2014-08-29

ඩොලර් මිලියන 35ක් වටිනා domain යන්ද ඇත....

  Domain භාවිතාව ඉක්මවමින් search terms වෙතට වැඩි අවධානයක් ලබාගන්නා කාලයක් වෙතට පිවිසෙමින් සිටින්නෙමු. වඩාත් අලුත් මෙහෙයුම් පද්ධති භාවිතාකරන්නා හට බ්‍රවුසරය විවෘත කරන්නට වඩා පහසුවෙන් තොරතුරු සොයා යන්නට පහසුකම් සලසමින් සිටී. එහෙත් ඩොමේන සදහා ඇති ඉල්ලුමෙහිද සැලකිය යුතු අවධානයක් ඇති බව ඔප්පුකරමින් පලවන නව පුවතකට අනූව holiday.com ඩොමේනය ඩොලර් මිලියන 35ක ඉල්ලුමක් ලබන බවට ඇති බලාපොරොත්තුවක් ගැන පවසා සිටී. විශාල ධනයක් උපයන ව්‍යපරයක් ලෙසට සැලකෙන holidaymakers ඔස්සේ මෙම ඩොමේනයට පෙරකී ඉල්ලුම ලැබෙනු ඇති බවටයි බලාපොරොත්තුව වෙමින් ඇත්තේ. මෙසේ ඉහල ඉල්ලුමක් ලැබූ ඩොමේන අතරට insurance.com සදහා ඩොලර් 35.6ක් මිලියන ලෙසටද, privatejet.com සදහා  ඩොලර් 30.2ක ඉල්ලුමක්ද පසුගියකාලයේ වාර්ථා විය.

2014-08-28

mood reading technology සමග තව තවත් තොරතුරු තාක්ශනය ජීවිතය තුලට පැමිනේවි!!!

  සමස්ථයක් ලෙසට සලකනවිට තොරතුරු තාක්ශනයට ඔබට කියන්නට තියෙන්නේ එකම එක සරල පනිවිඬයක් විතරයි. ඒ තමයි "මට ඔබ හා ඔබ අවට ඇති සියලු දෑ දත්ත ගොනු බවට පත්කර ගන්නට අවශ්‍යය" යැයි කියන එකයි. පැරනි ඩෙස්ක් ටොප් භාවිතාවත් එක්ක තිබුනු ගනුදෙනුව හරිම සරල එකක් උනාට smartphone ප්‍රමුක ජංගම උපකරන සමග තොරතුරු තාක්ශනයට හැකි වුනා වඩාත් ඔබගේ පෞද්ගලිකත්වය විනිවිද යනට. පෙර XP යුගයත් එක්ක සසදන විට කියන්නට පුලුවන් සාමන්‍ය ජීවිතයෙන් බැහැරව තිබුනු පරිගණක හැකියාව ක්‍රමයෙන් ජීවිතය තුලට එන්නට පටන් ගත්තාය කියලා. desktop publishing වගේ මට්ටමක ඉදලා digital assistant කෙනෙක් දක්වා උනු පරිනාමය කියලත් ඒක හඳුනා ගන්නට පුලුවන්.
                      ඇත්ත්ටම තොරතුරු අවකාශයට තවදුරටත් ඔබගේ ජීවිතය තුලට එන්නට අවශ්‍ය බවයි පවසමින් සිටින්නේ. mood reading technology එකේ තවත් පියවරක් ඉදිරියට තැබීමක් ලෙසටයි සලකන්නට හැකි වන්නේ. තොරතුරු උපාංගයට අවශ්‍යවෙලා තියෙනවා ඔබේ මානසික ස්වභාවයත් හදුනා ගන්නට.හිතමු sad mood ඉන්න ඔයාව හඳුනා ගන්න පරිගණකය කරමින් ඉන්න භාවිතාවට අමතරව මදක් විනෝදමත් කරන්නට උත්සාහ කරනවා. සමහර විට image එකක් නැතිනම් Music එකක් වගේ එකකින්. මම් හිතනව අපි කවුරුත් අකමැතිම වෙන එකක් නැහැ මේ වගේ භාවිතාවකට. පලවෙන වාර්ථ කියනවා ආයතන කිහිපයකම මේ තාක්ශනය දියුනු කරමින් සිටිනවා කියලා. අයෙක් හිසට පල්දින උපකරනයක් හැටියට, තවත් අයෙක් කැමරාවක් හැටියට, තවත් අයෙක් ඔබ පරිගණකය ඔස්සේ කරන කියන දේවල් හා හැරෙන ආකාරය හැදෑරීම ඔස්සේ වගේ බොහෝ ක්‍රම වලට ඒක සිදුවෙමින් තිබෙන බවටයි පැවසෙමින් තියෙන්නේ.

Intel වෙතින් කුඩාම 3G modemය පැමිනෙයි.

  wearables සදහා සීමා පනවමින් සිටි තවත් බාදකයක් සදහා විසඳුමක් ගෙනෙන්නට Intel ආයතනය තම නවතම නිකුතුවක් සමග කටයුතු කර තිබෙනවා. ඒ නම් 300 sq mm ප්‍රමානයේ 3G modem එකක නිර්මානය කිරීමත් සමගයි. එහි විශේෂතා අතරට 3G antennae අවශ්‍ය නොවීම 'low signal network coverage' අවස්ථාවල් සමග පහසුවෙන් කටයුතු කරන්නට සමත්වීම මෙන්ම own power supply  සමග පැමිනීම අවධාරනය කර තිබෙනවා. එලබෙමින් ඇති "Internet of Things" වලදීද wearables වලදී මෙන්ම මහත් සහයක් ගෙනෙනු ඇති බවට බලපොරොත්තු තබා ඇති මෙම නව මොඩමය දැනටමත් පලඳින ආකාරයේ smartwatch වැනි ප්‍රමානයෙන් කුඩා භාවිතාවන් සදහා smartphone වැනි මැදිහත්වීමක් ඔස්සේ දත්ත සබදතා පැවැත්වීමේ අවශ්‍යතාවය අවසන් කර දමනු ඇති බවට බලාපොරොත්තු වනවා.

'Unofficial Service Pack 4' පැමිනීමක්????

  Windows XP සදහා තව දුරටත් යාවත්කාලීන නිකුත් නොවන බවට Microsoft ආයතන මේ වන විට නිවේදනය කර හමාරය. විවිධ හේතූන් කිහිපයක් නිසාම සාමන්‍යයෙන් එම ආයතනය තම මෙහෙයුම් පද්ධතියක් සදහා සහය නොදක්වන තරමේ දීර්ඝ කාලයක් XP සදහා සහය දැක්වීමට කටයුතු කරනලද බවටයි නිවේදනය වූවේ. කෙසේ මුත් බහුල කාලයක් ඔස්සේ භවිතයේ තිබීම ඇතුලු කාරනා කිහිපයක් නිසාම භාවිතාකරන්නන් අතර ජනංප්‍රිය මෙහෙයුම් පද්ධතියක් බවට එය පත්වූ අතර තවදුරටත් Microsoft ආයතනය මෙම මෙහෙයුම් පද්ධතිය වෙතට ආරක්ශක යාවත්කාලීන ඇතුලු සහය දක්වීම අවසන් කර සැහෙන කාලයක් ගතව ඇති මුත් හදාරන්නන් පෙන්වා දෙන්නේ ලොවපුරා එහි සමස්ත(PC) භාවිතාව 25%කට ආසන්න අගයක පවතින බවකි. තම නිල සහය කාලය අවසන්වූ මුත් පසුවද Microsoft ආයතනය වරක් IE හි හදුනා ගෙන තිබූ දුරවලතාවයකට හා  booting up හි ගැටලුවකට පිලිසකර යාවත්කාලීන නිකුත්කරන්නටද කටයුතු කෙරිනි.
               මේ වන විට  වාර්ථා වන්නේ උනන්දුවක් දක්වන්නන් අතරින් 'Unofficial Service Pack 4' නිකුතුවක් අන්තර්ජාලය වෙතට මුදා හරින්නට කටයුතු කර ඇති බවකි. September 2013 සිට  'harkaz' නම් මෘදුකාංග සංවර්ධකයෙකු තම මෙම ව්‍යාපෘතිය සදහා යොදවන ලද උනන්දුවේ ප්‍රතිපලයක් ලෙසට නිමව ඇති මෙම නිකුතුව SP1 සිට XPසංස්කරන සදහා සහය දක්වන බවට පවසන ඔහු තම නිකුතුවේ  Release Candidat නිකුතුවක් නුදුරේම සූදානම් වෙමින් ඇති බවත් අවසන් සංස්කරනයක් අනතුරුව පැමිනෙනු ඇති බවටත් පවසා සිටිනවා. කෙසේ වෙතත් භාවිතාකරන්නන් මෙම සංස්කරන ඔස්සේ පැමිනිය හැකි අනතුරුදායක බව පිලිබදව වගකීම තමන්ම දාරගන්නට එකගව ඒවා ස්ථාපනයට හැකිවන අතර හදාරන්නන් අනතුරු අගවන්නේ පහසුවෙන් මෙවැනි නිකුතුවක් ඔස්සේ තම පරිගණකයන් වෙතට හානිකරයන් පැමිනීමේ හැකියාව අමතක නොකලයුතු බවකි.

2014-08-27

Cortana ස්ක්‍රීන මූලික යුගයේ සිට වාචික මූලික උපාංග භාවිතයට අතුරු හැරවුමක් ගෙන ඒවි.....

  මේ Digital Assistant හැකියාව කියන්නේ තොරතුරු භාවිතාව සමග අපේ තිබුනු ගනුදෙනුවට මෙන්ම ගනුදෙනුවේ ස්වභාවයට පැමිනෙන තවත් තීර්නාත්මක වෙනසක්. අපි දන්නවා තාක්ශනයන් සමග නිතරම පවතින ඒවා ඉදිරියට තල්ලු කරන බලයක් තමයි තාක්ශනික ප්‍රබන්ධ. ඒවායේ එන බොහොමයක් හැකියාවල් පසුකාලීනව යතාර්ථයක්ව අපේ ජීවිත අද්දරට භාවිතාවට සුදනම්ව පැමිනිලා තිබෙනු දක්නට පුලුවන් උනා. ඉතින් Microsoft සමාගම තම මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධති සංස්කරනය Cortana කියන ඔවුන්ගේ digital assistants මෘදුකාංගයෙන්ද සමන් විතව එවන්නට කටයුතු කිරීම තීරනත්මක වෙනසක් වන්නේ ඒක ලොකයේ වැඩිම භාවිතාවක් තිබෙන මෙහෙයුම් පද්ධතියක් හරහා පැමිනීම සමග වැඩි භාවිතාවක්, වැඩි ප්‍රථිචාර ප්‍රමානයක් සමග සාමන්‍ය තොරතුරු භාවිතාවට මොන ආකාරයට බද්ධවෙවිද කියලා අපට දකින්නට හැකිවන නිසයි.
                    දැනට අපේ වන ස්ක්‍රීනය මූලික තොරතුරු භාවිතාවට සරල පහසු වාචික මූලික අතුරු හැරවුමකට මේ නව ප්‍රවනතාවය කටයුතු කරනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. ඉදිරියේදී වැඩි වෙන් බවට පෙර සලකුනු දෙමින් තිබෙන පලඳින ආකාරයේ තොරතුරු උපාංග භාවිතයේදී මේ බව වැඩි පහසුවක් ගෙන ඒවි.

2014-08-26

Windows 9 තොරතුරු කිහිපයක්!!!!

