2020-07-30

මිනිස් විංඥානය

මිනිස් විංඥානය සංකීර්නයකි. මේ සංකීර්නය අවිංඥානික භාවමය සංකේථයකට ඌනනය කරනවාද, නැතිනම් සවිංඥානික විශ්ලේෂනයකට ලක් කරනවාද යන්න අපගේ තීරනයකි.
"Tharu Minisa"
-Pubudu Siriwansa
#siriwansa

2020-07-29

පරිණතවූ ගනකයේ කථාව ..

පරිණතවූ ගනකයේ කථාව වඩාත් අපූරු එකකි. මිනිස් මනසේ ශක්‍යතාවය අනන්තය තෙක් දිගු කරන්නට එයට ගතවූයේ දශක දෙක තුනකි. එලබෙමින් ඇත්තේ පොලෝ තලය පුරා විසිරුනු අපමන බුද්ධි ගුලාවන් එකිනෙක යාවෙමින් නිර්මාණය වන විශ්ව මනසේ යුගයයි. පරිගණකය නැතිනම් ඔබේ තොරතුරු දිවිය ගැන වෙනස් කියවීමක් අවශ්‍ය වන්නේ එලබෙන යුගය වඩාත් වෙනස් එකක් වන්නට නියමිත බැවිනි.
Pubudu Siriwansa
#siriwansa

2020-07-28

අන්තර්ජාලය

අන්තර්ජාලය රැගෙන එන තාක්ෂණික භාවිතාව ඉක්මවමින් එය යෝජනා කරමින් සිටින මිනිස් කථාන්දරය මතට නව සංස්කෘතියක ප්‍රවනතාවය වැඩි අවධානයක් ලබමින් සිටී.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-07-26

සක්මන් මලුවයි

මෙතෙක් කල් මා මිහිමත කල ජීවිත සක්මනේදී අපූරුතම දෑ කිහිපයක් හමුවී ඇත්තේය. තොරතුරු තාක්ශනය ඉන් එකකි. මා ජීවිත වරම් ලැබූ කාල වකවානුවෙහි එහි වැසියන්ගේ ජීවිත වඩාත් ප්‍රමෝදයට පත්කල විෂය එය යැයි මම සිතමි. අනෙක නම් සක්මන් මලුවයි. 
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-07-25

හිරු මෙතරම් ජව සම්පන්න..

මෙහි පැමිනි මුල් කාලයේ අප අතරින් ගලා යමින් තිබූ කාල යාන්ත්‍රනය කිසිවෙකු විසින් වෙනස් කර ඇද්දැයි සැක සිතෙන තරම්ය. බොහෝ සෙයින් ඈලි මෑලිව නැග බැස ගිය හිරු මෙතරම් ජව සම්පන්න වූවේ කෙසේදැයි මම මගෙන්ම විමසමින් සිටින්නෙමි”(56)
“Tharu Minisa”
Pubudu Siriwansa
#siriwansa

2020-07-24

හිරුය තරුය

මේ විශ්වයේ මා දකින අපූර්වතම සිදුවීම් දෙකකි. මහා අර්ථයෙන් නම් හිරුය. පොඳු නාමයෙන් පවසන්නේ නම් තරුය. ශුද්‍ර අර්ථයෙන් නම් මිනිසාය. ඔහු අපමන අවකාශයක් මැද ඔබ මොබ චලනය වෙමින් සිටී. නෙක අර්ථ ගන්වා ගැනීම් වලින් ආරෝපනය වෙමින් තැන් තැන් වල නතර වෙමින් සිටී. නෙක ආගම්, දර්ශන, විස්වාශ අතර සරණ සොයමින් සිටී.  බැලූ බැල්මට නම් මේ සියලු සෙලවීම් වල මූලය පෙර කී ශක්ති ගොනුය. එනම් තරුය. සමීප අර්ථයෙන් හිරුය.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-07-23

මාධ්‍ය

සත්‍යය නම් අද වන විට මාධ්‍ය ඔබව පාලනය කරමින් සිටින්නේ "ඔබ සිතනවාට වඩා" නොව "ඔබට සිතන්නට කිසිවක් ඉතිරි නොකරන" තරමටය. කාරනය වඩාත් භ්‍යානක වන්නේ පෞද්ගලිකව ඔබ මාධ්‍ය මග හැර සිටීමෙන් මෙම සත්‍යයෙන් මිදින්නට නොහැකි නිසාය.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-07-21

ගම්මාන කඳුවැටිය..

