2014-07-01

එය අපූර්ව නම්‍යතාවයකින් එන ජිවිත මිත්‍රයෙකි....

  එය චිත්‍ර ශිල්පියෙකු ඉදිරියේ මනාලෙස සැකසූ කැන්වසයක් මෙනි. සංගීත ශිල්පියෙකු හමුවේ අපමන ස්වර පරාසයක දිවෙන නෙක හඬ රටා මවන්නට සූදානමින් සිටින කී බෝඩයකි. ගෘහනිර්මාන ශිල්පියෙකු ඉදිරියේ ඩ්‍රෝවිං බෝඩයක් වන්නට සූදානම් එය ග්‍රැ‍ෆික් නිර්මාන ශිල්පියෙකු ඉදිරියේ මනසේ මැවෙන නිශ්චල , චලන රූරටා නිමවා දෙන්නට සූදානමින් සිටින ත්‍රිමානිය පමනක් නොව චලන හැකියාවෙන්ද යුත් සටහන් පොතකි. එහි හැකියා අවකාශය අපමනය.මද දැනුවත්වීමකින් අනතුරුව පහසුවෙන් වෘතීය අවශ්‍යතාවය සමග එක්වන්නට එය දිනෙන් දින වඩ වඩාත් සූදානම් වෙමින් සිටිනු දැකිය හැකිය.
               එහි භෞතික තලයේ වන ලොහමය හා ප්ලස්ටික් ස්වභාවයන් තවදුරටත් අදාල නොවේ. ඊලග තලයේ දී හමුවන ඉලොක්ට්‍රොනික බව අමතක කරන්නට පහසුය. ක්‍රියාත්මක කල සැනින් ඔබගේ අවැසි තලයක සහය සපයන ක්‍රියාකාරීත්වයක් අපහසුවකින් තොරව අත්විඳින්නට හැකිවන ලෙසට නිමවෙමින් වෙළඳ පොලවෙත පිවිසෙන්නට එය සමත්ව ඇත. තවදුරටත් එහි වන දෘඩාංග මට්ටම හෝ ඉලෙක්ට්‍රොනික බව විටින් විට ඉස්මතුවෙමින් ඔබව අපහසුතාවයට පත්කරන්නට එයට අවශ්‍යව නැත.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...