2014-11-30

System Explorer මෘදුකාංගය සමග ඔබේ පරිගණකය හඳුනා ගනිමු...

`
   විටක ඔබේ පරිගණකය ඔබට රහසක් නැතිනම් ගැටලුවක් වූ අවස්ථා නැතුවාම නොවිය හැක. එහි ධාවනය වන මෘදුකාංග පරිසරය පිලිබදව අවශ්‍ය තොරතුරු  ලබා ගන්නට එම මෙහෙයුම් පද්ධතිය සමග එන පහසුව මදිවන විටකදී තැන් කිහිපයකටම පිවිස ඒවා විමසා බලන්නට සිදුවීම දැඩි අපහසුවක් වන්නේ විටක එම තොරතුරු අවශ්‍ය වන්නේද හදිස්සි අවස්ථාවක්දී වීමට ඉඩ ඇති බවිනි. System Explorer ඔබේ සහයට එන්නේ මෙවැනි අවස්ථාවලදීය. මෙම කුඩා මෘදුකාංගය සමග එන tools ඔස්සේ ඔබේ පරිගණකය තේරුම් ගන්නට පමනක් නොව එය Under Controlව තබා ගන්නට අවස්ථාවක් ගෙනෙනු ඇත. එපමනක්ම නොව File Database වැනි පහසුවක් ඔස්සේ ඔබ නොදැන එහි ධාවනය වෙමින් ඇති මෘදුකාංග මොනවාදැයි පැහැදිලි කරගන්නට හා ඒවා පිලිබදව  වැඩි දුර තොරතුරු තේරුම් ගන්නටද ඔබට හැකි වනු ඇත. එසේම සැක කටයුතු මෘදුකාංග ධාවනයන් වලදී එම මෘදුකාංග පිලිබදව  VirusTotal හරහා විමසා බලන්නට සහය වීම වඩාත් සිත්ගන්නා පහසුවක් වනු ඇත.මූලිකව මෙම මෘදුකාංගය සමග ඔබේ පරිගණකයේ Tasks, Processes, Modules, Startups, IE Addons, Uninstallers, Windows, Services, Drivers, Connections හා  Opened Files පිලිබද තොරතුරු එය ලබා දෙනු ඇත. තවත් පහසුකම් රාශියක් සමග පැමිනෙන මෙම මෘදුකාංගය පිලිබදව වැඩිදුර තොරතුරු හා භාවිතාව සදහා පහත දැක්වෙන සැබැඳුම ඔස්සේ පිවිසීමෙන් ඔබටත් හැකිවනු ඇත.
       මෙම මෘදුකාංගය ඇතුලු තවත් දෛනික පරිගණක භාවිතාවේ වැදගත් වන මෘදුකාංග හා පරිගණක ආශ්‍රිත තොරතුරු සදහා www.itlk.us වෙතට එන්න.

Globus VPN Browser ඔස්සේ IP බාදක ජයගමු!!!

  මෙයද  Chromium මත පදනම්ව නිර්මානය වන තවත් web browser එකකි. , මෙම බ්‍රවුසරය සමග encrypting traffic ඔස්සේ secure හා privacy  හොඳින් සු‍රැකෙන වෙබ් සැරියකට ඔබට ඉඩ සලසයි. මෙම බ්‍රවුසරය virtual private network ඔස්සේ ඔබව අන්තර්ජාලය වෙතට සම්බන්ද කරන නිසා වඩාත් ඔබගේ privacyය සුරකින්නට සහය වනු ඇති බවටයි සැලකෙන්නේ. එහිදී ඔබගේ  ISP, IP ආදී තොරතුරු tracing වීමේ හැකියාව අහිමි වන අතර ඒ ඔස්සේ අප වෙතට based on location නිසා ලගා වෙන්නට නොහැකි වන වෙබ් අඩවි මෙන්ම සමහර විශ්වවිද්‍යාලවල දේශන මෙන්ම විටක පැමිනෙන්නට බාදා කරන අධ්‍යාපනික Youtube වැඩසටහන් වලට පවා පිවිසෙන්නට හැකිවනු ඇත. මෙම Globus VPN Browser  විසින් ඔබේ සැබෑ IP ලිපිනය සගවන බැවින් වන තාක්ශනයක් ඔස්සේ මෙම පහසුව සලසන අතර මෙම මෘදුකාංගය Windows වල 32-bit හා  64-bit සංස්කරන සමග ක්‍රියාත්මක වන නිදහස් මෘදුකාංග වර්ගයේ එකක් වීම වැඩි පහසුවක් වනු ඇත.
                                                            visit www.itlk.us For Latest IT News and Reviews

2014-11-26

නොමිළේ ඇති Wi-Fi Hotspots හැමවිටම පහසුවක් නොවිය හැක...

   Wi-Fi Hotspots වේගයෙන් පැතිරයමින් පවතින  ප්‍රවනතාවයක් දැකිය හැක. අයෙකුට නොමිළේම තම Eමේල පිරිස්සන්නට, වෙබ් අඩවි අතර සරන්නට මෙන්ම ගොනු හුවමාරුකරගන්න ලැබෙන මෙම අවස්ථාව විටක සාමාන්‍ය මට්ටමේ අවන්හල්වල සිට Airport වැනි ස්ථාන දක්වා විවිධ ආකාරයේ ස්ථාන වලට දැන් පැමිනෙමින් ඇත. භාවිතාකරන්නෙකුට අගනා අවස්ථාවක් ‍රැගෙන එම මෙම භාවිතාවේ සැගව එන අනතුරුදායක බවක්  විටක භාවිතාකරන්නා නොදැනීම පවතී. විධිමත් තහවුරුවකින් (Authentication) තොරව ඇති වන දත්ත සබදතාවයක් ඔස්සේ සිදුවන මෙම භාවිතාව සමග hacker ආකාරයේ දත්ත පැහැර ගන්නෙකුටද හිතැති පරිසරයක් නිර්මාණය වන බව විටක ඔබ නොදන්නවා විය හැක. ඔබගේ උපාංගය එම සේවාව ලබා දෙන ආයතනයේ Wi-Fi Router අතරට පැමිනෙන  දත්ත පැහැර ගන්නාගේ උපාංගය හරහා වන ලෙසට diverted කර ගැනීම ඔස්සේ ඔහුට පහසුවෙන් ඔබ විසින් කරන දත්ත හුවමාරුවේ පිටපතක් තබා ගන්නට හැකිවේ. මේ ආකාරයට පහසුවෙන් ඔබගේ බැංකු තොරතුරු අවසර පද ආදිය අන්සතුවීමට අවකාශයක් විවරවේ. 
               මෙවැනි ස්ථාන ආශ්‍රිතව පැමිනිය හැකි තවත් හානියක් වන්නේ මෙවන් ජාලයකට ඇතුලුවන  Malware පතුර වන්නේකුට පහසුවෙන් එම ජාලය තුල ඇති උපංගයන්ගේ Model Noumbers වැනි තොරතුරු ‍රැස්කර ගැනීමක් ඔස්සේ  ඔහු සතුවන ව්‍යාජ යාවත්කාලීන වැනි වැඩසටහන් පෙර කී උපකරන කරා ඒවායෙන් ලබා ගත් තොරතුරු අනූව් යොමු කිරීමේ හැකියාව ලැබීම වේ. Wi-Fi මෙන්ම File Sharing සැකසුම් වඩාත් පුලුල් සැකසුම් සහිත උපාංග සදහා මේ ආකාරයට හානිකරයක් ඇතුලු කිරීම පහර දෙන්නෙකුට බොහෝ විට සරල කාරනයක් විය හැක.
                       විටක සරල මෘදුකාංග භාවිතාවක් සමග එම ජාලය තුල සිදුවන ඊමේල් වැනි Text Form වලින් වන තොරතුරු පහර ගන්නෙකුට පහසුවෙන් විවෘත කර බලන්නට හැකිවීම තවත් ආකාරයක් ගත් අනතුරක් වන අතර මෙවැනි ස්ථන වලදී උපාංග සමග ඇතිවන සබඳතා Unencrypted වීම ඒ සදහා වඩාත් පහසුවක් වෙයි. මෙවැනි ස්ථාන වලදී  වන භාවිතාවන් වඩාත් පෞද්ගලික මට්ටමේ ඒවා නොකර ගැනීම සරලව මෙවන් අනතුරු වලින් ගැලවී සිටින්නට පහසුවක් වන අතර පැමිනෙන හෝ පිටත්වන දත්ත ගොනු පිලිබදව අවධානයෙන් සිටීම මෙන්ම උපකරනයේ සැකසුම් ඔස්සේ එහි ආරක්ශිත බව උපරිමව තබා ගැනීමද ඉතා වැදගත් වේ.

Apple Pay හඳුනා ගනිමු…

    Apple Pay පසුගිය දිනවල පැමිනි බෙහෙවින් කථාබහට ලක්වෙමින් ඇති Apple ආයතනය හදුන්වා දෙන වඩාත් සුරක්ෂිත payment system එකකි. එය iOS 8.1 යාවත්කාලීනයත් සමග පැමීනෙන සේවාවක් වන අතර දැනට US වලට භාවිතයට පැමින ඇති හා එලබෙන වසරේදී අනෙකුත් රටවලටද ක්‍රමයෙන් භාවිතාවට පැමිනෙන්නට නියමිත පහසුවකි. මෙය NFC ආකාරයට ක්‍රියාත්මක වන සේවාවක් වන අතර භාවිතාකරන්නාගේ Credit හෝ Dibet card ඔස්සේ තම ගෙවීම් පහසුවෙන් හා සුරක්ෂිතව කරන්නට සහය වන්නක් බවට පැහැදිලි කෙරේ. සරලව පැහැදිලි කෙරෙන්නේ Passbook app ස්ථාපනයෙන් අනතුරුව තම ගෙවීම් කාර්ඩ් පත් තොරතුරු ලබාදීමත් සමග පහසුවෙන් එය භාවිතාවට සූදානම් වන අතර ගෙවීම් කලයුතු ආයතනයක Credit Card Reader එකක් අසලට තම දුරකථනය ලංකිරීමත් දුරකථනයේ වන Apple’s Touch ID button වෙතට භාවිතාකරන්නගේ ඇගිලිතුඩ තබා අනන්‍යතවය තහවුරු කිරීමත් පමනක් වන අතර අමතර Pin වැනි තොරතුරු හුවමාරුවකින් තොරව එම ක්‍රියාවලිය සම්පූර්න කරන්නට හැකි වන බවටයි.
දුරකථනයේ චිප් පතෙහි අඩංගුවන එම කාර්ඩ් පත් පිලිබද තොරතුරු encrypted මට්ටමේ වන නිසා Hack වැනි අනතුරක් ඔස්සේ එම තොරතුරු අන්සතුවීම මෙන්ම දුරකථනය අස්ථාන ගතවීමකදී එම තොරතුරු බාහිරට ලබා ගැනීමේ හැකියාවකින් තොරවන අතර එවැනි අවස්ථාවකදී Find My iPhone වැනි ටූලයක් ඔස්සේ වෙනත් බ්‍රවුසරයක සිට දුරකථනය සම්පූර්නයෙන් Lock කර දමන්නය හැකිවීම ඔස්සේ වඩාත් සුරක්ෂිත බවක් ලැබේ. සිදුවන සැම ගනුදෙනුවක් ඔස්සේම Apple ආයතනයට ආදායමක් ඉපයෙන මුත් ආයතනය පවසන්නේ තම් Apple servers වල මිලදී ගැනීම් පිලිබදව වැනි කිසිදු තොරතුරක් ‍රැස් නොව්න ලෙසට මෙම ක්‍රමවේදය වන බවයි. Card පත් ගෙවීම් යුගයේ සිට Contactless ආකාරයට වන මෙම නව ගෙවීම් යුගය වඩාත් පහසු සුරක්ෂිත වනු ඇති බවටයි විචාරනය වන්නේ.
(පරිගණක පුවත් , විචාර ලිපි , නොමිලේ භාවිතාකල හැකි මෘදුකාංග තොරතුරු , තොරතුරු තාක්ෂණය ගැන වන  නිර්මාණශීලී සටහන් ඇතුලු බොහෝ දෑ එසැනින් මෙන්ම පහසුවෙන් එකම තැනකදී කියවන්නට දැන් www.itlk.us අඩවියේදී හැක.)
www.itlk.us

2014-11-25

තොරතුරු ලෝකයේ සියලු පුවත් එකම අඩවියකදී සිහලෙන් කියවන්නට.....

    එක් අඩවියකදී පරිගණක ලොකයේ දවසේ තොරතුරු සටහන් පෙල සමග මෘදුකාංග තොරතුරු, පරිගණක ක්‍රීඩා තොරතුරු මෙන්ම විචාර ලිපි(Reviews) ඇතුලු බොහෝ දේ සමග දැන් පහසුවෙන් කියවන්නට හැක. පූර්නකාලීනව Update වන වෙබ් අඩවියක් වන නිසාම මෙහිදී තොරතුරු ලෝකයේ නැවුම් සිදුවීම් එසැනින් සිංහල භාෂාවෙන් කියවන්නට ඔබට හැකිවනු ඇත. www.itlk.us 

Images ලෙසට එන Android Malware වක්

     Android ලොව බහුලතම භාවිතාවක් ලබන මොබයිල් මට්ටමේ මෙහෙයුම් පද්ධතිය ලෙසට පිලිගැනේ. මේ නිසාම පැමිනෙන අතුරු කාරනාවක් වන්නේ හානිකරන්නෙගේද වැඩි අවධානයක් මෙම මෙහෙයුම් පද්ධතිය වෙතට ලැබීමය. හැදෑරුම් වාර්ථා හෙලිකරන්නේ මොබයිල් මෙහෙයුම් පද්ධති අතරින් ලොව වැඩිම හානිකරයන් සදහා ලක්වන්නේ Android මෙහෙයුම් පද්ධතිය වීමය. මෑතකදී හදාරන්නන් පිරිසක් හෙලිකර සිටියේ PNG හා JPEG ගොනු ආකරයට මෙම මෙහෙයුම් පද්ධතිය ඉලක්ක කර ගනිමින් එන malwareවක් තමන් හඳුනා ගත් බවකි. ඔවුන් හෙලිකර සිටියේ Security app පවා මෙම ස්වභාවය සමග පහසුවෙන් මග හරින්නට හැකිවනවා පමනක් නොව Play Store වලදීද Bouncer වලින්  මග හරින්නට සමත්වන බවකි.  උපාංගයේ වන Emails , Photes වැනි දත්ත පහසුවෙන් මෙම හානිකර appමෘදුකාගය ඔස්සේ පැහැරගන්නට සමත්ව ඇති බවටයි ඔවුන් පැහැදිලි කරනු ලැබුවේ.
        මෙම තොරතුරු හෙලි කරනු ලැබුවේ Google වෙතින් එම අදාල දුර්වලතාවය සදහා පිලිසකර නිකුත්කිරීමෙන් අනතුරුව වුවද නිසි පරිදි යාවත්කාලීන ලබා නොගන්නා භාවිතාකරන්නන් සදහා තවමත් මෙම අනතුරු විවෘතව ඇති අතර තමන්ගේ උපාංගයයේ යාවත්කාලීන තත්වය පරික්ශා කිරීම සදහා Setting ඔස්සේ පිවිස "About Phone" වෙතින් system Update හෝ Software Update වල Your System ia  Upto Date මට්ටම දක් වෙන්නේ දැයි විමසා බැලීම වැදගත් වනු ඇත. සමහර නිෂ්පාදකයින් හරහාද යාවත්කාලීනයන් පැමිනීමේ ප්‍රමාදය ගැන විමසිලිමත්වන ලෙසට යෝජනා කරන ඔවුන් Android 4.4.4 සංස්කරන මට්ටමේ නොමැති Android උපාංග ඔස්සේ images විවෘත කිරීමේදී කල්පනා කාරී වන ලෙසට උපදෙස් දෙනු ලබනවා.

