2012-11-30

ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 පෙර සංස්කරනයක් වින්7 සදහා....



ඔබ භාවිතාකරන බ්‍රවුසරය එහි නවතම සංස්කරනය ලෙසට තබා ගැනීම ආරක්ශාව මෙන්ම වේගවත් හා පහසු වෙබ් සැරියකට  මග වන ඇති බවටයි හදාරන්නන් නිරන්තරයෙන් පවසන්නේ. මයික්‍රසොෆ්ට් ආයතනයෙන් නොමිලේ ලැබෙන බ්‍රවුසරය වන්නේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා මෘදුකාංගයයි. මේ වන විට නිකුත්ව ඇති අවසාන සංස්කරනය වන්නේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සංස්කරනය වන අතර එය වින්ඩෝස්8 සදහා  ද්විත්ව සංස්කරන ලෙසට නිකුත්ව තිබෙනවා.මුල් කාලයේ මයික්‍රසොෆ්ට් ආයතනය පැවසුවේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා වින්8 සදහා පමනක් සීමා වනු ඇත කියා මුත් පසුව ආයතනය විසින් තම නවතම වෙබ් බ්‍රවුසරයේ සංස්කරනයක් වින්ඩෝස්7 භාවිතාකරන්නන් සදහාද නිකුත් කරන්නට තීර්නය කොට තිබෙනවා.  තවමත් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 වින්7 සදහා වන අවසාන සංස්කරනයක් නිකුත්කර නොමැති මුත් එහි පෙර සංස්කරනයක් මේ වන විට ලබා ගත හැකිව තිබෙනවා. පහත දැක්වෙන පලමු ලිපිනය ඔස්සේ පිවිසීමෙන් එම සංකරනයේ හැකියාවන් පිලිබද දැනීමක් ඔබට ලබා ගත හැකිවනු ඇති අතර දෙවන සබදතාවය ඔස්සේ පිවිස එහි පෙර සංස්කරනයක් වින්7 භාවිතාකරන්නන් වෙත ලබා ගත හැකි වනු ඇති බවටයි පැවසෙන්නේ.
http://windows.microsoft.com/en-gb/internet-explorer/ie-10-release-preview

http://ie.microsoft.com/testdrive/

SOCIAL NETWORK Vs tATOO

තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...