Office මෘදුකාංග කට්ටලය Microsoft හි ප්රධානතම වෙලඳ ඉදිරිපත් කිරීමක් ලෙසට වූ කාලය අවසන් කරන්නට එම ආයතනය තීරනය කර තිබෙනවා විය හැක. සමස්ථයක් ලෙසට ආයතනයේ ව්යුහයේ සිදුවෙමින් ඇති වෙනස්කම් සමග ඔවුන් නිවේදනය කරන්නේ Mobile උපාංග සදහා Office මෘදුකාංගය ව්යාපාරික නොවන භාවිතාවේදී සම්පූර්නයෙන් නොමිළේ යොදා ගත හැකි බවයි. එම ආයතනය 2013 සිට iPhone සදහා ද මෙම වසරේ සිට iPhad සදහාද app එකක් ලෙසට Office 365 subscription නොමැතිවද සීමිත හැකියාවන් තුල Office නොමිළේ භාවිතාවට අවස්ථාව ලබා දී තිබූ අතර ගෙවී ගිය දිනයේදී ආයතනය නිවේදනය කර සිටියේ Android tablets සදහාද Office නිකුත්කර සිටින බවකි. ආයතනය වැඩි දුරටත් පවසන්නේ වෙනස් වන ලෝකය තුලදී භවිතාකරන්නන් සදහා සියලුම උපාංග අතර පහසුවෙන් Office භාවිතාවට දැන් අවස්ථාව ඇති බවයි.විචාරකයින් යෝජනා කරන්නේ ආයතනයෙන් ගිලිහෙන Mobile මට්ටෙම භාවිත තලය නැවත ආකර්ශනය කර ගැනීමට මෙම නව පියවර අනු ගමනය කරමින් සිටින බවකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Showing posts with label office. Show all posts
Showing posts with label office. Show all posts
2014-11-07
2014-10-29
Office16 2015 මැද භාගයේ පැමිනේවි....
Microsoft සමාගමේ නිෂ්පාදනයන් අතරින් දෙවන ප්රධානතම මෘදුකාංග නිකුතුව ලෙසට සැලකෙන්නේ Office මෘදුකාංග කට්ටලය වේ. වෙනම පරිගණකය මත ස්ථාපිතව භාවිතාකල හැකි ගොනුවක් ලෙසට මෙන්ම Online ආකාරයට භාවිතාකල හැකි පහසුවක් ලෙසට මේ වන විට මෙම මෘදුකාංගයන් ලොව පුරා මිලියන ගනනකගේ භාවිතාව ලබමින් ඇති බවටයි ගනනය වන්නේ. පලවන තොරතුරු හෙලිකර සිටින්නේ 2015 මැද භාගය වන විට Microsoft Office හි මීලග සංස්කරනය පැමිනීමට නියමිත බවකි. දැනට සීමිත පිරිසක් අත අත් හදා බැලෙමින් ඇති පෙර සංස්කරන මට්ටමේ ඇති පවතිම මෙම මෘදුකාංගය 'black' visual theme නිමාවකින් යුතුව Office 16 ලෙසට පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
2014-07-02
චීනය තුල Office මෘදුකාංගයද තහනම් වීමේ පුවතක් පසුව Microsoft වෙතින් ප්රතික්ශේපවේ...
චීනය තුල Windows 8 භාවිතාව තහනම් කෙරෙන පියවර සදහා ඔවුන් හේතු දක්වා සිටියේ එම මෙහෙයුම් පද්ධතිය සමග පහසුවෙන් භාවිතකරන්නාගේ තොරතුරු ලබා ගන්නට හැකි බවක් පවසමිනි. ඔවුන් වැඩි දුරටත් ප්රකාශකර සිටින්නේ මෙම මෙහෙයුම් පද්ධතිය සමග spyware පැමිනීමක් සිදුවනු ඇති බවට තමන් විස්වාස කරන බවකි. එම මෙහෙයුම් පද්ධතියේ කේත සටහන් හොදින් හදාරන්නට තම බලධාරීන් වෙතට නිසි ලෙස කාලවේලා ලබා නොදුන් බවටත් ඒ නිසා තම සැකය වඩාත් තහවුරුව ඇති බවටත් ඔවුන් එහිදී ප්රකාශකර සිටි බවට වාර්ථා පලවෙනු ලැබුවා.