2014-11-24

VLC Media Player නවතම සංස්කරනයක් පැමිනේ...

     කවර මට්ටමක භාවිතාකරන්නන් අතර වුවද පොදු මෘදුකාංග අවශ්‍යතාවයන් අතර Media Player මෘදුකාංගය වැදගත් තැනක වේ. audio මෙන්ම video ගොනුවක ධාවනය බොහෝ විට මේ සියල්ලන්ටම වන අවශ්‍යතාවයක් වීම මෙයට හේතුවේ. මීලගට හමුවන ගැටලුව වන්නේ බොහෝ විවිධාකාර ගත් ගොනු රටා සදහා එකම Player එකක් නොසෑහීමය. සමහර භාවිතාකරන්නන් මේසදහා විසදුම ලෙසට යොදාගන්නේ විවිධ ගොනු සදහා සහය දක්වන Players කිහිපයක් තම පරිගණකයේ ස්ථාපනයට කටයුතු කිරීමයි. මෙම භාවිතාවද ගැටලු සහගත වන්නේ මේවා අතර මතුවිය හැකි  සංකීර්නතා මෙන්ම ඒවා යාවත්කාලීන වීමට ස්වංක්‍රීයව ක්‍රියාත්මකවීම වැනි කාරනා බොහෝ විට මතුවීමය. සාමානය භාවිතාකරන්නෙකුට මේ සදහා වන හොඳම විසඳුම වන්නේ වඩාත් වැඩි ගොනු වර්ග ප්‍රමානයකට සහය දක්වන Player මෘදුකාංගයක් තොරා ගැනීමය.  Vlc Player යනු මේ සදහා ඇති ප්‍රධානතම තොරා ගැනීමක් ලෙසටයි පිලි ගැනෙන්නේ. streaming server දක්වා වන බොහෝ පහසුකම් සහිතව එන මෙම Playerය MKV/Opus/VP9, H.265, Ogg/VP8, CAF, raw H.265 වැනි නවීන ගොනු වර්ග සදහාද හොඳින් සහය දක්වන බවටයි දැක්වෙන්නේ. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ එම වෙන් අඩවිය වෙතට පිවිස එම මෘදුකාංගයේ නවතම සංකරනය දැන් ලබා ගන්නට ඔබට හැක.

මියගිය හිතවතුන් වෙනුවෙන්ද මතක වෙබ් පි‍ටු....

   UK වල ප්‍රකට අවමංගල්‍ය අධ්‍යක්ෂක සමාගමක් පවසන්නේ තම මියගිය හිත මිතුරාදීන් සදහා වෙබ් මතකයක් සටහන් කර බෙදා හදා ගැනීමේ අවස්ථාව දැන් ලබා දෙමින් සිටින බවයි. දලවශයෙන් වසරකට අවමංගල්‍යයන් 100000 කට වඩා සේවය ලබා දෙන ආයතනයක් ලෙසට ගැනෙන මෙම ආයතනය පවසන්නේ පුවත් පතක හෝ වෙන කිසිම මාධයකට වඩා පහසුවෙන් සටහන්, හඬ පට , වීඩියෝ මෙන්ම ඡායාරූ වැනි සියලු මතකයන් තම වෙබ් පි‍ටු සේවාව සමග බෙදා හදා ගන්නට එම සේවා දායකයන්ට හැකි වන බවය. අදාල පුන්‍ය කටයුතු සදහා සබදතා මෙන්ම Facebook , Google+ වැනි සමාජජාලා ඔස්සේ පහසුවෙන් ප්‍රසිද්ධ කිරීමේ හැකියාව නිසාද මෙම සේවාව වඩාත් සිත්ගනු ඇති බවට ඔවුන් බලාපොරොත්තු පලකරනවා. ත්ම ආයතනයෙන් සේවාව ලබන අය සදහා දැනට විවෘතව ඇති මේ සේවාව ඔස්සේ මාස තුනක සිට වසර 10 දක්වා එම මතක සටහන් පි‍ටු නඩත්තු කරන්නට තමන් සූදානම් බවට ඔවුන් පවසනවා. භාවිතාකරන්නා හටම  පහසුවෙන් online ආකාරයට අදාල වෙබ් අඩවිය ඔස්සේ තම අදාල පි‍ටුව නිර්මානය කර ගැනීමට අවස්ථාව ලබාදෙන අතර අවශ්‍ය අය සදහා මෙම මතකයන් මුද්‍රිත ආකාරයෙන් ලබා ගන්නට ඇනවුම් කරන්නටද හැකි වන ලෙසට තම සේවාව සැකසී ඇති බවටත් ඔවුන් පැහැදිලි කර සිටිනවා. මීට අමතරව නොමිළේ මෙම සේවාව ලබා ගත හැකි වෙබ් අඩවිද (www.muchloved.com) පවතින අතර දුර බැහැරක වෙසෙන අයෙකුට පවා ඒවා ඔස්සේ තම ආදරනීයයන්ගේ මතකයන් දකින්නට මෙන්ම ඔවුන් වෙනුවෙන් පුන්‍ය අධාර කරන්නට මෙන්ම ග්‍ර‍ෆික් ආකාරයට වන ඉටිපන්දම් දැල්වීමකට පවා අවස්ථව ලබා දෙනුලබනවා.

Number Spoofing ආකාරයේ අපරාධවල වැඩිවීමක්..

      Number Spoofing වලදී සිදුවන්නේ ඔබ හොඳින් දන්නා කියන විධිමත් ආයතනයන්ගේ දුරකථන අංක ව්‍යාජව නිර්මානය කර සයිබර් අපරාධකරුවන් එවා ඔස්සේ ලබා දෙන දුරකථන ඇමතුම් මගින් බැංකු ගිනූම් තොරතුරු ලබා ගන්නට උත්සාහ කිරීම, වෙනත් ගිනුම් වෙතට ඔබගේ ගිනුමෙන් මුදල් හුවමාරුවකට ඔබ පොලබවා ගැනීම වැනි ක්‍රියාකාරකම් බවටයි පැහැදිලි කෙරෙන්නේ. බොහෝ විට තම දුරකථනයේ මතකයේ රඳවා ඇති අංකයක් වන බැවින් ඇමතුම ලබන්නා එම ඇමතුම් කෙරෙහි විස්වාසය තබන්නට පොලබීම ඔස්සේ එම අපරාධකරුවන් පහසුවෙන් තම ඉලක්ක සපුරා ගන්නා බවටයි විස්තර වන්නේ. කාලයක් තිස්සේ සිදුවෙමින් පවතින්නක් බවට කියවෙන මෙම අපරාධ ආකාරයේ මෑතකදී සිට වැඩි වීමක් දැකිය හැකි බවටයි දැක්වෙන්නේ. බොහෝ විට එම ආයතනයන් දුරකථන ඇමතුම් ඔස්සේ මෙවැනි තොරතුරු ඉල්ලා නොසිටීම මෙන්ම මෙවැනි ඇමතුම් සදහා එක්වර ප්‍රථිචාර නොදක්වා වැඩි දුර තොරතුරු අදාල ආයතනයේ වෙබ් අඩවි , විකල්ප දුරකථන අංක ඔස්සේ සොයා බැලීම වැදගත් වනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ.

Google Contributor subscription service යටතේ දැන්වීම් වලින් තොර වෙබ් අඩවි….

   Google යෝජනා කරන්නේ තමන් යනෙන වෙබ් අඩවි වෙතට කෙලින්ම ආධාර කිරීමේ ක්‍රමයක් යටතේ එම වෙබ් අඩවි සමග එන විටක කරදරකාරී ස්වරූපයක් ගන්නාවෙළඳ දැන්වීම් block කර දීමේ වැඩසටහනක් තමන් හඳුන්වා දෙමින් ඇති බවයි. ආයතනය පැහැදිලි කරන්නේ තම Google Contributor subscription service ඔස්සේ මාසිකව ඩොලර් 1-3 අතර ප්‍රමානයක් ගෙවීමෙන් තමන් ප්‍රියකරන වෙබ් අඩවි පවත්වාගෙන යන්නට දායක විය හැකිවා මෙන්ම ඒව සමග එන විටක කරදරකාරී පවා වන වෙළඳ දැන්වීම් වලින් තොරව ඒවා වෙතට යාමේ හැකියාව ලැබෙනු ඇති බවය. මෙම වැඩසටහන අයත් වනවෙබ් අඩවි වෙතට පිවිසෙන්නන්ට එහි වූ වෙළඳ දැන්වීම් වෙනුවට “thank you” පනිවිඬයක් සමග pixilated panelයක් දර්ශනය වනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. එම දායක වන්නා ගෙවන ලබන මුදලින් කොටසක් සේවා ගාස්තු ලෙසට අයකරමින් ඉතිරිය එම වෙබ් අඩවි වෙතට ගෙවන්නට ආයතනය සැලසුම් කරමින් සිටින අතර ඒ ඔස්සේ වෙබ් අඩවියක් පවත්වාගෙන යාමේදී වන වියදම් පියවා ගැනීමට එම අඩවි පවත්වාගෙන යන්නන්හට හැකි වනු ඇති බවටයි Google ආයතනය බලාපොරොත්තුව වන්නේ.  දැනට ප්‍රධාන පෙලේ වෙබ් අඩ්වි කිහිපයක් තම වැඩසටහන සමග එක්ව ඇති බවටත් එම ආයතනය පවසා සිටිනවා.

2014-11-23

Password Managers මෘදුකාංග වලට එරෙහිව ක්‍රියාත්මක වන Trojanයක් හදුනා ගැනේ...

    එය සදාතනික අරගලයකි. ධනාත්මකව එම ගැටලුව සමග කටයුතු කරන්නන් නිරන්තරයෙන් වඩවඩාත් ආරක්ශිත ක්‍රමවේද හදුනවා දෙමින් භාවිතාකරන්නන්ගේ පරිගණකය වඩාත් සුරක්ශිත එකක් කරන්නට කටයුතු කරන අතරම රිනාත්මකව කටයුතු කරන්නන් හැමවිටම එම නව ආරක්ශක උපංක්‍රම වල එන දුර්වලතා හදාරමින් නැවත නැවත් භාවිතාකරන්නන්ගේ තොරතුරු සොරා ගන්නට ක‍ටුතු කරනු ලබයි. වඩාත් සංකීර්න අවසර පද භාවිතයට පැමිනෙන්නේ කිසිසේත් ඒවා හදුනා ගන්නට පහර දෙන්නන්ට නොහැකි නිසාම යන විස්වාසයට වඩා ඒවා හදුන අගන්නට ක්‍රියාත්මක කරන යාන්ත්‍රන සදහා වැඩි කාලයක් ගතවන නිසාවෙනි. මීලග ගැටලුව වන්නේ එම සංකීර්න අවසර පද මතක තබා ගැනීම වන අතර ගැටලුව වඩාත් සංකීර්න  වන්නේ බොහෝ විටකම එම භාවිතකරන්නන්හට එවැනි ආකාරයේ එක අවසර පදයකට වඩා මතක තබාගන්නටද අවශ්‍ය වන බැවිනි. විසදුම ලෙසට පැමිනියේ password managers මෘදුකාංගය. මේවා භාවිතාවේදී භවිතාකරන්නාට එම මෘදුකාංගය සදහා වන අවසර පදය හැරෙන්නට අනෙකුත් සියලු අවසර පද මතක තබා ගැනීම එම මෘදුකාංගය විසින් ආරක්ශිතව කර දෙනු ලබයි.
                             හදාරන්නන් පිරිසක් පවසා සිටින්නේ Trojan ආකාරයේ හානිකරයක් මේ වන විට මෙම ආකාරයේ මෘදුකාංග ඉලක්ක කර ගනිමින් සිටින බවකි. ඔවුන්පැහැදිලි කරන්නේ මෙම හානිකරයන් දිගුකලක් පවා ආසාධිත පරිගණකයේ සැගව සිට භාවිතාකරන්නාගෙන් පැමිනෙන specific action එකක ඔස්සේ අවධිවන ආකාරයට සැකසුම් සහිත බවටයි. අවධිවන එම මෘදුකාංගය keylogging ආකාරයට ක්‍රියාත්මක වෙමින් අවසරපද බාහිරට ලබා දීම සිදුකරන බවටයි පැහැදිලි කරන්නේ. මෙම හානිකරය Personal.exe (neXus Personal Security Client), PWsafe.exe (Password Safe),  KeePass.exe (KeePass) වැනි මෘදුකාංග ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මවන බවටත් තොරතුරු පලවෙමින් තිබෙනවා. 'Citadel' ලෙසට නම් කෙරෙන මෙම මෘදුකාංග කාලයක් තිස්සේ සැගව පැවතිය එකක් බවටයි ඔවුන්ගේ නිගමය වන්නේ. IBM හදාරන්නන් පවසන්නේ 2016 වන විට වඩාත් අනන්‍ය වන biological identity වෙතට ගමන් කිරීම සිදුවනු ඇති බවත් එවිට  biometric data එනම් facial definitions, iris scans, voice files, DNA වැනි අනන්‍යතාවයන් වෙතට වැඩි භාවිතාවක් ගනු ඇති බවකි.

ඔබේ ආදරනීය පරිගනකය...

      ස්ථාපනය සදහා මෘදුකාංග තොරා ගැනීමද වැදගත් පියවරක් වනු ඇත. විටක තම භාවිතාවට අදාල නොවන තරමේ බ‍රැති මෘදුකාංග ස්ථාපිත කර ගැනීමෙන් තම පරිගණකයේ වේගය අඩාල කර ගැනීම මෙන්ම සිරවීම් වැනි අවස්ථාවලට මුහුන දෙන භාවිතාකරන්නාන් දැකීම එතරම් විරලතම නොවේ. ඔවුන් බොහෝ විට තම පරිගණකය සදහා අවශ්‍ය මෘදුකාංග තොරා ගන්නේ තම අවශ්‍යතාවයන්ට අනූව වනවාට වඩා සාමාන්‍ය සම්මතයන්ට එකගව වේ. උදා හරනයක් ලෙසට ඉදහිට imageයක සරල සංස්කරනයක් කරගන්නට පමනක් මිලාධික ඡයරූ සංස්කරන මෘදුකාංගයක අයතා සංක්‍රියකිරීමක් වන සංස්කරනයකට පෙලබෙති. නමුත් ඔවුනට වඩා හිතකර සරල මෙන්ම නොමිළේ භාවිතාකල හැකි මෘදුකාංගයක් යොදා ගැනීමෙන් තම පරිගණකයට අනවශ්‍ය  බරතැදි ධාවනයක් පමනක් නොව විටක පෙර කී අනියම් සංක්‍රිය කර ගැනීමට යොදා ගන්නා මෘදුකාංග හරහා හානිකරයන් කැදවා ගැනීමද සිදුකරනු දැකිය හැක. තවත් විටක පිරිසුදු මට්ටමේ මෙහෙයුම් පද්ධතියක් පමනක් නොව හොඳම මට්ටමේ ආරක්ෂක මෘදුකාංග කට්ටලයක්ද ස්ථාපනය කර ගන්නා තවත් අයෙක් පෙර කී ආකාරයේ සරල අවශ්‍යතාවයක් සදාහා අනවශ්‍ය මට්ටමේ මෘදුකාංග ස්ථාපනයට කටයුතු කොට කලකදී හානිකර ජාලයන්ට (Botnet) ගොදුරුවූ පරිගණකයක හිමිකරුවෙකුව සිටිනු දැකිය හැකිවීම එතරම්ම විරල අත්දැකීමක් නොවේ.
                     ක්‍රමයෙන් භාවිතය වැඩි  වීම මෙන්ම භාවිතවන පරිසරයන් වැඩි වීම වැනි නෙන කාරනා සමග මෘදුකාංග පරිසරයද වේගයෙන් චලනය වන භාවිතාවක්ව පැමින ඇත. මෙහෙයුම් පද්ධති සංස්කරන වල සිට සියලු මෘදුකාංග භාවිතාවන් වෙගයෙන් වෙන්වීමේ පරිසරය නිර්මානය වන්නේ හුදු වෙළඳ උපංක්‍රමයක් ලෙසට පමනකැයි සලකා නව සංස්කරන වෙතට නොපැමිනීම විටක ගැටලු ඇතිකරනු සුලු විය හැක. වේගයෙන් දියුනු වන දෘඩාංග මෙන්ම මෘදුකාංග පරිසරයන් මෙම දියුනු කිරීම් ඉල්ලා සිටීම මේ වන විට බහුල අත්දැකීමකි. විටක ඒවායෙන් අලුතින් හඳුනාගන්නා දුර්වලතා පිලිසකර කරන්නට මෙන්ම නව මෘදුකාංග පරිසරයන්ට ගැලපෙන්නට නව තාක්ශනයන් සමග ගැලෙපෙන සංස්කරන පැමිනීම වැදගත් වේ. උදාහරනයක ලෙසට බ්‍රවුසර සංස්කරන සැලකීමේදී සමහර මෙහෙයුම් පද්ධති සංස්කරනයන් ගෙන පසුව පැමිනෙන නව ඒවාට සහය නොදක්වනු දැකිය හැක. බොහෝ විට මෙසේ වන්නේ එම මෘදුකාංග නිර්මානය  වන පදනම් මට්ටමේ සිටම එම හිතකරබව නව තාක්ශනික පරිසරයට නොගැලපෙන නිසාය. මෙවැනි බ්‍රවුසර සංස්කරනයක් සමග අන්තර්ජාලයට පිවිසීම පහසුවෙන් හානිකරයන් කැදවා ගැනීම , වේගය අඩුවීම , නව තාක්ශන අංගයන් ක්‍රියාත්මක නොවීම වැනි නෙක ආකාරයේ ගැටලු ගෙනෙනු ඇත.

