2020-05-31

THARU MINISA

"ඔබ ඒ පසුකරමින් සිටියේ දත්ත මිනිසාගේ අද දක්වා වූ අපූරු කතාන්දරයේ අතිශය කෙටි සංශිප්තයකට පමනී. කැපී පෙනෙන හැරවුම් ලක්ෂ හා මිනිසුන් ගැන එම සටහන සෑම සත්‍යට බොහෝ දුරකට ලංව ඇතැයි මම විස්වාශ කරමි. බොහෝ අපූරත්වයන් පෘතුවිය මතට ගෙන ආ තවත් මිනිසුන් කොටසක් සටහනක් නොතබාම පෘතුවිය හැරගොස් ඇති බව කරුනාකර අමතක නොකරන්න. 
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-05-30

අන්තර්ජාලය

විශ්ව ගම්මානය සංකල්පය අන්තර්ජාල භාවිතයේ මුල් යුගයට, අයිති වඩාත් අවධානය දිනාගත් සංකල්පයක් උනා. පසුකාලීනව සමාජ ජාලා යුගයේදී සමාජ දුරස්ථබව ඇතිකරන්නක් ලෙසට අන්තර්ජාලය වෙත බහුල චෝදනාවක් පැමිනියා.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-05-29

දැනුම් රටාවක්

සමහර දැනුම් රටාවක් වඩාත් දිලිසෙන්නේ ඒවා වඩාත් තාර්කික හෝ අපූරු පැහැදිලි කරදීම් රැගෙන එන නිසා නොව ඒවා පසු පස ඇති මහත් ප්‍රාග්ධන හැකියාව හෝ නව වැඩවසම් කුලයන් නිසාය.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

ආක්‍රමනිකයන්

ප්‍රසස්ථ මට්ටමක රජෙක් බිහිකර ගන්නට නොහැකිව දුක් විඳිමින් සිටි ඔවූහු මත වඩාත් දියුනු භාවිතාවක් ලෙසට ගැනුනු පොතක් හඳුන්වා දෙමින් ආක්‍රමනිකයන් ප්‍රශ්නය වඩාත් සංකීර්න කොට දමන ලදී.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-05-28

පරිනාමීය දේශපාලණයක්

පරිනාමීය දේශපාලණයක් හිමි රටවල් කියන්නේ එක ආකාරයක්, එන්නත් කරන ලද දේශපාලණයක් හිමි රටවල් කියන්නේ තවත් ආකාරයක්. දෙවන ආකාරයේ ප්‍රභේධයේ වන නොසැසඳෙන බව හැම අතකින්ම ප්‍රකට වන සුළුයි.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa 

2020-05-27

අරගලයකි

දහම ඉල්ලා සිටින්නේ වඩාත් පුද්ගලවාදී අධ්‍යාත්මික අරගලයකි. නමුත් වෙළඳපොල ඉල්ලා සිටින්නේ වඩාත් දෘශ්‍යවාදී භෞතික අරගලයකි.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

ඩිජිටල් ලේයරය

අඩු වැඩි වශයෙන් මුත් ජීවවිද්‍යාත්මක පදනමින් උඩට වන සියල්ල සදහා ඩිජිටල් ලේයරය පැමිනීම අනිවාර්ය අවශ්‍යතාවක් බව තහවුරුව ඇත.
"Tharu Minisa"
-Pubudu Siriwansa
#siriwansa

2020-05-26

සතුරා

සතුරා සමග කටයුතු කිරීම සතුරා මගහැර සිටිනවාට වඩා සංකීර්න කටයුත්තකි.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-05-23

පරිවර්ථනීය අභියෝගයක්

සමස්ථ මිනිස් කථාන්දරයම පරිවර්ථනීය අභියෝගයක් පසුකරමින් සිටී. වඩාත් භීතිය උපදවන කාරනය වන්නේ මිනිසුන් විසින් තවමත් ප්‍රමානවත් වැටහීමක් නැති එනම් හදාරමින් සිටිනා අභියෝගයක් තරනය කරමින් සිටීමය.
"Tharu Minisa"
-Pubudu Siriwansa
#siriwansa

2020-05-22

නායකත්වය

ඔබ තුල නායකයෙකු බිහිවීම එකකි. ඔබට නායකත්වය සඳහා උරුමයක් ලැබීම තවත් කාරනාවකි.
"Tharu Minisa"
-Pubudu Siriwansa
#siriwansa

