Showing posts with label security. Show all posts
Showing posts with label security. Show all posts

2022-01-15

ANDROID සදහා සරල ආරක්ශක පියවර 3ක්.

ANDROID යනු බහුලතම මොබයිල් මෙහෙයුම් පද්ධති භාවිතාවයි. ඒ නිසාම එම මෙහෙයුම් පද්ධතිය සමග වන සරල සැකසුම් කිහිපයක් ඔස්සේ ඔබගේ සුරක්ෂිත බව තහවුරු කරගැනීම වැදගත් වනු ඇත. auto-sleep තේරීම සංක්‍රීයකර දුරකථනය මත ඔබගේ මෙහෙයුමක් නොලැබෙන විට ඉතා කෙටිකාලයකින් ඒ සදහා පිවිසෙන්නට සූදානම් කොට තැබීම වැදගත් වන්නේ ඔබගේ ඒ ප්‍රමාදය ඔස්සේ තවකෙකුට ඔබගේ දුරකථනය වෙතට පිවිසෙන්නට නොහැකි වන්නට එය හේතුවන බැවිනි.
  අනෙක් වැදගත් අංගයක් නම් "Notification Settings" ඔස්සේ පිවිස Silence your notifications ආකාරයට සැකසුම් තැබීමයි.ඒ ඔස්සේ අනෙකෙකුට ඔබගේ දුරකථනයෙන් එන notifications වෙතට අනවසරව පිවිසෙන්නට වන අවස්ථාව අහිමි වනු ඇති. එසේම fingerprint නැතිනම් face හැකියාවල් ඔස්සේ දුරකථනය ආරශිතව තැබීම වැදගත් වන්නේ තවකෙකුට දුරකථනය වෙතට අනවසර පිවිසීමක් වීමට අවස්ථාව නොතැබීමයි. අවසර පදයක් භාවිතාකරන්නේ නම් එය සංකීර්න මෙන්ම තවකෙකුට උපකල්පනයට අපහසු එකක් ව තැබීම වැදගත් වනු ඇති.
Pubudu Siriwansa
Parigankaya.Com


 

2014-11-19

Whatsapp වෙතට end to end ආකාරයට encryption පැමිනේ.....

   NSA සිදුවීම තොරතුරු ලෝකය මතට අවධියක් ගෙනෙන්නට කටයුතු කෙරෙනි. Edward Snowden ගේ හෙලිදරව්වක මූලිකව  ඇරබුනු මෙම සිද්ධිය තොරතුරු ලොකයේ ප්‍රථම අනවසරව දත්ත ‍රැස්කීර්ම මත පදනම් නොවූවද එය බොහෝ දෙනාගේ අවධානය ලබා ගන්නට සමත්විය. තොරතුරු තාක්ෂනයට සම්බන්ද ප්‍රධාන පෙලේ ආයතනයන් සියල්ලම තම සේවාවල් ඔස්සේ ගමන් කෙරෙන භාවිතාකරන්නන්ගේ දත්ත ගොනු වල ආරක්ශාව පිලිබදව වඩාත් විමසිලිමත් වීම ඇරබිනි. රාජ්‍ය ආරක්ශාව, අපරාධකරුවන්ගේ සැලසුම් ආදිය සැලකිලිමත්වීම වැනි කාරනා ඔස්සේ පැමිනි පිලිගත යුතු කාරනාද සමග අනවශ්‍ය ලෙසට භාවිතාකරන්නන්ගේ තොරතුරු ‍රැස්කිරීමට විරෝධයද දෙපසින් නැගෙන්නට විය.
                තොරතුරු වැඩියෙන් encryptionව තබා ගැනීම පිලිබදව එක් සාර්ථක විසඳුමක් ලෙසට හදාරන්නන් යෝජන කරන්නට වූ අතර මේ පිලිබදව බොහෝ ආයතනයන්ගේ අවධානය ලබා ගත් බවක්ද පෙනිනි. මේ අතර Facebook ආයතනය නිවේදනය කරන්නේ තමන් මෑතකදී මිලදී ගත් Whatsapp  ඔස්සේ හුවමාරුවන සියලු messages, end to end ආකරයට encryptionව තබන්නට අවශ්‍ය කටයුතු Open Whisper Systems සමග කරමින් සිටින බවකි. ඒ අනූව දත්ත servers අතර online ආකාරයට ගමන්කරද්දී සේම devices වල ගබඩාව පවතින අතර තුරදීද මෙම encryption පැවතීම සිදුවනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ.

2014-11-13

US Weather systems වෙතට Chinese hackers අනවසර පිවිසීමක්...

   තොරතුරු තාක්ෂණය තවදුරටත් හුදකලා භාවිතාවක් නොවීම සාමාන්‍ය කරුනකි. එය සාමාන්‍ය පුද්ගල ජීවිතයට මෙන්ම සාමානය සමාජ ජීවිතයමතටද තීරනාත්මක බලපෑමක් ගෙනෙත හැකි දෛනික අත්‍යාවශ්‍ය භාවිතාවක් වී ඇති බව පිලිබදව කිසිදු තර්කයක් නැති තරම්ය. විටක බහුලව භාවිතාවන මෙහෙයුම් පද්ධතියක නැතිනම් බ්‍රවුසරයක වන දුර්වලතාවයදී ජාතික මට්ටමේ අනතුරු ඇගවිමක් ගෙනෙන්නට සමහර රජයන්ට සිදු වන්නේ එබැවිනි. 
               පලවන නවතම පුවතක් විස්තර කරන්නේ  Chinese hackers ක්‍රියාකාරකමක් ඔස්සේ එක්සත් ජනපදයේ National Weather Service වෙතට සාර්ථක පිවිසීමක් සිදුව ඇති බවකි. ගෙවී ගිය September සිට සිදුව ඇතිබවට විස්වාස කරන මෙම ක්‍රියාව පිලිබදව පලමු හෙලි දරව්ව මෙම මාසයේ සිදුව ඇති බවටයි විස්තර කෙරෙන්නේ. network server ඔස්සේ ඇරබි ඇතැයි සැලකෙන මෙහිදී පසුව ක්‍රමයෙන් අනෙකුත් පරිගණක කරා පිවිසුම පැතිර ඇති බව විස්තර කෙරෙනවා. නිකුත්ව ඇති වාර්ථාවලින්  malicious software පැතිරවීමක් හෝ දත්ත පැහැර ගැනීමක් විස්තර නොකෙරෙන අතර සිදුවීමේ බරපතාල බවක් පිලිබදවද තොරතුරු තවම හෙලි නොවන බවටයි සටහන් වන්නේ.

2014-11-08

ලොව පුරා වන IP camera 73000ක දර්ශන වෙබ් අඩවියකට.....