ඔබගේ ආදරනීය පරිගණකය සදහා.....

   ඔනෑම උපකරනයක් සමග සුහදව කටයුතු කිරීම වැදගත් වේ. එවිට එම උපකරනය හොඳින් ක්‍රියාත්මක වනවා පමනක් නොව වැඩිකාලයක් එසේ ඔබ වෙතට සේවාය සලසන්නට කැමතිද වේ. සාපේක්ශව පරිගණකය ඒ ආකාරයේ උපකරන අතරින් වඩාත් කැපී පෙනෙන්නක්ද වන්නේ එය සියුම් මෙන්ම සංකීර්න ක්‍රියාත්මක බවකින්ද යුත්ත නිසාය. ඔබගේ Pc යන්ත්‍රය වඩාත් නිදහස් වාතාශ්‍රිත පරිසරයකට කැමති වනු ඇත්තේ එම යන්ත්‍ර අතරින් අතිමහත්  ප්‍රමානයක්ම, එය ක්‍රියාත්මක වීමේදී උපකරනය තුල නිර්මානය වන අධික උෂ්නත්වය පාලනය කර ගැනීම සදහා යොදා ගන්නේ එය අවට පරිසරයේ වන සාමාන්‍ය පරිසර සිසිල් වාතය වන බැවිනි. එම වාතය ප්‍රොසෙසරය මත වන Heatsink එක මතින් ගලා ගෙන යාමට සැලසීමෙන් එම අවශ්‍යතාවය සපුරා ගන්නා අතර ඒ නිසාම එම වාතාශ්‍රය සිසිල් මෙන්ම දුහුවිලි බවින් තොරවීම වදගත් වන්නේ ඒවා පෙර කී සිසිල් කරවීමට සහය වන උපකරනය මත බැදීමෙන් එම ක්‍රියා වලියට බාදා ගෙනෙන බැවිනි.
                       ඔබගේ පරිගණකයට ප්‍රධාන ලෙසින්ම බාදා ගෙනෙන්නේ භෞතිකව එය අත්පත්කර ගැනීමට අවස්ථාව සැලසීමෙන්ම පමනක්ම නොවේ. මෘදුකාංග ආශ්‍රිතවද එය සිදුවිය හැක. ඒ ආකාරයේ සාර්ථක ආසාධනයකදී ඔබගේ පරිගණකය ඔබගේ පරිගණක කාමරයේ සු‍රැකිව ඇති බවක් පෙන්නුවද එය සැබවින්ම භාවිතාකරන්නේ බාහිරින් සිට අන්තර්ජාලය ඔස්සේ එය මෙහෙය....ඉතිරිය කියවන්නට

"Ratting" නොහොත් Remote Access Trojans...

         "Ratting" නොහොත් Remote Access Trojans මෘදුකාංගයක් ඔස්සේ භාවිතාකරන්නෙකුගේ Webcamය අනවසරව ක්‍රියාත්මක  කරවා ලාබාගන්නා ඡායාරූ හෝ වීඩියෝ සටහන් සමග අදාල භාවිතාකරන්නාහට හිංසනිකව යොදා ගැනීම ක්‍රමයෙන් බහුල වෙමින් ඇති සයිබර් අපරාධයක් බවට  හදුනා ගනිමින් පවතිනවා. පසුගියදා පලවූ වාර්ථාවක් පවසා සිටියේ UK වල අතුලු Estonia, France, Romania, Latvia, Italy,  Norway යන රටවලින් මෙසේ Computer hijacking වල යෙදෙන්නන් පහලොස් දෙනෙකු පමන අත්වඩංගුවට ගැනීමට කටයුතු කොට ඇති බවයි. සමජජාලාවල හෝ ඊමේල් ඔස්සේ picture නැතිනම්  video වක් වෙතට වන ආකාරයක් දක්වා භාවිතාකරන්නා ලවා click කරවා ගැනීමෙන් මෙම හානිකරයන් පරිගණක වලට ස්ථාපනය කරවීම සිදුවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. මීට අමතරව අව්‍යාජ මෘදුකාංග ලෙසට හගවමින් භාවිතාකරන්නා ඒවා ස්ථාපනයට පොලබවා ගැනීම්ද සිදුවන බවට හදාරන්නන් හෙලිකරමින් සිටින මෙම Remote Access Trojans (Rats) පරිගණකයක ස්ථාපනය වීමෙන් අනතුරුව ඒ බවක් හැගවෙන්නේ නොමැති තරම් සාර්ථකව ධාවනය වන්නට සමත් බවටත් පැහැදිලි කෙරෙනවා. හදාරන්නන් උපදෙස් දෙන්නේ අනවශ්‍ය හැම විටකම Webcamය අක්‍රියකර තබන්නට, අනවශ්‍ය වෙලාවල් වලදී එය එහි මුහුනත ආවරනය කොට තබන්නට හෝ හිස් අවකාශයක් වෙතට යොමුව තබන්නටත්, අතිපුද්ගල අවකාශ ලෙසට සැලකෙන නිදන කබර වැනි ස්ථානවලදී භාවිතයෙන් වැලකී සිටීමටත් මෙන්ම නන්නාදුනන පුද්ගලයින් සමග සංවාදවලදී කල්පනාකරී වීමත් වැදගත් වන බවයි. මීට අමතරව anti-virus හා  firewall  මෘදුකාංග හොඳින් ක්‍රියාත්මකව හා යාවත්කාලීනව තබා ගැනීම වැදගත් වනු ඇත. 

අනවසරව තොරතුරු ‍රැස්කිරීමට භාවිතාවන FinFisher මෘදුකාංගය..

  FinFisher යනු බ්‍රිතාන්‍ය ආයතනයක මෘදුකාංග නිකුතුවකි. මෙම මෘදුකාංගයේ විශේෂත්වය වන්නේ එය ලොව පුරා භාවිතාවන්නේ ඉලක්ක කර ගන්නවුන්ගේ Email අනවසරව කියවීමටත්, Skype සංවාදවලට අනවසරයෙන් සවන් දෙන්නටත් පමනක් නොව පරිගණකයන්ගේ Microphone හෝ Webcam වලට භාවිතාකරන්නා නොදැනුවත්වම සංක්‍රියකිරීමේ අයිතිය ලබා ගනිමින් ඒවා ඔස්සේ එම භාවිතාකරන්නන්ගේ තොරතුරු රහසිගතව ‍රැස්කර ගන්නට සහය වීමය. 2011දී පමන ඊජිප්තියානු කාර්යාලයක ක්‍රියාත්මක වෙමින් තිබියදී පලමුව මෙම මෘදුකාංගය පිලිබදව අවධානය ලබා ගැනිනි. UK වලද මෙම මෘදුකාංගය යම් ආයතනයන් විසින් තමන් ඉලක්ක කරන පුද්ගලයන්ගේ තොරතුරු ‍රැස්කිරීමට යොදා ගන්න බවට විටින් විට තොරතුරු හෙලිව තිබේ.
                 ලොව පුරා රාජ්‍ය මට්ටමින් පවා මෙම මෘදුකාංගය භාවිතාවන්නේ එම රටවල ක්‍රියාත්මක වන සයිබර් අපරාධ කරුවන් ග්‍රහනය කර ගැනීමට වේ.ව්‍යාජ Email බැදියාවක් සංක්‍රියකරවා ගැනීමෙන් හෝ මෘදුකාංග යාවත්කාලීනයක් ලෙසට හැගවීමෙන් පරිගණක මතට මෙම මෘදුකාංගය ස්ථාපනය කරවීම සිදුවන අතර පසුගිය කාලය සැලකීමේදී වරක් iTune වල දුර්වලතාවයක් ඔස්සේ මෙන්ම තවත් වරක් Firefox බ්‍රවුසර මෘදුකාංගය ලෙසට හගවමින් පරිගණක මතට පැමිනීම සිදුවෙමින් ඇති බවට හඳුනා ගෙන තිබු අවස්ථා වූවා.වරක් ස්ථාපනය වීමෙන් අනතුරුව remote access හැකියාව ඔස්සේ එම පරිගණකය සම්බන්දිතව සිදුවන ක්‍රියාකාරකම් හදාරන්නන්නට එම ස්ථාපකයන්ට අවස්ථාව සැලසෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ.

2014-11-22

නුදුරේදීම ambulance drone ඔස්සේ ප්‍රථමාධාර ඉක්මනින් එනු ඇත.....

  බොහෝ විට තවමත් විධිමත් රටකදී පවා "හදිස්සි සේවාවක්" යම් ස්ථානයටකට ලගා වීමට විනාඩි 10-15 අතර වෙලාවක් ගන්නා බව සාමාන්‍ය අත්දැකීමකි. මෙම ප්‍රධාන නගරවල පවතින තදබදය මේ සදහා මුල්ම පෙලේ හේතුව ලෙසට සැලකේ. Heart Attack වැනි අවස්ථාවලදී මෙම ප්‍රමාදය රෝගියා වෙතට තීරනාත්මක වන්නේ 6 minutes ඇතුලත වැනි කාලසීමාවක් තුල ප්‍රථමාධාර නොපැමිනීම brain death තත්වයක් ඇතිවීමට බෙහෙවින් ඉඩ තිබෙන නිසාය. මෙම ගැටලුව වෙතට තම අවධානය යොමු කල නෙදර්ලන්ත හදාරන්නන පිරිසක් ගෙනෙන විසදුමක් වන්නේ hexacopter නොහොත් ambulance drone යකි. 60mph වේගයක් ඇතිව අවශ්‍ය ස්ථානය වෙතට පැමිනිය හැකි මෙම droneය අවශ්‍ය මූලික උපකරන වලින් මෙන්ම කැමරාවකින් ඇතුලු අදාල රෝගියා වෙතට සහය දැක්වීමට ඉදිරි පත්වන්නාට අවශ්‍ය උපදෙස් ලබා දීමෙ හැකියාවක් ලබා දෙන පාලක මැදිරියක සිටින වෛද්‍ය සහයකයා සමග හොඳින් සම්බන්දවීමේ හැකියාවෙන් යුත්ත බවටයි පැහැදිලි කෙරෙන්නේ. අවශ්‍ය වන defibrillators වැනි සහයක් පහසුවෙන්ම අදාල රෝගියා වෙතට ලබා දෙන්නට මෙම පහසුකම් සමත්වනු ඇති බවටයි ඔවුන් පැහැදිලි කෙරෙන්නේ. ඔවුන් පවසන්නේ දැනට මූලික පහසුකම් කිහිපයකට පමනක් මෙම ආකරයේ සේවාවක් සමන්විත වන සේ සැලසුම් උවද ඉදිරියේදී oxygenmask, EpiPen, insulin injectors වැනි තවත් පහසුක් වලින් සමන්විතව පැමිනීමේ හැකියාවක්මේවා වෙතට ලැබෙනු ඇති බවය. මෙම ආකාරයේ Drone සේවාවක් සදහා අවශ්‍ය නෛතික අවසරයන් , අඩු නිෂ්පාදන වියදම් වැනි ගැටලු විසදෙමින් දැනට ඇති අතර නුදුරේදීම මෙම පහසුව සාමන්‍ය භාවිතාවට පැමිනෙනු ඇති බවට විස්වාසය පලවෙමින් තිබෙනවා.

2014-11-21

Windows 10 හි build 9888 නිකුතුව සමග kernel සංස්කරනයද ඉහලට....

      Microsoft සමාගම තම Windows 10 සමග ගෙනෙන ලද තවත් කාරනයක් වූවේ  OneCore යන්නය. එහිදී ඔවුන් පැහැදිලි කර සිටියේ තම සියලු මෙහෙයුම් පද්ධති සදහා එකම පදනමක් නැතිනම්  kernel version එකක ගෙන ඒමය. Windows 8 සමග මෙම කථිකාව අරබමින් එම ආයතනය සියලු උපාංග සදහා එකම UI එකක් හදුන්වාදෙන්නට කටයුතු කරන ලදී. එහිදී මෙහෙයුම් පද්ධතියේ අභ්‍යන්තරය ඒ ඒ උපාංග අවකාශයේ හැකියා මට්ටම් වලන අනූව පවතින ලදී. පසුව ක්‍රමයෙන් සියලු මෙහෙයුම් පද්ධති සදහා එකම app store එකක් හඳුන්වා දෙන්නටද එම ආයතනය කටයුතු කලේය. 
                      Microsoft සමාගම තම windows 10 වල build 9888 සමග kernel සංස්කරනය  10 දක්වා ඉහල දමා ඇති බවටයි දැක්වෙන්නේ. Vista වල සිට පැමිනි 6.0 kernel සිට සිදුව ඇති මෙම පොලා පැනීම හුදු සංක්‍යාත්මක වෙනසකට වඩා වැඩි යමක් සිදුවෙමින් පවතින්නක් බවටයි හැගෙන්නේ. පෙර කී සියලු පද්ධති සදහා එක පදනමක් ඉලක්කය වෙතට වඩාත් සමීපවීමක් මෙයින් අදහස් විය හැකි බවටයි හදාරන්නන්ගේ මතය වන්නේ.

Gmail ක්‍රමවත්කර දෙන Google inbox....