   Windows වල මීලග නිකුතුව පිලිබදව පෙර සංස්කරනයක් සහිත නිවේදනය වීමක් එලබෙන මාසයට මේ වන විට නියමිත වෙමින් ඇති බවටයි බලාපොරොත්තුව වෙමින් ඇත්තේ. ආයතනය අභ්‍යන්තරිකව Threshold ලෙසට වන සංකේතාත්මක නාමයකින් සංවර්ධනය වෙමින් ඇති මෙම සංස්කරනය පිලිබදව නොනිල තොරතුරු  වැඩි වැඩියෙන් මේ වන විට මධ්‍ය වෙතට වාර්ථ වනු දැකි හැකි වනවා. බලාපොරොත්තු වෙමින් ඇති Threshold technical preview  සංස්කරනය Intel/x86  තලය වෙතට පමනක් සහය දක්වනු ඇති බවට බලාපොරොත්තුවෙමින් ඇති අතර ARM preview සංස්කරනය එලබෙන වසරේ පලමු කාලයේ පැමිනෙනු ඇති බවට  ප්‍රකාශවෙමින් තිබෙනවා.  මෙම ARM සංස්කරනය classic Desktop වලින් තොරව පැමිනෙන බවට බලාපොරොත්තු වන අතර ව්ය ටැබ්ලට් හා ෆෝන් තලයන් දෙක සදහාම ධාවනයට සූදානම්ව පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. එසේම මෙම නිකුතුව Windows 9 ලෙසට නම්ව පැමිනෙනු ඇති බවටත් දැඩි බලාපොරොත්තුවක් පලවෙමින් තිබෙනවා.එසේම පෙර කී ඩෙස්ක්ටොප් සංස්කරනය සමග නව UI අංග කිහිපයක්ම start මෙනුව හා Cortana සමග වනු ඇති බවටත් පැවසෙනවා. 

චීන වෙනම මෙහෙයුම් පද්ධතියක් වෙතට යාම ඔක්තෝබරයේ ඇරබෙන බවක්...

  දත්ත අවකාශය වෙතට විටින් විට දේශපාලනික ගැටලු කන්දුවීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. ඇමරිකානු රාජ්‍ය ආයතනයන් විසින් අනවසර ලෙසට භාවිතාකරන්නන්ගේ දත්ත සොරකම් කරන බවට වූ චෝදනාව පසුගිය කාලයේ විශාල ආන්දෝලනයක් ඇති කරන ලදී. මෑතකදී පැමිනෙන නවතම පුවතක් පවසන්නේ චීනය විසින් වෙනම මෙහෙයුම් පද්ධතියක් නිර්මානය කරන්නට හා එලබෙන මාසයේදී එය නිකුත්කරන්නට සැලසුම් කරමින් සිටින බවකි. එපමනක් නොව එම මෙහෙයුම් පද්ධතියේ Desktop සංස්කරනය මෑතකදී පැමිනෙන අතර Smartphone සංස්කරනයන්ද ඉදිරියට සැලසුම් ව ඇති බවකි. 
                windows XP සදහා සහය දැක්වීම අවසන් කිරිමට එම ආයතනය කටයුතු කරනවාත් සමගම පලමුව ගැටලු ස්වභාවයක් පැන නැගුනේ චීනය තුල අති විශාල භාවිතාවක් ඇති එම මෙහෙයුම් පද්ධතිය සදහා තව දුරටත් සහය දැක්වීමක් අවශ්‍ය බවට මයික්‍රසොෆ්ට් ආයතනයෙන් කරන ලද ඉල්ලීමක් සමග වන අතර එම ඉල්ලීම නොසලකා හැරීම තත්වය ක්‍රමයෙන් උනුසුම් කරවන්නක් විය. පසුව චීනය තුල වින්ඩෝස් 8 භාවිතය තහනම් කරන්නට චීන රජය තීර්නය කරනු ලැබුවේ එම මෙහෙයුම් පද්ධතිය ඔස්සේ එරට තොරතුරු අනවසර ලෙසට ලබා ගන්නක යෙදෙන්නට අවස්ථාව ඇති බව පවසමිනි. ඇපල් මෙන්ම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති සමගද කලක සිට පවතින ආරෝව ද සමග චීන රජය මෙම තීරනයට එලබ ඇති බවයි පැහැදිලි වන්නේ.

2014-08-22

windows 9 පෙර නිකුතුවක් සැප්තැම්බර් 30 නිවේදනය වනු ඇත!!!!

  Microsoft වල ප්‍රධාන මෙහෙයුම් පද්ධතියේ මීලග සංස්කරනයේ පෙර නිකුතුවක් එලබෙන සැප්තැම්බර 30 දා වන විට නිවේදනය කරන්නට සූදානම් වෙමින් ඇති බවටයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ. අනුමානනය වෙමින් ඇති ආකාරයට මෙම සංස්කරනය සමග සමහර අංගයන් නොපැමිනීමක් හා එහි පසු සංස්කරන සමග ඒවා නිකුතුවට ඉඩ ඇති බවක්ද ප්‍රකාශ වෙමින් තිබෙනවා. වින්ඩෝස් 8 සමග මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරී මට්ටමේ සිට දෘශ්‍ය තලයන් දක්වා තීරනාත්මක වෙනස්කම් රාශියන් ගෙනෙන්නට ඔවුන් කටයුතු කර තිබූ අතර පරිගණකයේ Boot වීමේ ක්‍රියාවලියේ  සිට UI දක්වාම මෙම වෙනස් කම් දක්නට විය. පසුව පැමිනි අනු සංස්කරන සමග සමහරක් Tablet මිත්‍ර සමහර අංග සදහා යලිත් Desktop මිත්‍ර ස්වභාවයන්  කටයුතු කරන්නට එම ආයතනය කටයුතු කල අතර මෙම නව සංස්කරනය සමග යලිත් අහිමිකල Start මෙනුවේ වෙනස් සංස්කරනයක් පැමිනෙන බවටද ඉගි කරනු ලැබුවා. ආන්තුරුව පැමිනි සමහර තොරතුරු කියා පෑවේ charms bar අංගයද එහි ඩෙස්ක් ටොප් සංස්කරනයෙන් ඉවත් කරන්නට කටයුතු කරමින් සිටින බවකි. සමස්තයක් ලෙසට මෙම නව සංස්කරන සමග Xbox , Phone , මෙහෙයුම් පද්ධති සංස්කරන සමග යා වීමක් ‍රැගෙන එනු ඇති බවට ද බලාපොරොත්තුවක් වනවා

2014-08-20

Digital යුගයේ අපේ හෙට දවස??

  සියලු දෑ වලට සම්බන්දිත වීමට අවශ්‍යව ඇත(Internet of things). සියලු අයටද සම්බන්දිත විමට අවශ්‍යව තිබේ(Social Network). කඩදාසි භාවිතයෙන් තොර සමාජයයක්( paperless society) එක් දෙසකින් නිර්මානය වෙද්දී තම සියලු කාර්යාලී කටයුතු  පරිගණකයකට සීමා කර ගන්නට හැකි භාවිතාවක් අප අභියසට පැමින ඇත. පැමිනෙන ඩිජිටල් කරනය අයෙකුට භීතිය කැදවමින්ද සිටී. රියදුරන් රහිත වාහන ඇති මාවතක , ශ්‍රමිකයන් අවමවන කර්මාන්තශාලා පරිසරයක කොටින්ම බොහෝ  යාන්ත්‍රික කාරනා ඩිජිටල් බව භාරගන්නට සූදානම් වන පරිසරයක කෙසේ සතු‍ටු වන්නටදැයි ඔවුන් විමසති. 
               හදාරන්නන් යෝජනා කර සිටින්නේ මිනිසුන්ට යලිත් වඩ වඩාත් නිර්මානශීලී වන්නට අවකාශ පැමිනෙමින් ඇති බවයි. මිනිස් ඉතිහාස කථාන්දරයේ අස්ථාවර ආහාර හා ආරක්ශාව ගැටලුව විසදා ගනිමින් සංස්කෘතිකයක් ඇරබූ එදා මෙන්ම අදද නව ඇරබුමකට පැමින ඇති බවටයි ඔවුනගේ පැහැදිලි කිරීම වන්නේ. බුද්ධිමත් යාන්ත්‍රික බව මිනිස් දවසේ බොහෝ දෑ භාරගැනීමට සැරසෙන විට පැමිනෙන මෙම අපහසුව පිලිබදව විමතිය පල කරන්නට පවා ඔවුන් පෙලබෙනවා. "තත්වය පෙර කාලයට වඩා බොහෝ සංකීර්න බව සත්‍ය මුත් , දේශපාලනික හා ආර්ථික සාධක වඩාත් අපැහැදිලි ලෙස මිනිසුන් අපැහැදිලි කරමින් තිබෙන මුත් ඔවුනට යලිත් වඩාත් නිර්මානශීලී ජීවිතයකයක් නිර්මානය කරගන්නට අවස්තාව පැමින ඇති බවටයි යෝජන වෙමින් ඇත්තේ.

2014-08-19

අන්තර්ජාල ගත පරිගණක භාවිතාව අනිවාර්ය වන දිනය එලබෙමින් ඇත!!

  තව දුරටත් හුදකලා පරිගණකය හා අන්තර්ජාලගත වූ පරිගණකය හැටියට දෙයාකාරයක් වලංගු නොවන යුගයකට අප පැමින සිටිනවා. අන්තර්ජාලයට අසම්බන්දිත පරිගණකයක් යනු අර්ධයක් අක්‍රිය වූ පරිගණකය කැයි සැලකෙන යුගයකට අප එලබ තිබෙනවා. මෙහෙයුම් පද්ධති දෙසින් සලකන විට මෙම යුග දෙකෙහි වෙනස පැහැදිලිව සටහන් වුනු අයුරක් තමයි XP හා Win 8 කියන්නේ. ආයාසයෙන් ජාලගතවන්නට ඉඩ සලසන සේ සැකසුනු xp හා ආයාසයෙන් ජාලගත නොවී ඉන්නට පොලබවන Win 8 හැදෑරීමෙන් මේ බව අපට වටහා ගන්නට පුලුවන්. වඩාත් හොඳම තවත් උදා හරනයක් තමයි බොහොමයන් නවීන ආරක්ශක මෘදුකාංග. සමහර ඒවා සම්පූනයෙන්ම තම ක්‍රියාකාරීත්වය සදහා අන්තර්ජාලය ඉල්ලා සිටින අතර තවත් ඒවා තම සමහර අංග සදහා අන්තර්ජාලය ඉල්ලා සිටිනවා. සමහර තීරනාත්මක හානිකර හමුවේ වඩාත් සාර්ථක  ආරක්ශාවක් සදහා පරිගණකයෙන් බැහැරව පවතින හානිකර පිලිබදව දත්ත ගබඩා භාවිතය වඩාත් වැදගත් බවට ඒවායේ නිෂ්පාදකයින් මෙන්ම හදාරන්නන් අවධාරනය කර සිටීම  අප අමතක නොකල යුතුයි.
               සමහර මෘදුකාංග භාවිතයේදී ඒවායින් සලසන සමහර සේවාවන් සදහා අන්තර්ජාලය ඉල්ලා සිටින අතර සමහර විටක සමහර මෘදුසේවා අන්තර්ජාලය මූලිකව ක්‍රියාත්මක වීම සිදුවෙනවා. වින් 8 සමග Microsoft ගිනුමක් හරහා මෙහෙයුම් පද්ධතියට පිවිසෙන්නෙකුට වෙනත් පරිගණකයක් හරහා වුවත් එම ගිනුමෙන්ම පිවිසීමේදී ලැබෙන පහසුව හදුන්වාදුන් අතර එලබෙන මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති අන්තර්ජාල මූලික ඒවා බවට වනු බවට ඉගි පලකොට තිබෙනව. සර්ච් , ෂෙයාර් හා ක්‍රියේට් ලෙසට අප හදුනාගන්නා පරිගණකය ගෙනෙන සියලුම පාහේ පහසුකම් සදහා අන්තර්ජාල වැදගත් සාධකයක් වීමේ සිට අනිවාර්ය අංගයක් වන දිනය ඉදිරි වසර කිහිපයකට පමනක් ඉහතින් වන්නු ඇති බවටයි දක්නට හදාරන්නන් අනාවැකි පලකර සිටින්නේ.

"දත්ත මිනිසා" සමග මට කියන්නට කියන්නට ඔනෑ වුනේ.......

