Showing posts with label windows 7. Show all posts
Showing posts with label windows 7. Show all posts

2015-01-12

Win 7(Service Pack 1) සදහා වන මූලික සහය කාලය මෙම 13දා අවසන්...

   Microsoft සමාගම Windows 7 වල Service Pack 1 සදහා වන සහය කාලය  ජනවාරි 13 වන විට අවසාන වන්නට නියමිත අතර ඉන් පසුව එලබෙන්නේ 'extended suppor' කාලය බවට මේ වන විට සැලසුම්ව තිබෙනවා. එම කාල වකවානුවද  January 14, 2020 වන විට අවසන් වන්නට දැනට සැලසුම්ව තිබෙනවා. Desktop භාවිතාවෙන් වැඩිම ප්‍රථිශතයක් මේ වන විට Windows 7 විසින් අත්පත්කරගෙන ඇති අතර XP භාවිතාව ක්‍රමයෙන් අවම වෙමින් පවතින බවටයි පැහැදිලි වෙමින් ඇත්තේ. Microsoft ක්‍රමවේදයට අනූව මෙම කාලසීමාව ඉක්මවීම යනු භාවිතාකරන්නන සදහා ප්‍රධාන මට්ටමේ ගැටලුවක් නොවන්නේ ඉදිරි වසර පහ තුලද patching මට්ටමේ යාවත්කාලීන නිකුත් වන මුත් නවාංග හා වැඩි දියුනු කිරීම් පැමිනීම පමනක් අවසන් වීමය.
                       මේ වන විට Windows 10 පැමිනීම මෙම වසරේ දෙවන භාගයට සැලසුම් ව ඇති අතර පෙර සංස්කරන මට්ටමේ සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා වන නිකුතුවක් මෙම මාසයේ අවසන් භාගයට මේ වන විටත් නියමිතව තිබෙනවා. දැනට හෙලිව ඇති නිල නොවන තොරතුරු පවසන්නේ දැනට Windows 7 භාවිතාකරන්නන් සදහා යම් ගෙවීමක් ඔස්සේ Windows 10 සදහා භාවිතාවට පිවිසෙන්නට හැකිවන අතර Windows 8.x භාවිතාකරන්නන් සදහා එය නොමිළේම වන්නට බෙහෙවින් ඉඩ ඇති බවකි. හදාරන්නන් යෝජනා කරන්නේ වැඩි දියුනු කරමින් තිබෙන web browser, Cortana වැනි Windows 10 සමග එන්නට නියමිත නව අංගයන් එම නව මෙහෙයුම් පද්ධතිය වෙතට භාවිතාකරන්නන් කැදවා ගැනීමේදී ප්‍රධාන හේතුවක් වනු ඇති බවකි.

2014-09-11

windows 7 සදහා Mainstream සහය 2015 ජනවාරි අවසන් වනවා!!!!!

