2020-11-26

පරිගණකය යනු ..

සැබෑවනම් පරිගණකය යනු අසීමාන්තිකව ජීවිතය උත්කර්ෂවත් කරන උපාංයක් වීමය. එහි වන ශක්‍යතාවය අවසන් නොවන දිගුවන් ලෙසට ජීවිහය තුලට  මෙන්ම සමජය තුලට ගෙන විත් ඇති මෙන්ම ගෙනෙන්නට සූදානම් වන භාවිතාවන් අපමනකි. 
Pubudu Siriwansa
#siriwansa

2020-11-25

පෘතුවි සම්භවයක්..

සමහර වීටක අනාගතයේ යම් දවසක ඒ පෘතුවි සම්භවයක් ඇති යාන්ත්‍රික මිනිසා ගැබුරු විශ්වය විනිවිද යනු ඇත. එහිදී ඔවුන්ට හමුවන වඩාත්සංකීර්න රසායනික මෙන්ම භෞතික රහස් වලින් තම හැකියා වපසරිය දියුනු කරගනු ඇත. මේ අපූරුතා අද අපගේ පරිකල්පනයට බොහෝ දුරින් වන ඒවා වනු ඇත.
Pubudu Siriwansa
#siriwansa

2020-11-24

තීරනාත්මකම මොහොතකි..

ඔවුන් තම ඉදුරන් පද්ධතිය ඔස්සේ ලබා ගන්නා සංඥාවලට වූ භාවමය අර්ථ වලින් ඉදිරියට ගොස් පුද්ගලත්වයෙන් වියුත්ත අර්ථ ඔස්සේ ලෝකය දකින්නට පටන් ගැනීම තීරනාත්මකම මොහොතකි..
Pubudu Siriwansa
#siriwansa

2020-11-23

හැරවුම්..

මිනිස් කථාන්දරය මත සටහන්ව ඇති නෙක අපමනක් සාධනීය හැරවුම් සදහා එක් පොදු අර්ථයක් ලෙසට ඔවුන් " ස්මාර්ට්" වීම ලෙසට ගත හැකිනම් හොරතුරු තාක්ෂණය එහි අග්‍රඵලයක් වනු ඇත.
Pubudu Siriwansa
#siriwansa

සංස්කෘතික..

වඩාත් යාන්ත්‍රික සමාජීය මෙන්ම පුද්ගලවාදී සංස්කරනය හෙට දවසට වඩාත් ගැලපෙන මිනිස් සංස්කෘතික නිර්වචනය වනු ඇත.
Pubudu Siriwansa
#siriwansa

2020-11-22

සාර්ථක ඩිජිටල්කරනයකට..

සාර්ථක ඩිජිටල්කරනයකට පුද්ගල අර්ථවල සිට රාජ්‍ය අර්ථය දක්වා සමස්ත වපසරියට ගෙනෙන්නට හැකි කාර්යක්ශම බව අපමනකි. අනිවාර්යෙන්ම සංස්කෘතික වෙනසක් දක්වා වන ගැබුරු නව අර්ථ එහි අඩංගුය.
- Pubudu Siriwansa
#siriwansa

2020-11-17

මිනිස් ආකෘතිය..

තොරතුරු ලේයරය මිනිස් ආකෘතිය පුලුල්ව සංශෝදනය කර ඇත. එය ඔහුගේ සංවේදන හැකියාවේ සිට සංනිවේදන හැකියාව දක්වා සමස්තය අනන්තය දක්වා විහිදෙන්නට සූදානම් වෙමින් සිටී.
Pubudu Siriwansa
#siriwansa

"PARIGANAKAYA"

ගොඩනැගෙන නව ලෝකයේ තොරතුරු තාක්ෂණයට වන ශක්‍යතාවය වඩාත් අවධාරණය වෙමින් ඇත. "PARIGANAKAYA" අධ්‍යාපණික වැඩසටහන සකස්වන්නේ මේ ඉලක්ක පෙර දැරිවය.
Pubudu Siriwansa
#pariganakaya
0740044541

2020-11-16

යන්ත්‍රගතව..