පැමිනෙන අඩ අඳුර විසල් රුක්ෂයන්ගේ පත්‍රවල යට පස අදුරින් වසාලන මොහොත සැදෑවක අපූරත්වයේ උපරිමය ලෙසට මට දැනේ. පසුබිමින් පෙනෙන සැදෑ හිරු කෙමි වලින් දිලෙන වලාකුලු පොදි මෙන්ම ඈතින් යාන්තමට දිලෙන ගම්මාන කඳුවැටිය මේ විසිතුරු බව වඩාත් ඔපවත් කරන්නාක් බදුය. තැනින් තැන් වන නිවෙස් වල දැල්වෙන පහන් සිලු මේ අපූරත්වය වඩාත් වර්නවත් කරන්නේය. පමාවී කැදලිකරා පියා සලන පක්ෂීන් ‍රැන් මේ සිත්තමට අවසන් පින්සල් සටහන් තබනවා වැනිය
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-07-20

හදවත් මත සටහනක් ..

මේ පොලොව මතින් ඇවිඳ ගිය කීයෙන් කීදෙනාටද හැකි වුනේ තම සමකාලීනයන්ගේ හදවත් මත සටහනක් තබන්නට තමන් ඔවුන් සමග ජීවත් වූ බවට. තම හදවත් මොහොතක් හෝ අනිකුන් සමග සමරිද්මයකට ගෙනෙන්නට සමත් වූ ඔවුන් මහත් වාසනාවන්තයින් යැයි මම සිතනවා.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-07-18

මිනිස් කථාන්දරය..

මිනිස් කථාන්දරය වෙගයෙන් ජීවවිද්‍යාත්මක සාධකය ඉක්මවමින් තාක්ෂණ සාධකය වෙතට පිවිසෙමින් ඇත. වැදගත්ම කාරනය වන්නේ නව ප්‍රවනතාවයන් බාහු හැකියාවන් තාක්ෂණික වීමට වඩා මිනිසා මත තීරනාත්මක එනම් ඔවුන් මේ පසු කරමින් සිටින්නේ මිනිස් කථාන්දරයේ අග්‍ර ඵලය වූ තම මනස යාන්ත්‍රික කර දමන යුගය වීමයි.
"THARU MINISA"
- Pubudu Siriwansa
#siriwansa

2020-07-17

කඳුමුදුනත සක්මනකට..

පැහැදිලි සැදැව කඳුමුදුනත සක්මනකට ආරාධනාවක් බඳුය. දකුනතට වන්නට කඳු මුදුනත දිගේ වන පා මාවතේ හෝරාවකට ආසන්න සැහැල්ලු ගමනකින් පිවිසෙන උස් කඳු මුදුනත වඩාත් අපුරුය. උස් නොවන තුරු ගොමුවලින් ගැවස ගත් එහිදී ක්‍රමයෙන් බටහිර අහස මොහොතින් මොහොත අඳින නෙක විසිතුරු සිත්තම් අපමනකට අපව විවර කරවයි. විටක කැදලි කරා පියා සලන කුරුලු රැන් මේ සිත්තම විසිතුරු කරන්නේ දිව්‍ය රසයක් මවමිනි.
ඇයව මතකයට නැගේ. එදත් අප නගරයෙන් ඔබ්බට වන උද්‍යාන මුදුනත සැදැසුව විදිමින් සැහැල්ලු සක්මනක සිටියෙමු. " දවසේ වෙහෙස නිවන්නට දෙවියන් අපට එවන රසවත්ම ඔසුව සැදෑ අසිරිය කියලයි මම හිතන්නේ." ඒ ඇයට සැදෑව ගැන තිබූ රසවත්ම නිර්වචනයකි.
" Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-07-16