  "...... හොඳයි ඔය කාරනාව අපි මේ විදිහට පැහැදිලි කර ගනිමු.  මෙහෙයුම් පද්ධතියක් කියන්නේ නතරවුනු නැතිනම් අවසන් වුනු කාරනාවක් වන්නේ නැහැ. අදාල ආයතනයට නිරන්තරයෙන්ම එය අලුතින් පැමිනෙන හානිකරයන් ගෙන් ආරක්ශා කරගන්නට මෙන්ම පැමිනෙන නව තාක්ශනික ප්‍රවනතාත් සමග දියුනු කරන්නට සිදු වෙනවා. මොකද මෙහෙයුම් පද්ධතියක් ඔස්සේ පනගැන්වෙන පරිගණකයක් කියන්නේ සාමාන්‍ය මිනිස් භාවිතාකරන්නන් අතර තීරනාත්මක්ව තිබෙන්නක්. ඒක එයාගේ පෞද්ගලික, වෘතීය, සෞක්‍ය වැනි බොහෝ කාරනාවලදී වැදගත් කාර්යභාරයක් ඉ‍ටුකර දෙනවා.අපි දන්නවා ලොකයේ සිටින්නේ යහපත් අරමුනුම නිරන්තරයෙන් දරනා අයම නොවේ කියලා. ඉතින් ඔවුන් නිතරම උත්සාහ කරනවා මෙම පෞද්ගලික හෝ වෘතීය භාවිතාවන්ට අනවසරව පිවිසිලා තොරතුරු සොරා ගන්නට , තොරතුරු වෙනස් කරන්නට වගේ දෙවල් කරන්නට. ඔවුන් ඒ සදහා යොදාගන්නේ මෙම මෙහෙයුම් පද්ධතිවල තිබෙනා දුර්වලතාවීම සාමාන්‍ය අත්දැකීමක්. ඒනිසා තමයි මෙම මෙහෙයුම් පද්ධති නිකුත්කරන සමාගම් වලට නිරන්තරයෙන්ම අවධානයෙන් සිට නව පිලිසකරයන් නිකුත්කරන්නට වන්නේ. 
           මෙතැනදී Microsoft සමාගම නිවේදනය කරලා තිබෙන්නේ 2015 ජනවාරී මාසය වන විට windows 7 සදහා තම ආයතනය ලබා දෙන Mainstream මට්ටමේ සහය අවසන් කරන්නට නියමිත බවයි. ඒ කියන්නේ මේ දිනෙන් පසුව මෙම ආයතනය windows 7 සදහා නව අංගයන් නිකුත්කිරීම මෙන්ම තිබෙන ඒවා වැඩි දියුනු කිරීම සදහා කටයුතු නොකරන බවයි. ඊට පසුව එලබෙන්නේ Extended සහය කාලය වන අතර එය 2020 ජනවාරි මාසය දක්වා පවතිනව. එම කාලය තුලදී අරක්ශක යාවත්කාලීනයන් එනම් මෙහෙයුම් පද්ධතියේ හදුනා ගන්නා දුර්වලතා සදහා පමනක් යාවත්කාලීන නිකුත් කරන්නට පටන් ගන්නවා. සරලව තත්වය පැහැදිලි කලොත් නව පරිගණකයක් මිළ දී ගැනීමකදී එහි භාවිතාව ඉදිරි වසර පහට වඩා සැලසුම්ව තිබෙනවා නම් දෙවරක් සිතිය යුතු වනවා. එසේම කියන්නට ඔනේ 2023 වන විට windows 8 සදහාද Extended සහය අවසන් කරන්නට දැනට සැලසුම්ව ඇති බව...

2014-07-09

Windows 7 සදහා "mainstream support" 2015 ජනවාරි අවසන් වනු ඇත!!!!

  Microsoft ආයතනය තමන්ගේ මෙහෙයුම් පද්ධතියක් වෙතට සහය දැක්වීම සිදුකරන්නේ මූලිකව ක්‍රම දෙකකටය. "mainstream support" හා "extended support" ලෙසට ඒවා නම් කෙරේ. "mainstream support" වලදී මෙහෙයුම් පද්ධතිය වෙතට පූර්න සහය ලැබේ. එනම් "mainstream support" සීමාවේදී එය වෙතට ආරක්ශක යාවත්කාලීන වලට අමතරව වැඩි දියුනු කිරීම් , අමතර සහය , වගකීම් ලබාදීම ආදිය සිදුවන අතර අනතුරුව එලබෙන කලය තුලදී ආරක්ශක යාවත්කාලීන හැරුනු විට අනෙකුත් සේවාවන් ලබාදීම සිදු නොකෙරේ. amaicrosoft වෙතින් දැනට සැලසුම්ව ඇති පරිදි සැලකීමේදී Windows 7 වෙතට සහය දැක්වීමේ ප්‍රථම භාගය එලබෙන ජනවාරියේ අවසන් වීමට නියමිතව තිබෙනවා. extended support කාලයද ඉදිරි වසර පහක් සදහා සැලසුම්ව ඇති අතර එම කාල සීමාව තුලදී zero-day vulnerabilities වැනි හානිකර  බලපෑම් සදහා යාවත්කාලීන ලැබෙන අතර මුදල් ගෙවා ලබා ගත හැකි සේවාවන් කිහිපයකට පමනක් අමතර පහසුකම් සීමාවනවා. තවමත් පෙරකී ප්‍රධන පෙලේ සහය සදහා වන කාලසීමාව දිගු කිරීමේ නිවේදනයක් හෝ ඉගියක් නිකුත්ව නැති අතර විචරනය වන්නේ XP වලට මෙන් පසුව ගැටලු සහගතවන දිගුවක් සදහා Microsoft ආයතනය නොපිවසෙන්නට  වග බලා ගනු ඇති බවයි.

