2012-11-30

"බින් මැප්" සේවාව වඩාත් පුලුල්වේ....



මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටින්නේ තම බින් ඇප්ස් සේවාවට ටෙරා බයිට 121ක නව සැටලයිට් ඡායාරූ එකතුකර ඇති බවයි.වර්ග කිලෝමීටර මිලියන 15ක ලොවපුරා විහිදුනු ප්‍රදේශයක් ආවරනය වන ලෙසට මෙම නව එකතුව සැකසී ඇති බවටයි සටහන් වන්නේ. ඔවුන් පවසන්නේ මේ වන විට සමස්තයක් ලෙස වර්ග කිලෝමීටර මිලියන10.7 තම අඩවිය තුලට ආවරනය වන බවයි.ඇමරිකානු එක්සත් ජනපදය සම්පූර්නයෙන්ම ආවර්නය වී ඇති බවටත් ඔවුන් පවසා සිටිනවා. ඔවුන් පවසන්නේ සැටලයිට් ඡායාරූ වලට අමතරව සකසන ලද ගුවන් යානා මගින් ලබා ගන්නාලද වඩාත් පැහැදිලි ඡායාරූ භාවිතයත් සමග එක් පික්සලයකර සෙන්ටිමීටර 30 ප්‍රදේශයක් අනුපාතයට ගෙනෙන්නට තමන් සමත්ව ඇති බවයි.තමන් ලබාගත් වඩාත් වර්තමාන නව ඡායාරූ වලින් වින්ඩෝස් ඩෙස්ක්ටොප් එක සරසා ගැනීමේ අවස්ථාව මේ වන විට භාවිතාකරන්නන්ට ලැඊ ඇති බවටයි පැවසෙන්නේ.

ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 පෙර සංස්කරනයක් වින්7 සදහා....



ඔබ භාවිතාකරන බ්‍රවුසරය එහි නවතම සංස්කරනය ලෙසට තබා ගැනීම ආරක්ශාව මෙන්ම වේගවත් හා පහසු වෙබ් සැරියකට  මග වන ඇති බවටයි හදාරන්නන් නිරන්තරයෙන් පවසන්නේ. මයික්‍රසොෆ්ට් ආයතනයෙන් නොමිලේ ලැබෙන බ්‍රවුසරය වන්නේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා මෘදුකාංගයයි. මේ වන විට නිකුත්ව ඇති අවසාන සංස්කරනය වන්නේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සංස්කරනය වන අතර එය වින්ඩෝස්8 සදහා  ද්විත්ව සංස්කරන ලෙසට නිකුත්ව තිබෙනවා.මුල් කාලයේ මයික්‍රසොෆ්ට් ආයතනය පැවසුවේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා වින්8 සදහා පමනක් සීමා වනු ඇත කියා මුත් පසුව ආයතනය විසින් තම නවතම වෙබ් බ්‍රවුසරයේ සංස්කරනයක් වින්ඩෝස්7 භාවිතාකරන්නන් සදහාද නිකුත් කරන්නට තීර්නය කොට තිබෙනවා.  තවමත් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 වින්7 සදහා වන අවසාන සංස්කරනයක් නිකුත්කර නොමැති මුත් එහි පෙර සංස්කරනයක් මේ වන විට ලබා ගත හැකිව තිබෙනවා. පහත දැක්වෙන පලමු ලිපිනය ඔස්සේ පිවිසීමෙන් එම සංකරනයේ හැකියාවන් පිලිබද දැනීමක් ඔබට ලබා ගත හැකිවනු ඇති අතර දෙවන සබදතාවය ඔස්සේ පිවිස එහි පෙර සංස්කරනයක් වින්7 භාවිතාකරන්නන් වෙත ලබා ගත හැකි වනු ඇති බවටයි පැවසෙන්නේ.
http://windows.microsoft.com/en-gb/internet-explorer/ie-10-release-preview

http://ie.microsoft.com/testdrive/

2013 මැද භාගයේ එන වින්ඩෝස් බ්ලූ යාවත්කාලීන ගොනුව....



මයික්‍රසොෆ්ට් ආයතනයෙන් පැවසෙන නිවේදනයකින් කියවෙන්නේ 2013 වසර මැද භාගය වන විට වින්ඩොස්8 සදහා ප්‍රධාන පෙලේ යාවත්කාලීනයක් නිකුත්වීමට නියමිත බවයි. තීරනාත්මක මට්ටමේ වෙනස්කම් කිහිපයක්ද සමග පැමිනෙන්නට නියමිත මෙම යාවත්කාලීනය "වින්ඩෝස් බ්ලූ" ලෙසට සංකේතනාමයක්ද මේවන විටත් ලබාදී තිබෙන බවටයි සටහන් වන්නේ.බෝහෝ විට වින්ඩෝස් 8 හි පලමු "සර්විස් පැකය" වින්ඩෝස් 8.1 ලෙසට නම් වන්නට ඉඩද ඇති මෙම යාවත්කාලීන ගොනුව සමග යුසර් ඉන්ටර්ෆේසය වෙත වඩාත් වෙනස්කම් ගෙනෙනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ.ස්ටාර්ට් ස්ක්‍රීනයට වඩාත් නම්‍ය ලෙස හැසිරෙන්නට අවශ්‍ය වෙනස් කම් ‍රැගෙන එන මෙම යාවත්කාලිනයන් සමග පසුබිම් දර්ශන වර්න ආදිය වෙනස්කිරීම සදහාද වඩාත් පහසුකම් ‍රැගෙන එනු ඇති බවටයි සටහන් වන්නේ. ස්මහර විටක නොමිලේ ලබා ගත හැකි වනු ඇති යාවත්කාලීනයක් වන්නට ඉඩ ඇති මෙම ගොනුව මයික්‍රසොෆ්ට් සම්ප්‍රදායේ සාමාන්‍ය යාවත්කාලීන ගොනුවකට වඩා වෙඩියමක් වනු ඇති බවටයි පොරොන්දු පලවෙමින් ඇත්තේ.

2012-11-28

වින්8 වෙතට අහිමිවූ ස්ටාර්ට් කවුලුව නැවත කැදවන්නට.....



සමහරෙකුට සුපුරුදු මාවතෙන් ඉවතටයාම මහත් අපහසුවක් කැදවන්නකි.මෑතකාලයේ මෙවන් අපහසුතාවයක් ගැන බෙහෙවින් කථා බහට ලක්වූ අවස්ථාවක් වූවේ මයික්‍රසොෆ්ට් ආයතනයේ නවතම මෙහෙයුම් පද්ධතියවූ වින්ඩෝස්8 මෘදුකාංගයේ භාවිතාකරන්නන් හට හුරු පුරුදු "ස්ටාර්ට්" බටනය හා ඒ ආශ්‍රිත කවුලුව ඉවත්කර තිබීමේ ගැටලුවයි.
                        මෙම ගැටලුව සදහා වඩාත්ම භාවිතාවන විසදුම වූවේ භාහිර මෘදුකාංග ආයතන විසින් නිකුත්කරන ලද මෘදුකාංගයක් ආශ්‍රයෙන් වින්ඩෝස්8 තුලදී නැවත ස්ටාර්ට් බටනයක් නිර්මානය කර ගැනීමයි.පහත දැක්වෙන මෘදුකාංගය එසේ විසදුමක් ගෙනෙන නොමිලේ භාවිතාකල හැකි මෘදුකාංගයක නවතම සංස්කරනයයි. ඔවුන් පවසන්නේ වින්7 ස්ටාර්ට් බටනයට බොහෝ සෙයින් සමාන සේවාවක් මෙම මෘදුකාංගය ඔස්සේ ලබාගත හැකි වනු ඇති බවයි.

http://www.areaguard.com/download/startw8/startw8.msi

ෆයර් ෆොක්ස් 18 බීටා සංස්කරනයක් නිකුත්වේ..


මොසිල්ලා ආයතනය තම ෆයර් ෆොක්ස් හි 18 වන සංස්කරනයේ පලමු බීටා නිකුතුව පසුගියදා නිකුත්කරනු ලැබුවා. ඔවුන් පවසන්නේ වඩාත් වේගවත් ජාවා ස්ක්‍රිප්ට් යාන්ත්‍රනයක් හා ඇපල් හි රෙටිනා අධි පැහැදිලි තිර ම්ත්‍ර පහසුකම් වලින් නව සංස්කරනය සමන් විත වන බවයි. දැනට වන සැලසුම් අනූව මෙම නිකුතුවේ අවසන් සංස්කරනය එලබෙන වසරේ ජනවාරි මස දෙවන සතිය පමන වන විට සිදුවනු ඇති බවට සටහන් වන්නේ. ආයතනය පවසන්නේ ජාවස්ක්‍රිප්ට් යාන්ත්‍රනයේ වේගය සියයට 7 සිට සියයට 26 දක්වා වැඩි කර ඇති බවයි.

http://www.mozilla.org/en-US/firefox/beta/

ජීමේලයක් සමග දවටා යැවිය හැකි දත්ත ගොනුවක ප්‍රමානය ගිගා බයිට 10 දක්වා ඉහලට.....


ගූගල් ආයතනයෙන් පැවසෙන්නේ තම ජීමේල සේවාව ඔස්සේ යවනු ලබන ඊමේලයකට දැවටියහැකි දත්ත ගොනුවක ප්‍රමානය 10 ගිගා බයිට් දක්වා වැඩිවන බවයි. මේ ජීමේල භාවිතාකරන්නන් පෙර අත්විදි ප්‍රමානය හා සැසදීමේදී 400 ගුනයක වැඩිවීමක් බවටයි පැවසෙන්නේ.ගූගල් ඩ්‍රයිව් ක්ලවුඩ් සේවාව මත තැන්පත්කර ඇති දත්ත ගොනු මෙසේ ජීමේල ගිනුමකට සම්බන්ද කල හැකිවනු ඇති බවයි සටහන් වන්නේ.ජීමේල නිර්මානය සදහා යොදා ගන්නා පි‍ටුවේදීම ඉතා සරලව එම ගොනු සම්බන්ද කිරීමේ හැකියාව ලබාදී ඇති අතර ද්විත්ව අකාරයකට එම ගොනු ලබන්නා හට පහසුවෙන් භාවිතකල හැකිදයන්න ස්වංක්‍රීයව පරික්ශා කෙරෙන අතර එම ගොනු ලබා ගැනීම සදහා සැකසුම් වලින් යම් සීමා ඇත්නම් එම සීම වෙනස් කිරීමේ හැකියාව සකසා ගැනීමට අවස්ථාව එසැනින් ඊමේලය යැවීමට පෙරම ලබා දෙමින් වඩාත් සාර්ථකව මෙම නව හැකියාව නිර්මානය කර ඇති බවයෛ ආයතනය පවසන්නේ.

