2014-05-20

"Blackshades" හානිකරයට සම්බන්දිත 90කට ආසන්න පිරිසක් අත්වඩංගුවේ!!!!

  "Blackshades" යනු ලොව පුරා PC පරිගණක 500000කට අධික ප්‍රමානයක් ආසාධනයට ලක් කරමින් භාවිතාකරන්නාට නොහැගෙන පරිදි ඔහුගේ පරිගණකය දුරස්ථව මෙහෙයවමින් එහි වන තොරතුරු සොරා ගන්නට එයට සම්බන්දිත වෙබ් කැමරා වෙනි උපකරන මෙහෙයවන්නට හැකියාව ලබා දෙන හානිකර මෘදු කාංගයක් ලෙසටයි පිලිගැනෙන්නේ. මෙම හානිකරය නිපදවීමේලා ප්‍රධාන දායකත්වයක් දුන් බවට සැල කෙරෙන Michael Hogue නම් 23 හැවිරිදි අයෙකු 2012දී අත්වඩංගුවට පත්වූ නමුත් එම හානිකරය අකංඩව රටවල් සියයකට අධික ප්‍රමානයක මිනිසුන් දහස් ගනනක් අතට අලවි වෙමින් පැවතින.  මේ වන විට වාර්ථා වෙමින් ඇත්තේ නීතිය විසින් රටවල් 18ක් ඔස්සේ මෙම හානිකරය පතුරුවාලූ පුද්ගලයින් 90කට වඩා අත්වඩංගුවට ගෙන ඇති බවකි. FBI වෙතින් මෙසේ ආසාධිත තත්වයට පත්ව ඇතැයි සැක කෙරෙන පරිගණක හඳුනා ගැනීම සදහා ඉඟි නිකුත් කොට ඇති අතර තම පරිගණකය අසමන්‍ය ලෙසට Restart වීම webcam වැනි සම්බන්දතිත උපකරන අනවසරව ක්‍රියාත්මක වීම පරිගණකය ඔස්සේ විවෘත කෙරෙන අවසර පද සහිත වෙබ් ගිනුම් වලට පිවිසීමට නොහැකි වීම වැනි කාරනා ඒ අතර වන බවටයි දැක් වෙන්නේ. FBIවෙතින් මෙ අපිලිබදව කර ඇති දැනුවත්කිරීමේ සටහනට පහත දැක්වෙන Link ඔස්සේ පිවිසෙන්නට හැකි වනු ඇත.
http://www.fbi.gov/news/stories/2014/may/international-blackshades-malware-takedown/could-your-computer-be-infected-by-blackshades

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...