2014-03-22

Microsoft නිකූත් පිලිබදව පෙර තොරතුරු අනවසර නිකුතූන් නිසා අයෙක් අත්වඩංගුවට පත්වේ....

  පසුගියදා මයික්‍රසොෆ්ට් සමාගමේ හිටපු වැඩසටහන් සම්පදකයෙක් අත්වඩංගුවට ගැනුනේ 2012 ඔක්තෝබරයේ windows 8 නිකුතුවට පෙර එහි code අනවසර පිටකිරීමකට සම්බදයෙනි. Alex Kibkalo නම් ඔහු FBI වෙතින් අත්වඩංගුවට ගැනුනේ  trade secrets අයතා භාවිතය පිලිබදව චෝදනාවක් සමගයි. එම තොරතුරු French tech blogger කෙනෙකු අතට පත්කිරීමක් පිලිබදව එම චෝදනාව සමන් විතව තිබුනා. එසේම ඔහු ආයතනයේ  Activation Server Software Development Kit මෘදුකාංග අනවසර පිටමංකිරීමක් පිලිබදවද චෝදනාවකට ලක්ව ඇති අතර ඒ සම්බන්දයෙන්ද යෝචදනා නැගෙන්නේ පෙර කී බ්ලොග්කරුවා වෙතටමයි. ආයතනයේ අභ්‍යන්තර සොයා බැලීම් වලට අනූව මීට පෙර Windows 7 වල code  අනවසරව පිටකිරීම් පිලිබදවද මේ වන විට තොරතුරු හෙලිවෙමින් පවතිනවා. එසේම හෙලිවන වැඩි දුරටත් තොරතුරු පවසන්නේ ඔහුගේ Microsoft සේවය පිලිබදව නිසි ඇගයීමක් නොවූ බවට චොදනාවක් සමග අතෘප්තිමත් සේවකයෙන් බවට ඔහු පත්ව සිටි බවටයි.