පලවන නවතම වාර්ථා පවසන්නේ චීන රජය මේ වන විට Office මෘදුකාංගයද එරට තුල භාවිතය තහනම් කිරීමට පියවර ගනිමින් සිටින බවකි. චීනය තුල භාවිතාව සදහා මෙම ජනංප්රිය මෘදුකාංග වෙනුවට ඔවුන් විසින්ම නිර්මානය කරගත් විකල්ප මෘදුකාංග භාවිතය සදහා කටයුතු කරමින් සිටින බවටත් එම වාර්ථා වැඩි දුරටත් පවසනවා. පසුගියදා windows XP සදහා සහය දක්වන කාලය දීර්ගකරන ලෙසට චීන රජය Microsoft වෙතින් ඉල්ලා සිටින බවට තොරතුරු හෙලිවූ මුත් ඒ සදහා Microsoft ආයතනය සහය පලනොවිමත් මෙම ප්රතික්ශේප කිරීම පසුපස තිබෙන්නට හැකි බවටයි විචාරනය වන්නේ. Microsoft හිටපු CEO වරයා වරක් ඕවසා සිටියේ චීනය තුල භාවිතාවන මයික්රසොෆ්ට් මෙහෙයුම් පද්ධති වලින් දහයෙන් නමයක්ම ව්යාජ ආකාරයට සංක්රීය කරගත් ඒවා වන බවටයි. පසුව පලවූ Microsoft නිවේදනයකින් මෙම Office මෘදුකාංගය සම්බන්ද පුවත ප්රතික්ශේප කර සිටියා.
2014-03-28
Microsoft Word 2010 සදහා හදුනාගෙන ඇති හානිකරයට Fix It පිලිසකරයක් දැනට...
මයික්රසොෆ්ට් ආයතනය පසුගියදා නිවේදනය කර සිටියේ තම Microsoft Word 2010 වෙතට තවමත් හඳුනා නොගත් කන්ඩායමක් විසින් එහි වන දුර්වලතාවයක් ඔස්සේ කරන පහරදීම Word 2010 සමග වන සියලු Windows හා Mac ව්ල applications සදහා විවෘතව පවතින බවය. ආයතනය මෙය වැඩි දුරටත් පැහැදිලි කරමින් පවසා සිටියේ remote code execution අකාරයේ වන මෙම පහරදීම විශේෂ ආකාරයට සකසන ලද Rich Text Format ගොනු ඔස්සේ හා එසේම සකසන ලද Microsoft Outlook සමග නිර්මානය කරන ලද Microsoft Word ඔස්සේ විවෘත වීමට අවශ්ය වන ආකාරයට එවනු ලබන(email viewer ලෙසට) ගොනු ඔස්සේ සිදුවන් බවයි. ආයතනය මේ වන විටත් මෙම දුර්වලතාවය සදහා "Fix-It" ආකාරයේ පිලිසකරයක් නිකුත්කර ඇති අතර එය භාවිතාකරන්නා විසින් ලබා ගතයුතු ආකාරයේ වන අතර ස්තීර පිලිසකරයක් මේ වන විට නිම වෙමින් පවතින අතර එට ස්වංක්රීයව ස්ථාපනය වන ලෙසට ඉදිරියේදී නිකුත් කරන්නට කටයුතු ලරමින් සිටින බවයි. එසේම ආයතනය අවධාරනය කර සිටින්නේ මෙම හානිකරය WordPad සදහා අදාල නොවන බවයි.
Android හා iPhone සදහා Office Mobile දැන් නොමිළේය....
මයික්රසොෆ්ට් සමාගම නිවේදනය කරන්නේ Office Mobile මේ වන විට iPhone හා Android smartphones සදහා නොමිලේ භාවිතාකරන්නට හැකිවන බවයි. එසේම ආයතනය ඉගිකර සිටින්නේ Office සම්පූර්න සංස්කරනය මෙම platforms සදහා පැමිනීම සූදානම් වෙමින් පවතින බවයි. මීට පෙර මෙම උපාංග සදහා Office නොමිලේ භාවිතාව සදහා Office 365 සදහා subscription අවශ්යව තිබුනද ආයතනය පැහැදිලි කරන්නේ home use සදහා මේ වන විට එම දායක බව අනවශ්ය බවත් business purposes වලදී පමනක් එම දායකත්වය අවශ්ය වාන් බවත්ය. මෙම නව Office Mobile සංස්කරනය Android tablets සදහා තවමත් සහයෝගය නොදක්වන අතර එයත් සමග Word, Excel හා PowerPoint ගොනු creation, edit හා reading සදහා සහය වනු ඇති බවය. මීට අමතරව වන සංකීර්න බාවිතාවන් සදහා මෙම නිකුතුව එම උපාංග වෙතට සහය නොදක්වන අතර පැමිනෙන්නට නියමිත Office සම්පූර්න සංස්කරනය සමග ඒ සදහා අවස්ථව ලැබෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
2014-02-26
Office 2013 සදහා පලමු service pack නිකුතුව සිදුවේ...