වින්8 භාවිතාව මිලියන 40 ඉක්මවමින් තිබෙන බවට....



මයික්‍රසොෆ්ට් ආයතනය  වින්ඩෝස්8 අවසාන සංස්කරනය නිකුත් කරනු ලැබුවේ පසුගිය මස 26 වන දින වන අතර ඊට දින හතරකට පසුව එහි ප්‍රධාන විධායක මට්ටමේ අයෙකු පවසා සිටියේ තම නව මෙහෙයුම් පද්ධතිය උස්තල ගැන්වීම් මිලියන 4ක් ඒ වන විට පසුකර ඇති බවය. පසුගියදා තම මෙහෙයුම් පද්ධතිය වෙළද පොලට නිකුත් කොට දින 32 සපිරෙන විට සටහන් වන්නේ වින්ඩෝස්8 බලපත්‍ර මේ වන විට මිලියන 40 පමන නිකුත්ව ඇති බවයි. ඔවුන් පවසා සිටින්නේ වින්ඩෝස්7 භාවිතාකරන්නන් කරා සමීප වූවාට වඩා වේගයෙන් වින්8 භාවිතාකරන්නන් වෙත වෙගයෙන් පැතිරෙමින් ඇති බවත් ඇප්ස් ස්ටෝව ඉතා සාර්ථකව වර්ධනය වෙමින් සිටින බවත්ය.

මයික්‍රසොෆ්ට් අවුට්ලුක් ඔන්ලයින් සේවාවට මිලියන 25කට වැඩි භාවිතාකරන්නන් ...



පසුගිය ජූලි මාසය අවසානයේ පමන මයික්‍රසොෆ්ට් ආයතනය බීටා සංස්කරනයක් ලෙසට අවුට්ලුක් ඊමේල ඔන්ලයින් සේවාව අරබන ලද අතර අද ආයතනයෙන් නිකුත්වන නිවේදනයකට අනූව පැවසෙන්නේ මේ වන විට එම සේවාව ලබන භාවිතාකරන්නන්ගේ සංක්‍යාව මිලියන 25 ඉක්මවා යමිත් ඇති බවයි.ඔවුන් පවසන්නේ එම භාවිතාකරන්නන්ගෙන් තුනෙන් එකක් පමන සංක්‍රීය මට්ටමේ ජීමේල භාවිතාකරන්නන්ව තිබුන මුත් ආයතනය විසින් දියත්කල තම සේවාවසතුව ජීමේල පහසුකම් වලට වඩා වැඩි සේවා අංග ඇති බව පිලිබද ප්‍රචාරක වැඩ සටහනෙන් අනතුරුව පෙර කී භාවිතකරන්නන්ගේ පහෙන්  හතරක් පමන තම සේවාව වෙත ආකර්ශනය කර ගැනීමට තමන් සමත්වූ බවයි.
                  ආයතනය වැඩිදුරටත් පවසා සිටින්නේ එලබෙන දෙසතිය තුලදී නව අංගයන් රාශියක් තම සේවාව වෙතට හදුන්වා දීමට සැලසුම් කර ඇති බවහ්ත් ඒ අතර යතුරු කෙටි මං කිහිපයක් වර්නවත් පසුතලයන් ඇතුලු ආකර්ශනීය දේ කිහිපයක්ම වනු ඇති බවයි.ආයතනය පසුගියදා ඇන්ඩ්‍රොයිඩ් සමග පහසුව වෙන් ගනුදෙනු කිරීමට හැකිවන ලෙසට ඇන්ඩ්‍රොයිඩ් ඇපෙකක් ද හදුන්වා දීමට කට යුතු කොට තිබුනා.

2012-11-25

වින්8 පලමු සංස්කරන සදහා මයික්‍රසොෆ්ට් සහය දක්වන කාලසීමා ප්‍රකාශයට පත්වේ....

 
මයික්‍රසොෆ්ට් ආයතනයේ නවතම මෙහෙයුම් පද්ධතිය නිකුත්ව මසකට ආසන්න කාලයක් ගතවෙමින් තිබෙන අතරතුර නිකුත්වන නිවේදනයකින් පැවසෙන්නේ මේ වන විට වින්ඩෝස්8 නව මෙහෙයුම් පද්ධති සදහා මයික්‍රසොෆ්ට් ආයතනයෙන් සහය අවසන් වන සැපයෙන දින වකවානු පිලිබද මේ වනවිට ප්‍රකාශයට පත්ව ඇති බවයි. වින්ඩෝස් RT  සමග එන සර්ෆේස් ටැබ් උපකරනය සදහා ප්‍රධාන සහය සැපයීම2017 අප්‍රේල් 11 වන විට අවසන් වීමට සැලසුම් කර ඇති බවට පැවසෙන අතර වින්ඩෝස් 8 සදහා ප්‍රධාන මට්ටමේ සහය  2018 ජනවාරි 10 වන විට අවසන් වීමට නියමිත බවටත් මෙම සංස්කරන සදහා සම්පූර්න සහය 2023 ජනවාරි මස 10 වන විට අවසන් වනු ඇති බවටත් ලෙසටයි සටහන් වන්නේ.  තවමත්  වින්ඩෝස්8 මෙහෙයුම් පද්ධති සදහා නිකුත්වීමට නියමිත "සර්විස් පැක්" සංස්කරනයන් පිලිබදව දින වකවානු නිකුත්ව නොමැති අතර ඒවා අනූව එම සංස්කරනයන් සදහා සහය කාලයද වැඩිවීම සාමන්‍ය සම්ප්‍රධාය බවටයි විචාරකයින් පවසා සිටින්නේ.

2012-11-24

දින 500කින් වින් එක්ස්.පී සම්පූර්නයෙන් අත්හැර දමනු ඇත..



මයික්‍රසොෆ්ට් ආයතනයෙන් නිකුත්වන නිවේදනයකට අනූව පැවසෙන්නේ ඉදිරි දින 500කට පසු වින්ඩෝස් එක්ස්.පී නිල වශයෙන් සම්පූර්නයෙන්ම අත් හැර දැමුනු මෙහෙයුම් පද්ධතියක් වනු ඇති බවයි. 2014 අප්‍රේල් 8 වන විට දැනට විශාල පරිමනයේ ආයතන සමග පෙර එලබි ගිවිසුමකට අනූව මයික්‍රසොෆ්ට් ආයතනයන් ලබන සහය අවසාන වීමත් සමග සිදුවනු ඇති බවයි සටහන් වන්නේ. විශාල පරිමානයේ ආයතන අතර තවමත් සියයට 50කට අධික භාවිතාවක් වින්ඩෝස් එක්ස්.පී ලබමින් සිට්ජ්න අතර එල බෙන වසර තුල එම ආයතන පරිගණක සදහා මෙහෙයුම් පද්ධ්තිය උස්තල ගන්වා ගන්නා ලෙසට මේ වන විටත් දන්වා ඇති බවටයි සටහන් වන්නේ.

වින්ඩෝස් ඇප්ස් 20000 ඉක්මවයි....



වින්ඩෝස් 8 හි අවසන සංස්කරනය නිකුත්ව සති හතරක කාලය ඉක්ම යමින් පවතී. මයික්‍රසොෆ්ට් ආයතනය නැවත නැවතත් පවසමින් සිටි වින්ඩෝස් නැවත නිර්මනය කිරීමේ සංකල්පය මත ප්‍රධාන භූමිකාවක් ඉ‍ටු කරමින් සිටින්න වින්ඩෝස් සමග එන "මොඩර්න් යුසර් ඉන්ටර්ෆේසය" සදහා භාවිතාකල හැකි වන එකම ඇප්ලිකේශනයන් වන්නේ වින්ඩෝස් ස්ටෝර් වෙති ලබා ගන්නා අප්ස් පමනක් වීම තුල බොහෝ විචාරකයින් පවසමින් සිටියේ  දුප්පත් ඇප්ස් ස්ටෝර්වක් සමග වින්8 ඉදිරි ගමන තමන් සැක කරන බවයි.
                                බාහිර ගනනය කරන ආයතනයක් පවසා සිටියේ ආරම්භයේදී ඇප්ස් ස්ටෝව තුල ගනනින් 9000 සංක්‍යාවක් පමනක් වින්ඩෝස්8 සදහා සූදානමින් පවතින බවයි. මෑතකදී නිකුත්වන ඔවුන් ගේ නවතම වාර්ථා පවසන්නේ මේ වන විට මයික්‍රසොෆ්ට් ඇප්ස් ස්ටෝව තුල ඇප්ස් 20610 බාගත කරගැනීමේ හැකියාව සමග පවතින බවයි. එසේම මෙම සංක්‍යාවෙන් සියයට 87 නොමිළේ ලබා ගත හැකි මට්ටමේ  ඒවා බවටයි ඔවුන් පවසන්නේ. එම නොමිළේ භාවිතාකල හැකි මට්ටමේ ඇප්ස් සංක්‍යාව 17958 බවටයි සටහන් වන්නේ. මෙම ගනයන් අනූව සතියකට ඇප්ස් 2500 පමන මයික්‍රසොෆ්ට් ඇප්ස් ස්ටෝර්ව මතට එකතුවෙමින් පවතින බව හෙලි වන අතර මෙම වේගය මත ගනනය කරන විත ඇප්ස් ස්ටෝව තුල සංක්‍යාව 50000 ඉක්මවා යාම 2013 මාර්ති මාසය වන විට සිදුවනු ඇති බවයටි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ.

2012-11-22

ෆයර්ෆොක්ස් නව සංස්කරනයක් නිකුත්වේ.....