2014-02-15

Windows 7 සහිත පරිගනක වෙළඳ පොලට පැමිනීම ඔක්තෝබර 31 සිට අවසන් වේ

  Windows 7 සමග වන පරිගණකයක් මිළදී ගැනීමේ බලාපොරොත්තුවක් ඇති ඔබට ඒ සදහා ඔක්තෝබර 31 වනදාට පෙර  වෙලඳ පොල වෙතට යන්නට සිදුවනු ඇති බවටයි පලවන නවතම නිවේදයක් පවසා සිටින්නේ. මයික්‍රසොෆ්ට් ආයතනය මේ වන විට නිල ලෙසට නිවේදනය කර සිටින්නේ එලබෙන ඔක්තෝබර  31 දා යින් පසුව Widows 7  සහිත පරිගණක වෙළඳ පොල අවසන් වීමට නියමිත බවයි. ඒ අනූව Home Basic, Premium හා Ultimate යන වින්ඩෝස් 7 සංස්කරන සහිතව pre-installed ආකාරයේ පරිගණක වෙළඳ පොලට නිකුත්වීම අවසන්වීමට නියමිතව තිබෙනවා. මයික්‍රසොෆ්ට් ආයතනය Windows 7 මෙහෙයුම් පද්ධතිය stand alone ආකාරයට අලවිය මීට මාස හතරකට පෙර නිල ලෙසට අවසන් කරන බවට නිවේදනය කරනු ලැබුවා. කෙසේ වෙතත් තවමත් Windows 7 Professonal සංස්කරනය ස්ථාපිතව පරිගණක වෙළඳ පොල වෙතට පැමිනෙන අවසන් දිනයක් නිවේදනය කරන්නට ආයතනය කටයුතු කොට නැති අතර බොහෝ විට Windows XP සංස්කරනය සදහා සහය සැපයීම අවසන් වනවාත් සමගම Windows 8 වෙතට ගමන් කරන්නට අකමැති භාවිත කරන්නන් සදහා එම අවස්ථාව විවෘතව තබන්නට ආයතනය තීර්නය කිරීම එයට හේතුවක් වන්නට ඇති බවටයි විචාරක මතය වන්නේ.

2013-12-12

"Windows vista මා අතින් සිදුවූ විශාලතම දුර්වලතාවයයි" Steve Ballmer පවසයි

  Steve Ballmer විසින් මයික්‍රසොෆ්ට් ආයතනයේ CEO ලෙසට පැවැත්වෙන අවසාන මාධ්‍ය හමුව ලෙසට විස්වාස කෙරෙන හමුවක් පසුගියදා පැවති අතර එහිදී තම අදහස් දක්වමින් සමුගැනීමට දින නියමව සිටින එම මහතාපවසා සිටියේ තමන්ගේ නිලකාලය තුල තනි සිදුවීමක් ලෙසට සැලකෙන සිදුවීම් අතරින් වින්ඩෝස් XP වලට පසුව 2007 සිදුවූ Vista නිකුතුව විශාලතම වැරදීම ලෙසට තමන් සලකන බවකි. එහිදී ඔහු පවසා සිටියේ එය වසර පහක, හයක  කැපවීමක නිර්මානයක් වූ  බවත් අනතුරුව එහි වූ දුර්වලතා නැවත සකස් කිරීමක් සිදු කරන්නට කටයුතු කල අතර එම සැකසීම් වල අවසාන ප්‍රථිපලය වින්ඩෝස් 7 ලෙසට නම් වන බවත්ය.
                             මීට අමතරව  Xbox  පිලිබදවද අදහස් දක්වමින් එතුමා පවසා සිටියේ එම අංශයේ වූ වෙළඳ පොලෙන් සිදුවෙමින් තිබූ අනවධානය යම් ප්‍රමානයකට  XboxOne ඔස්සේ විසදා ගන්නට තම ආයතනයට හැකිව ඇති බවත් ඒ පිලිබදව තමන් සතුටට පත්වන බවත්ය.2008දී සිදුවූ Yahoo වෙබ් අඩවිය හා සම්බන්ද කාරනාවේදී එම ආයතනය මිලඳී නොගන්නට තමන් ගත් තීර්නය වඩාත් නිවැරදි බවට අදවන විට ඔප්පුවී ඇති බවත්ය.

2013-12-08

windows 7 නිකුත්කිරීම අවසන් වෙයි. Preinstalled ලෙස පැමිනීම 2014-10-13 දක්වා....