Microsoft සමාගම තම Office 2013 සදහා වන පලමු service pack නිකුතුව නිවේදනය කර සිටිනවා. එම නිකුතුව x86 හා x64 ලෙසට ලබා ගන්නට හැකිවන අතර භාවිතාකරන්නා ස්ථපනය සදහා තොරා ගන්නා ආකාරය අනූව 643 හෝ 774 MB ලෙසට වනු ඇති බවටයි පවසන්නේ. පෙර දී සිදුවූ ආකාරයටම මෙම නිකුතුව Office සදහා පෙරදී සිදුවූ සියලු යාවත්කාලීන්ගෙන් සමන්විත වන අතර නව නිකුතුව සමග වැඩි දියනු කරන ලද ආරක්ශක හා මෘදුකාංගයේ ක්රියාකාරිත්වයන් භාවිතාකරන්නා වෙතට ගෙන විත් ඇති බවටයි නිවේදනය වන්නේ. පහත දක්වෙන සබදතා ඔස්සේ පිවිසීමෙන් එම නිකුතුවන්ගේ ඔබගේ භවිතාවෙමින් ඇති ස්ංස්කරනයට අදාල ගොනුව ලබා ගන්නට හැකි වනු ඇත.
2014-02-12
Windows XP සමග තවත් වැදගත් මෘදුකාංග සදහා සහය අවසන් වෙමින් ඇත....
මයික්රසොෆ්ට් වෙතින් එලබෙන අප්රේල් 8 දායින් සහය අවසන් වන්නට ඇති වින්ඩොස්XP පමනක් නොව office 2003 හා Exchang 2003 ද වන බවට ප්රකාශ වනවා. ආයතනය පැහැදිලි කරන්නෙ මොන මෙහෙයුම් පද්ධතියක් සමග බාවිතා වෙමින් තිබුනද මෙම අනෙකුත් මෘදුකාංග දෙක සදහාද මෙදිනින් පසුව සහය අවසන් වීම සිදුවනු ඇති බවයි. විස්ටා මෙන්ම , අමතර වැය , කාලය වැනි සාධක බොහොමයක් නිසාම වින්ඩොස් XP මෙන්ම Office 2003 වල සිට Office 2007 දක්වා upgrade නොවීම සිදුව ඇති බවටයි ආයතනය පැහැදිලි කරන්නේ. සමහර විටක තීර්න ගන්නන් මෘදුකාංගයක නව සංස්කරනයක් සදහා පැමිනීමට ආරක්ශාව , ක්රියාකාරීත්වය , නවාංග ආදී සාධක අමතක කිරීම හුදු වෙළඳමය උපාංක්රමයක් ලෙසට පමනක් ගැනීම සාර්ථක තීර්නයක් නොවනු ඇති බවටයි විචාරක මතය වන්නේ.
කෙසේ වෙතත් හදාරන්නන් පවසන්නේ තව දුරටත් Office 2003 භාවිතාවට අවශ්ය වන්නන් සදහා ගත හැකි ආරක්ශක උපංක්රම අතර default මට්ටමින් macros නතර කොට දැමීම වැදගත් වනු ඇති බවටයි. මයික්රසොෆ්ට් සමාගම office 2003 හා Office 2010 නිකුත්කිරීම අවසන් කොට ඇති මුත් සමහර online retailers සමග 2010 සංස්කරනය ඇති අතර ඩොලර් 100 - 840 අතර මිලකට ගත හැකිව තිබෙනවා. එපමනක් නොව හදාරන්නන් විකල්ප යෝජනාකරන්නටද කටයුතු කරනවා. OpenOffice මෙන්ම LibreOffice වැනි සාර්ථක මට්ටමේ නොමිළේ භාවිතාකල හැකි විවෘත මෘදුකාංග පිලිබදව අවධානය යොමු කිරීම වැදගත් වනු ඇති බවටයි ඔවුන් පවසන්නේ. ආයතනික මට්ටමේදී බොහෝ විට Windows XP හා Office 2003 මෙන්ම Exchange Server 2003 භාවිතාවීම සිදුවන අතර 2015 ජුලි 15 මයික්රසොෆ්ට් වෙතින් ඒ සදහාද නිල සහය අවසන්වීමට නියමිත බවත් පැවසෙන අතර Office for Mac 2011 Service Pack 2 (SP2) සදහාද සහය අවසන් වීමත් අප්රේල්8ට යෙදී ඇති නිසා Service Pack 3 ලබා ගැනීම එම භාවිතාකරන්නන් සදහාද වැදගත් වනු ඇති බවටයි මතක්කර සිටින්නේ.
