2011-01-20

සක්මන් මලුවට ඔබ්බෙන් වු වැලිතලය මත වාඩිවී..............

 අමුත්තන් ආශ්‍රමයට පැමිනෙමින් සිටී. සැමදිනකම පාහේ අලුත් අමුත්තෙකු දෙදෙනෙකු දැකිය හැකිවාසේය. කනගා‍ටුවට කාරනය වන්නේ ඔවුන් බොහොමයක් මෙහි පැමිනෙන්නේ දහම ගැන බොහෝ දේ ‍රැගෙනය. බොහෝ අය නොදන්නාම හෝ මගහරින්නට කැමතිම කාරනය වන්නේ බුදුදහම යනු ‍රැස් කරන්නට පොලබවන විෂයක් නොවන බවයි.මේ කාරනය ඉතා  සරල කාරනාවක් ලෙස පෙනුනද ප්‍රායෝගිකව සලකන විට බොහෝ දෙනෙකුට දරා ගත නොහැකි පිලිවතක් වන හැටි මා හොදින් දැක ඇත්තෙමි. අදත් හැන්දැවරුව පුරාවට විටින්  විට බටහිර බැවුමෙන්  සුපුරුදු වස්දඬුරාවය නැගෙනු ඇසිනි. සක්මන් මලුවට ඔබ්බෙන් වු වැලිතලය මත වාඩිවී යාන්තමින් රත්පැහැගත් බටහිර අහස් කුස පසුබිම් කරගනිමින් අර නාද රටා ව්ලට සම වැදී හෝරා වකට වඩා කාලයක් ගතකර ඇති බව දැනිනි. නිරාමිස සතුට එයදැයි මම මගෙන්ම විමසමින් සිටිමි.

2011-01-19

වසර තුනක ආශ්‍රම ජීවිතය තුල මා පසක් කරගත් වටිනාතම අවබෝධය නම් .......

සමහරුන්ට එය ඇසින් ස්පර්ශ කල යුතුව ඇත. තවකෙකුට දෙසවන විය හැක. අනෙකෙකුට කයින් විය හැක. වසර තුනක ආශ්‍රම ජීවිතය තුල මා පසක් කරගත්  වටිනාතම අවබෝධය නම් ඉහත වන මූලික මාධ්‍යන් තුලින් කිසි දිනක ඔබට මේ උතුම් උතුමන්ව හමුවිය නොහැකි බවයි. වඩාත් දියුනු කල මනසකට නම් නැතිනම් ඔබේ මනසත් වඩාත් දියුනු තලයකට සුසර කිරීමෙන් පමනක් ඔවුන් හමුවිය හැකිව ඇත. එය මම ඔබට මෙසේ පැහැදිලි කරන්නට කැමැත්තෙමි. මා මේ පවසන දියුනු සුසරයන් ඔබ සතුව දැනටමත් ඇත. ගැටලුව වන්නේ ඔබ ඔබේ මනසේ මදින් මද ගැබුරට යමින් දැනටමත් ඔබ සතු මේ සම්පත් අවදි කර නොගැනීමයි. ඔබ නොදන්නා දෙයක් ඔබ දකින්නේ කෙලසද? මම ඔබෙන් විමසනු කැමැත්තෙමි.