  මයික්‍රසොෆ්ට් සමාගම මේ වන විට windows 7 මෙහෙයුම් පද්ධතිය වෙළඳ පොල වෙත නිකුත්කිරීම නතර කොට හමාරය. එනම් 2013 ඔක්තෝබර 30 සිට ආයතනය Boxed ආකාරයට වින්ඩෝස් 7 වෙලඳ පොල වෙතට එවීම අවසන් කරන්නට කටයුතු කොට ඇති අතර තවමත්  වෙළඳ පොල තුල වන Boxed සංස්කරන මෙන්ම පරිගණක වෙත Preinstalled කොට පැමිනෙන OEM සංස්කරන අලවිකිරීම සිදුවීමට බදාවක් නොමැති බවටයි නිවේදනය වන්නේ.එලබෙන 2014 ඔක්තෝබර 30 වන විට අවසන් වීමට නියමිත වින්ඩෝස් 7 අලවිය ඉලක්ක වෙමින් මෙම අවසන්වීම් සිදුවන බවටයි නිවේදනය වැඩි දුරටත් සටහන් කරන්නේ.
                  වින්ඩෝස් 7(Service pak 1) සදහාවන නිල සහය දැක්වීම් කාලය 2015 ජනවාරි 13 වන විට අවසන් වීමට සැලසුම්ව ඇති අතර ආරක්ශක යාවත්කාලීන ඇතුලු සමස්ථ සහය අවසන්වීම 2020 ජනවාරි 13 දක්වා සිදුවන්නට නියමිතව ඇති බවටයි එම නිවෙදනය වැඩි දුරටත් පවසා සිටින්නේ.වින්ඩෝස් XP සදහා වන සහය කාලය එලබෙන වසරේ අප්‍රේ 8දායින් අවසන් වන්නට නියමිත අතර වින්ඩෝස් 7 භාවිතාව කෙමෙන් අඩුවෙමින් වින්ඩෝස් 8/8.1 භාවිතාව සදහා තම භාවිතාකරන්නන් ක්‍රමයෙන් ‍රැගෙන යන්නට මයික්‍රසොෆ්ට් සමාගමට වෙළඳ මෙන්ම තාක්ශනික අවශ්‍යතාවය වඩ වඩාත් කැපී පෙනෙමින් ඇති බවටයි දක්නට ලැබෙන්නේ.

2013-12-06

මයික්‍රසොෆ්ට් IE 11 ගැන කථා කරයි!!!!

  මයික්‍රසොෆ්ට් සමගම තම වින්ඩෝස් 8.1 නිකුතුව සමග නිකුත්කල තවත් වැදගත්ම මෘදුකාංගයක් වූවේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 බ්‍රවුසර සංස්කරනයයි. පසුව වින්ඩෝස් 7 සදහාද එහි සංස්කරනයක් නිකුත්කරන්නට කටයුතු කල එම ආයතනය පවසා සිටියේ මෙම බ්‍රවුසරය වඩාත් වේගවත් වෙබ් සැරියකට සහයට එන්නේ හදුන්වා දෙන නව තාක්ශනයක් සමග බවයි. භාවිතාකරන්නාගේ වෙබ් හැසිරිම් අතීතය මත ක්‍රියාත්මක වෙමින් බ්‍රවුසරය මත ඔහුගේ මීලග හැසිරීම පෙර නිගමනයකට එලබෙමින් ඒ සදහා සූදානම්වීම එම යාන්ත්‍රනය වන බවටයි මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටින්නේ.මෙම "prerender"  යාන්ත්‍රනය ටැබ්ලටයේ හෝ නෝට්බුක් පරිගණකයක බැටරි භාවිතයට අභියෝගයක් නොවන ලෙසට ක්‍රියත්මක වෙමින් භාවිතාකරන්නා වෙත වඩාත් ඉක්මන් වෙබ් සැරියක් ‍රැගෙන ඒම වැදගත්බවටයි ඔවුන් වැඩි දුරටත් පවසා සිටින්නේ.EI 11 සමග අත්හදා බැලීමේ මට්ටමින් ක්‍රියාත්මක වන  SPDY/3 protocol තාක්ශනය ගැනද සදහන් කරන ඔවුන් පවසන්නේ සමාන්තරව වන බාගතවීම් කිහිපයක් ඔස්සේ වඩාත් ඉක්මනින් වෙබ් පි‍ටුවක් බ්‍රවුසරය වෙතට ගෙනෙන්නට තමන්ට හැකිව ඇති බවයි.