2014-02-01
IE 11 වල IE8 සහය අනු සංස්කරනයක් (Enterprise Mode)
ආයතනිකව තවමත් බහුල භාවිතාවක් වන්නේ IE8 බව තොරතුරු හදාරන සමහර ආයතනයන්ගේ ගනන වාර්ථා පෙන්වා දෙමින් සිටිනවා. ඔවුන් පැහැදිලි කරන්නේ ආයතනික අභ්යන්තරව භාවිතාවන වෙබ් අඩවි හා ඇප් සදහා එම සංස්කරනය වඩාත් අවශ්ය වීම නිසාවෙන් එසේ සිදුවන බවයි. මයික්රසොෆ්ට් සදහා මෙම භාවිතාව අභියෝගයක් වන්නේ ඔවුනගේ Office 365 මෙන්ම Office2013 මෘදුකාංග ධාවනයට IE8 සහය නොදක්වන බැවිනි. පලවන නවතම පුවත් පවසන්නේ මයික්රසොෆ්ට් ආයතනය මේ සදහා විසදුමක් ලෙසට IE 11 වල Enterprise Mode ලෙසට නව සංස්කරනයක් සංවර්ධනය කරමින් සිටින බවකි. එම සංස්කරනයත් සමග ආයතනයනේ අභ්යන්තර අවශ්ය තාවයක් වන IE8 අවශ්ය වන ඇප් මෙන්ම අභ්යන්තරව ක්රියාත්මක වන වෙබ් අඩවි ධාවනයට ඉඩ සැලසෙනවා මෙන්ම Office නව සංස්කරන ධාවනයටත් සහය වනු ඇති බවටයි. කෙසේ වෙතත් මයික්රසොෆ්ට් ආයතනය තවමත් මේ බව නිල ලෙසට ප්රකාශ කොට නොමැත.
2014-01-30
LibreOffice 4.2.0 Final නිකුත්වේ!!!!!
ප්රධාන මට්ටමේ ආයතනය පමනක් නොව රාජ්ය මට්ටමේ ආයතනවලට පවා නිදහස් මෘදුකාංග දෙසට වැඩි අවධානයක් යොමු කරමින් සිටිනු දැකිය හැකිය. පසුගිය දා පලවූ වාර්ථාවක් පවසා සිටියේ බ්රිතාන්ය රාජ්ය ආයතනයන්ගේ කාර්යාල භාවිතාවට මයික්රසොෆ්ට් ඔෆීස් මෘදුකාංගය වෙනුවට open office හා සමාන්තර නිදහස් මෘදුකාංග දෙසට අවධානය යොමු කරමින් සිටින බවයි. මෙම මෘදුකාංග සංවර්ධනය කරන්නන් හා හදාරන්නන් පවසමින් සිටින්නේ මුල් යුගයේදී මෙන් නොව වෙළඳ සංස්කරන හා සමානවම ක්රියාකාරීත්වයක් ඇති මෘදුකාංග මේ වන විට නිදහස් මෘදුකාංග ලෙසටද පැමිනෙමින් ඇති බවයි.
Libre Office යනු Writer, Calc, Impress, Draw, Math හා Base වැනිආකාරවලට දෛනික ඔෆීස් භාවිතාවන් සපුරා ලන්නට නොමිලේම මැදිහත් විය හැකි මෘදුකාංගයකි. අමතරව auto-completion, auto-formatting හා automatic spelling checking වැනි සහයන්ද සමග පැමිනෙන මෙම මෘදුකාංගය සමග ගනන කටයුතු , ඉදිරිපත්කිරීම් කටයුතු , 3D දක්වා රූ සටහන් කටයුතු , ඩේටා බේස් කටයුතු මෙන්ම සංකීර්න ගනිතමය කටයුතු වැනි දෛනික ජීවිතයට අදාල බොහෝ දේ සදහා මෙම මෘදුකාංගය සහය වීමට සූදානමින් සිටී.
http://mirror.arlug.ro/pub/tdf/libreoffice/stable/4.2.0/win/x86/LibreOffice_4.2.0_Win_x86.msi
2013-11-21
Office 2013 සදහා වන SP1 එලබෙන වසරේ පලමු භාගයේ!!!