මොසිල්ලා ආයතනය තම ෆයර්ෆොක්ස් බ්‍රවුසරයේ නව සංස්කරනය නිකුත්කරනු ලැබුවා. ෆයර්ෆොක්ස් 17 ලෙසට නම් වන මෙම නව සංස්කරනය පෙර හදුනාගෙන තිබූ ආරක්ෂක දුර්වලතා 29 පමන සදහා පිලිසකර කිරීම් සහිත වන බවට පැවසෙන අතර  ඉන් තුනෙන් දෙකක් පමන අතිශය වැදගත් මට්ටමේ ආරක්ශක දුර්වලතා ලෙසට ශ්‍රේනිගතව තිබූ ඒවා ලෙසටයි සටහන් වන්නේ. එසේම ඉදිරියේ පහසුවෙන් සමාජ ජාලා සමග කටයුතුකිරීමේ හැකියාව ලබා දෙමින් බ්‍රවුසරය මතට සමාජජාල සබදතා ගෙන ඒමට අදාල දියුනු කිරීම් මෙම  බ්‍රවුසරය සමග නිකුත් වන බවට ආයතනය පවසන අතර එහි ආරම්භක පියවරක් ලෙසට ෆේස්බුක් සමාජ ජාලාවේ චැට් පහසුව හා යාවත්කාලීනයන් ලබා ගැනිමෙ අපහසුව මෙම සංස්කරනය සමග වන බවටයි ඔවුන් පවසා සිටින්නේ.
                                     එසේම නව ආරක්ශක උපාංගයක් ලෙසට කල් ඉකුත්වූ සංස්කරන වලකාලීමේ හැකියාවක් නව සංස්කරනය සමග වන බවට ආයතනය පවසන අතර ප්ලෑෂ් ප්ලේයර් , ඇඩෝබි රීඩර් , සිල්ව ලයිට් වැනි ප්ලගීන වල නවතම සංස්කරනයන් ස්ථාපනය කර ගැනීමෙ හැකියාව භාවිතාකරන්නන් හට සංක්‍රීයම ලැබෙනු ඇති බවටයි පොරොන්දු පලවන්නේ.

http://www.mozilla.org/en-US/products/download.html?product=firefox-17.0&os=win&lang=en-US

"එය ඔබට පෙර ආදර්ශයක් නොවේ. නිර්මානශීලී ඔබගේ මිනිස් ස්වභාවය ටීටාවේ අනාගත සිහිනයකි."


පලමු වරට ටීටාව නිවසේ බල ප්‍රභවයකින් ශක්තිය ලබා ගැනීම සදහා අවශ්‍ය අවසරය ලබා ගැනීමට අදාල පනිවිඩය නිකුත්කරමින් කල හඬ සමග නව සිසු දිවියේ දෙවන  දිනය ආරම්භ විය.බොහෝ උපකරනයන් තම වැය සදහා අවැසි ශක්තිය ලබා ගැනීමට නිර්මානය කර තිබුනේ අතීතයේදී මෙන් ‍රැහැනක් මගින් බල සැපයුමකට සම්බන්ද කිරීම ඔස්සේ නොවීය. එම උපකරන වල ස්වභාවය අනූව නිවසේ හෝ මහ මග තැනින් තැන පිහිටවා තිබූ බලශක්ති සැපයුම් කෙවිනි වෙත යම් යම් සම්මත දුරවල සිට පෙර අවසරය සමග ශක්තිය ගබඩා කර ගැනීමේ හැකියාව පැවතුනි. බොහෝ විට මුල් අවසරය ලබා දී තිබුනේ නම් උපකරනය විසින් ස්වංක්‍රීයව ශක්ති කෙවිනියක් හදුනා ගෙන තම අවශක්ති ප්‍රමානය තෘප්තිමත් මට්ටම දක්වා නංවා ගැනීමට වැඩ සටහන් ගත කර තිබිනි.
                                             සාර්ථක දිනකට සුබ පතමින් ටීටාව දවසේ කාල සටහන ඉදිරිපත් කෙරිනි. උදෑසන අවදිවීමේ සිට රාත්‍රී දවස අවසානය දක්වා විවිධ කාරනා සදහා පිලිවලින් එම සැකසුම සකස්කර තිබුනේ පෙර දිනයේ මගෙන් ලබා ගත් සාමන්‍ය මාගේ දිනයක කාලසටහනද සැලකිල්ලට ගෙන බව පැහැදිලිව දක්නට ලැබිනි. වැදගත්ම කාරනය වුවේ එය හුදෙක්ම යෝජනාවක් පමනක් වීමය අවැසිනම් එය සංශෝදනය කරමින් වෙනස් කිරීමේ හැකියවා ලබාදී තිබිනි.සෑම හෝරා දෙකකටම වරක් හෝරා භාගයක "ඔබ මිනිසෙකු නිසා" ලෙස දක්වමින් කාලය වෙන් කර තිබිනි. ටීටාව හදුන්වා දෙමින් එහි නිර්මාතෲන් අවධාරනය කර සිටි කාරනා අතර ඉහලින්ම වූ කාරනාවක් වූවේ ටීටාව යනු කාලාන්තරයක් තිස්සේ කල මහත් අත්හදා බැලීම් රාශියකින් අනතුරුව මිනිස් බවට මින් පෙර කවරදාවත් නොවූ තරමේ සමීප හැසිරීම් දක්වන යන්ත්‍රයක් පමනී යන්නය."එය ඔබට පෙර ආදර්ශයක් නොවේ. නිර්මානශීලී ඔබගේ මිනිස් ස්වභාවය ටීටාවේ අනාගත සිහිනයකි."

2012-11-17

සර්ෆේස් යනු ස්ථාවරවීමකට වඩා චලනය වීමේ අවශ්‍යතාවයක් ප්‍රකාශ වීමකි.........



.........මේසයක් මත ප්‍රතාපවත්ව සිටි පරිගණක උපකරන ගතව ගිය කෙටිකාලය තුල සරල සැහැල්ලු දෑතින් රදවාගෙන හැසිරවිය හැකි ජංගම උපකරනයක් බවට පත්ව තිබෙනවා. සංකේතාත්මකව මයික්‍රසොෆ්ට් ආයතනයෙන් නිකුත්වූ දෙමුහුන් ආකාරයේ සර්ෆේස් පරිගනකය දත්ත උපකරන ලේකයේ සංකේතාත්මක සිදුවීමක් කියලා සටහන් වන්නේ ඒ නිසයි.හැබැයි ඉවසීමෙන් හදාරනකොට තේරෙන දෙයක් තමයි සර්ෆේස් උපකරන නියෝජනය කරන්නේ ස්තාවර වීමකට වඩා චලනයවීමේ අවශ්‍යතාවයක් කියලා අපිට තේරුම් යමින් තිබෙනවා. මෘදුකාංග ලෝකයේ සැල කුවොත් විස්ටා වගේ. අසාර්ත උනත් විස්ටා පැවසුවේ එක්ස්.පී වලින් වෙනස් වෙන්න ඔනෑ කියන එක කාටත් සරලව වැටහුනා.විද්වතුන් පවසන්නේ චලනය විය හැකි අන්තදෙකක් පවතින බවයි.එකක් සිරුරේ පලදින ඉතා සරල මුත් ප්‍රබලව ජාලගත ආකාරයට සබදතා පවත්වමින් ලොකු දත්ත සකසන හැකියාවක් හා ගබඩා කිරීමේ හැකියාවක් සහිත උපකරනයක් හෝ තවමත් අප හරියටම නොදන්නා තාක්ශනයක් ඔස්සේ හරි සරලව පැලදිය හැකි මුත් ඉතා ප්‍රබල දත්ත සැකසීමේ හා ගබඩා කිරීමේ හැකියාවක් සහිත උපකරනයක් විය හැකියි කියන එකයි..........
(නන්නාදුනන දේශකයාගේ දේශනයක් ඇසුරිනි)

වින්ඩෝස් භාවිතාව තුල සියයට 3ක් වින්8 අත්පත් කර ගනී...



වින්ඩෝස්8 මයික්‍රසොෆ්ට් නව මෙහෙයුම් පද්ධතිය නිකුත්ව තෙසතියක කාලය ගතවෙමින් පවතින මේ මොහොත වන විට වින්ඩෝස් භාවිතාවන පරිගනක අතර සියයට3ක පමන භාවිතාවක් අත්කරගෙන ඇති බවටයි ඊශ්‍රයාල මෘදුකාංග සමාගමක් කල තොරතුරු ‍රැස්කිරීමකින් හෙලිවෙමින් ඇත්තේ. මෙම ප්‍රතිශතය සමන් විතව ඇත්තේ උස්තල ගැන්වීම් හා වින්8 සමග මිලදී ගත් නව පරිගණක වලින් යන දිත්වයෙන්ම බව ඔවුන් පවසනවා. එසේම මෙම සංක්‍යාවෙන් සියයට 50 ඩෙස්ටොප් පර්ගනක බවත් සියයට 44 ලැප් ටොප් පරිගනක වන බවත් වන අතර සියයට 4.6 ටැබ් උපකරන බවටත් සටහන් වනවා.
                                         මෙම භාවිතාව නිර්මානය වීමේදී වැඩිම සංක්‍යාවක් වාර්ථාවන්නේ හංගේරියාවෙන් වන අතර එය සියයට 8.9 ලෙසට සටහන් වනවා.දෙවන තැනට වැඩිම භාවිතාවක් වාර්ථා කරමින් සිටින්නේ චීනය වන අතර එය සියයට 7 ලෙසට පැවසෙන අතර සියයට 4.6 වාර්ථා කරමින් ඔස්ට්‍රේලියාව තෙවන තැනට පත්ව තිබෙනවා.

2012-11-15

ලොව නෙක විසිතුරු සිත්සේ විදින්නට ගූගල් අර්ත් 7



ලොව නෙක විසිතුරු සිත්සේ විදගන්නට ඔබ කැමති අයෙක් නම් "ගූගල් අර්ත්" හි 7 වනසංස්කරනය සමග එය වඩාත් පහසු කර ඇති බවටයි ගූගල් ආයතනය පවසන්නේ.නව සංස්කරනයත් සමග පැමින ඇති අංග අතර ලොව පුරා ප්‍රකට ස්ථාන 1100 පමන අහස් කෝනයකින් දකින්නට හැකි ‍ටුවර් ගයිඩ් ටූලයත් ත්‍රිමාන ආකාරයේ වැඩි දියුනු කල දර්ශනයන් ඇතුලු අපූරු අත්දැකීමකට නොමිලේ ලබාගත හැකි නව සංස්කරනය සමග එක්වන ලෙසටයි ගූගල් ආයතනය පවසන්නේ.පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් මෙම නව සංස්කරනය ඔබටද ලබා ගන්නට හැකි වනු ඇත.

http://www.google.com/earth/download/ge/agree.html

ස්පර්ශයෙන් තොරව පරිගණකය මෙහෙය වන්නට....



