2014-06-22

Online ක්‍රීඩා ප්‍රේක්ශකාගාරයකි එය...

  ප්‍රේක්ශකාගාරය යනු නෙක ආකාරයේ ක්‍රීඩා වලදී වැදගත්ම ස්ථානයකි. ක්‍රීඩා කරන්නන් මෙන්ම ඒවානැරබීමද ලොව පිලිගත් බොහෝ දෙනෙකුගේ සිත්ගත් අංගයක්ව භාවිතාවේ. පාපන්දු මෙන්ම ක්‍රිකට වැනි ක්‍රීඩා ආශ්‍රිතව විටක නරබන්නන්ගේ ස්වභාවයන් උමතුවක් ලෙසට දිස්වෙන අවස්ථා කලාතුරකින් මුත් දක්නට ලැබේ. සෑබෑ භෞතික ලොකයේ මෙන්ම මේ වන විට තොරතුරු ලෝකයේද ක්‍රීඩා සදහා ඇත්තේ මහත් උනන්දුවකි. ලොවපුරා විසිරී ඇති විශාල ප්‍රමානයක් පරිගණක භාවිතා කරන්නන් මේ සදහා යොමුව ඇති අතර මෘදුකාංග නිර්මාන කරුවන් අතර සැලකීමේදී විශාල ඉපයීමක් ‍රැගෙන ඒන ව්‍යාපාරයක් ලෙසට එය පිලිගැනේ. මෙම ක්‍රීඩකයන් හුදකලාව තම පරිගණකයේ සීමාව තුලදී මෙන්ම online ආකාරයට තවත් ක්‍රීඩකයින් සමගද මෙසේ තරග වැදීම සිදුකරයි.
                             twitch යනු ස්ට්‍රීම් ආකාරයට gamersලා සදහා broadcast පහසුව ලබා දෙන වෙබ් අඩවියකි. සාමන්‍ය ක්‍රීඩා නැරබීමකදීට වඩා හුදකලා ආකාරයට සිදුවන පරිගණක ක්‍රීඩාවකදී එම ක්‍රීඩාව සිදුවන අයුරු මෙන්ම ක්‍රීඩකයා හැසිරෙන ආකාරය මෙම නාලිකාව ඔස්සේ බාහිර ප්‍රේක්ශකයන්ට දැකීමට හැකිවීම එහිදී සිදුවෙයි. මේ සදහා කැමතිවන ක්‍රීඩකයින් ස්ථාපනය කරගන්නා මෘදුකාංගයක් හරහා මෙම සේවාවට තම සහභාගීත්වය දිය හැකි අතර Play station 4 හෝ xbox one සමග නම් Built into ආකාරයට පැමිනීම සිදුවේ.e sports නාලිකා අතර මහත් ජනංප්‍රිය නාලිකාවක ලෙසට මෙය පිලිගන්නා අතර මාසිකව මිලියන 45කට අධික පිරිසක් යනෙන channels 900000කට වඩා ක්‍රියාත්මක වන මෙහිදී පැමිනෙන්නෙකු මිනිත්තු 106ක කාලයක් සාමන්‍යයෙන් ගත කරන අඩවියක් ලෙසටයි දැක්වෙන්නේ.
             සාමාන්‍ය පරිගණක ක්‍රීඩා ප්‍රියකරන්නන් මෙන්ම ක්‍රීඩකයන් සදහාද පිලිගත් මට්ටමේ ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාශයන් මෙන්ම උපංක්‍රම හදාරා ගැනීමට මෙම වෙබ් සේවාව විශාල සහයක් ලබා දෙන අතර විටක භාවිතාවන පිලිගන්නා මට්ටමේ නොවන භාෂා විලාසයන් ගැන අනතුරු ඇගවීම් සමහර වීඩියෝවන් සමග දක්වනු  දක්නට ලැබේ. පරිගණක ක්‍රීඩා ප්‍රියකරන්නන්ගේ you tube නාලිකාව ලෙසට නම් වෙන මෙහි අනගත හිමීත්වය Googal සමාගම ලබා ගැනීම කෙරෙහි අවධානය  යොමුව ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ. එක්සත් ජනපදය සැලකීමේදී ස්ට්‍රීමිං ආකාරයේ භාවිතාවෙන් 44%ක් දිනා ගෙන ඇති මෙම නාලිකාව වෙතට වයස 18-24 අතර තරුනුන කොටස්වල ඇති උනන්දුව නිසාම දැන්වීම් වලින් ලැබිය හැකි විශාල ලාබය මේ සදහා හේතුවක් කොට සලකන අතර එවන් අවධානයක් you tube ඔස්සේ ලබා ගන්නට ගතවන කාලය හා වැය සැලකීමේ මෙම මිලදී ගැනීමක් පිලිබදව Google වල අවධානය යොමුව තිබීම සාමන්‍ය කරුනක් බවටයි හදාරන්නන්ගේ මතය වන්නේ.(www.twitch.tv)

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...