ගණිත හා තර්ක හැකියාව තව දුරටත් මිනිස් කාරනාවක් නොවීම ඇරබී ඇත. එය යන්ත්‍රගතව ජීවිතය වටා විසිරීම තොරතුරු යුගයේ වගකීම වෙමින් ඇත.
- Pubudu Siriwansa
#siriwansa

2020-11-15

ඩිජිටල් ලේයරය ..

ජීවිතය මත ඇදෙමින් ඇති ඩිජිටල් ලේයරය තව දුරටත් තාක්ෂණික කාරනාවක්ම නොවේ. එය සංස්කෘතික කාරනාවක් වීම දැනටමත් සිදුවෙමින් ඇත.
- Pubudu Siriwansa
#siriwansa

2020-11-12

තරු අළු සෙලවුමක්..

වසර දස දහස් ගනනක් පුරාවට සිදුවුනු නෙක අපමන ස්වාභාවික අත්හදා බැලීම් අවසානයේ නිර්මානය වන සරල ප්‍රාථමික තරු අළු සෙලවුමක් පැමින ඇති දුර විස්මිතය.
- Pubudu Siriwansa
#siriwansa

2020-11-10

විශ්වයේ රහස ..

විශ්වයේ රහස ඔබ දන්නවාදැයි ආශ්‍රමයට පැමිනි ප්‍රකට වියතෙකුගෙන් විමසීමක් සිදුවිනි. සුපුරුදු මද සිනාවෙන් යුතුව ලොකු ස්වාමීන්වහන්සේ පැවසුවේ " අතුපතරකින් ගිලිහෙන පත්‍රයක් හොඳින් නිරීක්ශනය කරන්න. සමස්ත කථාන්දරයම එතැන ඇත." යන්න පමනී.
- Pubudu Siriwansa
#siriwansa

2020-11-09

ඩිජිටල් ලේයරය..

ඔබේ සිරුර මත සිට සමාජීය අනන්‍යතාවය දක්වා වන වපසරියක් මතට සවිවන ඩිජිටල් ලේයරය විසින් ඔබව නිරන්තරයෙන් හදාරන්නට වීම සාමාන්‍ය කරුනක වෙමි තිබේ. වැදගත්ම කාරනයක් වන්නේ මෙහි සිදුවන සියළුම දෑ අනිවාර්යෙන්ම ඔබව වඩාත් ක්‍රමවත්, සුවපහසු කරන්නට පමනක් සූදානම් නොවීමය. මේ අවකාශයන් පිලිබඳව ඔබ තුලද ඉවක් අවදිවිය යුත්තේ මේ නිසාය. පුද්ගල මට්ටමේ සිට සාමාජීය මට්ටම් දක්වා මේ අවදියත්, ප්‍රතික්‍රියා මට්ටමත් නඩත්තු කල යුත්තේ එබැවිනි.
- Pubudu Siriwansa
#siriwansa

2020-11-08

භූමිකාව..

තොරතුරු යුගයේ ලෝවැසියාගේ භූමිකාව වඩාත් උත්කර්ෂවත් වන්නේ හුඳු පෙර යුගයේ ජීවන රටාවන් නවීන තාක්ෂණයන් ඔස්සේ විසිතුරු කර ගැනීමෙන්ම පමනක් නොවේ. ආකෘතික මට්ටමේ සිටම එය වෙනම ස්වරූපයකින් සමන්විත වන නිසාය. කාර්මික යුගයේදී අධිතක්සේරු වූ දේශපාලණික කියවීම් ඔස්සේ මේවා කෙසේ නිර්වචනය වුවද මෙන්ම ඒවා සම්පූර්නයෙන් බැහැරකර නොදැමිය යුතු වුවද නව මිනිස් සංස්කරනය සදහා වඩාත් පූර්ණ විශ්ලේෂණයක් ඒවා නොගෙනෙන බව පැහැදිලියි.
Pubudu Siriwansa
#siriwansa

2020-11-07

අවන්හලක් ..

