2014-07-01

Threshold හෝ Update 2 සමග Windows මෙහෙයුම් පද්ධතිය යලිත් දැනෙන වෙනසක් ගෙන ඒවි!!!

  Microsoft සමාගම තම ප්‍රධාන මෙහෙයුම් පද්ධතියේ මීලග යාවත්කාලීනය නිකුතුවට සූදානම් වෙමින් සිටින බවටයි නොනිලව මුත් හෙලි වෙමින් ඇත්තේ. එය Threshold හෝ Update 2 ලෙසට නම් වෙමින් පැමිනේවි යැයි විස්වාස කරන අතර Desktop භවිතාකරන්නන් ගෙන් වින්ඩෝස් 8 සමගින් සිදුවූ දුරස්ථවීම මෙම සංස්කරනය සමග යලි සංසිඳවන්නට එම ආයතනය කටයුතු කරනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. එ අනූව වින්ඩොව්ස් 8 සමග පැමිනි Modern UI කවුලුව default වීම මෙම සංස්කරනය සමග යලි සැකසෙනු ඇති  අතර නව සංස්කරනය Desktop භාවිතාවකට ස්ථාපනය වන විට default UI මුහුනත ලෙසට හුරු පුරුදු Desktop පරිසරය පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. එසේම Modern app ධාවනයේදී Destop පරිසරයේදී තිබූ බාදක බවත් නිමවා පැමිනෙන Start මෙනුවේ සිට පහසුවෙන් ස්ථාපිතව ඇති Modern app එකක් ධාවනයට අවස්ථාව පැමිනෙනු ඇති බවටයි දැක්වෙන්නේ. එ අනූව  modern environment එක Desktop භාවිතාවෙන් සම්පූර්නයෙන්ම අනවශ්‍ය වන අතර එය සම්පූර්නයෙන් shut off කිරීමට හැකි වනු ඇති බවට බලාපොරොත්තුවනවා. තවමත් එය සංවර්ධනය වීමේ මුල් අවස්ථාවේ තිබන මෙම සංස්කරනය දෘශ්‍යව සැලකීමේදී Windows 8.1 වලින් සම්පූර්නයෙන් වෙනස් මුහුනුවරක් ගන්නා ඇති බවට හෙලිවෙමින් තිබනවා.
                          එම තොරතුරු වැඩි දුරටත් හෙලි කර සිටින්නේ Microsoft හි  ARM-based operating systems  ධාවනය වන Windows Phone හා  Windows RT එකිනෙක යාවීම මෙම සංස්කරනය සමග සිදුවනු ඇති බවට බලාපොරොත්තු වන අතර surface pro වලදී Modern UI මෙන්ම  Desktop UI ද්විත්වයම පැමි නෙනු ඇති බවට බලාපොරොත්තුවනවා. Microsoft සමාගම windows 8 නිකුතුවේ සිටම  unified OS නිකුතුවක් පිලිබදව අවධානයෙන් සිටි අතර පසුගිය කාලයේ එ සදහා පහසුවන ලෙසට Universal app නිකුතුවක් සදහාද කටයුතු කරනු ලැබුවා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...