තිර ස්පර්ශයෙන් තොරව චලන රටා ආශ්‍රිතව පරිගනකය වෙත මෙහෙයවීම් ලබාදීමේ ක්‍රමවේදයක් හදුන්වා දී තිබෙනවා. එය මයික්‍රසොෆ්ට් හදුන්වාදුන් කැමරා ආශ්‍රිතව නොව අල්ට්‍රාසවුන්ඩ් සමග ක්‍රියත්මක වන්නක් නිසා ආලෝකයේ තත්වය නොසලකා ක්‍රියාත්මක වන්නක් වන අතර ශක්තිය සැය සියයට 95කින් අවම කරන්නට සමත් බවටයි සටහන් වන්නේ. මෙම වන විටත් මෙම තාක්ශනය ඇසුරින්  වින්ඩෝස් 8 සදහා මෘදුකාංගයක් වෙළදපොල වෙත නිකුත් කොට ඇති අතර මෘදුකාංග සංවර්ධකයින් සදහා සංවර්ධක උපාංගද හදුන්වා දී ඇති බවටයි සටහන් වන්නේ.


 http://www.ellipticlabs.com/?page_id=1075

2012-11-14

ස්කයිප් වෙත සයිබර් ප්‍රහාරයක අනතුරු හැගවේ....



මයික්‍රසොෆ්ට් ආයතනයෙන් නිකුත්වන නවතම නිවේදනයකින් පැවසෙන්නේ රුසියානු අනවසර පිවිසෙන්නන් අතර පැතිරෙමින් ඇති ක්‍රමවේදයක් ඔස්සේ ස්කයිප් ගිනුමක ඊමේල ලිපිනය පමනක් යොදාගෙන එම ගිනුමට පිවිසීමේ හැකියාව හා එම ගිනුමේ අවසර පදය වෙනස්කර අදාල භාවිතාකරන්නාහට එම ගිනුමට ඇතුලුවීම වලකන්නටත් හැකි මට්ටමේ සයිබර් පහර දීමත් තමන් හදුනාගෙන ඇති බවයි. ඒ අනූව මේ වනවිට ස්කයිප් ගිනුම් වල අවසර පද වෙනස් කිරිමේ හැකියාව තාවකාලිකව තමන් නවතා ඇති බවටත් එම ආයතනය නිවේදනය කර සිටිනවා.එසේමුත් තවමත් එම පහරදීම ඔස්සේ ස්කයිප් ගිනුම් වෙත පිවිස එම භාවිතා කරන්නන්ගේ සබදතා හා එම සබදතා  ඔස්සේ සිදුවූ තොරතුරු හුවමාරූන් හදුනා ගැනීමේ හැකියාව තවමත් පවතින බවටයි සටහන් වන්නේ.
                                  මෙම තත්වය පලනය කර ගැනීමට ගත හැකි එක පියවරක් ලෙස හදාරන්නන් පවසන්නේ තම ස්කයිප් ගිනුමට ඇතුලුව දේවන ඊමේල ලිපිනයක් ලබාදෙන ලෙසත් එය සේව් කොට නැවත එඩිට් ඔස්සේ පිවිස එම පසුව දුන ඊමේල ලිපිනය "ප්‍රයිමරි" ඊමේල ලිපිනය ලෙසට වෙනස්කර ගන්නා ලෙසත් , අනතුරුව සේව් කරගැනීමේදී අවසර පදය ලබාදෙන  ලෙසත් හා පසුව නැවත පිවිස මුල් ඊමේල ලිපිනය ස්කයිප් ගිනුමෙන් ඉවත්කර ගන්නා ලෙසත්ය.

වින්7 සදහාද ie10 හි පෙරසංස්කරනයක් නිකුත්වේ...

 
වින්ඩෝස්7 භාවිතාකරන්නන් සදහාද ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 හි පෙර සංස්කරනයක් මේවන විට නිකුත්ව ඇති බවටයි සටහන් වන්නේ. ආයතනය පවසන්නේ වින්ඩෝස් 8 සමග ක්‍රියාත්මක ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සංස්කරනය සතු ගුනාංග බොහොමයක් මෙම සංස්කරනයද සතුවන බවයි. පසුගිය කාලයේ වින්8 හි ඉන්ටර්නෙට් එක්ස්ප්ල්රා බ්‍රවුසරය පිලිබද විවාදයන් ඇතිකල අංගයක් වූ "Do Not Track" උපාංගය මෙම මව පෙර සංස්කරනය සමගද වන බවයි. භාවිතාකරන්නන්ගේ පෞද්ගලික  වෙබ් හැසිරීම් තොරතුරු වෙනත් පාර්ශවයන් හට අත්පත් කරගන්නට නොහැකි කීරීමේ මෘදු උපාංගයක් ලෙසට ගැනෙන මෙම පියවර භාවිතාකරන්නන්ගේ ප්‍රසාදයට හේතුවනු ඇති බවටයි ආයතනය බලාපොරොත්තු පල කරන්නේ. එලෙසම  HTML5 මූලික ගුනාංග මෙම නව සංස්කරනය සමගද වන බවටයි සටහන් වන්නේ.
http://windows.microsoft.com/en-US/internet-explorer/ie-10-release-preview

2012-11-10

අඩෝබි රීඩර් එක්ස් මත දුර්වලතවයක් හදුනා ගැනේ..

රුසියානු ආයතනයකින් පැවසෙන්නේ තම ඇඩෝබි පීඩීඑෆ් කියවනයට සම්බන්දව ක්‍රියාත්මක වන සෑන්ඩ්බොක්ස් හි පෙර සැකසුම් දුර්වලතවයක් සොයාගෙන ඇති බවකි. දැනට දෑ වසරක් තිස්සේ ඇඩෝබි හි එක්ස් කියවනය සමග ක්‍රියාත්මක වන මෙම තාක්ශන උපාංගය පීඩීඑෆ් කියවන යන් සදහා නිරන්තරයෙන් එල්ලවන තර්ජනයන්හට සැහෙන මට්ටමේ සාර්තක විසදුමක් වෙමිත් තිබූ බවටයි පිලිගැනෙන්නේ. අඩෝබි ආයතනයෙන් පැවසෙන්නේ මෙම දුර්වලතාවය ප්‍රධාන මට්ටමේ හානියක් ගෙන එන්නට සමත් නොවනු ඇති බවට තමන් විස්වාස කරන බවය.

මයික්‍රසොෆ්ට් පාරිභෝගික මධ්‍යස්තාන 30 මේ වන විට ලොව පුරා ඇත..


මයික්‍රසොෆ්ට් ආයතනය තම ප්‍රතම පාරිභෝගික මධ්‍යස්තානය  විවෘත කරනු ලැබුවේ 2009 දීය. පසුගියදා ඔවුන් තම 30 වන ස්ථීර පාරිභෝගික මධ්‍යස්තානය ඇමරිකානු නගරයකදී විවෘත කරන ලද අතර එම ආයතනයේ විධායකයෙකු පවසා සිටියේ මේ වන විත තමපාරිභෝගික මධ්‍යස්තාන කරා ගනුදෙනු කරුවන් මිලියන 15කට වඩා පැමින ඇති බවයි. පසුගිය 26 දින තම වින්ඩෝස්8 නිකුතුවත් සමග තාවකලික පාරිභෝගික මධ්‍යස්ථාන 34ක්ද විවෘතකරන ලද අතර ආයතනය පවසන්නේ මෙලෙස කෙලින්ම තම පාරිභෝගිකයන් සමග කටයුතු කිරීම තුල ඔවුනගේ අවශ්‍යතාවයන් පිලිබද පැහැදිලි අවබෝදයක් ලබා ගන්නට තමන්ට වඩාත් පහසුව ඇති බවයි. ආයතන පවසන්නේ වින්8 සමග ලත් අත්දැකීම් අනූව ඉදිරියේදී තම නිශ්පාදන කෙලින්ම පාරිභෝගිකයන් වෙත ලබාදීම කෙරෙහි වැඩි කැමැත්තක් ඇති වෙමින් තිබෙන බවයි. එලබෙන සතියේ තවත් පාරිභොගික මධ්‍යස්තානයක් ටොරන්ටෝ වල විවෘත වීමට නියමිත අතර 2013 වසරේදී නව මධ්‍යස්ථාන 44 ලොව පුරා විවෘත වීමට නියමිත බවයි.

යාහු වෙතිනුත් වින්8 හ වඩාත් ගැලපෙන මුල් පි‍ටුවක් ලගදීම....

 

යාහු දෙසින් පලවන නිවේදනයකට අනූව පැවසෙන්නේ ඔවුන්ද වින්ඩෝස්8 සදහා වඩාත් ගැලපෙන ආකාරයේ යාහු මුල් පි‍ටුවක් සකස්කිරීම මේ වන විට සිදුවෙමින් පවතින බවයි. වින්8 හි ස්වභාවය වන ඍජුකෝනාශ්‍ර හා හත‍රැස් ගතියෙන් යුතු ටයිල්මය ස්භාවය තම යහූ මුල් පි‍ටුව කරා ගෙන එන්නට සමත් වන ආකාරයෙන් නව යාහු පි‍ටුව නිර්මානය කරන්නට ඔවුන් කටයුතු කරමින් සිටින බවටයි වාර්ථා පවසන්නේ. යාහු සතුව ස්පර්ශ මූලික මිත්‍ර ආකාරයේ මුල් පි‍ටුවක් ඇති මුත් එය තවමත් ඇපල් උපකර සදහා පමනක් වෙන්ම ඇති මුත් මෙම නව වෙනස්කම් සමග එය සාමන්‍ය භාවිතයට පැමිනෙනු ඇති බවටයි සටහන් වන්නේ. දැනට මත යාහු හා මයික්‍රසොෆ්ට් අතර සෙයුම් යාන්ත්‍රනය සදහා සහයෝගයෙන් කටයුතු කරමින් සිටිනවා.

2012-11-09

වින්8 හානිකර මෘදුකාංග වලට එරෙහි ප්‍රතිශක්තිය සාර්තක මට්ටමක.......