භෞතිකව එයද තවත් මධ්‍යම මට්ටමේ අවන්හලක් බව සැබෑවකි. එය අපේ අවන්හල වූවේ එහි අප අත්විඳි අපූරු  රිද්මය නිසාය. දවසේ වෙහෙස සමග වුවත් සෑදෑවක එහි ගොඩ වදින අපට රාත්‍රී ආහාර වේලද ගෙන පහන් හැගුම් සමග රාත්‍රිය සදහා සමුගන්නට අවශzය වටපිටාව ගෙනෙන්නට සමත්ව තිබුනි. ඉදහිටක නගරය පසුකරන තරුන කැළකගේ නොහික්වුනුකම් වලට උවත් එම සාමය බිඳ දමන්නට නොහැකි වූ බව මතකය.
- Pubudu Siriwansa
#siriwansa

පෘතුවි වැසියා ..

තම තොරතුරු යුගය පසුකරමින් සිටින පෘතුවි වැසියා තම ස්වාභාවික සංවේදක ගොනුවට අමතරව නෙක ආකාරයේ තොරතුරු තාක්ෂණ සංවේධක රාශියකින් ජීවිතය අවට වසා ගන්නවා පමනක් නොව  විශ්ව ජාලගතයන් ඔස්සේ ඒවා නැවත නැවත විශ්ලේෂනයටද කටයුතු කරමින් සිටී.
- Pubudu Siriwansa
#siriwansa

2020-11-06

ලෝකය ..

"ලෝකය නම් මිනිස් කරුනු කාරනා අපමනකින් හැඬිවූ විසල් අවකාශයකි. එයට එපිටින් හෝ මෙපිටින් වන සාමය අපට මග හැරීම කනගා‍ටු දායක සංස්කෘතික අවාසනාවකි. ඒ අපමන සාමයේ රස විඳින්නට ජීවිතයේ එක් නිමේශයක් හෝ අවස්ථාව ලැබීම ජීවිතයේ අන් සියළුම නිමේශයන් අමතක කර දමන්නට තරම් කම්පනීය වන බව මගේ අදහසයි.".
- Pubudu Siriwansa
#siriwansa

සක්මන් මළුව..

ඒ නගරයේ කෙරවල වූ කඳුමුදුනත් අතර දිවෙන පා මාවත අත්දැකීම ජිවිතය මත සටහන්ව ඇත්තේ අධි බ‍රැති ලෝහ ගුලියක මෙනි. මා ජීවිත කථාන්දරයේ ඉන් පෙරට හෝ පසුවට වන කිසිදු සටහනකට ඒ අපූරත්වය, සංවේඳී බව ඉක්මවන සටහනක් කරන්නට නොහැකි වූ බව  මගේ තක්සේරුවයි. එහි වූ එක් හුඳු පාසටහනක් පවා දස දහසක් මනස් සක්මන් මා තුල නිර්මාණය කර දෙන්නට සමත්වීම අදටද ගෞරවනීය මතකයකි. මගේ ජීවිත සංචාරයේ හමුවූ ආදරනීයතම සක්මන් මළුව එහි වූවේ යැයි මම අදටද  විස්වාස කරමි.
- Pubudu Siriwansa
#siriwansa

2020-11-03

ඩිජිටල් සංස්කෘතිය..

අප ඩිජිටල් සංස්කෘතිය තුලින් ඇවිද යමින් සිටින්නෝ වෙමු. ජීවිතය අවට අවකාශයේ බොහෝ දේ වේගයෙන් ඩිජිටල්කරනය වෙමින් තිබීම හාත්පසින් දකින්නට වන කාරනයකි. මේ නව යුගය වෙත නිවැරදිව අනුගත වීම ඉතා වැදගත් වන්නේ එබැවිනි. අප Pariganakaya.Com වැඩ සටහන තුලදී කථාකරන්නට සැලසුම් කර ඇත්තේ මේ පිලිබඳවයි. එය හුදු තාක්ෂණික කරුනු කාරනා සමග ඉන් ඔබ්බට ඔබව ගෙන යන්නට සමත් වනු ඇති බව මගේ හැඟීමයි. ස්තුතියි.
- Pubudu Siriwansa
#siriwansa

2020-11-01

යාන්ත්‍රික සගයා..

ඔබේ යාන්ත්‍රික සගයා ඔබව මතක තබා ගැනීම තොරතුරු යුගයේ ප්‍රමුක ලක්ෂනයයි.
Pubudu Siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...