  භාවිතාකරන්නන්ගේ නොසැලකිල්ල තොරතුරු තාක්ශනික ගැටලු නිර්මානය කර ගැනීමේදී ප්‍රධාන සාධකයක්ව බලපාමින් ඇති බව සාධනය කරන පුවතක් මෑතකදී පල වූවා. එයින් පැවසුනේ ලොව පුරා භාවිතාවන 73,000 IP cameras ඔස්සේ පැමිනෙන සජීවී දර්ශන වෙබ් අඩවියක් ඔස්සේ ප්‍රසිද්ධ කිරීම සමගයි. වෙබ් අඩවියේ නිර්මානය කලවුන් පවසා සිටියේ මෙම පද්ධතිවල default passwords වෙනස් කරන්නට ඒවා පවත්වාගෙන යන්නන් අවධානය යොමු නොකිරීම නිසා පහසුවෙන්ම බාහිර පාර්ශ්ව වලට සජීවී දර්ශන කරා පැමිනීමේ හැකියාවක් ලැබෙන බවයි. ඔවුන් ඇමරිකාවෙන් පමනක්  11,000 ක් , කොරියාවෙන් 6500, මෙන්ම චීනයෙන් 5000 පමන කැමරා ඔස්සේ මෙම දර්ශන ලබා ගන්නට කටයුතු කොට තිබුනා. මේවා අතර කර්මාන්තශාලා , මාවත් වල පමනක් නොව නිදන කාබරවල වල වන කැමරා වලින් එන දර්ශනයන්ද වනවා. නීති විශාරදයෙක් මේ පිලිබදව අදහස් දක්වමින් පවසා සිටියේ මෙම අඩවිය Computer Fraud and Abuse Act (CFAA) පැහැදිලිවම ඉක්මවා යාමක් වන බවයි.තත්වය එසේ වූවත් තාක්ශනවේදීන් පවසන්නේ මෙසේ වන සරල මට්ටමේ නොසලකා හැරිම් ඔස්සේ භාවිතාකරන්නන් අපහසුතාවයට පත්වීම සුලබව සිදුවෙමින් ඇති බවයි.

2014-11-05

Windows 10 සමග Two-factor authentication ද පැමිනෙනු ඇත.

   Windows 10 සමග පැමිනෙන්නට නියමිත නෙක ආකාරයේ නව දෑ සමග Two-factor authentication ද වනු ඇති බවට බලපොරොත්තු වනවා. උපාංගයේ භවිතාකරන්නාගේ අනන්‍යතාවය තහවුරුව ඔස්සේ ඔහුගේ තොරතුරු වඩාත් සුරක්ෂිත කරදීම සදහා මෙහෙයුම් පද්ධති සමග නෙක ආකාරයේ උපංක්‍රම කලින් කලට පැමිනි අතර Windows 8 සමග Imageයක් මත කරන ස්පර්ශ රටවක් ඔස්සේ තම අවසර පදය නිර්මානය කරගන්නට භාවිතාකරන්නා හට අවස්ථාවක් ලබා දෙන ලදී.
                                                 Two-factor authentication ක්‍රම වේදය මෑතකදී බොහෝ Online සේවා සමගද හදුන්වා දෙන්නට කටයුතු කරන ලද අතර Gmail, Yahoo වැනි E-මෛල් සේවාවන් සදහා බහුලව භාවිතාවන්නක් වේ. windows 10 උපාංගයක් සමගදී සිදුවන ආකාරය පැහැදිලි කෙරෙන්නේ එම මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන ලද පරිගණකයක් සමග Smart Phone එකක් register කරන්නට අවස්ථාව ලැබෙන අතර ඊට පසුව මෙහෙයුම් පද්ධතියට පිවිසෙන්නට උත්සාහ කිරීමේදී මෙම දෙවන තලයේ අනන්‍යතා තහවුරුව සදහා Wi-Fi හෝ Bluetooth වැනි සබදතාවයක් ඔස්සේ තහවුරුවක් ලැබෙනු ඇති බවටයි  විස්තර කෙරෙන්නේ.

2014-08-07

CryptoLocker සදහා විසඳුමක් පැමිනේ!!!

   CryptoLocker යනු 2013 වසරේදී දැඩි අවධානයක් ලබා ගත් ransomware  ආකාරයේ හානිකරයක් වූවාය. ගොදුරුවන්නාගේ පරිගණකයේ ගොනු අනවසරව encrypt කිරීමක් ඔස්සේ ඇරබෙන මෙම හානිකරය සදහා යොදා ගනු ලබන්නේ  AES-256 bit encryption ආකාරයේ ක්‍රම වේදයකි. හානිය ලබන්නා හට මෙම ගැටලුව නිරාකරනය සදහා අවශ්‍යවන decryption key එක ලබා ගැනීම සදහා ඩොලර් 300ක වටිනා කමක් ඇති බිට්කොයින් ඉල්ලා සිටින අතර අදාල ගෙවීම නොකලවිට හානියට පත් ගොනු කිසිදිනක යතාතත්වයට පත්වීම සිදු නොවීමේ අනතුරට මුහුන දීම සිදුවිනි.
                Fox-IT හා FireEye ආයතනයන්ගේ හදාරන්නන් විසදුමක් නැති ගැටලුවක් සේ පිලිගෙන තිබූ මෙම අභියෝගයට විසදුම් සොයායන්නට ගත් උත්සාහය "Operation Tovar." ලෙසට නම් කරනු ලැබීය. ඔවුන් ලබා ගත් විසඳුම decryption assistance website එක ඔස්සේ නොමිළේ ලබා ගන්නට හැකි වන ලෙසට එලිදක්වා ඇති අතර එහි සේවාව ලබන්නට කැමති වන්නන් තම ආසාධිත ගොනු එම අඩවිය ඔස්සේ upload කරන්නට අවශ්‍ය වන අතර අදාල private key විසඳුම ඊමේලයක් ඔස්සේ ඔහුට ලබා ගන්නට හැකිවන බවටයි පැහැදිලි කරන්නේ. අදාල ගොනු රදවා ගැනීමක් සිදු නොවන බවට ඔවුන් සහතික වන අතර නවතම CryptoLocker සමහර සංස්කරන සදහා තවමත් මෙම ක්‍රම වේදය අදාල නොවන බවටත් පවසා සිටිනවා.
https://www.decryptcryptolocker.com/

2014-08-01

USB සබඳතාවය පහසුව මෙන්ම Malware ගෙන ඒමේ අවධානමක්!!!

  USB සබඳතාවය තොරතුරු ලෝකයේ බහුලතම භාවිතාවකි. Keyboard , Mouse වල සිට බොහෝ උපාංග පැමිනෙන්නේ USB සබඳතාවයක් සමග වීමට පහසු සම්බන්දතා හැකියාව මෙන්ම බොහොමයක් උපාංග සමග  USB කවුලු පැමිනීම හේතුවනවා විය යුතුය. පලවන නවතම වාර්ථාවක් හෙලිකර සිටින්නේ මෙම USB සබඳතාවය පහසුවෙන් හානිකර කටයුතු සදහාද යොදා ගැනීමේ හැකියාවක් පවතින බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ ඔනෑම USB උපාංගයක් සමගම එන  controller chip පත සමග ඇති firmware වලට reprogrammed ඔස්සේ මෙම හානිකර බව ලබා දෙන්නට හැකි වන බවකි. මෙම ආසාධිත controller chips සහිත උපාංගයක් පරිගණකයට සම්බන්ද කල විට එය විසින් එම උපකරනයට සම්බන්දව ඇති අනෙකුත් USB සබදතා වල firmware වලටද මෙම Malware බව පැතිරවීම ඔස්සේ මෙම ආසාධිත බව පහසුවෙන් පැතිරවිය හැකි බවකි. ඔවුන් වැඩි දුරටත් පැහැදිලි කරන්නේ මෙම හානිකර බව network card  වලට පිවිස පරිගණකයේ  DNS setting වල වෙනස්කම් දක්වා  වර්ධනය විය හැකි බවකි. එසේම Malware scanners ඔස්සේ මෙම හානිකර බව හඳුනාගන්නට නොහැකි බවත් ආසාධිත උපාංගයක් USB ඔස්සේ සම්බන්ද කල විට පරිගණකය එය හඳුනා ගන්නේ නව usb උපාංගයක් සම්බන්දවීමක් ලෙසට වන බවත්ය. තවමත් නිශ්චිත විසඳුමක් නැති ගැටලුවක් හැටියට මෙම අවධානම වර්ග කොට තිබෙනවා.