මිහිමත ආධිපත්‍ය

වඩාත් රෞද්‍රම හෝ වේගවත්ම සත්වයා නොවුනු ඔවුන් මිහිමත ආධිපත්‍ය අරගලය ජය ගත්තේ තම මනසේ දියුනු වූ හැකියාවන් ගෙනි. අප පසුකරමින් සිටින යුගය වන්නේ මෙම හැකියාවද යන්ත්‍රික කරදමන යුගයයි. එබැව්න්ම එලබෙන යුගය කවර අයුරු ගනීද යන්න තවමත් විවෘත පැනයක්ව තිබේ.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-07-15

පරිනාමය

පෙර සංස්කෘතික මිනිසාගෙන් සංස්කෘතික මිනිසා බිහිවෙන්න කොයිතරම් අවිංඥානික මිනිස් ශක්තියක් වැය වෙන්න ඇතිද? තවත් ඉදිරියට යමින් ඔහුගෙන් දේශපාලණ සත්වයා බිහිවෙන්නට කොතරම් සවිංඥානික කැපවීමක් සිදුවෙන්නට ඇතිද. එතැනින්ද ඉදිරියට යමින් දේශපාලණ සත්වයා තම තාක්ෂණික සත්ව පරිනාමය සදහා කොතෑම් බුද්ධිමය හැකියාවක් කැපකරමින් සිටිනවාද?
"Thar Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-07-14

දැනුම

තව දුරටත් දැනුම ගබඩා කරගැනීම හා එය අවදිකරවා හැනීම මිනිස් කාරනයක් නොවේ. එය යාන්ත්‍රිකවී බොහෝ කල්ය. අද මිනිස් කාරනය වන්වන්නේ දැනුම මත වඩාත් නිර්මාණශීලී වීමය.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-07-13

ගෝලීය සංකල්ප

"ගෝලීය සංකල්ප" වල "අපගේ අර්ථ" වරනංවා ගැනීම අපගේ හෙට දවසයි. ඒ මත දක්ශ වීම අපගේ සාර්ථකත්වයයි."Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-07-12

කාල යාන්ත්‍රනය

මෙහි පැමිනි මුල් කාලයේ අප අතරින් ගලා යමින් තිබූ කාල යාන්ත්‍රනය කිසිවෙකු විසින් වෙනස් කර ඇද්දැයි සැක සිතෙන තරම්ය. බොහෝ සෙයින් ඈලි මෑලිව නැග බැස ගිය හිරු මෙතරම් ජව සම්පන්න වූවේ කෙසේදැයි මම මගෙන්ම විමසමින් සිටින්නෙමි”(56)
“Tharu Minisa”
Pubudu Siriwansa
#siriwansa

2020-07-11

තොරතුරු තාක්ෂණය

මිහිමත මිනිස් සටහනෙහි තොරතුරු තාක්ෂණයට හිමිවන්නේ අසමානතම තැතකි. එය ඔවුන්ගේ ආර්ථික, දේශපාලනික, සංස්කෘතික සැම ආර්ථයකින්ම වන අවකාශ වෙත ගෙනැවිත් ඇති වෙනස් කම් අපමනය. මිනිසා තමා අවට අවකාශයෙන් නිර්මානය කරගෙන ඇති අපමනක් යාන්ත්‍රික කරනයන්ට තම මනස යාකිරීමෙන් තම ජීවවිද්‍යාත්මක ආධිපත්‍යයේ යුගය අවසන් කරනු ඇත.
“Tharu Minisa”
– Pubudu Siriwansa
#siriwansa

අරුනැල්ලක්

සමහර විටක ඔබ ජීවිතයේ එක් වරක් වත් සීතල පිනිකැට විසිරුනු තන ඇතිරිල්ලක උදා අරුනැල්ලක් සමග ඇවිද ගොස් ඇත්නම්, ඒ ප්‍රබෝධමත් සතුට අමතක කරන්නට නොහැකි වනු ඇත. සෑම උදෑසනකම පාහේ උද්‍යානයේ මේ අසිරිමත් සහනය විඳීම පුරුද්දක් කරගෙන තිබූ කලයක් විය. සියත් කැලගේ මිහිරියාව මේ අපූරු අත්දැකීමේ අවසන් තිතද සපුරාලන්නේ පූර්න දිව්‍ය හැගීමක් මතකයේ ඉතිරි කරලමින්ය.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-07-10

අවන්හල්..