2011-01-15

අනුන්ට පෙනෙන්නට හඬ නගන දහම වෙනුවට මෙහි පවතින්නේ …………

ආශ්‍රමය අවට ගම් වාසීන් පන්සිල් ගන්නවා මම දැක ඇත්තේ ඉතාමත්ම කලාතුරකිනි. සැමදාම උදැසන හඬ නගමින් පන්සිල්පද මෙනෙහි කරන බොහෝ රටවල මිනිසුන් මෙන් නොව මම ගම් වාසීන්ගේ ජීවිත තුල දහම බද්ධවී ඇති බවක් පෙනෙයි. වරක් ගබඩා භාර කරු මට පැවසුවේ බොරු නොකියනේ දහමට බය නිසා සෝ දහම එලෙස නොකරන ලෙස කියා ඇති නිසා නොව සරල එක බොරුවකින් පටන් ගන්නේ මනසට මෙන්ම සමාජයටද කරදරකාරී බොරු වැලක ආරම්භයක් වන බැවිනි. ඔවුන් සතුන් නොමරන්නේ  මෙම වනය සතුන් සිව්පාවුන් යනු මෙහි වෙසෙන මිනිසුන් සේම මෙහි අයිති කරුවන් බවට ඔවුනුත් විස්වාස කරන නිසාවෙනි. "අනුන්ට පෙනෙන්නට හඬ නගන දහම වෙනුවට මෙහි පවතින්නේ තමන් වෙනුවෙන් තමන් සදහා පවත්වාගෙන යනු ලබන දහමකි."

2011-01-12

ඔවුන් අපමනක්වු පොලවට ගැට ගසා ඇති ‍රැහැන් පොටවල් සිද ඇත්තේය….

ඔවුන් අපමනක්වු පොලවට ගැට ගසා ඇති ‍රැහැන් පොටවල් සිද ඇත්තේය.නැතිනම් සිදිමින් සිටින්නේය.ඔවුනට මහනදම සමජයෙන් ගෞරවය කැදවීම සදහා නොව නිදහස් ලබා ගැනීමසද භාවිත අනුබලයක් පමනි. වෙනස් විදිහකට පවසතොත් ” මගෙන් ඔබට කිසිදු කරදරයක් නොමැත, මට මගේ පාඩුවේ ඉන්න දෙන්න” වැන්නක් පවසන සංකේතයකැයි මට සිතේ.ආශ්‍රමයට පැමිනෙන ගම්වාසී කිසිවෙක් තමන්ගේ ගෘහ ගැටලු වලට පිලියම් නෝඅසයි. ස්වාමින් වහන්සේලා බරපතල හා සම්ප්‍රදායික උපදෙස් දීමටත් නොපෙලබෙයි.නුවනැති ගම් වාසීන් උන්වහන්සේලාගේ සැබැ සන්සුන් ගමනින් පවා දහසක් දේ ජීවිතයට එක් කර ගනිති. සතුන් සර්පයින් පවා උන් වහන්සේලාව මග හැර යන්නේ මහා අමුතු බලයක් ඔවුන් සතු නිසා නොව දුබලයෙකුට දරන්න බැරිතරම් ඔවුන් බල රහිත නිසාවෙනියැයි මම සිතමි.

2011-01-10

බොහෝ කලකට පසු ආලෝකමත් දහවලක් උදාවී ඇත

බොහෝ කලකට පසු ආලෝකමත් දහවලක් උදාවී ඇත.කදුමුදුනත දකුනු දෙසට වන්නට වැටී ඇති අතුරු මාවත්  මාවත ඔස්සේ බොහෝ දුරක් ඇවිද ගියෙමි. හෝරා දෙක තුනක පාගමනකින් අනතුරුව සමාන්තරව විහිදුනු  කදු බෑවුමක පැතිර ඇති විශාල තෘන යායක් මැදිව පිහිටි ගම්මානයක් දිස්වේ. මාවත අද්දර පිහිටි කුඩා ගල් කුලක වාඩිවී අර ගම්මානය දෙස  බලාසිටින්නට සිත්විය. මිනිසුන් ගැහැනින් දරුවන් කඩි‍රැලක් මෙන් එහේ මෙහේ දුවමින් දවස සමග පොර බදන අයුරු දිස්වේ.එක් නිවසක කිසියම් උත්සවයක් පවත්වනවා විය යුතුය. නෑහිතවතුන් එක්ව මධුවිතින් සප්පායන්ව උස් හඩින් යමක් ගායනා කරමින් සතු‍ටු වෙනු  පෙනේ.සමහර විටක එතැන මංගල්ලයක් පවත්වනවා විය හැක.ගිනිගෙන දැවෙන හිරු වටා පෘතුවිය ඊලග වටයද යන්නාක් මෙන්ම පෘතුවිතලය මත සංස්කෘතියේ ඊලග තවත් වටයකට සියල්ල සූදානම් වෙනවා විය යුතුය.

