2011-03-26

ඒ දෙවියන් වහන්සේ විසින් අප්‍රසිද්ධියේ මෙසේද කියන ලදී...........

මෙහි කිසිවක් විකුනන්නේ නැතිය ඒ නිසාම මෙහි වටිනා කමක් නොදැනීම මගේ වරදක් නොවනවා ඇතිය.මක් නිසාදයත් හසුරවන්නා හැසිරවීමට ලක්වන්නාට තේරුම් ගන්නට බැරිවීම  හසුරවන්නාගේ වගකීමක් නොවන නිසාය. {නොතේරුම් ගැනීම 1: 3:5 }

2011-03-25

සිල් ඇත්තන් සපැමිනීමත් සමග ආශ්‍රම භූමිය අපූරු ශාන්තිමත් ගතියකින්........

කාලයකට පසුව ආශ්‍රමය වෙත ඈත කදුකරයෙන් සිල් ඇත්තෙකු පැමින සිටියි. මෙවන් සිල් ඇත්තන් සපැමිනීමත් සමග ආශ්‍රම භූමිය අපූරු ශාන්තිමත් ගතියකින් ප්‍රානවත් වන අයුරු පැහැදිලි කිරීම මහත් අසීරු කටයුත්තකි. වෙනදාට තොරක් නොමැතිව හඩ නගන සමහර සියතුන් පවා ආශ්‍රම භූමියේ පැතිරෙන මෙම ශාන්තිමත් ස්වභාවයට ඉඩදී නිහඩව සිටිතැයි මට සිතේ. ප්‍රධාන ස්වාමීන් වහන්සේ අප සියලු දෙනාටම දන්වා සිටියේ සර්ව රාත්‍රී පිරිත් සංජ්ජායනයකට  සැදැ අදුරත් සමහ ආශ්‍රම භූමියේ කදුමුදුනත වෙන්නට අලුතින් සකස් කල ධර්ම ශාලාවට ‍රැස් වනලෙසටය. ගම් වැසියන්  කිහිපදෙනෙකු පැමින රාත්‍රිය පහන් වන තුරු ආලෝකය සපයා ගන්නට අවැසි පන්දම් හා වනන්තරයෙන් සොයා ගන්නා තෙල් ගතියෙන් යුත් දැව දඩු රාශියක් ‍රැස්කරන ලදී.තවත් පිරිසක් රාත්‍රියේ විටින් විට පැමිනෙන ගම් වාසීන්ට ගමන් මග ආලෝකමත් කරගන්නට තැන් තැන් වල විශාල පන්දම් රාශියක් සවිකරන ලදී. මා දු‍ටු ආකාරයටනම් කිසිවෙකු කිසිවෙකුට කල යුත්ත කුමක් දැයි පැහැදිලි නොකලද සියලු කටයුතු වෙනුවෙන් ඔවුන් කරන කැපවීම මහත් සතුටක් බව ඔවුන්ගේ මුහුනු වරින් මනාව පලවෙන අයුරු දැකිය හැකියි.

2011-03-24

ශාන්තිමත් නිරෝගී මනස අපූරුතම අත්දැකීමකි

ශාන්තිමත් නිරෝගී මනස අපූරුතම අත්දැකීමකි. රෝගී බවේ මෙන්ම නිරෝගී බවේ "ස්ක්‍රිප්ට්" එක අප තුලම සගවා ගෙන අප පැමින සිටී. අප අවට පරිසරය වැනි සාධක වලින් එය පලනය  වන නමුදු පෙර කී මුල් බීජය අපම දරාගෙන සිටින බවට වන සත්‍යයෙන් අපට ගැල විය නොහැකි වනු ඇත. දහම යනු අපේ මුල් පිරිසුදු මනස සොයා යන්නට කරන ආරාධනාවක "ආරාධනා පතයි".

2011-03-22

ඇයි නිවන් ඔච්චර ගනන්!!!!!!!!!!