වින්ඩෝස්8 පිලිබදව මයික්‍රසොෆ්ට් ආයතනය බොහෝ දෑ පොරොන්දු විය. ඒ අතර මෙතෙක් මෙහෙයුම් පද්ධතියක් සමග අත් නොවිදි ආකාරයේ ආරක්ශාවක් ගැන ඔවුන් පොරොන්දු පලකලේය. මුල් පද්ධතියටම සම්බන්දව ආරක්ශක මෘදුකාංගයක්ද භාවිතාකරන්නා වෙත එවන්නට කටයුහු කරන ලදී.
                                     බිට් ඩිෆෙන්ඩර් යනු ආරක්ශක මෘදුකාංහ සමාගම් අතර ප්‍රධානතම ආයතනයක් ලෙසට සැලකෙන අතර පසුගියදා ඔවුන් වින්8 හි හානිකර මෘදුකාංග වෙත ඇති ප්‍රතිශක්තිය  විමසන ආකාරයේ අත් හදා බැලීමක යෙදෙන ලදී. ඔවුන් විසින් මේ දින වල මෘදුකාංහ පහර දෙන්නන් බහුලව භාවිතාකරන හානිකර මෘදුකාංග 385 වින්8ට එරෙහිව යොදවන  ලද අතර ඉන් මෘදුකාංග 61 පමන මෙහෙයුම් පද්ධතියට ආසාධනය වන ලද බවටයි පවසා සිටින්නේ. ඔවුන් පැවසුවේ වින්8 සමග එක වින්ඩෝස් ඩිෆෙන්ඩර් මෘදුකාංගය හානිකරයන්ගෙන් සියයට 85 පමන වලකන්නට සමත්වූ බවයි. වින්7 සමග මෙම අත්හදා බැලීමේදී එම ප්‍රථිශතය සියයට 61 ලෙසට සටහන් වීම පිලිබදව එම ආයතනය පවසන්නේ වින්7 සමග වින්8 සමගවන දියුනු කරනලද වින්ඩෝස් ඩිෆෙන්ඩර් සංස්කරනයක් නොමැතිවීම එයට හේතුවක් විය හැකි බවයි.

ස්කයිප් සේවාව වඩාත් පුලුල් වේ..


මයික්‍රසොෆ්ට් ආයතනය තම ස්කයිප් සේවාව කුඩා ව්‍යාපාර හා සංවිධාන සදහාද සහය විය හැකි ආකාරයේ පහසුකම් සහිතව වඩාත් පුලුල් සේවාවක් ලගා ගත හැකි ආකාරයට පුලුල් කොට තිබෙනවා.ආයතනය පවසන්නේපුරා මාස හයක කාලයක් වෙළද ආයතන 500 සමග බීටා මට්ටමේ කල අත්හදා බැලීම් වලින් අනතුරුව අද සිට එම සේවාව මුදාහැර ඇති බවයි. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔබට වැඩිදුර විස්තර ලබා ගත හැකි වනු ඇත.

https://workspace.skype.com/

වින්8 සදහා වන ප්‍රථම පිලිසකර යාවත්කාලීනයන් එලබෙන 13දා නිකුත්වේ....



මේ මාසය සදහා වන සුපුරුදු මයික්‍රසොෆ්ට් යාවත්කාලීන ගොනුව සමග ප්‍රථම වින්ඩෝස් 8 සදහා වන යාවත්කාලීනයන් තුනක් නිකුත්වනු ඇති බවටයි සටහන් වන්නේ. හදුනා ගෙන ඇති දුර්වලතා 19 ඉලක්ක කර ගනිමින් යාවත්කාලීනයන් 6කින් යුත් ගොනුවක් නිකුත්වීමට නියමිත අතර එයින් යාවත්කාලීනයන් 3ක් වින්ඩෝස්8 සදහා වනු ඇති බවටයි සටහන් වන්නේ. වින්ඩෝස් සර්ෆේස්  සංස්කරනය සදහා යාවත්කාලීනයන් දෙකක් හා වින්ඩෝස් 8 සංස්කරනය සදහා යාවත්කාලීන එකක් ලෙස මෙම වින්8 සදහාවන සංස්කරන සමන්විත වන බවටයි සටහන් වන්නේ.සාමන්‍යයෙන් මෙම යාවත්කාලීනයන් පිලිබදව වැඩි දුර තොරතුරු එම යාවත්කාලීනයන් නිකුත්වන දින තෙක් ආයතනයෙන් නිකුත් නොකරන අතර මෘදුකාංග පහර දෙන්නන් හට එම තොරතුරු පත්වීමේ අනතුර එයට හේතුවිය හැකි බවටයි සාමන්‍ය පිලි ගැනීම වන්නේ. පසු ගිය දිනවල ප්‍රංශ ආරක්ශක මෘදුකාංග ආයතනයක් ප්‍රකාශ කර සිටියේ තමන් වින්ඩෝස්8 වල දුර්වලතවයක් හදුනා ගෙන ඇති බවයි.

වින්8 සමග එන HP පරිගණක පහත්තල ගන්වන්න එපා -HP-

HP ආයතනය තම පාරිභෝගිකයින් වෙත කරන නිවේදනයකින් පැවසෙන්නේ තම  නව පරිගණක වින්ඩෝස් 7 වෙත පහත් තල ගැන්වීම නොකරන ලෙසයි. ඔවුන් පවසන්නේ ඔක්තෝබර 26න් පසුව ආයතනයෙන් නිකුත්වූ සාමාන්‍ය පාරිභෝගික වින්ඩෝස්8 පරිගණක වින්ඩෝස්7 සමග සහයෝගයෙන් ක්‍රියාත්මක නොවන බවයි. එසේම වින්7 සදහා ඩ්‍රයිවර්ස් හා ඇප්ලිකේශනයන් හා වින්7 මෘදු උපාංගයන් මෙම නව දෘඩාංග තලය සමග ගැටලිකාරී විය හැකි බවටයි පැවසෙන්නේ. වින්8 සමග ක්‍රියාත්මක බයෝස් මට්ටමේ ආරක්ශක මෘදු උපාංග ක්‍රියාත්මක ක්‍රීම වැනි සංකීර්න සාමන්‍ය භාවිතාකරන්නෙකු මිත්‍ර නොවන ක්‍රියාකාරකම් වෙනස් කිරීම් වැනි කටයුතු මෙසේ පහත් තල ගැන්වීමේදී අවශ්‍ය වන බවටයි ආයතනය පවසන්නේ.

2012-11-08

මයික්‍රසොෆ්ට් ආයතනය හා 2013 වසර...


ආසන්නව සලකන විට දේවසරක නිහැඩියාවකින් පසුව මයික්‍රසොෆ්ට් ආයතනය වින්ඩෝස්8 සමග යලි දත්ත ලෝකයේ කථා බහට ලක්වෙමින් තිබේ. විචාරකයින් පවසමින් සිටින්නේ මයික්‍රසොෆ්ට් ආයතනය පරිගණක දෘඩාංග වෙළද පොලට සර්ෆේස් පරිගණකය සමග කල පිවිසුම යම් සාර්ථකත්වයක් පෙන්වන්නට නම්  2013 තෙක් සිටින්නට වනු ඇති බවකි.
                                     මයික්‍රසොෆ්ට් ආයතනය දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ තම සර්ෆේස් උපකරනයේ වින්ඩෝස් 8 ප්‍රෝ සංස්කරනය නිකුත්වන්නට වින්ඩෝස් ආර්.ටී නිකුත්ව දින 90ක් පමන ගත වනු ඇති බවකි. එය බොහෝ විට එලබෙන වසරේ ජනවාරියේ පමන සිදුවීමට ඉඩ ඇත.වින්ඩෝස් ආර්.ටී මෙන් නොව ප්‍රෝ සර්ෆේස් උපකරනය මයික්‍රසොෆ්ට් ආයතනයේ  මීලග ප්‍රධාන ඉලක්කය වනු ඇති බවටයි විචාරනය වෙමින් තිබෙන්නේ.
                                                                   ඔෆ්‍ෆිස් 2013 මෘදුකාංගය එලබෙන වසරේ මයික්‍රසොෆ්ට් ආයතනයේ ප්‍රධාන තම මෘදුකාංග ඉදිරිපත් වීම වනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ. වින්7 හා වින්8 සදහාවන එම මෘදුකාංගයේ අවසන් සංස්කරනයන් එලබෙන ජනවාරියේ නිකුත් වනු ඇති බවටත් ඇන්ඩ්‍රොයිඩ් සදහා වන සංස්කරනයක් එම වසරේ මැද භාගයේ නිකුත්වනු ඇති බවටත් මේ වන විට අනුමානයන් පලවෙමින් තිබෙනවා. ඔන්ලයිව් වැනි ආයතන ක්ලවුඩ් ආකාරයට ඔෆ්‍ෆිස් මෘදුකාංගය භාවිතාකිරීමේ හැකියාව ඇන්ඩ්‍රොයිඩ් වැනි ජංගම උපරන භාවිතාකරන්නන් හට ලාබාදුන්නාට වඩා වැඩි ප්‍රථිචාරයක් මෙලෙස එම උපකරනයටම ඔෆ්‍ෆිස් මෘදුකාංගය ස්ථාපනයට අවස්තාව ලැබීම භාවිතාකරන්නන් වැඩි කැමැත්තක් දක්වනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් තිබෙන්නේ.
                           එලබෙන වසර ගැන ඇති තවත් බලාපොරොත්තුවක් ලෙසට සර්ෆේස් දුරකථනයක් ගැන කතා බහක් මේ වන විට මතුපිටට පැමිනෙමින් තිබෙනවා. මේ වන විටත් මයික්‍රසොෆ්ට් ආයතනය තමන්ගේම දුරකතනයක් අත්හදා බලමින් සිටින බව බොහෝ දෙනාගේ විස්වාසයයි. බොහෝ විට 2013 මැද භාගය වනවිට හෝ අවසාන භාගය වන විට ස්මාර්ට් මට්ටමේ සර්ෆේස් දුරකතනයක් නිකුත්වනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ.