  මම පැහැදිලි කරන්නේ දත්ත මිනිසා කියන සටහනෙන් මම කියන්න හැදුවේ මොකද්ද කියන එක. ඒක අපැහැදිලි හා අපිලිවල පිලිබද සටහනක් කියලා මම නොපිලෙගෙනම ඉන්නට උත්සාහ කරන්නේ නැහැ. ඒත් ඒ අසාර්ථක උත්සාහය තුල තිබුනේ අනාගතයේ දිනක අනිවාර්යයෙන්ම බිහිව්න අපූරු මිනිසෙකු ගැන කියන්නටයි. හිතන්න ඔබගේ සියලු නියුරෝන සටහන් සංයුත්ත කරගන්නට පුලුවන් වර්චුවල් ආකාරයට වන  ඔබගේම ප්‍රතිරූපයක් ගැන. මම ත් විස්වාස කරන්නේ නැහැ කවරදවත් තාර්කික හා ගනිතමය හැකියාවල් ඇරුනු විට පැමිනෙන නිර්මානශීලී බව ඉක්මවන යාන්ත්‍රික බුද්ධියක් නිර්මානය වෙයි කියලා. හැබැයි ඉතින් මිනිස් වර්ගයා විසින්ම සතුටින් ඒ බවට බිලීවී තමන්ගේ නිර්මානශීලී බව නසා ගත්තොත් මිසක.ඒනි සා ත්මයි මට ඔනෑ උනේ කියන්න සාමන්‍ය මිනිසෙක් හැටියට පාසැල් වයස , උසස් අධ්‍යාපන වයස පසුකලාට පස්සේ ඒ කියන ද්විතීක පුරවැසි බවට යන්නට සුදුසුකම් ලබන්නේ. ලැබූ අධ්‍යාපනයත් නිර්මනශීලී බවත් මිශ්‍රිත ඩිජිටල් පිටපත ඔහුව නියෝජනය කරමින් ලෝකයේ කාර්යබලකායට ඒකතු වුනත් ඔහු බැදී සිටිනවා සැම දිනකට හෝ සතියකට වරක් කාලයත් සමග තමන් අත්පත් කර ගන්නා වර්ධනය කිසියම් ක්‍රමයක් ඔස්සේ අර පිටපතට එක් කරන්නට. මේක බුද්ධිමය දේපල යටතේ ඔහුගේ අයිතියක් වන අතර  රජයකට පවා ඔහුගේ මරනින් පසුව භාවිතාකරන්නට නම් අවසර ලබා ගන්නට නීතිය වෙතින් ඉල්ලා සිටිය යුතු භාවිතාවක් ලෙසටයි මට සටහන් කරන්නට ඔනෑ උනේ.
                       අද වන විට තොරතුරු ලෝකයේ ගමන් මග හදාරන අයෙකුට පැහැදිලි වෙනවා  මේ ස්වභාවයේ යමක් වෙතට අපි කෙමෙන් කෙමෙන් ලංවෙනවා කියන එක. හැබැයි මේක මිනිස් වර්ගයා පිලිබදව සටහනක් මිසක එක සමාගමක්, එක රටක්, පිලිබදව කථාන්දරයක් නොවේවි. ලෝකය හදරන අය කියනවා විවිධ පැතිවල මිනිසුන් අතර ඇත්තේ වර්න, භාෂා වැනි වෙනස් කම් විතරක් නොවේ, ඔවුනගේ මානසික හැකියාවන් , චින්තන රටවලත් අපූර්ව විවිධත්වයක් තියනවා කියලා. මම විස්වාස කරනවා මිනිස් වර්ගයාගේ මීලග සංස්කරනය එන්නේ මේ වෙන්ව ඇති හැකියාවල් මනාව එක රටාවකට ගොනු වීමෙන් පසුව කියා. ඒක හරියට අපි පුංචි කාලේ සෙල්ලන් කරන්න භාවිතාකරපු සතෙකුගේ රූපයක් කෑලි වලට වෙන් කරලා තියෙන එකක් ආපසු ඒවා පිලියලට සකස්කරාම ලැබෙන පූර්න රූපය වගේ. මේ අපූරු බුද්ධි රටාවල් එකතුවෙලා හැදෙන සැබෑ මිනිසා නිර්මනය වූදාට නම් මිනිස් වර්ගයා අර ක්‍රියාවෙන් පුංචි කාලේ ලැබුවාට වඩා විශාල සතුටක් ලබාවි කියලා මම විස්වාස කරනවා.

තොරතුරු යුගයේදී ඔබගේ පෞද්ගලිකත්වය සිදුරු වන්නේ ඔබ අතින්ම නොවන්නටත් පුලුවන්....

  තොරතුරු යුගයේදී ඔබගේ පෞද්ගලිකත්වය සිදුරු වන්නේ ඔබ අතින්ම නොවන්නටත් පුලුවන් බව අපි තෙරුම් ගත යුත්තක්. ගත වෙමින් යන කාලය තොරතුරු අවකාශය විෂය මූලික බවේ අවසානයත් පුද්ගල මූලික බවේ මැදභාගයත්ත්  බවයි ලෙසට හදාරන්නන් හදුනාගන්නේ. ලාංකික බවිතාව ඇතුලේ Social Network විසුලු සහගත ස්වභාවයකට වඩා යමක් නොවන්නට බැරිවීම ඔස්සේ නොසලකා හැරියද තොරතුරු තාක්ශන අවකාශයේ දී මිනිස්  භාවිතාව විනිවිදයාමේදී තීරනාත්මක එකක් ලෙසටයි සටහන් වන්නේ. ඔවුනට සිදු වෙනවා සඳහන් කරන්නට "privacy as a 'social norm' නැතිනම් privacy is dead. වැනි අදහස්. මේක විටක වඩාත් යතාර්තයට සමීපවීමක් වෙන්නත් පුලුවන් මොකද සමහර වෙලාවට අපි දකිනව privacy කියලා ‍රැකගෙන ඉන්න මාරාන්තික තරමේ විසිතුරු කඩතුරාවට ඔබ්බෙන් තියෙන්නේ මාර හිස් කමක් කියලා. කාලයකට ඉස්සල්ලා මේවාට බර පතල අර්ත තිබුනා. ඒත් දැන් නැහැ. හැබැයි විවෘතවීමට පුදුම අකමැතියි. අපි මේ ස්වභාවය අසභ්‍යත්වය නැතිනම් සභ්‍ය නොවෙන  බව , සමාජීයව හානි කරබව  වගේ වැදගත් වන සාධක සමගත් පටලවා නොගත යුතුයි.
                                         තාක්ශනික අර්තයකින් මෙම අවකාශයට විද්වත් පාලනයක් තිබුනට ඒ මත ඉදිවන අවකාශය පාලන වන්නේ වෙළඳ අවශ්‍යතාමතයි.  නීතිය මැදිහත් නොවනවා නොවේ ඒ සීමා ඉක්මයෑම් පාලනය කරන්නට මිසක මූලික ගමන් මග සටහන් කරන්නට නොවෙයි. එලබෙන යුගයේදී Digital Assistant වැනි භාවිතාවන් නැවත තත්වය වඩාත් පෞද්ගලික කරන්නට පටන් ගනීවි. සරලව තත්වය තේරුන් ගන්නට උදාහරනයක් ගෙනාවොත් මුල්ම යුගයේ වැඩියෙන් පිරිස් යන එන තැන්වලට වෙළඳ දැන්වීම් ආවා , පසුව ඒ ඒ තැන්වල පවතින මාතෘකා වලට වෙළඳ දැන්වීම් ආවා, දැන් පුද්ගල රුචි අරුචි කම් හදාරමින් වෙළඳ දැන්වීම් එනවා , අනාගතයේ පෞදලික රුචි අරුචිකම් අවධිවන මොහොතවල් තොරා බේරාගෙන වෙළඳ දැන්වීම් පැමිනීම සිදුවේවි.

ස්පර්ශ මිත්‍රී තොරතුරු භාවිතාවක්!!

    ......අපි දන්නවා තොරතුරු භාවිතාව අපට ගෙනෙන අන්තර්ක්‍රියා අවකාශය හරිම පැතලි ස්වභාවයේ එකක් බව. ප්ලාස්ටික් ලෝහ වලින් තැනුන උපාංග මත දිවෙන ඉලෙක්ට්‍රොනික බවකින් ලබන ජීවයෙන් ක්‍රියාත්මක වන මෙම විෂයට අවශ්‍ය වෙලා තියෙනවා එහි අවසාන අත්දැකීම වඩාත් මානුෂික හිතවත් එකක් කරන්නට. පැතිලි තිරයක් මත ඉදිවෙන ද්විමානී ස්වභාවයේ සිට වර්චුවල් ආකාරයට පැමිනෙන දත්ත නිමැවුම් සමග වර්චුවල් ආකාරයකට භාවිතාකරන්නා සමග ස්පර්ශීය හැගීමක් දෙන භාවිතාවක් සදහා මේ වන විටත් බොහෝ අත්හදා බැලීම් සිදුවෙමින් තිබෙනවා. GUI එකක සිට ඇරබුනු මෙම ගමන  තොරතුරු ලෝකයට වෙනස්ම ආකාරයේ නිමාවක් ‍රැගෙන එනු ඇති බවයි ඔවුනගේ බලාපොරොත්තුව වන්නේ. පසුගියදා Android L හදුන්වා දෙමින් Google ආයතනය මේ දිශානතියට තවත් පියවරක් තබන්නට අවශ්‍ය බවට ඉගිකර සිටියා......

2014-08-18

XP යුගයේ හා win8 යුගයේ තොරතුරු ජීවියෝ!!

....... Windows XP හා Windows 8 කියන්නේ කෙනෙකුට හුදු මෙහෙයුම් පද්ධති දෙකක් ලෙසට පමනක් හැගෙන්නට පුලුවන්. මම යෝජනා කරනවා ඔබ තොරතුරු යගයේ ජීවියෙකු නොවන බවට. මම කියන්නට උත්සාහ කරන්නේ XP හා win8 අතර තියෙන වෙනස හුදු UI වෙනසක් පමනක් ලෙසට දැනෙනවා කියන්නේ ඔබ සාධාරන තරම් සමීපව ඔබේ තොරතුරු උපාංගය සමග සබදතා නැති මිනිසෙක් කියන එකයි. තොරතුරු උපාංගය කියන්නේ සාමන්‍ය ජීවිතය අපි භාවිතාකරන බොහෝ උපකර වලට වඩා එකි නෙක වෙනස් බොහෝ භාවිතාවන් තුලට විනිවිද ගිය උපකරනයක්. ඒ උපකරනයේ මෙහෙයුම් පද්ධතිය කියන්නේ ඒ හැකියාවන් දෛනික ජීවිතයට වරනගා දෙන අතර මුහුනතයි. හැබැයි ඒ බව හරියට මහ මුහුදේ දිය මතු පිටින් පෙනෙන අයිස් කුට්ටියක කොටස වාගේයි.  සැබෑ ක්‍රියාකාර කම එන්නේ එය දෘඩාංග මෙහෙයවා අපට ලබා දෙන තොරතුරු ජීවිතයේ ස්වභාවයෙනුයි.
                          අපි ඒතරම් තේරුම් ගන්නට උත්සාහ නොකලාට මෙහෙයුම් පද්ධතියක් කියන්නේ අපේ තොරතුරු දිවියේ ස්වභාවය පාලනය කරන ප්‍රධාන මෙහෙයවන්නාය කියන එක හදාරන්නන්ගේ මතයයි. ඒක වෙනස් වනවා කියන්නේ තීරනාත්මක හැරවුමක් අප වෙතට එනවා කියන එකයි. සරලව හිතන්න,  win XP සමග තිබුනේ වැඩි භාවිතාවක් උපාංගයේ භෞතික සීමාවට  සීමාවුනු තොරතුරු ජීවිතයක්. ඒ කියන්නේ XP සමග ජාල භාවිතාව නොතිබුනා කියන එක නොවෙයි. ස්වභවයෙන් ඒක මෙහෙයුම් පද්ධතියේ දිගුවක් ලෙසට හැගුන බව සගවන්නට බැරි රහසක්. ඒත් Win 8 ගෙනෙන්නේ මෙහෙයුම් පද්ධතියේ ගැබුරින්ම එන ජාල බවට මිත්‍ර කමක්. කර්නල් මට්ටමේ ඉදලා කිව්වත් හරි. අපිට මතකයි win8 හඳුන්වා දෙමින් පැහැදිලි කලේ එය දෘඩාංග මට්ටමේ සිට UI දක්වා වන වෙනසක් ලෙසටයි. මම පැහැදිලි කරන්නට උත්සාහ කරන්නේ වින්8 වලදී creat කියන භාවිතාවට එතරම් වෙනසක් නොගෙනාවට search හා share කියන භාවිතාවන් මෙහෙයුම් පද්ධතිය මතුපිටට ගෙනත් සූදානම් භාවිතාවක් කර ඇති බවයි. ක්‍රමයෙන් වැඩි වන භාවිතාකරන්නන්ගේ ප්‍රමානය සමග සමනය වන්නට මෙම හැකියවන් මතුපිටට පැමිනීම සංකේතවත් වනවා. PC භාවිතාව ඉක්මවමින් devices භාවිතාව මතුපිටට පැමිනීම හා එය වෙළඳ අරමුනක් ලෙසට පිලිගැනීමත් windows 8 වලින් දැක්වුනා. හැබැයි Microsoft වෙතින් උනු නිවැරදි නොවන පොලා පැනීම නිවැරදි කර ගන්නට ඔවුනට අවශ්‍ය වනවා. ඒ නිසාම මේ වන විට ආයතනය ඩෙස්ක් ටොප් ප්‍රමුක බව මගහැරීම සංකේතවන් වන කීබොර්ඩ් හා මවුස් මිත්‍ර හා ස්මාර්ට් මෙනු මිත්‍ර නව ස්වභාවයකට තම මෙහෙයුම් පද්ධතියේ මීලග සංස්කරනය සමග යන බවට පවසා සිටිනවා.....

