Showing posts with label Nexus. Show all posts
Showing posts with label Nexus. Show all posts

2013-12-09

එලබෙන වසරේ Google වෙතින් Nexus TV Box එකක්.....

  වසර 2011 වන විට ගූගල් ආයතනය පවසා සිටියේ 2012 වන විට වෙළඳ පොල වෙත එන රූපවාහිනී යන්ත්‍ර වලින් බහුතරයක් Google TV සහිතව පැමිනෙනු ඇති බවටයි.දෙවසරක් ගතවී ඇතිද තවමත් ඔවුනගේ බලාපොරොත්තු ඉ‍ටුව නැති  නමුත් මෙම වසර මුල් භාගයේදී Chromecast dongle අඩු මිලැති උපාංගයක් පමනක් නිකුත්වීම සිදුවිනි.පසුව ආයතනය පවසා සිටියේ මෙම chromecast dongle උපාංගය වෙතට පැමිනෙන යාවත්කාලීනයක් (Update) සමග එය Google TV වෙතට සහය දක්වන තත්වයට පත්වනු ඇති බවකි. නැවත මෑතකදී ආයතනය පවසා සිටියේ තමන් Google TV යන්න Android TV ලෙසට නැවත නම් කරන්නට තිර්ර්නය කර ඇති බව වන අතර Android නාමය වෙත ස්මාර්ට් දුරකථන ලෝකය ඔස්සේ පැමින ඇති ප්‍රසාදය එහිදී ඔවුන් ප්‍රයෝජනයට ගන්නට උත්සාහ කරන බවකි දක්නට ලැබුනේ.
                                    පලවන නවතම පුවතක් පවසන්නේ ආයතනය තම මුලුතැන්ගෙය වෙත පිවිසීමේ ක්‍රමවේදයට නව මුහුනු වරක් දෙමින්  Nexus-branded   යටතේ නිකුත්වන  set-top box  එකක් එලබෙන වසරේ මුල් භාගයේ නිකුත්කරන්නට කටයුතු කරන බවකි. මෙම Nexus TV සමග video calls මෙන්ම streaming video services එකකද හා Android gamming පහසුවක්ද පැමිනෙන්නට නියමිත බවටයි බලාපොරොත්තුව වන්නේ.

2013-11-01

Android version 4.4 සමග Nexus 5 නිල ලෙස නිවේදනය වේ!!!!

  මේ වන විට ගූගල් ආයතනය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිවල මීලග සංස්කරනය මෙන්ම ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වල මීලග සංස්කරනයද නිල ලෙස නිවේදනය කර තිබෙනවා.ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් මෙහෙයුම් පද්ධතියේ මීලග සංස්කරනය Android version 4.4 නොහොත් Kitkat ලෙසට නම් වන අතර දුරකථනය Nexus 5 ලෙසට නම්කර සිටින්න ඔවුන් කටයුතු කර තිබෙනවා.දුරකථනය මේ වන විට Google Play online store වෙතින් ලබා ගන්නට හැකියාව පවතිනවා.නව මෙහෙයුම් පද්ධතිය සමග නවාංග කිහිපයක් පැමින ඇති බවට ප්‍රකාශ වන අතර SMS MMS සමග පහසුවෙන් කටයුතු කල හැකි Hangouts app මෙන්ම පහසු ebook කියවීමකට සහය වන Immersive mode සමග තවත් අංග කිහිපයක්ම එම ආයතනය විසින් පෙන්වා දෙමින් සිටිනවා.ඔවුන් අවධාරනය කර සිටින අංග අතර නව මෙහෙයුම් පද්ධතිය මෙගා බයිට 512ක ‍රැම් මතකයක් සමග පවා පහසුවෙන් ක්‍රියාත්මක වන බව දැක්වෙනවා.ආයතනය පවසන්නේ Nexus 4, 7, 10 , Samsung Galaxy S4 , මෙන්ම HTC One  සදහා තම මෙහෙයුම් පද්ධති Android version 4.4 දක්වා ඉහල නංවා ගැනීමට එලබෙන සතිවල සිට හැකි වනු ඇති බවටයි නිවේදනය වන්නේ.
    නව Nexus 5 දුරකථනය ගිගා බයිට 16 හා 32 ලෙසට ඩොලර් 349 හා 399 මිලෙන් යුතුව නිකුත්ව ඇති අතර අඟල් 4.95 තිරයකින් සමන්විතව හා Qualcomm 2.3GHz Snapdragon 800 ප්‍රොසෙසරයක් සමග නිකුත්ව තිබෙනවා.මෙගා පික්සල 8ක පසුපස කැමරාවක් මෙන්ම ගිගා බයිට 2ක ‍රැම් මතකයක්ද එහි වන බවටයි වැඩි දුරටත් දැක්වෙන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...