2011-01-08

මගේ ජීවිතේ උදා වුනු අපූරුතම සැන්දෑවලින් එකක්…..

මගේ ජීවිතේ උදා වුනු අපූරුතම සැන්දෑවලින් එකක් කියලා අද සැන්දෑව ගැන මට සිතෙනව. භාරකාර තුමාගේ අවසර අරගෙන, ආශ්‍රමය පි‍ටුපස කදුමුදුනට යන්න පුලුවන්වුනා. එක පේලියට පිහිටපු කදුමුදුනත් ඔස්සේ වැටී ඇති මාවත දිගේ බොහෝ දුරක් ඇවිදගෙන යන්න අවස්තාව ලැබුනුනා. පසුගිය දවස් වල ඇදහැලුනු වර්ෂාවත් එක්ක ගහකොල විතරක් නෙවේ සතුන් පවා ප්‍රබෝධමත් වෙලා කියලා දැනෙනවා.අපේ ආශ්‍රමය පිහිටලා තියෙන්නේ කදුමුදුනතේ නැගෙන හිර දෙසට වෙන්න. බටහිර බැවුම කෙරවල පහල නිම්නයෙන් විශාල ගංගාවක් ගලා බසිනවා. තුරු මුදුන් අතරින් රිංගා ගිය තද හිරුකෙදි අර ගංගාවේ රළවල වැදිලා පරාවර්තනවන දර්ශනය හරිම අපූරුයි. සමහර විට ඔබ කියවලා ඇති ප්‍රසිද්ද මනෝවර්ධනය ගැන ලියපු ලේඛකයෙක් සටහන් කරලා තිබුනා ගුවන් තො‍ටුපලකදී අහබුලෙස තමන් දෙසට එල්ලවු රටාවක් සහිත ආලෝක දාරාවක් ඔහුගේ මනස ගැබුරු ලෙස නාභිගත කරපු හැටි ගැන. සමහර විට ඒ අත්දැන්කීම වඩාත් චමත්කාර ලෙස ඔබට මැතැනදී විදගන්නට හැකිවේවි කියලා මම හිතනවා. ටිකක් හුරුපුරුදු කල මනසකට පරිසරයේ මැවෙන සුන්දර අවස්තාවලින් විශාල සතුටක් වගේම ශක්තියක් උරාගන්නට පුලුවන් කියලා කිවයුතුමයි.සමහර විට ඔසුවක් වගේ ඔබේ සිත සුවපත් කරන්නටත් උදවුවේවි. අදුරත් සමගම ආපසු ආශ්‍රමයට ආවේ හරිම සතුටකින්.මේ සටහන කරනකොට මට හොදින්ම පසක් වුනු කාරනාවක් තමයි, වරක් අපේ විශ්වවිද්‍යාලයට ආරාධිත දේශනයකට පැමිනි ප්‍රසිද්ධ ලේකඛයෙක් කරපු සදහනක්. “අත්දැකීම් සටහන් කරන්න හරිම ලේසියි. අවබොදයන් සටහන් කරන්න හරිම අමාරුයි

2011-01-07

ප්‍රතිභාව යනු සාමාන්‍ය තත්වය ඉක්මවා මනස සුසරවීමද?

