තොරතුරු ලෝකය මත පවතින ප්‍රධාන ආකාරයේ ආයතනයන් හෝ සේවාවන් වර්ග දෙකක් වේ. එක් කොටසක් යහපත් හා වගකීමක් ඇති නෛතිකව ක්‍රියාත්මක වන ආයතනයන් වන අතර අනෙක් කොටස නෛතික නොවන අයහපත් අරමුනින් ක්‍රියාත්මක වෙමින් සිටින දෑ වේ. නමුත් තවත් වැදගත් කොටසක් මග හැරෙමින් ඇත. එනම් අවස්ථානුකූලව මේ ස්වරූපයන් අතර දෝලනය වන ඒවාය. ඒවායේදී මූලිකව නෛතික පදනමක් මත ක්‍රියාත්මක වුවද අවස්ථානුකූලව තම ගනුදෙනුකරුවන් හට නියමිත සේවාව නොසපයන පමනක් නොව අපහැදිලි මට්ටමින් සද්භාවයෙන් ක්‍රියා නොකරන අවස්ථා බහුල ආයතනයන් වේ. මේවා අතර වන සමහර මෘදුකාංග ආයතනයන් වේ. ඒවා භාවිතාකරන්නා හට වඩාත් නිවැරදි පරිගනකයක් ක්‍රියාතමකව තබා ගන්නට සහය වන මෘදුකාංග තමන් සපයන බවට නිවේදනය කර තිබුනද භාවිතාවේදී තම වගකීම් පැහැර හැරීම් මෙන්ම තම ගනුදෙනුකරුවා වාංචනිකව රැවටීම් සිදුවන බවට අතීතපුරා විටින් විට තොරතුරු වාර්ථා වී තිබිනි. FTC සහ the state of Florida වෙතින් පැවසෙන්නේ මෙසේ ක්‍රියාත්මක වෙමින් තිබූ ව්‍යාජ මෘදුකාංග හා වාංචනිකව මගහරින සහය සපයන සේවා ආයතනයන් ට එරෙහිව තමන් කටයුතු කරන්නට තීරනය කර ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ ඩොලර් මිලියන 150කට අධික ප්‍රමානයක් උපයමින් සිටින මෙම ව්‍යාජ ආයතනයන් තාවකාලිකව වසාදමන්නට අවශ්‍ය නෛතික ක්‍රියාවලිය තමන් අරබමින් සිටින බවත් මෙවැනි ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වය නීතියේ පාලනයට යටත්ව තබන්නට තමන් ක්‍රියාත්මක වන බවත්ය
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...