   පැමිනෙන්නන් අතර අන්තර්ජාලය වඩාත් ප්‍රචලිත කරවූ අංගයක් ලෙසට E-mail සේවාව පිලි ගැනේ.  එක යුගයකදී බොහෝ භාවිතාකරන්නන් අන්තර්ජාලය අර්ථ දක්වා ගැනීමට පවා E-mail සේවාව මුල් කර ගැනිනි. ක්‍රමයෙන් ක්ෂනික පනිවිඬ සේවාවන්, සමාජ ජාලාවන් වැනි නෙක සේවාවන් සමග E-mail සදහා වූ පිලිගැනීම මදින් මද අඩුවන්නට වූ අතර Spam වැනි එහි පැවත්මට අහිතකර භාවිතාවන් මේ සදහා අමතර හේතූන් විනි. Gmail සේවාව සපයන Google ආයතනය පැවසුවේ තම Email සේවාව භාවිතාකරන්නන් හදාරමින් ඔවුනට ඔවුනගේ Email භාවිතාව ගැන වන අපහසුතාවයන් මග හරින්නට තමන් ගෙනෙන නවතම හඳුන්වාදීම Google Inbox බවයි. ඔවුන් එය පැහැදිලි කරේ Google Inbox යනු Gmail මත ධාවනය වන app එකක් වන අතර එය පැමිනෙන Emailයන් වඩාත් ක්‍රමවත්ව පෙරා දෙමින්  භාවිතාකරන්නාට වඩාත් පහසුවන ලෙසට වර්ගීකරනයක් යටතේ ඔවුනගේ inbox මුහුනත දක්වා දෙනු ඇති බවකි. Android මෙන්ම iOS වලදී සේම Browser මතදීද ධාවනය වන මෙම පහසුව අනවශ්‍ය emailයන් දෘශ්‍යපතයෙන් ඉවත්කර තබන්නටත් වඩාත් වැදගත් වන Email සදහා ප්‍රමුකතාවය ලබා දන්නටත් ප්‍රමුක බොහෝ පහසූන් තම Gmail inbox වෙතට ගෙනෙන්නටත් සූදානම්ව ඇති අතර google.com/inbox ඔස්සේ පිවිස එය භාවිතාවට ලබා ගන්නට හැකිවනු ඇත. 

2014-11-20

'NotCompatible' යනු වඩාත් හානිකර Android Trojanයකි!!

     'NotCompatible' වර්ගීකරනය වන්නේ Android Trojan එකක ලෙසටය. වඩාත් නම්‍ය හා ක්‍රමානුකූලව වර්ධනය වෙමින් ඇති Malware එකක ලෙසට හදුනා ගන්නා මෙහි පලමුව හදුනා ගැනීම 2012 දී තරමට ඈතට දිවෙන්නෙකි. එසේම මෙය හඳුනා ගත් පලමු ආසාධිත වෙබ් අඩවි ඔස්සේ පැතිරෙන Android malware වක් ලෙසටත් පිලි ගැනේ. මෙවැනි ආසාධිත වෙබ් අඩවියක් වෙතට පිවිසෙන විටක ස්වංක්‍රීයව බාගතවීම ඇරබෙන මෙම හානිකරය Android application package එකක් ලෙසට වන අතර "unknown sources"  සදහා විවෘතව පවතින Android උපාංගයක් මතදී notifications  ඔස්සේ බාගත වීම අවසන් බවත් ස්ථාපනයට භාවිතාකරන්නාගේ මෙහෙය වීම ලබා ගැනීමට අවශ්‍ය බවටත් දැනුම් දේ. භාඅවිතාකරන්නගේ අනුමැතිය ලැබුනු වහාම ස්ථාපනය ඇරබෙන අතර peer-to-peer encrypted ඔස්සේ Botnet ආකාරයෙන් තවත් Android උපාංගයක් සමග සම්බන්දව  servers බිඳ වැටවීම දක්වා වන හානිකර ක්‍රියාත්මක වීම් සිදුකරන හැකියාවෙන් යුත්ත වේ. මීට අමතරව භාවිහාකරන්නගේ අවසරයකින් තොරව tickets මිලදී ගැනීම් ඊමේල් ලිපින සදහා spam යොමු කිරීම වැනි කටයුතු වලටද මෙම Malwareව භාවිතාවන අවස්ථා වාර්ථා වෙනවා. විටක පහර දෙන්නන් සදහා ගෙවීමකට යටත්ව මේ ආකාරයේ Botnet භාවිතවූ අවස්ථාද මේ වන විට වාර්ථා වන අතර වඩ වඩාත් නව දියුනු කිරීම් ඔස්සේ නව සංස්කරන නව හානිකර ක්‍රමවේද ‍රැගෙන පැමිනෙමින් ඇති බවටත් හදාරන්නන් පෙන්වා දෙනවා.

ඉදිරියේදී Firefox බ්‍රවුසරයේ default සෙයුම් යාන්ත්‍රනය Yahoo වනු ඇත.

  Mozilla තම Firefox බ්‍රවුසරයේ default ආකාරයේ සෙයුම් යාන්ත්‍රනය ලෙසට  2004 සිට යොදා ගනු ලැබුවේ Google සෙයුම් යාන්ත්‍රනය වන අතර  ඒසදහා Mozilla වෙතට වාර්ෂිකව ගූගල් වෙතින් ඩොලර් මිලියන 300 දක්වා ඉහල ගෙවීමක් ලබන ලදී. නමුත් Mozilla ආයතනය පවසන්නේ එලබෙන දෙසැම්බරයේ සිට තම Firefox බ්‍රවුසරයේ default engine ලෙසට ඉදිරි වසර පහ සදහා Yahoo සමග එකගතාවයකට පැමින ඇති බවකි. එසේම Yahoo ආයතනය 'Do Not Track' පහසුව සදහා එකග වී ඇති බවටත් පවසා සිටිනවා. සාමාන්‍යයෙන් වසරකට බිලියන 100කට වඩා Firefox සොවුම් අන්තර්ජාලයට එකවන අතර මෙම එකග වීම Yahoo වෙතට පමනක් නොව Bing සදහාද වැදගත් පියවරක් වනු ඇති බවයි. Yahoo තම කීර්තිමත් අතීතයෙන් අනතුරුව Bing සමග එකගතාවයෙන් පවත්වාගෙන යන සේවාවක් ලෙසට ක්‍රියාත්මක වෙමින් පවතී. චීනය මෙන්ම රුසියාව සදහා Firefox සදහා default search providers ලෙසට Bindu හා Yandex පවතිනු ඇති බවට ප්‍රකාශ වනවා. වැඩි දුරටත් පැවසෙන්නේ භාවිතාකරන්නාහට අවශ්‍ය නම් නැවත Google වෙතට පිවිසීමේ හැකියාව ඉදිරියේදීද ලැබෙනු ඇති බවකි.

ව්‍යාජ tech support ආයතනයන් පාලනයට පියවර.....

  තොරතුරු ලෝකය මත පවතින ප්‍රධාන ආකාරයේ ආයතනයන් හෝ සේවාවන් වර්ග දෙකක් වේ. එක් කොටසක් යහපත් හා වගකීමක් ඇති නෛතිකව ක්‍රියාත්මක වන ආයතනයන් වන අතර අනෙක් කොටස නෛතික නොවන අයහපත් අරමුනින් ක්‍රියාත්මක වෙමින් සිටින දෑ වේ. නමුත් තවත් වැදගත් කොටසක් මග හැරෙමින් ඇත. එනම් අවස්ථානුකූලව මේ ස්වරූපයන් අතර දෝලනය වන ඒවාය. ඒවායේදී මූලිකව නෛතික පදනමක් මත ක්‍රියාත්මක වුවද අවස්ථානුකූලව තම ගනුදෙනුකරුවන් හට නියමිත සේවාව නොසපයන පමනක් නොව අපහැදිලි මට්ටමින් සද්භාවයෙන් ක්‍රියා නොකරන අවස්ථා බහුල ආයතනයන් වේ. මේවා අතර වන සමහර මෘදුකාංග ආයතනයන් වේ. ඒවා භාවිතාකරන්නා හට වඩාත් නිවැරදි පරිගනකයක් ක්‍රියාතමකව තබා ගන්නට සහය වන මෘදුකාංග තමන් සපයන බවට නිවේදනය කර තිබුනද භාවිතාවේදී තම වගකීම් පැහැර හැරීම් මෙන්ම  තම ගනුදෙනුකරුවා වාංචනිකව ‍රැවටීම් සිදුවන බවට අතීතපුරා විටින් විට තොරතුරු වාර්ථා වී තිබිනි. FTC සහ  the state of Florida වෙතින් පැවසෙන්නේ මෙසේ ක්‍රියාත්මක වෙමින් තිබූ ව්‍යාජ මෘදුකාංග හා වාංචනිකව මගහරින සහය සපයන සේවා ආයතනයන් ට එරෙහිව තමන් කටයුතු කරන්නට තීරනය කර ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ ඩොලර් මිලියන 150කට අධික ප්‍රමානයක් උපයමින් සිටින මෙම ව්‍යාජ ආයතනයන් තාවකාලිකව වසාදමන්නට අවශ්‍ය නෛතික ක්‍රියාවලිය තමන් අරබමින් සිටින බවත් මෙවැනි ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වය නීතියේ පාලනයට යටත්ව තබන්නට තමන් ක්‍රියාත්මක වන බවත්ය

Samsung වෙතින් පූර්න නම්‍ය තිර දුරකතනය 2015 අග එනවා...

   Samsung ආයතන මේ වන විට ස්තීරවම පවසා සිටින්නේ 2015 අවසානය වන විට සම්පූර්නයෙන්ම නම්‍ය (flexible) displays සහිත දුරකථනය පැමිනෙන්නට නියමිත බවකි. මෙම ආයතනය මීට දෑ වසරකට පෙර මෙහි prototype දැක්මක් ඉදිරිපත්කර තිබුනද තවමත් වෙළඳ පොල වෙතට නිකුත්කර ඇත්තේ සුලු නම්‍ය බවක් සහිත තිර සමග එන දුරකථනයක් පමනී. අයතනයේ විධායකයෙකු පැහැදිලි කර සිටින්නේ එලබෙන වසර අවසානය වන විට තම ආයතනයට 30,000 - 40,000 [units per month] නිෂ්පාදනය හැකියාවකට යාමට හැකිවනු ඇති බවය. ලොව වෙලඳ පොල සමග සසදත්දී මෙම ප්‍රමානය ඉතා සුලු මට්ටමක වන අතර හදාරන්නන් යෝජන කරන්නේ ආයතනය වඩාත් සුපරික්ෂාකාරීව මෙම වෙළඳ පොල වෙතට පිවිසෙන්නට කටයුතු කරමින් සිටිනවා විය යුතු බවකි. එ එසේම තම ආයතනය මෙම AMOLED පැනලයේ නිෂ්පාදන වියදම අවම කරන්නට කටයුතු කරමින් සිටින බවටත් පැහැදිලි කරනු ලැබු බවටත් වාර්ථාවනවා.

2014-11-19

Whatsapp වෙතට end to end ආකාරයට encryption පැමිනේ.....

   NSA සිදුවීම තොරතුරු ලෝකය මතට අවධියක් ගෙනෙන්නට කටයුතු කෙරෙනි. Edward Snowden ගේ හෙලිදරව්වක මූලිකව  ඇරබුනු මෙම සිද්ධිය තොරතුරු ලොකයේ ප්‍රථම අනවසරව දත්ත ‍රැස්කීර්ම මත පදනම් නොවූවද එය බොහෝ දෙනාගේ අවධානය ලබා ගන්නට සමත්විය. තොරතුරු තාක්ෂනයට සම්බන්ද ප්‍රධාන පෙලේ ආයතනයන් සියල්ලම තම සේවාවල් ඔස්සේ ගමන් කෙරෙන භාවිතාකරන්නන්ගේ දත්ත ගොනු වල ආරක්ශාව පිලිබදව වඩාත් විමසිලිමත් වීම ඇරබිනි. රාජ්‍ය ආරක්ශාව, අපරාධකරුවන්ගේ සැලසුම් ආදිය සැලකිලිමත්වීම වැනි කාරනා ඔස්සේ පැමිනි පිලිගත යුතු කාරනාද සමග අනවශ්‍ය ලෙසට භාවිතාකරන්නන්ගේ තොරතුරු ‍රැස්කිරීමට විරෝධයද දෙපසින් නැගෙන්නට විය.
                තොරතුරු වැඩියෙන් encryptionව තබා ගැනීම පිලිබදව එක් සාර්ථක විසඳුමක් ලෙසට හදාරන්නන් යෝජන කරන්නට වූ අතර මේ පිලිබදව බොහෝ ආයතනයන්ගේ අවධානය ලබා ගත් බවක්ද පෙනිනි. මේ අතර Facebook ආයතනය නිවේදනය කරන්නේ තමන් මෑතකදී මිලදී ගත් Whatsapp  ඔස්සේ හුවමාරුවන සියලු messages, end to end ආකරයට encryptionව තබන්නට අවශ්‍ය කටයුතු Open Whisper Systems සමග කරමින් සිටින බවකි. ඒ අනූව දත්ත servers අතර online ආකාරයට ගමන්කරද්දී සේම devices වල ගබඩාව පවතින අතර තුරදීද මෙම encryption පැවතීම සිදුවනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ.

PayPal වෙතින් Microsoft ecosystem වෙතට payment service එකක්...

  PayPal වල payment service සදහා සහය දක්වන triangular dongle එකක් Windows හා Windows Phone වල ecosystem වෙතට පැමිනෙන්නට කඩිනමින් සූදානම් වෙමින් සිටින බවට තොරතුරු හෙලි වනවා. දුරකථනය සමග පැමිනෙන 3.5mm  ප්‍රමානයේ headphone jack සබදතාවයට ගැලපෙන ආකාරයට නිමව එන මෙම උපාංගයට  credit, debit card වල වන magnetic strip කියවීමේ හැකියාව සමග ක්‍රියාත්මක වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. නොමිළේ එන මෙම dongleය හා app මෘදුකාංගය භාවිතයේදී වන ගනුදෙනු වලින් කුඩා ප්‍රතිශතයක් අයකරන්නට නියමිත බවටත් කියවෙනවා. මේ සදහා වන pilot programය එලබෙන වසරේ එනම් January-February 2015 ආරම්භ වනු ඇති බවට දැක්වෙනවා.

2014-11-18

Microsoft වෙතින් 'critical' මට්ටමේ හදිසි security patch නිකුතුවක් සිදුවේ!!

  Microsoft සමාගම නිවේදනය කරන්නේ සාමාන්‍ය පිලිවෙතින් බැහැරව තමන් 'critical' මට්ටමේ ආරක්ෂක පිලිසකර ( security patch )යක් මේ වන විට නිකුත් කොට ඇති බවකි. ආයතනය පැහැදිලි කරන්නේ ස්ථාපනයෙන් පසුව පරිගණකය නැවත පන ගන්වන්නට වන ආකාරයේ මෙම පිලිසකරය Windows Server 2003, Windows Vista, Windows Server 2008, Windows 7, Windows 8 and 8.1, Windows Server 2012  Windows Server 2012 R2, Windows RT  Windows RT 8.1  Windows 10 Technical Preview ආදී වන සියලුම සංස්කරන සදහා අදාල වන බවත් හැකි ඉක්මනින් තම පරිගණක වල ස්ථාපනය කර ගැනීම වැදගත් වන බවත්ය. ආයතනය තවමත් මෙම පිලිසකරයට අදාලවන දුර්වලතාවය පිලිබදව නිවේදනයක් නිකුත් කර  නැති අතර  10 A.M. PST වෙලාවට නිකුත්වූ මෙම පිලිසකරය එම නිකුතු වෙලාවෙන් පැය 3ක් ගතවන විට පරිගණකයේ Windows Update  ඔස්සේ ලබා ගත හැකි බවට විස්තර කෙරෙනවා. පෙර අවධීයෙහි ආයතනය මෙවැනි පිලිසකරයන් ඉලක්කවන දුර්වලතාවයන් පැහැදිලි කෙරෙන සවිස්තරයක් නිකුත් කරන්නට කටයුතු කල මුත් එම තොරතුරුම පහර දෙන්නන් යොදා ගැනීමේ ප්‍රවනතාවය නිසාම පසුව එම ක්‍රම වේදය අත්හැර දමන්නට කට යුතු කරනු ලැබුවා.

Windows 10 සමග සියලු උපාංග සදහා එකම මෙහෙයුම් පද්ධතියක(Continuum) බව පැමිනෙමින් ඇත...

