Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-01-04
බටහිර අහස් පාමුලින් මැකී යන රත්පැහැ හිරු කිරනවල වෙනදා මානුදුටු අපූරත්වයන් ....
මනස ආකෘතියකි. හොදයි, ඔබ සිරකරුවෙකු බවකීමට උවමනා නැතැයි මම සිතමි. ලොව බොහෝ දහම් නැතිනම් පහදාදීම් ඇති මුත් බුදු දහම අනෙකුත් බොහෝ දහම් මෙන් තවත් ආකෘතියක් වෙත ආරාධනා නොකරයි(නමුත් සියලු ආගම් ගෞරවනීය බව කරුනා කර අමතක නොකරන්න). ආකෘතියේ සබදතා එකින් එක වියෝජනය කර දමන්නට අපට ආරාධනා කරයි. සමහර විටක කිසියම් තාක්ෂනයක් විසින් එකවරම ඉහතකී ක්‍රියාව ඔබේ මනසට කරන්නට සමත් උන හොත් දරාගත නොහැකි ඔබේ මනස පුපුරා යනු ඇතැයි මම අනුමාන කරමි.සැත්කම් පිහියත් ඔබේම මනසේ කොටසක් කරගෙන ඉතිරි කොටස එයින් විශ්ලේෂනය කිරීම මොනතරම් අනතුරුදායක මෙන්ම තීරනාත්මක කාර්යක්දැයි මම පැහැදිලි කරන්නට උවමනා නැති බව මම සිතමි.ආශ්‍රම භූමියේ කදුමුදුනතටම මම පැමින ඇත්තෙමි.කදුමුදුනතටම පැමිනි විට බොහෝ ඈත පෙනෙයි. තනිවම බොහෝ දේ තේරුම් ගන්නට උවමනා කාලය පරිසරය අපට ලබා දෙයි. ටිබට් ජාතික මහත්මයෙකු අසබඩම කුටියක වෙසෙන අතර ආශ්‍රමයේ ඉතිරි සමාජයෙන් අප බොහෝ සෙයින් වෙන් වෙයි.ගැබුරු මනස මත ඔබ නොබ ඇවිදිමින් "මම" දකින්නට උත්සාහ කරන්නට කාලය එලබ ඇති සේය. බටහිර අහස් පාමුලින් මැකී යන රත්පැහැ හිරු කිරනවල වෙනදා මානුදුටු අපූරත්වයන් සටහන්ව ඇතිවා සේ මට සිතේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...