පෘතුවිය මතින් ගලා ගෙන යන දත්ත උපකරන කථාන්දරයේ නව පරිච්චේදයක් විවෘතවීමක්


............වින්ඩෝස් 8 ‍රැගෙන ආවේ කුමක්ද? සරලව කියන්නට පුලුවන් දේ තමයි ඔබගේ දත්ත උපකරනයේ මුහුනත මතට නොනවතින අන්තර්ජාල සබදතාවය. අපි දන්න්වා වින්ඩෝස් 7 වලදී පවා අන්තර්ජාලය මෙහෙයුම් පද්ධතිය මත තිබුනේ තොරාගැනීමට අවස්ථාවක් ලෙසට මිස ස්වභාවයෙන් නොවන බව.නමුත් වින්ඩෝස්8 සමග තත්වය වෙනස් වෙනවා.මෙට්‍රෝ මුහුනත මත විසිරිලා තිබෙන බොහොමයක් ටයිලයන් සජීවී අන්තර්ජාල සබදතා ඔස්සේ ක්‍රියාත්මක වෙමින් නිරන්තරයෙන් යාවත්කාලීන වෙමින් ඔබවෙත වඩාත් අලුත්ම තොරතුරු ‍රැගෙන එන්නට සූදානමින් සිටින ඒවායි. යම් මෘදුකාංගයක් සමග නිර්මාණශීලී කටයුතු වලදී හැරෙන්නට සාමාන්‍ය භාවිතා කරන්නෙකුගේ භූමිකාව මතට අන්තර්ජාල සබදතාවය ලොග් ස්ක්‍රීනයට පිවිසෙන විටම ක්‍රියාත්මක වී අහවර බව හගවමින් ඊමේල තොරතුරු ඇතුලු බොහෝ දෑ ගෙනෙන්නට සූදානමින් සිටීමම ඒ බව සනාත කරනවා. එක් අතකින් ඒක මහත්සේ අමුතු කාරනාවක් නොවෙයි. මීට පෙර යුගයේ විචාරකයින් පැවසුවේ ඔබේ පරිගණකය මතට අන්තර්ජාලය නැතිවීම් ඔබේ පරිගණකය කැඩුනු එකක් බවට පත්කිරීමක් වාගෙයි කියලා නමුත් එලබෙමින් ඇති යුගයේදී පවසන්නට වෙන්නේ අන්තර්ජාල සබදතාවය නැතිවීම එම උපකරනය තවදුරටත් පරිගණකයක් බවට පත්වේවිද යන්නයි. ඇත්තටම වින්8 කියන වෙළදනාමයක් හැටියට නොවෙයි අපි සලකන්නේ.ප්‍රධාන දත්ත උපකරන මෙහෙයුම් පද්ධති වලට මීලග යුගයට පිවිසෙන්නට දුන් ආරම්භයක් ලෙස පමනයි. අනිත් අතින් අප සලකන්නේ නැහැ  ඒක මයික්‍රසොෆ්ට් සමාගමේ හුදකලාව කල වික්‍රමයක් කියලා. අපි ඒක සලකන්නේ පෘතුවිය මතින් ගලා ගෙන යන දත්ත උපකරන කථාන්දරයේ නව පරිච්චේදයක් විවෘතවීමක් කියලා පමනයි.මයික්‍රසොෆ්ට් ගූගල් ඇපල් කියන්නේ ඒ කථාදරය හැදෑරීම ප්‍රමුක කරගත් අපිට කුඩා සංකේත නාම පමනයි.......

නන්නාදුනන දේශකයාගේ දේශනයක් ඇසුරිනි
 

වින්8 මෙට්‍රෝ මුහුනත XP, VISTA , WIN7 ඩෙස්ටොප් වෙතට කැදවන්නට සහය මෘදුකාංගයක්.....



වින්ඩෝස් මෙට්‍රෝ මුහුනත වඩාත් ආකර්ශනීය වන්නේ එහි වන ටයිල් ආකාරයේ ඇප්ලිකේශන් සබදතා පෙර සාම්ප්‍රධායික ඩෙස්ටොප් අයිකනයන් මෙන් නොව සජීවී දත්ත තොරතුරු ‍රැගෙන එමින්  එම ඇප්ලිකේෂනය තුලට නොපිවසී වුවද මූලික තොරතුරු ලබා ගැනීමේ හැකියාව භාවිතාකරන්නාට ලබා  දීමයි. උදාහරනයක් ලේ කාලගුනය පිලිබද මූලික තොරතුරු එම ටයිලය මත සංෂිප්තව දැක්වෙන අතර පැමින ඇති ඊමේල පිලිබද තොරතුරු ඊමේල සබදතා ටයිලය මත දැක්වීම සදහන් කල හැක.
                        මෙම මෘදුකාංගය සමග ඔබට වින්8 මෙට්‍රො මුහුනත ඔබගේ XP, VISTA , WIN7   මෙහෙයුම් පද්ධති වල ඩෙස්ටොප් මතට කැදවිය හැකි වන අතර මේ හා සමාන්තර බොහෝ මෘදුකාංග සමග සැසදීමේදී මෙම මෘදුකාංගය වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක වන බවටයි එහි නිර්මාන කරුවන් පොරොන්දුවෙමින් සිටින්නේ.

http://download.iobit.com/winmetro-setup.exe

වින්8 නිකුතු සැමරුමට බිල් ගේඩ් මහතාද නිල නොවන ලෙස සහභාගී වෙලා....



පසුගියදා මයික්‍රසොෆ්ට් ආයතනය තම මීලග මෙහෙයුම් පද්ධතිය මුදා හැරීම වෙනු වෙන් පැවති උත්සවමාලාවේ නිව්යෝක්  ටයිම් ස්ක්වාර් හි පැවති උත්සවයට මයික්‍රසොෆ්ති ප්‍රධානී බිල් ගේට් මහතා සහභාගි වන බවක් නිල වශයෙන් දැනුම්දී නොතිබුනද පසුගිදා මයික්‍රසොෆ්ට් ආයතනය විසින් නිකුත්කල වීඩියෝ පටයක බිල් ගේට් මහතාගේ සහභාගීත්වය සංෂිප්තව දැක්වී තිබින.
                            වින්ඩෝස් 8 නිලනිකුතු සැමරුම් මාලාවේ දෙවන දිනයේදී එනම් 26 වනදින සිදුවන්නට ඇතැයි සැලකෙන මෙම සහභාගීතවය සමග එම මහතා එම සැමරුමට සහභාගී වෙමින් සිටින පිරිස් අතරට විත් ඔවුන් සමග කථා බහක යොදෙනයුරු එම වීඩීයෝ වල සදහන්ව තිබුනු අතර ඉහත දැක්වෙන්නේ එම වීඩියෝවන්ගෙන් උපුටා ගන්නා ලද ඡායාරූපයකි.

ප්ලේෂ් වින්8 නෝක්කඩුව අහවර වෙයි



ඇඩෝබි ප්ලෂ් ප්ලේයරය හා වින්ඩෝස්8 මෙහෙයුම්පද්ධතිය අතර සම්බන්දය අපහැදිලි බවක් මුල්යුගයේ දක්නට ලැබුනු මුත් මේ වන විට තත්වය සමනය වෙමින් පවතින බවටයි සටහන් වන්නේ, පෙර සංස්කරන භවිතයේදී වරක් මයික්‍රසොෆ්ට් ආයතනය සමග නියමිත පරිදි යාවත්කාලීනයන් නිකුත්කරන්නට ඇඩෝබි ආයතනය කටයුතු කලමුත් මීලග සුපුරුදු මයික්‍රසොෆ්ට් යාවත්කාලීන ගොනුව සමග ප්ලෑෂ් යාවත්කාලීනයන් නිකුත්වීමට සූදානම් බවටයි පැවසෙන්නේ. ඇඩෝබි ආයතනයේ ප්‍රකාශකයෙකු පවසා තිබුනේ මයික්‍රසොෆ්ට් සමග මේ වනවිට තමන් පැහැදිලි එකගතාවයක් පවතින බව වන අතර එලබෙන 13 වෙනිදාට නියමිත සුපුරුදු මයික්‍රසොෆ්ට් යාවත්කාලින ගොනුව සමග ඇඩෝබි ප්ලෑෂ් ප්ලේයරයට අදාල යාවත්කාලීනයන්ද නිකුත්වීමට සුදානම් බවයි.

වෙබ් පිරික්සුමේදී ඇන්ඩ්‍රොයිඩ් ඉක්මවා වින්8 ඉදිරියට..


වින්ඩෝස් 8 නිකුත්වූවේ මීට දෙසතියකට පමන පෙරය. එනම් පසුගිය මස 26 නිකුත්වූ මෙම මෙහෙයුම් පද්ධතිය  මේ වනවිට සයිබර් අවකාශයේ භාවිතය අතින් සලකන විට ඇන්ඩ්‍රොයිඩ් භාවිතය ඉක්මවා ඇති බවටයි හදාරන්නන් පවසන්නේ. නිකුත්ව දින කිහිපයකට පසුව මයික්‍රසොෆ්ට් ආයතනය ප්‍රකාශකොට සිටියේ තම නව මෙහෙයුම් පද්ධතිය සදහා මිලියන 4 මිලදී ගැනීම් වාර්ථාව ඇති බව මුත් මේ වන විට අලවිය සීග්‍රයෙන් ඉහල යමින් පවතින බවටයි සටහන් වන්නේ.

2012-11-06

ඇන්ඩ්‍රොයිඩ් පස්වන වසරට එලබේ...



ලොව භාවිතාවන ස්මාර්ට් මට්ටමේ දුරකථන වලින් සියයට 75ක් තුල ක්‍රියාත්මක වන්නේ ඇන්ඩ්‍රොයිඩ් බවටයි පිලිගැනෙන්නේ. ලිනක්ස්  පදනම්ව නිර්මානය වී ඇති මෙම මොබයිල් මෙහෙයුම් පද්ධතිය සහිත උපකරන මේ වන විට ලොව පුරා මිලියන 136ක් භාවිතාවෙමින් තිබෙන බවටයි සටහන් වන්නේ.හදාරන්නන්ට අනූව ඇපල් හි ..... මෘදුකාංගය යම්දුරකට හෝ ඇන්ඩ්‍රොයිඩ් සමග අසලින් සිටින අතර මයික්‍රසොෆ්ට් දුරකථනය ඊලගට සටහන් වන මෙහෙයුම් පද්ධ්තිය ලෙසට හැදින් වෙනවා.එහි දේවන සංවත්සරය සැපිරෙන විට ලොව පුරා උපකරන මිලියන 3.6 පැතිර ඇති බවටයිසටහන් පවසන්නේ. පසුගිය මාසයේ ඇන්ඩ්‍රොයිඩ් හි 4.2 සංස්කරනය නිකුත්වූ අතර එය ජෙලි බීන් ලෙසින් නම්කොට තිබෙනවා.