2014-07-27

IE 2014 මුල් භාගයේ අනතුරුදායකම බ්‍රවුසරය ලෙසට නම්වේ.....

   browserයනු පරිගණකයක වැඩිම භාවිතාවක් ලබන මෘදුකාංගයකි. වේගය , ආරක්ශාව වැනි තීර්නාත්මක සාධක ඔස්සේ නිර්නය වෙමින් භාවිතයට පැමිනෙන බ්‍රවුසරයක  හැකියාව මේ වන විට හුදු වෙබ් පි‍ටුවක් විවෘතකරදිම ඉක්මවා බොහෝ දුරට විහිදී ඇත. බහුල භාවිතාවක් ලැබීම අනෙක් අන්තයේදී බහුල ඉලක්ක ගතවීමකි යන්න යලිත් සත්‍ය කරවමින් පලවන නවතම වාර්ථාවක් පවසන්නේ IE යනු 2014 මුල් භාගයේදී වැඩිම හානිකර ප්‍රමානයකට විවරවූ බ්‍රවුසරය ලෙසට ගනනය වන බවයි. 2013 වසර හා සසදමින් ගොඩනගන ලද දෘශ්‍ය සටහනක් මත Office , Adobe Reader , Adobe Flash , Oracal Java , Google Crome, Mozilla Firefox වැනි අනෙකුත් බහුල ඉලක්කගතවන මෘදුකාංග කිහිපයකටම සසදමින් ඉදිරිපත්වන මෙම සටහනට අනූව IE හි මෙසේ කැපී පෙනෙන හානිකරයන් සදහා විවෘත වීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරමින් සිටිනවා. මේ පිලිබදව පැහැදිලි කරමින් පැවසෙන්නේ තවමත් IE6 වැනි පැරනි සංස්කරන භාවිතය මෙන්ම යාවත්කාලීන නිකුත්වීම අවසන්ව ඇති XP ඔස්සේ පැමිනිය හැකි හානිකර බව මෙසේ ගනනය ඉහල අගයක් ගන්නට හේතුව ලෙසට සැලකිය හැකි බවයි. මීට අමතරව උපදෙස් ලැබෙන්නේ වෙබ් අඩවි අතර සැරීමේදී සමහර වෙබ් අඩවි යෝජනා කර සිටින add-on හෝ යම් මෘදුකාංග කොටස් ස්ථාපනයෙන් වැලකී සිටීම ඉතා වැදගත් වනු ඇති බවකි. මීට අමතරව හොඳ මට්ටමක ආරක්ශක මෘදුකාංගයක් ස්ථාපනය කොට තබා ගැනීමේ අවශ්‍යතාවයද අවධාරනය වෙමින්  තිබෙනවා.

2014-07-24

Malaysian airlines plane crash පිලිබඳ ව්‍යාජ profiles ගැන FB වෙතින් අනතුරු ඇගවීමක්!!!!

  තොරතුරු අවකාශයේදීද අපරාධකරුවන් ක්‍රියාත්මකවීම  ප්‍රධානව ක්‍රම දෙකකට සිදුවේ. තාක්ශනිකව මෙන්ම මිනිස් ස්වභාවයන් ඔස්සේ පැමිනෙන දුර්වලතා ප්‍රයෝජනයට ගැනීම ඒවා වේ. කිසියම් පරිගණක වැඩසටහනක වන දුරවලතාවයක් ඔස්සේ හානිකරයක් පරිගණකයට පිවිසෙන්නට ඉඩ ලබා ගැනීම පලමු ආකාරයට උදාහරනයක් වන විට සමකාලීනව සිදුවන ප්‍රකට පෙලේ සිදුවීමක් ගැන භාවිතාකරන්නන්ගේ ඇතිවන උනන්දුව ප්‍රයෝජනයට ගනිමින් හානිකරයක් ඔවුන් වෙතට යොමුකරන්නට උත්සාක කිරීම දෙවන ආකාරය ලෙසට උදාහරනයකි. 
                පසුගිය කාලයේ ලොව පුරා වැඩි අවධානයක් දිනාගත්  Malaysian airlines plane crash සිඳුවීම පිලිබදව වන උනන්දුව භාවිතාකරමින් ප්‍රකට සමජ ජාලාවක් වන Facebook හි භාවිතාකරන්නන් හට ආසාධිත කැඳවන්නට උත්සාහකරන ව්‍යාජ ප්‍රොෆයිල කිහිපයක් පිලිබදව මේ වන විට එම අඩවියේ පාලනය විසින් දැනුවත්කිරීමට නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම Profile පෙරකී අනතුරට සම්බන්ද Australians වින්දිතයන් ලෙසට දැක්වෙන ආකාරයෙන් නිර්මානය වී ඇති අතර ඒවා Blog අඩවි වෙතට යාකෙරෙන Link සහිතව වන අතර මෙම Link අවදිකරවන භාවිතාකරන්නන් කරදරකාරී වෙළඳ දැන්වීම් සදහා නිරාවරනය වීම මෙන්ම වෙනත් හානිකරයන් සදහා කැඳවන ආකාරයට නිර්මානය වන මෙම බ්ලොග් අඩවි වෙතට යොමුකරවනු ලබන බවටයි පැහැදිලි කරන්නේ. එම ආයතනය පවසන්නේ දැනට හමුව ඇති එම ව්‍යාජ ගිනුම් කිහිපයක් අඩපන කර දමන්නට ක්‍රියාකර ඇති අතර ඉදිරියටද අවධානයෙන් සිටින බවටයි.

2014-07-14

හැමවිටම හානිකරයන් එන්නේ තාක්ශනික දුර්වලතාම ඔස්සේ නොවේ!!!!