2020-05-21

දැණුම අවිංඥානික වේදනාවක්

දැණුම අවිංඥානික වේදනාවක් වනවිට හැදෑරුම් ආයතනවල මිනිසුන් දැනුම ලබන්නේ සවිංඥානික වින්දනයක් සදහා බවට පත්වේ. ඔවුන්ගේ දැනුම් සටහන් වඩාත් වඩාත් පුළුල් වපසරියක ඒවා වෙනවා වෙනුවට එම දැනුම් ගොනුවල පිට කවර වඩාත් වර්ණවත් ඒවා බවට පමනක් පත්වේ. දැනුම යාන්ත්‍රිකවීම එලබෙන යුගයයි.
"THARU MINISA"
- Pubudu Siriwansa
#siriwansa

2020-05-18

තොරතුරු ලේයරය

ඔබ සහ ලෝකය අතර පරතරය මතට තොරතුරු ලේයරය පැමිනීම කොරෝනාව විසින් වඩාත් තහවුරු කර ඇත. අධ්‍යාපනය, මුදල් කටයුතු, මිනිස් සබඳතා වැනි බොහෝ අවශ්‍යතා සදහා සුමට මැදිහත්වීමක් දැනටමත් කරමින් සිටී. කොරෝනාව විසින් තොරතුරු ලෝකයට කර ඇති නව යෝජනා ඉදිරියේ නවාංග ලෙසට පැමිනෙන්නට සැලසුම් වෙමින් ඇත.
- Pubudu Siriwansa
#siriwansa

2020-05-17

ජීව යාන්ත්‍රිකකරනයට..

ඔනෑම පෙදෙසක ජීව කථාන්දරයක තීරනාත්මක හැරවුමක් ලෙසට එම ජීව ගොනුම අවියක් ලෙසට ඔවුනට එරෙහිව භාවිතයට පිවිසීම සිතිය හැක. ඉන් අනතුරුව එලබෙන්නේ එම ජීව වර්ගයා තම ජීව ගොනුව ක්‍රමයෙන් යාන්ත්‍රිකකරනයට පිවිසීම විට හැක.
"Tharu Minisa"
-- Pubudu Siriwansa
#siriwansa

2020-05-16

සංස්කෘතික

විෂයක් ඉදිවෙන්නේ විද්‍යාත්මක ස්වභාවයකින් උනාට භාවිතාව සංස්කෘතික කාරනාවක් වෙනවා.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-05-15

සමාජ දුරස්ථ භාවය

කොරෝනා ව්‍යසනය මිනිස් කථාන්දරයේ නිරෝගීබව නම් සධකයට සදාතනික නව කොන්දේසියක් ගෙනෙමින් තිබෙනවාද විය හැකියි. එය නම් සමාජ දුරස්ථ භාවයයි.
Tharu Minisa
-Pubudu Siriwansa
#siriwansa

2020-05-14

සක්මන් මළුව

හොඳින් සඳ එලිය විසිරුනු ගැබුරු රාත්‍රිය සක්මන් මළුව වෙතට එන්නයි කරන ආරාධනාව මෙලොව කිසිවෙකුට මගහරින්නට හැකි වේදැයි මම නම් සැක කරමි. ප්‍රධාන ශාලාවට ඉහලින් ආලෝකමත් කරන ගිනි සිළුව ගෙනෙන ආලෝකය සිතකට පැමිනිය හැකි අවසන් සැක බියද දියකර දමන්නට සමත්ය. 
ඔබට ඔබ සමග වන දෙබස සදහා මනා වටපිටාව මෙතරම් අපූරු ලෙස විශ්වයේ වෙන කොහිවත් වෙතැයි මම නම් සැක කරමි.
"අනන්තය තෙක් පෙනෙන විසල් කඳු මුදුනතක සිට"
- Pubudu Siriwansa
#siriwansa

2020-05-12

අශිෂ්ඨ බව..

අශිෂ්ඨ බව ජයගත යුතු අභියෝගයක් විනා සඟවා, වෙනස් අරුතක්දී, මලින් සරසා, පූජනීය කරන්නට යමක් නොවේ.
"THARU MINISA"
- Pubudu Siriwansa
#siriwansa

2020-05-10

අත්හැරීම

මෙහි පැමින පලමු දින දෙක තුන තුලදී ඔබගේ රැස්කිරීම් කඳමලු බිම තබන්නට බලකෙරේ. ඒ අන් කිසිවෙකු විසින් නොව ඔබ තුලින්ම අවදිවන අවබෝධය විසිනි. ධනවතෙකු ලෙසට අනෙකාගේ කොටස වැඩිපුර රැස් කර ගැනීමත්, උගතෙකු ලෙස නිමක් නැතිව අවට ලෝකය වෙනස් කරමින් ඒවා ගැන අපමන තර්ක විතර්ක වල හිස් බවත් වැටහෙන්නට පටන් ගනී. ඔබ වරදවා නොවටහා ගතයුතුය. ඔබ එතෙක් කල් අපමන වෙහෙසකින් රැස් කරගත් වටිනාකම් කිසිවෙකු පැහැරගැනීමක් හෝ අත්හරින්නට බලකිරීමක් මෙහි සිදුනොවේ. ඔබ වඩාත් සතුටින් ඒවා අත්හරින්නට පටන් ගනී.
"අනන්තය තෙක් පෙනෙන විසල් කඳු මුදුනතක සිට"
- Pubudu Siriwansa
#siriwansa

