2013-10-09

office ස්පර්ශ මිත්‍ර සංස්කරනයක් iPad වෙතට

  මයික්‍රසොෆ්ට් ආයතනයේ CEO පසුගියදා ප්‍රසිද්ධ හමුවකට සහභාගී වෙමින් පවසා සිටියේ මයික්‍රසොෆ්ට් හි ප්‍රකට මෘදුකාංගයක්වන Office වල නිශ්චිත සංස්කරනයක්  iPad වෙතට පැමිනීම සිදුවනු ඇති බවයි. හදාරන්නන් පවසන්නේ මයික්‍රසොෆ්ට් හි ඉහලම මට්ටමේ මෘදුකාංගයක් iPad වෙත පැමිනීමක් පිලිබදව වගකිවයුතු නිවේදනයක් ප්‍රකාශවූ ප්‍රතම වතාවට බවයි. එහිදී CEO වරයා පැහැදිලි කොට සිටියේ Mouse හා Keyboard වෙතට වඩාත් සමීප නම්‍යතාවයක් ඇතිව නිර්මානය වී ඇති office වැනි භාවිතාවක් ස්පර්ශක මූලික භාවිතාවකට ‍රැගෙන ඒමේ අභියෝගය වින්ඩෝස්8 සමග කෙමෙන් තහවුරු කර ගනිමින් සිටින බැවින් එය iPad වැනි ස්වභාවයෙන්ම ස්පර්ශක මෙහෙයුම් මිත්‍ර උපාංග තලයට ‍රැගෙන ඒම අපසහුවක් නොවුනු ඇති බවයි.කෙසේ වෙතත් ඒ සදහා දින වකවානුවක් පිලිබදව කිසිදු සටහනක් සිදුවූවේ නැත.පෙර මාසයේද මයික්‍රසොෆ්ට් හි ප්‍රධාන මට්ටමේ නිලධාරියෙකු පවසා සිටියේ office ස්පර්ශ මිත්‍ර තලයකට ගෙන ඒම නිශ්චිත කාලසටහනකට අනුව ඒ වන විටත් සිදුවෙමින්පවතින බවකි.

Meta ගෙනෙන Movie Gen

  Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත  වීඩියෝ  (realistic-seeming)  නිපදවා   ගන්නට...