  සමහර බාවිතාකරන්නන්ට අනූව තොරතුරු ලෝකය අධිඅනරක්ෂිත තැනකි. මෙය එතරම් කැපී පෙනෙන මට්ටමේ සත්‍යයක් නොවේ. එය නිර්මානය වන්නේ දෘඩාංග මට්ටමක් මහ වුවද එය ක්‍රියාත්මක වන්නේ මෘදුකාංග තලයක් මත වුවද පමනක් නොව එය ජාලගත වන්නේ මෘදු/දෘඩ අංගයන් මත වුවද ඉන් ඉහලින් වන්නේ මිනිස් ස්වභාවන්ගෙන් සුසැදි තැනකි. එහි චලනය වන්නේ මිනිස් සිතුම් පැතුම් , ක්‍රියාකරකම්ය. මෙසේ සැලකීමේදී තොරතුරු ලෝකය අනතුරු බහුලවන බවට වන චෝදනාව තාක්ශනික පදනම මතටම හැම විටම සාධාරන නොවේ. ඔබගේ ඊමේල ලිපිනය වෙතට ඔබ කවදාවත් ලබා නොගත් ලෝත‍රැයියක දිනුමක සබදතාවයක් පැමින එය අවදිකරවා ගැනීමකට උත්සාහ කරයි. බොහෝ විට ඔබව ‍රැගෙන යන්නේ හානිකරයක් කරාය. විටක අසැබි තොරතුරක් පෙන්වමින් ඔබව පොලබා ගන්නට උත්සාහ කරන අතරම කලාතුරකින් ඔබගේ හිතවතෙකුගේ ඊමේල් ගොනුවට අනවසර පිවිසීමක් ඔස්සේ සොරා ගත් ඊමේල ලිපින ඔස්සේ මෙවැනි තොරතුරක් පැමිනිය විට පහසුවෙන් ඔබ හානිකරන්නන්ගේ උගුලට හසුවිය හැක." මට විස්වාස කරන්න අමාරුයි එයා කවදාවක් ඔය වගේ දෙවල් කියාවි යැයි" සාමාන්‍ය ලොකයේදී ඔබගේ මිතුරා ගැන වන අවබෝදය ඔස්සේ ප්‍රතික්ශේප කරන දෙයක් තොරතුරු ලොකය තුලදීද පැමිනි විට සැකසහිත වීම වැදගත් වේ.
              සමාජ ජාලා යනු මිනිසුන්ගේ තොරතුරු හා හැසිරීම් පිලිබදව කටයුතු වන ස්ථානයකි. සාමාන්‍ය සමාජයේදී මෙන්ම මෙහිදීද අනෙකාගේ යහපැවත්මට හානිකරන්නන් බහුල වීම ස්වභාවයකි. ආකර්ශනීය ඡායාරුවක් ඔස්සේ පැමිනෙන ප්‍රොෆයිලයක් බොහෝ විටක සැබෑ ම නියෝජනයක් නොවෙනවා වීමට හේතු රාශියකි. නිරාවරනයට අකමැත්තද එහි විය හැකි මුත් තවත් විටක තමහානිකර අරමුනු සදහා ගොදුරු ලබා ගන්නටද මෙම උපංක්‍රම භාවිතා විය හැක. එවැනි විටකදී ඔබෙන්ම ලබා ගන්නා තොරතුරු මත ඔබගේ අනෙකුත් ගිනුම් වෙතට ඇතුලු වීම තවත් විටක ඔබගේ අනෙකුත් සබදතා තුලට ඇතුලු වීමට ඒවා භාවිතාකිරීම වැනි අනතුරු රාශියක් මේ ඔස්සේ පැමිනිය හැක. තවත් විටක ආගමික ගැගීම් , දේශපාලනික මතවාද වැනි දෑද භාව්තාකරමින් මෙම පොලබාගැනීම් සිදුවීමට ඇත්තේ  බහුල ඉඩකඩකි. සමාජ ජලා නිර්මානය වන්නේ ඔබ හොඳින්ම දන්නා අසල්වැසියා හෝ කාර්යාලයේ ඊලග අසුනේ සිටිනා අය සමග සබදතා පවත්වා ගැනීමට පමනක් නොවේ. සමාන සිතුම් පැතුම් ඇතිවුන් , සමාන දෑට ප්‍රියකරන්න වුන් වැනි නෙක ආකාරයේ යහ සබදතාවයන් වෙනුවෙනි. එහෙත් ඔබගේ රටේ ජනාකීර්න මාවතක අසිහියෙන් මෙන් හැසිරුන හොත් සිදුවිය හැකි අනතුරු ස්වභාවයන් මෙහිද තිබීම අමුත්ත්ක් ලෙසට සැල කිය නොහැක.
                  නොසැලකිලිමත්වීම අනතුරු කැදවන තවත් සරල අවස්ථාවක් ලෙසට ඔබ බ්‍රවුසරය තුල සටහන් කරන වෙබ් ලිපිනයක එක් අකුරක් වැරදීම ඔස්සේ පවා මෙම හානීය පැමිනීමට හැක. බොහෝ ආරක්ශක මෘදුකාංග මෙවැනි දුර්වලතා සදහා පිලියම් සේවා ලබා දෙන මුත් තවමත් එවැනි අනතුරු නැතුවාම නොවේ. විටක පරිගණකය යම් මට්ටමකට ආසාධිතව පවතින විටකදී ප්‍රකට ආරක්ශක මෘදුකංග වෙබ් අඩවියක් සොයන ඔබව මුල් අඩවියට සමාන මුත් හානිකර ලබා දෙන අඩවියකට යොමුවීම සිදුවිය හැක්කකි. සමස්තයක් ලෙසට යොජනා කරන්නේ ඉතාම ආරක්ශිත බවට සහිතකවන ඔබගේ බැංකු ගිනුමේ සිට සියලුම වෙබ් අවකාශයන් සමග කටයුතු කිරීමේ කල්පනාකාරීවීම ඉතා වැදගත්වීම වේ.

2014-07-05

මෙවර Microsoft මාසික යාවත්කාලීන ගොනුව සමග IE සදහාද යාවත්කාලීන!!!

  සෑම මසකම දෙවන අඟහරුවාදා Microsoft සමාගම තම මෘදුකාංග සදහා වන මාසික යාවත්කාලීන ගොනුව නිකුත් කිරීමේ දිනය ලෙසට නියමිතව තිබෙනවා. පෙරදී ආයතනය එම යාවත්කාලීන ගොනුව පිලිබදව පූර්න විස්තරයක් එම ගොනුව නිකුතුවට පෙරදී සිදු කලද මේ වන විට එය නවතා දමා තිබෙනවා. හානිකර මෘදුකාංග සැලසුම් කරන්නන්හට පහසුවෙන් එම දුර්වලතා පිලිබදව දැනුවත්වීමේ අවස්ථව නිරාවරනය වන බැවින් මෙම නව පිලිවෙතට පැමිනි බවටයි Microsoft සමාගම පැහැදිලි කර සිටින්නේ. දැනට නිකුත්ව ඇති තොරතුරු වලට අනූව පැවසෙනේ මෙවර ප්‍රධාන අංග 6කින් එම යාවත්කාලීන නිකුතුව සමන්විත වනු ඇති බවයි. Internet Explorer වෙතට පැමිනෙන්නට නියමිත යාවත්කාලීන සදහා "අතිශය වැදගත්" මට්ට්මේ ලෙසට කාන්ඬ ගතව පැමිනෙන්නට සැලසුම් ව ඇති යාවත්කාලින වලින් මෙමවර මාසික ගොනුව සමන්විත වනු ඇති බවටයි නිවේදනය වන්නේ. එම යාවත්කාලීනය IE7, IE8, IE9, IE10 හා IE11 ලෙසට වන සියලුම IE සංස්කරන සදහා වලංගු වන බවටයි විස්තර කෙරෙන්නේ.

2014-07-03

පරිගණකයේ මෙහෙයුම් පද්ධතියතුල වන ඔබගේ ගිණුමද වැදගත් සාධකයකි....