2012-11-05

මෘදුකාංග හා දෘඩාංග එකිනෙකා මත බලපාමින් ඉදිරියට යයි



........තොරතුරු ලෝකයේ  වැදගත්ම සාධකය වන්නේ මෙහෙයුම් පද්ධති යන්න එක් කොටසකගේ තීර්නයයි. ඔවුන් පවසන්නේ  දෘඩාංග අවැදගත්ම නොව දෘඩාංග ගොඩ නගන දත්ත අවකාශය ක්‍රියාත්මක කරන්නේ හා බොහෝ ගොඩ නැගීම් වඩාත් වර්නවත් කරන්නේ අවකාශය වඩාත් නම්‍යව පුලුල් කරන්නේ මෘදුකාංග විසින් බවයි.
                                 වින්ඩෝස් යනු පරිගණක ලෝකයේ ප්‍රධාන තම වෙළදනාමයක් බව සැබවි. එහෙත් එය ගෙනෙන නැබුරුතා නිර්මානය කරන සංස්කෘතිය එම වෙළද අයිතිය ඉක්මවා යමින් අපව පාලනය කරයි.මයික්‍රසොෆ්ට් ආයතනය තම නවීනතම මෙහෙයුම් පද්ධතිය හදුන්වා දෙන හමුවේදී එහි විධායකයෙකු පැවසුවේ මෘදුකාංග හා දෘඩාංග එකිනෙකා මත ක්‍රියාත්මක වෙමින් ඉදිරියට තල්ලු කරවන බවකි.තම  නව භාවිත අවකාශයට  ලැප්ටොප් හා ටැබ්ලට් උපකරන දෙයාකාරයේ මුසුවක් සර්පේස් නමින් ඉදිරිපත් කරමින් වින්8 සමග ආයතනය ස්පර්ශ කරන්නට බලාපොරොත්තු වන ඉඩකඩ පුලුල් කරගනු ලැබුවේ ඒ නිසා විය යුතුය......

වින්ඩොස්8 පිලිබදව ලියවෙන ලිපි පෙලෙහි පලමුවන ලිපිය



මයික්‍රසොෆ්ට් ආයතනය වින්ඩෝස්7 නිකුත්කොට වසර 3කට පසුව තම සාම්රධායික මොහොයුම් පද්ධති රටාව වෙනස් මගකට ගෙනෙමින් වින්ඩෝස්8 මෙහෙයුම් පද්ධ්තිය මේ වන විට නිකුත්කොට තිබෙනවා. වින්ඩෝස් 7 යනු විස්ටාහි වර්ධනාත්මක දියුනු කිරීමක් ලෙසට සැලකෙන මුත් වින්ඩෝස්8 හැදින් වෙන්නේ මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති සම්ප්‍රධාය නැවත නිර්මානය කිරීමක් ලෙසටයි.මයික්‍රසොෆ්ට් පෙර සියලු සංස්කරන අතරවූ වෙනස වූවේ පෙර සංස්කරනයට වඩා වැඩි පහසු ආරක්ශිත බවින් වැඩි සංස්කරනයක් ඉදිරිපත්කිරීමක් වූවද වින්ඩෝස්8 සමග සිදුවන්නේ ජංගම ගතියෙන් වැඩි උපාංගයක් වන ටැබ්ලට් උපකරනට වඩාත් මිත්‍ර ස්පර්ශක තිර ප්‍රමුක සරල භාවිතයට වඩාත් ගැලපෙන මෘදුකාංගයක් ඉදිරිපත්කිරීම බවටයි සටහන් වන්නේ. ඒ.ආර්.එම් නොහොත් අඩු බල සැපයුමක් යටතේ  ක්‍රියා කරන   ස්මාර්ට්  මට්ටමේ දුරකථන වල භාවිතාවන ප්‍රොසෙසර සමග උවත් පහසුවෙන් ක්‍රියා කල හැකි  මෙම නව මෙහෙයුම් පද්ධ්තිය සුපුරුදු සාම්ප්‍රධායික ඩෙස්ටොප් පරිගණක සමග උවත් හොදින් ක්‍රියාත්මක වන සේ සැකසී තිබෙනවා.
                        ප්‍රධාන ලෙස සංස්කරන තුනකින් වින්ඩෝස්8 සමන්විත වෙනවා. ඒවා නම් වින්ඩෝස්8 , වින්ඩෝස්8 ප්‍රෝ , වින්ඩෝස් RT ලෙසටයි කියවෙන්නේ.මෙම පලමු සංස්කරන දෙක වෙළද්පොලෙන් මිලදී ගත හැකි අතර තෙවන සංස්කරනය දැනට නිකුත්වෙන්නේ ටැබ්ලට් වැනි උපකරන සමග පෙර ස්ථාපිත මෙහෙයුම් පද්ධ්තියක් ලෙසට පමනයි. වින්ඩෝස් එන්ටර්ප්‍රිසස් සංස්කරනය විශාල මට්ටමේ ආයතන සදහා ලබා ගත හැකි අතර වින්ඩෝස්8 , වින්ඩෝස්8 ප්‍රෝ , වින්ඩෝස් 8 එන්ටර්ප්‍රිස් සංස්කරනයන් 32 හා 64 බිට් සංස්කරන ලෙස ලබා ගත හැකිව තිබෙනවා.
                                             වින්ඩෝස් 8 භාවිතය සදහා එම උපකරනයේ තිබිය යුතු අවම පහසුකම් නම් ගිගා හර්ට්ස් එකකට වඩා වැඩි ප්‍රොසෙසරයක් , ගිගා බයිට් එකකට වඩා වැඩි ‍රැම් කාර්ඩ් පතක් , ගිගා බටිට 16 කට වඩා වැඩි හාර්ඩ් ඩිස්ක් ඉඩකඩක් ලෙසට හැදින් වෙන අතර ඩිරෙක්ට් එක්ස් 9 ක ග්‍ර‍ෆික් පහසු කමක් බලාපොරොත්තු වන බවටයි සටහන් වන්නේ.

ප්ලෑෂ් , ජාවා , ක්වික් ටයිම් වැඩිම ඉලක්ක.......


ලොව ප්‍රකටතම ආරක්ශක මෘදුකාංග සමාගම මෑතකදී නිකුත්කල වාර්ථාවකට අනූව පැවසෙන්නේ  වැඩිම අනාරක්ශිත මෘදුකාංග පෙල ගැස්මේ පලමු ස්ථාන 10 තුලම මයික්‍රසොෆ්ට් මෘදුකාංග තව දුරටත් නොවන බවයි. ඔවුන් පවසන්නේ මයික්‍රසොෆ්ට් ආයතනය තම නිශ්පාදන වල තත්වය ඉහල නංවා ඇතුවා සේම ක්‍රමාන කූලව යාවත්කාලිනයන් නිකුත්කරමින් හොදින් පවතවාගෙන යාම මෙම තත්වයට හේතුවක් වන බවයි.
                                     එම සටහනේ ඇඩෝබී මෘදු නිශ්පාදන අතර වන ප්ලෑෂ් ප්ලේයරයත් , පී.ඩී.එෆ් රීඩරයත්   පලමු ස්ථාන පහ අතරට පැමින ඇති අතර ජාවා , ක්වික් ටයිම් ප්ලේයරය , අයි ටියුන් ප්ලේයරයද  පලමු ස්ථාන 10 අතර දක්නට ලැබෙනවා.

වින්ඩෝස් 8 ඉබි ගමනින් ඉදිරියට.....



ආයතනික මට්ටමෙන් සලකන විටදී තවමත් වින්ඩෝස්8 වෙත දක්වන ප්‍රථිචාරය එතරම් යහපත් නොවන බවටයි සටහන් වන්නේ. තොරතුරු තාක්ශන මට්ටමේ සේවකයින් 1200 ඇසුරින් කල  මත විමසුමකදී හෙලිවන කරුනු වලට අනූව ඔනගෙන් 23.8% පවසන්නේ තම ආයතනයේ පරිගණක පද්ධතීන් වින්8 කරා උස්තල ගැන්වීමකට කිසිදු බලාපොරොත්තුවන් නොවන බවයි. 49.9%කගේ අදහස වන්නේ තවමත් තම ආයතනයන් වින්8 කරා උස්තල ගැන්වීමකට සැලසුම් කර නොමැති බව වන අතර 10.7%කගේ අදහස වන්නේ ඉදිරි මාස 12 තුල උස්තල ගැන්වීමක් සදහා මේ වන විටත් සැලසුම්ව ඇති බවයි. මෙම පිරිස අතරින් 4.6% වින්8 සි පලමු සර්විස් පැකය නිකුත්වනතෙක් බලා සිටින බවට පැවසෙන අතර 11%  උස්තල්ගැන්වීමට බලාපොරොත්තු වන මුත් නිශ්චිත කාල පරාසයක් ගැන අදහසක් නැති බවට පවසන බවටයි සටහන් වන්නේ. එම පිරිස අතරින් 41% පවසන්නේ ස්පර්ශ මූලික ප්‍රධාන මුහුනත වින්8 කෙරෙහි තම ආයතනවල අඩු අවධානයට මූලික හේතුව බවටයි පවසා සිටින්නේ.

2012-11-04

2012-11-03

විඩෝස් 8 ඔබට මහත් නම්‍යතාවයක් ‍රැගෙන එනවා...



............... අපිට පුලුවන් වින්ඩෝස් 8 ගෙනෙන වෙනස තවත් විදිහකට මෙහෙම අර්ථ දක්වන්න. ඒක දෘඩ දත්ත භාවිත ජීවිතයක සිට මහත් නම්‍ය දත්ත ජීවිතයකට කරන ගමන් කිරීමක් කියලා. අපි මෙහෙම හිතමු, ප්‍රධාන උපකරනය සැහැල්ලු කරලා තිබෙනවා. ප්‍රතාපවත් ඩෙස්ටොප් පරිගණකයේ සිට බරින් අඩු ජංගම උපකරනයක් උනත් ප්‍රධාන දත්ත උපකරනය කරගත හැකි බව වින්8 ගෙනෙන එක් පනිවිඩයක්. අමතක කරන්න එපා ඒක බරින් අඩු සැහැල්ලු උපකරනයක් උනේ හුදු දෘඩාංගමය වෙනස හිදම පමනක් නොවේ. ක්ලවුඩ් තාක්ශනය ඔස්සේ ඔබ මිලදි ගන්නේ හුදු මෘදුකාංගයක් නොවේ ලොව කොතැනක සිට උවත් වෙනත් වින්8 උපකරනයක් නැවත පහසුවෙන් හමුවිය හැකි දත්ත අනන්‍යතාවයක් බව. තවත් පැත්තකින් මෙහෙයුම් පද්ධතිය තුඅලදීද මහත් නම්‍ය බවක් දකින්නට පුලුවන්. ඔබ භාවිතකරමින් සිටින්නේ වින්8 නම් එම මොහොතේ ඔබ සිටින්නේ ස්ටාර්ට් මුහුනත මත සිට උවත් වෙනත් ඇප්ලිකේශනයක්  සමග වුවත් වෙනසකින් තොරව යම් සෙවීමක් අවශ්‍ය වන විටකදී උපකරනයේ දකුනුපස මතුවන චාර්ම් බාරයේ සර්ච් පහසුව ඔස්සේ පරිගණකයේ  තුල වුවත් අන්තර්ජාලය තුල වුවත් වෙනසකින් තොරව පහසුවෙන් පිරිස්සන්නට හැකි වනවා.............
 (නන්නාදුනන දේශකයා "ඔන්ලයින්" ආකාරයට සිදුකල දේශනයකින් උපුටා ගන්නා ලදී)  

2012-11-02

වින්ඩෝස් 8 වඩාත් සුරක්ෂිතයි.........