නිවන් මග කෙල පැමිනි උත්තමයෙකු විසින් සකස් කර ඇති "නිවනට මග"  සීඩී 18 කින් යුත් පාඩම් මාලාව දැන් ලබා ගත හැකියි. එක සීඩී තැටියක මිළ 1500/= වන අතර සීඩී 18ම එක වරම මිළදීගෙන හැදැරිය යුතු බවට අප තරයේ අවවාද කරනුයේ (1) එසේ කිරීමෙන් අපට හොද ලාබයක් ලැබෙන නිසාත්, (2)නිවන් මග අවසානය දක්වාම ගොස් ආපසු පැමින ඇත්තෙකු විසින් මෙම දහම් පාඩම් මාලාව සකස් කර ඇති නිසාය. මෙම සීඩී මාලාව හැදැරීමෙන් ඔබට නිවන් මග දොර හැරෙන බවට අපසහතික වන්නෙමු.(කෙසේ නමුත් ඔබට පින් මදවීමෙන් නිවන් මග දොරගුළු විවර නොවීමේ  තත්වය මත්දී පමනක් එහි වගකීම ඔබම දැරිය යුතු බව පමනක් සටහන් කරනු කැමැත්තෙමු.)

2011-03-21

ඇත්ත, මනස යනු අපමන ශක්ති ගබඩාවක්

හොදයි අපි මෙහෙම හිතමු. ඇත්ත, මනස යනු අපමන ශක්ති ගබඩාවක්. අපට අහසින් යන්න පොලව තුලට යන්න වගෙ බොහෝ දේ කරන්නට අරකී ශක්ති ගබඩාවේ  සැගවී ඇති ශක්තිය අවදිකිරීමෙන් හැකි වේවි. කොටින්ම කිව්වොත් අනිකුන් කට ඇරගෙන බලාසිටින්නට සිදුවන තරමේ පුදුම දේ කරන්නට ඔබේ කැපවීම අදිකනම් වැඩි කලක් නොයාවි. ඒත් බුදුදහම එවැනි දේ සලකන්නේ ඔබ දැනට සිටින සාමාන්‍ය ජීවිතයටත් වඩා පහලට වැටීමක් ලෙසයි.

"මා දන්නා බුදු දහම යනු මහා බලයක් අප වෙත කැදවන මගක් නොව..........

"මා දන්නා බුදු දහම යනු මහා බලයක් අප වෙත කැදවන මගක් නොව බලයේ අවසානය පෙන්වන මාර්ගයකි. සරලව පවසන්නේ නම් යමෙක් දහම තුල යම් දුරක් ගමන්කර ඇත්නම් ඔහු අනෙකුන්ට වඩා මදක් හෝ ආඩම්බර වන්නට හේතුවක් නොව සාමන්‍ය අයෙකුට වඩා ආඩම්බරයෙන්  අඩුවන්නට හේතුවක් විය යුතුය. දෛනික ජීවිතයේ අප හුරුපුරුදුකරගෙන ඇති එක් වෛරයකින් තේරුම් ගෙන නිවීමට පත්වීමට හැකිවීම අවසාන මහා නිර්වාන මාර්ගයේ ඔබ ගමන් කරමින් සිටින්නෙකු බවට හොදම සාධකයකි."

2011-03-14

ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 හි නවතම සම්පූර්න සංස්කරනය

අද (14) ලංකාවේ වේලාවෙන් උදැසන 10.00 යේ සිට මයික්‍රොසොෆ්ට් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා  9 හි නවතම සම්පූර්න සංස්කරනය අන්තර්ජාලය ඔස්සේ නොමිලේ බාගතකිරීමේ අවස්තාව ලැබෙන බවට පුවතක් පලවෙනවා.පහත ලිපිනය ඔස්සේ පිවිසීමෙන් එය ලබා ගත හැකි වනු ඇති.

http://windows.microsoft.com/en-US/internet-explorer/products/ie-9/home?ocid=ie9_bow_Bing&WT.srch=1&mtag=SearBing

