2014-07-02

චීනය තුල Office මෘදුකාංගයද තහනම් වීමේ පුවතක් පසුව Microsoft වෙතින් ප්‍රතික්ශේපවේ...

  චීනය තුල Windows 8 භාවිතාව තහනම් කෙරෙන පියවර සදහා ඔවුන් හේතු දක්වා සිටියේ එම මෙහෙයුම් පද්ධතිය සමග පහසුවෙන් භාවිතකරන්නාගේ තොරතුරු ලබා ගන්නට හැකි බවක් පවසමිනි. ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශකර සිටින්නේ මෙම මෙහෙයුම් පද්ධතිය සමග spyware පැමිනීමක් සිදුවනු ඇති බවට තමන් විස්වාස කරන බවකි. එම මෙහෙයුම් පද්ධතියේ කේත සටහන් හොදින් හදාරන්නට තම බලධාරීන් වෙතට නිසි ලෙස කාලවේලා ලබා නොදුන් බවටත් ඒ නිසා තම සැකය වඩාත් තහවුරුව ඇති බවටත් ඔවුන් එහිදී ප්‍රකාශකර සිටි බවට වාර්ථා පලවෙනු ලැබුවා. 
                       පලවන නවතම වාර්ථා පවසන්නේ චීන රජය මේ වන විට Office මෘදුකාංගයද එරට තුල භාවිතය තහනම් කිරීමට පියවර ගනිමින් සිටින බවකි. චීනය තුල භාවිතාව සදහා මෙම ජනංප්‍රිය මෘදුකාංග වෙනුවට ඔවුන් විසින්ම නිර්මානය කරගත් විකල්ප මෘදුකාංග භාවිතය සදහා කටයුතු කරමින් සිටින බවටත් එම වාර්ථා වැඩි දුරටත් පවසනවා. පසුගියදා windows XP සදහා සහය දක්වන කාලය දීර්ගකරන ලෙසට චීන රජය Microsoft වෙතින් ඉල්ලා සිටින බවට තොරතුරු හෙලිවූ මුත් ඒ සදහා  Microsoft ආයතනය සහය පලනොවිමත් මෙම ප්‍රතික්ශේප කිරීම පසුපස තිබෙන්නට හැකි බවටයි විචාරනය වන්නේ. Microsoft හිටපු CEO වරයා වරක් ඕවසා සිටියේ චීනය තුල භාවිතාවන මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති වලින් දහයෙන් නමයක්ම  ව්‍යාජ ආකාරයට සංක්‍රීය කරගත් ඒවා වන බවටයි. පසුව පලවූ Microsoft නිවේදනයකින් මෙම Office මෘදුකාංගය සම්බන්ද පුවත ප්‍රතික්ශේප කර සිටියා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...