  ඔබට මුලින්ම හමුවන්නේ ඔබ ඉදිරියේ ඇති පරිගණකයයි. එය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව හමුවන්නේ මෙහෙයුම් පද්ධතිය හා අනතුරුව ඔබ එම පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය තුල භාවිතාකරන ගිනුමයි. සාමාන්‍ය මට්ටමේ භාවිතාවේදී මෙම ගිනුම පිලිබදව එතරම් සංවේදී නොවීම දක්නට හැක. එහෙත් එය ඔබගේ එම පරිගණක භාවිතාව පිලිබදව ඔබ සිතනවාට වඩා කල්පනා කාරීවීම වැදගත් බවටයි හදාරන්නන් යෝජනා කරන්නේ. හුදු වෙබ් අඩවියකට ගොඩවීම තොරතුරක් සොයා යාමට වඩා යමක් එම පරිගණකයත් සමග ඔබ කරන්නේනම් වඩාත් කලපනාකාරී හැසිරීමත් සමග එබගේ පරිගණකයේ තැන්පත්ව ඇති ඔබගේ තොරතුරු වලට නිසි ආරක්ශාව ලබා ගැනීමේදී මෙන්ම අනවශ්‍ය ලෙසට ඒවා අස්ථාන ගත වීමට මෙන්ම වෙනත් භාවිතකරන්නෙකුට විවෘත වීමට අවස්ථාව ලැබීම වලකා ගන්නට හැකි වනු ඇත.
                                සාමන්‍යයෙන් ඔබගේ පරිගණකය භාවිතාකරන්නේ ඔබම පමනක් විය හැක. එහෙත් අත්වැරදීමකින් එය කාලතුරකින් හෝ විවෘතවීම වැලකීම ඔබට වැදගත් වනු ඇත. සමහර විටක ඔබ මනස යෝජනා කරනු ඇත්තේ නීති විරෝධී හෝ සංස්කෘතික විරෝධී දේ සදහා ඔබගේ පරිගණකය භාවිතානොකරන බැවින් ඉන් අනතුරක් නොවිය හැකි බවකි. එහෙත් බ්‍රවුසරය තුල තැන්පත්ව ඇති ඔබ නෑවත නැවත යාමට ප්‍රියකරන වෙබ් අඩවි ලිපිනයන් මැකීයාම , විවෘතව ඇති ඔබගේ ඊමේල් ලිපිනය ඔස්සේ ඔබගේ හිතවතෙකුට විසුලු සහගත ඊමේලයක් යැවීම , සමහර විටක පරිගණකයට හානිවන ආකාරයේ යෝ ඔබට කරදරයක් වන ආකරයේ මෘදුකාංගයක් ස්ථාපනය කිරීම වැනි බොහෝ දේ අනවසරයෙන් එය වෙත පිවිසෙන වෙනත් භාවිතාකරන්නෙකු අතින් සිදුවිය හැක. මෙම ස්වභාවය මෙසේ වන සරල අවස්ථාවල සිට පරිගණකයේ ඇඩ්මිනිස්ට්‍රේටර් බලය භාවිතාවෙමින් ආසාධිත මෘදුකොටසකට එය මත ස්ථාපනයට අවස්ථාව ලැබීම දක්වා විවිධ ආකරයෙන් විය හැක.එසේම එසේ ස්ථපනය වී ඇති හානිකරයකට මෙහෙයුම් පද්ධතිය මතට අනවශ්‍ය වෙනසක් කිරීමේ හැකියවද මෙම ගිනුම් කල්පනාකාරීව හැසිරවීම තුල වලකා ගන්නට ඔබට හැකි වනු ඇත,
                 මෙසේම භාවිතාකරමින් සිටින පරිගණකයෙන් සීමිත කාලයකට ඉවතට යන විට නිශ්චිත කාලයකින් ස්වංක්‍රීයව එය ලොක් වීමට සැකසුම් සකස් කර තිබීම මෙන්ම අවශ්‍ය නම් මැනුවලි එය ක්‍රියාත්මක කරන්නට කටයුතු කිරීම ඔබගේ කාර්යාල යේදී හෝ වෙනත් ස්ථනයකදී පවා වැදගත් වනු ඇත. හදාරන්නන් යෝජනා කරන්නේ අන්තර්ජාලයට සම්බන්දිතව භාවිතාවකින් තොරව පරිගණකය නිදහස්ව මුත් ක්‍රියාත්මකව තැබීම කලාතුරකින් මුත් පහරදෙන්නෙකුට ඉලක්ක වීමට වැඩි අවස්ථාවක් ලබා දෙන බවයි. 

2014-07-02

Outlook.com හා OneDrive දත්ත හුවමාරුවන් වඩාත් සුරක්ශිත කෙරේ.....

   NSA පිලිබදව වූ හෙලි දරව්වෙන් පසුව ප්‍රධාන පෙලේ තොරතුරු තාක්ශනය හා සම්බන්ද ආයතනන් සියල්ලම තම භාවිතාකරන්නන්ගේ තොරතුරුවල සුරක්ශිතභාවය පිලිබදව නෙක ආකාරයේ පියවරයන් පිලිබදව අවධානය යොමු කරන්නට පටන්ගති. ඒවා අතර එම රජය වෙත විරෝධය පල කිරීමේ සිට තම සර්වරයන්  අතර තොරතුරු හුවමාරුවේදී ඒවා  encrypting කිරීම දක්වා වූ විවිධ ස්වරූපයන් ගනු ලැබින.  මයික්‍රසොෆ්ට් ආයතනයද මේ වන විට නිවේදනය කර සිටින්නේ තම outlook ඊමේල සේවාව තුල inbound හා outbound දෙදිසාවටම හා Onedrive සේවාව තුලදීද අභ්‍යන්තර සර්වරයන් අතර මෙන්ම බාහිර සර්වරයන් අතරද  දත්ත හුවමාරුවේදී මෙම ආරක්ශිත පියවර සමග බහිර පාර්ශවයකට ඒවා මතට එබි බැලීමේ හැකියාව අවම වනු ඇති බවටයි. 
                            OneDrive සමග කටයුතු කිරීමේදී PFS (perfect forward secrecy) encryption සමග කටයුතු කිරීමේදී OneDrive හා  local client අතරද හුවමාරුවන දත්ත ගොනු සුරක්ශිත බවටයි එම ආයතනය පැහැදිලි කරන්නේ. බාහිර පාර්ශවයට එම දත්ත decrypt කිරීමට අපහසුවන නිසා මෙම සුරක්ශිත බව පැමිනෙන බවටයි එහිදී ඔවුන් පැහැදිලි කර සිටින්නේ.
                 භාවිතාකරන්නන්ගේ දත්ත රහසිගතව් ‍රැස්කරන බවට සිදුවූ හෙලි දරව්වෙන් පසුව සියලුම පාහේ ආයතනයන් මෙලෙස තම දත්ත සුරක්ශිත බව තහවුරුවට කටයුතු කරන්නට පියවර ගනිමින් සිටින අතර එම රජය ද ප්‍රකාශකර සිටියේ එලෙස තොරතුරු අයුතු ලෙස ‍රැස්වීමක් සිදුවන්නේ නම් ඒය නවතාලන්නට තමන් කටයුතු කරන බවකි.

2014-07-01

දත්ත උපාංගයට ඔබේ අනන්‍යතා තහවුරුවට Digital Tattooවක් !!

  ඔබ කිනම් ආකාරයක අවශ්‍යතාවයක් සදහා ඔබගේ දත්ත උපාංගය භාවිතාකලද පසුකල යුතු අනිවාර්ය අංගයක් වන්නේ එම උපකරනය සමග කටයුතු අරබන හැම විටම අනන්‍යතාවය තහවුරු කරන්නට සිදුවීමය. වර්ථමානය වැනි එම උපාංග භාවිතය බහුල කාලයක දිනකට සමහර විටක සිය වතාවක් සිදුවන එම භාවිතාවකදී යොදා ඇති අවසර පදයක් වැන්නක් නැවත නැවත ලබා දෙන්නට යාමෙන් සිදුවන කාලය වැය සැලකිය යුතු මට්ටමක වීම පාලනය සදහා විවිධ නිෂ්පාදකයින් විසින් විවිධ ආකාරයේ විසදුම් යෝජනා කරනු දක්නට හැක. VivaLnk ආයතනය මේ සදහා ගෙනෙන යෝජනාවක් වන්නේ NFC ආකාරයට උපාංගය සමග සම්බන්දව භාවිතාකරන්නාගේ අනන්‍යතාවය තහවුරුකර දෙන Digital Tattoo වකි. සාමන්‍ය තත්වය යටතේ දින පහක් පමන සේවයට සූදානම්ව පැමිනෙන මෙය දෛනික ජීවිතයේ කටයුතු සමග එනම් showers, swims, workouts වැනි ඔනෑම අවස්ථාවකදී සේවයට සූදානම්ව සිටින බවටයි නිවේදනය කරන්නේ. සමන්‍ය NFC tag ඒකක් ලෙසට ක්‍රියාත්මක වන මෙය පෙර සැකසුමකින් අනතුරුව සෙවයට සූදනම්ව පැමිනෙන අතර ඒවා 10 ක් අඩංගු බහාලනයක් ඩොලර් 10ක් වැනි මුදලකට ලබා ගන්නට හැකිවන බවටත් දැක්වෙනවා.