2011-03-08

දුක්විදගෙන හිතවත් ඇගවත් ආංබාංකරගන්න ගිහින් තව තවත් ඔය කතන්දරේ දික්කර ගන්නවත් එපා

....................මහත්තයෝ මම මෙහෙම කිව්වා කියලා අමනාපයක් ගොඩ නගා ගන්න කාරි නෑ. කාලාන්තරයක් තිස්සේ දන්න නොදන්න අපමනක් එක්ක පොර අල්ලමින්, විටක ආසාවෙන් බදාගනිමින් තවත් විටක වෛරයෙන් ඉවතට තල්ලු කරමින් ඔබතුමාම මහා තන්හාවෙන් ලියා කියා ගත්තු ඔබතුමාම කියන පොත ඔය හිතන විදිහට මහා ධන වත්තු බලවත්තු දන්න කියන නිසවත් සිල්වත්තු කියාලා එයාලාම කියන කරන අය දන්න කියන නිසාවත් එක පාරම අකුලලා විසික්කරන්න අමාරු වෙයි. අනික මහත්තයෝ අල්ලපු ගෙදර මිස්ටර් ජයසිංහ නැතිනම් පහල ගෙදර අංගොහාමි කරන කියන නිසාවත් මාර අමාරුවෙන් දුක්විදගෙන හිතවත් ඇගවත් ආංබාංකරගන්න ගිහින් තව තවත් ඔය කතන්දරේ දික්කර ගන්නවත් එපා. ඔබ තුමා ඔබතුමාටම අවංක වෙන්න ඉස්සල්ලම යන්න තියෙන ගමන ගැන පොඩි අවබෝදයක් ඇති කරගන්න. ඊට පස්සේ අනුන්ට පේන්නවත් පෙන්නන්නවත් නොවේ ඔබතුමාටම සතුටක් සැහැල්ලුවක් දැනෙන නිසාම පමනක් ඔය පොත ටිකින් ටික මකන්න උත්සාහා කරන්න බලන්න..........

2011-03-06

දහම එක් අතකින් අර මුරකරු දැල්වූ පහන් බුබුලු වල ආලෝකය නැවත .............

සිතම මත කලක් අකීකරුව දුව ඇවිදුනු ලද මතකයන් මේ වනවිට සිතේ ඈත කෙලවර යාන්තමට සක්මන් කරන සෙවනැලි සේ විටින් විට සිතේ අවධානය යාන්තමින් පැහැර ගනී. කලක් ඊයම් ගුලියක් සේ මහත් බරට සිත හරහා ගමන්කරන්නාක්සේ දැනුනු මතකයන් කුඩා පුලුන් රොදක් සේ කලාතුරකින් සිත මතුපිටට පැමින් මොහොතක් දෙකකින් නොපෙනී යන අයුරු හරිම අපූරුය. මිනිසුන් මතක ගොන්නක සිරකරුවන් වියයුතුමදැයි මම මගෙන්ම විමසමි.අවසන් වරට මා සේවය කරමින් සිටි විශ්වවිද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ලේ උඩු මහලේ වූ දේශන ශාලාවේ දවසේ අවසාන දේශනයෙන් පසුව අදුර මුලුමනින්ම වෙලා ගන්නා තුරු ඈතින් පෙනෙන මුහුදු වෙරළේ සිදුවන බොහෝ දේ දෙස බලා සිටින්නට මාතුල වූ හුරුව නැවතත් මතකයට නැගේ. අබුසැමියන් තම දූ දරුවන් සමග විනෝදවෙයි. පෙම්වතුන් දැත් පටලාගෙන ඔබනොබ ඇවිදින්නේ අද අදුර නොපැමිනෙන්නේ නම් මොන තරම් හොදදැයි කියන්නාක් මෙනි.තවත් තැනක තරුනයින් කිහිප දෙනෙකු මදුවිත තොලගාමින් කථා බහකය. කලාතුරකින් තැනක තනිවුනු තරුනයෙකු අහස පොලව ගැට ගසන්නට  හොදම විදිය සොයනවාසේ බර කල්පනාවකය.සිය ගනනකගේ කිසිදු සිතුවිල්ලක් ගනන් නොගන්නා රත්පැහැ ගත් සැදැ හිරු මඩල අනන්ත මහසයුරේ දිය ‍රැලි අතර සැගව යන යුරු බලා සිටින විට ජීවිතය ගැන මහත් අවබොදයක් සිත මතට උදාවෙයි.අවසානයේ පැමිනෙන මුරකරු මා එහි සිටින බව දන්නා නිසාම ශාලාවේ විදුලි පහනක් දෙකක් දල්වයි. දහම එක් අතකින් අර මුරකරු දැල්වූ පහන් බුබුලු වල ආලෝකය නැවත පැමිනිමක්සේ විටක මට සිතේ.