පරිගණකයක් මිළදී ගැනීමකදී!!!!

  ඔබ පරිගණකයක් මිළදී ගැනීමට යාමේදී  ඔබගේ අවශ්‍යතවය පිලිබඳව මනා අවබෝධයකින් නොයෑම බොහෝ විට ගැටලුකාරී මිළඳී ගැනීමට මග පාදන්නකි. කාරුනිකව ඔබගේ අවශ්‍යතාවය විමසා බලා ඔබ හඳුනානොගත් වැදගත් සාධක විමසමින් ඔබගෙ අවශයතාවය ඉ‍ටුකරන්නට සෑදී පැදැදී සිටින ව්‍යාපාරික මහතුන්ද සිටින නමුත් කලාතුරකින් තම වෙළඳ අරමුනු මත පමනක් ක්‍රියාත්මක වෙමින් ඔබේ අවශ්‍යතාවය කෙසේ මුත් ඔවුනගේ අලවි අවශ්‍යතාවය මත පමනක් ක්‍රියාත්මක වෙමින් කරුනු දැනුම් තේරුම් යන විට ඔබව අපහසුතාවයට පත්කරවන මිලඳි ගැනීමක් මග හරින්නට නම් ඔබගෙ අවබෝධය වැදගත් වේ.
         භාවිතාකරන ලද පරිගණක යනු තව දුරටත් භාවිතාකිරීමකට නොහැකි අබලන්වූ පරිගණක කොටස් යාන්තමින් අටවා තබා ඔබ වෙත අලවි කිරීම නොවේ. ඒවා අයත්වන්නේ භාවිතයට නොසුදුසු පරිගණක කාන්ඩයටය. e අපද්‍රව්‍ය ලෙසට හදුනා ගනිමින් ඒවයේ වන ලෝහ , ප්ලස්ටික් වැනි ද්‍රව්‍ය ලබා ගැනීම සදහා යොමු කල යුතු මට්ටමේ පරිගණක කොටස් පවා මිළදී ගන්නන්ගේ අනවබෝදය භාවිතාකරමින් අලවි කරන අවස්ථා නැතුවාම නොවන බව අමතක නොකල යුතුය. බොහෝ විට භාවිතාකල කල මට්ටමේ නැවත භාවිතාවකට පැමිනෙන පරිගණකයක් යනු හොඳින් ක්‍රියාත්මක වන මුත් මෙහෙයුම් පද්ධති නැතිනම් මෘදුකාංගවල වඩාත් නවීන සංස්කරන සදහා හොඳින් සහය නොදැක්වීම , අවශ්‍යව ඇති නව භාවිතාවන්ස් අදහා ප්‍රමානවත් ප්‍රොසෙසර් හෝ ‍රැම් පහසුකම් නොමැති ආකාරයේ හෝ වෙනත් තාක්ශනික අවශ්‍ය තාවයන් නොසපුරලන පරිගණක වේ. ඒවා කිසිසේත්ම විනාශකිරීම සදහා සුදුසු මට්ටමේ පරිගණක වලින් ලබා ගත් ක්‍රියාත්මක වන කොටස් එකට යාකර සකස් කර ගත් ඒවා නොවේ. බොහෝ විට භාවිතාකරන ලද පරිගනකයක් සදහා තෙමසක වගකීමක් ලබා දෙන්නේ එම කාලයක් හොඳින් ක්‍රියාත්මක වනවා යනු එම උපකරනේ මිළදී ගන්නා අවස්ථාව වන විට හොඳින් ක්‍රියාත්මක වෙමින් පවතින බවට ප්‍රායෝගික සහතිකයක් වන බැවිනි.
                        i7 ප්‍රොසෙසර් බලයක් , 4GB ‍රැම් හැකියාවක් , 1TB තොරතුරු ගබඩා හැකියාවක් සාමාන්‍යයෙන්  දැනට පවතින නව පරිගණකයක් මිළදී ගැනීමට  මූලික කරුනුය. මෙම හැකියාවන් i3,i5 දක්වා වෙනස් වීම ඔබගේ අවශ්‍යතාවයට අනූව වෙනස් විය හැක. සාමන්‍ය දෛනික භාවිතවකට i3 Processer , 3GB Ram , 500GB-1TB හැකියාව්ක් ප්‍රමානවත් වනු ඇත. සංකීර්න පරිගණක ක්‍රීඩා සදහා මෙන්ම ග්‍ර‍ෆික් නිර්මානය සදහා නම් මෙම හැකියාවන් උපරිමයෙන්ම මෙන්ම විශේෂයෙන්ම පරිගණකයේ ග්‍රැ‍ෆික් හැකියාව ඉහල මට්ටමක තේරීමකට යාම අත්‍යාවශ්‍යවේ. හැකි හැම විටකම මිළඳී ගන්නා මට්ටමේ පිරිසිදු මෙහෙයුම් පද්ධතියක් තොරා ගැනීම හෝ විවෘත නැතිනම් නොමිළේ භාවිතාකල හැකි ආකාරයේ මෙහෙයුම් පද්ධතියකට පිවිසීම වෙදගත් වේ. නෛතික අර්ථයෙන් එය අනිවාර්ය වන අතරම භාවිත අර්තයෙන් සලකන විටදීද වැඩි වෙමින් ඇති අන්තර්ජාල භාවිතය , හානිකර මෘදුකාංග පැතිරීම වැඩි වීම වැනි කාරනා සැලකීමේදීද වැදගත් වේ. අමතර මෘදුකාංග භාවිතයේදීද  ක්‍රැක් මට්ටමේ මෘදුකාංග ඔස්සේ පහසුවෙන් කරදර පැමිනීමට ඇති ඉඩ කඩ අමතක නොකලයුතු අතර මිළඳී ගැනීමකට අපහසු වන හැම විටම ඒහා සමන පහසුකම් දෙන විවෘත මෘදුකාංග තොරා ගැනීම වැදගත් වේ. දෘඩාංග මෙන්ම මෘදුකාංග මිලදී ගැනීමකදී ඒවායේ නිර්ව්‍යාජ බව තහවුරු කරන තොරතුරු අඩංගුවන ඇසුරුම් ආදිය ලබ ගන්නටත් පරික්ශා කර බලන්නටත් සැලකිලිමත්විම වැදගත් වන අතර සමහර විටක දැනට භාවිතාවන මෙහෙයුම් පද්ධති සමග ක්‍රියා නොකරන මෘදුකාංග (ඩ්‍රයිවර්ස්) ආදිය අඩංගු  උපාංග මෙන්ම විටක හානිකර සහිතව නිෂ්පාදනාගාර වල සිටම පැමිනෙන උපාංග මග හැරවා ගැනීමටද සහයක් වනු ඇත.
           සැම පිලිගත් මට්ටමේ නිෂ්පාදකයින් සදහාම වෙබ් අඩවි පහසුකම් පවතින අතර ඒවා ඔස්සේ අදාල උපාංග පිලිබදව තොරතුරු විමසා බලන්නට මෙන්ම නිර්ව්‍යාජ පෙනුම සසදන්නට පමනක් නොව විටක අදාල වෙබ් අඩවි ඔස්සේ තම මිලදී ගැනීම් පරෙක්ෂා කර බලන්නට හෝ ඒවායේ එන ආරක්ශක පදයන් ඔස්සේ එම අඩවි වල ලියාපදිංචි වීමට හැකිවීමත් අප කරනු ලබන මිලදී ගැනීම නිවැරදි බවට තහවුරු කර ගැනීමට අවස්ථාවක් වේ.

සමජ ජාලා සම්පතකි!!

