අපහසු වන නිසා) ඒ අනූව පහත දැක්වෙන්නේ එහි පලමු මෘදුකාංගයයි.
                                                   ඔබගේ පරිගණකයේ බ්‍රවුසරය සමග ක්‍රියාත්මක වන සමහර Toolbar පරිගණකය වෙත ස්ථාපනය වන්නේ ඔබගේ නිසි දැනුමකින් තොරවය.විවෘත නොමිලේ භාවිතාකලහැකි මෘදුකාංග සමග පමනක් නොව විටක මිලදී ගන්නා මෘදුකාංග සමගද මෙවැනි ස්ථාපනයන් සිදුවේ . මීට අමතරව අලුතින් මිලදී ගන්නා පරිගණකව වල පවා පෙර ස්ථාපිතව පැමිනෙන බ්‍රවුසරයන් සමග සමහර විටකදී මෙවැන්නන් පැමිනේ. එවැනි Toolbar ඔස්සේ පරිගණකයේ වේගය අඩාල වීම පමනක් නොව විටක වඩාත් කරදරකාරී අපහසුතාවයන් පැමිනෙන බැවින් ඒවා ඉවත්කර දැමීම වඩාත් යහපත්වේ.පහත දැක්වෙන මෘදුකාංගය ඔබගේ සහයට පැමිනෙන්නේ එවැනි අවස්ථාවලදීයි. සියලුම මෙහෙයුම් පද්ධති මෙන්ම ප්‍රධාන බ්‍රවුසරයන් සියල්ලම සමග පාහේ සහයෝගයෙන් කටයුතු කරන මෙම මෘදුකාංගය පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔබටද ලබා ගන්නට හැකි වනවා ඇත.

වින්ඩෝස් 95 නිකුත්ව වසර 18ක් සපිරේ

   මයික්‍රසොෆ්ට් ආයතනන තුල යලිත් කාර්යබහුල කාලයක් උදාව ඇත. ආයතනයේ CEO ගේ සමු ගැනීමට කාල වේලා නියමව ඇති අතර වින්ඩෝස් 8.1 RTM සංස්කරනය පිලිබදව ආයතනයෙන් නිවේදනයක් බලාපොරොත්තුවෙන් සිටී. මේ සියල්ල සමග තවත් සංවත්සරයක් ද පැමින ඇත. එනම වින්ඩෝස් 95 නිකුත්වී වසර 18ක් සපිරීමය.
                     මයික්‍රසොෆ්ට් සමාගමේ මෙහෙයුම් පද්ධති රටාවට තීරනාත්මක වෙනසක් ගෙනෙමින් 1995 අගෝස්තු 24 දින වින්ඩෝස් 95 නිකුත්වූ බවටයි සදහන් වන්නේ. වින්ඩෝස් 8 නිකුත් කරමින් මයික්‍රසොෆ්ට් සමාගම පැවසුවේ ඒදා වින්ඩෝස් 95 ‍රැගෙන ආ පූර්න හැරවුමක වෙනසක් මෙදා වින්ඩෝස් 8 සමග පැමින ඇති බවකි. වින්ඩෝස් 7 දක්වා පැවති එම වෙනස අතර ඩෙස්ක්ටොප් UI , taskbar, Start menu කැපී පෙනුනු භාවිතාවන් වූ අතර වින්ඩෝස් 8 සමග පවා එම අංගයන් සීමිතව හෝ ලබදෙන්නට මයික්‍ර සොෆ්ට් ආයතනයට සිදුව තිබේ. MS-DOS යුගය අවසන් කරමින් පැමිනි මෙම නිකුතුව සමග plug-and-play  භාවිතාව හඳුන්වාදුන් අතර පෞද්ගලික පරිගණක යුගය මෙන්ම අන්තර්ජාලය සමග සබැදෙන පරිගණකයේ භාවිතය ද ආරම්භය සටහන් වන යුගය විය. ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 1.0 ද වෙනම මෘදුකාංගයක් හැටියට ප්‍රථම වතාවට වින්ඩෝස් 95 සදහා පැමිනි බවටයි පිලිගැනෙන්නේ.
                       නිකුත්ව වසර 6කට පසුව 2011 දෙසැම්බර් 31 මයික්‍රසොෆ්ට් ආයතනය වින්ඩෝස් 95 සදහා සහය දැක්වීම නිල ලෙස අවසන් කල අතර ඊට සුලු කාලයකට පෙර වින්ඩෝස් XP හදුන්වා දෙන්නට කටයුතු කල අතර තවමත් මයික්‍රසොෆ්ට් ආයතනය වින්ඩෝස් XP සදහා සහය දෙමින් සිටී.

2013-08-24

දැන් Bing ඔස්සේ පහසුවෙන් "shopping" කල හැක. -මයික්‍රසොෆ්ට් පවසයි-

   සෙයුම් යන්ත්‍රයක් ඔස්සේ භාන්ඩයක් මිලදී ගැනීම සදහා තොරතුරු සොයන ඔබට විටක මහත් අසීරුතාවයට පත්වීමට සිදුවන්නේ පලමු ප්‍රථිපල පි‍ටුවෙහි පැමිනෙන අසම්පූර්න තොරතුරු නිසා එම සම්බන්දතා ඔස්සේ වෙබ් අඩවි තුලට යමින් එමින් වැඩිකාලයක් ගත කරන්නට සිදුවන නිසාය.මයික්‍රසොෆ්ට් ආයතනය අද පවසුවේ තම Bing යාන්ත්‍රනය වෙතට මුදාහැරෙන නවාංගයක් සමග භාවිතාකරන්නන්ගේ "shopping" අත්දැකීම් වඩාත් පහසුවනු ඇති බවය.ඔවුන් පැවසුවේ නිෂ්පාදනයන් මිලියන ගනනක් වෙන වෙනම index කරමින්  ඔවුනගේ ඈල්ගෝරිතමයන් සමග වඩාත් සංයෝජනය කරමින් හා machine learning  ස්වභාවයන් වැඩියෙන් භාවිතාකරමින් මෙම නව පහසුව නිර්මානය කර ඇති බවකි. නව තොරතුරු ප්‍රථිපල පි‍ටුව සමග පහසුවෙන් අවශ්‍ය වන වෙළඳ භාන්ඩයේ මෝස්තර අනූව පහසුවෙන් සොයාගන්නට හැකිවන අතර ඔබ සොයන නිෂ්පාදනයට අදාල විකල්ප පිලිබදව පහසුවෙන් එකම පි‍ටුවකදී හදුනාගන්නට හැකිවීම භාවිතාකරන්නා හට පහසුවක් වෙනු ඇති බවටයි ඔවුන් පවසන්නේ.

Bing සෙයුම් යන්ත්‍රය image search වලදී ගූගල් වලට වඩා ඉදිරියෙන් බව කියයි.