2013-12-02

XP භාවිතය අඩුවීම මෙන්ම වින් 8/8.1 භාවිතය වැඩි වීම ඉබි ගමනේය.....

  මයික්‍රසොෆ්ට් සමාගම තම 12 විය සපුරමින් සිටින මෙහෙයුම් පද්ධතියට සමුදීමට එලබෙන අප්‍රේල් මාසයේ මේ වන විට දින නියමකර අහවරය.වින්ඩෝස් 8 නිකුතුවත් සමග ඔවුන් බලාපොරොත්තු වූවේ තම මෙහෙයු පද්ධති ගමන් මග සමකාලීන ප්‍රවනතාවය වන මොබයිල් දිසාවට වඩාත් සමීප මුහුනු වරකට ගෙන ඒමය.අනතුරුව තම වින්ඩෝස් 8 සදහා 8.1 මෙගා යාවත්කාලීනයක් නිකුත් කරමින් ඒබව වඩාත් තහවුරු කරන්නට ක්‍රියා කරනු ලැබීය.
       windows XP තම ගමන් මගෙහි යෝධයෙකු මෙන් නැගී සිටින අවහිර තාවයක් ලෙසට එම සමාගමට් සලකන්නට වන හේතු කිහිපයකි.තාක්ශනිකව සැලකීමේදී දෘඩාංග මට්ටමේ මෙන්ම මෘදුකාංග මට්ටමින් අත්පත් කරගෙන ඇති ප්‍රවනතා වඩාත් නම්‍යව භාවිතාකරන්නා වෙත ගෙන යන්නට නම් උපකරනයේ ප්‍රධාන මෘදුකාංගයේ වෙනස් කම වැඩි වැඩියෙන් ඉල්ලා සිටීම නොසලකා හැරිය හැකි කාරනාවක් නොවේ.තවත් අතකින් ආරක්ශ තලය සැලකීමේදී XP වල හැකියාව අද්දරටම පැමින ඇති අභියෝග සදහා එයින් සමු ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි. ඒහා තවත් හේතුන් මත ආයතනය WinXP වලින් සමු ගන්නට නියමිත කාලය වන විට එහි සමස්ත ලොව භාවිතාව 13% දක්වා අඩුකිරීම මයික්‍රසොෆ්ට් හි ඉලක්කය කරගෙන ඇත.පලවන නවතම වාර්ථා පවසන්නේ මේ වන විටත් ලොව වින්ඩෝස් XP භාවිතාව 32.22% ක ප්‍රථිශතයක් ලබමින් ලොව වැඩිම දෙවන ස්ථානයේ භාවිතාවන මෙහෙයුම් පද්ධ්තිය ලෙසට නම් වන බවය.වින්ඩෝස් 7 වැඩිම භාවිතාවක් ලබන Pc මෙහෙයුම් පද්ධතිය ලෙසට නම් වන්නේ 46.64% ක භාවිතාවක් ලබමින් බව වර්ථා වන අතර වින්ඩෝස් 8 හා 8.1 ලොවපුරා භාවිතය 9.3% ලෙසට සටහන් වෙමින් කෙමෙන් භාවිතාව වර්ධනය වන මෙහෙයුම් පද්ධතියක් ලෙසට සටහන් වෙමින් තිබෙන බවටයි පැවසෙන්නේ.

2013-11-29

වින්ඩෝස් 7 ස්ථාපනයට Pen Drive එකක් සකසා ගනිමු.

