2013-12-12

"Windows vista මා අතින් සිදුවූ විශාලතම දුර්වලතාවයයි" Steve Ballmer පවසයි

  Steve Ballmer විසින් මයික්‍රසොෆ්ට් ආයතනයේ CEO ලෙසට පැවැත්වෙන අවසාන මාධ්‍ය හමුව ලෙසට විස්වාස කෙරෙන හමුවක් පසුගියදා පැවති අතර එහිදී තම අදහස් දක්වමින් සමුගැනීමට දින නියමව සිටින එම මහතාපවසා සිටියේ තමන්ගේ නිලකාලය තුල තනි සිදුවීමක් ලෙසට සැලකෙන සිදුවීම් අතරින් වින්ඩෝස් XP වලට පසුව 2007 සිදුවූ Vista නිකුතුව විශාලතම වැරදීම ලෙසට තමන් සලකන බවකි. එහිදී ඔහු පවසා සිටියේ එය වසර පහක, හයක  කැපවීමක නිර්මානයක් වූ  බවත් අනතුරුව එහි වූ දුර්වලතා නැවත සකස් කිරීමක් සිදු කරන්නට කටයුතු කල අතර එම සැකසීම් වල අවසාන ප්‍රථිපලය වින්ඩෝස් 7 ලෙසට නම් වන බවත්ය.
                             මීට අමතරව  Xbox  පිලිබදවද අදහස් දක්වමින් එතුමා පවසා සිටියේ එම අංශයේ වූ වෙළඳ පොලෙන් සිදුවෙමින් තිබූ අනවධානය යම් ප්‍රමානයකට  XboxOne ඔස්සේ විසදා ගන්නට තම ආයතනයට හැකිව ඇති බවත් ඒ පිලිබදව තමන් සතුටට පත්වන බවත්ය.2008දී සිදුවූ Yahoo වෙබ් අඩවිය හා සම්බන්ද කාරනාවේදී එම ආයතනය මිලඳී නොගන්නට තමන් ගත් තීර්නය වඩාත් නිවැරදි බවට අදවන විට ඔප්පුවී ඇති බවත්ය.

AI මූලික Search Engines

AI වෙතට වන වන අවධානය නෙක තොරතුරු අවකාශ මත කැපී පෙනෙමින් තිබේ. search engine වලට AI සංයුත්ත වීම් ක්‍රමයෙන් අවධානය ලබා ගන්නා කරුනක් වෙමින් ඇති...