   වසරක පමන කාලයකට පෙරදී මයික්‍රසොෆ්ට් සමාගම තම Bing සෙයුම් යන්ත්‍රයේ image search අංගය සදහා නව පෙනුමක් දෙන්නට කටයුතු කල අතර මෑතකදී නිකුත්කල නිවේදනයකට අනූව පවසා සිටින්නේ තමන් එහි අභන්තර යාන්ත්‍රනයේද ඇති කල වෙනස්කම් සමග දැන් පහසුවෙන් හා වඩාත් නිවැරදිව image search ප්‍රථිපල ‍රැගෙන එන්නටසමත්ව සිටින බවයි.ඔවුන් අවධාරනය කරන්නේ තම තරග සගයාවන ගූගල් වලට වඩා තමන් සාර්තකව භාවිතාකරන්නා වෙත ඉමේජ් සර්ච් ප්‍රථිපල ගෙනෙන්නට සමත්ව සිටින බවයි. ඔවුන් ඒ සදහා ඉදිරිපත්කරන උදාහරනය වන්නේ "Prince Albert of Monaco" ලෙසට වන සෙවුමකදී ගූගල් වෙතින් ලැබෙන මිශ්‍රිත ප්‍රථිපලවලට වඩා තම Bing යාන්ත්‍රනය ඔස්සේ ලැබෙන ප්‍රථිපල ඉදිරියෙන් බවයි.
                  ඔවුන් තමන්ගේ වැඩි නිවැරදි බව සදහා පදනම් වන යාන්ත්‍රනය පැහැදිලි කරමින් පවසන්නේ තම යම් image සෙවුමකදී දෘශය මෙන්ම text දත්ත අතර මිශ්‍රිත යාන්ත්‍රනයක් ඔස්සේ ක්‍රියාකරන බැවින් මෙම වැඩි නිවැරදි බව ලබාදෙන්නට සමත් බවයි.පලමු ඡායාරුව ගූගල් ඔස්සේ ලබුනු ප්‍රථිපල වන තර දෙවන ප්‍රථිපල තම Bing ඔස්සේ ලැබුනු බවටයි ඔවුන්පවසා සිටින්නේ.

සතියේ තොරතුරු සටහන එක ගොනුවකට -පරිගණක පුවත් e සඟරාව-

      මොහොතින් මොහොත නෙක පැහැ ගන්නා තොරතුරු ලෝකයේ මැවෙන පුවත් නොනිමිය. එවන් අපූරු පුවත් සමග නිර්මාණශීලී සටහන් හා තවත් තොරතුරු එකට මුසුකොට පරිගණක පුවත් නමින් PDF ගොනුවක් ඔබට ගෙනෙන්නට අප තීර්නය කෙරුවෙමු. හුදු අධ්‍යාපනික රාමුව පමනක් නොව භාවිතාකරන්නන්ගේ අවකාශයට අදාල තොරතුරු අවමව පවතින පරිසරයක ඒය වැදගත් වන්නේ යැයි අප සිතුවෙමු. නොමිළේ බෙදා හැරෙන මෙම -e සඟරාව- කලාපයෙන් කලාපයට වඩාත් හරවත් තොරතුරු වලින් හැඩ වැඩ කරන්නට මෙන්ම උසස් මට්ටමක පවත්වාගෙන යාමට ඔබගේ නොමද සහය අප බලාපොරොත්තු වන්නෙමු.
           කියවන ඔබ අපගේ ගෞරවනීය ඉලක්කයයි.අපගේ අඩුපාඩු මෙන්ම ඇතුලත්විය යුතු නවාංග පිලිබඳව ඔබගේ අදහස් උදහස් අපහට මහත් සේ සහයක් වනු ඇත. පූර්න කාලීන කැපවීමකින් නිර්මාණය වන අරුත්බර සඟරාවක් ලෙසට ඉක්මනින් වර්ධනය වන්නට මහත් බලාපොරොත්තුවෙන් ඇරබෙන මෙම පියවර ඔස්සේ ඉතා ඉක්මනින් මුද්‍රන තත්වයට යාමට බලාපොරොත්තු වන මුත්, වෙළඳ අරමුනු වලට ඉහලින් වටිනා මෙන්ම අපූරත්වයෙන් පිරි තොරතුරු ගොනුවක් ගෙන ඒම අපගේ ඉලක්කයයි. ඒ සදහා ඔබගේ සහය අප නොකඩවා බලාපොරොත්තු වන්නේමු.
                                                                                                                                 ස්තුතියි
http://siriwansamag.blogspot.com/
 

එකම මෙහෙයුම් පද්ධතියක් සියලු උපාංග අතරට එන දිනයක් බලාපොරොත්තු වෙමු!!!!!

  ඩෙස්ටොප් පරිගණකය වෙතින් දත්ත ලෝකයේ ආධිපත්‍ය කෙමෙන් බැහැර වෙමින් තිබෙනවා දක්නට පුලුවන්. තවත් අතකින් කුඩා ස්මාර්ට් දුරකතනය වේගයෙන් ඩෙස්ටොප් පරිගණකයේ ප්‍රොසේසර් බලය , තාවකාලික මතක හැකියාව මෙන්ම තොරතුරු ගබඩා කිරීමේ හැකියාව වේගයෙන් අත්පත් කර ගනිමින් තිබෙනවා. තවත් අතකින් භාවිතාකරන්නන් හට අවශ්‍ය වෙනවා තමන්ගේ ප්‍රධාන දත්ත උපාංගය වඩාත් ජංගමව තබා ගන්නට. මොකද ඒ ගොල්ලට තව දුරටත් තමන්ගේ දත්ත උපාංගයට ඇති සැබදියාව දවසේ නිශ්චිත පැය කිහිපයකට සීමා නොකරන්න අවශ්‍ය වෙලා තිබෙනවා.
                       තවත් අතකින් මෑතකදී දක්නට ලැබුනු තවත් ප්‍රවනතාවයක් තමයි මෙහෙයුම් පද්ධති  වඩාත් තම උපාංග අතර පොදුවනු දැකීමට කැමති වීම. උදාහරනයක් හැටියට භාවිතාකරන්නන්ට අවශ්‍යයයි තමන්ගේ ඩෙස්ටොප් පරිසරය මෙන්ම එහි ක්‍රියාත්මක වන ඇප්ලිකේෂනයන් පහසුවෙන් තමන්ගේ ටැබ්ලට් පරිගණකයේ වාගේම ස්මාර්ට් දුරකථනයේත් වෙනසක් නැතිව ධවනය වනවා දකින්න.එතකොට ඒ ගොල්ලන්ට පුලුවන් උපකරනය මොකක් උනත් අපහසුවකින් තොරව තමන්ගේ දත්ත සබදතාවය එකසේ පවත්වාගෙන යන්න. මයික්‍රසොෆ්ට් වගේම ඇපල් සමාගම ඇතුලු ප්‍රධාන පෙලේ සමාගම් මේ නිසා උනන්දුවෙනවා තම මෙහෙයුම් පද්ධති මේ සියලු උපාංග අතර පහසුවෙන් ධාවනය වන පරිසරයක් ඇති කරන්න.ඒත් දැනට ඒ ගොල්ලන්ට හැකි වෙලා තියෙන්නේ තම මෙහෙයුම් පද්ධතිවල පදනම පමනක් පොදු තත්වයේ තබා ගන්න.සරලව කිව්වොත් පොදු කර්නලයක් ගොනෙන්නට දැනට ඔවුන්ට හැකි වේලා තිබෙනවා. ඉදිරියේ තත්වය වඩාත් යහපහ් වේවි කියලා අපිට හිතන්න පුලුවන්.

වින්ඩෝස් 8 අනාරක්ශිත විය හැකියි... ජර්මන් රජය පවසයි.

    මයික්‍රසොෆ්ට් සමාගම වින්ඩෝස් 8 නිකුත් කිරීමත් සමග පැවසුවේ මෙතෙක් තමන් නිකුත්කල මෙහෙයුම් පද්ධති අතර වඩාත්ම ආරක්ශිත මෙහෙයුම් පද්ධතිය  ලෙසට එය නම් කල හැකි වනු ඇති බවයි. විශේෂයෙන් ඔවුන් පැවසුවේ පරිගණකයේ බූට් ක්‍රියා වලියේ සිටම වඩාත් ආරක්ශිත භාවිතාවක් වෙනුවෙන් වැඩි දියුනු කිරීම් මෙන්ම නව තාක්ශනික අංගයන් එහි වන බවකි. ජර්මානු රජය දෙසින් නිකුත්වන නවතම නිවේදනයක් පවසන්නේ මෙම මෙහෙයුම් පද්ධතිය සමග එන Trusted Platform Module 2.0 චිප් දෘඩාංග මට්ටමේදී එම පරිගණකය පාලනය වීමේ හැකියාව් භාහිර පාර්ශවයකට හිමිවීමේ අනතුර පිලිබදව ඔවුන් ප්‍රශ්නකර සිටිනවා.ඔවුන් එම දුර්වලතාවය "a loss of control" ලෙසට නම් කරන්නට කටයුතු කොට තිබෙනවා. මයික්‍රසොෆ්ට් ආයතනය මෙම අදහස වෙනුවෙන් තවමත් තම මතයක් පලකොට නැති අතර ඔවුන් පවසා තිබෙන්නේ මෙම දෘඩාංග මට්ටම  disable කර දැමීමේ හැකියාව නිෂ්පාදකයින්ට හැකි බවයි.

