Microsoft වල ප්‍රධාන මෙහෙයුම් පද්ධතියේ මීලග සංස්කරනයේ පෙර නිකුතුවක් එලබෙන සැප්තැම්බර 30 දා වන විට නිවේදනය කරන්නට සූදානම් වෙමින් ඇති බවටයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ. අනුමානනය වෙමින් ඇති ආකාරයට මෙම සංස්කරනය සමග සමහර අංගයන් නොපැමිනීමක් හා එහි පසු සංස්කරන සමග ඒවා නිකුතුවට ඉඩ ඇති බවක්ද ප්‍රකාශ වෙමින් තිබෙනවා. වින්ඩෝස් 8 සමග මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරී මට්ටමේ සිට දෘශ්‍ය තලයන් දක්වා තීරනාත්මක වෙනස්කම් රාශියන් ගෙනෙන්නට ඔවුන් කටයුතු කර තිබූ අතර පරිගණකයේ Boot වීමේ ක්‍රියාවලියේ සිට UI දක්වාම මෙම වෙනස් කම් දක්නට විය. පසුව පැමිනි අනු සංස්කරන සමග සමහරක් Tablet මිත්‍ර සමහර අංග සදහා යලිත් Desktop මිත්‍ර ස්වභාවයන් කටයුතු කරන්නට එම ආයතනය කටයුතු කල අතර මෙම නව සංස්කරනය සමග යලිත් අහිමිකල Start මෙනුවේ වෙනස් සංස්කරනයක් පැමිනෙන බවටද ඉගි කරනු ලැබුවා. ආන්තුරුව පැමිනි සමහර තොරතුරු කියා පෑවේ charms bar අංගයද එහි ඩෙස්ක් ටොප් සංස්කරනයෙන් ඉවත් කරන්නට කටයුතු කරමින් සිටින බවකි. සමස්තයක් ලෙසට මෙම නව සංස්කරන සමග Xbox , Phone , මෙහෙයුම් පද්ධති සංස්කරන සමග යා වීමක් රැගෙන එනු ඇති බවට ද බලාපොරොත්තුවක් වනවා
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...