2014-06-28

ආරක්ශිත පරිගණකය ඉමහත් සහනයකි..

  ආරක්ශිත පරිගණකය ඉමහත් සහනයකි. එය ඔබගේ තොරතුරු දිවියට ප්‍රබෝදයක් ගෙනෙනු ඇත. පලමු කොට නිරෝගී මට්ටමක ඇති ඔබගේ පරිගණකය එහි වන උපරිම ප්‍රොසෙසර් හැකියාව , මතක හැකියාව සමග ඔබගේ කටයුත්ත සදහා ලබ දෙන්නට කටයුතු කරනු ඇත. බොහෝ විට හානිකරයක් එම දත්ත උපාංගයේ ක්‍රියාත්මක වන විට එම උපකරනයේ උපරිම ක්‍රියාත්මක වීමට ඉඩ නොලැබෙන්නේ දෘශ්‍යව හෝ අදෘශ්‍යව එම හානිකරයේ ක්‍රියාත්මක බව සදහා ඉඩකඩක් ලබා ගන්න නිසාවෙනි. තවත් විටක එය පරිගණකය සම්පූර්නයෙන් අඩපන කොට දමන්නට තරම් සැහැසිවන් අවස්ථා ද නැතුවාම නොවේ. තවත් විටක කිසියම් ආකාරයක ගොනු වර්ග සදහා පමනක් ක්‍රියාත්මක වෙමින් ඒවා විවෘතවීම වැලකීමේ සිට මකා දැමීම දක්වා වූ විවිධ ආකාරයේ අපහසුතා ගෙනෙන්නට කටයුතු කරන අවස්ථාද දැකිය හැක.
                                 තවත් විටක ආසාධිත පරිගණකය භෞතිකව ඔබගේ උවද එහි ක්‍රියාකාරීත්වයේ හැකියාවෙන් වැඩි ප්‍රථිශතයක් ජාලගත වීම ඔස්සේ බොහෝ දුරක වෙසෙන සයිබර් අපරාධකරුවෙකුගේ පාලනයට යටත්ව තිබෙන්නට පුලුවන. එම අපරාධකරු විසින් කිසියම් ආකාරයකට ඔබගේ පරිගණකය මත තැන්පත්කරන හානිකරයක් ඔස්සේ මෙම මෙහෙයවීමේ හැකියාව අත්පත්කර ගනිනු දැකිය හැක. ආසාධ්ත වෙබ් අඩවි ඔස්සේ , ආසධිත දත්ත ගොනු ඔස්සේ,ආසාධිත පෙන් ඩ්‍රටිව් වැනි උපාංග ඔස්සේද මෙම හානිකර බව ඔබගේ උපාංගයට පිවිසෙන්නට අවස්ථාව ඇත. මෑතකදී පලවූ වාර්ථාවක් පැවසුනේ චීන කිසියම් කර්මාන්තශාලවාක් ඔස්සේ පැමිනෙන උපාංග වර්ගයක් නිෂ්පාදනාගාර මට්ටමේ සිටම ආසාධන සමග පැමිනෙන බව තහවුරුව ඇති බවකි. කල්පනා කාරීවිය යුත්තේ එබැවිනි. පෙරකී ආකාරයේ ආසාධනය කිරීමක් ඔස්සේ එම අපරාධකරු තමන්ගේ අවශ්‍යතාවයක් සදහා ඔබගේ පරිගණක හැකියාව යොදා ගන්නා අවස්ථා තිබේ. මෑතකදී වාර්ථාවූවේ "Bit Coines" නිර්මානය කරගැනීමට අවශ්‍ය පරිගණක හැකියාව මෙසේ ආසාධිතකරන ලද පරිගණක ඔස්සේ ලබා ගනිමින් සිටින අපරාධ අවස්ථා හමුවූ බවකි. තවත් විටක වෙනත් සර්වරයක් නැතිනම් පරිගණකයන් සදහා ප්‍රහාරත්මකව ක්‍රියාත්මක වන්නටද මෙම හැකියාවන් යොදා ගැනීම් බහුලය.
                                   තවත් විටකදී පෙරකී ආකරයේ එකක වත් නොව ඔබගේ දත්ත උපකරනය ඔස්සේ සිදුකරන වැදගත් තොරතුරු භාවිතාවන් පිලිබදව රහස් තොරතුරු ලබා ගන්නට හා ඒවා අපරාධකරුවන් අතට පත්කරන්නට ක්‍රියාකරන ආසාධිතභාවයන් බහුලය. ඔබගේ නයවර පතේ තොරතුරු , වැදගත් ගිනුම් වල තොරතුරු , පරිගණක්යේ තැන්පත්ව ඇති පෞද්ගලික හෝ රාජකාරී මට්ටමේ තොරතුරු ඔබට රහසින් මෙම මෘදුකාංග ඔස්සේ බාහිර සිටින අපරාධකරුවෙකුට අත්පත් වන අවස්ථා මේ අතර වේ. එපමනකුදු නොව ඔබගේ පරිගණකයට සම්බන්දව ඇති කැමරා , මයික්‍රෆෝනයන් වැනි උපකරන අනවසරව ක්‍රියාත්මක කරවා ඒවා  ඔස්සේ ලබා ගන්නා තොරතුරු පසුව ඔබට එරෙහිව භාවිතාකරන ලද අවස්ථාද බහුලය. සමහර විටක ඔබට දැනෙන නොදැනෙන මට්ටමකින් මෙම හානිකරයන් ක්‍රියාත්මක වෙමින් සාමන්‍යයෙන් නොහැගෙන ලෙසට එම නීතිවිරෝධී අවශ්‍යතා ඉ‍ටුකරගන්නට හැකිවන ලෙසට මෙම හානිකර මෘදුකාංග නිමවී තිබෙනුද හැකි බැවින් වඩාත්සංවෙදී නොවන පරිගණක භාවිතාවක ඔබ යෙදෙන්නේනම් කල්පනාකාරී වීම වැදගත්වේ. තවත් සංකීර්න අවස්ථාවලදී ඉහතකී අවස්ථවලින් කිහිපයක් ම ගෙනෙන ආකාරයට ආසාධිතවීමේ හැකියාවටද ඔබ විවෘතව ඇත. උදාහරනයක ලෙසට වැදගත් මට්ටමේ තොරතුරු ඔබගේ පරිගණකයේ නොමැතිනම් පරිගණකය අක්‍රියකර එය යතා තත්වයට පත්කරන්නට නම් මුදලක් ඉල්ලා සිටින අවස්ථා පසුගිය කාලයේ වාර්ථාවිය.

2014-06-22

Heartbleed තවමත් සම්පූර්නයෙන් අවසන් නොවුනු අනතුරකි!!!!