  මිනිසා යනු මුල් ස්වභාවයෙන්ම සමාජශීලී සත්වයෙකි. තොරතුරු තක්ශනය ප්‍රමුක අන්තර්ජාලය ඔස්සේ මිනිස් වර්ගයා වෙතට පැමිනෙන සමාජ ජාලා භාවිතය එම මිනිස් වර්ගයාගේ මුල් ස්වභාවය වෙතට තොරතුරු තාක්ශන වෙතින් ලැබෙන තිලිනයක් බඳුය. මිනිස් සබදතා පාලනය කෙරෙන දුර බැහැර සාධකය , කාර්යබහුල සාධකය ආදී වූ බෙහෝ ගැටලුකාරී ස්වභාවයන් ජයගන්නට පහසුවක් ලෙසට සැකසෙමින් පැමිනෙන එය මිනිස් සමාජයේ e සංස්කරනයක් ලෙසට හදාරන්නන් හදුනා ගන්නට තැත් දරනු දැකිය හැකිය. 
                             අන්තර්ජාලයේ Social Network ලොසට පොඳුවේ නම් දරමින් පැමිනෙන මෙම පහසුව ගෙනෙන වෙබ්  සේවාවන් කිහිපයකි. ඒවා අතර ප්‍රධාන තම අඩවි ලෙසට Facebook.com , Google+ ආදිය දැකිය හැක.  ලොව පුරා වෙසෙන බිලියන ගනනකගේ භාවිතය ලබන ෆැස්බුක් අඩවිය මේ අතර වඩාත් ප්‍රමුක වේ. මෙම අඩවියේ මෙන්ම අනෙකුත් බොහෝ සමාජ ජාලා අඩවියක Profile එකක් නැතිනම් අනන්‍යතාවයන් නිර්මානය කර ගැනීම සදහා E-mail ලිපිනයක් සහිතව සිටීම පමනක් සෑහෙන අතර යම්වයස සීමාවක්පසුකර ඇති විටක තමන් ලබා දෙන අනෙකුත් සියලු තොරතුරු සත්‍ය බවට පොරොන්දුවෙමින් එහි ගිනුමක් ආරම්භ කර ගැනීමට හැකිවේ. එම ගිනුම අරබන විට මීට අමතරව අසභ්‍ය , අපහාස වැනි සාමාජීයව හානිකර දෑ එම අනන්‍යතා තුලට නොගෙනෙන බවටද පොරොන්දුවකට එකගවීමක් සිදුවේ. මෙම කොන්දේසි පොදුවේ ප්‍රධාන ගනයේ සියලුම සමාජ ජාලා සදහා වන අතර මීට අමතර වන සමාජ ජලාද වේ. මුදල් ගෙවා සාමාජික විය හැකි ඒවා , වෘතීය මට්ටම් වලට පමනක් සීමා වූ ඒවා, කුඩා දරුවන් සදහා පමනක් වූ ඒවා අදී ලෙසට ඒවා විවිධ වේ. 
                                                 සරලව හදුනාගන්නෙනම්, මුලින්ම තමන්ගේ Profile එකක් නිර්මානය කර ගැනීමෙන් තම සමාජජාලා අනන්‍යතාවය අරබන්නට හැකිවේ. ඉන් අනතුරුව  තමන් දන්නා කියන දැනටමත් එන සමාජ ජාලාවේ සිටින හිතවතුන් සදහා ආරාධනා කිරීමටත් , එම යාන්ත්‍රන විසින් ඔබ විසින් සපයා ඇති තොරතුරු ඔස්සේ විමසමින් ඔබ දන්නවා යැයි සැක කෙරෙන Profile යෝජනා කිරීමත් සිදු වන අතර මීට අමතරව email ඔස්සේ බාහිරින් වන හිතවතුන්ට එම සමාජජාලාවට පැමිනෙන ලෙසට ආරාධානා කිරීම වැනි ක්‍රම ඔස්සේද  තම සමාජ ජාලා හිතවතුන් ප්‍රමානය වඩාත් අංග සම්පූන කර ගැනීමට අවස්ථාවක් වේ. මෙසේ එකතුවන අනකුත් මිත්‍රයන් සමග පොඳුවේ වන පි‍ටුව නිර්මනය වීමේ ඉන් ඇරබෙන අතර සියල්ලන් විසින් පලකරනදෑ මෙම පොඳු පි‍ටුවටද පැමිනීම ඔස්සේ පහසුවෙන් ඔවුන් අතර තොරතුරු හුවමාරු කර ගැනීම සිදුවේ. එසේම මෙහි පලකරන දෑ එම අවකාශයේ වන ඔනෑම අයෙකුට දකින්නට හෝ මිතුරන් හා ඔවුන්ගේ මිතුරන් අතරට පමනක් සීමා කරන්නට මෙන්ම අවසානයේ තමන්ට පමනක් සීමා වන ලෙසට පලකරන්නටද මෙම අඩවි වල පහසුකම් සැලසේ. මීට අමතරව ප්‍රකට පුද්ගලයින් සදහා , ආයතනය සදහා , සංවිධාන සදහා ආදීවන පදනමින්ද මෙම සමාජ ජලාවල පි‍ටු නිර්මානය කර ගැනීමේ අවස්ථාවක් ලැබේ.  කලින් කලට එම පහසුකම් වෙනස් විය හැකි වන අතර එම අඩවි අතරද මේවා විවිධ විය හැක.
                          වෙළඳ දැන්වීම්කරනය මෙම අඩවි සදහා විශාල ආදායම් ලබා දෙන අතර ඉලක්කගත වෙළඳ දැන්වීම් සදහා මෙම අඩවි වඩාත් ප්‍රචලිත වේ. එහිදී මෙම අඩවි වල ක්‍රියාත්මක වන යාන්ත්‍රන විසින් ඔබගේ සිතුම් පැතුම් පමනක් නොව ඔබගේ හිතමිතුරන්ගේ සිතුම් පැතුම්ද හදාරමින් වඩාත් ඉලක්කගත දැන්වීම් සදහා  ක්‍රියාත්මක වෙයි. මෙම අඩ්වි වල කෙටි පනිවිඬ සේවා වැනි අමතර සේවාවාවන්ද ලබා දෙන අතර සමහර විටක එම ආයතනයන්ගේ අනෙකුත් සේවාවන් සමග සම්බන්දව ක්‍රියාත්මක වන ජාලාවන් ලෙසටද දක්නට ලැබේ. 
                  කාලය කා දැමීම සදහා ස්ථාන ලෙසට හා හානිකර සමජ  ගැටලු නිර්මානය කරන ස්ථාන ලෙසටද මෙම අඩවි සදහා අපකීර්තිමත්  පිලිගැනීමක්ද සමාජය තුල නිර්මානය වී ඇති අතර දැඩි ඇබ්බැහි වීමක් ලෙසට වන ව්‍යසනයක චිත්‍රනයක්ද මේවාව වේ. බොහෝ විට භාවිතාකරන්නා සදහා මේවායින් වන සේවය පිලිබදව පැහැදිලි බවක් නොමැති වීම මෙසේ අනවබෝධනීය අදහස් සදහා පහසුවක් වන අතර පෞද්ගලික ව ද , කන්ඩායම් ලෙසටද තමන් අතර සැබෑ ලෝකයේ වන සබදතා වඩාත් විදිමත් කර ගන්නට මෙන්ම සුවපසුව අදහස් උදහස් හුවමාරුකර ගන්නට මෙම අවකාශයන් නිර්මානය කර දී ඇති ඉඩ පසුව බොහෝ විට චෝදනා නගන්නන් අමතක කරනු දැකිය හැකිය, එසේම පසුව ගැටලු කාරී විය හැකි අනවශය පෞද්ගලික තොරතුරු මුදා හැරීම පමනක් නොව අති පෞද්ගලික සීමාකිරීම් සමග උවත් කිසි සේත් අනෙකුන් නොදැනගත යුතු තොරතුරු මේවා තුලට ගෙන නෝ එන්නට භවිතාකරන්නන් වග බලා ගැනීමද වැදගත්වේ. 

එය තොරතුරු තාක්ශනය, මිනිසාට වූ අසිරිමත් හමුවීමකි!!!!

  මිනිසුන්ගේ සංස්කෘතික කථාන්දරයේ එක් කියවීමක් තොරතුරු කලාමනාකරනය පිලිබදව අත්පත් කර ගත් ප්‍රගතිය ලෙසට හඳුනා ගත හැක. තොරතුරු හඳුනා ගැනීම  ඒවා මතක තබා ගැනීම අවශ්‍ය විටකදී වඩාත් වටිනා තොරතුරු වලට ඒවා නැවත සකස් කර ගැනීම මෙන්ම විවිධ ස්වරූප වලින් ඒවා නැවත ලබා ගැනීම මෙන්ම  අවශය විටකදී දුරබැහැරකට පවා සංනිවේදනයට හැකිවීම එම ප්‍රගතීන් ලෙස වඩාත් පැහැදිලි කර ගත හැක. මිනිස් ප්‍රගති කථාන්දරයේ වැදගත් මෙම ක්‍රියාදාමයට පැමිනෙන  යාන්ත්‍රික වීම නැතිනම් පැමිනෙන තාක්ශනික මැදිහත්වීම "තොරතුරු තාක්ශනය " ලෙසට නම් කෙරේ.
           මූල ද්‍රව්‍යයක වන පාලනය කල හැකි සරල ද්විතීක බව ඔස්සේ වර නගා ගන්නා විෂයක් ඔස්සේ ගොඩ නැගෙන ට්‍රාන්සිස්ටරය ප්‍රමුකව ඉදිවන මෙම තාක්ශනය වර්තමානයේ උපාංගයක් ලෙසට මෙන්ම භාවිතාවක් ලෙසටද මහත් සංකීර්න බවක් ලබා ගෙන ඇත. ආරම්භයේදී විශාල ගොඩ නැගිල්ලක් තරම් වෙමින් යාන්ත්‍රික සැකසුම්  සදහා ඇතුලත ඇවිද යමින් මෙහෙයවුනු එම යාන්ත්‍රික පරිගණකය අද වන විට උපැස් යුවලකට , අත් ඔරලෝසුවකට නැතිනම් තවත් විටක පාවහන් යුවලකට  සංයුක්තව පැමිනෙන්නට තරම් හැකිව ඇත. ආරම්භයේ ඉතා ආයාසයෙන් සකසන කරන වැඩසටහන් ගත කිරීම් සදහා ලබා දෙන දත්ත සැකසීමකට සීමා වූ එම හැකියාව අද වන විට මිනිසාගේ පෞද්ගලික ජීවිතය, විනෝද ජීවිතය, සමාජ ජීවිතය පමනක් නොව වෘතීය ජීවිතය ලෙසටවන වන සියලුම ජීවිත පැතිකඩ ඔස්සේ මග හැරිය නොහැකි තරමේ වැදගත් මැදිහත් වීමක් ගෙනෙන තීරනාත්මක භාවිතාවක්වී අවසන්ය. එපමනකුදු නොව අද වන විට ස්වංක්‍රීයව ක්‍රියාත්මක වෙමින් නිවසක කාර්යාලයක මූලික අවශ්‍යතා පාලනය සදහා එම උපාංග සමග මිනිස් මැදිහත්වීමකින් තොරව  තොරතුරු හුවමාරු කර ගනිමින් සිටින පද්ධතියක් දක්වා දියුනු වෙමින් ඇත. මාවතක දිවෙන රථයක් වෙතට පැමිනෙන මෙම විෂය රියදුරෙකු රහිතව ධාවනය වන රථයක් නිර්මානය කරදෙන්නට සමත්ව ඇත.
                              අප ජීවිතය අවට වන අවට වන බොහෝ උපාංග හා මතුපිටවන් මතට පැමිනෙන මෙම හැකියාව එවාට "ස්මාර්ට්"  නමින් නවීකරනයක් ලබා දෙමින් ඒවායින් මිනිසා වෙතට ගෙනෙනු ලබූ මුල් පහසුව දත්ත කරනය සමග වඩාත් කාර්යක්ශම කරදි ඇත. මුදල් භාවිතය කඩදාසි හා ලෝහ සංකේත වෙනුවට "e" කරනය කරමින් දේශශීමා රහිත විශ්ව තලයක සිදුවන භාවිතාවක් බවට ගෙනැවිත් ඇත. කාර්යාල මෙන්ම පෞද්ගලික භාවිතාවේ තිබූ දිනකට ටොන් ගනනක කඩදාසි භාවිතාව අවසන් කරමින් දිනාපතා පුවත් පතක සිට නිමවෙන පොත් පතක් දක්වා දෑ "e" කරනය කරන්නට මැදහත්ව සිටී. වෙළඳ පොල වෙතට එහි බල පෑම අසීමිතය. අනවශ්‍ය අතර මැදියන් ඔස්සේ අවසාන පාරිභෝගිකයා වෙතට වන බර පැටවීම් විශාල ප්‍රතිශතයකින් අවමකර දමන්නට අන්තර්ජාලය නමින් වන මැදිහත් වීම සමත්ව ඇත. දියුනු රටකදී ගොවිපලක නිෂ්පාදනය ඉදිරි කන්න කිහිපයක් සදහා සැලසුම් වන්නේ තොරතුරු තාක්ශනය හරහා පැමිනෙන අනාගත කාලගුන අනාවැකි වල මෙන්ම අනෙකුත් ගොවි මහතුන්ගේ ඉදිරි සැලසුම්ද අනූවය. වෙළඳ පොල අවශ්‍යතාවය සමග මනාව කලමනාකරනය වෙමින් සමබර නිෂ්පාදනයක් ඔස්සේ සැලසුම් වන්නට මෙම තාක්ශනය ඔවුනට ගෙනැවිත් අත්තේ මහත් පහසුවකි.
                                       තම සංස්කෘතික ගමන් මගේ මිනිසා අත්පත් කරගත් අපූර්ව හැකියාවන් අතර වඩාත් දිදුලන හැකියාවක් ලෙසට පිලිගැනෙන මෙම හමුවීම මිනිසෙකුගේ උදෑසන අවදියේ සිට රාත්‍රියේ නින්ද දක්වා වන හැම නිමේශයක් සදහාම සුව පහසුවක් කාර්යක්ශමතාවයක් ‍රැගෙන විත් ඇත. සිරුරේ  නිරෝගීකම පිලිබදව එය අවදිමත්ය , නිවසේ ආරක්ශාවේ සිට හෙට දවසේ කාලසටහන වඩාත් කාර්යක්ශම හා හිතකර ආකාරය ට පවත්වාගෙන යන්නට සහය වන්නට තරම් එය අවදිමත්ය, සමස්තයක් ලෙසට පවසන්නේනම් ඔබ යන එන , කන බොන , කියන කරන, හිතන පතන සියලු දැ සමග වෙමින් මතක් කර දෙන්නට, මග පෙන්වන්නට , තොරතුරු සොයා දෙන්නට හැකිව සූදානම්ව පැමිනෙන සහකරුවෙකු වන්නට එය මේ වන විට සමත්ය.