2013-08-23

Microsoft ආයතනයේ CEO (Steve Ballmer) ලගදීම ආයතනයෙන් සමු ගනීවි!!!!

    මයික්‍රසොෆ්ට් සමාගමේ CEO ලෙසට කටයුතු කරමින් සිටින Steve Ballmer ගේ විශ්‍රාමයාම ඉදිරි මාස 12 තුලදී සිදුවෙනු ඇති බවටයි පැවසෙන්නේ.ආයතනයේ අභිවෘධිය වෙනුවෙන්  මහත් කැපවීමකින් කටයුතුකල අයෙකු ලෙසට සැලකෙන මෙතුමා ආයතනයේ කීර්තිය වෙනුවෙන් ඇප කැපවුනු ඉහලම මට්ටමේ  සේවයක් ලබාදුන් කෙනෙකු හැටියටයි පිලි ගැනෙන්නේ.ආයතනය සමුගන්නට නියමිත එතුමාගෙන් හිස්වන තනතුර සදහා සුදුසු අයෙකු තොරා ගැනිමේ අසීරු කටයුත්ත ගැන මේ දිනවල අවධනය යොමු කොට ඇති බවටයි පැවසෙන්නේ.හදාරන්නන් පවසන්නේ මයික්‍රසොෆ්ට් සමාගම තම තරගකාරී සමාගම් අතර ඉදිරියෙන් තැබීම සදහා කල කැපවීම ඉමහත්ය යන්නයි. 2000 වර්ෂයේ ජනවාරි මාසයේ මෙතුමා මයික්‍රසොෆ්ට් ආයතනයේ CEO තනතුරට පැමිනි අතර ඒතුමාගේ අවසාන කාලය වන විට ආයතනය මෘදුකාංග සමාගමක සිට උපාංග හා සේවා ආයතනයක් බවට පත්වීමේ ක්‍රියාවලිය අතර මැද තත්වයක පවතිනවා.එතුමා තම අදහස් පලකරමින් පවසා සිටින්නේ ආයතනයේ පරිසරයේ සිට තම පාරිභෝගිකයන් දක්වා සියල්ලන් තමන් හා ප්‍රියමනාපව කටයුතු කල බවත් තමන් කවදත් ඔවුන ප්‍රිය කල බවත්ය.
                 1980 වේදී පමන සේවයට බැදුනු මෙතුමා මයික්‍රසොෆ්ට් ආයතනයේ 30 වන සේවක මහතා ලෙසටයි සටහන් වන්නේ. .NET Framework වැනි ව්‍යාපෘති සාර්තක කර ගැනීම සදහා මහත් සේවායක් ලබාදුන් මෙතුමාගේ සමු ගැනීම ආයතනයේ ඉදිරිය දැකීමට නව දෙනෙතක අවශ්‍යවීම හෝ එතුමාගේ තීර්නයක් දැයි විචාරකයින් විමසනවා.

ඇපල් වෙතින් එන iPhone 5C දුරකථනය 500$ වේවිලු!!!!!!


    ඇපල් ආයතනයෙන් පැමිනෙන්නට නියමිත ඩු මිලැති iPhone උපකරනය පිලිබදව ලෝලයන් තැබූ බලාපොරොත්තුව එතරම්ම සාර්ථකව පල් පල ගැනිවෙන හැඩක් නැති බවටයි නිකුත්වන නවතම තොරතුරු පවසන්නේ. නිල නොවන ලෙසට දැනට පැමින ඇති තොරතුරු වලට අනූව iPhone 5C ලෙසට නම්වන මෙම දුරකථනය ප්ලාස්ටික් කවරයකින් හා ගිගා බයිට එකක RAM  මතකයකින් යුත්ත වනු ඇති බවටයි පලවන්නේ. එසේම දැනට පලව ඇති තොරතුරු පවසන්නේ ඩොලර් 500ක වැනි මිලකට මෙම දුරකථනය පැමිනෙනු ඇති බවත් unlocked device එකක් ලෙසට පැමිනෙනු ඇති බවත්ය.
 


බ්‍රවුසර මූලික ad-blocking ප්‍රවනතාවය 23% දක්වා ඉහලට.....

  තොරතුරු හදාරන ආයතනයක් පවසන්නේ අන්තර්ජාලය භාවිතාකරන්නන් අතර ad-blocking භාවිතාව වේගයෙන් ඉහල යමින් පවතින බවයි. ඔවුනගේ හැදෑරිම් වාර්ථාවලට අනූව බ්‍රවුසර භාවිතාවේ 23% මත add-ons  ආකාරයේ වෙළඳ දැන්වීම් වලකනයන් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. ඔවුන් දෙයාකාරයකින් මෙම ප්‍රවනතාවය දෙස අදහස් පලකරන අතර  භාවිතාකරන්නන් හට අපහසු වෙන ආකාරයේ වෙළඳ දැන්වීම් සමග වැඩි වැඩියෙන් භාවිතාකරන්නන් අතර වෙළඳ දැන්වීම් පිලිබද අකමැත්තක් වර්ධනය වෙමින් පවතින අතර අනෙත් දෙසින් බොහෝ වෙබ් සේවාවන් තම වැය සමතුලිතව පවත්වාගෙන යාම අර්බුදයක් වෙමින් පවතින බවයි. ගෙවීගිය මාස 11ක කාලයක් ඔවුනගේ හැදෑරීම සිදුවූ අතර වෙළඳ දැන්වීම් වැලකීමේ ප්‍රවනතාවය වේගයෙන් ඉහල යමින් පැවතීම ඔවුන් විසින් අවදාරනය කරනවා. වෙබ් අඩවි වර්ග අනූව සැලකීමේදී අඩුම දැන්වීම් වැලකීමේ ප්‍රවනතාවය  travel sites වලින් පලවන අතර ජනංප්‍රිය මට්ටමේ අඩවි වලදී එය 30%ක ඉහල අගයක් ගන්නා බවටත් ප්‍රකාශ කොට සිටිනවා.