මයික්රසොෆ්ට් සමාගම නිවේදනය කරන්නේ තම ඔෆීස් 2013 සදහා නිකුත්වන පලමු Service Pack ගොනුව 2014 මුල් භාගයේ නිකුත්වන්නට නියමිත බවකි.එම නව යාවත්කාලීන ගොනුවත් සමග windowa 8.1 සදහා වඩාත් සහය දැක්වීමේ හැකියාව ක්රියාකාරීත්වය දියුනු කිරීම් සමග නවාංග කිහිපයක් ඇතුලත්වීමට නියමිත බවටයි ප්රකාශ වන්නේ.Office 365 සදහා එම භාවිතාකරනන් වෙත නිරන්තරයෙන් යාවත්කාලීනයන් ලැබෙන බැවින් එය අදාල නොවුනු ඇති බවටයි වැඩි දුරටත් පහැදිලි කර සිටින්නේ. පසුගිය වසරේ නිකුත්කරනු ලැබු මෙම මෘදුකාංගය වෙත එන මෙම යාවත්කාලීනය වින්ඩෝස් 8.1 වෙත පැමිනි Blue සංකේත නාමයෙන් හැදින්වූ යාවත්කාලීනය වැනි එකක වන අතර ආයතනය තුල දැනට මෙම ගොනුව සදහා භාවිතාවන සංකේත නාමය වන්නේ "Gemini" ලෙසට වනවා.තවමත් මෙම "Gemini" නිකුතුව හා SP1 ගොනුව එකම නිකුතුවක්දැයි පැහැදිලි කිරීමක් නිකුත්ව නැති අතර නුදුරු අනාගතයේ මේ පිලිබදව වැඩි දුර තොරතුරු නිකුත්වනු ඇත් බවටයි බලාපොරොත්තුව වන්නේ.
2013-11-05
එලබෙන ගිම්හානයේදී හෝ වසන්තයේදී ඔෆ්ෆීස් Modern UI ඇප් එක පැමිනේවි....
මයික්රසොෆ්ට් සමාගමේ ප්රකට Office මෘදුකාංගය සදහා පැමිනෙන්නට නියමිත touch-based devices සහය ඔෆ්ෆීස් ඇප් නිකුතුව එලබෙන වසරේ පැමිනෙන්නට නියමිතව ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ. ස්පර්ෂක තිර සහය උපාංග Windows 8.1 හෝ Apple's iPad වැනි භාවිතාවන් ඉලක්කකර ගනිමින් පැමි නෙන්නට නියමිත මෙම නිකුතුව සමග ඔවුනගේ ප්රකට Office මෘදුකාංග එකතුව පිලිබදව මුලින්ම කෙටි හැදින්වීමක් BUILD 2013 conference වලදී කරන්නට කටයුතු කරන ලද අතර එම නව නිකුතුවෙහි Word, Excel හා PowerPoint වනි අංගයන් නිමවෙමින් ඇති බවටයි මීට පෙර නිකුතුත්වූ වාර්ථාවකින් පැවසුනේ.පෙර පැවසුනේ මෙම නිකුතුවේ සංකේතනාමය Gemini ලෙසට උවත් නව වාර්ථා පවසන්නේ ආයතනය තුල මෙ සදාහ යොදා ගන්නා සංකෙතනාමය වන්නේWinRT app වන බවයි.වැඩි දුරටත් හෙලිවන කරුනු පවසන්නේ මෙම නව නිකුතුවේ iOS සංස්කරනයක් පමනක් නොව ඇන්ඩ්රොයිඩ් තලය සදහාද සහය දක්වන සංස්කරනයක් පැමිනෙන්නට සැලසුම් වෙමින් පවතින බවකි.