    Microsoft ආයතනයට Windows 8 සමග අවශ්‍යවූ ප්‍රවනතාවයක් වන්නේ Desktop මතට සිරව තිබූ ප්‍රධාන තොරතුරු තාක්ෂණ භාවිතය ඉන් මිදී ජංගම උපාංග අතර නිදහස් වන මෙහෙයුම් පද්ධතියක් ‍රැගෙන ඒමය. ආරම්භය මදක් වැඩි දුර පියවරකින් ඇරබෙන ලදී. සියලු පද්ධති සදහා එකම UI භාවිතාවකට කැදවන්නට මෙන්ම ප්‍රධාන ස්ථාන ගතවීම වඩාත් ජංගම ගතියෙන් යුත් දෘඩාංග පරිසරයකට කැදවන්නට ඔවුන් කටයුතු කරන ලදී. Surface වැනි ඔවුනගේ ම දෘඩාංග හදුන්වාදෙමින් තම නව නිකුතුව වඩාත් භාවිතාකරන්නන් අතර තහවුරු කරන්නට සැලසුම් වන ලදී. සමහර විටක ඔවුන් සැලසුම් කරන්නට යොදාගත් දත්ත නියැදිය වැරදුනා විය හැකිය. Windows 8 මෙන්ම Surface උපකරනය එතරම් සාර්ථක නොවිනි. ආයතනික මට්ටමේ භාවිතාව XP වලින් ඉවතට ගැනීම ඉබිගමනින් සිදුවූ අතර සාමන්‍ය භාවිතාකරන්නන් අතරWindows 8 භාවිතාව ක්‍රමයෙන් මුත් සෙමින් ඉහල පැමිනෙමින් තිබේ.
                                             Windows 10 සැලසුම් වූවේ වඩාත් සැලකිලිමත්ව විය යුතුය. windows 8 සමග සැලසුම් වූ එකම UI සීමාව ඉක්මවමින් එකම app store එකකට මෙන්ම  සාම්ප්‍රධායික ඩෙස්ක් ටොප් භාවිතාව හා Modern මුහුනත අතර වූ වෙනස් කම් සමනය කරන්නට Modern appඑකක් සංක්‍රියකරවන්නට පැරනි DeskTop මුහුනත ඉඩ ලැබීම මෙන්ම අහිමිකර තිබූ Task Bar පහසුව එහිම පසු සංස්කරන ඔස්සේ නිවැරදි කර දමන්නට කටයුතු කෙරින. Windows 10 සමග එකම මෙහෙයුම් පද්ධතියක් සියලු උපාංග සදහා සංකල්පය නැවත වඩාත් ප්‍රායෝගිකව පැමින තිබේ. ස්ථාපනයේදී අදාල දෘඩාංග සදහා වඩාත් ගැලපෙන මෙහෙයුම් පද්ධති අංගයන් ස්වංක්‍රීයව සැලසුම් වෙමින් පැමිනීම(Continuum)  ප්‍රධාන තම කැපී පෙනෙන ලක්ෂනයක් බව හදරන්නන් පවසමින් සිටී. දැනට පැමිනෙමින් ඇති පෙර සංස්කරන ඔස්සේ මෙහි යම් යම් ස්වභාවයන් හදාරන්නන් මේ වන විටත් හඳුනාගන්නට උත්සාහ කරමින් සිටී

Facebook ආයතනය අප්‍රිකානු රටවල් අතර වැඩි අන්තර්ලාජ පහසුවක් ලබාදීමට එකගතාවයකට එලබේ.

   තොරතුරු ලෝකයේ දැවැන්තයන් අතර internet භාවිතාව ලොව පුරා වඩාත් පුලුල් කරන නෙක ආකාරගත් සැලසුම් විටින් විට පැමිනෙමින් තිබේ. පලවන නවතම පුවතක් පවසන්නේ Facebook ආයතනය අප්‍රිකානු ප්‍රදේශයේ විශාල කොටසක් ආවරනය වන පරිදි නොමිලේ අන්තර්ජාලය ලබාදීමේ අරමුනින් satellite පහසුකම් සපයන ආයතනයක් සමග එකගතාවයකට පැමින ඇති බවයි. මෙම ආයතනය දැනටත් satellite ආධාරයෙන් අප්‍රිකානු විශාල ප්‍රදේශයකට broadband පහසුව සපයන ආයතනය වන අතර මෙම ගිවිසුමෙන් අනතුරුව තවත් satellite දෙකක ආධාරයෙන් ඉදිරි තුන් අවුරුද්දක කාලය තුල තම සේවාවන් වැඩි වපසරියක් කරා ව්‍යාප්ත කරන්නට සැලසුම් කරමින් සිටින බවටයි වාර්ථාවන්නේ. මෙම Avanti’s satellites ආධාරයෙන්  base station වෙතට තරංග ආකාරයෙන් ලබා දෙන අතර එතැන් සිට  Wi-Fi signals සමග භාවිතාකරන්නන් අතර බෙදා හරින්නට කටයුතු කරනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. හදාරන්නන් යෝජනා කරන්නේ global productivit ඉහල නැංවීමේලා අන්තර්ජාල පහසුව විශාල සහයක් වනු ඇති බවයි.
                                                                                                                           www.itlk.us

2014-11-16

සමහර විටක මේ ඔහුගේ සමස්ථ ජීවිත සංචාර සටහනේ සංශික්ප්තය විය හැක.....

   එය දිගු දැවසැති උනුසුම් ගිම්හානයක් දෙකක් අතර ගෙවී ගිය මිනිස් නිමේෂයන් කිහිපයක්  පිලිබද අකුරු කිරීමකි. හුදකලාවෙන් පිරීගිය ගිම්හාන දිනයකදී උයන් කෙරවලකදී ඔවූහු හමුවූහ. ඊලට එලබි ගිම්හනයේදී ඒ උයන් කෙරවලකදීම තාවකාලිකව හෝ ඔහුනට සමුගැනීමකට ලියැවුනු ඉරනමකට යටත්ව ඒ හමුවීම සටහන් වන බව අමතක වූවා සේය. වඩාත් අපූරත්වය වන්නේ මේ සිදුවීම් අතර කාලය ගෙවී ගියේ සාමන්‍ය හුදු මිනිස් ආශාවන් මතින් පමනක් නොවීමය. විටක වඩාත් අපූරු සෞදර්යාත්මක නිමේශයන් පැමිනෙන අතර තවත් විටක තොරතුරු තාක්ෂණ , ජීවවිද්‍යාව වැනි ගෙවී යන යුගයේ වඩාත් අසිරිමත්ව මිනිසුන් වෙතට දැනෙමින් ඇති විෂයන් පිලිබදව හැදෑරුම් සටහන් බවට පත්වෙමින් වීමය.ලොව නෙක ආකාරයේ සාමාජ, සංස්කෘතික දෑ අතරින් ඇවිද යමින් සිටි ඔහු සිත වඩාත් ඇලුනු ආශ්‍රම භූමියකට යාබදව ඇති, ඔහුම එය නම් කරන පරිදි "තරුමිනිසුන්ගේ" විස්මිත සංස්කෘතියක් පිලිබදව තොරතුරු ගොනුවක් ගෙන එලබෙන දෑ වසර නිම වන්නට මත්තෙන් නැවත හමුවන්නට වන පොරොන්දුවක් සමග ඒ සමු ගැනීම සිදුවිය. "ඔබ සැබවින්ම ගිම්හානයකි. පරිසරයෙන් වියුත්තව සීතලෙන් ගුලිව ගිය දිගු ජීවිතකාලයක් අවසන් කරමින් එය පුබුදුවා ලන්නට හැකි සුසරබවක් ‍රැගෙන ආ ඔබ සැබවින්ම  ගිම්හානයකි මට" ලෙසට සමහර විටක තම දින සටහනක සටහන් තබන්නට තීර්නය කලේ ඒ තරම්ම ඇය ඔහුට දැනුන නිසා වියයුතුය.
                     මේ සොඳුරු මතක සටහන් ඉලෙක්ට්‍රොනිකව සටහන් කරන්නට ඔහුට අවශ්‍ය වූවේ බොහෝ ඒ නිමේශයන් හුදු මිනිස් බවට මත්තෙන් වන අපූරු බවක් ගෙන ඇති බවට ඇති වූ විස්වාසය නිසා විය යුතුය. ඔහු දු‍ටු ඒ අපූරු මිතුරිය , හිතවතිය පිලිබද ආකෘතිය මඳ හෝ සොඳුරු බවක් ඒවා කියවන අයෙකුට පවා ‍රැගෙන එනු ඇති බවට ඇති වූ විස්වාසය නිසා විය යුතුය. ඔහුගේ ජීවිත තේමාව වඩා අපූරුවට වරනගන්නට ඒ හමුවීමටහැකිවිය. "තම පෘතුවි ජීවිත සංචාරය පිලිබදව සටහනක් තබා යෑම මෙහි පැමිනි සෑම සංචාරකයෙකුගේම වගකීමකි" . සමහර විටක මේ ඔහුගේ සමස්ථ ජීවිත සංචාර සටහනේ සංශික්ප්තය විය හැක.

නෛතික නොවන බාගතකිරීම් දුර්වල කරන්නට Google එකගවේ....

  කතෘ හිමිකම් පිලිබදව ක්‍රියාකාරීන් Google වෙතට තම විරෝධය ගෙනෙන්නට වූවේ Films , Music වැනි දෑ නෛතික නොවන ලෙසට බාගතකරගන්නට හැකිවන URL තම සෙවුම් ප්‍රථිපල වලදී Block කරන්නට අවශ්‍ය කටයුතු නොකිරීම පිලිබදව විය. මීට වසර දෙකකට පමන පෙර Google වල ස්ථාවරය වූවේ අව්‍යාජ හිමිතවය ‍රැක ගන්නට නම් ඔවුන්ද තම ඉදිරිපත්කිරීම් වලට අදාලව වෙළඳ ප්‍රචාරනයන් සදහා කටයුතු කල යුතු බවකි. මේ වන විට Google තම ස්ථාවරය වෙනස් කරමින් යම් භාවිතාකරන්නෙකු සෙවුමකදී "Free" "Download" වැනි වචන සහිත සෙවුමකදී අදාල ගොනු නෛතිකව ලබා ගන්නට අදාල වන Amazone නැතිනම් Netflicx හෝ Google play store වැනි යොමු කිරීමකට මුල් තැතන් දෙන ප්‍රථිපල ලබා දෙන්නට කටයුතු කරමින් සිටින බවටයි වාර්ථාවන්නේ. ආයතනය පැහැදිලි කරන්නේ නෛතික නොවන බාගත කිරීම් සදහා පැමිනෙන ප්‍රථිපල වඩාත් පහත ස්ථානයක් ලබා දෙන්නට අවශ්‍ය ක්‍රම වේද මෙන්ම  Autocomplete වැනි පහසුකම් වලදී එවැනි ප්‍රථිපල සදහා සහය දැක්වීම දුර්වල කරවන සැකසුම් තමන් ගෙනෙමින් සිටින බවකි. දැනට ඇමරිකානු භාවිතාකරන්නන් සදහා ක්‍රියාත්මක මෙම යාන්ත්‍රනයන් ක්‍රමයෙන් ජාත්‍යන්තර භාවිතාකරන්නන්ස් අදහාද අදාල වන ලෙසට මුදා හැරීම සිදුවන්නට නියමිත බවකි. ආයතනය වැඩි දුරටත් පවසන්නේ පසුගිය වසරේ පමනක් මෙසේ නෛතික නොවන ආකාරයට තම කතෘ අයිතීන් බෙදා හැරෙන URL ඉවත්කිරීම සදහා ඉල්ලීම් මිලියන 224ක් ලැබුනු ඇතර ඒ සදහා ප්‍රථිචාර දක්වමින් මිලියන 222ක් URL ඉවත්කිරීම් තමන් සිදුකල බවත්ය.

Windows 10 සමග Cortana පැමිනෙන බවට තොරතුරු හෙලිවේ.....

  ගෙවී ගිය සතියේ Windows 10 build 9879 සංස්කරනයක් නිකුත් කරන්නට ඹිච්‍රොසොෆ්ට් ආයතනය කටයුතු කර තිබිනි. එලබෙන වසරේ පැමිනෙන්නට නියමිත අවසන් සංස්කරනයට පෙර වේගවත් පෙර සංස්කරන පෙලක් ඔස්සේ භාවිතාකරන්නන් අතරින් වඩාත් සමීපතම අවසන් සංස්කරනයක් සදහා සූදානම් වීම සිදුවෙමින් පවතී. මෙම දැටන ඇති අවසන් පෙර සංස්කරනය සමග ඡොර්ටන පිලිබදව හෝඩුවාවන් කිහිපයක් දක්නට ලැබෙන බවට මේ වන විට තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. Sඋර්ෆචෙ සදහා ඡොර්ටන සෙට්ටින්ග්ස් ඔස්සේ භාවිතාකරන්නාගේ තොරතුරු මකා දමන්නට පහසුකම් පැමිනීම ඔස්සේ මේ බව සනාත වෙමින් තිබෙනවා. Setting වල 'privacy'  කොටසේදී  පැමින ඇති මෙම අංගය සමග උපාංගයේ තැන්පත් වන භාවිතාකරන්නාගේ තොරතුරු  (personalization data)  උපාංගයෙන් ඉවත්කර දැමීම සදහා මෙම අංගය යටතේ ඉඩ සැලසෙන බවටයි විස්තර කෙරෙන්නේ. ඊට අමතරව cloud based ආකාරයට තැන්පත් වන තොරතුරු ඉවත්කර ගැනීම සදහා Bing වෙතට පිවිසෙන්නට සිදුවෙන අතර දැනටමත් Windows Phon සමග මෙම සැකසුම් දැනටමත් මෙම අංග ක්‍රියාත්මක අතර Windows Desktop සදහා පැමිනීමට නියමිත බවට පෙර හෝඩුවාවන් ලෙසට හදාරන්නන් මෙම පැමින ඇති අංග හදුන්වා දෙනවා.

2014-11-13

Twitter පුලුල් සේවාවක් වන්නට සූදානම් වෙයි!!

   එහි පැමිනෙන්නෙකුට 140 characters සීමාවකට යටත්ව සටහන් තබන්නටත් අනෙකුන්ට තමන් කැමති නම් එම සටහන් ලබා ගන්නට හැකිවීමත් යන යාන්ත්‍රනය Twitter නම් සමාජ ජලාවේ මූලික ස්වභායව නිර්මානය වී තිබෙන්නෙකි. ක්‍රමයෙන් වැඩෙන මෙම සමාජජාලාවේ නව කඩ ඉමක් වෙතට පිවිසෙමින් වඩාත් පුලුල්ව පැමිනෙන භාවිතාකරන්නෙකුට තම ප්‍රකාශන හැකියාව ලබා දෙන්නට මෙන්ම පෙර මෙන් හුදු තමන් විසින් එක් කර ගත් ගිනුමක පමනක් නොව එම භාවිතාකරන්නා ලබ දී ඇති හා ඔහුගේ මිතුරන්ගේ සිතුන් පැතුම් අනූව ගැලපෙන පලකිරීම් ස්වංක්‍රීයව තම පි‍ටුව වෙතට එන්නටත් වන ලෙසට පුලුල් පරාසයක නවීකරනයකට සූදානම් බවටයි ප්‍රකාශ වන්නේ. වීඩියෝ පලකිරීම් වලටත් ඉඩ සැලසෙන එම නවීකරනය සමග  තමන් දැනට බෙදා හදා ගන්නා මිතුරන්ගේ පලකිරීම් උවද අවශ්‍ය අනවශ්‍ය ලෙසට වර්ගීකරනයකට යටත්ව අවශ්‍ය පලකිරීම් පමනක් තම මුල් පි‍ටුව වෙතට එන්නට සැලැස්වෙන අකාරයකට සැකසුම් පැමිනෙන බවටත් නිවේදනය වනවා. මෙම නවීකරනයට අනූව පලමුව එන අංගය ලෙසට එලබෙනසතියේ සිට Direct Messages ඔස්සේ තවත් භාවිතාකරන්නෙකු සමග පෞද්ගලිකව දෑ බෙදා හදා ගැනීමේ හැකියාව බලපොරොත්තු වන ලෙසට පැවසෙනවා. 