  අලුතින් මිළදී ගන්නා සමහර පරිගණකවල දී DVD තැටියක ආකාරයෙන් මෘදුකාංග ස්ථාපනයට DVD ධාවකයක් නොතිබීම සමහර විටක දැකිය හැකිය.මෙවන් අවස්ථාවලදී අවශ්‍ය විටකදී වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය පරිගණකය වෙත ස්ථාපනය කර ගන්නට අනුගමනය කල හැකි එක් විකල්ප ක්‍රමයක් වන්නේ Pen Drive එකක හරහා එය සිදුකර ගැනීමයි.මේ සදහා 4GB ට ඉහල pen drive එකක් තොරා ගත යුතුය.
                                    මේ සදහා පලමුව windows command Prompt එක හරහා Pendrive එක සූදානම්කර ගැනීමට අවශ්‍ය වන අතර ඒ සදහා Start මෙනුව ඔස්සේ මෙසේ ගමන්කල හැක. START>ALL PROGRAMS> ACCESSORIES>COMMAND PROMPT>-right click- RUN AS ADMINISTRATOR වන්නේ එම පිලිවලයි. ඉන්පසුව එම command prompt වල C:\Users\User\DISKPART ලෙසට සටහන් කල යුතුය.ඉන් අනතුරුව දැනට පරිගණ්කය හා සම්බන්දව ඇති Disk List එකට පිවිසීම සදහා DISKPART>LIST DISK ලෙසට සටහන් කිරීමෙන් අනතුරුව දැක්වෙන ගොනුවෙන් අවශ්‍ය pen drive ඩිස්ක් එක තොරා ගන්න.එම තොරාගත් ඩිස්ක් එක DISKPART> SELECT DISK 1 ලෙසට සටහන් කරන්න. ඉන් අනතුරුව DISKMART> CLEAN ලෙසට සටහන්කර අනවශ්‍ය ගොනු ඉවත්කිරීමට කටයුතු කරන්න. ඉන් අනතුරුව ලැබෙන DiskPart succeeded...... ලෙසට  වන පනිවිඩයෙන් අනතුරුව  DISKPART>CREATE PARTITION PRIMARY ලෙසට සටහන් කොට අනතුරුව DISKMART> SELECT PARTITION ACTIVE ලෙසට සටහන් කොට එය සංක්‍රීය කරගත යුතුයි.
               මින් අනතුරුව තොරාගත් පෙන් ඩ්‍රයිව් එක format කිරීම සදහා DISKPART> FORMAT FS=NTFS ලෙසට සටහන් කොට ෆෝර්මැට් ක්‍රියාවලිය සම්පූර්න වන තෙක් සිටිය යුතුය.අනතුරුව DISKPART > ASSIGN ලෙසට සටහන් කිරීමෙන් drive letter ලබා දෙන්නට කටයුතු කල යුතු අතර අනතුරුව DISKPART> EXIT ලබාදිය යුතුය. අනතුරුව ඔබගේ DVD drive එකට අදාල drive letter එක - මෙහිදී D ලෙසට- සමග පහත දැක්වෙන ලෙසට සටහන් කරන්න. C:\Users\User; D: CD BOOT සටහන් කිරීමෙන් අනතුරුව පැමිනෙන D:\> CD BOOT වලින් අනතුරුව
D:\BOOT> BOOTSECT.EXE/NT60 H     (H යනු පෙන් ඩ්‍රයිව් වල  letter එක වේ) අනතුරුව EXIT සමග command promp වලින් ඉවත්ව DVD තැටියේ වන සියලු ගොනු pen drive එක වෙතට kopy කරගන්න.