2013-10-09
office ස්පර්ශ මිත්ර සංස්කරනයක් iPad වෙතට
මයික්රසොෆ්ට් ආයතනයේ CEO පසුගියදා ප්රසිද්ධ හමුවකට සහභාගී වෙමින් පවසා සිටියේ මයික්රසොෆ්ට් හි ප්රකට මෘදුකාංගයක්වන Office වල නිශ්චිත සංස්කරනයක් iPad වෙතට පැමිනීම සිදුවනු ඇති බවයි. හදාරන්නන් පවසන්නේ මයික්රසොෆ්ට් හි ඉහලම මට්ටමේ මෘදුකාංගයක් iPad වෙත පැමිනීමක් පිලිබදව වගකිවයුතු නිවේදනයක් ප්රකාශවූ ප්රතම වතාවට බවයි. එහිදී CEO වරයා පැහැදිලි කොට සිටියේ Mouse හා Keyboard වෙතට වඩාත් සමීප නම්යතාවයක් ඇතිව නිර්මානය වී ඇති office වැනි භාවිතාවක් ස්පර්ශක මූලික භාවිතාවකට රැගෙන ඒමේ අභියෝගය වින්ඩෝස්8 සමග කෙමෙන් තහවුරු කර ගනිමින් සිටින බැවින් එය iPad වැනි ස්වභාවයෙන්ම ස්පර්ශක මෙහෙයුම් මිත්ර උපාංග තලයට රැගෙන ඒම අපසහුවක් නොවුනු ඇති බවයි.කෙසේ වෙතත් ඒ සදහා දින වකවානුවක් පිලිබදව කිසිදු සටහනක් සිදුවූවේ නැත.පෙර මාසයේද මයික්රසොෆ්ට් හි ප්රධාන මට්ටමේ නිලධාරියෙකු පවසා සිටියේ office ස්පර්ශ මිත්ර තලයකට ගෙන ඒම නිශ්චිත කාලසටහනකට අනුව ඒ වන විටත් සිදුවෙමින්පවතින බවකි.
2013-09-29
LibreOffice නව සංස්කරනයක් නිකුත්වේ!!!!
ලොව බහුලතම පරිගණක භාවිතාවක් වන office මෘදුකාංගය සදහා මයික්රසොෆ්ට් ආයතනයේ මෘදුකාංග නිකුතුව වැඩිම ආකර්ශනයක පවතින විසදුමකි.එහෙත් පෞද්ගලික මට්ටමේ මෙන්ම අඩු බරැති භාවිතාවන් ඔබගේ අවශ්යතාවය වන විට එතරම් මිල අධික විසදුමකට ඔබ යොමුවීම අනිවාර්ය නොවනවා විය හැක. LibreOffice මෘදුකාංගය සියලුම ප්රධාන මෙහෙයුම් පද්ධති සමග සහයෝගයෙන් ( Windows, Macintosh හා Linux) කටයුතු කරන්නට සූදානම්ව පැමින ඇති අතර එහි වන Writer, Calc, Impress, Draw, Math හා Base මෘදුඅංග සමග ඔබගේ බොහෝ දත්ත සැකසුම් කටයුතු හොඳුන් ඉටුකර දෙන්නට සූදානම්ව සිටින බවටයි ඔවුන් පවසන්නේ.
එහි වන Writer සමග ඔබගේ වදන් සැකසුම් කටයුතු කරගන්නට සහයවන්නට හැකි වන අතර Calc සමග සංක්යා මූලික කටයුතු වලදී සහයවන්නට සුදානම්ව සිටී.ඔබගේ multimedia presentations කටයුතු සදහා Impress විසඳුමක් ගෙනෙන්නට සූදානම්ව සිටින අතර Draw සමග diagrams , sketches කටයුතු සදහා සහය වනු ඇති බවටයි ඔවුන් පවසන්නේ.එසේම databas කටයුත්තකදී Base ඔබගේ සහයට පැමිනෙනට සූදානම් බවටත් ඔවුන් පවසනවා.තවත් බොහෝ පහසුකම් සමග පැමින ඇති මෙම මෘදුකාංගයේ භාවිතාකරන්නගේ මුහුනත් ආදියද පෙරකාලයේ මෙන් හැසිරවීමට අපහසු නොවන ලෙසට (භාවිතාකරන්නා මිත්ර) පැමින තිබීම නව භාවිතාවක් අත්හදා බලන්නට තීඑනය කරන ඔබට පහසුවක් වනු ඇත.
http://ftp5.gwdg.de/pub/tdf/libreoffice/stable/4.1.2/win/x86/LibreOffice_4.1.2_Win_x86.msi
Subscribe to:
Posts (Atom)
Gmail වල ප්රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්රධායික අනන්යතාවය මහත් න...