2014-08-16

තොරතුරු තාක්ශනය වියපත් නොවන විෂයකි.

  තොරතුරු තාක්ශනය වියපත් නොවන විෂයකි. ආසන්නව සෑම දෑ වසරකට වරක් එය තම ප්‍රධාන අවයවය නොහොත් ප්‍රොසෙසරයේ හැකියා වපසරිය දෙගුන යක් බවට පත්කර ගන්නා අපූරු ගුනයකින් යුත් හැකියාවක් ගෙනවිත් ඇත. එම ප්‍රබෝධය ප්‍රොසෙසරයට පමනක් සීමා නොවී තම මෘදුකාංග පරිසරයට මෙන්ම නෙට්වර්ක් හැකියා පරිසරයටද ගෙනෙන්නේ විසල් සැහැල්ලුවකි. මෙහි ප්‍රථිපලය අපූර්වය. එක දිනයකදී සිහිනයක් ලෙසට හැගෙන හැකියාවක් වසරක් දෙකක් ගෙවෙනවිට වෙළඳ පොලට පැමින ඇති පහසුවක් වන විස්මිත ක්‍රියාකාරකමක් එය නිරන්තරයෙන් ඉ‍ටුකර මින් සිටින්නේ එහෙයිනි.
                    එක් අතකින් 3D ප්‍රින්ටින් හැකියාව සාමන්‍ය ජීවිත රටා උඩුයටිකුරු කරන්නක වන්නට තම සුලු කලක් යනු ඇත. ඔබ නිවසේ භාවිතාකරන බොහෝ උපකරන මිළදී ගැනීම යනු online ආකාරයට මුදල් ගෙවීමක් ඔස්සේ ලබා ගන්නා රිසිට් පතක් හා සැලසුමක් පමනක් වන දිනය හදාරන්නන් අවධාරනය කරන්නකි. එම සැලසුම ඔස්සේ විසිත්ත කාබරයට එන විසිතුරු සැරසිල්ලක සිට සංකීර්න උපකරනයක් විය හැක. නිවසේ 3D ප්‍රින්ටරයෙන් හෝ එය පහසුකම් මදි විටක වෙළඳ මට්ටමේ 3D ප්‍රින්ටරයකින් අදාල උපකරනය නිමවා ගැනීමට පමනක් නව හිමිකරුට සිදුවනු ඇත. ඩිජිටල් ඇසිස්ටන්ට්, දත්ත උපාංගය සමග වන share හා search හැකියවන් හකුලවා ශ්‍රව්‍ය දෘශ්‍ය ස්වභාවික ඇනවුම් ඔස්සේ දිවෙන කාලය වඩාත් ඈත බවට සිතිය නොහැකිය.මනසක් ඇති සැබෑ සහයකයෙකුගේ ස්වභාවයට එය වර්ධනය වීම ඉදිරි දශකය තුල සිදුවීම අනිවර්ය බවටයි හදාරන්නන් යෝජනා කරමින් සිටින්නේ.

Threshold පෙර සංස්කරනයක් සැප්තැම්බරයේ අග භාගයේ!!!!

  නොනිළ මට්ටමේ තොරතුරු හෙලිකර සිටින්නේ මයික්‍රසොෆ්ට් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් පද්ධති නිකුතුවේ මීලග සංස්කරනයේ පෙර නිකුතුවක් එලබෙන සැප්තැම්බරයේ අග භාගය වන විට පැමිනෙන්නට සැලසුම් වෙමින් පවතින බවකි.  Windows 8 සමග ඔවුනගේ මෙහෙයුම් පද්ධති රටාවේ කැපී පෙනෙන හැරවුමක් සටහන් වූ අතර මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන මුහුනත තීරනාත්මක ලෙසට Tab භාවිතාවට මිත්‍ර ආකාරයක් කරා චලනය වීම ඇරබිමුත් අහිමි වූ start මෙනුව ඇතුලු සුපුරුදු රටාව දෙසට වෙනස් ආකාරයකට වන නැවත පැමිනීමක් මෙම සංස්කරනය සමග සිදුවනු ඇති බවටයි මේ වන විට බලාපොරොත්තුව වී ඇත්තේ. 
                                              Threshold නමින් වන සංකේතනාමයක් සමග ආයතනය තුල අවසන් අදියරයෙහි වන මෙම නිකුතුව සංවර්ධකයන් හෝ සමීපව කටයුතු කරන්නන් සදහා වන සීමාකාරී එකක් වීමට ඉඩ ඇති බවට බලාපොරොත්තුවන අතර අයතනයේ මෑතකදී සිදුවූ ඩිජිටල් ඇසිස්ටන්ට් මෘදුකාංගයේ සංස්කරනයක් මෙම මෙහෙයුම් පද්ධතියමතට පැමිනෙමින් වඩාත් සුව පහසු අලංකාර නිමැවුමක් සමග එය පැමිනීමේ බලාපොරොත්තුව මේ වන විට හදාරන්නන් අතර වනවා.

2014-08-13

.... හැබැයි මම යෝජනා කරනවා තොරතුරු යුගය සමග පැමිනෙන දේශපාලනය වඩාත් සංකීර්නය කියන එක..

......සෑම දත්ත උපාංගයකටම නැතිනම් මෘදුකාංගයකටම ඉල්ලා සිටින භාවිතාවක් තියනවා. මම කියන්නේ අපේ සාමාන්‍ය ජීවිතයෙන් ගොඩාක් වෙනස් වුනු වෙනම සහභාගීත්වයක් කියන එක නොවේයි. නමුත්  විනයවත් නීති ගරුක භාවිතාකරන්නෙකු වගේ සරල එකගතාවල සිට ඒ ඒ උපාංග ගෙනෙන විශේෂතා වලට ගැලපෙන භාවිතාකරන්නෙකු ඉල්ල සිටීම සාමන්‍යයයි කියන එකයි. අපි හිතනවාට වඩා දේශපාලනයක් තොරතුරු ලෝකය තුල නොතිබෙනවාම නොවෙයි. මම කියන්නේ සම්මත දේශපාලන වචන ගොනු ඔස්සේ එන අදහසක් පිලිබදව නොවෙයි. සංකීර්නව සිදුවන දේශපාලනික බවින් මිදෙන්න තොරතුරු ලොකයටද බැරිවීම විමතියට කරුනකුත් නොවෙයි. ඒ දේශපාලනික බව ආර්ථික බව අපව පාලනය කරනවා කියන එක අමතක කරන්න බැරිතරම් දීර්ග කාලීනව අප වෙතට බලපාමින් තියෙනවා. හැබැයි තේරුම් ගන්න මම මෙතන අදහස් කරන්නේ ධනවාදය , සමාජවාදය වගේ සංකල්ප ගැන නොවෙයි. මම ඒවා යල්පැනපු අන්ත දෙකක්ය කියලා කියන්නේ නැහැ. හැබැයි මම යෝජනා කරනවා තොරතුරු යුගය සමග පැමිනෙන දේශපාලනය  වඩාත් සංකීර්නය කියන එක........ 

'August Update' කැපී පෙනෙන වෙනසක් ගෙනවිත් නැත...

  හදාරන්නන්ගේ දැඩි අවධානයක් ලබා සිටි 'August Update' for Windows 8.1 යාවත්කාලීනය මේ වන විට නිකුත්ව ඇති අතර  ප්‍රධාන ගනයේ වෙනසක් නොගෙනෙන ලද යාවත්කාලීනයක් ලෙසට එය විචාරනය වෙමින් තිබෙනවා. Start මෙනුවේ නව සංස්කරනයක් පවා මෙම යාවත්කාලීනය සමග පැමිනීමේ බලාපොරොත්තුවක් වූ අතර නවාංග කිහිපයක් එයත් සමග පැමිනෙන්නට ඉඩ ඇති බවට බලාපොරොත්තුව වූ මුත් එසේ නොවූ අතර වසර අවසානයේ පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුවන වින්ඩෝස් වල මීලග සංස්කරනයේ  පෙර නිකුතුව සමග එම පැමිනීම් වනු ඇති බවට මේ වන විට බලාපොරොත්තුව වන්නේ. Microsoft ආයතනය පැහැදිලි කොට සිටින්නේ මෙම යාවත්කාලීනය සමග touchpad භාවිතයට වඩාත් නිවැරදි වන යාවත්කාලීනයක් , Wi-Fi භාවිතාවට දියුනු කිරීමක්  සමග SharePoint Online භවිතාවට පහසුකිරීමක් පැමින ඇති බවයි.
                 නව යාවත්කාලීනය ලබා ගැනීමෙන් අනතුරුව Modern app මුහුනත් සමග   taskbarවල නිරන්තර ‍රැදී සිටීමක් දක්නට ලැබෙන බවට සමහර භාවිතාකරන්නන් අත්දකිමින් සිටින බවට වාර්ථාවන අතර තවමත් Microsoft වෙතින් මේ පිලිබදව පැහැදිලි කිරීමක් සිදුව නැති අතර මෙම යාවත්කාලීනය ස්වංක්‍රීයව මාසික යාවත්කාලීන රටාවට ඔස්සේ ලබා ගන්නට හැකි වනු ඇති බවටයි වාර්ථා වන්නේ.

2014-08-12

Threshold සමග Cortana ද පැමිනෙනු ඇත!!!!

  Windows Threshold වෙතට හදාරන්නන් තබා ඇත්තේ මහත් බලාපොරොත්තුවකි. වඩාත් ශක්තිමත් නම්‍ය මෙහෙයුම් පද්ධතියක පැමිනීමක් පිලිබදව වන එම බලාපොරොත්තුව එලබෙන වසරේ අවසාන භාගයේ වන නිකුතුවක් සමග  ඵල දරනු ඇති බවටයි නොවිසිලිමත් කල් මැරීමේ ඉලක්කයව ඇත්තේ. මෙම වසර අග භාගයේ ‘preview’ release එකක් ලෙසටද පැමිනීමක් පිලිබදව බලාපොරොත්තුවන Windows වල මීලග ප්‍රධාන සංස්කරනය පිලිබදව මේ වන විට විටින් විට කාරනා හෙලි වෙමින් තිබෙනවා. දැනට මත් හෙලිව ඇති තොරතුරු වලට අනූව distinctive new interface, virtual desktops, Charms bar overhaul වැනි අංගයන් පිලිබදව තොරතුරු කියවී ඇති අතර  Threshold ලෙසට වන ආයතනයේ අභ්‍යන්තර සංකේතනාමයකින් සංවර්ධනය වෙමින් ඇති එය සමග Microsoft හි ඩිජිටල් සහයකයා වන Cortanaද සංයුක්තව පැමිනීමේ ඉඩකඩ මේ වන විට හෙලි වෙමින් පවතිනවා. Windows Phone සමග ක්‍රමයෙන් මුදා හැරමින් ඇති මෙම අංගය භාවිතාකරන්නන්ගේ වඩාත් අවධානය ලබාගෙන ඇති බවටයි හෙලි වෙමින් ඇත්තේ. දැනට මසකට දෙවරක් පමන යාවත්කාලීන නිකුත් වෙමින් වේගයෙන් සංවර්ධනය වෙමින් ඇති මෙම app මෘදුකාංගයේ desktop සංස්කරන සමග භාවිතාකරන්නෙකුට වාචිකව මෙන්ම Text ආකාරයටද තොරතුරු සහය ලබා දෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

2014-08-09

Internet Explora 8 2016 ආරම්භයේදී විශ්‍රාම යැවීමට සැලසුම් වේ....