ඇන්ඩ්‍රොයිඩ් වලට download පරිස්සෙමින් .... (මැකා‍ෆි පවසයි)

  ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගමක් වන මැකා‍ෆි වෙතින් නිකුත්වන අලුත්ම ආරක්ශක වාර්ථාව පවසන්නේ හානිකර මෘදුකාංග සටහන් කරුවන්ගේ වැඩි අවධානයක් ඇන්ඩ්‍රොයිඩ් වෙතට එල්ල වෙමින් පවතින බවයි. 2013 දෙවන කාර්තුව සැලකීමේදී 35%ක වර්ධනීය බවක් ඇන්ඩ්‍රොයිඩ් හානිකරයන් බිහිවීම තුල සටහන් වෙමින් ඇති බවයි ඔවුන් පවසන්නේ. Backdoor Trojans හා banking malware මෙම කාර්තුව තුල වැඩියෙන්ම දක්නට ලැබෙන හානිකරයන් බවයි. මෙම කාලයතුල නව ඇන්ඩ්‍රොයිඩ් හානිකර සාම්පල් 17000 පමන ‍රැස්කරගන්නට තමන් සමත්වූ බවටයි එම ආයතනය පවසා සිටින්නේ. සමස්තයල් ලෙස මෙම මේ වන විට මිලියන 147ක හානිකරයන් හදුනාගෙන ඇතිබවටත් ඔවුන් පවසා සිටින්වා.
                        වැඩි දුරටත් පැවසෙන පරිදි USB drives හරහා බහුලව පැමිනෙන AutoRun threats තවමත් සැලකිය යුතු මට්ටමක පවතින අතර password-stealing  වැඩසටහන් වලද අඩුවීමක් දක්නට නැති බවද බහුලව භාවිතාවන වැඩසටහන් ලෙසට පෙනී සිටින ව්‍යාජ මෘදුකාංගද ඉහල යාමක් ගැන පවසා සිටිනවා.Ransomware වල වර්ධනය ගැනද සදහන් කරන ඔවුන් මෙම කාර්තුවේදී පමනක් 320000 ක සාම්පල් හඳුනා ගෙන ඇති බවටයි වාර්ථා කරන්නේ.
               භාවිතාකරන්නන් වෙත අවවාදකරන ඔවුන් පවසන්නේ download වලදී කල්පනාකාරී වන ලෙසත් , නිතරම විස්වාසනීය අඩවි වලින් පමනක් download සිදුකරගන්නා ලෙසත් වන අතර දෙවරක් සැලකිලිමත්වීම ඔවුනගේ උපාංග හානිකරයන්ට ගොදුරුවීම තරමකින් හෝ අඩුකරගන්නට හේතුවනු ඇති බවයි .

Canonical ඉලක්කය අඩ වශයෙන් සාර්ථකයි!!!!

 
    මේ වන විට Ubuntu Edge smartphone සදහා Canonical's ආයතනය දියත්කල දින 30ක ව්‍යාපෘතිය තම ඉලක්කයෙන් අඩකට ආසන්නව සපුරා ගනිමින් අවසන්ව තිබෙනවා. ආයතනය පවසන්නේ තම ඉලක්කය මුලුමනින් සපුරා ගන්නට නොහැකි උවද මෙතෙන් දියත්වුනු මෙවැනි ව්‍යපෘති අතර තමන් වඩාත් සාර්ථකත්වයක් සටහන් කර ගන්නට හැකිව තිබෙන බවයි.නියමිත දින 30 අවසන් වන විට ඔවුනගේ අරමුදල වෙත ඩොලර් 12,809,906 ක් පැමින ඇති බවටයි සටහන් වන්නේ.ඔවුනගේ අරමුනව ඇත්තේ Ubuntu smartphone  උපාංගයක් එලිදැක්වීම වන අතර ආරන්චි මාර්ග හෙලිකරන්නේ ඔවුන් විසින් ලගදීම තවත් ව්‍යාපෘතියකක් සමග තම ඉලක්කය හබා යන්නට කටයුතු කරනු ඇති බවයි. කෙසේ වෙතත් Canonical වෙතින් නුදුරේදී එම උපාංගයක් නිකුත්වීම බලාපොරොත්ත්විය නොහැකි උවත් 2014 වසර තුලදී Ubuntu Linux OS දුරකථනයක් වෙනත් සමාගම් කිහිපයක් ඔස්සේ පැමිනීමේ ඉඩකඩ ඇති බවටයි එම වාර්ථා පවසන්නේ.

මයික්‍රසොෆ්ට් වින් 8.1 සමග එන 3D printing ගැන පැහැදිලි කරයි....

    පසුගිය ජූනි මාසයේ සිට මයික්‍රසොෆ්ට් ආයතනය 3D Printing පිලිබදව වැඩි කථා බහන් අරබන ලදී.එනම් වින්ඩෝස් 8.1 සමග ප්‍රතම වරට මෙහෙයුම් පද්ධතියක් තම මුල් ස්වභාවයේ සිටම 3D printing වලට සහය දැක්විම නිසාය.මේ වන විට එම සමාගම වැඩි දුරටත් තම නව අංගය පිලිබදව තොරතුරු හෙලි කරන්නට පටන්ගෙන තිබේ. එහිදී ඔවුන් 3D printing සදහා යොදා ගන්නා app පිලිබදව මෙන්ම data format ගැනද තොරතුරු ඒ අතර වේ. ඔවුන් පවසන්නේ තමන් නව format එකක් 3D Manufacturing Format (3MF) ලෙසින් හදුන්වා දෙන්නට කටයුතු කරමින් සිටින බවකි.
                  ඔවුන් පැහැදිලි කරන්නේ 3D printing වලදීද භාවිතාකරන්නෙකු දෙසින් සැලකීමේදී සිදුවන්න්නේ word ලිපියක් laser ප්‍රින්ටරයකින් මුද්‍රනය කරනවාට සමාන ක්‍රියවලියකි. භාවිතාකරන්නේකු තම 3D මොඩලය නිර්මානය කරගත් පසුව charm bar එක වෙතට ගොස් device charm  ඔස්සේ device එක ‍තෝරා ගැනීමෙන් පසුව ලැබෙන print option ඔස්සේ වැඩී දුරටත් සැකසීම් කර ගන්නට හැකි වනු ඇති බවයි. අවසානයේ Print විධානය ඔස්සේ මුද්‍රන ක්‍රියා වලිය ඇරබිය හැකි බවටයි පැවසෙන්නේ.
                     මයික්‍රසොෆ්ට් සමාගම මේ වන විට තම මෘදුකාංග සංවර්ධකයින් වෙත 3D printing SDK  ලබා දීම සිදුකොට ඇති අතර ඔවුනට තම app ගොඩ නැගීම් තුලට පහසුවෙන් මෙම නවාංගය එක්කර ගැනීමේ හැකියව ලබාදී තිබෙනවා.

2013-08-22

yahoo යලි හිස ඔසවයි!!!!!!

   පලවන වාර්ථා පවසන්නේ යහූ වෙබ් අඩවිය කෙමෙන් නැවත තම පැරනි ස්ථාවරය වෙතට එමින් සිටින බවයි. ගූගල් මෙන්ම මයික්‍රසොෆ්ට් බලවතුන් වෙත නැවත තමන්ට අභියෝගයක් වීමට හැකියාව පවතින බව මෑතකදී නිකුත්වූ  ගනන සටහනකින් පෙන්වා දෙමින් සිටිනවා.එම සටහන පෙන්වා දෙන්නේ 2011 වසරින් පසුව යහූ වෙත ඇමරිකානු පැමිනෙන්නන්ගේ ප්‍රමානය ගූගල් හා මයික්‍රසොෆ්ට් ඉක්මවමින් සිටින බවයි.යාහු වෙත ආසන්නව මිලියන 196.5ක පැමිනීමක් වාර්ථා වෙද්දී ගූගල් වෙත පැමිනි ප්‍රමානයට වඩා මිලියන තුනකින් හා  මයික්‍රසොෆ්ට් වෙතට පැමිනි ගනනට වඩා මිලියන 10ක් ඉහලින් සිටින බවයි. යාහූ වල ප්‍රධානී අසුන වෙත Marissa Mayer සපැමිනීමත් සමග මෙම කැපී පෙනෙන වෙනස දක්නට හැකි බවටයි පැවසෙන්නේ.එසේම ඇය විසින් දස වසරක bin සමග වන එකගතාවය අවසන් කරන්නට කටයුතු කරමින් සිටින බවයි මින්පෙර වාර්ථා වූවේ. යලිත් වරක් තමන්ගේ සෙයුම් යාන්ත්‍රනයක් ඔස්සේ ඉදිරියට යමින් මැකී ගිය යාහු කීර්තිනාමය යලි ගොඩ නැගීම තම අරමුනව ඇති බවයි පලවූ ඇගේ අදහස් පවසමින් සිටින්නේ. ඇය තම තනතුරට පත්වීමෙන් පසුව යාහූ ආයතනයේ නව පිබිදීමක් වෙනු වෙන්  කටයුතු කරන්නට පටන් ගත් අතර ආයතනය වෙත නොපැමින  ත නිවසේ සිට සේවය කරමින් සිටි දහස්  ගනනක සේවක සේවිකාවන් වෙත අනිවාර්යෙන් ආයතනය වෙත වාර්ථාකිරීම කරනු ලැබුවා.