2020-05-09

"අනන්තය තෙක් පෙනෙන විසල් කඳු මුදුනතක සිට"

එම පහන්සිළු විහිදන්නේ වඩාත් සුදු පැහැයට හුරු වර්ණයක්ය. අසල වනයෙන් ලබාගන්නා තෙල් ද්‍රව්‍යකින් එවා පොගවා සකස් කරගත් ස්වභාවික පතුරු විශේෂයකින් ඒවා නිමවා තිබෙන්නේය. පුන්සඳ අහස් කුසට එන විට ඔවුන්ගේ අවදිමත් රාත්‍රිය දිගු වන්නේය. එවන් රාත්‍රියන් වලදී තම වර්ගයාගේ දිගු කථාන්දරය බාල පරම්පරාව වෙතට සංනිවේදනය වීම සිදුවේ. වසර දහස් ගනන් පැරණි ඉතිහාසය සුමට සිත්ගන්නා සුළු ලෙසට ගලාගෙන යන ආකාරය ආගන්තුක අපට මහත් විමතියක් ගෙනෙයි.
"අනන්තය තෙක් පෙනෙන විසල් කඳු මුදුනතක සිට"
- Pubudu Siriwansa

2020-05-07

මිනිස් කාරනය

තව දුරටත් දැනුම ගබඩා කරගැනීම හා එය අවදිකරවා හැනීම මිනිස් කාරනයක් නොවේ. එය යාන්ත්‍රිකවී බොහෝ කල්ය. අද මිනිස් කාරනය වන්වන්නේ දැනුම මත වඩාත් නිර්මාණශීලී වීමය.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-05-06

තොරතුරු තාක්ෂණය

තොරතුරු තාක්ෂණය ජීවිතය අවට වන වෙනම තාක්ෂණික භාවිතාවක් වීමේ යුගය අවසන් වෙමින් ඇත. එලබෙන යුගය වන්නේ තොරතුරු තාක්ෂණය මිනිස් සංස්කෘතියේ මධ්‍ය ලක්ෂය ලෙසට සටහන් වන යුගයයි. සැබෑව නම් මේ ක්‍රියාවලිය දැනටමත් ඇරබී තිබීමය.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-05-05

සාර්ථකත්වයනම්..

අපට ලෝකය මත දැනටමත් ඉදිව ඇති සාර්ථකත්වල යම් යම් ස්වභාවයන් කොපි කල හැක. නමුත් ඒවායේ පූර්ණ සාර්ථකත්වයනම් කොපි කල නොහැකි වනු ඇත.
"Tharu Minisa"
- Pubudu Siriwansa

2020-05-04

මනස

සිරුර වෙළඳ ඉලක්කයක්, භාණ්ඩයක් වීම පැරණි කථාවකි. අද අප අත්විඳිමින් සිටින්නේ මනස වෙළඳ ඉලක්කයක් , භාණ්ඬයක් වීමේ යුගයය.
"Tharu Minisa"
- Pubudu Siriwansa

2020-05-03

Digitized State

A well-digitized state is a concept that demands greater discipline. Even a simple misstep can be a disaster.
"Tharu Minisa"
- Pubudu Siriwansa

2020-05-02

Social Distance

One of the main accusations of the social networking age was the creation of social distance. Today, it is becoming more and more essential.
"THARU MINISA"
-Pubudu Siriwansa
#siriwansa

2020-05-01

නව සිශ්ථාචාරයක

පසු කොරෝනා යුගය දෙයාකාරයක යෝජනා ගෙනෙන්නට කැමති වනවා සේ පෙනේ. එක් ආකාරකදී මිනිස් කථාවේ ආපසු පියවර කිහිපයක් සමග ස්වාභාවික සාධක වලට වඩා ඉඩක් දෙන්නටය. අනෙක ඩිජිටල් කරනය වඩාත් ජිවිත විනිවිද යන්නට ඉඩ දීමය. මේ දෙවන ආකාරය නිවැරදිව මිනිස් සැකසුම මත ස්ථාපිත වීම නව සිශ්ථාචාරයක ආරම්භයක් තරමේ තීරනාත්මක විය හැක.
"Tharu Minisa"
- Pubudu Siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...