  නිසි පරිදි යාවත්කාලීන කරන ලද මෙන්ම වඩාත් නවීනතම සංස්කරනය භාවිත කිරීම වඩාත්ම සුරක්ෂිත භාවිතාව වේ. එහෙත් පරිගණකයේ සමස්ථ මෘදුකාංග කොටස් අතරින් බ්‍රවුසරය එලෙස නිසිපරිදි පවත්වාගෙන යාම වඩාත් වැදගත් වන්නේ එය නිතරම බාහිරට විවෘතවන මෘදුකාංගයක් මෙන්ම හානිකරන්නන්ගේ වැඩි අවධානයක් නිතරම ලබාගන්නා මෘදුකාංගයක් වන බැවිනි. internet explorer යනු මේ අතරින්ද වඩාත් කැපී පෙනෙන මෘදුකාංගයක් වන්නේ ලොව වැඩිම භාවිතාවක් ලබන මෘදුකාංගයක් වන බැවිනි. Microsoft ආයතනය මේ වන විට නිවේදනය කර සිටිනවා IE 8 සදහා යාවත්කාලීන සැපයීම 2016 ආරම්භයේදී අවසන් වන්නට නියමිත බව. මේ වන විටත් ලොවපුරා භාවිතාවෙන් 20%කට වඩා භාඅවිතාවක් ලබන මෙම මෘදුකාංගය වින්ඩොස් XP සමග ආයතනික මට්ටමේ වැඩි භාවිතාවක් සිදුවන බවටයි නිවේදනය වන්නේ. දැනට නිවේදනය වී ඇති ආකාරයට සැලකීමේදී 2016 වන විට යාවත්කාලීන ලබන අවසාන IE සංස්කරනය 9 බවට පත්වීමට නියමිත අතර දැන IE වල භාවිතාවන නවතම සංස්කරන වන්නේ IE 11 වේ.

2014-08-08

Yahoo හා Goole එක්ව වඩාත් සුරක්ශිත Email සේවාවක් සදහා සූදානමක්!!!!

   තොරතුරු අවකාශය තුල හුවමාරු වන දෑ වල සුරක්ශිත භාවය පිලිබදව මෑත කාලීනව මහත්සේ ප්‍රශ්න කෙරින. රාජ්‍යමට්ටමින් තොරතුරු ‍රැස්කිරීම මෙන්ම ආයතනික මට්ටමින් තොරතුරු ‍රැස්කිරීම පිලිබදව නෙක අයුරින් චෝදනා නන්දෙසට එල්ලවීම බහුලවම සිදුවිනි. මේ වන විට yahoo හා google ආයතනයන් දෙක එක්ව නව වඩාත් සුරක්ශිත email සේවාවක් ඇරබීම පිලිබදව කටයුතු කරමින් සිටීන බවට තොරතුරු හෙලිවෙමින් තිබෙනවා.  PGP එනම් ඊමේල් හුවමාරු කරගන්නන්ගේ උපාංග මතදීම encryption keys තැන්පත් වන මෙම ක්‍රමවේදය තුලදී එම ඊමේල් සේවා සපයන සර්වරයන් මතදීවත් ඒවා නිරාවරනය නොවන අතර භාවිතාකරන්නාහට වඩාත් විස්වාශය තැබිය හැකි සේවාවක් මේ තුලින් ලබා දෙන්නට හැකිවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. එහෙත් මෙම ක්‍රම වේදය තුලදී password reset හැකියාවක් නැති වීම මෙන්ම වඩාත් කුඩා Email සදහා පමනක් හැකිවීම වැනි සීමා ජය ගැනීම සදහා මෙම ආයතන දෙකෙහි හදාරන්නන් එක්ව කටයුතු කරමින් සිටින බවටයි තොරතුරු හෙලි වන්නේ. එලබෙන වසරේ දී අවසන් කිරීමේ ඉලක්කයක් ඇතිව සිදුවන මෙම ව්‍යාපෘතිය පිලිබදව විවිධ ආකාරයේ පක්ෂ මෙන්ම විපක්ෂ මත වාද පලවෙමින් ඇති අතර පසුගිය කාලයේ google වෙතින් සිදුවූ යහපත් කරුනු දක්වීමක් ඔස්සේ නීතියට අපරාධකරුවෙකු හමුවීම වැනි කාරනා හමුවේ තත්වය වඩා විවාදාත්මක වී ඇති බවටයි පෙනෙන්නට ඇත්තේ.

2014-08-07

CryptoLocker සදහා විසඳුමක් පැමිනේ!!!

   CryptoLocker යනු 2013 වසරේදී දැඩි අවධානයක් ලබා ගත් ransomware  ආකාරයේ හානිකරයක් වූවාය. ගොදුරුවන්නාගේ පරිගණකයේ ගොනු අනවසරව encrypt කිරීමක් ඔස්සේ ඇරබෙන මෙම හානිකරය සදහා යොදා ගනු ලබන්නේ  AES-256 bit encryption ආකාරයේ ක්‍රම වේදයකි. හානිය ලබන්නා හට මෙම ගැටලුව නිරාකරනය සදහා අවශ්‍යවන decryption key එක ලබා ගැනීම සදහා ඩොලර් 300ක වටිනා කමක් ඇති බිට්කොයින් ඉල්ලා සිටින අතර අදාල ගෙවීම නොකලවිට හානියට පත් ගොනු කිසිදිනක යතාතත්වයට පත්වීම සිදු නොවීමේ අනතුරට මුහුන දීම සිදුවිනි.
                Fox-IT හා FireEye ආයතනයන්ගේ හදාරන්නන් විසදුමක් නැති ගැටලුවක් සේ පිලිගෙන තිබූ මෙම අභියෝගයට විසදුම් සොයායන්නට ගත් උත්සාහය "Operation Tovar." ලෙසට නම් කරනු ලැබීය. ඔවුන් ලබා ගත් විසඳුම decryption assistance website එක ඔස්සේ නොමිළේ ලබා ගන්නට හැකි වන ලෙසට එලිදක්වා ඇති අතර එහි සේවාව ලබන්නට කැමති වන්නන් තම ආසාධිත ගොනු එම අඩවිය ඔස්සේ upload කරන්නට අවශ්‍ය වන අතර අදාල private key විසඳුම ඊමේලයක් ඔස්සේ ඔහුට ලබා ගන්නට හැකිවන බවටයි පැහැදිලි කරන්නේ. අදාල ගොනු රදවා ගැනීමක් සිදු නොවන බවට ඔවුන් සහතික වන අතර නවතම CryptoLocker සමහර සංස්කරන සදහා තවමත් මෙම ක්‍රම වේදය අදාල නොවන බවටත් පවසා සිටිනවා.
https://www.decryptcryptolocker.com/

තවදුරටත් Digital අනන්‍යතාවය සැගවීමට උත්සාහ කිරීම නිෂ්පල කාරනාවකි!!

  ....සමහර වෙලාවට අපි හිතනවට වඩා වේගයෙන් තොරතුරු ලෝකය අපව වෙලා ගන්නවා.හිතන්න ඔබ උසස් අධ්‍යාපන ආයතනයක සිසුවෙක් කියලා. කලාතුරකින් කෙනෙක් හැටියට ඔබ ප්‍රතිපත්තියක් රකිනවා Online ආකාරයට කිසිම අනන්‍යතාවයක් ගොඩනගා නොගන්නා කෙනෙක් වීමට. ඔබේ මිතුරන් සමාජ ජාලාවලට යන එනවා ඔබ කිසිසේත්ම යන්නෙ නැහැ. ඔවුන් ක්ශනික පනිවිඬ සේවාවන් භාවිතාකරනවා ඔබ නැහැ. අඩුතරමින් E-mail ගිනුමක් වත් නිර්මානය කර ගන්නේ නැහැ. කොටින්ම හරිම අස්වාභාවික කෙනෙක් වෙමින් ඔබ දත්ත උපාංගයකට පිවිසෙන්නේවත් නැහැ. හොඳයි , දැන් ඔබ සන්තෝසයෙන් ඉන්නවා ඔබේ අනන්‍යතාවය ඉලෙක්ට්‍රොනික ගොදුරක් බවට පත්වෙන්නට ඉඩ නොදුන් ස්වභාව රකිනා කෙනෙක් හැටියට.
                    මේ ආකාරයට කාලය ගත කරමින් සිටි ඔබ වසර ගනනාවකට පස්සේ ‍රැකියා ස්ථානයේ යම් අවශ්‍ය තාවයක් නිසාම සිදුවෙනවා Profile එකක් නිර්මානය කරන්න. සරලව හිතමු Email ගිනුමක් පමනයි කියලා. පසුව වෙලාවක ඔබ නිකමට මෙන් සෙවුම් යන්ත්‍රයක ඔබගේ නම සටහන් කරලා බලනවා හරිම දක්ශ විදිහට ඔබගේ අනන්‍යතාවය ඉලෙක්ට්‍රොනික කර නොගත් පිරිසිදු මිනිහෙක්ය කියන සතුටින්.ඒත් සෙයුම් ප්‍රතිපල දකින විට ඔබ පුදුමයට පත්වේවි. සෙයුම් ප්‍රථිපල පි‍ටු දෙක තුනක්ම පිරෙන්නට විවිධ අවස්ථාවලට සම්බන්දිතව ඔබ ගැන තොරතුරු Text ආකාරයට Image ආකාරයට මෙන්ම  Videos ලෙසට එහි තිබෙනවා. ඒක හරියට ඔබ ඔබගේ සිරුරේ ප්‍රමානයට සකස්කරගත් වීදුරු කුටියක සිටියා වගේ වේවි. ඔබම සම්බන්ද නොවූවත් ඔබගේ අධ්‍යාපන ආයතනය , හිතමිතුරන් අතින් , ඔබගේ නගරයේ සමාජ කටයුතු ආයතන ඔස්සේ ඔබ ගැන තොරතුරු විශාල ප්‍රමානයක් අන්තර්ජාල ගතව තිබෙනු දකිනවිට ඔබගේ සැගවීම ඔබට පමනක් සැගවිමක්වීම ගැන කනගා‍ටු සිතේවි. ඔබගේ අධ්‍යාපන ආයතනයේ සිටම විවිධ අවස්ථාවලදී ඔබගේ තොරතුරු Text හැටියට ඒ වෙතට පැමින තියේවි, උපාධි ලබන්නන්ගේ සමූහ ඡායාරුවේසිට විවිධ අවස්ථාවලදී ඔබගේ මුහුනුවර නම් වෙමින් එහි පැමින තියේවි. මම යෝජනා කරන්නේ මේක අස්වාභාවික රටාවක් නොවේ කියන එකයි.  ඔබ කැමති උනත් නැතත් ඒ රටවන් ගලාගෙන යනවා. ඔබට පුලුවන් වෙන්නේ හැකි නිවැරදිම ආකාරයට ඒවා නඩංතුවට කටයුතු කිරීම පමනයි.....

2014-08-06

.Microsoft සමාගම "touching a screen" දෙසට වඩාත් අවධානය....