ප්‍රතිභාව යනු සාමාන්‍ය තත්වය ඉක්මවා මනස සුසරවීමද? සමහර විට ඔහුට නැතිනම් ඇයට පවා නැවතත් තම ජීවිතකාලයතුලදී කවරදාකවත් ඇතුලු විය නොහැකි මානසික අවකාශයකට ඇතුලුවීමද? ආශ්‍රම භූමියේ බටහිර බෑවුම පහලට වන්නට පැතිර ඇති තන බිම් කරා ගවයන් ‍රැගෙන එන ගම්වාසීන අතර සිටින අයෙකු සමහර දිනවල තම වස්දඬුව හඩවන නාදය මගේ කුටියෙහි බටහිර දෙසටවන්නට පිහිටි කවුලුවෙන් හොදින් ඇසෙන්නට පටන් ගනී. සීමිත ස්වර සමූහයක් අපූරුවට සංයෝජනය කරමින් ඔහු  මනස පතුලටම ආමන්ත්‍රනය කරන්නාක්සේ දැනේ. බොහෝ විට ගබඩා භාරකරු හරහා ඔහු නිහඩකිරීමට ඉල්ලීමක් කල හැකිවනු ඇත. නමුත් තව අතකින් බලන විට මිහිරි හඩ නගන අපමනක්වූ සියතුන් ඔහුට නිහඩ කරන්නට නොහැකි වනු ඇත. කන්කලුව හඩ නගන සියතොන් හා වස්දඩු හඩ අතර පරතරය තේරුම් ගත නොහැකි තරම් නම් කලබල වන්නට තරම්  කාරනාවක් මට නම් නොපෙනේ.

2011-01-04

බටහිර අහස් පාමුලින් මැකී යන රත්පැහැ හිරු කිරනවල වෙනදා මානුදු‍ටු අපූරත්වයන් ....

මනස ආකෘතියකි. හොදයි, ඔබ සිරකරුවෙකු බවකීමට උවමනා නැතැයි මම  සිතමි. ලොව බොහෝ දහම් නැතිනම් පහදාදීම් ඇති මුත් බුදු දහම අනෙකුත් බොහෝ දහම් මෙන් තවත් ආකෘතියක් වෙත ආරාධනා නොකරයි(නමුත් සියලු ආගම් ගෞරවනීය බව කරුනා කර අමතක නොකරන්න). ආකෘතියේ සබදතා එකින් එක වියෝජනය කර දමන්නට අපට ආරාධනා කරයි. සමහර විටක කිසියම් තාක්ෂනයක් විසින් එකවරම ඉහතකී ක්‍රියාව ඔබේ මනසට කරන්නට සමත් උන හොත් දරාගත නොහැකි  ඔබේ මනස පුපුරා යනු ඇතැයි මම අනුමාන කරමි.සැත්කම් පිහියත් ඔබේම මනසේ කොටසක් කරගෙන ඉතිරි කොටස එයින් විශ්ලේෂනය කිරීම මොනතරම් අනතුරුදායක මෙන්ම තීරනාත්මක කාර්යක්දැයි මම පැහැදිලි කරන්නට උවමනා නැති බව මම සිතමි.ආශ්‍රම භූමියේ කදුමුදුනතටම මම පැමින ඇත්තෙමි.කදුමුදුනතටම පැමිනි විට බොහෝ ඈත පෙනෙයි. තනිවම බොහෝ දේ තේරුම් ගන්නට උවමනා කාලය පරිසරය අපට ලබා දෙයි. ටිබට් ජාතික මහත්මයෙකු අසබඩම කුටියක වෙසෙන අතර ආශ්‍රමයේ ඉතිරි සමාජයෙන් අප බොහෝ සෙයින් වෙන් වෙයි.ගැබුරු මනස  මත ඔබ නොබ ඇවිදිමින් "මම" දකින්නට උත්සාහ කරන්නට කාලය එලබ ඇති සේය. බටහිර අහස් පාමුලින් මැකී යන රත්පැහැ හිරු කිරනවල වෙනදා මානුදු‍ටු අපූරත්වයන් සටහන්ව ඇතිවා සේ මට සිතේ.

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...