අවන්හල් යනු අපූරු අවකාශයන් බව ජීවිතයට දැනුනේද එහිදීය. අයෙක් පැමින රැදී සිට සතුටින් නික්මයන විටක, කෙනෙක් ඉන් නික්ම යන්නේ මහත් බරපතල ගමනෙනි. සමහර රාත්‍රීන් සංගීත්වත් වන අතර තව දිනයක් අඩු දීප්තිමත් පහන් සිළු වලින් එලිය වන ගැබුරු නිහඬ බවක් ගනී. මේ සමස්ථය අතර පුරුද්දක් ලෙසට එහි යන්නට පුරුදුවූ අපට මේ ස්වභාවයන් පවා කියා දුන්නේ බරපතල ජීවිත අර්ථයන්ය..
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-07-09

ඩිජිටල්කරනය

ජීවිතය අවට බොහෝ දෑ ඩිජිටල්කරනය වනවිට, ඒවා මතට අවශ්‍යවන ක්‍රියාන්විතයන් වඩ වඩාත් ඩිජිටල් වෙමින් විඳුලි වේගයෙන් සැකසෙනවිට මෙන්ම මේවා ලොවපුරා ඔනෑම අස්සක මුල්ලකටම විඳුලි වේගයෙන් ගමන් කරන විට නිර්මාණය වෙමින් ඇති නව ලෝකය තවමත් නිර්වචනය වෙමින් ඇත්තකි.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-07-08

මනස් සක්මන්

නගර උද්‍යානයේ පහන් කනු අතර වන අසුන් වල හිඳ මැදියම් රැයද පසුවනතෙක් නෙක විෂය රටා අතර තෙරක් සීමාවක් නැතිව අප දෙබසින් ඇවිදගිය දුර අපමනකි. ජීවයේ සම්භවයේ සිට බුද්ධියේ සම්භවය තෙක් අපමන නෙක ජීවරටා පිලිබඳව ඒ මනස් සක්මන් අදටද මහත් ප්‍රබෝදයක් උපදවයි.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-07-07

පින්සළ

මා හැමවිටකම පාහේ තාක්ෂණයට "පින්සළ" වන්නට මිස "පින්සළ් පහර" වන්නට ඉඩ නොතැබුවේ යැයි විස්වාස කරමි.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

කොරෝනාව..

කොරෝනාව විසුරුවන ලද සමාජ ඒකක අතර සාම්ප්‍රධායික සම්බන්දතාවයන් සදහා එක් ප්‍රධානතම විසඳුමක් වන්නේ වඩාත් ඩිජිටල්කරනය වූ සමාජ ආකෘතියකි.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-07-06

විශ්ව ගම්මානය

කෙනෙකුට අනූව විශ්ව ගම්මානය මිය ගොසිනි. නමුත් සත්‍යනම් ඔබ මොහොතින් මොහොත වඩාත් විශ්ව පුරවැසියෙකු වෙමින් සිටීමය.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

නිර්වචන..

