2014-06-22

දත්ත ලෝකය අවධානයෙන් පිවිසිය යුතු අපිරිමිත පහසුවකි.

  තොරතුරු ලෝකය තුලදී සිදුවන  අපරාධ පිලිබදව කාතුලත් ඇත්තේ මහත් අවධානයකි. විටක අයෙක් තොරතුරු ලෝකය මත විස්වාසය තබන්නට පවා මෙම ගැටලු සහගත බව තීර්නාත්මක සාධකයක් කර ගන්නායුරු බොහෝ විටක දැකිය හැකිය. මුල් ස්වභාවයෙන් සැලකීමේදී මෙහි ඇති අනතුරු සහිත බව කීප ආකාරයකට පැහැදිලි කරගත හැක. තොරතුරු ලෝකය ඇසුර තවමත් ආගන්තුකව පවතින යතාර්තය තුල භාවිතාකරන්නාගෙන් ගිලිහී යාහැකි අවස්ථා ඔස්සේ ඔහු වෙතට එම අපරාධයන් පැමිනීම සැලකිය හැක. සරලව යම් අඩවියකට නැතිනම් තම පරිගණකයෙන් බැහැර වන විට තමන් විසින් අවසර පද යොදා ආරක්ශා කරගෙන ඇති අනන්‍යතාවයයෙන් බැහැර වන්නට ඔවුනට අමතක වීම සරලතම මට්ටමේ ගැටලුවකි. තවත් විටකදී ඒ සදහා යොදා ගන්නා අවසර පද ඉතාම සරල මට්ටමේ වීම නිසාම පහසුවෙන් අයෙකුට  ඒ වෙතට පිවිසෙන්නට හැකිවීම බහුල අත්දැකීමක් බව හදාරන්නන් වෙතින් නිතර පැවසෙන යෝජනාවකි.
                            මේ වන විට පරිගණක වල බොහෝ විට ආරක්ශක මෘදුකාංග ස්ථාපිතව තිබෙනු දැකිය හැකිය. එනමුත් බොහෝ විට ඒවා සංක්‍රියව තබා ගන්නට මෙන්ම විටක අනාරක්ශිත බව හමුවේ එම මෘදුකාංග විසින් වලකාලන ගොනු ස්ථාපනයට භාවිතාකරන්නාගේ කැමැත්තමත අවසර ලබා ගැනීම මෙන්ම තමන් යෙදෙන භාවිතාවට සරිලන තරමේ ආරක්ශාවක් ලබාගැනීමට කටයුතු කරනවා වෙනුවට මූලික මට්ටමේ ආරක්ශක මෘදුකාංගය ඉස්ථාපනය කිරීමෙන් පමනක් තමන් වෙත අවශ්‍ය ආරක්ශාව ලැබෙනු ඇති බවට විස්වාස කිරීම දැකිය හැක. වේගයෙන් දත්ත ලෝකය තම භාවිතාකරන්නන් වෙතට ගෙනෙන විවිධ ආකාරයේ සේවාවන් සංකීර්නවනවා සේම පැමිනෙන අනතුරුද සංකීර්න වීම ස්වභාවික වන අතර ඒවා සදහා නිකුතුවන විවිධ අංගයන්ගෙන් සමන්විත ආරක්ශක මෘදුකාංග බන්ඩලයන් තුල ඒ ඒවා සදහා වන නෙක ආකාරයේ ආරක්ශක පියවරයන් වීම තේරුම් ගැනීම වැදගත් වනු ඇත. Firewall නැතිනම් Spam Filters වැනි ප්‍රධාන හානිකරයන් හදුනා ගැනීමේ යාන්ත්‍රනයට අමතරව පැමිනෙන අංගයන් පිලිබදව දැනුවත් වෙමින් ඒවා නිසි පරිදි ක්‍රියාත්මකව තැබීම තුල පමනක් භාවිතාකරන්නා බලපොරොත්තුවන ආරක්ශාව ලැබෙන බව තේරුම් ගැනීම වැදගත්ය.
                  පසුගිය කාලයේ නිකුත්වූ වාර්ථා පැවසූ කාරනාවක් වූවේ සමහර දත්ත උපකරන නිෂ්පාදනාගාර වලින් පැමිනෙන විටදීම ඒවා හානිකරයන් ගෙන් සමන්විතව තිබීම දක්නට හැකි බවකි. විශේෂයෙන් මිලෙන් අඩු අනුකරන උපාංග සමග මේ බව බහුලව දැකිය හැකි බවට ඔවුන් පවසා සිටියේ. ජනංප්‍රිය මට්ටමේ උපාංගයන් හා සමානව පෙනුමින් වූවත් පෙලබවන සුලුමට්ටමේ ව්‍යාජ උපකරන ඉතා අඩු මිලකට පැමිනීමේදී කල්පනාකාරී වීම වැදගත් බව ඔවුන් එහිදී පැහැදිලි කොට සිටින්නට කටයුතු කර තිබිනි. තවත් විටකදී මෘදුකාංග සදහාද මේ බව පොදුවනු දැකිය හැකිය. නොමිලේ හා අඩු මිලැති ආකාරයට එන සමහර මෘදුකාංග සමගද මෙම අනතුරු සහිත බව පැමිනිය හැක. තවත් විටක ප්‍රධාන මෘදුකාංගයට අමතරව එය ස්ථාපනයේදී ස්වංක්‍රීයව ස්ථාපනය වන්නට හැකිවන ලෙසට සැකසුම්ව පැමිනෙන අමතර මෘදුකාංග මුල් ස්වභාවයෙන් අනතුරු සහිත නොවූවද ඒවායේ වන දුර්වලතාවයන් ඔස්සේ එම උපකරන වෙතට අන්තර්ජාලය ඔස්සේ හානිකරයන් පැමිනීම දැකිය හැකිය. ස්ථාපනයට පෙර එම මෘදුකාංග සමග පැමින ඇති මූලික තොරතුරුවත් විමසා බලන්නට මෙන්ම සැක සහිත විටකදී වෙනත් භාවිතාකරන්නන් විසින් ඒවා පිලිබදව දක්වා ඇති අදහස් එම වෙබ් අඩවි වලට පිවිස විමසා බලන්නටත් කටයුතු කිරීම එම හදාරන්නන් විසින් යෝජනා කරන කාරනයකි.
                           සමාජ ජාලා වැනි සමාජීය ස්වභාවයක් ඇති අඩවි වලට පිවිසීමේදී හමුවන පොලබවන සුලු ව්‍යාජ ප්‍රොෆයිල ඔස්සේ භාවිතාකරන්නා නොමග යවමින් ඔහුබේ පෞද්ගලික තොරතුරු ලබා ගන්නටත් ඒවා උපයෝගීකර ගනිමින් තොරතුරු අපරාධ වලට පිවිසෙන්නටත් කටයුතු කිරීම් බහුලව දැකිය හැකිය. විශේෂයෙන්ම භාවිතාකරන්නාගේ දුර්වලතා ඔස්සේ ඔහුගේ තොරතුරු වලට පිවිසෙන්නට ඇති ඉඩකඩ පිලිබදව කල්පනාකාරී වනවා සේම උවමනාවට වඩා කල්පනාකරී වන්නට ගොස් එවැනි අඩවි ඔස්සේ භාවිතාකරන්නෙකුට ගෙනෙන පහසුකම් අහිමිකර ගැනීමද සිදුවනු බහුලව දැකිය හැකිය.
Pubudu Siriwansa
(නිකුත්වන්නට නියමිත පරිගනක පුවත් සඟරාවේන් උපුටා ගත්තකි.)

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...