US Weather systems වෙතට Chinese hackers අනවසර පිවිසීමක්...

   තොරතුරු තාක්ෂණය තවදුරටත් හුදකලා භාවිතාවක් නොවීම සාමාන්‍ය කරුනකි. එය සාමාන්‍ය පුද්ගල ජීවිතයට මෙන්ම සාමානය සමාජ ජීවිතයමතටද තීරනාත්මක බලපෑමක් ගෙනෙත හැකි දෛනික අත්‍යාවශ්‍ය භාවිතාවක් වී ඇති බව පිලිබදව කිසිදු තර්කයක් නැති තරම්ය. විටක බහුලව භාවිතාවන මෙහෙයුම් පද්ධතියක නැතිනම් බ්‍රවුසරයක වන දුර්වලතාවයදී ජාතික මට්ටමේ අනතුරු ඇගවිමක් ගෙනෙන්නට සමහර රජයන්ට සිදු වන්නේ එබැවිනි. 
               පලවන නවතම පුවතක් විස්තර කරන්නේ  Chinese hackers ක්‍රියාකාරකමක් ඔස්සේ එක්සත් ජනපදයේ National Weather Service වෙතට සාර්ථක පිවිසීමක් සිදුව ඇති බවකි. ගෙවී ගිය September සිට සිදුව ඇතිබවට විස්වාස කරන මෙම ක්‍රියාව පිලිබදව පලමු හෙලි දරව්ව මෙම මාසයේ සිදුව ඇති බවටයි විස්තර කෙරෙන්නේ. network server ඔස්සේ ඇරබි ඇතැයි සැලකෙන මෙහිදී පසුව ක්‍රමයෙන් අනෙකුත් පරිගණක කරා පිවිසුම පැතිර ඇති බව විස්තර කෙරෙනවා. නිකුත්ව ඇති වාර්ථාවලින්  malicious software පැතිරවීමක් හෝ දත්ත පැහැර ගැනීමක් විස්තර නොකෙරෙන අතර සිදුවීමේ බරපතාල බවක් පිලිබදවද තොරතුරු තවම හෙලි නොවන බවටයි සටහන් වන්නේ.

තායිවාන් සමාගමක් "air signature" ඔස්සේ අනන්‍යතා තහවුරු ක්‍රමවේදයක් නිවේදනය කරයි....

    තොරතුරු උපාංගය හා භාවිතාකරන්නා අතර නිවැරදි තහවුරුව නොම අවසන් වන ආකාරයේ අරගලයකි. ආයතනයන් නෙක ආකරයේ තාක්ශනයන් ඔස්සේ භාවිතාකරන්නා හා උපාංගය නිවැරදිව එකිනෙකා හඳුනාදෙන්නට කටයුතු කරනවා සේම වෙනකෙකුගේ දත්ත උපංගයක් වෙත අනවසරව පිවිසීමට උත්සාහ කරන්නන්ද දිනෙන් දින එම ආරක්ශක උපංක්‍රම ඉක්මවායන්නට උත්සාහ කරමින් සිටී. තායිවාන ආයතනයක් නිවේදනය කරන්නේ තමන් මෙම අවසර පද ගැටලුව සදහා වෙනස් ආකාරයක විසඳුමක් ‍රැගෙන එන්නට කටයුතු කරන බවයි. එනම් "air signature" අකාරයේ විසදුමක් ‍රැගන් බවටයි පැහැදිලි කෙරෙන්නේ. එනම් උපාංගයේ වන  gyroscope හැකියාව ප්‍රයෝජනයට ගනිමින් භාවිතාකරන්නාට උපාංගය විවෘත අවකාශයේ නිශ්චිත රටාවකට චලනය කිරීම ඔස්සේ එකගතාවයක් නිර්මානය කර ගන්නටත් පසුව යලිත් උපාංගය වෙතට පිවිසෙන්නට අවශ්‍ය විටකදී එහත කී air gestures ඔස්සේ එම පිවිසීමට තමන් වෙතට ඇති අවසරය තහවුරු කර ගන්නටත් හැකිවන බවට පැහැදිලි කෙරෙනවා. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ මෙම චලනයන්ගේ නිවරදි බවද අවශ්‍ය පරිදි ආසන්න මට්ටමේ සිට වඩාත් නිශ්චිත මට්ටමක් දක්වා වෙනස් කරගන්නට අවශ්‍ය සැකසුම් ද පැමින ඇති නිසා අදාල කාරනාව අනූව වඩාත් සුරක්ශිත  බවේ සිට  ආසන්න මට්ටම දක්වා වෙනස් කර ගැනීමටද හැකි වන බවයි.

මම හිතනවා යලිත් මා මේ නගරයට කැදවන ප්‍රධානතම ආකර්ෂනය ඔබගේ ඒ ගුනාංගය කියලා...(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (57)

   අසල වූ උද්‍යාන අවන්හලකින් සරල ආහාරයට හා බීමට යමක් මිලදී ගත් අප හොඳින් සෙවනැති ගඟා ඉවුරට වඩාත් අද්දරින් වන අසුනක් මතට වීමු. "මතකද... අපි මුලින්ම උද්‍යානයට පැමිනි දවස." දිගු විරාමයකට පෙර හමුවන මේ කෙටි වේලාව අපහසුවන් පිරිව ගත වන්නට හැරීම නොකල යුත්තකි. "මට මතකයි ඒත් මේ වගේම ගිම්හානයක අවසන් භාගය.." මම ඇයගේ අවධානය වෙනතකට ගෙන යන්නට වන වන උත්සාහය මත තව දුරටත් ‍රැදෙමින් උත්සාහ කරන්නට වීමි. "මට මතකයි , ඔබ උද්‍යානයේ ප්‍රධාන දොර‍ටුව දිසාව පිලිබදව මගෙන් විමසා සිටියා. මම් හිතන්නේ එතකොට ඔබ උද්‍යානයට පමනක් නොවේ නගරයටම අමුත්තෙක්" ඇය පිලිතුරු දුන්නාය. "ඇත්තෙන්ම ඔහොතේ මම හිටියේ නගරයේ උද්‍යානයේ අතරමංවී විතරක් නොවේ ජීවිතය තුලත් හුදකලාවී අතරමංවයි. ඒත් ඔබ පිලිතුරු දෙමින් සුහඳව කල කථා බහ මට ශක්තියක් වගේ දැනුනා. ඇත්තෙන්ම ඔබේ සුහඳ බව උද්‍යානයේ දොර‍ටුව සොයා ගන්නට පමනක් නොව ඒ දවස් වල මා අසරනව සිටි දවසේ දොර‍ටුවක් වන්නටත් ප්‍රබෝදාත්මක සහයක් උනා. ආගන්තුක නගරයක ඒකාකාරී කරුනු අතර ගතවන දේශන වලට කො‍ටුව අසරන බවක් ගෙන තිබූ ජීවිතයට ඇත්තෙන්ම ප්‍රබෝධයක් උනා. දන්නවද , මට පසුව තේරුනා අප මුලින්ම දා කල සුලු කථා බහේදී ඔබගෙන් ලැබුනු ශක්තියට වඩා වැඩි ආභාශයක් ඔබටත් නොදැනීම මම ඔබෙන් ලබා ගත්තා කියලා. මම හිතන්වා ඔබ මගේ උදාහරනය විසුලුවකට ගෙන සිනා නොවේවි කියලා. මම එතකොට හිටියේ හොදටෝම බැටරි බලය ගෙවී ගිය පරිගණකයක් වාගේ. ඔබත් නොදෑනීම මම ඔබගෙන් විශාල මිනිස් ශක්තියක් ලබා ගත්තා වගේ මට හැගුනා. අදත් මම කියනවා ඔබට ගොඩක් ස්තූතියි කියලා" මම ස්තූතිපූර්ව බවක් පලවෙන ලෙසට පවසා සිටියෙමි. "මම අදටත් ඔබට කැමතිවන ප්‍රධාන හේතුවක් තමයි ඔබගේ ඒ වන අපූර්ව ගුනාංගය. මම හිතනවා යලිත් මා මේ නගරයට කැදවන ප්‍රධානතම ආකර්ෂනය ඔබගේ ඒ ගුනාංගය කියලා."
   Pubudu Siriwansa

You Tube වෙතින් එන්නට නියමිත Music Key beta නිවේදනය වේ...

   You Tube ඔස්සේ streaming service එකක පැමිනීම පසුගිය කාලයේ වූ තවත් බලාපොරොත්තුවක් විය. මෙම premium paid serviceය ඔස්සේ music videos මිලියන ගනනක් වෙළඳ දැන්වීම් වලින් තොරව මෙන්ම offline viewing සදහා බාගත කර ගැනීමේ හැකියාව පැමිනෙනු ඇති බවටයි අනාවැකි පලවෙමින් තිබුනේ. මේ වන විට You Tube වෙතින්  එම සේවාව Music Key (beta)  ලෙසට නිවේදනය වී තිබෙනවා. මෙම සේවාව වෙළඳ ප්‍රවර්ධන කාලය තුලදී ඩොලර්7.99 ක මාසික අයකිරීමකට යටත්ව ලබා ගන්නට හැකිවන අතර එහි සාමාන්‍ය මිළ ඩොලර් 9.99 (මාසිකව) වනු ඇති බවටයි පලවෙමින් ඇත්තේ. මෙම Beta මට්ටමේ සේවාව මාස 6ක කාලයක් නොමිළේ ලබා ගන්නට පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිස අයදුම් කිරීමෙන් invite ලබා ගන්නට හැකිවනු ඇත. 
https://www.youtube.com/musickey

Windows 10 හි Technical Preview build 9879 නිකුත්ව ඇති බවට නිවේදනය වනවා....

  Microsoft වල ප්‍රධාන මෙහෙයුම් පද්ධතියේ මීලග සංස්කරනය සදහා දැනට නිකුත්ව ඇති Technical Preview පෙලෙහි මීලග සංස්කරනය තමන් නිකුත්කර ඇති බවටයි නිවේදනය වන්නේ. (Windows 10)Technical Preview build 9879 ලෙසට නම් වන මෙම සංස්කරනය Windows Update ඔස්සේ ලබා ගන්නට හැකිව පවතින බවටත් ඔවුන් ප්‍රකාශකර සිටිනවා. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නෙ නව සංස්කරනය සමග දුර්වලතා කිහිපයක්ද වන බවයි. ඒවා අතර black screen මෙන්ම සමහර පද්ධති සදහා disk growth ප්‍රමානය 20GB දක්වා අවශ්‍ය වීම සහ අදාල app minimized කිරීමේදී Skype ඇනහිටීම මෙන්ම Music  ධවන ඇනහිටීම ඇතුලු කිහිපයක් වන බවට හෙලිවෙනවා. මෙම දුරවලතා සදහා පිලිසකර කඩිනමින් පැමිනෙනු ඇති බවටත් ඔවුන් පවසනවා. නව සංස්කරනය සමග වන අංග අතර පෙරදී පැමිනි Task Bar වල වන Search හා Task View buttons අවශ්‍යනම් Hide කිරීමේ හැකියාව දැක්වෙනවා. එසේම නව trackpad gestures කිහිපයක්ද වනවා. පෙර බලපොරොත්තු වූ පරිදි Windows Media Player  ඔස්සේ MKV  ගොනු ධාවන හැකියාවද වන බවටයි දැක්වෙන්නේ. මෙම නිකුතූන් භාවිතයෙදී තමන්ගේ ප්‍රධාන පරිගණකය භාවිතයෙන් වැලකී සිටීම හිතකර වනු ඇති බවට Microsoft ආයතනය පැහැදිලිව දක්වා ඇත්තේ තවමත් ස්ථීර අවසන් මට්ටමේ සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා වන සංස්කරනයක් තමන් නිකුත්කර නොමැති බැවින් බවටයි.

2014-11-12

වඩාත් ධනාත්මක බලාපොරොත්තු වලට පිවිසෙන්නට ඇය සමතියක් පමනක් නොව අනෙකාවද ‍රැගන යන්නට මහත් සමතියකි...(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (56)

     සාමාන්‍යයෙන් ගිම්හානකාලයේ දහවලට පවා සිසිලැති උද්‍යානය ජනාකීර්න ස්වභාවයක් ගන්නා නමුදු අප ඒ වෙත පිවිසෙන වෙලාව වන විට එතරම් කලබල කාරී බවක් එහි නොතිබිනි. උදයානයේ එක් කෙරවලකට අද්දරින් ගලා බසින සංගාවට සමාන්තරව දිවෙන මාවත ඔස්සේ අප ඇවිඳ යන්නට වීමු. "ඔබට විස්වාසද ඔබ නැවත මේ නගරයට ඒවිම දැයි කියා? මොකද... එසේ නැත්නම් මම නැගෙනහිර පැත්තට වන ප්‍රදාන නගරයක් දිසාවට අලුත් ‍රැකියා ස්ථානයකට යන්නට කියලයි හිතුවේ. " පැමිනෙන්නට නියමිත හුදකලා බව ඇයව අපහසුවට පත්කර තිබෙනවා විය හැකිය. තවදුරටත් මාතුල වන දෙගිඩියාව  ඔස්සේ මෙසේ සමීපතමියක අපහසුතාවයට පත්වන්නට ඉඩ හැර සිටීම අමානුෂිකය. "හොඳයි මම ඔබට පොරොන්දු වෙනවා" මම ඇය වෙත ගිවිසීමි."හැබැයි ඒක මහත් අපහසුවෙන් දෙන පොරොන්දුවක නොවෙයි නේද?" ඇය තම වෘතීය තුල වන උපදෙස් හේ අන දෙනවාට වඩා ඔවුන්ව එකගකර ගැනීමේ අපූරු හැකියාව අප ගැටලුව වෙතටද කැදව ගෙන පැමින ඇතුවා සේය. ලොව නෙක පරිව්සරවල ඇවිඳිමින් හමුවූ බොහෝ පිරිස් අතරින් ඇය වඩා කැපීපෙනෙන එකියක ලෙස හැගෙන්නේ මෙවන් අපූරු ගුනාංග ඇයවෙත පිහිටා ඇති නියාවෙනි. මානුෂිකව දෑ සමග කටයුතු කරන්නට යැය තුලවන ගුනාංගය බොහෝ විට මම දැක තිබුනෙමි. සමහර විට එම තීර්න ඇයට අවාසි සහගත අවස්ථාවලදී පවා ඇය වඩාත් සුදුසු බවට හැගෙන බැවින් ගන්නා එම තීර්න මත නොසැලි ඉන්නට හැකියාව ඇත්තියක වූවාය.
                                                   අද මධ්‍යම රාත්‍රිය වන විට ඇති ප්‍රාදේශීය ගුවන් යානයකින් රටේ ප්‍රධාන ගුවන් තො‍ටුපොල වෙතට යන්නට හා හෙට උදෑසන වන විට සැතපුම් දහස් ගනනක් දුරින්වන නව අධ්‍යාපන ආයතනය පිහිටි නගරය වෙතට යාමට නියමිත බවටත් පැහැවෙදිලි කලෙමි. සමහර විටක ස්ථීරවම මා නැවත එන බවට කල පොරොන්දුව ඇය වඩාත් ශක්තිමත් කරන්නට කටයුතු කර ඇතුවා විය යුතුය . මද සිනාවක් පාමින් හිස සලා ඒවා වටහා ගත් බවක් පෑවාය. සමහර විටක අපිදෙදෙන අතරට විවේකයක්ල් පැමිනීම වඩාත් හොඳ වේවි. ඉදිරි දෑවසර අවසන් වන්නට පෙර වඩාත් අලුත් මිනිසුන්ව වඩාත් සාර්ථක සැලසුම් සමග අපට හමුවන්නට හැකිවේවි. මා පෙරද කීවා සේ වඩාත් ධනාත්මක බලාපොරොත්තු වලට පිවිසෙන්නට ඇය සමතියක් පමනක් නොව අනෙකාවද ‍රැගන යන්නට මහත් සමතියකි
Pubudu Siriwansa

Android L තොරතුරු කිහිපයක්...