..... වින්ඩෝස්8 වලින් පරිගණකයක් බූට් වීමේදීම ආරක්ශිත බවක් දක්නට පුලුවන්. රූට්කිට් බූට් ලෝඩර් වැනි සරල මට්ටමේදීම පරිගණකය වෙත පිවිසෙන්නට පුලුවන් හානීන් වින්8 ආරක්ශිත බූට් ක්‍රියාවලිය තුලදීම පාලනයකර තිබෙනබව දකින්නට පුලුවන්. සරලව පැවසුවහොත් සුපුරුදු බයෝස් ක්‍රියාවලිය වෙනුවට වඩාත් සුරක්ෂිත යාන්ත්‍රනයක් පැමිනිලා තිබෙනවා. වින්8 ලෝඩ් වීමට  පෙර සිටම ලෝඩ්වන සියලුම මෘදුගොනු වල සහතික බව පිරික්සීම වැනි ක්‍රමවේද ඒ සදහා යොදා ගෙන තිබෙනවා. හරියටම කිව්වොත් ආසාධිත බූට් ලෝඩරයක් විසින් අනාරක්ශිත ගොනු පරිගණකය වෙත පිවිස වන්නට තැත්කලහොත් ආරක්ශිත බූට් ක්‍රියාවලිය ඒ සියල්ල අඩපනකොට දමන්නට හැකි වන තරමට දියුනු කර ඇති බවයි අපිට දකින්නට ලැබන්නේ. ---- ලෙසට නම්වන මෙම ක්‍රියාවලිය භාවිතාකරන්නෙකුට අවැසිනම් ක්‍රියාවිරහිතකර දමන්නට පුලුවන් වනවා සේම වින්ඩෝස්8 සහතිකලත් දෘඩාංග මත වෙනත් මෙහෙයුම් පද්ධතියක් ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය නම් අක්‍රියකර දමන්නට සිදුවන බව කිව යුතුයි.
                                             පෙර සියලු සංස්කරන වලදී බූට් ක්‍රියාවලියේදී ආරක්ශක මෘදුකාංගය පරිගණකයවෙත පිවිසෙන්නට පෙර මෘදුකාංග ආසාධිත මට්ටමක වුවහොත් හදුනා ගැනීම ඉතා අපහසුවීම බහුල අත්දැකීමක් වූවත් වින්8 සමග තවම එය සතු‍ටුදායක මට්ටමක පාලනකර ඇති බවයි හදාරන්නන් පවසන්නේ.අන්තර්ජාලය ඔසේ ගොනුවක් පරිගණකය වෙත ලබා ගන්නට තැත්කිරීමේදී ස්මාර්ට් ස්ක්‍රීන් ‍ෆිල්ටරය එම ගොනු ගැන වෙනත් භාවිතාකරන්නන්ගේ අත්දැකීම් සමග සසදමින්  හානිකර බව පිලිබදව පෙර දැනුම්දීමට ක්‍රියා කිරීම භාවිතාකරන්නන්හට හොද සහයක් සපයනු ඇති බවටයි පොරොන්දුවෙමින් සිටින්නේ.

ජංගම උපකරන ඔස්සේ වෙබ් පිරිස්සුම ඉහලට....


පලවන නවතම වාර්ථාවලට අනූව ඔක්තෝබර මාසය වනවිට ගූගල් ක්‍රෝම් යනු ලොව වැඩිම භාවිතාවක් ඇති බ්‍රවුසරය ලෙසට සටහන් වනවා. එය ප්‍රථිශතයක් ලෙසට 34.77% ලෙසට පැවසෙන අතර ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 32.08% ලෙසට ගැනෙනවා.22.32% භාවිතයක් ලබමින් ෆයර්ෆොක්ස් තෙවන තැන පවතින බවටයි වැඩි දුරටත් පැවසෙන්නේ.
                      තවත් ගනනයකට අනූව පැවසෙන්නේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 8 ලොව වැඩිම භාවිතාවක් ලබන බ්‍රවුසරය වන අතර එය 24.50% ලෙසට ගැනෙන අතර ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 20.11ක භාවිතාවක් ලබන බවට සටහන් වනවා. ක්‍රෝම් තෙවන තැනට පැමිනෙන්නේ 15.02ක භාවිතාවක් ලබමින් වන අතර ෆයර් ෆොක්ස් 15 හතරවන තැනට පත්වන්නේ 7.82% ලබමින් බවටයි සටහන් වන්නේ.
                                              ඔක්තෝබර මාසය වනවිට ජංගම උපකරන ඔස්සේ වෙබ් පිරික්සුම 10%කින් වැඩිවීමක් පෙන්වන බවට සටහන් වන අතර ඉදිරියේ ස්මාර්ට් මට්ටමේ දුරකථන හා ටැබ්ලට් දුරක වැනි උපාංග ඔස්සේ වෙබ් පිරික්සුම ලොව සමස්ථ භාවිතාව තුල තවත් ඉහල යනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ.

වින්8 හි පෙර පිලිසකර දුර්වලතාවයක් හදුනාගනී....


ප්‍රංශ සමාගමකින් පැවසෙන්නේ ඔවුන් විසින් වින්ඩෝස්8 වල පලමු දුර්වලතාවය හදුනා ගෙන ඇති බවට කරන නිවේදනයකි. ඔවුන්  පවසනවා වින්ඩෝස්8 මෘදුකාංගයට හා ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 වලට බලපාමින් ඇති මෙම දුර්වලතාවය පිලිබද තොරතුරු තමන් වෙත වැඩිම මුදලක් ගෙවන්නන් වෙත ලබා දීමට බලාපොරොත්තුවන බවයි.
                 පෙර පිලිසකර දුර්වලතාවයක් ලෙසට හදුනාගෙන ඇති මෙම දුර්වලතවය පිලිබදව මයික්‍රසොෆ්ට් ආයතනයෙන් තවමත් කිසිදු නිවේදනයක් නිකුත්ව නැති බවටයි තොරතුරු සටහන් වන්නේ.

2012-11-01

මේ වන විට වින්8 වෙත උස්තල ගැන්වීම් මිලියන 4 ඉක්මවයි....



මයික්‍රසොෆ්ට් සමාගමේ ප්‍රධාන විධායකු පසුගියදා මෘදුකාංග සංවර්ධකයින්ගේ හමුවකදී පවසා සිටියේ ම්යික්‍රසොෆ්ට් ආයතනය පසුගියදා හදුන්වාදුන් වින්ඩෝස්8 ගතවගිය සිකුරාදා සිට ඊයේ දිනය වන විට වින්ඩෝස්8 වෙතට දැනට භාවිතාකරමින් සිටින මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධතියක සිට පැමිනිය හැකි මාර්ගය වන නව මෙහෙයුම් පද්ධතිය වෙත උස්තල ගැන්වීම් ප්‍රමානය මිලියන 4 ඉක්මවා ඇති බවයි.
                            ඔහු වැඩිදුරටත් පවසා සිටියේ බොහෝ පිරිසක් ඉදිරියේදී වින්8 වෙත පැමිනීමේ බලාපොරොත්තුවෙන් සිටින බවට තම  ආයතනය හදුනා ගෙන ඇති බවත් වන අතර මේ වන තෙක් වින්8 වෙත පාරිභෝගික ප්‍රථිචාරය ඉහල මට්ටමක තිබෙන බවට ආයතනය සෑහිමකට පත්ව සිටින බවත්ය.

වින්8 වෙත ෆේස්බුක් විරසකය පලකිරීමක්?????


මයික්‍රසොෆ්ට් ආයතනය යනු  ලොව ප්‍රධනතම මෙහෙයුම් පද්ධති ඇතුලු බහුල භාවිතාවන් ඇති මෘදුකාංග රාශියක හිමිත්වය සහිත ආයතනයකි. ෆේස්බුක් යනු ලොව බහුලතම භාව්තාවකට හිමිකම් කියන වෙබ් අඩවියක් වන අතරම විශාලතම ඉපයීමක් කරන ආයතනයක් ලෙසටද පිලිගැනෙන තැනකි.මයික්‍රසොෆ්ට් ආයතනය මෙහෙයුම් පද්ධති ලෝකයේ වෙනසක් ගෙනෙන වින්ඩෝස්8 මෙහෙයුම් පද්ධතිය  හදුන්වාදුන් අතර එහි සමහර සංස්කරනයන් සමග මයික්‍රසොෆ්ට් ආයතනයේම ඇප්ස් ස්ටෝවෙන් ලබා ගන්නා ඇප්ලිකේශනයන් හැරෙන්නට බාහිර මෘදුකාංග භාවිතයට ඉඩක් නොලැබෙන තත්වයක්ද පවතී.
                                                        වින්ඩෝස්8 හදුන්වාදීමත් සමග සයිබර් ලෝකය හා සම්බන්ද සියලුම පාහේ ආයතන තම සේවාවන් හා සම්බන්දිත ඇප්ස් මයික්‍රසොෆ්ට් ඇප්ස් ස්ටෝව වෙත යොමුකරන්නට පටන්ගෙන තිබෙනවා. පලවන නවතම පුවතකට අනූව පැවසෙන්නේ තවමත් ෆේස්බුක් ආයතනය මයික්‍රසොෆ්ට් ඇප්ස් ස්ටෝව වෙත තම නිල ඇප්ස් සබදතාවක් ලබා දි නැතුවා පමනක් නොව ඉදිරියේදී ලබාදීමට මේ වන තෙක් සැලසුමක්ද නොමැති බවයි. එකිනෙකා අතර කොටස් මිලදී ගැනීම් පේටන මිලදී ගැනීම් වැනි දැඩි සබදතා  ඇති ආයතන දෙකක් අතර මෙවැනි ලෙස ගැටලුකාරී ලෙස හැසිරීම පිලිබදව සයිබර් ලේකය ගැන හදාරන්නන් තම විමතිය පලකරමින් සිටින බවයි සටහන් වන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...