2014-07-02

Outlook.com හා OneDrive දත්ත හුවමාරුවන් වඩාත් සුරක්ශිත කෙරේ.....

   NSA පිලිබදව වූ හෙලි දරව්වෙන් පසුව ප්‍රධාන පෙලේ තොරතුරු තාක්ශනය හා සම්බන්ද ආයතනන් සියල්ලම තම භාවිතාකරන්නන්ගේ තොරතුරුවල සුරක්ශිතභාවය පිලිබදව නෙක ආකාරයේ පියවරයන් පිලිබදව අවධානය යොමු කරන්නට පටන්ගති. ඒවා අතර එම රජය වෙත විරෝධය පල කිරීමේ සිට තම සර්වරයන්  අතර තොරතුරු හුවමාරුවේදී ඒවා  encrypting කිරීම දක්වා වූ විවිධ ස්වරූපයන් ගනු ලැබින.  මයික්‍රසොෆ්ට් ආයතනයද මේ වන විට නිවේදනය කර සිටින්නේ තම outlook ඊමේල සේවාව තුල inbound හා outbound දෙදිසාවටම හා Onedrive සේවාව තුලදීද අභ්‍යන්තර සර්වරයන් අතර මෙන්ම බාහිර සර්වරයන් අතරද  දත්ත හුවමාරුවේදී මෙම ආරක්ශිත පියවර සමග බහිර පාර්ශවයකට ඒවා මතට එබි බැලීමේ හැකියාව අවම වනු ඇති බවටයි. 
                            OneDrive සමග කටයුතු කිරීමේදී PFS (perfect forward secrecy) encryption සමග කටයුතු කිරීමේදී OneDrive හා  local client අතරද හුවමාරුවන දත්ත ගොනු සුරක්ශිත බවටයි එම ආයතනය පැහැදිලි කරන්නේ. බාහිර පාර්ශවයට එම දත්ත decrypt කිරීමට අපහසුවන නිසා මෙම සුරක්ශිත බව පැමිනෙන බවටයි එහිදී ඔවුන් පැහැදිලි කර සිටින්නේ.
                 භාවිතාකරන්නන්ගේ දත්ත රහසිගතව් ‍රැස්කරන බවට සිදුවූ හෙලි දරව්වෙන් පසුව සියලුම පාහේ ආයතනයන් මෙලෙස තම දත්ත සුරක්ශිත බව තහවුරුවට කටයුතු කරන්නට පියවර ගනිමින් සිටින අතර එම රජය ද ප්‍රකාශකර සිටියේ එලෙස තොරතුරු අයුතු ලෙස ‍රැස්වීමක් සිදුවන්නේ නම් ඒය නවතාලන්නට තමන් කටයුතු කරන බවකි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...