2013-11-11

IE 7,8,9,10 ට බල පාන නව ආරක්ශක දුර්වලතාවයක්

  හෙටට නියමිත මාසික යාවත්කාලීන නිකුතුවත් සමග දැනට හදුනා ගෙන ඇති ආරක්ශක දුර්වලතා කිහිපයක් සදහාම පිලිසකර ගෙන ඒමට මයික්‍රසොෆ්ට් ආයතනය සූදානම් වෙමින් සිටියදී ආරක්ශක මෘදුකාංග පිලිබදව කටයුතු කරන අයතනයක් පවසන්නේ තමන් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා(IE) හි 7,8,9, හා 10 සංස්කරන සියල්ලම සදහා බලපාන ආකාරයේ බ්‍රවුසර දුර්වලතාවයක් හදුනා ගෙන ඇති බවකි.වින්ඩෝස් XP මෙන්ම 7 මෙහෙයුම් පද්ධති දෙකම සදහා විවෘත මෙම දුර්වලතා දෙයාකාරයකට ක්‍රියා කරමින් PC memory  වෙත අනවසරයෙන් පිවිසෙන්නට මෙන්ම අනෙක් දුර්වලතාවය සමග පරිගණකයේ system information පැහැර ගැනීමට සමත්වනු ඇති බවටයි හෙලිකර සිටින්නේ.
         දැනටමත් පහර දෙන්නන් විසින් භාවිතාකරමින් සිටින බවට සැලකෙන මෙම zero-day ආකාරයේ දුර්වලතා පිලිගත්මට්ටමේ වෙන් අඩවි කිහිපයක් ඔස්සේ භාවිතාකරන්නන් වෙතට මුදා හරින්නට ඔවුන් උත්සාහ කරමින් සිටින බවටයි පැවසෙන්නේ.දැනට හදුනාගෙන ඇති දුර්වලතාවලට වඩා වෙනස් ආකාරයේ දුර්වලතාවයන් ලෙසට හෙලිවන මෙම නව හෙලිකිරීම් පිලිබදව තවමත් මයික්‍රසොෆ්ට් ආයතනය නිල ලෙස කිසිවක් හෙලිකොට නැත.

2013-10-10

වින්7 වෙතට එන පැරනි යාවත්කාලීන ඉවත්කරන්නට සහය යාවත්කාලීනයක්

  මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනය නිල ලෙස පවසා නොමැති වුවද තම වින්ඩෝස් 7 සදහා දෙවන සර්විස් පැක් එකක නිකුත්කිරිමේ කිසිදු සූදානමක් පල නොවන වටපිටාවක් තුල පලවන නවතම පුවතක් පවසන්නේ මයික්‍රසොෆ්ට් සමාගම තම වැඩිම භාවිතාවක් ඇති මෙහෙයුම් පද්ධතියවන වින්ඩෝස් 7 නොසලකා හැරීමේ සූදානමක්ද නොමැති බවකි.මෙම සතියේ ආයතනය විසින් නිකුත්කර ඇති වින්ඩෝස් 7 යාවත්කාලීනයක් සමග සාමාන්‍ය යාවත්කාලීන සමග ඇහිරී ඇති දෘඩතැටියේ යම් ප්‍රමානයක වන පැරනි යාවත්කාලීන ඉවත්කරන්නටද භාවිතාකරන්නන්හට පහසුව ලබා දෙන බවකි හෙලිවන්නේ. වින්ඩෝස් 7 නිමව ඇති ක්‍රමය අනූවම නව සර්විස් පැක් එකක් පැමිනි විට එය ස්ථාපනය සමග එම ෆෝල්ඩරයේ පිරී ඇති විටින් විට නිකුත්වූ තවදුරටත් අදාල නැති යාවත්කාලීන ගොනු ඉවත්කිරීමට අවස්ථාව ලැබීම සිදුවනු ලබනවා. 2009දී නිකුත්වූ වින්ඩෝස් 7 සදහා නිකුත්ව ඇත්තේ එකම සර්විස් පැක් එකක් වන අතර ඒතැන් පටන් විටින් විට එක්වූ යාවත්කාලීනයන් සමග ඇහිරී ඇති වින්ඩෝස් 7 පරිගණක වල දෘඩ තැටිවලට මෙම නිකුතුව සහනයක් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.සාමන්‍ය Windows Update එකක් ලෙසට ලබා ගත හැකි මෙම යාවත්කාලීනය "Important" මට්ටමේ එකක් ලෙසටයි එම ආයතනය වර්ගීකරනය කර ඇත්තේ.
http://support.microsoft.com/kb/2852386

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...