පැරණි නිර්වචන ඔස්සේ අළුත් තත්වයන් කියවීම අර්බුධකාරී වන අයුරු නවයුගයේ ගැටළුවකි.
"Tharu zMinusa"
- Pubudu Siriwansa
#siriwansa

2020-07-05

කුරහන් තලපයක වටිනාකම

ගෝලීයකරනය ඔස්සේ අපට ගලාගෙන ආපු KFC හැකියාවෙන් සියයට දශම එකකවත් හැකියාවක් අපට තිබුනේ නැහැ කුරහන් තලපයක වටිනාකම ලෝකයට කියන්න. අපිට අවශ්‍ය උනෙත් නැහැ එහෙම කරන්න. අපි උත්සාහ කලෙත් නැහැ එහෙම කරන්න. ඒත් අවසානයේ අපි ගෝලීයකරනයට බැන බැන ඉන්නවා. අපිට හැකිවිය යුතුයි මේ ප්‍රවනතා අපේ වටිනාකම් අනූවත් ප්‍රමිතිගත කරගන්න. අපි තීරනය කලයුතුයු මේ ප්‍රවනතා ඉදිරියේ අපි හැකිලෙනවද? මුනුනදී ජයගන්නවාද කියන එක.
- Pubudu Siriwansa
#siriwansa

2020-07-03

සැබෑ භෞතිකය

ගැටළුවේ භාවාත්මක නැතිනම් කුතුහලාත්මක අවදිය පසුකරමින් එහි සැබෑ භෞතිකය වෙතට අප පිවිසෙමින් ඇත. ගැටළුව විසින් අපිලිවෙල කර දමන ලද ආර්ථික දේහයේ ප්‍රථිපල ලෝක මට්ටමින් මෙන්ම රාජ්‍ය මට්ටමින් අපට නුදුරේදීම හමුවීමට නියමිත වෙමින් ඇත.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

ඩිජිටල්කරනය..

අද වනවිට බොහොමයක්ම පාහේ බැංකු කටයුතු එම ආයතන ගොඩ නැගිල්ලෙන් පිටතට පැමින ATM හා CDMA යන්ත්‍රවලට ඌනනය වී ඇතුවා පමනක් නොව මොබයිල් ඇප් එකක් හරහා ස්මාට් දුරකථනයට සංයුත්තව සරල භාවතාකරන්නාගේ අත්ලට පැමින ඇත. එපමනක් නොව ආයතන තුල දෛනිකව ඉබමොබ චලනය වන ටොන් ගනනක හෞතික ලිපිද්‍රව්‍ය ඉලෙක්ට්‍රොනිකවී නෙට්වර්ක් අතර විදුලි වේගයෙන් චලනය වෙමින් ඇත. ක්‍රමයෙන් මේ ඩිජිටල්කරනය හා මුසුවෙමින් ඇති නෙක AI තාක්ෂණයන් විසින් හෙට දිනයේදී වඩාත් බුද්ධිමත් භාවිතාවක් මිනිසාට පොරොන්දු වෙමින්ද ඇත.
- Pubudu Siriwansa
#siriwansa

2020-07-02

නැවතුම් කුටියේ..

එම හැදෑරුම් ආයතනයෙන් ලැබුනු කුඩා නැවතුම් කුටියේ ප්‍රධාන මාවත දෙසට වූ කවුළුව අසලින් හැදෑරුම් මේසය සකසා ගතිමි. සමහර අඳුරු රාත්‍රියන් වලදී කුටියට ඔබ්බෙන් වූ මාවත් පහන් කනුවේ ආලෝකයෙන් අපිලිවෙලකට අදුරු මැකෙන අවට වන තුරු ගොමු මවන අපමන ගුප්ත රටාවල රසයන් අතර සිත අතහැර හොරා ගනන් ගතව ගියයුරු අදටත් අපමන රසැති මතකයකි.
"Tharu Minisa"
- pubudu Siriwansa
#siriwansa

ඩිජිටල්කරනය..

තව දුරටත් ඩිජිටල්කරනය ඔබට තෝරාගැනීමක් ලෙස නොවනු ඇත. එය එලබෙන යුගයේ සංස්කෘතික ස්වභාවයයි.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-07-01

මිනිස් විංඥානය

මිනිස් විංඥානය සංකීර්නයකි. මේ සංකීර්නය අවිංඥානික භාවමය සංකේථයකට ඌනනය කරනවාද, නැතිනම් සවිංඥානික විශ්ලේෂනයකට ලක් කරනවාද යන්න අපගේ තීරනයකි.
“Tharu Minisa”
- Pubudu Siriwansa
#siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...