  දෙමසකට මදක් පෙර කාලයකදී  OpenSSL software  වල වන දුර්වලතාවයක් ඔස්සේ වෙබ් අඩවි දස දහස් ගනනක දත්ත හුවමාරූන් අනතුරකට විවෘතව ඇති බවට අනතුරු ඇගවිම් සිදුවෙන ලදී. දත්ත හුවමාරූන් සබදතාවල ආරක්ශිත බව තහවුරුවේ සදහා භාවිතාවූ මෙම සේවාව තුලවූ දුර්වලතාවය සැලවීමෙන් අනතුරුව බොහොමයක්  සර්වරයන් යාවත්කාලීන කරන්නට එම ආයතනයන් ක්‍රියාකිරීමත් සමග තත්වය ප්‍රධාන මාතෘකා අතරින් ගිලිහෙන ලදී. කෙසේ මුත් මෑතකදී හෙලිවූ තොරතුරක් පවසා සිටියේ ලොව පුරා වන සර්වරයන් 300000 පමන තවමත් යාවත්කාලීන නොවී අනතුරු ඇගවූ OpenSSL සංස්කරන භාවිතාකරමින් සිටින බවකි. ඒවා පැහැදිලිවම Heartbleed හානිකරයට නිරවරනයව පවතින බවට වූ එම පුවතත් සමග නැවතත් අවධානය එම අනතුර වෙතට මේ වන යලි යොමුව ඇති බවටයි හෙලි වන්නේ.
               සර්වරයන්ගේ බහුලව භාවිතාවන port 443 පිලිබදව මුලින් කරන ලද පිරික්සීම් වලදී පද්ධති 600000 පමන අනතුරට නිරාවරනය වී ඇති බවට හඳුනා ගෙන තිබූ අතර මුල් වාර්ථා වලින් මසක් පසුවූ කාලයේදී කරන ලද පිරික්සුම් වලදී එය 300000 ලෙසට වූ වාර්ථාවක් නිකුත් වෙනු ලැබුවා. නවතම port 443 පිරීක්සුම් වලදී අනාවරනය වී ඇත්තේ තවමත් පද්ධති 9000 පමන අනතුරු දායක තත්වයක වන බවය. server administrators වරුන් වෙතට වන චෝදනාවිතව පලවන් එම වාර්ථාව ඒවා patch කිරීමට උනන්දුවීමේ වැදගත්කම දක්වා සිටිනවා. 

දත්ත ලෝකය අවධානයෙන් පිවිසිය යුතු අපිරිමිත පහසුවකි.

  තොරතුරු ලෝකය තුලදී සිදුවන  අපරාධ පිලිබදව කාතුලත් ඇත්තේ මහත් අවධානයකි. විටක අයෙක් තොරතුරු ලෝකය මත විස්වාසය තබන්නට පවා මෙම ගැටලු සහගත බව තීර්නාත්මක සාධකයක් කර ගන්නායුරු බොහෝ විටක දැකිය හැකිය. මුල් ස්වභාවයෙන් සැලකීමේදී මෙහි ඇති අනතුරු සහිත බව කීප ආකාරයකට පැහැදිලි කරගත හැක. තොරතුරු ලෝකය ඇසුර තවමත් ආගන්තුකව පවතින යතාර්තය තුල භාවිතාකරන්නාගෙන් ගිලිහී යාහැකි අවස්ථා ඔස්සේ ඔහු වෙතට එම අපරාධයන් පැමිනීම සැලකිය හැක. සරලව යම් අඩවියකට නැතිනම් තම පරිගණකයෙන් බැහැර වන විට තමන් විසින් අවසර පද යොදා ආරක්ශා කරගෙන ඇති අනන්‍යතාවයයෙන් බැහැර වන්නට ඔවුනට අමතක වීම සරලතම මට්ටමේ ගැටලුවකි. තවත් විටකදී ඒ සදහා යොදා ගන්නා අවසර පද ඉතාම සරල මට්ටමේ වීම නිසාම පහසුවෙන් අයෙකුට  ඒ වෙතට පිවිසෙන්නට හැකිවීම බහුල අත්දැකීමක් බව හදාරන්නන් වෙතින් නිතර පැවසෙන යෝජනාවකි.
                            මේ වන විට පරිගණක වල බොහෝ විට ආරක්ශක මෘදුකාංග ස්ථාපිතව තිබෙනු දැකිය හැකිය. එනමුත් බොහෝ විට ඒවා සංක්‍රියව තබා ගන්නට මෙන්ම විටක අනාරක්ශිත බව හමුවේ එම මෘදුකාංග විසින් වලකාලන ගොනු ස්ථාපනයට භාවිතාකරන්නාගේ කැමැත්තමත අවසර ලබා ගැනීම මෙන්ම තමන් යෙදෙන භාවිතාවට සරිලන තරමේ ආරක්ශාවක් ලබාගැනීමට කටයුතු කරනවා වෙනුවට මූලික මට්ටමේ ආරක්ශක මෘදුකාංගය ඉස්ථාපනය කිරීමෙන් පමනක් තමන් වෙත අවශ්‍ය ආරක්ශාව ලැබෙනු ඇති බවට විස්වාස කිරීම දැකිය හැක. වේගයෙන් දත්ත ලෝකය තම භාවිතාකරන්නන් වෙතට ගෙනෙන විවිධ ආකාරයේ සේවාවන් සංකීර්නවනවා සේම පැමිනෙන අනතුරුද සංකීර්න වීම ස්වභාවික වන අතර ඒවා සදහා නිකුතුවන විවිධ අංගයන්ගෙන් සමන්විත ආරක්ශක මෘදුකාංග බන්ඩලයන් තුල ඒ ඒවා සදහා වන නෙක ආකාරයේ ආරක්ශක පියවරයන් වීම තේරුම් ගැනීම වැදගත් වනු ඇත. Firewall නැතිනම් Spam Filters වැනි ප්‍රධාන හානිකරයන් හදුනා ගැනීමේ යාන්ත්‍රනයට අමතරව පැමිනෙන අංගයන් පිලිබදව දැනුවත් වෙමින් ඒවා නිසි පරිදි ක්‍රියාත්මකව තැබීම තුල පමනක් භාවිතාකරන්නා බලපොරොත්තුවන ආරක්ශාව ලැබෙන බව තේරුම් ගැනීම වැදගත්ය.
                  පසුගිය කාලයේ නිකුත්වූ වාර්ථා පැවසූ කාරනාවක් වූවේ සමහර දත්ත උපකරන නිෂ්පාදනාගාර වලින් පැමිනෙන විටදීම ඒවා හානිකරයන් ගෙන් සමන්විතව තිබීම දක්නට හැකි බවකි. විශේෂයෙන් මිලෙන් අඩු අනුකරන උපාංග සමග මේ බව බහුලව දැකිය හැකි බවට ඔවුන් පවසා සිටියේ. ජනංප්‍රිය මට්ටමේ උපාංගයන් හා සමානව පෙනුමින් වූවත් පෙලබවන සුලුමට්ටමේ ව්‍යාජ උපකරන ඉතා අඩු මිලකට පැමිනීමේදී කල්පනාකාරී වීම වැදගත් බව ඔවුන් එහිදී පැහැදිලි කොට සිටින්නට කටයුතු කර තිබිනි. තවත් විටකදී මෘදුකාංග සදහාද මේ බව පොදුවනු දැකිය හැකිය. නොමිලේ හා අඩු මිලැති ආකාරයට එන සමහර මෘදුකාංග සමගද මෙම අනතුරු සහිත බව පැමිනිය හැක. තවත් විටක ප්‍රධාන මෘදුකාංගයට අමතරව එය ස්ථාපනයේදී ස්වංක්‍රීයව ස්ථාපනය වන්නට හැකිවන ලෙසට සැකසුම්ව පැමිනෙන අමතර මෘදුකාංග මුල් ස්වභාවයෙන් අනතුරු සහිත නොවූවද ඒවායේ වන දුර්වලතාවයන් ඔස්සේ එම උපකරන වෙතට අන්තර්ජාලය ඔස්සේ හානිකරයන් පැමිනීම දැකිය හැකිය. ස්ථාපනයට පෙර එම මෘදුකාංග සමග පැමින ඇති මූලික තොරතුරුවත් විමසා බලන්නට මෙන්ම සැක සහිත විටකදී වෙනත් භාවිතාකරන්නන් විසින් ඒවා පිලිබදව දක්වා ඇති අදහස් එම වෙබ් අඩවි වලට පිවිස විමසා බලන්නටත් කටයුතු කිරීම එම හදාරන්නන් විසින් යෝජනා කරන කාරනයකි.
                           සමාජ ජාලා වැනි සමාජීය ස්වභාවයක් ඇති අඩවි වලට පිවිසීමේදී හමුවන පොලබවන සුලු ව්‍යාජ ප්‍රොෆයිල ඔස්සේ භාවිතාකරන්නා නොමග යවමින් ඔහුබේ පෞද්ගලික තොරතුරු ලබා ගන්නටත් ඒවා උපයෝගීකර ගනිමින් තොරතුරු අපරාධ වලට පිවිසෙන්නටත් කටයුතු කිරීම් බහුලව දැකිය හැකිය. විශේෂයෙන්ම භාවිතාකරන්නාගේ දුර්වලතා ඔස්සේ ඔහුගේ තොරතුරු වලට පිවිසෙන්නට ඇති ඉඩකඩ පිලිබදව කල්පනාකාරී වනවා සේම උවමනාවට වඩා කල්පනාකරී වන්නට ගොස් එවැනි අඩවි ඔස්සේ භාවිතාකරන්නෙකුට ගෙනෙන පහසුකම් අහිමිකර ගැනීමද සිදුවනු බහුලව දැකිය හැකිය.
Pubudu Siriwansa
(නිකුත්වන්නට නියමිත පරිගනක පුවත් සඟරාවේන් උපුටා ගත්තකි.)