ඔබේ පැරනි පරිගණකයට "ලුබුන්‍ටු" ස්ථාපනය කරමු!!!!!

     ඔබගේ පැරනි පරිගණකය වර්තමාන මෙහෙයුම් පද්ධතියක් ඉල්ලා සිටින  පහසුකම් හමුවේ අනිවාර්ය විශ්‍රාම යායුතු බවට සහර විටක ඔබගේ මතය විය හැක. වින්ඩෝස් වෙතින් එන පැරනි මෙහෙයුම් පද්ධතිවලට තවදුරටත් යාවත්කාලීනයන් නිකුත් නොවීම හා ඒවායේ සිත්නොගන්නා සුලු පෙනුම එම තීර්නය ස්තීර කරන්නට ඉදිරිපත්වනු ඇත. සැබෑ තත්වය එයම නොවේ. වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වාගේම පරිගණකයට ස්ථාපනය කල හැකි තවත් මෙහෙයුම් පද්ධති ඇත. මේ වන විට ඒවා බොහොමයක් තම තරගකාරී වෙළඳ නිෂ්පාදන සමග එතරම්ම පසු පසින් සිටින ඒවාම නොවන මට්ටමක සිටී.
                  ලුබුන්‍ටු යනු තවත් ලිනක්ස් මූලික මෙහෙයුම් පද්ධතියකි. එහි විශේෂත්වය වන්නේ 4.3 GB හාර්ඩ් ඩිස්ක් ඉඩක පවා සාර්ථකව ධාවනයට හැකි සැහැල්ලු මට්ටමේ මෙහෙයුම් පද්ධතියක් වීමය. 32 බිට් මෙන්ම 64 බිට් සංස්කරන වලින් ලබා ගත හැකි මෙම මෙහෙයුම් පද්ධතිය මෙගා බයිට 128ක තාවකාලික (RAM) මතකයක් ඇති පරිගණකයක සිට ඉහලට ධාවනය කිරීමේ හැකියාව ඇත.එසේම ලිනක්ස් මූලික මෙහෙයුම් පද්ධතියක තවත් සිත් ගන්නා සුලු ලක්ෂනයක් වන ස්ථාපනය නොකර පරිගණකය මත අත්හදා බැලීමේ හැකියාව මෙම සංස්කරන සමගද වේ.ස්ථාපනය නොකර භාවිතාකර බැලීමේ වේගය අතින් අඩු බවක් වූවද  තීර්නයක් ගැනීම සදහා පහසුවක් වනු ඇත. එසේම මෙම මෙහෙයුම් පද්ධතිය සමග සහය මෘදුකාංග කට්ටලයක්ද පැමිනේ. ක්‍රෝමියම් බ්‍රවුසරයක සිට ඔෆ්‍ෆිස් කටයුතු සදහා සහය වන මෘදුකාංග මෙන්ම මීඩියා ප්ලේයරයක් , සරල රූ සකසනයක් මෙන්ම සරල මට්ටමේ පරිගණක ක්‍රිඩා ගොනුවක්ද වේ. එසේම මෙම මෘදුකාංගය සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වන පරිගණක වැඩ සටහන් රාශියක් අන්තර්ජාලය ඔස්සේ ‍තෝරා ගැනීමටද අවස්ථාව ඇත.
http://lubuntu.net/

2013-08-21

ෆේස්බුක් ප්‍රමුකව ලොව අන්තර්ජාල භාවිතය ප්‍රවර්ධන වැඩසටහනක්!!!!!

    සමාජජාලා අන්තර්ජාලය තුල බර පතලම භාවිතාවකි. අන්තර්ජාලය වෙත පිවිසෙන්නන් අතර සැලකිය යුතු ප්‍රථිශතයක් සමාජජාලා භාවිතාව සදහාම පැමිනෙනන් බව හදාරන්නන්ගේ මතයයි. තැනින් තැන සමාජ විශමාචාරද සමාජ ජාලා අශ්‍රිතව සමාජ ගතවෙමින් තිබුනද එය භාවිතාකරන්නන්ගේ අන්ත්ර්ජාල ජීවිතයෙන් ඉවත්කල නොහැකි කොටසක් වී තිබේ. ප්‍රධාන මට්ටමේ සමාජ ජාලා කිහිපයක්ම අන්තර්ජාලය මත පැවතියද ෆේස්බුක් යනු එයින් ඉහලින්ම සදහන් වන ස්ථානය හිමිකරගෙන ඇත.
                    මෑතකදී ෆේස්බුක් ප්‍රධානී  Mark Zuckerberg  ප්‍රධානව දියත්කල වැඩසටහනක් වූවේ තවමත් ලොව පුරා  වෙසෙන අන්තර්ජාලය ඇසුරු නොකරන  බහුතරයක්  පිරිස වෙත අන්තර්ජාලය ලගා කරවන්නට සහය වන  internet.org නම්  ව්‍යාපෘතියකි. තවත් ප්‍රබල ගනයේ ආයතන කිහිපයකද (Ericsson, MediaTek, Nokia, Opera, Qualcomm Samsung ) අනුග්‍රහය ඇතුව දියත්වූ මෙම වැඩ සටහනේ අරමුන වන්නේ  ලොව පුරා වෙසෙන බිලියන 5ක ජනතාව වෙත අන්තර්ජාලය ඇසුරු කිරිමේ හැකියාව ලගා කර දීමයි.අද වන විට ලොව පුරා අන්තර්ජාලය භාවිතාකරන්නන් බිලියන 2.7ක් වන අතර වසරක්  සැලකීමේදී 9%ක අන්තර්ජාල භාවිතාකරන්නන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බවටයි ෆේස්බුක් ආයතනය පවසන්නේ. ඔවුන් තම ඉලක්කය සදහා යොදා ගැනීමට බලාපොරොත්තුවන ක්‍රම උපායන් අතර  වඩාත් උසස් මට්ටමේ ස්මාර්ට් දුරකථන තාක්ශනය ප්‍රචලිත කිරීම , ජාලාවන් තුල දත්ත  හුවමාරුවේ ක්‍රමවේද දියුනු කිරීම තුල වෙබ් අඩවි නැති නම් ඇප් භාවිතාවට වැය වන දත්ත ගොනුවල ප්‍රමානය කුඩාකිරීමට උත්සාහ කිරීම මෙන්ම නව ආකාරයේ ව්‍යාපාරික ගොඩ නැගීම් සමග භාවිතකරන්නන් හට වැඩි පහසුවකින් අන්තර්ජාල ගතවීමේ හැකියාව ලබාදීම සදහන් වනවා.

ෆයර්ෆොක්ස් 22 වඩාත් ස්ථාවර බ්‍රවුසරය බව!!!!!