    Android L පැමිනෙන්නේ ආසන්න ලෙසට එම මෙහෙයුම් පද්ධතිය වෙතට නවාංග 5000ක් පමන ‍රැගෙනය. මෙම මෙහෙයුම් පද්ධතිය වෙතට ආසන්නව හෝ මේ ආකාරයේ වෙනසක් ගෙනෙන්නට සමත්වූවේ Android 4.0 නම් 2011 දී නිකුත්වූ සංස්කරනය ලෙසට බවටයි පිලි ගැනෙන්නේ. මෙම වෙනස්කම් අතර ඉතා සුලු මට්ටමේ මෙන්ම භාවිතාකරන්නෙකු වෙතට දැනෙනසුලු මට්ටමේ ඒවා මෙන්ම එය භාවිතාවන Smart Phoneය වෙතට පහසුවක් වන ඒවා ද වන බවටයි පිලිගැනෙන්නේ. 
                          Project Volta යනු දුරකථනයේ බැටරි Lifeය  වඩාත් විධිමත්කර දෙන්නට හොඳින් සහය වන අංගයක් ලෙසටයි පැහැදිලි වන්නේ. ඔවුන් එය උදාහරනය කලේ Nexus 5 දුරකථනයක බැටරි ආයුකාලය විනාඩි 90කින් ඉහල දමන්නට සහය වනු ඇති බවකි. එම බව ගෙන්නට සහයවන එක් අංගයක් ලෙසට දුරකථනය නිවසේ භාවිතාවීමේදී නැවත නැවතත් Unlock කිරීමකට අවශ්‍ය නොවන මුත් නිවසින් බැහැරවන විටකදී ස්වංක්‍රීයව ඒ බව හඳුනා ගෙන එම අංගයන් සංක්‍රීයව තබන්නට සමත්ව භාවිතාකරන්නාගේ ආරක්ශිත බව තහවුරු කර දෙන්නට සමත්වීම දැක්විය හැක. පැමින ඇති තවත් අංගයක් වන Do not Disturb සමග දුරකථනයේ Notifications තාවකලිකව අවහිර කර තබන්නට හැකිවීම දැක්විය හැක.
                  Googlr ආයතනය පවසන්නේ නව මෙහෙයුම් පද්ධතිය භාවිතාකරන්නා වෙතට සුපුරුදු පෙර  සංස්කරන භාවිතාවෙන් තීරනාත්මක වෙනස් භාවිතාවකට නොම කැදවන බවයි. වෙනස්කම් පහසුවෙන් හැගෙන හා භාවිතයට නම්‍යව පැමින ඇති බවටයි පැහැදිලි කර සිටියේ.Material Design සමග වඩාත් පැහැදිලි දෘශ්‍යතාවයක් සහතික වන ඔවුන් Bubble සමග විටක පහසුවෙන් Emailයක් සටහන් කර ගන්නට හැකිවන විට "Cards" සමග පහසුවෙන් Applications සමග කටයුතු කරන්නට සහය වන බවට පෙන්වා දෙනවා. ක්‍රමයෙන් මෙම නව සංස්කරනය Android දුරකථන වෙතට මුදහැරෙමින් ඇති අතර ඉදිරිකාලයේදී බොහෝ දුරකථන සංස්කරන සදහා පැමිනෙන්නට සැලසුම් වෙමින් තිබෙන බවටයි නිවේදනය වන්නේ.

සෙයුම් යාන්ත්‍රන වලටද "ඔබ සාපේක්ෂයි"

  අන්තර් ජාලය පලමු කාලයේ අර්ථ දක්වන්නට වූවේ විශ්වය ගම්මානයක් බවට පත්කරන්නට පැමිනි තාක්ෂණයක් ලෙසටය. එහිත් ලෝක ව්‍යාප්ත ජාලය (World Wide Web) තත්වය වඩාත් ප්‍රායෝගික කරන්නට මැදහත් වන්නා ලෙසට පිලි ගැනිනි. ලෝකයේ කොතැනක සිට උවත් එකම ආකාරයට පහසුවෙන් ලොව කොතැනක වුවත් තිබෙන අන්තර්ජාලයට සම්බන්ද Text සටහනක්, audioවක්  මෙන්ම videoවක් භාවිතාකරන්නට පැමිනෙන්නාට හැකියාව තිබිනි. මේ සදහා ඊලගට වඩාත් වැදගත් මැදිහත්කරුවා වූවේ සෙයුම් යාන්ත්‍රනයයි. නැතිනම් search engineයයි. ලොව නෙක දෙස සර්වරයන්ගේ තැන්පත්ව ඇති නෙක දෑ සරලව සැලකීමේදී ඒවා වෙතට ඇති ලිපින ඔස්සේ හෝ ඒවායේ අඩංගුව ඇති ප්‍රධාන වදන් ඔස්සේ පිලිවලකට සකසා තබා ගනිමින් භාවිතාකරන්නෙකු ඉල්ලා සිටින විටක ලබා දීම ඒවා විසින් කර දෙන්නට යෙදිනි. එම යුගයේදී ව්ශ්වව්‍යාප්ත එකම පදනමක් භාවිතා වූ අතර සෙවුම හා ප්‍රථිපල නිරපේක්ශව පැවතුනි. තවදුරටත් මෙම සරල දැක්ම ඔස්සේ තත්වය පැහැදිලි කර ගත නොහැකි බව මේ වන විට හදාරන්නන්ගේ මතය වෙමින් ඇත.
                                                 මේ වන විට පෙර කී සෙයුම(Search) සදහා ක්‍රියාත්මක වන යාන්ත්‍රනය(Search Engineය) වඩාත් සංකීර්නව ඇත. මේ වන විට එය සොයන්නා හා ඔහු සිටින ස්ථානය අනූව මෙන්ම විටක වඩාත් සංකීර්න සාධක අනූව එම සෙයුම් ප්‍රථිපල(Search Result) පදනම් වීම සිදුවේ. අතීත හැසිරීම් ප්‍රමුකව සොයන්නගේ සමාජ ජාලා අනන්‍යතාවයන් මෙන්ම එම මිතුරන්ගේ වඩාත් ප්‍රියතම තාවයන් මෙන්ම ඔහු හෝ ඇය සිටිනා ප්‍රදේශය අනූව ඒවා වඩාත් විශ්ලේෂනය වෙමින් වඩාත් ඔහුටම අනන්‍යවූ ප්‍රථිපල ගෙනෙන්නට මෙම සෙයුම් යාන්ත්‍රන කටයුතු කරනු ලබයි. එක් විටක මෙම වඩාත් සොයන්නාට අනන්‍යවූ ප්‍රථිපල පැමිනීම පහසුවක් වනවා මෙන්ම විටක ඔහු වඩාත් හුදකලා කරන්නෙකැයි හදාරන්නන්ගේ මතය වෙමින් ඇත.
                       සෙයුම් යාන්ත්‍රනයන් විසින් තම භාවිතාකරන්නන් වෙතට වඩාත් සමීප ප්‍රථිපල ගෙන ඒම ඔස්සේ වඩාත් සමීප වීමට උත්සාහ කරන්නා සේම බොහේ විට එවන් යාන්ත්‍රන වල ඉපැයීම් පදනම වන වෙලඳ දැන්වීම් සදහා අදාල භාවිතාකරන්නා වඩාත් ඉලක්ක ගතව තබා ගන්නට මෙම ප්‍රවනතා ඔස්සේ උත්සාහ කරමින් සිටින බවටයි හැදෑරෙමින් ඇත්තේ. තත්වය සරල උදාහරනයක් ඔස්සේ පැහැදිලි කෙරෙන්නේ නම් මේ වන විට එකම සෙයුම් වදනක් සදහා (keyword searchයක් සදහා) එම සෙයුම් යාන්ත්‍රනයට ඔබගේ ගිනුම ඔස්සේ පිවිසී සිටින විට මෙනම එසේ නොවන විටකදී , භාවිතාකරන පරිගණකයේ ඇති සෙයුම් යන්ත්‍ර අතීතයට අනූව මෙන්ම සිටින ප්‍රදේශය අනූව මෙම ප්‍රථිපල වෙනස් වන බවටයි එම තත්වය වඩාත් පැහැදිලි කරන්නන්ගේ මතය වන්නේ.
                                                                                             Pubudu Siriwansa

2014-11-11

"ඇයි අපි කථා නොකරන්නේ?....." දෙබස කොතැනින් හෝ ඇරබිය යුතුය.... (සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (56)

    උනුසුම් දහවල අවසන් භාගයේ වූවද විවෘත කඳු මුදුනත එතරම් සුවපහසු තැනක් වන්නට නම් තව හෝරා දෙක තුනක් වත් අවශ්‍ය හෙයින් අප නගරයේ උද්‍යානය වෙතට යන්නට තීර්නය කෙරුවෙමු. මලින් බරව ඇති විශාල වෘක්ෂයන් වලින් ගැවස ගත් උද්‍යානයේ එක් කෙරවලක ගලා බසිමින් ඇති ගංගාවේ ඉවුරු තලයේ වන අසුනක් නම් වඩාත් පහසු බැවින් ඒ දෙසට යන්නට වීමු. "අයි අපි කථා නොකරන්නේ?" දෙබස කොතැනින් හෝ ඇරබිය යුතුය. තව අතකින් නිඬකම තව දුරටත් අප පීඩාවට පත්කරන්නට ඉඩ නොතැබිය යුතුය. "හෙට උදෑසන වන විට ඔබ නගරයෙන් සමුගන්නවා.ඔබ නිතරම කියන්නා වගේ පැමිනෙන සියල්ලෝම ආපසු යායුතුයි. ඒත් ඒ සමුගැනීම මේ තරම් වේදනාකාරී වීම නම් මට මහත් අපහසුවක්" ඇයගේ විවෘත වීම මහත් සහනයකි. "සමහර විටක දෑ හමුවේ ඔබ නිහඬව සිටීම ඒ දෑ ගෙනෙන වෙහෙසට වඩා මට දැනෙනවා" වරක් මා ඇයවෙතට පැවසුවා මතකය.
                       "හොඳයි , මම මෙසේ පොරොන්ඳු වෙන්නම් එලබෙන දෑවසර අවසන් වන්නට පෙර ම ඔබව නැවත මුන ගැසෙනවා. ඉදිරි වසරේ ගිවිසුම අවසන් වීමෙන් පසුව මා වෙනත් ගිවිසුමකට නො එන්නට තීර්නය කලා. එලබෙන වසර අවසානයේ මම ආශ්‍රමය වෙතට යන්නට හා කෙටි කාලයකින් නැවත මෙහි එන්නටත් සැලසුම් කරන්නම්"  අවසාන තීර්නයක් මාතුල ඒ පිලිබදව නොවූවද පලමුව ඇය මේ අපසහුවට විවෘතවීම අවසන් කර ගත යුතුය."අපිට පුලුවන් වේවි අපේ හැදැරීම් සටහන් පෙල අවසන් කරන්නට මෙන්ම තවත් අලුත් ව්‍යාපෘති කිහිපයකට අත ගසන්නට. අර වෙබ් අඩවි කිහිපයක් ඔස්සේ අපේ මේ විෂයන් ගැන වෙනස් මතවාද කිහිපයක් ගොඩ නගන්නට මාකල යෝජනාවට අප එකගනම් ඒකත් අරබනට හැකි වේවි. හැබැයි මේ හැමටම වඩා මා අර කීව ආශ්‍රම භූමියට අද්දරින් වන ගම්මානයේ මිනිසුන්ගේ අපූර්ව ජීවිත රටා ගැන වන සටහනනම් ගොඩක් සාර්ථක වේවි මගේ හිතේ." මාගේ පලමු අවශ්‍යතාවය වූවේ ඈ සිත තුලට අපහසු සිතුවිලි පැමිනෙන්නට ඉඩ නැති තරමට බලාපොරොත්තුවලින් පුරවන්නට වුවද ඒ සියල්ල අප මීට එකිනෙකා කථාබස් කර අනාගත බලාපොරොත්තු තබා සිටි ඒවා වූවාය.
Pubudu Siriwansa

FIREFOX නිදහස් ඇමතුම් පහසුව වඩාත් පුලුල් සේවාවක් වේවි..........

  Firefox Hello ඔස්සේ වඩාත් නිදහස් ඇමතුමක් ගන්නට හැකි බවට ඔවුන් පැහැදිලි කරයි. Telefonica ආයතනය සමග සහයෝගය ඔසේ පැමිනෙන මෙම සරල Voice and Video Calls සේවාව භුක්තිවිඳීම සදහා Web Real Time Communication (WebRTC) හැකියෑවති බ්‍රවුසරයක් පමනක් තිබීම සෑහෙන බවටයි වැඩි දුරටත් පැහැදිලි කරන්නේ.දැනට භාවිතාවන Crome, Opera වැනි බ්‍රවුසරයන් සමග ඒ අනුව මෙම පහසුව විඳින්නට හැකිවනු ඇති අතර  Firefox Beta සංස්කරනයක් සමග ඇරබෙන මෙම ඇමතුම්ක් ලබා ගන්නට අනෙක් පස වන භාවිතාකරන්නා වෙතට අදාල Link බව ලබා ගැනීම පමනක් සෑහෙන අතර අඩුම තරමින් Sign Up වීමක් වත් අවශ්‍ය නොවන බවටයි දැක්වෙන්නේ.අමතර software, plugins භාවිතාකිරීමකින් තොරව ලැබෙන මෙම පහසුව සමග Signup වීමකින් අනතුරුව පෙර කී Link අවශ්‍යතාවයකින් තොරවනු ඇති බවටත් පැහැදිලි කෙරෙනවා.FireFox Beta ඔස්සේ මෙම පහසුව නුදුරේදී මුදා හැරීම සිදුවනු ඇති බවයි දැනට නිවේදනය වන්නේ.

2014-11-10

Net Neutrality වෙනුවෙන් තමන් පෙනී සිටින බව ඇමරිකානු ජනාධිපතිවරයා පවසයි...

   ඇමරිකානු ජනාධිපතිවරයා වෙතින් නිකුත්වන නිවේදනයක් පැහැදිලි කර සිටියේ net neutrality බව රදවා ගැනීම සදහා කටයුතු කිරීම වැදගත්ම කාරනයක් වන බවයි. එහිදී එතුමා පවසා සිටියේ අන්තර්ජාලය Title II තත්වයේ පවත්වාගෙන යන්නක් බවට පත්කල යුතු බවකි. ඒ අනූව එරට සියලුම පුරවැසියන්හට අන්තර්ජාලය භාවිතයට විවෘතවීම පිලිගත් කාරනයක් බවට පත්වනු ලබයි.මෑතකදී කථා බහල ලක්වෙමින් ඇති ගෙවීම් මත ISP වරුන්ට සමහර වෙබ් අඩවි වෙතට වැඩි මූලිකත්වයක් දීම වැනි අන්තර්ජාලය ගොඩ නැගීමේදී සිටම ගරුකල හා ‍රැකගත් ඔනෑම අන්තර්ජාලය තුල හුවමාරුවන තොරතුරු මූලික ඒකකයකටම සමාන අවස්ථාව ලැබීමට අභියෝගවන පියවරයන් එහිදී තම කථාවේදී ප්‍රතික්ෂේප කර සිටින්නට කටයුතු කරනු ලැබුවා. එසේම Title II යටතේ broadband providers වරුන් හට අන්තර්ජාලයේ වන දෑ නීතිවිරෝධී නොවනතාක් block හෝ throttle කිරීමට නොහැකි වනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ.

