Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2010-12-25
දැස් නිලංකාර කරවන තරමට නෙක වර්නයෙන් දිදුලන විදුලි බුබුලු මෙහි නැත
දැස් නිලංකාර කරවන තරමට නෙක වර්නයෙන් දිදුලන විදුලි බුබුලු මෙහි නැත. කරුනාකර මෙහි උත්සසවයක් ඇති බව පිලිගන්නයැයි බලකෙරෙන විසිතුරු කොඩිවැල් එල්ලා නොමැත.ඝන මීදුම් පටල විනිවිද යමින් ඈත කදුනිම් වලලු තෙක් ඇදෙන පිරිත් හඩනම් දිවා රාත්‍රි වෙනසක් නොමැතිව ආශ්‍රමයෙන් විහිදෙයි. කදුපාමුල ගම්වැසියන්ට ප්‍රධාන කරගත් සියලු ජීවීන් වෙත නව වසරට ආසිරිපතමින් වසරකට වරක් නොකඩවා දින හතක් තිස්සේ පවත්වන සරලමුත් අපූරු වාර්ශික දහම් කටයුත්ත සුපුරුදු ලෙස මෙවරද ඇරබී ඇත. ගම් වැසියන් නව වසර වෙනුවෙන් ධාන්‍ය ආදී නෙක දේ පහල පිහිටි ආශ්‍රමයේ ගබඩාව වෙත රැගෙන එයි. සියලු දොරවල් විවෘතකොට ඇති නිසා අඩු වැඩිය ගම් වාසීන්ටම තේරුම් ගත හැක. යම් හේතුවක් නිසා මේ වසරේ අසාර්තකවූ ගම් මහතෙකුට මෙතැනින් තමන්ගේ පැවැත්ම සදහා ධන ධාණ්‍ය රැගෙන යාමට තහනමක්ද නැත. ඔබට පිලිගත නොහැකියයි කීමට අවසි නැත.එය මම පිලිගනිමි. නමුත් මෙහි ඒ සියල්ල ඇත්තෙන්ම සිදුවෙයි. අතිනවීන තාක්ෂනය විසින් තම වටපිටාව සුරපුරක් කර ඇතැයි විස්වාසකැරන බොහෝ සමාජවල ඇත්තන්ට තව සියවස් දෙක තුනකදීවත් ලගා විය නොහැකි තරමේ අපූරු සජීවී යහපත් සමාජයක් මම සියසින්ම දැක ගනිමින් සිටිමි. මෝස්තරයක් හෝ කැපී පෙනීමේ ආභරනයක්ලෙස භාවිතා නොවන දහම කාලාන්තරයක් තිස්සේ ගම්මුන් හික්මවා ඇති අයුරු එලසය
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...