  හොද බ්‍රවුසරයක් සාර්ථක වෙබ් සැරියකට වැදගත්ම සාධකයකි. හොඳ බ්‍රවුසරයක් වීමට එහි ක්‍රියාකාරීතයේදී ස්ථාවරබව හදාරන්නන්ගේ පලමු අවධානයකි.මෙම සතියේදී  Sauce Labs  වෙතින් වෙබ් බ්‍රවුසර පිලිබදව තම හැදෑරීමක වාර්ථාවක් නිකුත්කරනු ලැබුවා. එහිදී ඔවුන් පවසා සිටියේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා හි ස්ථාවර බව එහි දසවන සංස්කරනය වන විට කැපී පෙනෙන ලෙස වර්ධනයව ඇති බවයි. ඔවුන් පවසනේ තම වාර්තාව සදහා දත්ත මිලියන 55ක්  යොදාගත් අතර ඉන්ටර්නෙට් පෙර සංස්කරන සැලකීමේදී වැඩිම බිඳවැටීම් වාර්ථාවූවේ එයින් බවයි. ප්‍රතිශතයක්ලෙස සැලකීමේදී .25% ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා වෙතින් සටහන් වෙද්දී ඔපෙරා වෙතින් .15%ක් ද ක්‍රෝම් හා ෆයර්ෆොක්ස් වෙතින් පිලිවෙලින් .12% හා .10% වූ බවයි.
                     ඔවුන් වැඩි දුරටත් පවසන්නේ ඉන්ටර්නෙට් එක්ස්ප්ල්රා  6 වන විට .30% ක පැවති බිඳ වැටීම් හැකියාව ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 වංස්කරනය වන විට .05% දක්වා පහත වැටී ඇති බවයි. ඔවුනගේ ගනනයට අනූව වර්ථමාන බ්‍රවුසර සංස්කරන සැලකීමේදී ඇපල්හි සෆාරි 6 බ්‍රවුසරය  .12% ක අස්ථාවරබවක් පෙන්වන අතර ඔපෙරා 12හි .08%ක අගයක් එය පෙන්වන බව දක්වා සිටිනවා. ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 වලදී  .05% ලෙසටද  ක්‍රෝම් 27 .02%කට පහල අගයක් හා ෆයර්ෆොක්ස් 22 වලදී එය නොසැලකිය හැකි මට්ටමක පවතින බවටයි පවසන්නේ.

වින්ඩෝස් 8 ජාලගත වීමකට වඩාත් සූදානම්ව පැමින ඇත...........

  වින්ඩෝස් 8 යනු මයික්‍රසොෆ්ට් වෙතින් නිකුත්ව ඇති මෙහෙයුම් පද්ධති මෙහෙක් පැමිනි වඩාත්ම ජාල ගතවීමකට සූදානම් මෙහෙයුම් පද්ධතිය ලෙසට සැලකේ.එය මුල් ස්වභාවයෙන්ම 4G තාක්ශනය දක්වා සූදානම්ව පැමින ඇත. වඩාත් සුරක්ශිත ජාලගත භාවිතයක් දක්වා පෙර සැකසුම් තුනක් අතරින් තොරා ගැනීමේ අවස්ථාව එහි ඇත. ඒවා නම්  Home, Work,හා  Public ලෙසට දැක්වේ.Home වලදී වඩාත් විවෘතව හා පහසුවෙන් තම Network එක හා ගනුදෙනු කරන්නට ඔබගේ පරිගණකයට හැකිවනු ඇත. එහෙත් මෙම අවස්ථාව තොරා ගැනීමේදී ඔබ පිවිසෙන Network එකෙහි සිටින අනෙකුත් පරිගණකයන් පිලිබදව හොඳ අවබෝදයක සිටීම වැදගත් වේ.ඒවා අතර වන ආසාධිත පරිගණකයකට පසසුවෙන් ඔබගේ පරිගණකය වෙත පිවිසීමේ අවස්ථාව ඇති බව මෙම තේරීම සමග ක්‍රියාත්මක සැකසුම් වලින් ලැබිය හැකි බව අමතක නොකල යුතුය.මෙම පෙර සැකසුම සහිත ඔබගේ පරිගණකය මිතුරෙකුගේ නිවහනකදී ඔවුනගේ Network එක වෙතට සම්බන්දවීමකදී වඩාත් අනාරක්ශිතවීමේ අනතුරක් තිබිය හැක.
                        Work ලෙසට දැක්වෙන පෙර සැකසුම Home වලට වඩා තම Network එකෙහි සිටින අනෙකුත් පරිගණක සමග කටයුතු  කිරීමේදී සිමාකාරීත්වයක් ගෙනෙනු ඇත.වෘතීය මට්ටමේ භාවිතාකරන්නන් සිටින Network එකක ලෙසට බලා පොරොත්තුවක් සමග මෙම පෙර සැකසුම සැකසී ඇති අතර වඩාත් විධිමත් මැල්වෙයාර්  මෘදුකාංගයකට හානියක් පැමිනවීමේ අවස්ථාව තිබෙන බව අමතක නොකල යුතුය.මෙවැනි  පෙර සැකසුම් Network පරිසරයකට බාහිර පරිගණකයක් සම්බන්දකර ගැනීමේදීද සැලකිලිමත්වීම වැදගත් බවයි පිලිගැනෙන්නේ.
                                 Public networks වලදී උපරිම ආරක්ශිත බවක් ගෙනෙන්නට එම පෙර සැකසුම කටයුතු කරනු ඇත. mobile dongle හෝ SIM card වැනි ක්‍රමවේදයක් හෝ Wi Fi වැනි පහසුවක් ඔස්සේ මෙම සබඳතාවය ඇති විය හැකි අතර, මෙම පෙර සැකසුම ඔබගේ පරිගණකය වෙත Network එක තුල සිටින අනෙකුත් පරිගණක වෙතින් දත්ත ගොනු පැමිනීම හෝ ලබාදීම උපරිමව වලකන්නට කටයුතු කරනු ඇත. ප්‍රසිද්ධ ස්ථානයක ජාලගත වීමකට වඩාත් ගැලපෙන ලෙසට මෙම පෙර සැකසුම නිර්මානය කර ඇති අතර පරිගණකය සදහා උපරිම ආරක්ශිත බවක් ගෙනෙන්නට එය සැකසී ඇත.
                                          වින්ඩෝස් 8 වලදී ඔබගේ ජාලගත වීමට අදාල සැකසුම් පරිගණක තිරයේ දකුනු දෙසින් අවධි කරව ගත හැකි " charms bar" එකෙහි Setting වලදී ලබා ගත හැකි වන අතර සාම්ප්‍රදායික හුරු පුරුදු ඩෙස්ටොප් පරිසරයේදී නම් Network and sharing center වලදී හැකි වනු ඇත.

2013-08-20

ඇන්ඩ්‍රොයිඩ් සදහා නව යු ටියුබ් ඇප් යවත්කාලීනයක්.........