තප්පර කිහිපයක් කල්පනා කල ඇය කල ඇය තම ටැබ් පරිගණකය ඔස්සේ අදාල අයැදුම ආයතනය වෙතට යොමු කලාය..(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (55)

   පැමිනෙන අඳුර නෙතුමානයේ වන සියල්ල පැන්සල් සිතුවමක් පමනක් බව පත්කරමින් ඇත. එය එලිය හා අඳුර පිලිබදව පමනක් වෙමින් ඇත. ඝන මිහිදුම් වැනි ස්වභාවය තැනින් තැන වෙනදාට දකින දැල්වෙන පහන් සිලු මුවා කර දමා තිබෙනවා විය යුතුය. විටක යෝධයන් මෙන් නැගී සිටින මිනිසුන් තවත් විටක අසරනයන් වන්නේ විටක හරිම අතාර්කික ලෙසටය. එම නගරයෙන් සමුගැනීම හෙටයි කියා තිබූ දිනයට පෙරදා දහවල මා දුන් දුරකථන ඇමතුම් කිසිවකට පිලිතුරු දෙන්නට අන් කෙරවලේ සප්‍රානික කිසිවෙක් නැතුවා වැනි විය. මා සේවය කල ආයතනයේ එම අධ්‍යන වසර සදහා මා වෙතට නියමිතව තිබූ අවසන් දේශනය අවසන් කල විගස ඇය සේවය කල ආයතනය වෙතට යන්නට මට අවශ්‍ය විය. ඒ වෙත ගිය මා ඔවුන්ගේ විවේකාගාරයේදී ඇයව හමුවිය හැකි බවට දැන්විනි. ඔවුනගේ විවේකාගාරයේ කවුලුවක් අසලවූ අසුනකට ව ඇය සිටියාය. මාදු‍ටු විට යාන්තමින් සිනාසුනු ඇය  "මට ටිකක් හිසරදේ වගෙයි. විවේකයක් ගත්තිත් හොඳයි කියා සිතුනා" ඇය පත්ව ඇති සබෑතත්වය වසන් කරන්නට අසාර්ථක උත්සාහයක යෙදිනි. "ඔබට හොඳයි කියා සිතනවානම් අපි එලියට යමු". තප්පර කිහිපයක් කල්පනා කල ඇය කල ඇය තම ටැබ් පරිගණකය ඔස්සේ අදාල අයැදුම ආයතනය වෙතට යොමු කලාය. වසරක් පුරාවට බොහෝ දේ කථාකරමින් මේ නගරයේ අපූර්ව පරිසරයන් මත හෝරා බොහෝ ගනනක් ඔබ මොබ සක්මන් කරමින් සිටි අප අතරට හදිස්සියේම තවත් හෝරා සියගනනක් කථාකරන්නට දේ පැමින ඇතුවා සේය. විනාඩි කිහිපයක් දැඩි නිද්‍රාවකින් මෙන් නිහඬව සිටි අප ටැබ් යන්ත්‍රය ඔස්සේ ඇයගේ ඉල්ලීම පිලිගත්බවට පැමිනි ආයතනයේ පනිවිඬය සදහා වූ සිහින් හඬින් අප නැවත පියවි ලොවට පැමිනුනා මෙන්විය. 
                                අප ආයතනයේ රථගාල වෙතට පිය නගන්නට වීමු. අප හමුවූයේද දිගැති දවසැති උනුසුම් ගිම්හාන කාලයකදීය. චක්‍රානුකූල සොබා දහම නැවත ඊලග ගිම්හානය ‍රැගෙන විත් ඇත්තේ තාවකලිකව හෝ සමුගැනීමක අනිවාර්ය ඇරයුමක්ද ‍රැගෙනය. නොසලකා හැරීම සමස්ත ජීවිතයටම බල පෑහැකි වාතාවරනයක්ද පසුබිම් කරගත් සමුගැනීමක ඇරයුමක් ගෙනය.
Pubudu Siriwansa

Cortana නම් Microsoft වෙතින් එන තොරතුරු සහයකාවිය...

    Microsoft තම  intelligent personal assistant  මෘදු සහය Phone , Band මෙන්ම windows os වෙතට ක්‍රමයෙන් මුද හරිමින් තිබෙන්නේ CORTANA නමින්ය. ආයතනය ප්‍රථමයෙන් මෙම අංගය විස්තර කරනු ලැබුවේ 2014 අප්‍රේල් පැවති Microsoft BUILD වලදීය. ආනාගත මෙහෙයුම් පද්ධති සදහා පැමිනෙන තීරනාත්මක භාවිතාවක් වනු ඇති බවට පැහැදිලි කරමින් පැමිනි මෙම අංගය සමග උපාංගය තුල මෙන්ම වෙබ් ආකාරයට පවතින දෑ සොයා දෙන්නට, භාවිතාකරන්නා වෙතට සැලසුම්ව ඇති අනාගත කාරනා මතක්කර දෙන්නට මෙන්ම අවශ්‍ය විටකදී සංනිවේදනය කරන්නට සූදානම්ව  ඇති අතර People , Places, Calender, Information ලෙසට Cortana හැකියාව ඇසුරු කරනු ලබන තොරතුරු අවකාශයන් වර්ග කර සිටින්නට කටයුතු කරනු ලබනවා. මෙම අංගයට භාවිතාකරන්නා විසින් පෙර සැලසුම් කරන ලද Comand කිහිපයකට සීමාවීම වෙනුවට ඔහුගේ natural voice සදහා සංවෙදීවන්නට හැකිවීම වඩාත් සිත්ගන්නා ලක්ෂනයක් වනු ඇති අතර එය දැනට indows Phone 8.1 සමග ඇමරිකානු භවිතාකරන්නන්ට මෙන්ම චීන හා බ්‍රිතාන්‍ය භාවිතාකරන්නන් සදහා නිකුත්ව තිබෙනවා. මීට අමතරව බීටා මට්ටමින් මෙම හැකියාව  India, Canada , Australia භාවිතාකරන්නන්  සදහ විවෘතව ඇති අතර 2014 වසර අවසානයේදී හෝ 2015 මුල් භාගයේදී සමස්ථ ලොකය පුරා වන තම භාවිතාකරන්නන් වෙතට මුදා හරින්නට සැලසුම්ව ඇති බවට තොරතුරු හෙලිවනවා.

ලොව පුරා ක්‍රියාත්මක වෙමින් තිබූ dark net sites 400ක් වැටලේ. පුද්ගලයින් 17 අත්වඩංගුවට...

  සමූහ වැටලීමක් ඔස්සේ යුරෝපියානු රටවල් 16 ඇතුලු ඇමරිකානු එක්සත් ජනපදයෙදී ක්‍රියාත්මක වෙමින් තිබූ 400 dark net  අඩවි ප්‍රමානයක් වසා දමන්නටත්  17ක් පුද්ගලයින් අත්වඩංගුවට ගන්නටත් කටයුතු කොට ඇති බවටයි වාර්ථාවන්නේ. අන්තර්ජාලය තුල සැගව සිටිමින් එහි සරන්නට සහය වන බ්‍රවුසරයන් බාවිතාකරමින් ක්‍රියාත්මක වෙමින් තිබූ මෙම අඩවි සමග ළමා අපචාර මෙන්ම මත්ද්‍රව්‍ය ආශ්‍රිත ක්‍රියාකාරකම් සිදුවෙමින් පැවති බවටයි හෙලි වන්නේ. මෙම අඩවි අතර ප්‍රකට Silk Road 2.0 අඩවියද වූ බවටයි නිවේදනය වන්නේ. ආසන්නව ඩොලර් මිලියන එකක Bitcoins මට්ටමේ වටිනාකම් මෙම අඩවි ඔස්සේ හුවමාරුව තිබුනු බවටයි හෙලිවෙමින් ඇත්තේ. ලොව පුරා මිලියන 500 පමන මෙසේ අන්ත්ර්ජාලය තුල සැගව සැරීමේ පහසුව දෙන බ්‍රවුසරයන් භාවිතාකරන අතර ඔවුන් අතර ආරක්ශක අංශ , නීති අංශ නිලධාරීන්ගේ සිට  පුවත්පත්කලාවෙදීන් ඇතුලු සිවිල් වැසියන් වන බවටයි පිලිගැනෙන්නේ. ඒ අතර වු මෙම අපරාධකරුවන් විස්වාස කරමින් සිටියේ තමන්ව කිසිසේත් හඳුනාගන්නට නොහැකි වන බවකි.

2014-11-09

කාලය සාපේක්ශ බවට නම් දැන් මාහට කිසිදු සැකයක් නැත....(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (54)

  අවසාන දින කිහිපය වන විට නැගෙමින් තිබූ අපහසු බව මකා ගන්නට මෙන් වරක් මා තැබූ  දින සටහන් මතකය. එය නම් "කාලය සාපේක්ශ බවට නම් දැන් මාහට කිසිදු සැකයක් නැත. මා මේ නගරයට පැමිනි මුල් දින වල විවේකී දිනයන් ගතකර ගන්නට නොහැකිව විටක කිහිපවරක් නගරයේ වීදී ඔස්සේ එක් කෙරවලක සිට අනෙක් කෙරවල දක්වා ඇවිද ගිය කාලයක්ද විය. ඒකාකාරී මත්පැන් හලවල් නිෂ්පල උත්සාහයන් බව ඉක්මනින්ම හැගිනි. දරුනු හුදකාලාවකට මැදිව උද්‍යානයේ කෙරවලක ලී අසුනක් මතට වී ඉදිරියෙන් ගලා යන ගංගාවේ නැගෙන සිහින් දිය රල මනින්නට තැත් කරමින් සිටින කලක අහබු ලෙස හමුවූ අපූරු තරුනියක සියල්ල වෙනස් කර දමන්නට හැකිව ඇත. නගරයේ සෙවය කරමින් සිටින වෛද්‍යවරියක වූ ඇය කැපී පෙනෙන මහත් රූමත් එකියකද නොවූවාය. නමුත් ඇය ක්‍රියාශීලී , ප්‍රසන්න ගති පැවතුම් මෙන්ම වාග් විලාශකින් යුත්ත එකියක වීමම අප නැවත නැවත හමුවන්නට වූ අවිඥානික බලකිරීමක් විය. ඒ සිදුවීමේ මුල් භාගයේදීය. මැද භාගයේදී හැදෑරීම් ප්‍රිය අප දෙදෙන තොරතුරු තාක්ෂණය හා එමින් ඇති ජීවි විද්‍යාත්මක තලයන අතර වන එකගතාවයන් ගැන හැදෑරීම් සටහන් පෙලකට පවා පෙලබිනි.අවසාන භාගය දැන් පැමින ඇත. මෙහි පැමිනි මුල් කාලයේ අප අතරින් ගලා යමින් තිබූ කාල යාන්ත්‍රනය කිසිවෙකු විසින් වෙනස් කර ඇද්දැයි සැක සිතෙන තරම්ය. බොහෝ සෙයින් ඈලි මෑලිව නැග බැස ගිය හිරු මෙතරම් ජව සම්පන්න වූවේ කෙසේදැයි මම මගෙන්ම විමසමින් සිටින්නෙමි"
                                                                                                        Pubudu Siriwansa

Windows 10 Technical Preview මිලග සංස්කරනයන් සමග...

    මේ වන විට Windows 10 Technical Preview වල මීලග සංස්කරනයක තොරතුරු හෙලි වෙමින් පවතිනවා. build 9879 ලෙසට වන එම සංස්කරනය සමග multi-tasking (virtual desktop) හා taskbar වල පැමින තිබූ search buttons හැකියාවන් අනවශ්‍ය අයෙකුට ඉවත්කර තැබීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ. පෙර කී හැකියාවන් ගෙනෙන Buttons දැනට භාවිතාවෙමින් ඇති Windows 10 Technical Preview  සංස්කරනය සමග ප්‍රථම වතාවට හදුන්වා දෙනු ලැබුවා. වඩාත් නම්‍ය භාවිතාවක් ලබා දෙන මෙන්ම පැහැදිලි භාවිතවක් ගෙනෙන මීලග මෙහෙයුම් පද්ධතියක් ඔස්සේ ආයතනික මෙන්ම පුද්ගල භාවිතාව තුල ස්ථාරවීමේ අවශ්‍යතාවයට ප්‍රධාන තැනක් දෙමින් පැමිනෙන මෙම නව සංස්කරන ඔස්සේ ඉදිරියේදී පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුවන අංගයන් ලෙසට lock-screen  හැකියාවක් හා notification center හැකියාවක් ගැන දැනටමත් බලාපොරොත්තු වෙමින් තිබෙනවා.

2014-11-08

ඈ අතිසාමාන්‍ය මනුෂ්‍ය එකියකද වූවාය....(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (53)

  ඈ අතිසාමාන්‍ය මනුෂ්‍ය එකියකද වූවාය. පසු දිනක අප උදයානයේ හමුවූ විටකදී ඇයට ඒ සටහන ගැන වැඩි දුර යමක් අසන්නට අවශ්‍ය විය. "ඔබ බොරුවට මාව අගය කරනවා නේද?"  දෙබසේ ඇරබුම ඇගෙන් විය. "නැහැ මම කිසිවිටක ඔබව රවටන්නට උත්සාහකර නැහැ" දෙබස කෙටි වෙතැයි මා බලාපොරොත්තු විනි. "අර සටනේ අග ඔබ තියල තියපු අකුරු පෙල මා පසුව දු‍ටුවම මට එහෙම හිතුනා".  දිවිය පුරාවට හමුවූ නෙක ආකාරයේ තරුනියන් අතර ඇය සිතමත තබා තිබූ මතකය සුවිශේෂී බව මාතුල කිසිදු සැකයක් නොවිනි. "ඔබට මතකද අර උද්‍යානයේ සිතුවම් දැක්ම ගැන පසු දවසක අප අතර සිදුවූ දෙබස. ඇත්තෙන්ම ඔබව රවටන්නට කිසි සේත්ම අවශ්‍ය නොවන්නේ ඔබ අපූරු අයෙකු බව මා අත් දැක තිබෙන නිසාමයි. දන්නවද, ඔබේ හමුවෙන් පසුව මා වඩාත් සාර්ථක දේශකයෙක් වෙලා. මුල් දිනවල මගේ සාමන්‍ය දේශනවලට  නොපැමිනි සිසුන් පවා දැන් පැමිනෙන්නේ හරිම උද්‍යෝගයකින් බව හොඳින් දැනෙමින් තිබෙනවා. දෙපැය පුරාව මගේ අවධානය මේතරම් සාර්ථකව නාභිගතකරගත හැකිව තිබූ කාලය මතක නැතුවා තරම්. ඇත්තම කියනවා නම් මම මම ගැනම පුදුම වෙමින්සිටිනවා" ඇය මා දෑස් දෙස එක එල්ලේ බල සිටින්නේ වචන ඔස්සේ පැමිනෙන අර්ථ සැබ වින්ම මා අදහස් කරනවාදැයි හඳුනාගන්නට මනාව පුහුනු කරන ලද එකියක ලෙසිනි.
                        අප සමුගන්නට නියමිත වන සතිය ඇරබුනේ විදුලි වේගයෙන් මෙනි. කාලය මෙතරම් ඉක්මනට ගලා යන්නේ කෙසේදැයි සිතා ගන්නට නොහැකි තරම් යැයි විටක සිත මා වෙත යෝජනා කරනවා වැනි විය. අප අතර ඇරබුනු හැදෑරුම වේගයෙන් අවසන් කරන්නට අපට අවශ්‍ය වූ මුත් ඒ පිලිබදව අප දෙදෙනා තුලම වූ උනන්දුව හීනව ගොස් තිබිනි. හොරාවක දෙකක හැඩුමකින් මේ සිතේ වන බ‍රැති බව අවසන් කරන්නට ඇත්තනම් කොතරම් හොඳදැයි වරක් ඇය විමසා සිටින්නට පවා පෙලබිනි. දල වශයෙන් පි‍ටු හයසීයකට පමන සැලසුම් කර තිබූ අප අවසන් සටහන පි‍ටු හාරසියයක් හෝ හාරසිය පනහක් පමන අවසන්ව ඇතිව අතරමගදී නතරකර දමන්නට අපට තීරනය කරන්නට සිදුවිනි.
                                                                                                         Pubudu Siriwansa

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...