  Microsoft සමාගම පවසන්නේ භාවිතාකරන්නගේ ස්පර්ශක තිර අන්තර්ක්‍රියාව වෙතට ඇති අත්දැකීම වඩාත් අපූර්ව කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි. භාවිතාකරන්නෙකු තම දත්ත උපාංගයසමග කටයුතු කරන ආකාරය පසුගිය දශක කිහිපය තුල වඩාත් විවිධ ස්වරූපයන් දක්වා වර්ධනය වී ඇති අතර eye-tracking, voice control වැනි විවිධ ක්‍රම වේද ඔස්සේ එය ඉදිරියට පැමින තිබෙනවා. එහෙත් "touching a screen" බව තරම් සංවේදී අත්දැකීමක් අන්නට තවමත් අනෙකුත් ක්‍රම වේදවලට හැකිව නැති බවටයි හදාරන්නන් පවසන්නේ. ආයතනය යෝජනා කරන්නේ වඩාත් කාර්යක්ශම මෙන්ම වින්දනීය අත්දැකීමක් බවට පත්කරන්නට ස්පර්ශක තිර භාවිතය පිලිබදව තම හැදෑරීම් වඩාත් සිදුවෙමින් පවතින බවයි. උදාහරනයක් ලෙසට  Nokia Lumia 520  සමග standard glass ඉවත්කරන්නට ඔවුන් කටයුතු කල අතර ඒ වෙනුවට piezoelectric actuators ගෙනෙන්නට කටයු‍ටු කල අතර භාවිතාකරන්නා ඒමත ස්පර්ශකරන විට ඇගිලි තුඩුව මද නෙරායාමක් ලබමින් වඩාත් දැනීමක් ලැබෙන අත්දැකීමකට ගෙනෙන්නට සමත් කරනු ලැබුවා. ආයත්නය හෙලි කරන්නේ මෙවන් haptic feedback ඔස්සේ භාවිතාකරන්නා හුදු flat ස්ක්‍රීනයක් සමග ක්‍රියාකරනවිටට වඩා කාරයක්ශමතාවයක් මෙන්ම නිවැරදි බවක් ලබා ගන්නා බව තමන් අත්දකිමින් ඇති බවයි. තිරය මත තොරා ගත් කොටස් වලදී වඩාත් smoother බවක් , vibrate වල වෙනස් බවක්, වැනි විවිධ ආකරවල අත්දැකීම් ඔස්සේ මෙම අත්හදා බැලීම් සිදුවන බවටයි පැහැදිලි  වන්නේ. එලබෙන යුගයේදී  '3D Touch' වැනි නව දිශාවන් වෙතට තම අවධානය යොමුකරමින් වඩාත් වින්දනීය අත්දැකීම් ඔස්සේ ස්පර්ශක තිර දියුනු කරන්නට සැලසුම්ව ඇති බවටයි මේ වන විට හෙලි වන්නේ.

Threshold සමග virtual desktops හා නොමිළේ upgrading හැකියාවක්?

  Threshold සමග Microsoft සමාගම windows XP හෝ 7 ආකෘතිය දෙසටම නොව Desktop භාවිතාවට windoas 8 වලට වඩා සාධාරන වන වෙනත් මගකට යොමුවන්නට සැලසුම් වෙමින් ඇති බවටයි තොරතුරු අනුමානනය වන්නේ. ආයතනය තුල තවමත් සංවර්ධනය වෙමින් ඇති සංස්කරනයක් ලෙසට සැලකෙන මෙම නිකුතුව සමග virtual desktops පහසුවක් පැමිනීමේ ඉඩකඩක් පිලිබදව මේ වන විට යෝජනා වෙමින් තිබෙනවා. Ubuntu මෙන්ම  OS X තලයන්හි දැනටමත් භාවිතාවන අංගයක් වන මෙම virtual desktops සදහා taskbar වල වන බටනයක් සමග පහසුවෙන් පිවිසීමේ හැකියාවක් පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුව වනවා. මෙම  multiple “desktops” පහසුව සමග භාවිතාකරන්නෙකුට එකවර apps වැඩි ප්‍රමානයක් විවෘතව තබාගනිමින් කටයුතු කරන්නට මෙන්ම පහසුවෙන් ඒවා අතර හුවමාරු වන්නට හැකි වනු ඇති බවටයි හෙලි වන්නේ. එසේම Microsoft වල මෙම මීලග ප්‍රධාන සංස්කරනය Windows XP,7 සදහා නොමිළේ ලබා ගත හැකි  upgrading  පහසුවක් වීමට ඉඩ ඇති බවට ද තොරතුරු හෙලි වෙමින් ඇති අතර දැනට ගැටලුවක්ව ඇති XP භාවිතාවෙන් ඉදිරියට පැමිනෙන්නට එය උත්තේජකයක් ලෙසට බලපානු ඇති බවට ආයතනය බලාපොරොත්තු වනු ඇති බවටයි කරුනු පැවසෙන්නේ.

2014-08-04

Gmail තොරතුරු ඔස්සේ sex offender අත්වඩංගුවට!!!

  Microsoft නැතිනම් Google වැනි ආයතන හුදූ වෙළඳ අරමුනු ඔස්සේ පමනක් ක්‍රියාත්මකවිම ගැටලුකාරී විය හැකි යුගයකට අප එලබෙමින් සිටින්නෙමු. ලොව පුරා වෙසෙන බිලියන ගනනක භාවිතාකරන්නන්ගේ පෞද්ගලික , ව්‍යාපාරික , සමාජීය වැනි විවිධ අවකාශයන් ඔස්සේ ඔවුන්ගේ මෙහෙයවීම් තීරනාත්මක වෙමින් තිබේ. තත්වය එසේ වන විට නෛතික, සදාචාරාත්මක වගකීම් වලින් ඔවුන් මග හැරීම ව්‍යසනයක් දක්වා බලපාන සාධකයක් විය හැක. Google ආයතනය වෙතින් පලවන නවතම පුවතක් හෙලි කර සිටින්නේ ඔවුන්ගේ ඊමේල් සේවාව භාවිතාකරන්නෙකු විසින්  child pornography හා සම්බන්දිත Email කිහිපයක් පිලිබදව ඔහුගේ Gmail වල inbox වෙතින් හමුවීමෙන් පසු Houston police department වෙතට දන්වා සිටින්නට කටයුතු කිරීමේ ප්‍රථිපලයක් ලෙසට එම පුද්ගලයා අත්වඩංගුවට ගැනීමට කටයුතු කොට ඇති බවයි. අදාල පොලිස් මෙහෙයුමේදී එම පුද්ගලයාගේ පරිගණකයේ  locally තිබූ ඡයාරූ කිහිපයක්ද සොයා ගන්නට සමත්වූ බවයි. Microsoft මෙන්ම Google පමනක් නොව FBI ආයතනයද  automated image scanning  ඔසේ නිරන්තරයෙන් අවධානයෙන් සිටීම සිදුවන අතර මෙම ආයතනයන් අතර එම තොරතුරු පිලිබදව සහයෝගයෙන් කටයුතු කරන බවටයි වාර්ථා වෙන්නේ.

2014-08-02

5Tbps දත්ත වෙගයක් සාර්ථකව අත්හදා බැලේ...

 Technical University of Denmark (DTU) නිවේදනය කරන්නනේ තම පවතින තාක්ශනික තත්වයන් මතම තප්පරයකට ටෙරා බයිට පහක වේගයක් සහිත දත්ත සබදතාවයක් අත්හදා බලන්නට සමත්ව ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ fiber optic cable හා laser transmitter වලින් සමන්විතව තමන් කල අත්හදාබැලීම් සාර්තක බවයි.  සාමාන්‍ය භාවිතාකරන්නෙකු සදහා නම් අනවශ්‍ය වේගයක් සහිත වනු  ඇති බවට බලාපොරොත්තු වන මෙම සාර්ථකත්වය 43 Tbps දක්වා දියුනු කිරීමේ හැකියාවක් වන බවටයි වැඩි දුරටත් පැහැදිලි වන්නේ.  ISPවරුන් සදහා නම් වැඩි සබදතා ප්‍රමානයක් සැපයිය හැකි වැඩි දත්ත ප්‍රමානයක් ලබා දිය හැකි මෙම දියුනු කිරීම ප්‍රයෝජනවත් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. ක්‍රමයෙන් වැඩි වෙමින් ඇති දත්ත භාවිතාව සංසිඳවන්නට පහසුවක් වනු ඇති බවට බලාපොරොත්තුවන මෙම පැමිනීම තොරතුරු භාවිතාව පැතිරීමට පැහැදිලි සහයක් වනු ඇති බවට බලාපොරොත්තු වනවා.

"August Update" මෙම මස 12 නිකුත්වේවි!!!

  Windows 8 සදහා පැමිනෙන මීලග අනු ප්‍රධාන යාවත්කාලීනය update 2 ලෙසට නොව "August Update" ලෙසට නම්වෙනු ඇති බවටයි මේ වන විට තොරතුරු හෙලි වෙමින් ඇත්තේ. හදාරන්නන් බලාපොරොත්තුවූ පරිදි විශාල වෙනස්කම් ප්‍රමානයක් නොගෙනෙන යාවත්කාලීනයක් ලෙසට මෙම නිකුතුව පිලිබදව බලාපොරොත්තුවූවද නොනිල තොරතුරු වැඩි දුරටත් අනුමාන කරන්නේ පෙරදී Threshold නැතිනම් මීලග ප්‍රධාන windows සංස්කරනය සමග පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුවූ Start menuව මෙම නිකුතුවට අඩංගුවීමේ ඉඩක් ඇති බවකි. මයික්‍රසොෆ්ට් සමාගමට තම මෙහෙයුම් පද්ධතිය desktop භාවිතාවකදී windos 7 හා සමාන ස්වරූපයකට ගෙන එන්නට උත්සාහකරමින් සිටින අතර ඉදිරියේ පැමිනෙන ප්‍රධාන සංස්කරනයත් සමග එකම මෙහෙයුම් පද්ධතියක් වුවත් ස්ථාපනය කරන උපාංගය අනූව වඩාත් හිතකර අංගයන් ක්‍රියාත්මක වෙමින් භාවිතාකරන්නාහට වඩාත් පහසු නම්‍ය පරිසරයක් ගෙනෙනු ඇති බවට බලාපොරොත්තුවෙමින් තිබෙනවා.මෙම August Update සමග සමස්තයක් ලෙසට ඒතරම් කැපී නොපෙනෙන UI දියුනුකිරීම් කිහිපයක් සමන්විත වනු ඇති බවට තොරතුරු පවසන අතර එය මේ  මස 12 දින පැමිනෙනු ඇති බවටයි අපේක්ෂාව වන්නේ.

2014-08-01

USB සබඳතාවය පහසුව මෙන්ම Malware ගෙන ඒමේ අවධානමක්!!!

  USB සබඳතාවය තොරතුරු ලෝකයේ බහුලතම භාවිතාවකි. Keyboard , Mouse වල සිට බොහෝ උපාංග පැමිනෙන්නේ USB සබඳතාවයක් සමග වීමට පහසු සම්බන්දතා හැකියාව මෙන්ම බොහොමයක් උපාංග සමග  USB කවුලු පැමිනීම හේතුවනවා විය යුතුය. පලවන නවතම වාර්ථාවක් හෙලිකර සිටින්නේ මෙම USB සබඳතාවය පහසුවෙන් හානිකර කටයුතු සදහාද යොදා ගැනීමේ හැකියාවක් පවතින බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ ඔනෑම USB උපාංගයක් සමගම එන  controller chip පත සමග ඇති firmware වලට reprogrammed ඔස්සේ මෙම හානිකර බව ලබා දෙන්නට හැකි වන බවකි. මෙම ආසාධිත controller chips සහිත උපාංගයක් පරිගණකයට සම්බන්ද කල විට එය විසින් එම උපකරනයට සම්බන්දව ඇති අනෙකුත් USB සබදතා වල firmware වලටද මෙම Malware බව පැතිරවීම ඔස්සේ මෙම ආසාධිත බව පහසුවෙන් පැතිරවිය හැකි බවකි. ඔවුන් වැඩි දුරටත් පැහැදිලි කරන්නේ මෙම හානිකර බව network card  වලට පිවිස පරිගණකයේ  DNS setting වල වෙනස්කම් දක්වා  වර්ධනය විය හැකි බවකි. එසේම Malware scanners ඔස්සේ මෙම හානිකර බව හඳුනාගන්නට නොහැකි බවත් ආසාධිත උපාංගයක් USB ඔස්සේ සම්බන්ද කල විට පරිගණකය එය හඳුනා ගන්නේ නව usb උපාංගයක් සම්බන්දවීමක් ලෙසට වන බවත්ය. තවමත් නිශ්චිත විසඳුමක් නැති ගැටලුවක් හැටියට මෙම අවධානම වර්ග කොට තිබෙනවා.

Cyber Attacks නිරන්තරයෙන් සූදානමින් ..

බොහෝ සයිබර් අනතුරු වල පදනම වන්නේ ඔබගේ නොසලකා හැරීම් හා අතපසු කිරීම් බවටයි හදාරන්නන්ගේ ප්‍රමුක මතයක් වන්නේ. ඔබගේ හෝ ආයතනයේ අවශ්‍ය තාක්ෂණික පහ...