  මයික්‍රොසොෆ්ට් හා ගූගල් අතර විරසකයද අවසන් වන්නක්ද නොවේ. පසුගියදා වාර්ථා වූවේ වින්ඩෝස් ෆෝන් වෙත යුටියුබ් ඇප් ක්‍රියාකාරීත්වය අත් හිටවන්නට ගූගල් ආයතනය ක්‍රියාත්මක වූ බවකි.පලවන නවතම වාථාවක් පවසන්නේ ඇන්ඩ්‍රොයිඩ් සදහා වූ YouTube app  වෙත නව යාවත්කාලීනයක් ගෙනෙන්නට ගූග්ල ආයතනය කටයුතුකර ඇති පසුගිය සදුදා  සිට ක්‍රියාත්මක මෙම මුදා හැරීම සමහර භාවිතාකරන්නන් වෙත Google Play  වෙතින් ලබා ගන්නට හැකි වනු ඇති බවටයි ප්‍රකාශ වන්නේ.
           පලවන නවතම වාර්ථා පවසන්නේ ඇන්ඩ්‍රොයිඩ් වෙත පැමින ඇති යු ටියුබ් යාවත්කාලීනයේ යුසර් ඉන්ටර්ෆේසය  Google Now  වලට සමානව සැකසී ඇති බවකි.එසේම නව යාවත්කාලීනයත් සමග භාවිතාකරන්නා හට අනෙකුත් වීඩියෝ පිලිබද browse කරන අතරතුරද තම වීඩියෝවන් නැරබිමේ හැකියාව වන බවටයි සටහන් වන්නේ.එසේම මෙම නව මුහුනත සමග වන යු ටියුබ් ඇප් යවත්කාලීන සංස්කරනයක්  iOS  වෙතටද ලගදීම නිකුත් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

පෘතුවිය මතට පැමිනි අපූරුතම ඉලෙක්ට්‍රොනික සිත්තරා 'ස්ටීව් ජොබ්ස්"ය

  ස්ටීව් ජොබ්ස් 2011 ඔක්තෝබර 11 අපගෙන් සමුගෙන ගියේය. ඔහු ඒ වන විට වසර 56ක් පෘතුවි වැසියෙකු ලෙස ගතකර තිබිනි.ඔහුගේ මිනිස් සිරුර තුලවූ අක්‍රමික බවක් වරින් වර ඔහුව අපහසුතාවයට පත්කලා පමනක් නොව අවසානයේ අපගෙන් ‍රැගෙන යන්නටද කටයුතු කර තිබිනි. හර බර ලෙසට පෙනෙන දැක්වෙන සම්මත ජීවිතයේ ඔහු ඔ‍ටුනු පලන්  මිනිසෙකු නොවූවාය. එහෙත් සාමන්‍ය මිනිස් දිවියකදී මිනිසෙකු අත්නොවිදෙන තරමේ අවකාශයක් පුරා ඔහු සක්මන් කරතිබිනි. ඉන්දියාවේ අතුරු මාවත්වල ඇවිදිමින් ජීවිතයේ අරුත සොයන්නට කාලය තිබුනු ඔහු හට නිදහස දෑස තෙක්මානය වන හිපි සංස්කෘතිය සමගද ඇවිද ගොස් තිබිනි.එසේම ආදරනීය ස්වාමියෙකු හා පියෙකු වන්නටද තම ජීවිතකාලය තුල ඉඩ කඩ ලාබාගත්තෙකුද විය.අත්තෙන්ම ඔහු සාමාන්‍ය මිනිසෙකු ලෙස තම ජීවිත සංචාරය වඩාත් අපූරු හා පුලුල් එකෙක කරගන්නට සමතෙකු වූවාය.
                                වඩාත් අපූරු කථාන්දරයක්ද ඔහු තම ජීවිතය තුල සටහන් කරන්නට තරමේ වාසනාවන්තයෙකුද විය. ඔහු එය තොරතුරු අවකශය මත්තේ භෞතිකව සටහන් කලාය.ඔහුගේ නිර්මානශීලී ප්‍රතිභාව ‍තෝරතුරු යුගය වෙත පිවිසෙන මිනිසාට යෝධ සහයක් සකස් කර දුන්නාය. ඔහු මිනිසුන්ගේ දැතට වඩාත් හුරුබුහුටි පහසු දත්ත උපාංග ගෙනෙන්නට පුරෝගාමියා විය. වඩාත් අපූර්ව දෑ ගෙනෙන්ට ඔහුට හැමවිටම අවශ්‍යව තිබිනි. ඉදිරිපත් කිරීම් වලදී "one more thing" ලෙසින් පවසන්නට තවත් බොහෝ දෑ ඉතිරිව තිබෙන්නටද ඇත.එහෙත් හදිස්සියේම ආපසු යන්නට වන සටහනක් ඔහුගේ අපූව ජීව්තය සමග ‍රැගෙන විත් තිබිනි.වඩාත් සුසර ඔහුගේ මනසට ඒ වග නොදැනුනාම නොවේ විය යුතුය.ඔහු නිතරම පැවසූ "ජීවිතය සීමිතය. අනෙකුන්ගේ මාවත් ඔස්සේ ඇවිදයන්නට එහි කාලයක් නැතිය.ඔබ ඔබගේම මාවත ඔස්සේ ඇවිදයන්න" වැන්නක් සමග අපට ඒ වග උපකල්පනය කල හැක.
                            ඔහුගේ ජීවිත සංචාරය ත්‍රාසජනකද නොවුනාම නොවේය.වරක් ඔහුව තමන්ගේම ආයතනයෙන් එලියට විසික් කරන්නට කටයුතු යෙදිනි. ඔහු ඔහුග අපූරු බව නැවත වරක් ඔප්පු කලාය.ඩිජිටල් ලෝකයට තවත් අපූරු සජීවීකරන අත්දැකීමක් ‍රැගෙන එන ආයතනයක ගොඩ නගමින් තමන්ගේ ආදරනීය ඉලෙක්ට්‍රොනික සිතුවම් පෙල වඩාත් අපූරු අත්දැකීම් ගෙනෙන දැයීන් පුරවන්නට කටයුතු කලාය.අවසානයේ තමන්ගේ මුල් ආයතනය වෙත නැව එන්නටයැයි ආරාධනා ලබනට සිදුවිය. ඔහු වියාපාරිකයෙකුද වු බව නොකියන්නට අවශ්‍ය නැත. එහෙත් ප්‍රකට පෙලේ විශ්ව විද්‍යාලයක උපාධි උත්සවයක් අමතමින් "කාලයකට ඉහතදී රසවත් ආහාර වේලක් වෙනුවෙන් තමන් සැතපුම් ගනනක් ඇවිද ගිය බව" පවසන්නට ඔහුට අවශ්‍ය විය.
                                  අපූරුතම මිනිසානනි ඔබවෙත ඉමහත් ගෞරවයෙනි!!!!!!
                     

ඇමරිකානුවන්ගෙන් 20% අන්තර්ජාලය භාවිතා නොකරයි!!!

  අන්තර්ජාලය යනු හුදු ඉලෙක්ට්‍රොනික උපාංග හා ‍රැහැන් මෙන්ම ‍රැහැන් විරහිත සම්බන්දතා තාක්ශනයන් මත ඉදිවුනු විසල් අවකාශයකි. එය මිනිස් සබදතා ,ආර්ථික සබදතා  වැනි නෙක ආකාරයේ සේවයන් ගෙනෙමින් ඔබගේ ජීවිතය සුවපහසු කරන්නට කැමතිව සිටී.තවත් දෙසකින් විමසද්දී තවමත් දශක දෙක තුනක මිනිස් අත්දැකීමකි.මිනිස් වර්ගයාගේ ඉතිහාසය වැනි දිගු සටහන් විමසද්දී සැබවින්ම එය ළදරු අත්දැකීමකි.
      සැබවින්ම එය දාර්ශනික කාරනාවක් නොව ප්‍රායොගික තේරුමක් ඇති  බව පහදන දත්ත ‍රැස්කිරීමක වාර්ථාවක් පසුගියදා එලි දැක්වින.එයින් කියවුනේ තවමත් ඇමරිකානුවන් ගෙන් 20%ක් අන්තර්ජාලය භාවිතා නොකරන බවකි. හුදු ස්ථාවරව සිටින ඩෙස්ටොප් පරිගණකයේ සිට  අද වන විට අන්තර්ජාල භාවිතාකිරීමේ හැකියාව ස්මාර්ට් ෆෝන් , ටැබ්ලට් , රූපවාහිනී පමනක් නොව අවශ්‍යනම් ඔබගේ ශීතකරනය සමගද පැමිනෙමින් තිබෙන යුගයක මෙම තාක්ශනයන්ගේ බහුතරයක් උපන් දේශයේ පවා මෙතරම් විශාල ප්‍රතිශතයක් එයින් ඈත සිටීම සැලකිය යුතු කරුනකි. ඔවුන් පවසන්නේ සරලව සැලකීමේදී සමස්ථ ඇමරිකානුවන් ගෙන් 98%කට කිනම් ආකාරයකින් හෝ බ්‍රොඩ්බෑන්ඩ් සබදතාවයන් භාවිතාකිරීමේ හැකියාව තිබියෙදී පවා මෙසේ ගනය වෙමිත් පවතින බවටයි පවසන්නේ. හදාරන්නන් පවසන්නේ සමස්ත ඇමරිකාව සැලකීමේදී මිලියන 600ක ප්‍රමානයක් නිවසේදී හෝ ‍රැකයා ස්ථානයේදී පමනක් නොව අඩුම තරමින් තම ජංගම උපාංග ඔස්සේවත් අන්තර්ජාලයට නොපිවසීම සිදුවන බවයි.එයින් හෙලිවන තොරතුරු වැඩි දුරටත් පවසන්නේ වයස 65ට වැඩි ඇමරිකානුවන්ගෙන්  භාගයකට ආසන්නනව අන්තර්ජාලය භාවිතාකරන අතර වයස 65ට අඩු පිරිසගෙන් හතරෙන් තුනක් අන්තර්ජාලය භාවිතාකරනු දක්නට හැකි බවයි.එම හැදැරිමට සම්බදවූ එක් අයෙකු පවසා ඇත්තේ තමන්ට හෝ තම දරුවන්හට අන්තර්ජාල පහසුව සදහා අවශ්‍ය අධික ගාස්තු ප්‍රශ්නයක් බවයි.