නිවනට බොහොම කිට්‍ටුයි කියලා අනුන් කියන නිසාම තමනුත් හිතන කෙනෙක් ........

........මේක මාර ජොලි වැඩක් වෙලා. නිවනට බොහොම කිට්‍ටුයි කියලා  අනුන් කියන නිසාම තමනුත් හිතන කෙනෙක් පොතක් ලියනවා අහවල් තත්වයට අහවල් තත්වයට පත් උනාම මෙහෙම මෙහෙම පාට පේනවා කියලා නැතිනම් වෙන මොකක් හරි දෙයක් පේන්න ගන්නවා කියලා. ඉතින් මේක කියවලා නිවන හොයනවා කියලා හිතාගෙන කට්ටිය අරපොතේ තිබුනු  පාටවල් නැතිනම් ලකුනු හොයන්න ගන්නවා ඇස් දෙක පියා ගෙන. ඉතින් මේ අසරනයට ස්නායුවක් හරි අවුට් ගිහිල්ලා පාටක් පෙනුන හැටියේ හිතා ගන්නවා මම මාරයි මම ඉන්නේ අහවල් තත්වේ කියලා. වැඩේ ඔහොම යනකොට මේක වෙච්ච මනුස්සයා කිව්වත් මටනම් ටිකක් සැකයි කියලා වටේ ඉන්න අය කියන්න ගන්නවා "පිස්සුනම් කතා කරන්න හදන්න එපා ඔයා ශුවර් එකටම මොකක් හරි පලයක් ලබලා ඉන්නේ කියලා." ලැබෙන සැපසම්පත් ටික දිහා බලලා මේ අසරනයත් හිතනවා වෙන්න ඇති මොකක් හරි ඵලයක් ලබලා වෙන්න ඇති නැත්නම් එක පාරට මේ තරම් සැප සම්පත් පහල වෙන්නේ කොහොමද කියලා...............

ඇත්ත බුදු දහම කාටවත් වටින්නේ නැහැ මොකද ඒක මාකට් කරන්න බැරි නිසා

.......මම මැතකදී කියවපු ලිපියක තිබුනා සාම්ප්‍රදායික ක්‍රිස්තු භක්තිකයන් ගැන අපූරු කතාවක්. "ඔවුන්ගෙන් යමෙක් ඇහුවොත් ඔබ යන්න කැමතිම තැන කොතැනද කියලා ඔවුන් එක පාරටම කියන්නේ දෙවියන් වහන් සේ ගාවට කියලලු. හැබැයි ඇහුවොත් දැන් යමුද කියලා කියනවලු අනේ දැන් නම් බැහැ කියලා" බුද්ධ දර්මයේ තත්වයත් මේ වාගේම තමයි කියලා හිතන්න පුලුවන්. ඇත්ත බුදු දහම කාටවත් වටින්නේ නැහැ මොකද ඒක මාකට් කරන්න බැරි නිසා. මේ නිසා තමයි වැල්වටාරම් වලින් පිරුනු අරු මෝසම් බුදු දහමට කවුරුත් කැමති. කථාන්දර තර්ක විතර්ක නිවන් මග යනකොට පෙනෙන පාටවල් ගැන කතාකරකර ඔහේ ඉන්න පුලුවන්නේ............

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...