2014-06-04

ආසාධිත පරිගණක පාලනය සදහා ISP වෙත අවධාරනය කෙරේ!!!

  ආසාධිත පරිගණකයක් ජාල ගතවීම අදාල පරිගණකය පිලිබදව ගැටලුවක් පමනක්ම නොවේය යන්න පිලිගැනීමකි. එය ඔස්සේ එම ආසාධනය විවිධ වූ ආකාරයට අනෙකුත් පරිගණක කරා ගමන් කිරීම ඉන් අනතුරුව ඇරබෙන්නට ඇත්තේ මහත් ඉඩ කඩකි. විටක දැනුවත්ව හෝ තවත් විටක ඔවුන් නොදැනුවත්ව එසේම විටක එම හිමි කරුවන්ගේ නොසැලකිල්ල  ඔස්සේ පහසුවෙන් එම පරිගණකය සම්බන්ද වන අනෙකුත් පරිගණක කරා එම ආසාධනයන් පැතිරීම තවදුරටත් සාමන්‍ය ලෙසට නොසලකා හැරිය හැකි කටයුත්තක් නොවේය යන්න හදාරන්නන්ගේ යෝජනාවක් වෙමින් තිබෙනවා. එහිදී ඔවුන් යෝජනා කර සිටින්නේ ISP වරුන් හරහා එම ආසාධිත පරිගණක සීමිත අන්තර්ජාල භාවිතාවකට සීමා කර අදාල ISP සමග සම්බන්දවී එම ආසාධිත බවින් ගැල වෙන්නට කටයුතු කරන්නට පෙලබවීම අත්‍යවශ්‍ය වෙමින් ඇති බවකි. බහුල වෙමින් ඇති botnets ඔස්සේ ලොව පුරා විශාල පරිගණක සංක්‍යාවක් ආසාධනය වී ඇති අතර එවා ඔස්සේ මෙම සයිබර් අපරාධ කරුවන්ට පහසුවෙන් තවත් පරිගණක ගොදුරුකර ගන්නට අවස්ථාව ලැබීම පාලනය කිරීම සදහා මෙවන් පියවරක අවශ්‍යතාවය ඔවුන් අවදාරනය කර සිටිනවා.

2014-05-22

IE-8 සදහා මාස 7ක් පිලිසකර නොවූ පෙර සැකසුම් දුර්වලතාවයක්!!!

  IE-8 වල හදුනාගෙන තිබූ zero-day exploit නැතිනම් පෙර සැකසුම් දුර්වලතාවයක්න් සදහා මේ වන විට පිලිසකර යාවත්කාලීන නිකුත් නොවී මාස් අ7ක් පමන ගතව ඇති බවටයි වාර්ථා වන්නේ.  මෙම දුර්වලතාවය ඔස්සේ පහර දෙන්නෙකුට අසාධිත වෙබ් අඩවියක් කරා එන භාවිතාකරන්නෙකුගේ පරිගණකයකට දුරස්ථව හැසිරවීමේ හැකියාවක් ලබා ගන්නට හැකිවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. 2013 ඔක්තෝබරයේ මෙම දුර්වලතාවය පලමුව අවධානයට ලක්වූ නමුත් මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටියේ එම ආකාරයේ දුර්වලතාවයක් ඔස්සේ පහර දීම් තමන් වෙතට වාර්ථා නොවූ බවකි. එසේම එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැහැදිලි කර සිටියේ සමහර දුර්වලතාවන් සදහා පිලිසකර නිකුත්කිරීමට වැඩි කාලයක් ගතවන්නේ වඩාත් සංකීර්න තත්වයන් හමුවේ නැවත නැවතත් අත්හදා බලමින් වඩාත් පූර්න  පිලිසකරයක් සදහා විශාල කාලයක් ගතවන නිසා බවයි.

2014-05-20

"Blackshades" හානිකරයට සම්බන්දිත 90කට ආසන්න පිරිසක් අත්වඩංගුවේ!!!!

  "Blackshades" යනු ලොව පුරා PC පරිගණක 500000කට අධික ප්‍රමානයක් ආසාධනයට ලක් කරමින් භාවිතාකරන්නාට නොහැගෙන පරිදි ඔහුගේ පරිගණකය දුරස්ථව මෙහෙයවමින් එහි වන තොරතුරු සොරා ගන්නට එයට සම්බන්දිත වෙබ් කැමරා වෙනි උපකරන මෙහෙයවන්නට හැකියාව ලබා දෙන හානිකර මෘදු කාංගයක් ලෙසටයි පිලිගැනෙන්නේ. මෙම හානිකරය නිපදවීමේලා ප්‍රධාන දායකත්වයක් දුන් බවට සැල කෙරෙන Michael Hogue නම් 23 හැවිරිදි අයෙකු 2012දී අත්වඩංගුවට පත්වූ නමුත් එම හානිකරය අකංඩව රටවල් සියයකට අධික ප්‍රමානයක මිනිසුන් දහස් ගනනක් අතට අලවි වෙමින් පැවතින.  මේ වන විට වාර්ථා වෙමින් ඇත්තේ නීතිය විසින් රටවල් 18ක් ඔස්සේ මෙම හානිකරය පතුරුවාලූ පුද්ගලයින් 90කට වඩා අත්වඩංගුවට ගෙන ඇති බවකි. FBI වෙතින් මෙසේ ආසාධිත තත්වයට පත්ව ඇතැයි සැක කෙරෙන පරිගණක හඳුනා ගැනීම සදහා ඉඟි නිකුත් කොට ඇති අතර තම පරිගණකය අසමන්‍ය ලෙසට Restart වීම webcam වැනි සම්බන්දතිත උපකරන අනවසරව ක්‍රියාත්මක වීම පරිගණකය ඔස්සේ විවෘත කෙරෙන අවසර පද සහිත වෙබ් ගිනුම් වලට පිවිසීමට නොහැකි වීම වැනි කාරනා ඒ අතර වන බවටයි දැක් වෙන්නේ. FBIවෙතින් මෙ අපිලිබදව කර ඇති දැනුවත්කිරීමේ සටහනට පහත දැක්වෙන Link ඔස්සේ පිවිසෙන්නට හැකි වනු ඇත.
http://www.fbi.gov/news/stories/2014/may/international-blackshades-malware-takedown/could-your-computer-be-infected-by-blackshades

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...