Skype, Outlook.com වෙතට පැමිනීම ඇරබේ...

   මයික්‍රසොෆ්ට් සමාගමේ ප්‍රධාන ඊමේල් සේවාව වන්නේ Outlook.com ගෙනෙන වෙබ් මූලික ඊමේල් සේවාව වේ. තම තරගකරුවා වන gmail සමග මහත් තරගයක යෙදී සිටින Outlook.com සේවාව වෙත gmail භාවිතයෙන් පැමිනෙන්නන් වෙත වඩාත් සුරක්ශිත සේවාවක් ලබා ගන්නට හැකිවනු ඇති බවටයි මයික්‍රසොෆ්ට් සමාගම පවසා සිටින්නේ. පසුගිය ජූලි මාසයේ පලමුවෙන් කලැලි දු‍ටු මෙම සේවාව ගෙවුනු වසර තුලදී මහත් භාවිතාකරන්නන් පිරිසක් ‍රැස්කර ගන්නට සමත්ව ඇති බවටයි ප්‍රකාශ වන්නේ.
             මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ තමන් පසුගිය කාලයේ ප්‍රකාශකර සිටි පරිදි Skype සේවාවද තම Outlook.com වෙතට ගෙන ඒම මේ වන විට ක්‍රමයෙන් ආරම්භව ඇති බවටයි පැවසෙන්නේ. තම සමාගමේ ප්‍රධානතම messaging platform  පහසුව මෙසේ තම ඊමේල් සේවාව තුලදීද භාවිතාකිරීමේ පහසුව මේ වන විට ඇමරිකානු භාවිතාකරන්නන් වෙතට මුද හැරෙමින් ඇති බවත් ඉදිරියේදී ලොවපුරා භාවිතාකරන්නන් වෙත මුදාහැරෙනු ඇති බවත් පවසා සිටිනවා.

Bitcoin භාවිතය ජර්මානු රජය නිල ලෙස පිලිගනියී.....

  අන්තර්ජාලය කෙමෙන් සාමාන්‍ය ජීවිතවල බොහෝ අවශ්‍යතාවයන්  හිමි කර ගනිද්දී සාමන්‍ය මූල්‍ය ස්වභාවයට වඩා ඩිජිටල් බවට වඩාත් හිතැති ක්‍රම වේදයක් සඩාත් පහසු වනු ඇත. Bitcoin  මේ සදහා ඇති හොදම විකල්පයකි. මෙම ක්‍රමය මුලින්ම 2008දී පමන "Satoshi Nakamoto" විසින් හදුන්වා දෙනු ලැබුවේ වඩාත් සාර්ථකව පරිගණකමය උපාංග අතට මුදල් හුවමාරුවට ගැලපෙන ක්‍රමවේදයක් වනු ඇති බව පවසමිනි. ජර්මන් රජය පසුගියදා පවසා සිටියේ තමන් මෙම  Bitcoin භාවිතය නෛතිකව පිලිගන්නා බවයි- virtual currency -. පුද්ගලයින් අතර සිදුවන හුවමාරු වලදී ටැක්ස් වලින් තොරවද ආර්ථිකව යොදා ගන්නා විටදී ටැක්ස් සහිතවද මේ අනූව Bitcoin භාවිතය සිදුවනු ඇති බවටයි ප්‍රකාශ වන්නේ.
                විචාරක මතය වන්නේ මෙම පිලිගැනීම අනිකුත් රාජ්‍යයන් වෙතද මෙම භාවිතව පිලිගැනීමට සිතා බලන්නට හොද සාධකයක් වනු ඇති බවයි. ඔවුන් පවසන්නේ අනාගත ලෝකයේ භාවිතය සදහා අවශ්‍ය වන "neutral global currency." ක්‍රමවේදයක් සදහා මෙම පිවිසුම හොඳ ආරම්භයක් වනු ඇති බවයි.

පලමු "likes" 1000 30$ කි. අමතර 1000 කට 15$ කි.

  අන්තර්ජාලය ආශ්‍රිත්ව සිදුවන අනිසි මුදල් ඉපයීම් වල ප්‍රධානතම ක්‍රමවේදයක්ව තිබුනේ අන් පුද්ගලයන්ගේ නයවර පත්වල අංක සොරා ගනිමින් අයතු භාවිතයේ යෙදීම හෝ එවැනි කාරනා සදහා විකුනා දැමිමය. Zeus virus වැනි හානිකර මෘදුකාංග යොදා ගනිමින් ඔබ හාඅ බැංකුව අතර සිදුවන තොරතුරු සොරා ගැනීම බහුලවම සිදුවන්නක් වෙමින් තිබේ. හදාරන්නන් පවසන්නේ මේ වන විට සමාජ ජාලා අශ්‍රිතව  කෘතීවම  "likes," නිර්මානය කරදීම සදහා කටයුතු කිරීම වඩාත් බහුලව සිදුවන ආර්ථික වාසියක් ඇති අන්තර්ජාලය ආශ්‍රිත අකටයුත්ත බවට පත්වෙමින් ඇති බවයි. ඔවුන් පවසන්නේ  $30 සඳහා Instagram  වල likes 1,000 ලබා ගැනීම මෙන අමතර likes 1000 සදහා  $15  අය කිරීම බහුලවම දක්නට ලැඑන කාරනයක් වෙමින් ඇති බවයි.සොරා ගන්නා නයවර පත් අංක සදහා  ලැබෙන මුදල බෙහෙවින් අඩුවී ඇති බවත් එම ආයතන ක්‍රියාත්මක කරවන වඩාත් ආරක්ශක ක්‍රම නිසා මෙම පහල වැටීම සිදුවන බවත් ඔවුන් පවසනවා. මෙලෙස ව්‍යාජව ලබා ගන්නා likes ඔස්සේ අනෙකුන් තුල තම සමාජ ජාලා ගිනුම හෝ පලකිරීම් කෙරෙහි වැඩි විස්වාසයක් ලබා ගැනීම වෙගයෙන් බහුල වෙමින් පවතින ක්‍රමවේදයක් වෙමින් ඇති බවටයි හදාරන්නන් පවසන්නේ.

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...